වෙබ් ලිපිනය:

Tuesday, February 22, 2022

කනවැන්දුමීගේ වන්නම



කාලකන්නි ගෑණියේ, දැන් උඹට ලියුම හම්බ වෙලා ඇති 

මළ පැනල අඬල ඉවර වෙලා හූල්ලනවත් ඇති 

පට්ට වේසි පර බැල්ලි කියලා 

අපේ අම්ම මතක් කරලත් බනිනව ඇති 

මගේ පතුල්නං ආයෙ කවදාවත් රිංගන්නේ නැති 

පරණ සපත්තු දිහා බලාගෙන 

හවස තේ එක තනියම බොනව ඇති 

ග්‍රීස්මේ ගැන, කොරිංග කුලීකාරයෝ ගැන,

එපාම කරපු උණ රෝගෙ ගැන, 

තාමත් මට පෙන්නන්න බැරි ඉංග්‍රීසිකාරයෝ ගැන, 

අතෝරක් නැතිව කණිපින්දම් කිය කිය 

හරියට ගෙදර මම ඉන්නවයි කියල හිතාගෙන වගේ සාප කර කර 

මට බණින්නේ නැතිව, 

මගෙ අමාරුකං ගැන, රෑට පේන හීන ගැන, 

කන බොන දේවල් ගැන

උඹට ආයෙ කවදාවත් මතක් කරන්න බෑ කියලා 

මං දන්නව බං හොඳාකාරවම.


කාලකන්නි ගෑණියේ, 

ඇත්තම කියනවානම්,

කාත් කවුරුවත් නැතිව, තට්ට තනියම පාළුවේ, 

මම මහා දිග රැයක් ගෙවනවා.

ආයෙත් මම කාමරේක තනියම. 

කන්නෙ කඩෙන්, හීතල වෙච්ච කෑම 

කලිසම් කමිස බිම ගලෝල දාපු තැන් වල 

එල්ලන්ඩයි කියලත් බෝලකූඩුවක්වත් නෑ කාමරේ! 

බිත්තිත් පාලුයි, පින්තූරයක්වත් නෑ එල්ලන්න.

උඹව ආපහු ගෙන්නගන්න පුළුවන්නම් 

මගේ ආත්මයෙන් කොයි තරම් කෑල්ලක් මම දෙනවද?

මාස වල නම් මතක් වෙනකොටත් බයයි බං!

"ශිශිරය" කියන වචනය මූසල බෙර හඬක් වගෙයි.


උඹට පස්සේ හම්බ වෙයි 

පොල් ගහ ළඟ වලලපු පිහිය 

මට හිතුනා උඹ මාව මරයි කියලා 

උඹේ අත් වල බරට, කකුල් වල දිස්නෙට, පුරුදු වෙච්ච

කුස්සියේ වානේ තට්ටුවේ සුවඳ 

මට මේ දැන් නැතුවම ඉන්න බෑ බං!

තෙත පොළොවේ බීරි මුල් අස්සේ 

හැංගිලා ඉන්න ඒ අසරණයා 

දන්න එකම මනුස්ස බාසාව 

උඹේ නම විතරමයි!

පසාරු කරගෙන යන්න බැරි, දිවිය ලෝකේ දේවල් වලින් හදපු 

උඹේ නම ගැන කාෂ්ටක පොළොවට තේරෙන්නෙ නෑ බං! 


ඉර පායපු දවසක 

ඉර රැස් වගේම නොහෙල්ලී  

වැතිරී ඉන්න උඹේ කකුල් 

ගිලින්න බලාගෙන ඉන්න උඹේ නිදන, නලියන ඇස් 

බල්ලෙක් වගේ කඩා පනින්න බලාගෙන ඉන්න 

හදවතේ පැත්තක කැකෑරෙන කේන්තිය 

මතක් වෙනකොට හරිම වේදනාවයි බං!

මීට පස්සේ 

අපි දෙන්නට මැද්දෙන් 

තවත් ඉතිරි වෙලා තියෙන්නේ 

මැරිච්ච දේවල්ම විතරයි.

විනාස කරලා දාපු ලෝකයේ අළු දූවිලි 

හුළඟේ පාවෙලා ඇවිත් 

මගේ නාස් පුඩු වලින් රිංගනවා බං!

මින් පසු මට ඉතිරි වන්නේ 

දිගු, පාළු නිහැඬියාවක් පමණයි.


පරිස්සමෙන් මීපැණි වක්කරනවා වගේ,

රිදී කාසි හොල්ලනවා වගේ, දඟකාර ලෙස ගස්ස ගස්සා, 

කළුවරේ ගෙයි පිළිකන්නේ 

උඹ හුජ්ජ කරන සද්දේ අහන්න පුළුවන්කමක් ඇත්නම් 

මගේ ඇතුළාන්තයේ තාල 

මගේ ආත්මයෙන් ඇහෙන  කඩු හරඹ සද්දේ 

නැති වූ දේ හොයමින්, 

වෙන්ව ගිය අයගේ නම් කියා කෑ ගසමින්, 

මගේ නළලත තනිවී සිටින රීරි පරෙවියා   

කී පාරක්නං උඹව හොයා ගෙන ඇවිත්ද?


Tango del viudo - Pablo Neruda

Oh maligna, ya habrás hallado la carta,

ya habrás llorado de furia,

y habrás insultado el recuerdo de mi madre

llamándola perra podrida y madre de perros,

ya habrás bebido sola, solitaria, el té del atardecer

mirando mis viejos zapatos vacíos para siempre,

y ya no podrás recordar, mis enfermedades,

mis sueños nocturnos, mis comidas

sin maldecirme en voz alta como si estuviera allí aún,

quejándome del tròpico, de los coolíes corringhis,

de las venenosas fiebres que me hicieron tanto daño

y de los espantosos Ingleses que odio todavía.

 

Maligna, la verdad, qué noche tan grande, qué tierra tan sola.

He llegado otra vez a los dormitorios solitarios,

a almorzar en los restaurantes comida fría, y otra vez

tiro al suelo los pantalones y las camisas,

no hay perchas en mi habitación,

ni retratos de nadie en las paredes.

Cuánta sombra de la que hay en mi alma daría por recobrarte,

y qué amenazadores me parecen los nombres de los meses,

y la palabra "invierno", qué sonido de tambor lúgubre tiene.

 

Enterrado junto al cocotero hallarás más tarde

el cuchillo que escondí allí por temor de que me mataras,

y ahora repentinamente quisiera oler su acero de cocina

acostumbrado al peso de tu mano y al brillo de tu pie:

bajo la humedad de la tierra, entre las sordas raíces;

de los lenguajes humanos el pobre sólo sabría tu nombre,

y la espesa tierra no comprende tu nombre

hecho de impenetrables substancias divinas.

 

Así como me aflige pensar en el claro día de tus piernas

recostadas como detenidas y duras aguas solares,

y la golondrina que durmiendo y volando vive en tus ojos,

y el perro de furia que asilas en el corazòn,

así también veo las muertes que están entre nosotros desde ahora,

y respiro en el aire la ceniza y lo destruido,

el largo, solitario espacio que me rodea para siempre.

 

Daría este viento del mar gigante por tu brusca respiración

oída en largas noches sin mezcla de olvido

uniéndose a la atmòsfera como el látigo a la piel del caballo.

Y por oírte orinar, en la oscuridad, en el fondo de la casa,

como vertiendo una miel delgada, trémula, argentina, obstinada,

cuántas veces entregaría este coro de sombras que poseo,

y el ruido de espadas inútiles que se oye en mi alma,

y la paloma de sangre que está solitaria en mi frente

llamando cosas desaparecidas, seres desaparecidos,

substancias extrañamente inseparables y perdidas.

21 comments:

  1. අසැබි වචන අඩංගු මෙම ලිපිය පිලිබදව බ්ලොගර් සමාගමට රිපෝර්ට් කරා.

    -රංග තේනුවර(GTRZ)- ප්‍රධාන විධායක නිලධාරී, එළකිරි ඩොට් කොම්(ලක්ෂ 6 කට වඩා ලියාපදිංචි සාමාජිකයන් සිටි.)

    ReplyDelete
    Replies
    1. තූති බබෙකුත් ඇවිල්ල තියෙන්නෙ

      Delete
    2. @ රංග තේනුවර,

      අනේ බන් යකෝ බොලාගේ සාමාජිකයන් ලක්ෂ හයත් අර නන්දසේන කාබනික පන් ගොයියාගේ ලක්ෂ ඇට නවය වගේම තමයි, යකෝ පසුගිය 2021 වසරේ ජූලි මාසයේ ලන්ඩන් නගරයට ගංවතුර දැම්මා. පාරවල් යටවෙලා උමං දුම්රිය ජලයෙන් පිරුණා. රෝහල් වහන්න සිදු වුණා. ගෙවල් 1,000 කට වඩා ගංවතුරෙන් හානි වුණා. එහෙ ඉන්න කවුරුවත් අපිට නිකමටවත් කිව්වෙත් නැහැ... එකසිය ගානට පොර ටෝක්ස් ඉෂූ කරන ගමන් ටෙලස්කෝප් බයිලයක් පෙන්නලා "බොලාට කොහෙන්ද #න්නයෝ මේවා? එංගලන්තයේ අපිට විතරයි මේවා තියෙන්නේ " කියලා ලංකාවේ ඉන්න දුප්පත් අසරණ මිනිසුන්ට ලොකු ලයින් දාන එහෙ ඉන්න ධර්මකීර්තිලා වගේම ටිකක් පරිණත චරිත වෙන අරුණ ලොක්කලා වගේ අයපවා කවුරුත් ඒවා බුකියේ දාගෙන එංගලන්තයේ බොරිස් ගොන්සන් පිස්සු ගොනාගේ ගොබ්බ ආණ්ඩුව ෆේල් කියලා පිස්සු කෙළින්න තියා හ්ම් කිව්වෙත් නෑ... අර ට්‍රක් ස්ට්රයික් එකත් බැරිම තැන ලාවට වගේ හීනි ආතල් එකක් දීල ෂේප් වුණා

      මේක බලහන් මේකේ විස්තර කරලා ලියලා තියෙන දේවල් සිංහලෙන් දාපිය බොලාගේ ලබ්බේ බලු කිරි අටමගලේ ලංකාවේ ඉන්න උන්ටත් දැන ගන්න;
      https://www.theguardian.com/uk-news/2022/feb/20/london-flooding-poses-significant-risk-unless-immediate-action-taken

      Delete
    3. @ GTRZ

      අන්න කොල්ලො වගයක් භානුක රාජපක්ෂ ඉන්දියා ටුවර් එකට දාන්න කියලා SLC එක ඉස්සරහා පිකට් එකක් කරනවා �� උබට වෙන වැඩකුත් නැති එකේ මන්නෙත් දාගෙන ඒ පැත්තෙ ගිහින් ක්‍රිකට් බෝඩ් එකේ ශම්මිය හරි ප්‍රමෝද්‍ය කාරය හරි එලියට එන වෙලාවක් බලලා දෑත බදලා මන්න පාරක් දීපන්. උබට නඩුත් නෑනෙහ් �� මොකද කියන්නෙ? ��

      Delete
    4. ඔය රංග තේනුවර කියලා කොමෙන්ට් දාන්නේ මියුරු - miyuru4u කියන අයිඩී එකෙන් ඉන්න කෙනා.

      https://i.postimg.cc/dV5ysGm1/elakiri-com-miyuru4u.jpg

      Delete
  2. නෙරූදා ගේ කවි ගොඩක් දෑඩි මතධාරී හැඩි දැඩි ඔලමොල අදහස් සහිත රැඩිකල් කවියෙක් නේද? මේ කවිය නම් එහෙමයි.

    කවි ලියන්න දන්නේ නැති නිසා කතාවක් විදියට එකක් ලියන්න හිතුනා, මෙහෙම පටන් ගමු. ජෝන්.... වාසල මුදලාලිලාගේ ජෝන් චතුරංග ද සිල්වා.. අපේ ඉස්කෝලෙ හිටියේ. ඔන්න පොඩි කාලෙම මූ කොල්ලොත් එක්ක ගහ ගන්න හරි ආසයි. ඉතින් මොකද කරේ ඔය සම වයසේ කොල්ලොන්ගේ මදාවි ටයිප් උන්ට චැලේන්ජ් කරා. එහෙම මදාවියෙක් තමයි සීනා. චැලේන්ජ් ෆයිට් වලට වෙනම තැන් තිබ්බ. ෂර්ට් එහෙම ගලවලා ගහගන්නේ. ඔන්න ජෝනුයි, සීනයි. සීනා පැන්න ගමන් නෙලාන නෙලාන ගියා. ජෝන හාන්සි. කොල්ලො වලිය බේරුව. නැත්තන් අරූ අපේ ඩොලර් සන්චිතේ වගේ නැති වෙලාම යනවා. 'ඌ උගෙ යාලුවොත් එක්ක එක්කහු වෙලා තනි මට ගැහුවේ' කියලා ජෝන් කියනවා. 'නෑ බන් ඌ තනියම ගැහුවේ. ඌ අත පය තුනක් එක වෙලාවකට පාවිච්චි කරනවා තනි කකුලෙන් හිටගෙන. ඌ බන් කරාටේ කාරයෙක්නේ' කිව්වා යාලුවෝ.

    ජෝන් පහුවදාම ගියා කරාටේ ක්ලාස්. දැන් ඌ ටික ටික දේවල් දන්නවා. සෙන්සේ ගුරාට ගිහින් කිව්වා ඌවත් ගහගන්න දාන්න කියලා. ගුරා ජෝන්ට ඉඳගන්න කියලා කිව්වා 'පුතා කරාටේ කියන්නේ ගහගන්න පාවිච්චි කරන දෙයක් නෙවෙයි' කියලා. ජෝන් පුදුමෙන් 'එහෙනන්?' කියලා. 'පුතේ ආත්ම ආරක්ෂාවට තමා කරාටේ තියෙන්නේ. ඒක එක අතකින් ස්පෝට් එකක්' කිව්වා ගුරා. ජෝන් කම්මුලේ අත් දෙක තියන් අහනවා 'අයියෝ මොන බම්බු ආත්ම ආරක්ෂාවක්ද සර්. මට ඕනෙ කොල්ලොත් එක්ක ගහ ගන්න. ඒකට මම මෙහෙ...' ජෝන්ට කියන්න ලැබුනේ එච්චරයි. පුකට පයින් පාරක් වැදුනා ටාන් ගාලා. ජෝන් පන්තියෙන් දොට්ට !

    ඊළඟට ඌ ඒ සැරේ ගියා කුන්ෆු ක්ලාස් එකකට. එකෙ උන් පූසො වගේ යෑ..හ්.. හී..හ් ගාලා කෑ ගසමින් අත්වල ඇඟිලිත් දික් කරගෙන, අත් නයි වගේ හදාගෙන, කකුලුත් බාගෙට නමාන අවිදිනවා ලබ්බ බැහැපු උන් වගේ. ජෝනුත් දැන් පුහුනු වෙනවා. හීනෙනුත් හී..හ් හෑ..හ් ගානවා. අම්ම බයවෙලා පිරිතකුත් කිව්වා. ගෙදර තියන හට්ටි මුට්ටි වලට ඇඟිලි කෙලින් කරන් ගහනවා. ඇලුමීනියම් මුට්ටියකට ගහලා මැද ඇඟිල්ලත් පැන්නා. ඔහොම කලක් ගියා. 'සංසේ මාව ගහගන්න දාන් නැද්ද?' ඇහුවා ජෝන්. 'ලමයෝ ඔයා තාම පන්ති ඇවිත් මාස දෙකයි. මාස තුන පහු වුනාමයි අපි ඇක්චුවල් කොම්බැට් වලට ළමයින්ව දාන්නේ' කිව්වා ගුරා. අනේ ජෝන් තව මාසයක් බලා හිටියා. හරියටම මාසෙ පිරෙන තැනදී සර්ට ගිහින් කිව්වා 'හරි. මාසෙ මාරු වුනා සංසේ' කියලා. සර් මූව පැත්තකට ඇරන් කිව්වා 'මේ ලමයෝ. මේක සටන් කලාවක්. මේක මේ රස්තියාදු කාරයෝ වගේ ගහ ගන්න උන්ට හදපු දෙයක් නෙවෙයි. මේක මේ ආත්ම..' සර්ට කියන්න හම්බුනේ එච්චරයි. ජෝන් අත දෙකම ඉස්සුවා. 'ආත්ම ආරක්ෂාවට නේද සංසේ කියල කින්ඩි හිනාවක් එක්ක කිව්වා. 'ළමයෝ තමුන්ට ඕක විහිලුවක් වගේ හින්ඳා මම කියල දෙන්නන්. තමුන්ට කවුරු හරි ඇටෑක් කරන්න ආවොත් මේ සටන් කලාව පාවිච්චි කරන්න පුලුවන් තමුන්ට හානියක් වීම වැලැක්වීමට. එහම නැතුව මේක මේ පාරෙ යන උන් එක්ක ගහ ගන්න හදපු එකක් නෙවෙයි' කිව්ව කුන්ෆු සර්. 'සංසේ දැන් හිතන්නකෝ මම මගේ බඳින්න ඉන්න ගෑනු ලමයත් එක්ක පාරෙ යනවා. එකෙක් එනවා ඒ කෙල්ලව ඇදන් යන්න. ඌ ඉස්ත්‍රී දූෂකයෙක්. මගෙ ගෑනු ලමයා කෑ ගහනවා මාව බේරගන්න කියලා. එතකොට සෙංසේ මම එයාට කියනවා ඔයා පුලුවන් විදියකට බේරෙන්න සුදූ. අපේ සර් කියල තියෙන්නේ මට ගහගන්න යන්න එපා කියලා' කිව්ව ජෝන් කින්ඩි හිනාවත් එක්කම. සර්ට පැන්න මල. ඒත් පෙන්නුවෙ නෑ. 'හරි මට තේරෙනවා. තමුන් අද හවස විනාඩි තුනේ කොම්බැට් එකට ලෑස්ති වෙනවා එහෙනන්' කිව්වා. ජෝන්ට ඉහේ මල්! ඇයි ඉතින් ඌ ආස ගහගන්නනේ. අනේ සර් ඌත් එක්ක දැම්මේ ටයිටස්ව. ඒකා කුන්ෆු කාල වතුර බීපු එකෙක්. ඌ දෙකයි ගැහුවේ ජෝන්ගේ බඩට. බඩ බුරුල් වුනා. බුරු බුරු ගෑවා. කොල්ල දිව්වා වොෂ්රූම් එකට. කොල්ලො බිම පෙරලි පෙරලි හිනා වුනා. ජෝන් කුන්ෆු වලින් අස් වුනා.

    ReplyDelete
    Replies
    1. ඔහොම යනකොට 'මික්ස් මාෂල් ආට්ස් එම් එම් ඒ කාරයෙක් ඇවිත් ඉන්නවා බ්‍රසීලේ ඉඳන්. ඌ වයසක පොරක්. හැබැයි චැම්පියන් කෙනෙක්. මිනිහ තනි තනිව උගන්නනවලු. හැබැයි මාස තුනට රුපියල් හත්දාහක් ගන්නවලු' කියල යාලුවෙක් ජෝන්ට කිව්වා. රුපියල් හත්දාහක් කියන්නේ අසූ ගනන් වල හත් ලක්ෂයක් වගේ. ජෝන්ට එක දෙයයි මතක් වුනේ. අම්මගෙ මගුල් මාලේ. අම්ම පොලට යනකන් ඉඳලා මාලෙ ඉස්සුවා කොල්ලා. ජීවිතේ පලමු හොරකම. කෙලීන්ම ගියා කෙලින් වීදියට. මුදලාලි ගත්ත ඒක අටදාස් පන්සීයකට. ෂුවර් එකටම ඕක දොලොස් දාහක් වටිනවා. කමක් නෑ කියල හිතපු ජෝන් දැන් බ්‍රසීලියන් අන්කල්ගේ ක්ලාස් එකේ. ඔන්න පොරක්. ඌ කියල දුන්නා ජෝන්ට ගහ ගන්න විදිය. මාස තුනෙන් කොල්ලා නියෙමෙට ඉගෙන ගත්තා. ගුරාටත් සතුටුයි. තවත් හොඳින් ඉගෙන ගත්ත එකෙක් එක්ක සටනට දැම්මා. ජෝන් ලේසියෙන් දින්නා. දැන් බ්‍රසීලියන් පොරගේ හොඳම ගෝලයා ජෝන්.

      ඔහොම ගිහින් රස්සාවක් නැති නිසා ජෝන් ආමි එකට බැඳුනා. කෑම්ප් එකේ තනියම සටන් පුහුනු වෙනව බලන් හිටපු කැප්ටන් සර් ජෝන්ට රාජකාරියක් පැවරුවා. කොල්ලොන්ට සටන් කලාව උගන්නන එක. ජෝන් ඒක ඉතාම ආසාවෙන් කරා. ඔහොම කලක් ගියාම ජෝන්ට එන්න කිව්වා කර්නල් බොතේජු එයාගේ ඔෆිස් එකට. ජෝන්ගෙ පපුව ගැහුනා. ගිහින් ගැහුව සැලූට්. 'තමුන්ව අපි තෝර ගත්තා ස්පෙෂල් ෆෝසස් ට්‍රේන් කරන්න' කියල ලියුමක් දුන්නා. මේ අනූ ගනන්වල මුල. රුපියල් විසිපන්දාහක දීමනාවක් පඩියට අමතරව!! අම්මා ලෙඩින්. තාත්තට වැඩ කරන්න ශක්තියක් නෑ. ඒ ඔක්කොම ගොඩ! ජෝන් ට්‍රේනින් පටන් ගත්තා. 'අන් ආම්ඩ් කොම්බැට්'. කොල්ලො ජෝන්ගේ දක්ෂකම් වලට පුදුම වුනා. පලවෙනි පඩිය ආවා. විසිපන්දාහේ දීමනාවත් ආවා.

      දවස් හයක නිවාඩුවට ජෝන් ගියා ගෙදර. අම්මටයි අප්පච්චිටයි වැඳලා බත් කෑවා. කනකන් අම්මා ඔලුව අත ගෑවා. කඳුලු බේරෙනවා උන්දැගෙ. ගමනක් ගිහින් රෑ වෙනකොට එන්නන් කියලා ජෝන් ගෙදරින් ගියා. කෙලීන්ම ගියේ මුදලාලි ලඟට. මිනිහ කිව්වා ඒක වික්ක කියලා දොස්තර නෝන කෙනෙකුට. එතුමියගේ ඇඩ්‍රස් එක ජෝන් ගත්තා. පහුවදා ඒ ගෙදරට ගියා. දොස්තර නෝනා වයසයි. දෙමාපියෝ එක්ක හිටියේ එතුමිය. ජෝන් ගිහින් බෙල් ගැහුවා. එතුමිය ජෝන්ව ගෙදරට ඇරන් ඇහුවා ඇයි කියලා. ජෝන් බිම බලා ගත්තා. බිම බලාගෙනම කතා කරා. 'මැඩම්, මීට අවුරුදු හතරකට ඉස්සෙල්ලා මැඩම් රත්තරන් මාලයක් ගත්ත නේද මාටින් මුදලාලිගෙන්?' ඇහුවා. දොස්තර තුමී මාලෙ ගෙනාවා අල්මාරියෙන්. 'මැඩම් මේ මාලෙ මම අම්මගෙන් හොරකන් කරලා කඩේට වික්කේ' ජෝන් බිම බලන් කිව්වා. බිම බලන් හිටපු හින්ඳා ජෝන්ගෙ කඳුලු දොස්තර තුමීට පෙනුන් නෑ. 'ඒක වැරදි වැඩක්. දැන් ඔයා ඇයි මෙහෙ ආවේ?' ඇහුවා එතුමිය කාරුණිකව. 'මැඩම් කියන ගානකට මම ඒක ගන්න ආවේ' කිව්වා ජෝන්. තාමත් බිම බලන්. දොස්තර කල්පනා කරා. හොරෙක්. පුතෙක්. ආමි කාරයෙක්. මූ ඇත්තට මොකාද? 'ඇයි? ආපහු විකුනන්නද?' දොස්තර ඇහුවා. ජෝන් ඒකට උත්තර දුන් නෑ. දොස්තර තුමී උත්තරේ දන්නව කියලා ජෝන් දන්නවා. 'මම ඕක ගත්තේ එකොලොස් දාහකට. ඒ ගාන හම්බුනාම ඇති' කිව්වා දොස්තර.

      මාලෙ ගත්ත ජෝන් ගෙදර ගියා. අම්මයි අප්පච්චියි බොහෝම සතුටින් හිටියේ ජෝන් එනකන්. ජෝන්ගෙ ආසම කිරි කොසුයි කරවලයි හදලා අම්මා. 'අම්මේ, මම තමා අම්මේ අම්මගෙ මාලෙ හොරකන් කරේ' කිව්වා ජෝන් බිම බලාන. ටික වෙලාවක් යනකන් තුන් දෙනාගෙන් කවුරුත් කතා කරේ නෑ. 'පු..පුතේ..මට තේරෙන් නෑ' අම්ම ගොත ගැහුවා. ඇය ලෙඩ වෙන්න මුල් වුනෙත් ඔය මගුල් මාලේ නැති වුනු එකමයි කියලා අප්පච්චි දන්නව. 'මේන් ඒක මම ආපහු ගෙනාවා' කිව්වා ජෝන්. අම්මටයි අප්පච්චිටයි පුදුමයි. අම්මා වෙව්ලන අතින් මාලෙ ගත්තා. 'අම්මේ මම සටන් ඉගෙන ගත්තේ ඕකෙන් ගත්ත සල්ලි වලින්. හේතුව මොකක් වුනත් මම හොරෙක්' ජෝන් අම්මට දන ගහල වඳින ගමන් කිව්වා. අම්ම කොල්ලව නැගිට්ටුවා. 'ඉල්ලුවනන් දෙනවනේ පුතේ' කිව්වා අම්මා කොල්ලගෙ ඔලුව ඉඹින ගමන්. අම්ම ඒක කිව්වේ ජෝන්ගෙ හිත හදන්න නෙවෙයි. ඇත්තටමයි...

      Delete
    2. අන්තිම දුකයි!
      ලිව්වට පට්ට ස්තුතියි!

      Delete
    3. //නෙරූදා ගේ කවි ගොඩක් දෑඩි මතධාරී හැඩි දැඩි ඔලමොල අදහස් සහිත රැඩිකල් කවියෙක් නේද? මේ කවිය නම් එහෙමයි.//

      මම හිතන්නේ සියුම් තැනුත් තියෙනවා කියලා. කවියක් පරිවර්තනය කිරීම කළ නොහැකි තරම් අමාරු වැඩක්. ඒ නැතත්, ගද්‍යයක මෙන් පසුබිම් කරුණු විස්තර කිරීමට ඉඩක් කවියක නැති නිසා, සන්දර්භය නොදැන කවියක් තේරුම් ගන්න අමාරුයි.

      no comprende tu nombre - උඹේ නම තේරෙන්නේ නැහැ.

      මම හිතන්නේ මේ කියන්නේ Josie Bliss කියන නමේ Bliss කොටස ගැන කියලා. මෙහි සුරතාන්තය කියන ලිංගික අර්ථය මෙන්ම, නිර්වාණය වැනි ආගමික අර්ථයක්ද තිබෙනවා. (නෙරුදා නිරාගමිකයෙක්)

      el pobre sólo sabría tu nombre - අසරණයා දන්නේ උඹේ නම පමණයි.

      මෙහි pobre (දුප්පතා, අසරණයා) ලෙස හඳුන්වන්නේ පොළොවේ වලලපු පිහිය. පිහියට කියන්න තියෙන කතාව ඇසිය හැකි කවුරුවත් නැහැ. ළඟ පාත තියෙන පොල් ගහේ මුල් බීරියි. පිහිය දන්නේ එකම වචනයක් පමණයි. (පිහියට තියෙන්නේ එකම එක අරමුණයි). ඒ වචනය Bliss. වැඩේ කෙළවරක් කරලා (නෙරුඩාව මරලා?) ලබන සැනසීම.

      Delete
  3. කවි කිව්වාට හැම කවියම එහෙම නැත
    එක එක වෙසින් අප අබියස පහළ වෙත
    'හද බස කවිය' යන කීමත් මතක් වෙත
    රළු ගොරහැඩිකමෙත් රසයක් ගැබ්ව ඇත!

    ReplyDelete
  4. ඉකොනොමැට්ටා, පැබ්ලෝ නේරූදාගේ කවි ගැන කතා කරද්දී අපට කියන්න වෙන මූලික කාරණයක් තමයි චිලි රටේ ජාතික කවියා ලෙස නේරූදා හඳුන්වන බව, ලංකාව ගැන කතා කළොත් අපේ රටේ ජාතික පුෂ්පය, ජාතික වෘක්ෂය වැනි ජාතික සංකේත නම් කරල තිබුණත් ජාතික ලේඛකයෙක් හෝ කවියෙක් හෝ තාම නම් කර නැහැ මම දන්න විදිහට නම්, ඉන්දියාවේ රොබීන්ද්‍රනාථ් ඨාගූර්, පාකිස්ථාන් වල අල්ලාමා මුහම්මද් ඉක්බාල් වගේ වත් එහෙම නම් කිරීමක් තාම නොකරන්නට හේතුව චිලි රටේ නේරූරූඩා, රුසියාවෙ ලියෙෆ් තොල්ස්තෝයී, චීනයේ ද්ශූ ශ්ව්‍රෙං (ලූ හ්ශුන් ) වැනි දැවැන්ත චරිත අපට නැති නිසාද එහෙමත් නැත්නම් ඉන්න අය අතරින් කෙනෙක් නම් කරන්න තරම්වත් උනන්දුවක් වග කිව යුත්තන්ට නැති නිසාද කියන කාරණය ගැන ඔබේ අදහස කුමක්ද?

    කවි ගැන කියනවානම් ඉකොනොමැට්ටාට මතක ඇති නේද ලංකාවේ අවුරුදු හතරකට විතර කලින් මීතොටමුල්ලේ කුණු කන්ද නාය යෑම නිසා මිනිස්සුන් බුරුතු පිටින් මිය ගිය එක, මිරියබැද්දේ නාය යෑම් නිසා මිනිස්සුන් පවුල් පිටින් වැලලුන අතර 2016 කැළණියේ ගංවතුර නිසා සිය ගනනින් මිනිස්සු මැරිලා තවත් සිය ගනනක් අතුරු දහන් වෙලා මිලියන එක හමාරක් විතර අවතැන් වූ එක, සාලාවේ අවි ගබඩාවේ පිපිරුමක් නිසා ගමක්ම විනාශ වුණා, මේ කලබගෑනි අස්සේ හිටපු ජනපති මෛත්‍රීපාල, හිටපු අගමැති රනිල්, නිවාස ඇමති සජිත්, විපක්ෂයේ ප්‍රධානතම සංවිධායක අනුර සහ ඒකාබද්ධ මලබද්දයේ මරා ඇතුළු රාජපක්ෂ පවුලේ මන්ත්‍රීවරුත් එම කල්ලියේ 51 ක් පමණ වූ කණ්ඩායම ඇතුලු සියලු පිරිස විලි ලැජ්ජා නැතුව තම පුද්ගලික සුඛ විහරණය සඳහා කෝටි ප්‍රකෝටි ගණනින් වටිනා වාහන ගෙන්වා ගැනීමට සාමූහිකව එකතු වී මුදල් අනුමත කර ගත්තු හැටි ඒ මිනිස්සුන්ට සත පහක දෙයක් නොකර? පුද්ගලිකව ත්‍යාගශීලි මිනිසුන්ගේ උපකාර මත ඒ මිනිස්සු කූඩාරම් ගහගෙන කට්ට කාගෙන හිටියා ආණ්ඩුව නිකමටවත් පස්ස පැත්තෙන්වත් වත් බැලුවේ නැහැ. ඔන්න ඔය වගේ කාලේක මීතොටමුල්ලේ කුණු කන්ද නාය ගිය දවස් වල මගේ මුහුණුපොතේ ලිව්වෙ. මෑතකදී සකර්බර්ග් අයියා "මෙන්න මෙයා ඔයාගේ මෙමරීස්" කියලා එවලා තිබුණා.

    "හැබෑටම අනේ බොල
    මීතොටේ කුණු කන්ද
    උඹ ඔහොම නාය ගොස්
    අපෙ රටට කළ හදිය
    ගඳ ගහන මළකඳන්
    බදා වැලපෙන දනන්
    නොදුටු සේ වියරුවෙන්
    මේ මුහුණුපොත පුරා
    දේශපාලනේ බදං
    රටට සත පහක් වත්
    වැඩක් නැති අමනයන්
    හට ලැබෙන බඩ වියත
    රැකගන්න තටමමින්
    එක එකාට කඩේ යන
    රණ්ඩු වෙන ගොන් රැලට
    දුන්න තව ටොපිකයක්
    පිල් බෙදී ගහගන්න
    තව වරක්......."

    ඇත්තටම මේ නිසා අසරණ වුණ අයට මොකද වුණේ? කුණු ගොඩට දැන් මොකද කරලා තියෙන්නේ? මේ ගැන අලුත්ම තොරතුරු දන්නවා නම් කියන්න ලංකාවට ඇවිත් යන්න එන්න ආවත් ඕව දැන ගන්න ලැබුනේ නෑ.

    එක අතකට පරණ කුණු අවුස්සනවා ද මන්දා මමත්.....

    ReplyDelete
  5. ඉකොනෝ මහත්තයා කණවැන්දුම් ගෑනු කෙනෙක්ද?

    ReplyDelete
  6. ඉකොනො, නෙරුඩා සම්බන්ධ වූ යුවතියගේ කතාව මෙන්ම ලොවීනා නම් ගල්කිස්ස මවුන්ට් ලැවීනියා කළ රොඩී තරුණිය පිළිබඳ කතාවත් ඉතාමත් රසවත් කතා, ඔබ දන්නා තවත් මේ වගේ සීන් එකක් විදිහට ලංකාවේ සම්ප්‍රදායික නුවර යුගයේ වඩුග බලපෑම මත වඩාත් බලවත් වූ නොයෙකුත් කුල දූරාවලියේ රජක කියන්නෙ පහත්යැයි සම්මත කුලයක්. කොහොම වුණත් 1987 පැවති ලංකාවේ පළමු පළාත් මැතිවරණයේ ඈත පිටිසර ඡන්ද මධ්‍යස්ථානයක වැඩ කිරීමට රත්න ශ්‍රී විජේසිංහට සිදු වූ අතර එහිදී ඡන්දය භාවිතා කිරීමට පැමිණි අයගේ නම හඬ නගා කීමට ඔහුට පැවරුණ එක රාජකාරියක්, උදාහරනයක් විතිහට පෝලිමේ ඉන්න අයගේ නම්, ලින්තොට පේඩිගේ දොන් ජුවං ප්‍රනාන්දු, හූරියදේව අච්චිල්ලාගේ රසිකසිරි හරිස්චන්ද්‍ර... ඔහොම එක එක්කෙනාගේ නම් කියවමින් මෙම රාජකාරිය කරන රත්න ශ්‍රි ට පෙනුණාලු ඔහු නම් කියවද්දී හොඳට හැඳ පැලඳ ආ තරුණ තරුණියන් සෑහෙන පිරිසක් දැඩි ලෙස අපහසුතාවයට පත් වෙනවා. සමහරු රවනවා, සමහරු ඇඹරෙනවා, මහපටැඟිල්ලෙන් පොළොව හාරනවා.මේ ඇයි කියලා හිතලා බලද්දී ඔහුට වැටහෙනවා තමන් කියවන්නේ මොවුන්ගේ සම්පුර්ණ නම බවත් ඔවුන් අයත් වන කුල ගෝත්‍ර වල විස්තර මේ නම් වල ඇතුලත් වන බව.

    කෙසේ නමුත් තමන් කුල හීන යයි හැගෙන අයට තම නම ඇසීම ලජ්ජාවට කාරණයක් බව රත්න ශ්‍රීගේ අත්දැකීමෙන් ඔහුගේ සිත සසල වෙලා තියෙනව,

    බුදුන් පැවසූ;

    න'ජච්චා වසලො හොති - න'ජච්චා හොති බ්‍රාහ්මණො
    කම්මනා වසලො හොති - කම්මනා හොති බ්‍රාහ්මණො

    එහෙමත් නැත්නම් උපතින් කෙනෙකු වසලයකු හෝ බ්‍රාහ්මණයකු හෝ නොවේ, කරන ක්‍රියාව අනුවම කෙනෙකු වසලයකු හෝ බ්‍රාහ්මණයකු වේ කියමන සම්පූර්ණයෙන්ම අමතක කරමින් අඩු කුලයේ අයට වෙනම කෝප්පයකට වතුර දෙන පුරුද්ද සිංහල සමාජයේද මද්‍යකාලීන අඳුරු යුගයේදී ඇති වී තිබුණි. විශේෂයෙන්ම පිටිසරබදව තවමත් ඇත. හැබැයි හොඳ වෙලාවට ඔය සිරිත ඔසී - සිනුවර පැත්තෙ නොතිබුනේ. එහෙම වුනා නම් සුද්දෝ ඉන්න තැන්වල වෙනම කොප්පෙක බොන්න වීම නිසා සිනුවර ඉන්න ලංකාවේ පොරවල් පවා මාර අමාරුවක වැටෙනවා නේද?

    හරිත සොර මුල ගඳ කිළිටි රෙදි සේදුවා නුඹ සේදුවා

    තාම නෑ කිලිකුණු ගිහින් ඒ කිම්ද නොදැනේ කාරණා

    සේදිලා පරිශුද්ධ වීමෙන් යුග දෑත් නුඹෙ බබලනා

    ඇත්තටම සදාහරිත චෞර රාජ කැළ හත් පොළේ ගාගත් මේ කිළි කුණු කවදාවත් සෝදල ඉවර කරන්න රජකයන්ට නොහැක. ඒ අයගේ සැඟවිය නොහැකි අලි හොර කම් සෝදා යලි පින්වතුන් බවට පත් කරන්න බැරි හින්දා. ඒත් සමාජයේ පහත් යයි සැලකෙන කුලයක උපන්නත්, ක්‍රියාවෙන් ශෝධකයින් බැවින් බබලනවා. මේ කියන අඳුර කුල වාදයේ අඳුර හෝ නූගත්කමේ අඳුර හෝ දුප්පත්කමේ අඳුර විය හැක. හැමදාමත් මේ විදියට අඳුරට වෙලා බැරි මරගාතේ අමාරුවෙන් අකුරු අමුණමින් බැසිල් රාජපක්ෂගේ කපුටාස් වැල් බයිලා සිහි කරමින් කැඩිච්ච ඉන්ගිරිස් වලින් පවා අමාරුවෙන් කමෙන්ට් දමමින් රට්ටු හිනස්සමින් කරන්නෙ ඒක තමන්ගෙ පාරම්පරික උරුමය, එහෙම නැත්නම් කරුමය ලෙස සලකමින් විය හැක. මේකත් ඉතාමත් අනුවේදනීය සංසිද්ධියක් කියලා කියන්න පුළුවන් සිදුවීමක්...

    ReplyDelete
    Replies
    1. You bloody gon bayya you can know I can understand your pain when your bosses is attacked by us no? Your languages shows your frustration. You better with mind on studying the English you bloody gon bayya, First you try to learn something in the English. You bloody bayys Rajapaksha slave government will not lasted forever. You will have to do the something for living other than publishings comments media. When you challenging, you can come in to with facts not with nonsense gon bayya talks. You can understand? I think you not can understand your gon bayya stupid brainless idiot you go and shut your mouths down and do some pee and sleep you gon bayya understand?

      Delete
  7. කනවැන්දුමීගේ වන්නම............ටයිටල් එක හරි යුනික්.

    ReplyDelete
  8. @ අරූ,

    ඔය එක එක වාමාංශික ලොකු පොරවල් නෙරූදාගේ ඉඳල මාක්ස් එංගල්ස් ලෙනින් දක්වා කොච්චර කට්ටිය හිටියත් මේ දක්වා යුරෝපයේ බිහිවෙච්ච ලොකුම විප්ලවවාදියා තමයි මාර්ටින් ලූතර්. 1483 අවුරුද්දේ ඔහු ඉපැදුණේ නැගෙනහිර ජර්මනියේ. ලූතර් හදපු ලෝකයේ තමයි ඔය කාල් මාක්ස් ඉපැදුණේ. හැබැයි ඔහු ඉපැදුණේ බටහිර ජර්මනියේ. ඒ කාලේ නැගෙනහිර, බටහිර කියලා ජර්මනි දෙකක් තිබුණේ නෑ. අද තියෙන විදිහට ගත්තොත් අදාළ උප්පත්ති ස්ථාන දෙක ම තියෙන්නේ ජර්මනියේ. කොහොම හරි දෙන්නාම ජර්මානුවන් මාක්ෂ් යුදෙව් සම්භවයක් ඇති ජර්මානුවෙක්. ලූතර් ඉපැදිලා අවුරුදු හාරසීයක් සම්පූර්ණ වෙද්දි - ඒ කියන්නේ 1883 අවුරුද්දේ; මාක්ස් මියගියා.

    ඇත්තටම අපි ඉපදුන වසර වන 1983 කියන්නේ ජර්මනියේ අයට ඉතාමත් වැදගත් අවුරුද්දක්. ලූතර්ගේ 500 වැනි ජන්ම සංවත්සරය යෙදුණේ ඒ අවුරුද්දට. ඒ වෙද්දි ජර්මනිය වෙන්වෙලා (වෙන් කරලා) තිබුණේ. නැගෙනහිර ජර්මනියේ තිබුණේ කොමියුනිස්ට් පාලනයක්. බටහිර ජර්මනියේ ලිබරල්වාදී පාලනයක් තිබුණා. මේ ජර්මනි දෙක එක විදිහකට වෙන්කරපු තාප්පය ගැන අපි හැමෝම දන්නවා. ඒ තමයි බර්ලින් තාප්පය. මේ තාප්පය බින්දේ 1989 අවුරුද්දේ.

    ඔය බර්ලින් තාප්පය බිඳින්න අවුරුදු නවයකට කලින් නැගෙනහිර ජර්මන් ආණ්ඩුව ලොකු උත්සවයක් වෙනුවෙන් සූදානම් වුනා කියලා අරූලා දන්නව ඇතිනෙ. ඒ උත්සවය යෙදිලා තිබුණේ 1983 අවුරුද්දට. ඒ තමයි ලූතර්ගේ පන්සිය වැනි ජන්ම සංවත්සරය. ඉතින් 1983 අවුරුද්ද “ලූතර් වසර” කියලා නම් කරන්නත් නැගෙනහිර ජර්මනියේ කොමියුනිස්ට් ආණ්ඩුව කටයුතු කරල තියෙනවා.

    ඒත් තව අවුරුදු දෙකක් ගතවෙද්දි ඒ ආණ්ඩුව මේකේ නම වෙනස්කළා. 1983 අවුරුද්ද “මාක්ස් වසර” කියලා නම් කරන්න ඒ අය තීරණය කළා. මෙහෙම කරන්න වුණේ ඒ අවුරුද්දට මාක්ස්ගේ සියවස් අනුස්මණය යෙදිලා තිබුණු හින්දා. ඉතින් මෙහෙම කරපු නැගෙනහිර ජර්මන් ආණ්ඩුව කලින් සැලසුම්කරපු උත්සවයට අලුත් නමක් දුන්නා. ඒ තමයි “ලූතර් සමරුව” කියන නම.

    ඔය මොන මොන සෙල්ලම කළත් මාක්ස් අනුස්මරණය කරන එක නිල මට්ටමේ කටයුත්තක් විතරක් බවට පත්වුණා. ඒ ගැන වැඩි උනන්දුවක් ජනතාවට තිබුණේ නෑ. ඒත් ලූතර් සමරුව දවසේ නැගෙනහිර ජර්මනියේ ඩ්‍රෙස්ඩ්න් (Dresden) නගරයට ලක්‍ෂ ගණනක් මිනිස්සු ඇදිලා එන්න පටන්ගත්තා. පොලීසිය පේන්නවත් හිටියේ නෑ. ඒ තමයි නැගෙනහිර ජර්මනියේ පවත්වපු ලොකුම ආගමික උත්සවය. ඒ උත්සවය සජීවි විදිහට රූපවාහිනියෙන් විකාශය කරන්නත් නැගෙනහිර ජර්මනියේ කොමියුනිස්ට් ආණ්ඩුව කටයුතු කරල තියෙනවා.

    ඇත්තම කියනවනම් කාල් මාක්ස් කියන්නේ යුරෝපයේ මිනිස්සුන්ට සත පහක වැඩක් නැති චුට්ටක්වත් වැදගත් චරිතයක් නෙවෙයි. සැබැවින්ම අලුත් යුරෝපයක් බිහිවුණේ ලූතර් හින්දා. ඇත්තෙන්ම මාක්ස් බිහිවුණෙත් ලූතර් හින්දා. ලූතර් කරපු විප්ලවය මාක්ස් අගය කළා. ඔහු ලූතර්ට දොස් කිව්වේ ඒ විප්ලවය ප්‍රමාණවත් නෑ කියලා විතරයි.

    ඔය විදියට රෙපරමාදු විප්ලවයේ ප්‍රතිඵලයක් විදිහට ඇතිවුණු මාක්ස්වාදය පිළිගත්තේ ආයතනික බලය (සංස්ථාගත පල්ලියේ බලය) පිළිගත්ත ඕර්තඩොක්ස් ක්‍රිස්තියානි රටවල්වලත් ලතින් ඇමෙරිකාවේ සහ මධ්‍යම ඇමෙරිකාවේ සමහර කතෝලික රටවල්වලත් විතරයි. චීනයේ සිද්දවුණේ මාක්ස්වාදයේ නාමයෙන් කරපු ජාතිකවාදී විප්ලවයක්. ආගමික නිදහස පවතින රෙපරමාදු රටවල්වල මිනිස්සු මාක්ස්වාදය සත පහකට ගණන්ගත්තේ නෑ. හැබැයි මාක්ස් වැැඩි කාලයක් ජීවත්වුණේ එංගලන්තයේ. “කොමියුනිස්ට් ප්‍රකාශනය” මුලින් ම පළ කළෙත් අරූලාගේ මාතෘ භූමිය වන එංගලන්තේ. ඒක පළකරලා අවුරුදු දෙකක් යද්දි (1950 අවුරුද්දේ) මාක්ස් එංගලන්තයේ පදිංචියට ගියා. ඔහු දාස් කපිටාල් “ප්‍රාග්ධනය” පොත ලිව්වෙත් එංගලන්තයේ දී.

    කෝම හරි මේ විදියට මිනිසුන්ගේ සංස්කෘතික මුල් ගලවන්න පුළුවන් හොඳ ම මුල්ලුව මාක්ස්වාදය කියලා බටහිර අධිරාජ්‍යවාදියෝ දැනගෙන හිටියා. ඉතින් ඒ වෙනුවෙන් යටත්විජිත රටවල්වල මිනිස්සු පුහුණු කළා. එහෙම හදලා ලොකු මහත්කරපු මාක්ස්වාදියෝ තමන්ගේ ස්වාමියෝ වෙනුවෙන් කැපවුණා. ඒ වෙනුවෙන් විප්ලව කළා. සංස්කෘතික මුල් ගැලවිච්ච එවුන් බොහොම ලේසියෙන් ලිබරල් ඔඩොක්කුවට පනිනවා. උන් පනින්නේ තාප්පෙට උඩින් ද යටින් ද කියන එක අදාළ නෑ. ජනතා විමුක්ති පෙරමුණත් එක්ක සම්බන්ධ වෙලා හිටිය වික්ටර් අයිවන්ලා, ජයදේව උයන්ගොඩලා, ලයනල් බෝපගේලා අද ඉන්න තැන බලන්න. අනුර කුමාරලා අද ජනතා විමුක්ති පෙරමුණ ඇරගෙන යන්නේ මොන පැත්තට ද කියලා බලන්න. මේ විදිහට තමයි අපේ රටවල්වල රෙපරමාදු විප්ලවය සිද්දවෙන්නේ. ලිබරල්වෙච්ච එවුන්ගේ ඊ ළඟ පරම්පරා බොහොම ලේසියෙන් රෙපරමාදු කරන්න පුළුවන්. එතකොට තමයි බටහිර බලය වැඩෙන්නේ.

    මේ ප්‍රගතිශීලි වැඩපිළිවෙළට විරුද්ධ වෙන්නේ ගෝත්‍රිකයෝ. සකල ලෝකවාසි වෙන්න ඉන්නා ලිබ්බනි, සියලු මිනිසුන්ගේ සංස්කෘතික මුල් ගැලැවීමට එක් වෙයව් !

    ReplyDelete
  9. ඉකොනො, ජර්මනියේ විදුලි බිල සෑහෙන විශාල වශයෙන් වැඩි වී ජර්මානු වැසියනූත් ලංකාවේ වගේ දර ලිපට යන බවට කතාවක් යනවා නේද?

    https://www.nytimes.com/2022/02/21/business/europe-power-gas-bill.html

    මගේ ඇමරිකානු එක්සත් ජනපදයේ ඉන්න යාලුවෝ සෙට් එක කියන විදියට ඇමරිකාවේත් බඩු ගණන් ගිහිල්ලාලු නිල වශයෙන් සියයට 7කින් කියලා කියන්නේ ඒ උනාට ඊයේ මගේ යාලුවෙක් grocery shopping කරපුහාම එයා ගණන් හදල බැලුවාම තේරුනාලු සීයයට 30-40 කින් විතර සමහර භාණ්ඩ වල මිල ගණන් වැඩි වෙලා කියලා. මේක ගෝලීය වසංගත තත්ත්වය සමගින් ආපු අර්බුදකාරී තත්ත්වයක් නේද?

    ReplyDelete
    Replies
    1. //මේක ගෝලීය වසංගත තත්ත්වය සමගින් ආපු අර්බුදකාරී තත්ත්වයක් නේද?//

      වසංගතය හේතුවක් කරමින් විශාල ලෙස රජයේ වියදම් ඉහළ දැමීමේ හා සල්ලි අච්චු ගැසීමේ ප්‍රතිඵලයක්.

      Delete
  10. නියමයි. නෙරුඩා ට ගැහැණු වහ වැටෙන අහන්න දෙයක් යැ, ස්පාඥ්ඥ ගැහැණු. උන් ඔය බ්‍රසිල් වගේ රටවල දැනුත් එහෙමයි.

    ReplyDelete
  11. ලෙනින් බලහත්කාරයෙන් ගැහැණු එක්ක ඉඳල නැහැ කියන එකත් තමන්ගේ බලය පාවිච්චි කරල ගැහැණු එක්ක හිටියේ නැහැ කියන එකත් ප්‍රසිද්ධයි. ආදරය කළා. කෙල්ලෝ ගොඩකට ලියුම් ලිව. චේ වුනත් එහමයි. ට්‍රොට්ස්කි වුනත් එහෙමයි. ස්ටාලින් ගැන ඒක කියන්න බැහැ. මේ කතාව වැඩිය ප්‍රසිද්ධ නැති එකක්. ස්ටාලින් ගේ පුරුද්දක් තිබුන බල්ශෝයි එකේ ඔපෙරා බලන්න ගියහම ඒකෙ ලස්සන නාටිකන්ගනාවක් ඇහැ ගැටුනොත් එදා රෑට උස්සන් යන එක., හැමෝගෙම ජීවිතය මේ යකාගේ අතේ රැඳිලා තියෙන නිසා මොනා කරන්නද ඉතින්. කතා කරාම යනව. හැබැයි ඒවාට මොස්කව් වල තට්ටු නිවාස රජයේ වාහන එහෙමත් ලැබෙනවා. කැමැති අය හිටියට , අනිත් අය බයට යන්නේ. (මේක ප්‍රසිද්ධ කතාව) අප්‍රසිද්ධ එක - එක දවසක් කෙල්ලෙකුට (නාට්‍යන්ගනාවක්) ස්ටලින්ට බයටම මුත්‍රා ගිහිල්ල කාරෙකේ. ඔපෙරාවට ආපු අලුත් කෙල්ලක්. දැන් ඩ්‍රයිවර් සහ කේජිබි ඔෆිසර් හිතන්නේ කෙල්ල එවෙලේම මරන්න කියයි කියල පිස්තෝලත් අරගෙන අතට. නමුත් ස්ටාලින් මේක බලාගෙන ඉඳල. කෙල්ලට කියල එවෙලේම යට ඇඳුම ගලවල වැඩේ එතැන කරන්න කියල. පස්සෙන් පහු නාටිකන්ගනාවෝ ගන්න යනකොට (මේක කරන්නේ බොල්ශෝයි එක පිටිපස්සේ කාර් එක නවත්තගෙන. ස්ටාලින් උනත් මිනිසුන්ට පේන්න කෙල්ලෝ උස්සල නැහැ. නමුත් හැමෝම දන්න රහසක්. ) ස්ටාලින් කියනවලු එතන පාරේ මුල්ලක කෙල්ලන්ට මුත්‍රා කරන්න කියල, ස්ටාලින් බලන් ඉන්නවලු. බයට යනවට වැඩිය ඒක හොඳනේ. රුස්සෝ ඕක කියල හිනාවෙනවා ඉතින්. කතාව එලියට දාල තියෙන්නේ ස්ටාලින් ගේම රියදුරා. මම අඳුනගෙන හිටිය බෝල්ශෝයි එකේ වැඩ කරන ගැහැණු කෙනෙක්. ටිකට් ගත්තේ පිටි පස්සේ දොරෙන් එයා හරහා. ඔයා ගෑනි මට වරක් ගිහිල්ල පෙන්නුවා ඔය ස්ථානය. මේ කතාව ඇත්තද බොරුද කියන්න මම දන්නේ නැහැ . සි අයි ඒ හදපු කතාවක් ද දන්නෙත් නැහැ, පස්සේ ලන්ඩන් ඇවිත් ඔය එක එක දේවල් කියවල බ්ලු චිත්‍රපට හෙම බලනකොට තමයි තේරුනේ ඒකත් ලිංගික අපචාරයක් කියල. ලන්ඩන් වල චැනල් 4 එකේ ප්‍රංශ ජාතිකයෝ ඔහොම කරනව පෙන්නුවා වරක්. ස්ටාලින් ගේ විධිහට ඉතින් කතාව ඇත්ත වෙන්නත් පුළුවන්. ඒක නොකෙරුවත් නටන කෙල්ලෝ අරන් යන එක ඇත්ත කියල ගොඩක් රුස්සෝ කියල තියෙනවා. ස්ටාලින් ගේ හැම දෙයක්ව වගේ රහසේ වුනේ. ඔය රහසින් පව් කරන වැඩේ ස්ටාලින් වාදී පක්ෂ වලට එන්න ඇත්තේ එනිසා වෙන්නත් පුළුවන්. (මේකේ මේ නෙරුඩා හුජ්ජ කතාවක් ලියල තියෙනවා දැකල ලීවෙ )

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: