වෙබ් ලිපිනය:

Thursday, February 23, 2023

චීන කැමැත්ත නැතුව IMF යන්න බැරිද?


අපි කලින් කතා කර තිබෙන, දන්න දේවල් වලින් පටන් ගත්තොත්, IMF අරමුදල් ලබා ගැනීම සඳහා දැනට තිබෙන එකම බාධාව චීනයයි. තව පොඩි පොඩි බාධා තිබිය හැකි වුනත් චීනය පැත්තෙන් තිබෙන බාධාව හා සැසඳූ විට ඒවා බාධා නෙමෙයි. 

අරමුදලේ සල්ලි ලබා ගැනීම පිණිස ලංකාවේ රජය හා මහ බැංකුව විසින් ගොඩක් දේවල් කළා. මහ බැංකුව විසින් සල්ලි අච්චු ගහන එක නවත්වලා පොලී අනුපාතික ඉහළින් තියා ගත්තා. සල්ලි අච්චු ගැසිය නොහැකි තත්ත්වයක් තුළ රජය විසින් බදු, විදුලි ගාස්තු, ඉන්ධන ගාස්තු වැඩි කළා. වර්තන වියදම් දැඩි ලෙස සීමා කළා. මේ එකක්වත් ජනප්‍රිය තීරණ නෙමෙයි. ඔය හැම දෙයකින්ම වුනේ ජනතාව පීඩාවට පත් වෙන එක බව ඉතාම පැහැදිලි දෙයක්. එහෙම තත්ත්වයක් තුළ මේ දේවල් කරන්න සිදු වුනේ වෙන යා හැකි මගක් නැති නිසා. 

අරමුදල සමඟ ඇති කරගත් එකඟතාවය පරිදි අදාළ, කළ යුතු දේවල් දේවල් කිරීමෙන් පසුව, චීනය හැර අනෙක් ණයහිමියන් විසින් අරමුදලේ සල්ලි නිදහස් කිරීම සඳහා අනුමැතිය ලැබෙන පරිදි තමන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න කැමැත්ත ලබා දී තිබෙනවා. එහෙත් චීනයේ කැමැත්ත තවමත් ලැබී නැහැ. 

මේ තත්ත්වය තුළ අරමුදලේ සල්ලි නැතිව ලංකාවට ලොකු කාලයක් ඇදගෙන යන්නත් බැහැ. මේ බාධාව හමුවේ අරමුදල විසින් ලංකාවට අලුත් පාරක් පෙන්නා තිබෙනවා. ඒ චීනය අතහැර, චීනය මගහැර ඉදිරියට යාමයි. 

මෙතෙක් කතාව ඕකයි. මේ අනුව, දැන් ලංකාව දෙමං හන්දියකට ඇවිත් තිබෙනවා. හන්දියෙන් පාර බෙදුණත් ඒ විදිහට බෙදී යන පාරවල් දෙකම අවසාන වශයෙන් යන්නේ අරමුදල වෙතයි.

1. චීන පාර - මේ පාරේ යන්නනම් චීනයේ කැමැත්ත අවශ්‍යයි. ගේට්ටුව අරින යතුර තියෙන්නේ චීන ගේට්ටුපල්ලා ළඟ.

2. චීනය නැති පාර - මේ පාරේ යනවානම් නිකම්ම ගේට්ටුව තල්ලු කරගෙන යන්න පුළුවන්. ගේට්ටුව ළඟ ගේට්ටුපල්ලෙක් නැහැ.

බැලූ බැල්මටම පේන්නේ ඉහත දෙවැනි පාර වඩා පහසු, ලේසි පාරක් බවයි. නමුත්, ඇත්තටම ඒක එහෙම නැහැ. එය ඉතාම භයානක පාරක්. මගේ අදහස අවසාන වශයෙන් ලංකාව පළමු පාරේම යයි කියන එකයි. හැබැයි චීන ගේට්ටුව ඇරෙන එක පහුවෙන තරමට ලංකාවට දෙවන පාරට හැරෙන්න වෙන අවදානම ටිකෙන් ටික ඉහළ යනවා. මොකද ඔය පාරවල් දෙකෙන් එකකවත් නොයා දැන් ඉන්න තැන වැඩි කාලයක් ඉන්න බැහැ. 

පළමු පාරේ යන්න චීනය විසින් අවස්ථාව නොදෙන්නේ ඇයි?

මේ පාරේ යන්න චීනය විසින් ලංකාවට පහසුවෙන්ම අවස්ථාව දෙනවා කියන්නේ චීනය පැත්තෙන් ලොකු මිලක් ගෙවන්න සිදු වෙන වැඩක්. මොකද ලංකාවට දෙන සහනයක් පසුකාලීනව තවත් රටවල් වලට දෙන්න චීනයට සිදු වෙනවා. එහෙම දිගටම සහන දෙන එක චීනයේ දිගුකාලීන ආර්ථික හා භූ දේශපාලනික උපාය මාර්ගයට බාධාවක්. 

චීනය විසින් කාලයක සිටම කරමින් සිටින්නේ සංවර්ධිත ලෝකය තුළ වගේම සංවර්ධනය වෙමින් පවතින රටවල් වලත් චීන වෙළඳපොළ පුළුල් කර ගැනීමක්. 

පෙර යූටියුබ් වීඩියෝවක පෙන්වා ඇති පරිදි, 2005-2021කාලය තුළ චීන ආනයන වෙනුවෙන් ලංකාව වැය කර ඇති මුදල ඩොලර් මිලියන 45,072ක්. නමුත්, එම කාලය තුළ චීනය විසින් ලංකාවේ ලංකාවේ අපනයන වෙනුවෙන් ගෙවා ඇති මුදල ඩොලර් මිලියන 2,545ක් පමණයි. ඒ අනුව, මෙම කාලය තුළ ශුද්ධ වශයෙන් ලංකාවෙන් චීනයට ගොස් ඇති විදේශ විණිමය ප්‍රමාණය ඩොලර් මිලියන 42,527ක්.

රටකට මේ තරම්ම අවාසිදායක වෙළඳ හිඟයක් දිගින් දිගටම පවත්වාගෙන යන්නනම් ඒ රටට කොහෙන් හෝ විදේශ විණිමය එන ක්‍රමයකුත් තිබිය යුතුයි. එහෙම නැත්නම් ආනයන සිදුවෙන්න ක්‍රමයක් නැහැ. 

චීනය සමඟ ලංකාවේ ද්විපාර්ශ්වික වෙළඳ හිඟය විශාල ලෙස ඉහළ ගියේ 2010 වසරින් පසුවයි. සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසුව ලංකාවේ වෙළඳ ශේෂ හිඟය විශාල ලෙස ඉහළ යාමට ප්‍රධාන වශයෙන්ම දායක වුනේ ලංකාව හා චීනය අතර ද්විපාර්ශ්වික වෙළඳාමයි. 2010-2021 වසර දහය සැලකුවොත් ලංකාවේ වෙළඳ ශේෂ පරතරය පුළුල් වීමට 100%ක්ම දායක වී තිබෙන්නේ චීනය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ ශේෂ පරතරය විශාල ලෙස පුළුල් වීමයි.

සාමාන්‍ය ව්‍යවහාරය අනුව ද්විපාර්ශ්වික වෙළඳාම කියා කිවුවත්, සංඛ්‍යාලේඛණ දෙස බැලු විට පැහැදිලිව පෙනෙන්නේ චීනය සමඟ ලංකාව කරන වෙළඳාම බොහෝ දුරට ඒකපාර්ශ්වික වෙළඳාමක් බවයි. චීනයට සිදු කෙරෙන ලංකාවේ අපනයන චීන ආනයන වලින් 6%ක් පමණයි. ඉතිරි 94%ම වෙනත් ක්‍රමයකින් උපයන හෝ ණයට ගන්නා විදේශ විණිමය.

වර්ෂය - 2010

චීන ආනයන - ඩොලර් මිලියන 1,240

අපනයන - ඩොලර් මිලියන 72 (6%)

ද්විපාර්ශ්වික වෙළඳ හිඟය - ඩොලර් මිලියන 1,168 (94%)


වර්ෂය - 2021

චීන ආනයන - ඩොලර් මිලියන 4,756

අපනයන - ඩොලර් මිලියන 277 (6%)

ද්විපාර්ශ්වික වෙළඳ හිඟය - ඩොලර් මිලියන 4,479 (94%)


2010-2021 අතර චීනය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ හිඟය වැඩිවීම - ඩොලර් මිලියන 3,311


වර්ෂය - 2010

සමස්ත ආනයන - ඩොලර් මිලියන 13,451

අපනයන - ඩොලර් මිලියන 8,626

සමස්ත වෙළඳ හිඟය - ඩොලර් මිලියන 4,825


වර්ෂය - 2021

සමස්ත ආනයන - ඩොලර් මිලියන 20,637

අපනයන - ඩොලර් මිලියන 12,499

සමස්ත වෙළඳ හිඟය - ඩොලර් මිලියන 8,139


2010-2021 අතර සමස්ත වෙළඳ හිඟය වැඩිවීම - ඩොලර් මිලියන 3,314

ඉහත සංඛ්‍යාලේඛණ දෙස බැලූ විට කතාව අමුතුවෙන් විස්තර කළ යුතු නැහැ. ජාත්‍යන්තර වෙළඳාම තුළ ලංකාවේ වෙළඳ ශේෂය සෘණ පැත්තේ තිබීම අලුත් දෙයක් නෙමෙයි. රටවල් අතර ද්විපාර්ශ්වික වෙළඳ ශේෂයන් පැවතීම අසාමාන්‍ය දෙයකුත් නෙමෙයි. නමුත්, 2004-2014 කාලය තුළ ලංකාවේ වෙළඳ ශේෂය ඩොලර් මිලියන 2,242 සිට ඩොලර් මිලියන 8,287 දක්වා ඉහළ යාම නිදහසින් පසු ලංකාවේ ආර්ථික ඉතිහාසය සැලකූ විට සාපේක්ෂව අලුත් තත්ත්වයක්. මේ අලුත් වැඩිවීම තුළ චීනය සමඟ කළ වෙළඳාමේ බලපෑම කැපී පෙනෙනවා.

විදේශ ණය ගැනීම ලංකාවට අලුත් දෙයක් නෙමෙයි. නමුත් චීනයෙන් ණය ගැනීම සාපේක්ෂව අලුත් දෙයක්. 2006දී චීන ණය ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණයෙන් 0.46%ක් පමණයි. ද්විපාර්ශ්වික ණය වලින් 1.1%ක් පමණයි. මේ වෙද්දී ද්විපාර්ශ්වික ණය වලින් 43.3%ක් සහ සමස්ත ණය ප්‍රමාණයෙන් අඩුම වශයෙන් 20%ක් පමණ චීන ණයයි. මේ අනුව, චීන ණය ඉහළ යාම හා චීනය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ හිඟය ඉහළ යාම අතර සම්බන්ධය පැහැදිලිව දක ගත හැකියි. 

චීනය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ හිඟය ඉහළ යාම සමස්ත වෙළඳ හිඟය ඉහළ යාමට දායක වූ අයුරින්ම, චීන ණය රටේ සමස්ත විදේශ ණය ඉහළ යාමට විශාල ලෙස දායක වී තිබෙනවා. සහනදායී නොවන ව්‍යාපෘති ණය හා වාණිජ ණය ස්වෛරිත්ව බැඳුම්කර වලට වඩා භයානකයි. 

ස්වෛරිත්ව බැඳුම්කර මගින් එකතු කර ගන්නා විදේශ විණිමය පරණ ණය හා පොලී ආපසු ගෙවීම වෙනුවෙන් යොදා ගත හැකියි. එහෙත්, ව්‍යාපෘති ණය හා වාණිජ ණය අදාළ කර්තව්‍යය වෙනුවෙන්ම යොදා ගත යුතු නිසා බොහෝ විට සිදුවන්නේ එම විදේශ විණිමය නැවත ණය දුන් රටටම ආපසු යාමයි. 

මෙහි අවසාන ප්‍රතිඵලය ලෙස රටේ විදේශ ණය ඉහළ යාම නොවැලැක්විය හැකියි. ස්වෛරිත්ව බැඳුම්කර මගින් එකතු කර ගන්නා විදේශ විණිමය වුවද, වෙළඳපොළේ විකුණා රුපියල් කර රජයේ අයවැය හිඟය පියවීම පිණිස වැය කරන්නේනම් අවසාන වශයෙන් සිදු වන්නේ එම විදේශ විණිමය ප්‍රමාණය ආනයන වියදම් ලෙස රටින් පිටව ගොස් වෙළඳ හිඟය පුළුල් වීමයි.

චීන ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවට චීන ණය ආපසු ගෙවීම සඳහා තව තවත් ණය දීමට චීනය කැමැත්තෙන්ම ඉදිරිපත් වීම තේරුම් ගන්න අපහසු නැහැ. තවතවත් ණය දීම මගින් චීනයට ද්විපාර්ශ්වික වෙළඳාමේ වාසිය දිගටම පවත්වා ගන්න පුළුවන්. යෝජිත ස්ථායිකරණ වැඩ පිළිවෙළ තුළ දිගුකාලීනව සිදුවීමට නියමිතව තිබෙන්නේ චීනය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ හිඟය තවතවත් පුළුල් වීම නැවතීමයි. ඇතැම් විට වෙළඳ හිඟය අඩු වීමයි. 

ස්ථායිකරණ වැඩ පිළිවෙළ තුළ ලංකාවේ ජංගම ගිණුම් ශේෂ හිඟය දදේනියෙන් 1.2% දක්වා අඩු කර ඒ මට්ටමේ තිබා ගත යුතුයි. එයින් අදහස් වන්නේ දැනට ලබා ගෙන තිබෙන විදේශ ණය හා පොලී ආපසු ගෙවන්නට මිස වෙනත් කටයුතු සඳහා අළුතෙන් විදේශ ණය ගැනීමක් සිදු නොවන බවයි. ඒ කියන්නේ ණයට ආනයන සිදු කිරීමේ ඉඩක් තව දුරටත් ලංකාවට නැති බවයි. මේ තත්ත්වය තුළ වුවද චීනයට ලංකාව සමඟ වාසිදායක වෙළද ශේෂයක් පවත්වා ගත හැකි වුවත් එය දිගින් දිගටම පුළුල් වීමේ ඉඩ ඇහිරෙනවා. චීනයේ ප්‍රතිරෝධයට මෙයද හේතුවක්. 

චීනයේ ආර්ථික හා භූ දේශපාලනික ඉලක්ක තුළ චීනයට තමන්ගේ වෙළඳපොළ පුළුල් වනු දකින්නට අවශ්‍යයි. වාසිදායක වෙළඳ ශේෂයක් දිගටම පවත්වා ගැනීමේදී රට තුළ විදේශ විණිමය ගොඩ ගැහෙනවා. ඒ නිසා, ඒ විදේශ විණිමය රටෙන් පිටතට යැවෙන යාන්ත්‍රණයක් අවශ්‍යයි. එක්කෝ ණය විදිහට මේ අරමුදල් රටින් පිටතට යා යුතුයි. නැත්නම් රටින් පිටත මූර්ත වත්කම් එක්රැස් විය යුතුයි. ඔය දෙවැන්නට ලංකාව වැනි රටවල තියෙන්නේ විශාල ප්‍රතිරෝධයක්. 

සරලව කියනවානම් දෙවැන්නෙන් අදහස් වන්නේ චීනය විසින් ලංකාව තුළ වත්කම් මිල දී ගන්නවා කියන එකයි. මම දකින විදිහටනම් ණය ගැනීමට සාපේක්ෂව මෙය නරක දෙයක් නෙමෙයි. ලංකාව විසින් චීනයෙන් ණය ගනිද්දී එම අරමුදල් පරිපාලනය කරන්නේ ලංකාවේ රජයයි. ඒ කටයුත්ත තුළ පාඩු සිදු වුනත්, ලාබ සිදුවුනත් චීනයට පොරොන්දු වූ ප්‍රතිලාභ (පොලී) ගෙවිය යුතුයි. චීනය විසින් ලංකාවේ කිසියම් වත්කමක් මිල දී ගත් විට සිදු වන්නේද චීනය විසින් සිය ආයෝජනය වෙනුවෙන් ප්‍රතිලාභ ලංකාවෙන් පිටතට ගෙනයාමම වුවත්, එහිදී සිදු වන්නේ චීනය විසින්ම අදාළ වත්කම කළමනාකරණය කර උපයා ගන්නා ප්‍රතිලාභ රටින් පිටතට රැගෙන යාමයි. 

පළමු විකල්පයේදී සිදු වන්නේ ලංකාව විසින් නූපයන ආදායමක් චීනයට ප්‍රාග්ධන ප්‍රතිලාභ ලෙස ගලා යාමයි. දෙවැනි විකල්පයේදී අඩුම වශයෙන් චීනය වෙත ගලා යන ප්‍රතිලාභ චීනය විසින්ම ලංකාව තුළදී උපයා ගන්නවා. සාමාන්‍යයෙන් මෙහිදී ලංකාවටත් යම් හෝ ප්‍රතිලාභයක් ලැබෙනවා. චීනය වෙනුවට ඉන්දියාව හෝ වෙනත් රටක් ආදේශ කළත් තත්ත්වය එයයි. කොහොම වුනත් ලංකාවේ ජනප්‍රිය මානසිකත්වය තුළ "රට විකිණෙන එක" වඩා ලොකු ප්‍රශ්නයක් නිසා ණය එකතු කරගෙන පොලී ගෙව ගෙවා ඉන්න "දේශීය විසඳුම" මගින් තමන්ගේ ප්‍රතිලාභ එකතු කර ගන්න එක චීනයට වඩා පහසු වී තිබෙනවා. 

චීනයට ඔවුන්ගේ පැත්තෙන් බැලුවහම ඔවුන්ට ලැබිය යුතු ප්‍රතිලාභ ලේසියෙන් අතාරින්න බැහැ. චීන සහයෝගය නැතිව ලංකාවට පළමු පාරෙන් ඉස්සරහට යන්නත් බැහැ. පළමු පාරෙන් ඉස්සරහට යන්නනම් චීනයටත් පාඩුවක් නොවී ලංකාවට වාසියක් ලබා ගන්න පුළුවන් විකල්ප ගැන හිතන්න වෙනවා. 

කලින් කිවුවා වගේම, චීනය ලංකාව එක්ක කරන හෙට්ටු කිරීමේදී පාඩුවක් කර ගන්නවා කියන්නේ එතැනින් නවතින දෙයක් නෙමෙයි. ඒ පාඩුවට අමතරව ලෝකය පුරා පෙරමුණු ගණනාවකදී චීනයට පාඩු විඳින්න වෙනවා. අනෙක් අතට ලංකාව හිර වෙලා ඉන්නෙත් ඒ වගේම උගුලක. ලංකාව චීනය වෙනුවෙන් යමක් අත අරිනවා කියන්නේ ඒ වගේ කිහිප ගුණයක පාඩුවක් විඳින්න වෙනවා කියන එක. මොකද පැරිස් සංසදය හා ඉන්දියාව  ලංකාවට සහනයක් දෙන්න කැමැත්තෙන් ඉන්නේ චීනයෙනුත් ඊට සමාන සහනයක් ලැබෙනවානම් පමණයි. ඒ නිසා, චීනයෙන් අඩු දෙයක් ගන්න එකඟ වුනොත් ඒ එක්කම අනෙක් රටවල් වලින් ලැබෙන සහන වලින් විශාල කොටසකුත් නැතුව යනවා. 

පළමු පාරේ චීන ගේට්ටුවෙන් එහාට යාම සඳහා අවශ්‍ය සම්මුතියේදී ලංකාවට වගේම චීනයත් සිදුවන පාඩු සෘජු පාඩු වලින් ඔබ්බට යන නිසා මේ එකඟතාවය ඇතිකර ගන්න එක ලේසි වැඩක් නෙමෙයි. එහෙමනම් විකල්පය දෙවන පාරද?

දෙවන පාරේ යනවානම් දැනට මාර්ග බාධක නැහැ. කෙළින්ම ගේට්ටුව අරගෙන යන්න පුළුවන්. හැබැයි ප්‍රශ්න එන්නේ ඊට පස්සේ. මොකද පිට පාරෙන් යන්න ඇරලා චීනය ඇස් කණ වහගෙන බලා ඉන්නේ නැහැ. එතැනින් එහාට චීනය ලංකාවේ හතුරෙක් වෙනවා. ලංකාවට බටහිර ඉත්තෙක් වෙන එක හැර වෙන විකල්පයක් නැතිව යනවා. 

ඔය දෙවන මාර්ගයේ යාම සරලව පැහැදිලි කළොත් මෙහිදී වෙන්නේ චීන ණය නොගෙවන්න ලංකාව ඒකපාර්ශ්විකව තීරණයක් ගැනීම. ඒකපාර්ශ්විකව කිවුවත් බටහිර රටවල අනුමැතිය එක්ක. නමුත් ඔය වගේ තීරණයකට චීනය කොහෙත්ම කැමති වෙන්නේ නැහැ. ඒකෙන් ලංකාවට සිදුවන පාඩු මොනවාද?

මේ වගේ තත්ත්වයක් තුළ ලංකාවට පැමිණිය හැකි චීන ආයෝජන නවතිනවා. ලංකාව හා චීනය අතර ද්විපාර්ශ්වික වෙළඳාමට බාධා පැමිණෙනවා. හැබැයි කලින් කිවුවා වගේම ඔය දේවල් වලින් වැඩි පාඩුව චීනයටමයි. ලංකාවට මේ දෙවන විකල්පය දීලා තියෙන්නෙම ඔය හේතුව නිසා. මොකද දැන් ලංකාවට ඔය දෙවන විකල්පය පෙන්නලා චීනය පළමු විකල්පයට ඉක්මණින් කැමති කරගන්න අවස්ථාවක් තිබෙනවා.

මම හිතන්නේ මේ වැඩේ වෙයි කියලා. මොකද දෙවන විකල්පය අවසාන වශයෙන් චීනයේ පැත්තෙන් බැලුවත්, ලංකාවේ පැත්තෙන් බැලුවත් හොඳ විකල්පයක් නෙමෙයි. රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු වලදී ගොඩක් වෙලාවට කියන දේවල් ඇත්තටම කරන්නේ නැහැ. නමුත්, සමහර වෙලාවට නොකරන්න හිතාගෙන කියන දේවල් නොකර ඉන්න බැරි තැනකට තල්ලු වෙනවා. මේ කාරණයේදී වුනත් එහෙම වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුනොත් ලංකාව හමුවේ තිබෙන්නේ වඩා දුෂ්කර මාර්ගයක්.

13 comments:

  1. අයිඑප්එම් ගියයි කියලා ලැබෙන්නේ මොනවාද?

    චීන මිතුරා සමග ලංකාව සිට ගත යුතුය

    ReplyDelete
  2. මොන පැත්තෙන් බැලුවත් අපටයි පාඩු
    නඩුත් හාමුදුරුවන්ටයි, වගෙම බඩු
    සිංහයො අනේ උස්සාගෙන සිටිති කඩු
    එව්වත් චීනයෙන් ගෙන්නූ බාල බඩු

    ReplyDelete
    Replies
    1. මචං නිදී චීනයේ බඩු බාලයි කියලා කියන්නේ නොදන්නා කට්ටිය චීනයේ තාක්ෂණික දැනුම ලෝකයේ ඉහළම මට්ටමට ඇවිත් තියෙන්නේ ඒ වගේම ටොප් කොලිටි බඩු හදනවා ලංකාවේ ලාබ මාකට් එකට අවශ්‍ය බාල බඩුත් හදනවා අඩුම කොලිටි ඉඳන් ඉහළටම දියුණු බඩු හදන රටක්, ඒක නෙවෙයි මචං ලංකාවේ කාන්තාවෝ ගොඩාක් දුරට පිරිසිදුකම අතින් හා පිළිවෙලින් ගොඩාක් ඉහලයි. ඒ වගේම එයාල තම පුද්ගලිකත්වය ගැන ඉහලින්ම වගබලාගන්නවා. එනිසයි මචං ලංකාවේ කාන්තාවෝ මව්හත් ගූනයෙන් උපරිම තැනක ඉන්නේ .... එනම් එය ලාංකික අපට ආඩම්බරයක්...

      💥💥💥 මචං ජෙපියන්ගෙන් කොළඹ පුරපතිනිය වෙන්න ඉල්ලන්නේ "කැලී බල්තසාර්" කියන මොංගල් ගෑණියෙක්. එයා වසර 3, 1/2 කින් ඇදුමක් අරන් නෑලු. සියළුම ඇදුම් ෂෙයා කරගන්නවලු. එතකොට මචං යටට අදින ජංගි පවා හුවමාරැ කරන් වෙන්නැති නේද එයා අදින්නේ. ඒක නම් මාරයි මචං. ( මචං වැදගත්කමට පෑන්ටිය කියලා දාන්න තිබුනා. නමුත් කුපාඩි රසක් එන්නේ ජංගිය කියලා දැම්මම. එනිසා ජංගිය කියලම භාවිතා කරන්න අවසර පතනවා. ) 😂😂😂😂😂

      💥💥💥 ඕනම එකෙක් දන්නවනේ මචං. ලංකාවේ කාන්තාවෝ පිරිමි අපි වගේ යට ඇදුම්වල සිදුර හැදෙනකම් පට්ට ගහන්නේ නෑ කියලා. ඕනම කාන්තාවක් අඩු ගානේ මාසෙකට සැරයක්වත් අඩුමගානේ ජංගි බ්‍රා හරි ගන්නවා. ඒ නැතත්. මාසෙකට සැරයක් ඕන සනීපාරක්ෂක ඇදුම් හරි ගන්නම වෙනවා. ඒක එයාලගේ පිරිසිදුකම හා අභිමානය. අනෙත් එක මචං. මම දන්න විදිහට නම් ලංකාවේ කාන්තාවෝ යටටත් අදින්නේ උපරිම මිලෙන් යුතු බෑන්ඩඩ් සුවපහසුම යට ඇදුම්. එයාලා කවදාවත් යට ඇදුම් තියා උඩට අදින බ්ලවුස් එකක්වත් මාරැකරන් අදින්න කැමති නෑ. ඒ තරමට එයාල තමන්ගේ සනීපරාක්ෂාව හා අභිමානය ගැන සැලකිලිමත් වෙනවා. ❣️❣️❣️❣️❣️❣️

      💥💥💥 මචං උබලගේ ජෙපි නායිකාවෝ ජංගි පවා ඇදුම් මාරැ කරන් අදිනවා කියලා. උබලගේ පවුල්වල කාන්තාවන්ටත් එහෙම කරන්න කියලා කියන්න එපා. දන්නවනේ තියෙන චර්ම රෝග ගැන, ඒවා හැදිලා උබලගේ ජුන්ඩටත් ඒ ලෙඩ රෝග එයි.... එනිසා පරිස්සමින් මචං. මේ මායාවෙන් ⁣ගැලවෙන්න කාලය දැන් හරි.

      💥💥💥 ඇත්තම කීවොත් මචං. ජෙපියෝ කියන්නේ බයියන්ටත් වඩා අන්ත ජාතියක්. උන් තමන්ගේ ලොක්කා හඳ පෙන්වලා ඉර කීවොත් ඒකත් පිලිගන්න ජාතියේ මරි මෝඩ සෙට් එකක්. තනිකරම සුසයිඩ් බෝම්බ වගෙයි. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නෑ. තනිකරම අන්ධ භක්කියෙන් තමන්ගේ ලොක්කා කියන දේ හිස් මුදුනින් පිළිගන්න ප්‍රවේණි දාසයෝ පිරිසක්. මචං මේ ප්‍රවේණි දාසයන්ව අපි මුදවා ගන්න ඕන. මුදවා ගෙන පුනරැත්තාපනය කරන්න ඕන. එයට වැඩි කාලයක් ගන්න බෑ. එය දැන්ම කරන්න ඕන.

      💥💥💥 අනෙත් එක මචං. මේ බංකොළොත් වුන ලංකාව වගේ රටකට, භාණ්ඩ හුවමාරැ කරන් ගොඩ එනවා වගේ අන්ත ප්‍රාථමික ගොන් ගෝත්‍රික ආර්ථික න්‍යායන් ඉදිරිපත් කරන එකෙන්ම ඔබ අවබෝධ කරගන්න ඕන. ජෙපියන්ට ගෝඨාභය රාජපක්ෂට තරම්වත් ආර්ථික හැකියාවක් නෑ කියලා. එහෙම නැත්නම්. ජෙපියෝ මේ කියන්නේ පට්ටම බොරැ කියලා අවබෝධ කරගන්න ඕන. සිතන්නවත් පුළුවන් කතාවක්ද මචං.වසර තුනහා මාරකින් ඇදුමක් ගත්තේ නෑ කියන එක..... තනිකරම ෂයා කරගැනීමෙන්ම ඇදුම් අදිනවා කියන එක..... මේවා හොදයි බං ජෙපිදාර බයියන්ට....... 😂😂😂😂😂

      💥💥💥 දැන් බලමු මචං. ජෙපියන් හා එජාපයේ රනිල් වික්‍රමසිංහ අතර තියෙන වෙනස කුමක්ද කියලා. ජෙපියන් ජංගි, පැණි අමුඩය පවා මාරැ කරන් සෝදා සෝදා අදින විට හා අදින්න කතා කරන විට, රනිල් වික්‍රමසිංහයන් කරන්නේ කුමක්ද කියලා. එදා රනිල් වික්‍රමසිංහ ලංකාවෙන් තම ලෝකෙටම බෑන්ඩඩ් ජංගිය වන "වික්ටෝරියා සීක්‍රට්" නිපදවන්න ගත්තා. එකයි මචං ජෙපියන් හා රනිල් වික්‍රමසිංහ අතර වෙනස.

      Delete
    2. 💥💥💥 පෙරේදා ජනපති රනිල් වික්‍රමසිංහ කියනවා. ලංකාවේ බදු ප්‍රතිපත්තිය ගලවා ගැනිමේ මෙහෙයුමක් කියලා. එනම් ලෝකෙටම හිර කරලා දාපු රට ගලවා ගන්න හදන විට එයට ලංකාවේ වගේම පිටරටත් ගොඩාක් අය බාල්දි පෙරලනවා. එනිසයි මචං අවසන් මොහොතේ චීනයේ සහය නැතිව හරි රනිල් වික්‍රමසිංහ IMF එක මගින් ලංකාවේ ණය Restructure කරගන්න හදන්නේ. ජෙපියන්ගේ ජංගි මාරැ ආර්ථිකයයි. රනිල් වික්‍රමසිංහ ගේ ආර්ථිකයයි අතර වෙනස එයයි මචං. මචං මේවා අමු දාර පැපොල් ඇට ලොන්ත ජෙපි පොල්කටු බයියන්ට අවබෝධ කරගන්න බෑ. එහෙමයි කියලා අපිට සැලෙන්නත් බෑ...... ඒත් මචං ....

      💥💥💥 මේවා ලංකාවේ සියළුම උගත් බුද්ධිමත් ව්‍යාපාරිකයෝ දන්නවා. එනිසයි රනිල් වික්‍රමසිංහට නුවරදි ව්‍යාපාරිකයන්ගෙන් සුපිරියට කොමන්ට් ලැබුනේ. ඔවුන් එහිදී එක සිතින් රනිල් වික්‍රමසිංහ දර්ශනයට රැචි වුනා. මොකද. එයාල දන්නවා මෙහෙම මාස කිහිපයක් ඇද්දොත් ඊ⁣ට පසුව එයාලට සුපිරියට ප්‍රොෆිට් ගන්න පුළුවන් කියලා.

      💥💥💥 ඒ වගේම මචං ලංකාවේ ලොකු පාසල්වල 9 වසරේ ඉදලා ශිෂ්‍යයන්ට ⁣උපදේශණය කරන්නේ රනිල් වික්‍රමසිංහ ජීවිත කතාව අරගෙන. තවද ලංකාවේ පෞරැෂත්ව දේශණ තියෙන අය තමන්ගේ වැඩමුළුවල අංක එකේ උදාහරණයට ගන්නේ රනිල් වික්‍රමසිංහයන්වලු.... අන්න එයයි මචං දැන් ලංකාව වෙනස් වේගෙන එනවා කියලා අපි කියන්නේ.... එය නේද මචං ලංකාවේ ඉන්න, ලංකාවට ආදරය කරන පිරිස බලාපොරොත්තු වෙන්නේ ....... ❣️❣️❣️❣️❣️❣️

      💥💥💥 හරි රනිල් වික්‍රමසිංහ ගැන තව උදාහරණ ඕනද. ජංගි මාරැ ජෙපි ආර්ථිකය වගේ නෙමෙයි මචං. ඔන්න ජපානයෙන් ඩොලර් මිලියන 46 රජයේ රෝහල්වල ඩිසල් සදහා කියලත් පරිත්‍යාගයක් ලෙස රනිල් වික්‍රමසිංහ අරන් තියෙනවා.

      💥💥💥 මතකද මචං ගිය අවුරැද්දේ ජනවාරි ඉදලා. කෝමද රටේ ආර්ථිකය තිබුනේ කියලා. රැපියල් 100,000 ටවත් ගෑස් සිලින්ඩරයක් සොයාගන්න බැරිවුන රටක් මචං මේක. ඒ කාලේ ලෝකයේ උද්ධමනය අතින් දෙවැනි තැන හිමිවුනේ ලංකාවට. ඒ ගැන මතකද Steve Hanke කියපුවා. අද ඒවා සියල්ලක්ම කණපිට හරවන්න රනිල් වික්‍රමසිංහ සමත්වෙලා තියෙනවා .... 💚💚💚💚💚💚

      💥💥💥 මචං ලෝකෙම ආර්ථිකය ගැන පුරෝකතනය කරන සුපිරිම වැඩ්ඩා තමයි ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් හැන්කේ. බලන්න එයාගේ මේ මාසේ උද්ධමනය ගැන චාට් එකයි. ගිය අවුරැද්දේ ජුනිවල චාට් එකයි අරගෙන⁣ වෙනස කෝමද කියලා. ඔන්න ඒ චාට් දෙකම මම දාලා තියෙනවා පිංතුරවල....

      💥💥💥 එනම් මචං ගිය අවුරැද්දේ ලෝකයේ උද්ධමනය අතින් 02 තැන තිබුනේ ලංකාවට. නමුත් අද වන විට එය, 13 වන තැන දක්වා ගේන්න රනිල් වික්‍රමසිංහයන් සමත්වෙලා තියෙනවා. ඊටත් වඩා රනිල් වික්‍රමසිංහගේ ආර්ථිකය ගැන උදාහරණයක් තියෙනවද මචං. තව මාස 04 කින් රනිල් වික්‍රමසිංහ හැක්කේගේ උද්ධමනය චාට්වලින් ලංකාව අතුගාලම දානවා. අන්න ඒකයි මචං රනිල් වික්‍රමසිංහ පට්ට වැඩ්ඩා කියලා අපි කියන්නේ ......

      💥💥💥 දැන් ඔබ තැරි දාර ජෙපි බයියෙක් නොවේ නම් අවබෝධ කරගන්න ඕන. ලංකාව 2048 වන විට පුර්ණ සංවර්ධිත රටක් ලෙස ආසියා - ෆැසිපික් කලාපයේ බලවතා කරන්න පුළුවන්, ජෙපියන්ගේ ජංගි මාරැ / පෑඩ් මාරැ ආර්ථිකයක් මගින්ද ⁉️⁉️⁉️⁉️⁉️ එහෙම නැත්නම් ක්‍රියාවෙන්ම ඔප්පු කරල පෙන්වපු රනිල් වික්‍රමසිංහගේ දෘෂ්‍යභාවයෙන් යුතු ආර්ථික දර්ශනයෙන්ද කියලා .....?

      Delete
    3. හැන්කේ ගේ inflation dashboard එක මේකෙන් බලන්න

      https://www.newswire.lk/2023/02/22/sl-improves-in-hankes-inflation-dashboard-request-from-sabry/

      Delete
    4. ඔව් ඔව් ඔව් මිනිහ අවුරුදු හතලිස් ගානක් නොකරපු එක මේ පාර නං කොරයි ලෙසටම 😂🤣😂

      Delete
  3. ඉකොනොමැට්ටා මේ මාතෘකාවට ඍජුව අදාල නැති වුණත් ඉතා වැදගත් කරුණක් තියෙනවා ආර්ථිකය පිළිබඳ තීන්දු තීරණ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්, මුලින්ම ඔබට පුළුවන් නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ඊයේ පාර්ලිමේන්තු කතාව බලන්න.

    ලංකාව වගේ රටක් පාලනය කරන්න "පොලිටික්ස්" කෑල්ල කොච්චර වැදගත්ද කියලා ඒකෙන් ඔබට පමණක් නොව ලංකාවේ සියලුම දේශපාලනික ක්‍රියාකාරීන්ට තේරුම් ගන්න පුලුවන්.

    ඔහු ජනාධිපති වුනත් පාර්ලිමේන්තු එනවා. ලස්සනට පාර්ලිමේන්තුව බැලන්ස් කරනවා. විධායක ජනාධිපති සතුවිය යුතු වූ ඔතෝරිටි එක හැම වෙලේම තියෙනවා. පාර්ලිමන්ට් කතාවෙදි වෙන කාටවත් නැගිටින්න දෙන්නෑ. හෑන්ඩ් සිග්නල් දීලා වාඩි කරවනවා.

    ඔහු වටේ ඔහුගේ මන්ත්‍රීවරු ඉන්නවා.

    ඒ වගේම ඉග්නෝ කරන්න ඕන දේවල් ලස්සනට ඉග්නෝ කරනවා. එතනදි දයාසිරි තඹ සතේකට ගණන් ගත්තේ නෑ.

    එතනින් පෙන්නන්නෙත් "ඔතෝරිටි" එක..

    ඒ වගේම මුල්ම දවසේ ඉදන් "බය" ලස්සනට මේන්ටෙන් කරනවා.

    කාටවත් තමන්ගේ "රෙපියුටේෂන්" එකට අත තියන්න දෙන්නේ නෑ.

    මුලින්ම මඩ ගහන්න එන, විරුද්ධ වෙන පිරිස නීතියෙන් හෝ වෙන ක්‍රමයෙන් මර්ධනය කළාම කවුරුත් එන්නේ නෑ ආයේ.

    රනිල් ජනාධිපති වුණාට පස්සෙ කොළඹ විරෝධතා වලට ගැහුවේ පොලිසීය විතරක් නෙවෙයි. තව විවිධාකාර නාඳුනන මිනීමරු මැර සෙට් ඇවිල්ලා සයිකල් චේන් යකඩ පොලු වලින් නෙලුවා ඉස්ම බේරෙන්න.

    එහෙම තමයි "ඔතෝරිටි" එක, "බය" නඩත්තු කරන්නේ.

    මන් දැක්කා අද සමන් රත්‍නප්‍රිය මාර්තු 1 ස්ට්‍රයික් එක අසාර්ථක වෙන බව කියලා තියෙනවා.

    ඒ වෘත්තිය සමිති කටයුතු පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක.

    සමන් රත්නප්‍රිය වගේ ෆීල්ඩ් එකේ පොරක් එහෙම කිව්වම ඒකේ පට්ට වෙයිට් එකක් තියෙනවා.

    පහුගිය කාලේ නන්දසේන ජනපති කාලේ SLPP එකේ වෘත්තීය සමිති නියෝජිතයන්ට 2020 ආණ්ඩුව ආවමත් කිසිම තනතුරක් ලැබුනේ නෑ. මරාට දෙන්න දුන්නෙත් නෑ විපත් මග හොල්මන් වල බයිලා අහලා.

    නමුත් රනිල් ආවම අකිල, සමන් අතාවුදහෙට්ටි, පාස්කරලිංගම් ඇතුලු රනිල් වික්‍රමසිංහගේ ඉනර් සර්කල් එකම ප්‍රසිඩන්ට් ඔෆිස් එකේ වැඩ.

    රනිල් ජනාධිපති වුන ගමන් තමන්ගේ මිනිස්සු ලඟට අරන් බය නැතුව තනතුරු දුන්නා.

    පොලිටික්ස් වලදි තමන්ගේ මිනිස්සු බොක්කෙන්ම බලාගන්න ඕන.. එතකොට තමයි ඒ මිනිස්සු තමන් වෙනුවෙන් බොක්කෙන්ම එන්නේ..

    මේ තමයි පොලිටික්ස් වලට අත්‍යවශ්‍යයම "බැලන්සිං" කෑල්ල..

    ඒ කෑල්ල නැතුව, පොලිටික්ස් නොකර සෝ කෝල්ඩ් "හරි දේ" විතරක් කරලා ලංකාව කියන රට පාලනය කරන්න බෑ.

    හිටපු නන්දසේන ජනාධිපතිට නැති වුනෙත් ඒක.

    තමන්ගේ මන්ත්‍රීවරයෙකුට ලන්ච් එකක්වත් නොදී, ප්‍රොජෙක්ට් එකක් පාස් නොකර, මිනිස්ට්‍රි වල බජට් කපලා, ළඟම හිතවතුන්ටත් රජයේ රස්සාවක් දෙන්න නොදී, ආගමික සංස්ථාවලට අවශ්‍ය වන "පිරිකර" වඛේ වටිනා දේවල් නොදී පොලිටික්ස් කරන්න බෑ.

    අවසානයේ ඔහුට ඔහු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කතා කරන්න එක මන්ත්‍රීවරයෙක් නැති වුනා. දැනුත් පොහොට්ටු පක්ෂයේ සෙට් ඔහුට පලු යන්න බනිනවා ඔවුන්ව අතරමන් කරලා මාරු වුණා කියලා.

    ඒ වගේම අනවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයක් මඩ ගැහීමේ, හාස්‍යයට ලක් කිරීමේ නිදහසක් දුන්නොත් ලංකාවෙදි වෙන්නේ තැන නොතැන නොබලා අරින එක.

    නන්දසේන ජනාධිපති ඇමෙරිකා එක්සත් ජනපදයේ සිස්ටම් එකට එහෙම නිදහසක් දුන්නා.

    හැබැයි ඔහුට වැරදුනේ ලංකාවේ ඉන්නේ ලංකාවේ මිනිස්සු මිසක් ඇමෙරිකා එක්සත් ජනපදයේ මිනිස්සු නොවෙන බව.

    පොලිටික්ස් නොකර ශ්‍රී ලංකාව පාලනය කරන්න බෑ. ඒක ගැනත් විස්තර කරලා ලියන්න පුළුවන් නම් හොඳයි ඔබට.

    ReplyDelete
  4. imf එකෙන් කියල නේද චීනෙ නැතිව බෑ කියල?

    ReplyDelete
    Replies
    1. https://www.themorning.lk/articles/gYC1gPmDpXC4k4tbtIFW?s=08

      Delete
    2. ඕකේ ශීර්ෂ පාඨයේ තියෙන එක නෙමෙයිනේ පහළින් වාර්තාවේ තියෙන්නේ.

      Delete
  5. Can we use the IMF loan to pay the loan taken from Bangladesh (the swap deal)

    ReplyDelete
  6. I feel like given the current situation it is better for SL to be an unofficial colony of another country. Similar to how Japan and South Korea operates under the directions of USA. Let USA open a military base in SL and go on that route.

    SL would lose its sovereignty, but at least the general public would have a good living standard.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: