වෙබ් ලිපිනය:

Sunday, February 11, 2024

පින්ලන්තයේ ආර්ථික වර්ධනය

 

පින්ලන්තය කියන්නේ වත්පොතේ වේගයෙන් සංසරණය වන හෝ සංසරණය වූ "විග්‍රහයන්" කිහිපයකටම පාදක කරගෙන තිබෙන බව පෙනෙන රටක්. 

ඉහත රූප සටහනේ දැකිය හැක්කේ පසුගිය වසර 62ක කාලය තුළ පින්ලන්තයේ ආර්ථික වර්ධන වේගය වෙනස් වූ ආකාරය. මේ රූප සටහන ඉදිරිපත් කරනු හැර, එය විග්‍රහ කරන්න යන්නේ නැහැ. ඒ වෙනුවට ප්‍රශ්න තුනක් අහනවා.

1) ඉහත රූප සටහන අනුව දිගුකාලීනව පින්ලන්තයේ ආර්ථික වර්ධන වේගය වැඩි වෙමින් තිබෙනවාද? අඩු වෙමින් තිබෙනවාද? නොවෙනස්ව එකම මට්ටමක තිබෙනවාද?

2) ඉහත ප්‍රවණතාව අනුව, තවත් වසර 60කට පසුව ආර්ථික මට්ටම අනුව ලෝකයේ රටවල් අතර පින්ලන්තයේ තැන දැන් තිබෙන තැනට වඩා ඉහළින් තිබෙයිද? පහළින් තිබෙයිද? දැන් තිබෙන තැනම තිබෙයිද?

2) ඔබ ඉහත (1) හා (2) ප්‍රශ්න වලට ලබා දුන් පිළිතුරු පැහැදිලි කරන්නේ කොහොමද?

ඔබට හිතෙන දේ ප්‍රතිචාර ලෙස සටහන් කරන්න. වෙනත් තැන් වල ඇති දේ උපුටා පළ කරන්නේනම් ඒ බව සඳහන් කරන්න. 

7 comments:

  1. 1. අඩු වෙමින් තිබේ.
    2. දැන් තැනම තිබේවි.
    3. මෙම ප්‍රවණතා ලෝක ආර්,ික වර්ධන ප්‍රවණතා හා සසඳා බලන විට වැඩි වෙනසක් නොපෙන්වයි.
    https://www.macrotrends.net/countries/WLD/world/gdp-growth-rate
    මම විශ්වාස කරන්නේ ගෝලීය ආර්ථික වර්ධනය සමස්ථයක් ලෙස අඩු වර්ධන වේගයකට ලක් විය යුතු කාළයකට එළැඹෙන බවයි.

    ReplyDelete
  2. ඉකොනොමැට්ටා

    හොඳම ප්‍රශ්නයක්

    01.පළමු ප්‍රශ්නයට;

    පින්ලන්ත ආර්ථිකය විශාල විචලක සහිතව ඉහළ පහළ ගියත් ඔය පේන විදියට නම් සමුච්චිත Cumulative විදියට ගත්තම අවසානයේ ආර්ථික වර්ධන වේගය අඩු වන බව තමයි පේන්නේ, නමුත් පින්ලන්ත ඇතුලු යුරෝපීය රටවල ආර්ථිකය යුරෝපීය සංගමය සහ සමස්ත යුරෝපීය රටවල ආර්ථිකය සමග එකට බැඳී පවතින නිසා යුරෝපීය සංගමය ඇතුලු රටවල් සමස්ත ආර්ථිකය ගැන නොසිතා උත්තර දෙන්න අමාරුයි හරියටම

    02. දෙවන ප්‍රශ්නයට

    වසර හැටක් කියන්නේ ඉතා විශාල කාලයක් ඒ වන විට ගෝලීය වෙළඳපොල ගෝලීය ආර්ථිකය ගැන සිතා බලා යුරෝපීය රටවල ඒවන විට පවතින ආර්ථික තත්ත්වය පිළිබඳව සිතා බැලිය යුතුයි

    නමුත් මට හිතෙන විදියට පින්ලන්ත ඇතුලු ස්කැන්ඩිනේවියා රටවල් අධි තාක්ෂණික Hitech තාක්ෂණික උපකරණ සහ යන්ත්‍ර සූත්‍ර අපනයනය කරන රටවල් නමුත් මේවන විට එක්සත් ජනපදය අනවශ්‍ය ලෙස මැදිහත් වීම මත යුරෝපීය රටවල අධි තාක්ෂණික උපකරණ ඒ රටවල ප්‍රධානතම අපනයන මාකට් එක වන චීනයට අපනයනය කිරීමට දැඩි සම්බාධක පැනවීම මත චීනය ඉතාමත්ම වේගයෙන් අධිතාක්ෂණික උපකරණ විදුලි රථ වැනි දේවල් වල සියලුම කොටස් දේශීයව නිෂ්පාදනය කිරීමට උපරිම උත්සාහය දරමින් ඩොලර් බිලියන සිය ගණනින් ආයෝජන කරන නිසා බොහෝ යුරෝපීය රටවල එම ක්ෂේත්‍ර කඩා වැටීමත් චීනයේ ලක්ෂරි මාකට් එකට යුරෝපීය රටවල අපනයන සීමා වීමත් මත එම ආර්ථික කඩාවැටීමට ඉඩ තියෙනවා

    අනික ඉන්දියාව ලෝක බලවතකු වුණත් බහුතර ඉන්දීය ධනවතුන් චීන ධනවතුන් මෙන් ලක්ෂරි දේවල් වලට වඩා නැවත ආයෝජනය දරුවන්ට අධ්‍යාපනය වැනිදාට වැඩි අවධානය යොමු කර සරල ලෙස ජීවත්වීමට වැඩි නැඹුරුවක් දක්වන නිසා සහ දේශීයව නිෂ්පාදනය කිරීමට චීනයටත් වඩා දැඩිව කල්පනා කරන නිසා ඉන්දීය ආර්ථිකය දියුණුව යුරෝපීය රටවලට එක්සත් ජනපදය සහ වෙනත් ආසියාතික රටවලට එතරම්ම සැලකිය යුතු වාසියක් ලබා දේයැයි සිතන්න අමාරුයි

    ඒ නිසා මම හිතන්නේ පින්ලන්ත ආර්ථිකය හැකිලී යාමට වැඩි ඉඩක් ඇති බවයි

    තව දෙයක් ඔබට මතකද පසුගිය දෙසැම්බර් මාසය මුලදී ලංකාවේ වර්තමාන රජය විසින් ඉන්දියාවේ අමුල් සමාගමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ඉඩම් අකර විසි අටදහසක් ඇතුළු සම්පත් රැසක් කුණු කොල්ලයට වත්මන් රනිල් වික්‍රමසිංහ ජනපතිගේ රජයේ තීරණ මත කුණු කොල්ලයට අලෙවි කිරීමට සූදානම් වන්නේ යැයි සමස්ත ලංකා ගොවිජන සම්මේපනයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න විශේෂ මාධ්‍ය හමුවක් තබා ජවිපෙ ජාතික ජන බලවේගයේ ගොවි සංවිධාන වල නායකයන් රැසක් පිරිවරාගෙන මහත් කෝලාහලයක් කරමින් දැවැන්ත හඬක් නැගූවා

    එහිදී ඔහු විසින් අවධාරණය කළේ අනිවාර්යයෙන්ම තවත් මාස හයකින් බිහිවන මාලිමා රජයක් යටතේ එම ඉන්දීය සමාගම රටින් එලවා දමා එම ඉඩම් ඇතුළු සියලු දේපොළ සම්පූර්ණයෙන්ම රජයට නැවතත් පවරා ගැනීමට අනිවාර්යයෙන්ම පියවර ගන්නා බවයි

    මීට අමතරව ජවිපෙ ජාතීක ජන බලවේගයේ රටපුරාම සිටින සංවිධායකයන් හරහා දීපව්‍යාප්තව එම ඉඩම් අලෙවිට එරෙහිව සමස්ත ලංකා මහජන පෙත්සමකට අත්සන් තැබීම සඳහා පැමිණි අවස්ථාවේ පවා මාධ්‍ය අමතමින් වසර 76 ක් පුරාවට ලංකාවේ පාලකයන්ට තුට්ටු දෙකක් අත මිට මොනවා එම සම්පත් මිලදී ගන්නා විදේශීය බහුජාතික බූවල්ලන් සියල්ලටම කළාසේ අමුල් සමාගමට ද අනතුරු අඟවා සිටින බවද ඔහු එහිදී තවදුරටත් අවධාරණය කරපු නමුත් ඉන්දියා රජයේ ඉල්ලීමක් මත අනුර කුමාර දිසානායක ඇතුලු NPP පිරිසක් ගිය සතියේ භාරතයේ නිලධාරීන් සහ දේශපාලුවන් වන්දනාව පිණිස ගිය විගසම මේ සියලු ශබ්ද වසා ඉතාම පුදුමාකාර ලෙස ජවිපෙ ජාතික ජන බලවේගය දැඩි ලෙස නිහඬව සිටින බව පෙනෙන්නට තිබෙන අතර නාමල් කරුණාරත්න පේස්බුක් පිටුවේ මේ ගැන බොහෝ අය විමසා සිටියත් ඒ කිසිවකුට පිලිතුරු නොදී නාමල් කරුණාරත්න සමන්ත විද්යාරත්න ඇතුලු ජාතික සම්පත් රැකීමට දිවිහිමියෙන් කැප වූ ජවිපෙ ජාතික ජන බලවේග නියමුවන් සැඟව සිටින බව පෙනේ ඇත්තටම මේ ගැන ඔබට හෝ වෙන කාටහරි පැහැදිලි කරන්න කාට හරි පුලුවන්ද?

    ReplyDelete
  3. සුරඹුන් පිය නඟන්නත් බිය වෙන තැනක
    පිනුම් ගහනවලු මෝඩයො නැතිව සැක
    ඇති දේ කියවනව මිස මේ වාගේ තැනක
    පිනුම් නොගහ ඉන්නං, වහගෙනම මුඛ!

    ReplyDelete
    Replies
    1. නිදී ලංකාව කියන්නෙ "ද්විමාන" රටක්.
      සෙට් එකකට මහාමානෙ. ලොකෙන් උතුම් එක. ලෝකෙ හොදම යුනිවසිටි අපේ. ලෝකෙම උන් එන්නෙ මේකෙ එව්ව අල්ල ගන්න. ලෝකෙ ලොකුම ඛනිජ නිධි යෑයි යෑයි යැයි... දැන් උන් ටික ටික වඳවෙමින් යනවා
      අනිත් සෙට් එකට හීනමානෙ .... දැන් උන්ට ලංකාව කියන්නේ මෙලෝ වැඩකට නැති රටක් දැන් උන් කෙමෙන් වර්ධනය වෙන බව පේනවා

      Delete
    2. සම්පූර්ණයෙන්ම එකඟයි!

      Delete
  4. ඉකොනෝ, පින්ලන්තය රුසියාවට අල්ලපු රට නිසාත් යුරෝපා සංගමය මත ඩිපෙන්ඩ් වෙන රටක් නිසාත් සරල ලෙස රටාවකට අනුව හැමදේම වෙයි කියල හිතන්න අමාරුයි. බාහිර සාධක මත රටාව රඳාපවතින බවයි මගේ මතය

    උදාහරණ ලෙස ලංකාවේ දේශපාලනය මෙහෙයවන්නේ පිටින්, විශේෂයෙන්ම එක්සත් ජනපදය සහ භාරතය ඔවුන්ට අවශ්‍ය පරිදි ලංකාවේ නායකයන් තීරණය කරනවා, ඩිමොක්‍රටික් පක්ෂ පාලනයේ පවතින එක්සත් ජනපදයේ දැනට ඔවුන්ගේ ලාංකීය නියෝජිත වන්නේ රනිල් වික්‍රමසිංහ වන අතර විපක්ෂ සජබ මාලිමාව සහ පොහොට්ටුව වගේ පක්ෂත් ඔවුන්ගේ රූකඩ ලෙස ක්‍රියාත්මක වන බව පැහැදිලිව පෙනෙනවා

    ලංකාවට නම් තීරණාත්මක විදියට ඇමරිකානු සහ භාරතීය අභ්‍යන්තර දේශපාලනයත් බලපානවා, ඒ,රටවල් පාලක පක්ෂ වෙනස් වීම මත ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තිය වෙනස් වෙනවා ලංකාව සම්බන්ධව

    එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් පක්‍ෂය දැන් කුජීත ලෙස කිචවීම සහ රිපබ්ලිකන් පක්ෂය බලය ලබාගැනීම ඉතාම ඉක්මනින්ම මත ලංකාවේත් දේශපාලනය ගැන තීරණ වෙනස් වෙයි විශේෂයෙන්ම රිපබ්ලිකන් පක්ෂයේ නායකත්වය සමීප සබඳතා ලංකාවේ රාජපක්ෂ පවුල සමග ඇතිකරගෙන තිබෙන නිසා, අනෙක බීජේපී සහ කොංග්‍රසය වුණත් එහෙමයි

    නැවත පින්ලන්ත ආර්ථිකය ගැන කියනකොට බාහිර බලපෑම් ගැන හිතද්දී බටහිර මාධ්‍ය වල මේදිනවල ටකර් කාර්ල්සන් සහ ව්ලාදිමීර් ප්යූතින් අතර පැවති ඉන්ටර්වීව් එකේ කී ටේක් අවේස් ගැන හිතල බලන්න

    https://youtu.be/yRNYBMit7Bw?si=xbkLGnR1Z2O7K3fy

    මේ දිග ඉන්ටවිව් එකේ වැදගත් කරුණු...

    01. යුක්‍රේනයේ බටහිර කොටසේ අයිතිය ඓතිහාසිකවම රුසියාවට. ඉන්ටර්වීව් එකේ මුල් විනාඩි තිහම පුටිංගෙන් ඉතිහාසය ලෙක්චර් එකක්. ඒකත් එක නෝට් එකක්වත් බලානොගෙන.

    02. යුරෝපයට රුසියාවෙන් ගෑස් ගෙනාපු නෝර්ඩ්ස්ට්‍රිම් පයිප්ලයින් එක 2022 පිපිරෙව්වා. මේක රෂියා කළ වැඩක් කියලා බටහිර මාධ්‍ය කිව්වේ. හැබැයි මේක ඇත්තටම කළේ සීඅයිඒ කියලා පුටින් කිව්වා.

    03. ලෝකේ ත්‍රස්ත ප්‍රහාර 95%ක් විතර හැදෙන්නෙ එ.ජ. සීඅයිඒ සංවිධානයෙන් කියලා පුටින් කිව්වා.

    04. එක්සත් ජනපදය රුසියාවට දාපු සම්බාධක අහිතකර ඇඑජටමයි කියලා පුටින් ආර්ථික විද්‍යා තියරි වලින්ම පෙන්නුවා.

    05. ලෝකයේ ආර්ථිකය මෙහෙයවෙන්නෙ USD වලින් වෙනතාක් ඇඑජට ලොකු අවුලක් නෑ. හැබැයි ලෝකය වෙනස් වෙමින් තියෙනවා. ඒ මොහොතෙ ඇඑජ ආර්ථිකය දැඩිව කඩාවැටෙන බව පුටිං කිව්වා.

    06. ඇඑජය යුක්‍රේනයේ කරන යුද්ධයෙන් ඇඑජයට කිසිම වාසියක් නෑ. ඒ යුද්ධයෙන් ඇඑජයේ ආර්ථිකය බරපතල ලෙස කඩන් වැටෙනවා විතරයි කියලා පුටින් කිව්වා. රුසියාව යුද්ධ කරන්නෙ තමන් වෙනුවෙන් නිසා යුද්ධය නවත්තන්නෙ නෑ කියලා කිව්වා.

    07. යුක්‍රේන බටහිර කොටසෙන් පස්සෙ පෝලන්තය හෝ වෙනත් රටක් ආක්‍රමණය කිරීමේ කිසිම අවශ්‍යතාවයක් රුසියාවට නෑ කියලා පුටින් කිව්වා. ඇඑජය සහ යුරොප් යුනීයන් එක යුද්ධයට මැදිහත් වීම සාධාරණීකරනය කළේ මේ තර්කයෙන්.

    08. ඇඑජය ආයුධ නැවතුවොත් යුද්ධය සති දෙකෙන් ඉවරයි කියලා පුටිං කිව්වා. මේක නම් ටිකක් අතිශයෝක්තියක් වගේ

    09. තමන් යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි එක්ක කතා කළ බවත්, ඔහු නාසීන් ආරක්ෂා කිරීම පුදුමයක් කියලා පුටිං කිව්වා.

    10. තමන් ඕනෑම මොහොතක බටහිර එක්ක කතා කරන්න සුදානම් කියලා පුටිං කිව්වා.

    මෙච්චර කල් බටහිර මීඩියා ඇජෙන්ඩා එක හැදුවේ පුටිං මහා භයානක යක්ෂයෙක් විදියට අන්දලා.

    බටහිර යුරෝපීය සහ ඇඑජ මිනිස්සු මේ යුද්ධයට නම්ම ගත්තේ එහෙමයි.

    මේ ඉන්ටර්වීව් එකෙන් වුනේ පුටිං ගැන තිබුණු ඒ ආකල්පය සහමුලින්ම පාහේ බිඳී යාම.

    වේක් ඩිමොක්රටික් කඳවුරට මේ තරම් රිදිලා තියෙන්නෙ ඒකයි

    වැදගත්ම පොයින්ට් එක

    "රුසියාව තවදුරටත් කොමියුනිස්ට් ජුන්ටාවක් හෝ සමාජවාදී ආර්ථිකයක් නෙවෙයි. රුසියාව දැන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙළඳපොල ආර්ථිකයක් (ධනවාදී) ඔස්සේ යන රටක්"

    තවත් කරුණු cont'd...

    ReplyDelete
    Replies
    1. Cont'd

      තවත් වැදගත් කරුණු...

      1. ඇඑජ ජනාධිපතිවරු ගොඩක් පාලනය වෙන්නේ ප්‍රභූවරු සෙට් එකක් සහ ඔවුනගෙ ප්රෝපගැන්ඩා ඒකක් මත කිව්වා

      2. නෙටෝ එක පස් වතාවක් එයාල රුසියාව එක්ක තිබ්බ ඇග්‍රීමන්ට් එක කඩ කරා කිව්වා අන්තිමට සැරේ රුසියාව නිශ්ශබ්දව හිටියෙ නෑ කිව්වා

      3.හැම රටකම වගේ සෝෂල් මීඩියා එහෙම ඇඑජ බුද්ධි අංශ මගින් පාලනය වෙන සහ ඔවුන්ට ඕනවිදියට ජනමතය වෙනස් කරන කෘත්‍රිම කැම්පේන් ගැන පැහැදිලි කළා

      4. ඇඑජය අනිත් රටවල් වල ජනාධිපතිවරණ වලට පාලන කටයුතු වලට නීතිවිරෝධීව අත දමා කරන අයුතු බලපෑම් ගැන කිව්වා

      5. ඇඑජය ඩො ට්‍රිලියන 33 විදේශ ණයක් තියාගෙන , ඉල්ලීගල් ඉමිග්‍රන්ට් ප්‍රශ්න, බෝඩර් ප්‍රශ්න හැටහුටහමාරක් තියාගෙන ඇයි මේ යුක්‍රේනයට ආයුධ සපයන්නේ කියලා ඇහුවා

      6.යූ එන් එක ඉල්ලෙජිටිමේට් කිව්වා. යූ එන් එකට එන්න ඇහුවම ඇඑජය මීටින් එකක මුල එකක් කියලා පස්සේ එපා කිව්වා කියලා කිව්වා

      7.රුසියාව ලෝකෙන්ම වැඩිපුරම සම්බාධක තියාගෙනත් තාමත් ස්ට්‍රෝග් කිව්වා

      8.රුසියාවට යුද්ධයක් ඕන නෑ කිව්වා ඇඑජය යුක්‍රේනය වෙපනයිසින් කරන එක නැවැත්තුවොත් යුද්දෙ නවතීවි කිව්වා.

      9. අර ලංකාවෙ බෞද්ධයන්ගෙන් යුද්ධ කරන්න කැපද කියල ඒ කාලෙ ඇහුව වගේම ප්‍රශ්නයක් ටකර් කාල්සනුත් ඇහුව පුටීන්ගෙන් ජීසස් අදහන කෙනෙක් හැටියට යුද්ධ කරන එක අවුලක් නැද්ද කියල
      ඒකටත් කිව්ව ඒක හරිම ලේසි ප්‍රශ්නයක් කෙනෙක්ට තමන්ගෙ පවුල අරක්ෂා කරන්න වෙන තැනකදී රටක් මිනිස්සු ආරක්ෂා කරන්න වෙන තැනකදි ඒ වගෙ ඇටෑක් එකක් එද්දි පාලකය විදිහට මව්බිම තමන්ගෙ රට මිනිස්සු ආරක්ශා කරන්න ඒ දේවල් කරන්නඕන කියන එක කිව්වා..

      මේ අනූව තව දුරටත් ඩිමොක්‍රටික් ඇමරිකන් එළයිට් ක්ලාස් එකට මිඩියා නැරටිව්ස් හසුරවන්න බැරි වෙයි කියල පැහැදිලිව පේනවා නේද? මේ නිසා පින්ලන්තයේ ඉදිරි දේශපාලන දිශානතියත් ආර්ථිකයේ හැසිරීමට දැඩිව බලපාන බවයි පේන්නේ, එහෙම නේද?

      මේ ගැනත් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද ඔබට?

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: