වෙබ් ලිපිනය:

Friday, November 7, 2025

ජාතික අයවැය 2026


ඉදිරි (2026) වසර සඳහා වන මධ්‍යම රජයේ අයවැය පිළිබඳ යෝජනා මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා. මෙය "ජාතික අයවැය" ලෙස හඳුන්වා ඇතත්, ඇත්ත වශයෙන්ම මෙය මධ්‍යම රජයේ අයවැයයි. 

අයවැය යෝජනා පිළිබඳව දැනට කෙටියෙන්ම කිව හැක්කේ මෙය මැදිකාලීනව රටේ ආර්ථික ස්ථායීතාව තහවුරු කර ගැනීමට මුල් තැන දෙන අතරම, දිගුකාලීන ආර්ථික වර්ධනය පිළිබඳවද යම් අවධානයක් යොමු කර සකස් කර ඇති, එමෙන්ම මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන එකඟතා හා ගැලපෙන පරිදි සකස් කර ඇති, අයවැයක් බවයි. ඊට අමතරව ප්‍රායෝගිකව ලඟා කර ගැනීමේ විභවයක් තිබෙන ඉලක්ක සහිතව සකසා ඇති අයවැයක් බවද පෙනී යනවා. 

ලංකාවේ අයවැය ඉතිහාසය ලෙස බැලුවහොත්, අයවැය කියන්නේ ඒ තරම්ම තේරුමක් නැති, හිස් ලියැවිල්ලක් පමණයි. වසරක් ආරම්භ වීමට පෙර ප්‍රදර්ශනාත්මක ලෙස ඉදිරිපත් කරන අයවැය ඇස්තමේන්තු සහ වසර අවසන් වෙද්දී දකින්නට ලැබෙන සැබෑ සංඛ්‍යාලේඛණ අතර බොහෝ විට විශාල පරතරයක් දැකිය හැකිව තිබුණා. පසුගිය ආර්ථික අර්බුදයෙන් පසුව මෙම තත්ත්වය වෙනස් වී වඩා යහපත් රාජ්‍යමූල්‍ය විනයක් ගොඩ නැගී තිබීම යහපත් ප්‍රවණතාවක්. 

රාජ්‍ය ආදායම 

වසරකට පෙර මෙම (2025) වසර සඳහා අයවැය ඇස්තමේන්තු ඉදිරිපත් කරද්දී රුපියල් බිලියන 4,590ක බදු ආදායමක් සහ රුපියල් බිලියන 400ක බදු නොවන ආදායම් හා අනෙකුත් ලැබීම් ලෙස රුපියල් බිලියන 4,990ක සමස්ත ආදායම් හා ලැබීම් ප්‍රමාණයක් ඇස්තමේන්තු කර තිබුණා. මේ වන විට යාවත්කාලීන කර ඇති ඇස්තමේන්තු අනුව, බදු ආදායම රුපියල් බිලියන 4,725 දක්වා ඉහළ යනවා. බදු නොවන ආදායම් හා අනෙකුත් ලැබීම් රුපියල් බිලියන 375ක් වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. මේ අනුව සමස්ත ආදායම් හා ලැබීම් රුපියල් බිලියන 5,100 දක්වා ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. මෙය රුපියල් බිලියන 110කින් ඉලක්කය ඉක්මවා යාමක්. 

ඉදිරි (2026) වසර තුළ බදු ආදායම රුපියල් බිලියන 4,910 දක්වාත්, බදු නොවන ආදායම් හා අනෙකුත් ලැබීම් රුපියල් බිලියන 390 දක්වාත් වැඩි කර ගැනීම ඉලක්කයයි. මේ අනුව, සමස්ත ආදායම් හා ලැබීම් රුපියල් බිලියන 5,300 දක්වා ඉහළ යනවා. මෙය ප්‍රායෝගිකව ලඟා කර ගැනීමේ හැකියාවක් ඇති ආදායම් ඉලක්කයක්. 

ප්‍රාග්ධන වියදම් 

පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 1,315ක මුදලක් ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් වෙන් කර තිබුණත්, මේ වන විට එම ඇස්තමේන්තුව රුපියල් බිලියන 1,033 දක්වා පහත හෙළා තිබෙනවා. මේ අනුව, අයවැයෙන්  වෙන් කළ අරමුදල් වලින් රුපියල් බිලියන 347ක මුදලක් ඉතිරි වෙනවා. ඉදිරි වසරේ ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1,380ක මුදලක් වෙන් කර තිබෙනවා. 

පොලී වියදම් 

පසුගිය අයවැයෙහි පොලී වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 2,950ක් වුවත්, මේ වන විට එම ඇස්තමේන්තුව රුපියල් බිලියන 2,650 දක්වා පහත වැටී තිබෙනවා. මෙය රුපියල් බිලියන 300ක ඉතිරියක්. 

අනෙකුත් පුනරාවර්තන වියදම් 

වැටුප් හා වේතන වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 1,290 සිට රුපියල් බිලියන 1,220 දක්වා පහත වැටී ඇති අතර, ඉදිරි වසරේ එම වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1,323ක මුදලක් වෙන් කර තිබෙනවා. රුපියල් බිලියන 1,290ක් වූ සහනාධාර හා සුබසාධන වියදම් ඇස්තමේන්තුවද රුපියල් බිලියන 1,280කට සීමා වී තිබෙනවා. එය ඉදිරි වසරේදී රුපියල් බිලියන 1,347 දක්වා ඉහළ යනවා. අනෙකුත් භාණ්ඩ හා සේවා මිල දී ගැනීම් වෙනුවෙන් වෙන් කර තිබුණු රුපියල් බිලියන 405ක මුදලද රුපියල් 380 ලෙස වෙනස් වී තිබෙනවා. ඉදිරි වසර සඳහා අදාළ වෙන් කිරීම රුපියල් බිලියන 401ක්. මේ අනුව, සමස්තයක් ලෙස රජයේ පුනරාවර්තන වියදම් කොටසද මුල් අයවැය ඇස්තමේන්තු වලට වඩා පහළින් පවත්වා ගෙන යමින් ඇති ආකාරය දැකිය හැකියි. 

ප්‍රාථමික අයවැය අතිරික්තය 

ඉහත සඳහන් පරිදි බදු ආදායම් ඉහළ යද්දී සියලුම ප්‍රධාන වියදම් ශීර්ෂයන් මුල් ඇස්තමේන්තු වලට වඩා අඩු මට්ටමක පැවතීමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 1,210ක් දක්වා ඉහළ යා හැකි බවක් පෙනෙන්නට තිබෙනවා. මෙය අපේක්ෂිත දදේනියෙන් 3.8%ක් වන අතර අවශ්‍ය අවම මට්ටම වන 2.3% බෙහෙවින්ම ඉක්මවන්නක්. එබැවින් ඉදිරි වසර සඳහා සැලසුම් කර ඇති එම අනුපාතය 2.5% වුවද, යහපත් රාජ්‍යමූල්‍ය විනයක් පවත්වාගෙන යාම මගින් එම මට්ටම ඉක්මවා යාමේ විභවයක් වත්මන් ආණ්ඩුව විසින් මේ වන විට ප්‍රදර්ශනය කර තිබෙනවා.

සමස්ත අයවැය හිඟය 

යාවත්කාලීන ඇස්තමේන්තු අනුව මෙම වසරේ අයවැය හිඟය රුපියල් බිලියන 1,448ක් වන අතර, අයවැය ඇස්තමේන්තු අනුව ඉදිරි වසරේදී එය රුපියල් බිලියන 1,787 දක්වා ඉහළ යනවා. දදේනි අනුපාත ලෙස මෙය අයවැය හිඟය 4.5% සිට 5.1% දක්වා ඉහළ යාමක්. කෙසේ වුවද, මීට ප්‍රධාන හේතුව මෙම වසරේ දදේනියෙන් 14.8% මට්ටම දක්වා ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති බදු ආදායම ඉදිරි වසරේදී නැවතත් දදේනියෙන් 14.2% මට්ටම දක්වා අඩු වීමයි. මේ වසරේ බදු ආදායම අනපේක්ෂිත මට්ටමකට ඉහළ යාම කලකට පසු වාහන ආනයන තහනම ඉවත් කිරීම නිසා ඇති වූ සුවිශේෂී තත්ත්වයක් බැවින්, ඉදිරි වසරේදී මෙවැනි අඩුවීමක් අපේක්ෂා කරමින් අයවැය ඇස්තමේන්තු සකස් කිරීම අනිවාර්යයයෙන්ම සිදුවිය යුත්තක්. 


10 comments:

  1. පර්මිට් වෙනුවට රජයෙන් වාහන ගෙන්නා මන්ත්‍රීන්ට දීම ගැන ඔබේ අදහස මොකක්ද? පර්මිට් දෙන එක නෙමෙයිද ආර්තිකව ලාභදායී ක්‍රමය?

    ReplyDelete
    Replies
    1. පර්මිට් ක්‍රමය මන්ත්‍රීවරුන්ට සල්ලි හොයා ගන්න හදපු ක්‍රමයක්නේ. පර්මිට් තිබුණත් අන්තිමට රජයේ වාහන පාවිච්චි කරන එක සිදු වෙනවා.

      Delete
    2. මන්ත්‍රීවරුන්ට අමතරව රජයේ සේවකයන්ටත් එක්ක නේද වාහන ගෙන්නන්නෙ? රජයේ සේවකයන්ඨ පර්මිට් දෙන එක ගැනත් ඒ අදහසේමද ඔබ ඉන්නෙ?

      Delete
    3. ආණ්ඩුවෙ වැඩ වලට ආණ්ඩුවෙං වාහන අරං දෙනවා කියන්නෙ බේසික්ම වැඩේ. ඒකට ආණ්ඩුව ප්‍රාග්ධනය යොදවන්න ඕනෙ. ඊටවඩා ඇඩ්වාන්ස් විදියට ඒක කර ගන්න පුලුවං අවශ්ය අයට වාහන ගෙන්නගන්න කියලා ටැක්ස් ඉවත් කරන පර්මිට් එකක් දෙන එක.

      ඒ විදියට වාහනයක් ගෙන්නුවාම ඒක ගේන මනුස්සයගෙ පුද්ගලික දෙයක්. ආණ්ඩුවෙං සත පහක වියදමක් කරලා නෑ. වාහනේ තෙල් වතුර ටික මාරු කරන එකේ ඉඳලා හැම දෙයක්ම ඒ මනුස්සයගෙ වැඩක්. ලෝකෙ ලොකුම ටැක්සි කොම්පැනිය ඌබර් එක එකම වාහනයක්වත් මිලදී නොගෙන නඩත්තු නොකර ලොකුම වාහන ෆ්ලීට් එක භාවිතා කරන කන්සෙප්ට් එකමයි. ධනික පෙරේරාට ටැක්සි කොම්පැනියක් දාන්න වාහන සල්ලි වලට ගෙන්නන්නෙ නැතුව වාහන තියෙන මිනිස්සුංට ඇප් එකක් හදලා දීලා කමිසන් එකක් ගන්න භාවිතා කරන කන්සෙප්ට් එකමයි. බොටම් ලයින් එක ඇවිල්ලා පර්මිට් එකෙං ගෙන්නන වාහන ගෙන්නන එවුං ඒ වාහන හපලා කෑවත් ඒකෙං ආණ්ඩුවේ මුදල් නාස්ති වෙන්නෙ නෑ.

      හැබැයි ජීවිතේට හරි හමං රස්සාවක් නොකර බෝක්කු උඩ රස්තියාදු වෙවී, රට හදන හැටි ගැන පම්පෝරි ගගහ හිටපු, හාල්පාරුවො බහුතරයක් ඉන්න තැනකට, ටැක්ස් එක අඩු කරලා දෙන්නං ඔයාලාගෙ සල්ලි වලිං වාහන ගෙන්න ගන්න කියලා කියන්න බැහැ. මහලොකුවට මෙච්චර කට්ටක් කාලා මන්ත්‍රීකං ඇමතිකං ගත්තා තවුසෙලට අඩුම ගානෙ ඔය ආණ්ඩුවෙං වාහනයක්වත් දෙන්නෙ නැද්ද ඕයි කියලා උංගෙ ගෙවල් වල පවුල් වල එවුං ඔළුව කන එකෙං උං මානසිකව වැටිලා ඇති වෙන ප්‍රශ්න වලට උත්තරයක් හොයන්නෙ නැතුවත් බැහැ.

      ඉතිං එහෙම ගං ගබරයො ටිකකට වාහන අරං දෙන්න නං, මේ රටේ මිනිස්සුංගෙ සීනි කිලෝ එකට, අරක්කු කාලට, හාල් පරිප්පු ටිකට බදු ගහලා එකතු කරපු, මේ රටේ දරුවොංගෙ අධ්යාපනයට, මිනිස්සුංගෙ සෞඛ්‍යයට වියදම් කරන්න තියෙන සල්ලි වලිං හරි වාහනයක් අරං දෙනවා ඇරෙන්න වෙන ක්‍රමයක් නෑ. නරකම සීන් එක වෙන්නෙ මේ ගං කබරයො ටිකට ආණ්ඩුවෙං වාහන අරං දුන්නට පස්සෙ, පර්මිට් එකක් දුන්නොත් වාහන ගෙන්න ගන්න පුලුවං ක්‍රය ශක්තියක් තියෙන රාජ්ය සේවකයින්ට විලි ලැජ්ජාවක් නැතුව ඒක කරගන්න ඉඩ දෙන්නත් බැහැ.

      මේ ඇවිල්ලා අලුත් දේවල් නෙමෙයි, අනවශ්ය පරිදි රාජ්යය විශාල කර ගනිමින්, අනවශ්ය රාජ්ය වියදම් දරමින් ආර්ථික විනාශය කරා අපි රටක් විදියට දශක ගාණක් තිස්සෙම ගිය මාවත. IMF ගයිඩ් ලයින්ස් ඇතුළේ යන නිසා අයවැය අතිරික්තයක් වගේ ඒවා හදාගත්තට අයිඩියොලොජි විදියට මේ ඇවිල්ලා පරාභවයටම යන දේවල්. මේ වගේ පසුගාමී තත්ත්වයක තියෙන අවුල කියන්නෙ, පර්මිට් වලිං වාහන ගෙන්නන්න දෙන එක ජනතා බදු මුදල් වලිං වාහන ගෙන්නනවට වඩා හොඳ වෙන්නෙ ඇයි වගේ පසුගාමී සාකච්ඡාවක් ඇති වෙන එකම මේ වගේ යුගයක ඛේදවාචකයක්.

      ඒකෙ ආතල් එක තියෙන්නෙ කාගෙහරි පෞද්ගලික මුදලකින් කරගන්න පුලුවං ඒ කියන්නෙ වෙන කාටහරි කියලා ආයෝජනය කරවලා කරගන්න පුලුවං දෙයකට ආණ්ඩුවෙ මුදල් නාස්ති කරන එක ගැන කියන්නෙ හෙණම ආඩම්බරෙං "මීටපස්සෙ වාහන පර්මිට් නෑ" කියලා. ඒ වගේ විනාශකාරී විහිළු වලටත් විසිල් ගහලා චියර් කරන ජනතාවක් ඉන්න කං එහෙම කරන එකේ වැරැද්දක් කියන්නත් බෑ.

      හඳගම AK 47 ටැබ්ලොයිඩ් ආටිකල් එකේ ටැග්ලයින් එකට දැම්මා වගේ "අපි යන්නෙ රවුමක. එහෙම රවුමක යනකොට අපිට එකම දේවල් ආපහු ආපහු පහු වෙලා යනවා".

      මේ ඉමේජ් එකේ තියෙන මිලියන දොළොස්දාස් ගාන යන්නෙ මන්ත්‍රීලාට විතරද රාජ්ය සේවයටත් එක්කද කියන එක හරියටම ශුවර් නැහැ..

      හැබැයි මේ රටේ මිනිස්සුංගෙ මේ මුදල් විනාශය වෙන්න යන්නෙ පර්මිට් එකක් දුන්නාම වාහනේ ගෙන්න ගන්න බැරි ගං කබරයෝ නිසාම තමයි.

      Delete
    4. අවසන් වරට මන්ත්‍රී වාහන පර්මිට් එක දෙනු ලැබුවේ 2015 වසරේ යහපාලන ආණ්ඩුවෙනි....පෙර පැවති ක්‍රමවේදයටම අනුව එහිදී මන්ත්‍රීවරයාට ලංකා බැංකුවෙන් ණය මුදලක් ලබා දුන් අතර එය පොළියත් සමඟ මන්ත්‍රීවරයා විසින් නැවත ගෙවියයතු විය.....ඊට අමතරව එහි නඩත්තු වියදම් ඉන්ෂුරන්ස් තෙල් සහ රියදුර වැටුප් මන්ත්‍රීවරයා විසින් දැරිය යුතුය.....එය බදුරහිතව මන්ත්‍රීවරයා විසින් මිළදීගත යුතු එකක් මිස නොමිලේ දුන් එකක් නොවීය....ගෝඨාභය රජය පර්මිට් සහිතව හෝ පර්මිට් රහිතව නව වාහන මන්ත්‍රීවරුන් සඳහා ලබාදුන්නේ නැත එය සැබැවින්ම ජනතාවාදී විය....රන්ල්ගෙ පාලනය සමයෙද එය එලෙසම ක්‍රියාත්මකවිනි.......

      කයියගෙ මොළේ සුපිරිය... වාහනය දෙනු ලබන්නේ නැවත වසර පහකින් රජයට ලබා දීමේ පදනම මත නොමිලේය....රජය සතු දේපලක් බැවින් ඒ වසර පහ පුරාවටම එහි නඩත්තු වියදම් ඉන්ෂුරන්ස් තෙල් සහ රියදුරු වැටුප් දැරිය යුත්තේ මහජනතාවය...මන්ත්‍රී වැටුප ඉතිරිය එය පැලවත්තටය....වාහනය වසර පහකින් පසු ඒවා වෙන්දේසියක් හරහා ගජ මිතුරන්ට කුණු කොල්ලයට විකුණා දමනු ඇත....ගෝල්ෆේස් වාහන සංදර්ශනය සහ වෙන්දේසිය එයට ශාක්ෂියකි....ජනතාවට ලැබුනු දෙයක් නැත වියදම පමණක් දරා ඇත...ජනතා බදු මුදලින් නැවත අලුතින් වාහන නැවක් දියවන්නාවෙ පිං බතාලට රැගෙන එනු ඇත.....එය පීඩිත පන්තියෙ ජනතාවාදී ආණ්ඩුවය.

      Delete
    5. මේ ඇනෝකාරයා හාමුලගෙ පුක හෝදන එකෙක් වගේ. ඇත්ත කතාව දකින්නෙම නෑ. ඔය පර්මිට් එක දුන්නෙ, මන්තිරිය ඡන්දෙට වියදම් කරපු මුදල ආපහු හොයා ගන්න දීපු අල්ලසක් විධියට. උන් කරන්නෙ පර්මිට් එක ලොකු ගානකට විකුණපු එක. ඊට පස්සෙ ඒක ගන්න එකා, ගේන්න පුලුවන් ලොකුම සුඛෝපභෝගී වහනය ගේනවා බදු නැතිව. ආණ්ඩුවට වියදමක් යන්නෙ නෑ කිව්වට, ඒකෙන් වෙන්නෙ අර වාහනය ගෙන්නන එකා ආණ්ඩුවට ගෙවන්න ඕනෙ විශාල බදු මුදල ගෙවන්නෙ නැතිවීම, ඒ කියන්නෙ ආණ්ඩුවට විශාල බදු අහිමිවීමක්. ඒක ආණ්ඩුවට විශාල පාඩුවක්. මොකද ගෙන්නන එකා රුපියල්වලින් සල්ලි ගෙවලා, ඩොලර් වලට තමයි වාහනේ ගේන්නෙ, රටේ ඩොලර් පිටරටට යන අතරෙ, විශාල බදු මුදලක් අහිමි වෙනවා. අනික ආණ්ඩු පක්ෂෙ මන්ත්‍රීලා පර්මිට් එක විකුණලා, ආණ්ඩුවෙම වාහනයක් ගන්නවා පාවිච්චි කරන්න. ආණ්ඩුවෙ මොකක් හරි අමාත්‍යාංශෙක වාහන තමයි උන්ට දෙන්නෙ. ඒවට සියලුම නඩත්තු, ඉන්ෂුවරන්ස්, ආදයම් බදු, පෙට්‍රල් හෝ ඩීසල් ගෙවන්නෙත් අර අමාත්‍යාංශෙ මුදලින්. කලින් ආණ්ඩුවල විරුද්ධ පක්ෂෙ මන්තිරියලටත් ආණ්ඩුවෙ වාහන දුන්නා. මේකෙන් වෙන්නෙ ඔක්කොටොම අවුරුදු 5කට කැබ් එකක් දෙනවා. ඕන එවුන් ගන්නවා, නැති එවුන් නිකන් ඉන්නවා, පර්මිට් නෑ. අවුරුදු 5 ඉවර වුණාම, වාහනේ දීල යනවා. වාහනේ ආණ්ඩුවෙන් එක්කො වෙන්දේසියෙ දායි, නැත්නම් වෙන රාජ්‍ය සේවකයන්ට දෙයි. ගණන් හදලා බැලුවොත් ආණ්ඩුවට ලාභයි. බෝක්කු උඩ රස්තියාදු ගගහා රට හදන හැටි කියන්නෙ මේ වගේ ගොන් ඇනෝලා තමයි.

      Delete
    6. සාමාන්‍යයෙන් වාහනයකට පර්මිට් එකක් දෙන්න පුළුවන් ආණ්ඩුවට. බදු රහිතව උපරිම සීමාවකට යටත් කරන්නත් පුළුවන් ඕන නම්.

      බද්දෙන් ලක්ශ 20ක් වගේ නිදහස් කරලා බලපත්‍ර දුන්නා නම් වැගන් R වගේ වාහන සියලුම මන්ත්‍රීලට දෙන්න පුළුවන්. එහෙම දෙද්දී දොස්තරලා වගේ අය අතේ තියෙන බලපත්‍ර ටිකටත් වාහන ගේන්න දෙන්න වෙනවා.

      ආණ්ඩුව ඒකට කැමති නෑ. සාමාන්‍ය රාජ්‍යය සේවකයට නොදී මන්ත්‍රීලට විතරක් වාහනයක් දෙන්න තමයි මේ දත කන්නේ.

      ඔය පර්මිට් එකට ආණ්ඩුවට යන වියදම 0යි. හැබැයි රජයෙන් නඩත්තු වෙන වාහන දුන්නම වෙන්නේ මෙන්න මේක.

      මුලින්ම ඔය මිලියන 12500 /225= කෝටි 5ක් වගේ. එච්චර එපා ලක්ශ 150ක් තියමු වාහනේකට.

      දැන් ඔතන වාහන 225ක් ගේනවා. ගෙනාවම රජයට බදු ලැබෙනවද? නෑ නේ. 225ක් වාහන ගෙනෙද්දී පවා රජයට ලැබෙන ආදායම 0යි.

      වාහන ගෙනාවම කියලා හිතමු. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගේ වාහනයක් මාසෙකට දෙපාරක් සර්විස් එනවා. මොකද ඒ අයට අපිටවගේ ගෙදර වාහන තියාගෙන ඉන්න බෑ.

      පටම් ගද්දීම ගෙනාව ගමන් වාහන ටික මොඩිෆයි කරලා, අවශ්‍ය පොඩි පොඩි කෑලි හයි කරලා ටින්ටඩ් එක ගහන්න අඩුම එකෙන් 100,000ක් තියමු.
      වාහනේ පාරට දැම්මා දැන්.

      දාපු ගමන් ආණ්ඩුවේ වාහනයක් නම් පදින්න රියදුරු ඕන. අඩුම පඩියක් OT එක්ක 60,000ක් තියමු. මදි උනාට රට අමාරුවෙන් නේ දුවන්නේ.

      Ford Ranger වගේ එකකින් හදමු. ඊට හොද එකක් ගන්නේ නෑ කියලා හිතලා.
      මාසෙකට කිලෝමීටර් 8000යි දුවන්නේ. ඊට වඩා දුවනවා. ඒ උනාට සාධාරණ වෙන්න එපැයි.

      සාමාන්‍යයෙන් තෙල් ලීටර් එකකින් 9Km දුවනවා කියලා ගමු. 7,8න් තමයි පත බැලන්ස් වෙන්නේ කමක් නෑ.

      ඔය වගේ වාහනේකට සුපර් ඩීසල් ගහලා 8000න් හැදුවොත් අවුරුද්දකට තෙල් වලට යනවා 3,338,664 අවුරුදු 5ට තෙල් විතරක් Rs. 16,693,320 . ලක්ශ 166. මිලියන 16ක් තෙල් හොදේ.

      රියදුරුට 60,000න් තිබ්බොත් 3,600,000. ලක්ශ 36. මිලියන නම් 3.6ක්.
      10,000 න් සර්විස් කරනවා. සර්විස් එක 35,000න් තියමු. ආණ්ඩුව වාහන සර්විස් කරද්දී ඔයිට වැඩිවේවි. කිරිටොයිය වාහන නේ.අවුරුද්දකට 336,000ක් යනවා ඒකට. විශේෂ ඔයිල් දාන විශේෂයෙන්ම ෆිල්ටර් දාන එව්වා නෑ හොදේ. අවුරුදු 5ට 1,680,000ක්. මිලියන 1.6ක්.

      ඔය වාහනේක ඔරිජිනල් ටයර් එකක් 70,000ක් වගේ වෙනවා. ඔය ගානට දිව්වම 480,000ක් වගේ එනවා අවුරුදු 5ට. එතකොට ටයර් වියදම 2,240,000. මිලියන 2.2යි.

      බැටරියක් 55,000ක් වගේ අඩුවට ගන්නවා. බැටරි දෙකක් දාන්න වේවි අවුරුදු 5ට. 110,000ක් තියමු. අඩුවට.

      රෙපයාර් වලට මාසෙට 12,000 වගේ ආසන්නව බලලා. අවුරුදු 5ටම 750,000ක් තියමු. ඔය අතරේ ඕකුන් ශුවර් එකටම හප්ප ගන්නවා. ඒවා අමතර වියදම් හොදේ.

      ඉශුවරන්ස් එක 1.25%ක් කියකා තියමු.අවුරුදු 5ට 937,000ක් වගේ. හැපෙන තරමට වැඩි වෙනවා. ඒවා අතාරිමු.

      ලයිශන් එකරන්න අවුරුදු 5ට 125,00ක් වගේ තියමු.

      වැදගත්ම එක වාහන ක්ෂය වෙන්න එපැයි. 15%න් හදමු. අවුරුදු 5 ඉවර වෙද්දී වාහනේ වටින කමෙන් ඉතුරු 45%යි. ඒ කියන්නේ ඒ වෙද්දී වාහනය වටින්නේ. මිලියන 6.7. මිලියන 15කට ගත්ත එක.

      ඔය ඔක්කොම හදලා මාසෙකට බෙදලා ගත්තම මාසෙකට එක වාහනේකට අපි අමතර බදු ගෙවන්න ඕන 573,000ක්.(ක්ෂය එක්කම)
      අවුරුද්දකට නම් 6,876,000ක් ශුද්ද පාඩුව.

      අවුරුදු 5ට එක මන්ත්‍රී කෙනෙක් වෙනුවෙන් අපි පාඩු ගන්න ඕන 34,385,820ක්. ලක්ෂ 343ක්. මිලියන 34ක්. කෝටි 3.4ක්.

      225ම ගන්නවා නම් ලක්ෂ 99,675. මිලියන නම් 9967. කෝටි නම් 996.
      දඹුල්ලයි දෙනියායයි ඉස්පිරිතාල දෙකටම වෙන් කලේ මිලියන 1000යි. ආසන්න වශයෙන් අවුරුදු 5 ඇතුලේ ඒ ජාතියේ ඉස්පිරිතාල 20ක් හදන්න පුළුවන් මේ මන්ත්‍රීලට සැප දෙන සල්ලී වලින්.

      ඉස්පිරිතාල 20ම හදන්න පුළුවන් වාහනගේන එකෙන් නෙවෙයි. නඩත්තුවෙන් විතරක්.

      පර්මිට් එක දීලා පුකට දෙකක් දීලා පුළුවන් නම් ගනින් , බැරිනම් ඒක විකුණලා තමන්ට පුළුවන් එකක් ගනින් නොකියා ගහපු කයිය වහගන්න ආණ්ඩුව රටට කරන පාඩුවක්.

      මේවා තමයි දවල් මංකොල්ල කියන්නේ.

      Delete
  2. ඉකොනෝ, පසුගිය වසරේ ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා වල සාර්ථකත්වය කොහොමද?

    ReplyDelete
  3. අයවැය මෙහෙමයි:

    රජය හිඟන්නගෙ පාත්තරේ දක්වා හැම යටිබඩකින්ම පුළුවන් තරම් බදු සූරා කනවා. කිසිවක් අඩු කර නැහැ. අඩු කරන්නෑ යකෝ, පුළුවන් දෙයක් කරපල්ලා කියල ජනතාවට මැසේජ් එකක් දෙන අයවැයක්. ඒ විතරක් නෙමෙයි, බලන් හිටපියව්, එදා විරුද්ධ වුණාට මෙදා ඉන්දියාවත් එක්ක සෙට් වෙලා ඩිජිටල්කරණය කරලා තොපේ ආදායම් ඔක්කොම අපේ රේඩාර් එකට දාගත්තට පස්සෙ බලපල්ලකො කියල තමයි සිග්නල් එක දුන්නෙ.

    ඒ වගේම තමයි, බදු සල්ලි බදු ගෙවන එවුන් වෙනුවෙන් වියදං කරන්නෙත් නැහැ. තොපි ණය අරන් මෙච්චර කල් ආතල් ගත්තා මදිද, දැන් ඉතින් නොකා නොබී හරි ණය ගෙවපියව් කියන සිග්නල් එක තමයි දෙන්නෙ. තොපි අපව බලයට පත් කරගත්තනෙ, අපි ණය ගෙවනවා, බලන් හිටපියව්. සමාජවාදී කතා අදාළ නැහැ. බලය තමයි වැදගත්. අපි යන්නේ කොයි පාරේ - යන්න තියෙන එක පාරේ - රනිල් ගියෙත් ඒ පාරේ - අපිත් යනව ඒ පාරේ.

    අපි පාලකයන් වශයෙන් අමාත්‍යාංශ වාහනවල යනවා. නැති එවුන්ට ඩබල් කැබ් දෙනවා. අනෙක් එවුන් පර්මිට් නම් ඉල්ලන්න එපා. පර්මිට් කතා ඉවරයි. බොක්කෙන්ම ජයවේවා කියල තමයි මට ඒ ගැන නම් කියන්න තියෙන්නෙ. රජයෙන් කන්නන්ගේ පාරිභෝජනවාදයේ දිනක ජය නියත ලොතරැයිය තමයි පර්මිට් එක. ඒක නැති කිරීම කියන්නෙ සිස්ටම් චේන්ජ් තමයි. හැබැයි ඉතින් වාහනවල බදු මට්ටම ඉහළ නිසා සාධාරණව හම්බ කරලා නම් වාහන ගන්නවා බොරු. අහු නොවී කුඩු, අයිස් විකුණගන්න තමයි වෙන්නෙ. අහු වුණොත් සොරි තමයි. බදාගන්න එන්නෙ නැතිලුනෙ.

    පොදු ප්‍රවාහනයත් ඔහොමම තමයි. ඔය යන විදියට බස්වල, කෝච්චිවල පලයල්ලා. ශ්‍රීලන්කන් එක අපි ගොඩගන්න බලනවා. බැරි වුණොත් විකුණනවා. දැනට ගන්න කෙනෙකුත් නැහැ.

    රස්සා, වැඩි පඩි ඉල්ලගෙන එන්න එපා. දැක්කනෙ දාපු නෝන්ඩිය ඒ කාලෙ තමන් කියපු කරපු දේවල් හා දැන් වෙනස ගැන. අම්බිකාලට සොරි තමයි මේ සැරෙත්. මතකද පසුගිය අයවැය කතාවෙදිත්. කිව්වා, වතු කම්කරුවන්ගේ යෝජිත රු. 1,700ක වැටුප ලබා දීමට රජය මැදිහත් වන බව.

    ඔන්න මහපොළ වැඩි කරලා දුන්නා. අන්තරේ එන්න එපා නටන්න.
    පළාත් සභා ඡන්ද නෑ. ඕනැ නම් විපක්ෂෙ එවුන් නීති හදා දීපල්ලා. පළාත් සභාවලට කටුව ගහන්න ජවිපෙ සිරිසේනට ඔපීනියන් දීපු කතා දැන් අදාළ නැහැ.

    අයවැය කතාවේ හරය ‍ඔන්න ඔහොමයි. අනෙක් සුරංගනා කතා හැබෑ වුණොත් හොඳයි. පහුගිය පෙබරවාරියේ කියපු සුරංගනා කතා කීයක් හැබෑ වෙලාද කියලා, 1 කමෙන්ටුවේ තියෙන ලැයිස්තුව පරීක්ෂා කරලා බලලා, මේ සුරංගනා කතා ගැන තීරණයකට එන්න.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: