මෙම වසර තුළ, ඊයේ (දෙසැම්බර් 17) දිනය දක්වා, ශ්‍රී ලංකාවට සංචාරකයින් 2,219,909 දෙනෙකු පැමිණ තිබෙනවා. මෙතෙක් ලංකාවට සංචාරකයින් වැඩිම දෙනෙකු පැමිණි වසර වූ 2018 වසර තුළ රටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 2,333,796ක් වූ අතර, මේ අනුව, එම ගණන ඉක්මවීම සඳහා මෙම වසරේ අවසන් දින 14 තුළ තවත් සංචාරකයින් 113,887 දෙනෙකු රටට පැමිණිය යුතුයි.
වසරේ අවසාන දෙසතිය තුළ සාමාන්‍යයෙන් සංචාරක පැමිණීම් වැඩි නිසා මෙම වසර, යාන්තමින් වුවත්, වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් රටට පැමිණි වසර ලෙස වාර්තා වීමට ඉඩ තිබෙනවා. එසේ වුවද, මෙම සංචාරකයින් ප්‍රමාණය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ශුභවාදී ඇස්තමේන්තුව වූ මිලියන 3 තබා අවම ඇස්තමේන්තුව වූ 2,415,000 මට්ටමට හෝ නොයන බව දැන් ඉතාම පැහැදිලියි.
නොවැම්බර් මාසය අවසානය දක්වා ඩොලර් මිලියන 7,197.1ක මුදලක් ශ්‍රමික ප්‍රේෂණ ලෙස රටට ලැබී තිබෙනවා. සාමාන්‍ය ප්‍රවණතාවය අනුව මෙන්ම, ආපදාව නිසා ඇති වූ සුවිශේෂී තත්ත්වයේ බලපෑම නිසාද, දෙසැම්බර් මාසය තුළ සැලකිය යුතු ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් රටට ලැබෙන්නට ඉඩ තිබෙන බැවින් මෙම වසර තුළ පළමු වරට ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් ප්‍රමාණය ඩොලර් බිලියන 8 සීමාව ඉක්මවා යාමේ ඉඩක් පෙනෙන්නට තිබෙනවා.
මෙවැනි තත්ත්වයක් පැවතියද, විණිමය අනුපාතික වල මෑතකාලීන හැසිරීම අනුව පෙනී යන්නේ විණිමය වෙළඳපොළ තුළ යම් ආතති තත්ත්වයක් ගොඩ නැගී ඇති බවයි. මෙයට හේතුව ආපදා තත්ත්වය මෙන්ම ඉදිරි වසර තුළ පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර රුපියල් බිලියන 500ක අමතර මුදලක් වැය කිරීමට රජය තීරණය කිරීම හේතුවෙන්ද ඇති වූ අවිනිශ්චිතතාවය විය හැකියි. කෙසේ වුවද, මෙම මුදල වැය කිරීමේදී එයින් වැඩි කොටසක් සඳහා දැනටමත් වෙනත් කටයුතු සඳහා වෙන් කර තිබෙන මුදල් යෙදවීමට රජය විසින් අදහස් කරන බවක් පෙනෙන්නට තිබෙනවා.
මේ වන විට රජය විසින් ඩොලර් මිලියන 200ක හදිසි ණයක් මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති අතර ඒ ගැන සාකච්ඡා කිරීම සඳහා මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය හෙට (දෙසැම්බර් 19 දින) රැස් වෙනවා. එම රැස්වීමෙන් පසුව අදාළ ණය මුදල ශ්‍රී ලංකාවට ලැබෙන්නට ඉඩ තිබෙනවා.
ඉහත ණය මුදල ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙළ සඳහා වාරික වශයෙන් ලැබෙන ණය වලට සම්බන්ධයක් නැති, රජය විසින් අලුතෙන් ඉල්ලා තිබෙන, අමතර ණය මුදලක්. මෙම ණය මුදල ලබා දීමේදී සාමාන්‍ය "කොන්දේසි" අදාළ වන්නේ නැහැ. හදිසි ගෙවුම් ශේෂ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ලබා දෙන මෙම ප්‍රවර්ගයේ ණය වසර 3.5 සිට 5 දක්වා කාලයක් ඇතුළත ආපසු ගෙවිය යුතු අතර, ලංකාවේ වත්මන් ණය අවදානම් තත්ත්වය අනුව, 5.4%ක් පමණ වන වාර්ෂික පොලියක් ගෙවන්නට සිදු විය හැකියි.
හෙට දිනයේ ඉහත සඳහන් ඩොලර් මිලියන 200ක ණය මුදල ලැබුණහොත් රටේ නිල විදේශ සංචිත වල එපමණක වැඩි වීමක් සිදු විය හැකියි. කෙසේ වුවද, මේ අයුරින් මූල්‍ය අරමුදලේ ණය හේතුවෙන් රටේ දළ නිල විදේශ සංචිත ඉහළ යද්දී ශුද්ධ විදේශ සංචිත වල ඉහළ යාමක් සිදු වන්නේ නැහැ. ඊට හේතුව මහ බැංකුවේ විදේශ වත්කම් වැඩි වීමට සමානව විදේශ බැරකම් ඉහළ යාමක්ද සිදු වීමයි.
ආපදා තත්වය නිසා මේ මුදල අවශ්‍ය වුනා වෙන්න පුළුවන් නේද ? පොලිය ගෙවන්න තමයි , නමුත් අමතර වියදම් වැඩියි නේද
ReplyDeleteI had the same thought/question...
Deleteඔව්. ආපදා තත්ත්වය නොවේනම් ඔය මුදල ලැබෙන්නේ නැහැ වගේම අවශ්‍ය වෙන්නේත් නැහැනේ.
Deleteඉකොනොමැට්ටා,
ReplyDeleteසංවර්ධන පුවත් වැටුණු රට ගොඩනගන්න පුදුම කැපවීමක්: රු.බි. 4 ඉක්මවූ ‘Rebuilding Sri Lanka’අරමුදල!
සංවර්ධන පුවත්
වැටුණු රට ගොඩනගන්න පුදුම කැපවීමක්: රු.බි. 4 ඉක්මවූ ‘Rebuilding Sri Lanka’අරමුදල!
December 19, 2025071
රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW :
මේ වනවිට 'Rebuilding Sri Lanka' අරමුදලට රු. මි. 4,286ක (රු.බි. 4.2) ඉක්මවූ මුදල් ප්‍රමාණයක් ලැබී ඇති බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම කියා සිටී.
ඔහු සඳහන් කළේ, මෙම මුදලන් රුපියල් මිලියන 4,263ක් දේශීය ව්‍යාපාරිකයින් හරහා ලැබී ඇති බවත්, ඉතිරිය විදේශ මුදල්වලින් ඍජුව තැන්පතු හරහා ලැබී ඇති බවත්ය. ලැබුණු මුදල්වල ඩොලර් වටිනාකම මිලියන 13.8 ඉක්මවා ගොස් ඇති අතර, ඉන් විදේශ මුදල්වලින් පමණක් ලැබුණු ප්‍රමාණය ඩොලර් මිලියන 6 ඉක්මවා ගොස් ඇති බව සඳහන් කරයි.
උතුරු අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, චීනය, එංගලන්තය, ජර්මනිය, භූතානය, ඉතාලිය, කැනඩාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, නවසීලන්තය, මාලදිවයින, සෞදි අරාබිය, ප්‍රංශය, කොරියාව ඇතුළු රටවල් 43කින් මෙම ආධාර මුදල් ලැබී ඇති බව, මෙහිදී සූරියප්පෙරුම මහතා පවසා සිටියේය.
...
මේ දත්ත හරිද