සැප්තැම්බර් මාසය අවසන් වෙද්දීත් මධ්‍යම රජයේ අයවැයෙහි ආදායම් පැත්ත වියදම් පැත්තට වඩා ඉහළින් තිබෙනු දකින්න පුළුවන්. වසරේ පළමු මාස නවයේ රාජ්‍ය ආදායම් ලෙස රුපියල් බිලියන 4,601.6ක් එකතු වෙද්දී වියදම් කර තිබෙන්නේ එයින් රුපියල් බිලියන 4,579.3ක් පමණයි. මේ අනුව පළමු මාස නවයේ සමුච්ඡිත අයවැය අතිරික්තය රුපියල් බිලියන 22.3ක් වන අතර ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 1,843.9ක්.
වසරේ ඇස්තමේන්තුගත රාජ්‍ය ආදායමෙන් 86.8%ක්ම දැනටමත් එකතු වී තිබෙනවා. ඒ අනුව, මෙම වසරේ සත්‍ය රාජ්‍ය ආදායම ඉලක්ක ඉක්මවා යන බව ඉතාම පැහැදිලියි. එහෙත් රාජ්‍ය වියදම තවමත් ඇස්තමේන්තුවෙන් 60.6%ක් පමණයි. විශේෂයෙන්ම ප්‍රාග්ධන වියදම් ඇස්තමේන්තුවෙන් තවමත් වැය කර තිබෙන්නේ 31.6%ක් පමණයි. සාමාන්‍යයෙන් සිදු වන පරිදි, වසර අවසානයේදී ප්‍රාග්ධන වැය ඉහළ යාමෙන් පසුව, අයවැය අතිරික්තය හිඟයක් විය හැකි නමුත් එය ඒ තරම්ම විශාල හිඟයක් නොවන්නට පුළුවන්.
මෙම තත්ත්වය තුළ ඉදිරි වසර සඳහා අයවැය ඇස්තමේන්තු සකස් කිරීමේදී ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගන්නා අතරම යම් බදු සහනයක් ලබා දීමේ හෝ ඉලක්කගත ලෙස යම් තරමකින් වියදම් වැඩි කිරීමේ හැකියාවක් මේ වන විට පෙනෙන්නට තිබෙනවා. බදු සහන ලබා දෙන්නේනම් ඒ සඳහා වඩා ප්‍රසස්ත ක්‍රමය වන්නේ බදු පදනම ආරක්ෂා කර ගනිමින් බදු අනුපාතික අඩු කිරීමයි.

No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.