වෙබ් ලිපිනය:

Wednesday, November 2, 2016

රාජ්‍ය පාලනයේ අලි ලකුණ


ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලැබූ කාලයේ සිට අඛණ්ඩව ලංකාවේ ජාතික කොඩියේ මෙන්ම රාජ්‍ය ලාංචනයේද සිංහයෙකු සිටී. එහෙත්, සත්ත්වෝද්‍යාන වල හැර ලංකාවේ වෙනත් තැන්වල නිදහසේ ජීවත්වන සිංහයින් නැත. ලංකාවේ සිංහයින් ජීවත්ව සිට ඇති බවට පුරා විද්‍යාත්මක සාධක ඇතත් ඒ රටේ ලිඛිත ඉතිහාසය ඇරඹුණු කාලයට බොහෝ කලිනි.

රටේ ලිඛිත ඉතිහාසය ඇරඹුණු කාලයේ ලංකාවේ සිංහයින් නොසිටියත් අලියෝ සිටියහ. සිංහයෙකුගෙන් ඇරඹුණු සිංහල ජාතියේ ඉතිහාසය ගැන කියන මහා වංශයේද සිංහයා ගැන මුලින්ම කියවෙන තැනට පෙර අලියෙක් ගැන සඳහනක් තිබේ. කෙසේ වුවද, ඒ මහා වංශ ඉතිහාස කතාවට කෙළින්ම අදාළ නොවන තැනකය.

මහා වංශය අනුව ඉතිහාසය ඇරඹුණු අළුත, විජය ඇතුළු පිරිසට පාදපරිචාරිකාවන් ආනයනය කෙරෙද්දී ලැබුණු තුටු පඳුරු අතර අලි ඇත්තුද සිටිති. ලංකාවෙන් අලි ඇතුන් ඇල්ලීම, අපනයනය කිරීම මෙන්ම ආනයනය කිරීමද විජය යුගයටත් පෙර සිටම සිදු වූවා විය හැකිය. මහ පැරකුම්බා සමයේ ලංකාව අරමණ දේශය ආක්‍රමණය කරන්නේද අලි ප්‍රශ්නයක් මුල් කර ගෙනය. ලංකාව ගැන ලියැවී ඇති ඓතිහාසික වාර්තා අතර අලි ගැන ලියැවී නැති වාර්තා නැති තරම්ය.

කෙසේවුවද, පෘතුගීසීන් ලංකාවට එන කාලය වන විට ලංකාව පාලනය කළ රජවරුන්ගේ කොඩි වල වැජඹුණේ සහශ්‍ර ගණනක සිට ලංකාවේ සුලභව සිටි අලි නොව ලංකාවේ එවකට නොසිටි සිංහයින්ය. ඒ වන විට මහාවංශ ප්‍රවාදය විශ්වාස කළ රටවැසියන් ඔවුන්ගේ මනසේ ජීවත් වූ සිංහයාට දුන් ආර්ථික වටිනාකම මහ පොළොවේ ජීවත් වූ අලියාට දුන් ආර්ථික වටිනාකමට වඩා වැඩි වීම මෙයට හේතු වන්නට ඇත.

ලංකාව ආක්‍රමණය කළ යුරෝපීයයන්ට රටවැසියන්ගේ ඔළුගෙඩි තුළ ජීවත් වූ සිංහයින්ට වඩා, රටින් පිටත බාහිර ලෝකය ආර්ථික වටිනාකමක් දකින අලියා වැදගත් වීම හෝ වෙනත් හේතුවක් නිසා ලංකාවේ පෘතුගීසි, ලන්දේසි මෙන්ම ඉංග්‍රීසි පාලකයින්ගේ රාජ්‍ය ලාංචන වල ඉඩ ලැබුනේ සිංහයාට නොව අලියාටය. ඒ අනුව, ලංකාවේදී සියවස් ගණනක් නැති සිංහයෙක්ට ලබාදුන් තැන යුරෝපීයයන් විසින් අලියාට ලබා දුන්නේය. 





(පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි පාලනයන් යටතේ ලංකාවේ රාජ්‍ය මුද්‍රා වල සිටි අලි සහ බ්‍රිතාන්‍ය ලංකාවේ කොඩියේ අලියා. රූප සියල්ල විකිපීඩියාවෙනි.)


නිදහසින් පසු ලංකාවේ රාජ්‍ය ලාංචනයේ සිටි අලියා වෙනුවට නැවතත් සිංහයා ආදේශ විය. ලංකාවේ වත්මන් රාජ්‍ය ලාංචනයේ මෙන්ම ජාතික කොඩියේද, පළාත් කොඩි නවයෙන් හතරකද සිංහයින් සිටියත් ඒ එකකවත් අලි නැත.

කෙසේ වුවද නිදහසින් පසු ගත වූ කාලයෙන් අඩක් පමණ ලංකාව පාලනය කළ එක්සත් ජාතික පක්ෂයේ සංකේතය අලියාය.

සහශ්‍ර ගණනක සිට අලින්ගේ නිජබිමක් වන ලංකාවේ මෙන්ම, සහශ්‍ර ගණනකට පෙර වඳ වී යාම නිසා දැන් නිදහස් අලි ජීවත් නොවන ඇමරිකාවේ දේශපාලනයේද අලියාට ලොකු තැනක් තිබේ. ඇමරිකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එකක් වන රිපබ්ලිකන් පක්ෂයේ සංකේතය අලියාය.

ලෝකයම බලා සිටින, රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඩිමොක්‍රටික් අපේක්ෂක හිලරි ක්ලින්ටන් අතර මීළඟ ඇමරිකන් ජනාධිපති ධුරය සඳහා වන සටන අවසන් වන්නට තවත් ඇත්තේ සතියකටත් අඩු කාලයකි. මේ අතර බැඳුම්කර සිදුවීම කෝප් වාර්තාව සමඟ නැවතත් කරලියට පැමිණීමත් සමඟ ලංකාවේ රාජ්‍ය පාලනය තුළ එක්සත් ජාතික පක්ෂයේ භූමිකාවද නැවතත් ප්‍රශ්නකාරී වී තිබේ.

ලංකාවේ මෙන්ම ඇමරිකාවේ දේශපාලනයේද අලින්ගේ භූමිකා දෙස අපි දෑස් දල්වා බලා සිටිමු.


(ඇතැම් සිංහල බ්ලොග් ලියන්නන් හා කමෙන්ට්කරුවන් පසුගිය කාලයේ ක්‍රියා කළ ආකාරය සැලකිල්ලට ගනිමින් ඉකොනොමැට්ටා මෙතෙක් අනුගමනය කළ කමෙන්ට් ප්‍රතිපත්තිය වෙනස් කළ බව කණගාටුවෙන් දැනුම් දෙන්නට සිදු වී තිබේ. ඒ අනුව, ඔබේ කමෙන්ට්ස් ඉකොනොමැට්ටාගේ අනුමැතියට යටත් කරනු ලැබ ඇති අතර මෙහි පළ කරන්නේ ඒවා අතරින් ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි තෝරා ගන්නා කමෙන්ට්ස් පමණි. ඒ අනුව, ඉකොනොමැට්ටාගේ අදහස් සමඟ ගැටෙන, ඉකොනොමැට්ටාව විවේචනය කරන හා ඉකොනොමැට්ටා ඔහේ ලියන තර්කානුකූල නොවන හා පදනමක් නැති කරුණු පෙන්වා දී ඉකොනොමැට්ටාව හිර කරන කමෙන්ට් පළ නොවන්නටත්, ඉකොනොමැට්ටා ලියන ඕනෑම කෙහෙම්මලක් අගය කරන, ඉකොනොමැට්ටාගේ පිට කසන කමෙන්ට් පළ වන්නටත් වැඩි ඉඩකඩක් තිබේ. කමෙන්ට් කියවා අනුමත කිරීම හෝ නොකිරීම කරන්නට වෙන්නේද ඉකොනොමැට්ටාට ඒ සඳහා වෙලාවක් ලැබුණු විටකය.)

Image: 123RF.com

26 comments:

  1. කමෙන්ට් අනුමත කිරීමේ පටිපාටිය නම් එළස්!

    ReplyDelete
    Replies
    1. තමුසෙත් ඇනෝ රාජයෙක් නේ.

      Delete
  2. ලංකාවේ ජනප්‍රියම ලාංඡනයක තිබුණා පොල් ගහක් සහ කොටියෙක්!

    ReplyDelete
  3. ඇත්තටම ඒ සතා සිංහයෙක් කියල ෂුවර්ද?
    මටනං හිතෙන්නේ මනඃකල්පිත සතෙක් කියලයි.
    අඬු තුනෙන් හිටගෙන එක අන්ඩකින් කඩුවක් (වගේ එකක්) අල්ලාගෙන ඉන්න අමුතුම සතෙක්.

    ReplyDelete
    Replies
    1. ඔය ලාංජනය පර්සියානු සම්භවයක් ඇති එකක් විය හැකියි.
      1979ට පෙර ඉරාන ජාතික කොඩිය බලන්න.
      එළාර රජු පර්සියානුවෙක් යන මතයකුත් තියෙනවා.

      Delete
    2. සීගිරි ලලනාවනුත් පර්සියානුවන් යයි මතයකකුත් තියනවනේ.

      Delete
    3. //එළාර රජු පර්සියානුවෙක් යන මතයකුත් තියෙනවා.//

      වෙන්න බෑ. එයා කට්ට කලුයි. KKK ලු :P

      Delete
    4. වර්තමාන තමිල්නාඩුවේ නම් හම කළු පාලකයන්/ පාලිකාවන් නැහැ නේද?

      Delete
  4. සැඟවී සිටි ඉකොනොමැට්ටා ඇවිත්ය.
    - මීට සාරස

    ReplyDelete
    Replies
    1. කාටද ආඩම්බර හිටන්?
      රනිල් තුමා ට ජය වේවා!

      Delete
  5. කුඹුක මිහිඳු රටයෑම ගැන ලියන්නෙ නැතෙයි.

    ReplyDelete
  6. ඉකොනොමැට්ටා නැවත දකින්න ලැබීම ගැන සතුටුයි. :)

    ලංකාවේ ජාතික කොඩියේ සිංහයා ඉන්නේ, සිංහලයන් සිංහයෙකුගෙන් පැවත එන කතාව හන්දා වෙන්න ඇති. අලියෙක්ගෙන් පැවත ආවා නම් අනිවාර්යෙන් කොඩියේ අලියෙක් ඉඳී. අනෙක දේශපාලන පක්ෂයක අලියෙක් ඉන්දෙද්දි ජාතික කොඩියේ අලියෙක් නැතිවීම ගැන සතුටු විය යුතුයි කියලයි මට හිතෙන්නේ.

    ඉකොනොමැට්ටාගේ ඉස්කෝලේ මොකක්ද කියලා ඇහුවොත්, මේ කමෙන්ට් එක පබ්ලිෂ් කරන්නේ නැද්ද? :P

    ReplyDelete
    Replies
    1. //ඉකොනොමැට්ටාගේ ඉස්කෝලේ මොකක්ද කියලා ඇහුවොත්//
      ලෝගෝ එකේ අලියෙකුයි පොල් ගහකුයි තිබුණද කියල දැනගන්නද? නෑ, තිබුණේ නෑ.

      Delete
  7. ඉකොනෝ අය්ය ඔය ඇවිල්ල ඉන්නේ. මම බයවුනා රාජරත්නම්ගේ පොස්ට් එකෙන් පස්සේ අතුරුදන්හන් වුනාද/කලාද කියල. සරසා නම් අතන මෙතන එක එක කතා කියල තිබ්බ ඉකොනෝ අය්ය බැදුම්කර හුටපටය ගොඩදාන්න යුඇන්පී එකට උපදෙස් දෙන්න ගිහින් කියල. ඇත්තද අය්යේ?

    හැබැයි අය්යේ, අදත් ජනතාවගේ හදවතේ වැජබෙන්නේ පාරක් පාරක් ගානේ මිනිස්සු මැරි මැරී යද්දී කොටියව ඉවර කරපු සිංහයව මිසක් කඳ විතරක් මෙහෙතියන් ඔලුවෙන් ඒරොප්පේ ඉන්න අලියෝ නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. //සරසා නම් අතන මෙතන එක එක කතා කියල තිබ්බ ඉකොනෝ අය්ය බැදුම්කර හුටපටය ගොඩදාන්න යුඇන්පී එකට උපදෙස් දෙන්න ගිහින් කියල. ඇත්තද අය්යේ? //

      මල්ලි හරි මල්ලි!

      Delete
  8. මම ගිය චාරිකාවකදී මට හම්බ වෙච්ච චීන ජාතිකයෙක් මගෙන් ඇහුවා ලංකාවේ සිංහයෝ කි දෙනෙක් ඉන්නවා ද කියල. මම කිව්වෙත් සත්තු වත්තේ ඉන්න එකා දෙන්න ඇර වෙන නම් සිංහයෝ නෑ කියල. ඊට පස්සේ මිනිහා මගෙන් ඇහුවා එහෙනම් මොකද ජාතික කොඩියට සිංහයෙක් දාගෙන ඉන්නේ කියල. මම බොහොම අමාරුවෙන් සිංහයගෙයි අර කවුද දෙවියගෙයි හුට පටේ පැහැදිලි කරන්න යද්දී වෙලාවට මිනිහා කිව්වා හරි හරි මට තේරෙනවා මේ ෆැන්ටසි එකක් නේද හරියට චීනයේ ඉන්න මකරා වගේ කියල.. මමත් ඔව් ඔව් කියල ශේප් වෙලා නිකන් හිටියා.. හෙහ් හෙහ්..

    ReplyDelete
  9. ඔබේ ලිපි නැතිව ලොකු අඩුවක් තිබුනා .නැවත ලිව්වාට තුති !

    ReplyDelete
  10. කොමෙන්ට් නම් ඕන එකක්... අර කේන්දර ලිපියෙ ඉතුරු කෑල්ල දාමුද....

    ReplyDelete
  11. විජය ල පාදපරිචාරිකාවන් ආනයනය කරන්න තුඩු පඬුරු යැව්වේ මුතු වලින්ලුනේ ( අලි/ ඇත්තුත් යවන්න ඇත්තේ ඇතෙක් බරට වස්තුව යවන කොට හොරට කිරපු නැති බව සහතික කරන්න වෙන්නැති, ඒ කියන්නේ බර කිරන්න යොදාගත්ත තරාදි පඩි ටිකත් යවලා). අය්යෝ මගේ පොයිට් එක මිස් වෙන්නයි යන්නේ, තොග පිටින් මුතු යවන්න, මම කියන්න හැදුවේ විජයලා ගොඩ බැහැපු ගමන්ම මුතු බිස්නස් අතගහල තියනවා වගේ, විජයලා අහම්බෙන් තම්බපන්නියට ගොඩ බැස්සා නොවේ මුතු බිස්නස් එකටම ආවා කියා හිතෙන්නේ නැත්ද? කිලෝ මීටර් දාහකටත් වඩා කේරලයේ වෙරළ දිගේ පහළට එත්දී මෙහාට එන්න ඉස්සරින් මඟදී වෙරළකට ගොඩබැස්සේ නෑ වෙන්න කොහොමත්ම බෑනේ.

    ReplyDelete
  12. මමත් එක හෙලා කියා සිටින්නේ ජාතික කොඩියෙන් සිංහයා වහා ඉවත් කොට අලියාව නැවත පත්කරගත යුතුයි කියලයි. ඒ සඳහා එ.ජා.ප කොඩියෙන් අලියා ගැලවිය යුතුනම් එයද කළ යුතුයි...

    හැබැයි සිංහයාගේ කම්මැලිකම, ප්‍රශ්ණයක් තිබුනොත් විතරක් ක්‍රියාශීලී වන ගතිය, ගෑණුන්ගෙන් හම්බුකරන් කන ගතිය ඕනෑවටත් වඩා සිංහලයන්ට පිහිටලා තියනවා...

    ReplyDelete
    Replies
    1. //හැබැයි සිංහයාගේ කම්මැලිකම, ප්‍රශ්ණයක් තිබුනොත් විතරක් ක්‍රියාශීලී වන ගතිය, ගෑණුන්ගෙන් හම්බුකරන් කන ගතිය ඕනෑවටත් වඩා සිංහලයන්ට පිහිටලා තියනවා...//

      :D :D සම්පුර්ණ ඇත්ත.

      Delete
  13. මෙව්වා ඉතින් අලින්ගෙයි,අපෙයි වැඩ තමයි කියා සුප්‍රසිද්ධ කියමනක් එහෙමත් තියෙන්න

    පක්ෂ ලාංජනයකට "බුරුවෙක්"හිටියොත් එක අපේ රටේ හැටියට නම් උපහාසයට,අපහාසයට හේතුවක් වුනාට ඇමරිකාවේ එහෙම නෙමේ වෙන්න ඇතිනේ.

    ReplyDelete
  14. දළ ඇතාටත් අලියා කියාගෙන ශපාන් එකේ ඉන්න අපට ඔය මොකා දින්නත් එකයි ගානට වැටිල ඉන්නෙ..
    ජයවේවා..!!

    ReplyDelete
  15. නිදහසේ ලියන්න.....

    ReplyDelete
    Replies
    1. වෙනදටත් වඩා නිදහසේ ලියනවා. ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් දිගටම පෙනී සිටීම අගය කරනවා.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: