වෙබ් ලිපිනය:

Tuesday, March 13, 2018

හතරේ සීමා, හයේ සීමා හා යාර තිහේ සීමා


මෙය කියවන සියලු දෙනාම වගේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන දන්නා අයයි. ක්‍රිකට් ක්‍රීඩාවේදී ලකුණක් ලබා ගැනීම සඳහා ක්‍රීඩකයින් දෙදෙනා කඩුළු අතර අනෙක් අන්තයට දිව යා යුතුය. ලකුණු දෙකක් හෝ තුනක් ගැනීමටනම් මේ අයුරින් පිළිවෙලින් දෙවරක් හෝ තෙවරක් කඩුළු අතර මාරු විය යුතුය. එහෙත්, ලකුණු හතරක් ගැනීම සඳහා එසේ කඩුළු අතර දිවීම අවශ්‍යම නොවන අතර හතරේ සීමාව නම් වූ පිට්ටනියේ ලකුණු කර ඇති මායිමෙන් ඔබ්බට පන්දුව යන්නට සැලැස්වීම ප්‍රමාණවත්ය.

ක්‍රිකට් ක්‍රීඩාවේදී කඩුළු අතර දිව නොයමින් එකවර ලකුණු හතරක් ලබාගත හැකි අයුරින්ම එකවර ලකුණු හයක් ලබා ගැනීමටද හැකියාවක් තිබේ. ඒ සඳහා හතරේ සීමාවෙන් ඔබ්බේ ඇති වඩා පුළුල් තවත් මායිමකින් ඔබ්බට පන්දුව යැවිය යුතු නැත. කළ යුත්තේ අර හතරේ සීමාවෙන් ඔබ්බටම බිම නොගැටී පන්දුව යන්නට සැලැස්වීමයි. ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාවේ හතරේ සීමාවක් මිස හයේ සීමාවක් කියා වෙනම සීමාවක් නැත.

ක්‍රිකට් ක්‍රීඩාවේදී හතරේ සීමාව ඉතා වැදගත් සීමාවකි. ඒ සීමාව කාටත් පැහැදිලිව දැකගත හැකි පරිදි පිට්ටනියේ පැහැදිලිව ලකුණු කර තිබේ. හයේ සීමාවක් කියා වෙනම සීමාවක් නැතත් හතරේ සීමාවට අමතරව ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් සීමා තිබේ. යාර තිහේ සීමාව එවැනි සීමාවකි. යාර තිහේ සීමාව ලකුණු කෙරෙන්නේ හතරේ සීමාව ඇතුළෙනි.

යාර තිහේ සීමාව ක්‍රිකට් ක්‍රීඩාවේදී හතරේ සීමාව තරම් වැදගත් නැති වැඩි දෙනෙකුගේ අවධානයට ලක් නොවන සීමාවකි. පන්දුව මේ සීමාවෙන් ඔබ්බට යැවූ පමණින් පිතිකරුවෙකු ඉදිරියේ කිසිදු ලකුණක් සටහන් වන්නේ නැත. පන්දුව මේ සීමාවෙන් ඔබ්බට ගියත් නොගියත් ලකුණක් ලබාගැනීමටනම් කඩුළු අතර දිව යා යුතුය.

අප බොහෝ දෙනෙකු තුළත් මේ ආකාරයේ හතරේ සීමා, හයේ සීමා හා යාර තිහේ සීමා තිබේ. ඒවායින් ඇතැම් සීමා හතරේ සීමාව හා හයේ සීමාව මෙන් එකිනෙක මත අතිපිහිත වී තිබේ. තවත් ඒවාට තිබෙන්නේ යාර තිහේ සීමාවට මෙන් අඩු වැදගත් කමකි. මේ සීමා යනු අපේ මනසේ ඇති අනන්‍යතාවන්ය.

අතළොස්සක් හැර බොහෝ දෙනෙකුට මේ සීමාවන්ගෙන් දෙකක් පොදුය. එයින්, පළමුවැන්න "මම" යන සීමාවයි. දෙවැන්න මිනිසෙකු යන සීමාවයි. පැහැදිලිව හඳුනාගත හැකි ඉහත සීමා දෙක අතර ජාතිය, ආගම, ජනවර්ගය, ජාතිකත්වය, කුලය, ගෝත්‍රය, පවුල, උගත් පාසැල (අපි නාලන්දෙ) හෝ සරසවිය (අපි පේරා) ආදී තවත් සීමා අටෝරාසියක් තිබෙන්නට හෝ නොතිබෙන්නට පුළුවන.

"මම" යන සීමාව සෑහෙන තරම් පැහැදිලි සීමාවකි. සිතුවිලි මාත්‍රයකින් අපේ කැමැත්ත පරිදි පාලනය කළ හැකි අපේ ශරීරාංග අපි "මම" ලෙස හඳුනාගන්නෙමු. ඉතිරි සියල්ල මගෙන් බාහිර ලෝකයයි. මේ අයුරින්ම, අපට බොහෝ ආකාරයන්ගෙන් සමාන වන සරීර කූඩු ඇති වෙනත් අය අපට පහසුවෙන්ම මිනිසුන් ලෙස වෙන්කර හඳුනාගත හැකිය. එහෙත්, මේ සීමා දෙක අතර ඇති අනෙකුත් සීමාවන් ඒ තරම්ම පැහැදිලි නැති අතර බොහෝ විට අපේ දැනුම මත මිස බාහිර පෙනුම අනුව "ස්වභාවික ලෙස" හඳුනා ගැනීමටද නොහැකිය. මේ අතරමැදි සීමාවන්ට ඇති වැදගත්කම සෑහෙන දුරකට එක් එක් පුද්ගලයාට සාපේක්ෂ දෙයකි.

විවිධාකාරයේ විධිමත් හා අවිධිමත් සංස්ථාපිත ආයතන මඟින් ඉහත කී ආකාරයේ ඇතැම් අතරමැදි සීමාවන් ප්‍රවර්ධනය කරන අතර තවත් ඇතැම් සීමා ඉරි මකා දැමීම ප්‍රවර්ධනය කරයි. අද වන විට ලෝකයේ ප්‍රබලම සංස්ථාපිත ආයතන වන්නේ රාජ්‍යයන්ය. මේ බොහෝ රාජ්‍යයන් විසින් ආසන්න වශයෙන් දෙසියවසක පමණ කාලයක සිට විධිමත් හා අවිධිමත් දැනුම් පද්ධති සෘජුව හෝ වක්‍රව පාලනය කිරීම මඟින් පුද්ගලයින් නිශ්චිත රාජ්‍යයන් සංඛ්‍යාවක් අතර බෙදා හරින සීමා ඉරි ප්‍රවර්ධනය කරන අතර ජාතිකත්ව බෙදීම් දළ වශයෙන් මේ සීමා ඉරි වලට අනුරූපය. රාජ්‍යයන්ගේ පැවැත්ම සඳහා මේ ජාතිකත්ව සීමා ඉරි නැතුවම බැරි බැවින් සියලුම රාජ්‍යයන් පවත්වාගෙන යන රජයයන් විසින් එවැනි සීමා ඉරි දිගින් දිගටම ප්‍රවර්ධනය කිරීම තේරුම් ගත හැකි දෙයකි. මේ කටයුත්ත විධිමත් දැනුම් පද්ධතිය හරහා ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට බොහෝ දෙනෙකු මේ ජාතිකත්ව සීමා ඉරි තිබීම ගැටළුවක් හෝ නරක දෙයක් සේ සලකන්නේ නැත.

දළ වශයෙන් කිසියම් පුද්ගලයෙකුගේ ජාතිකත්වය යනු එවැන්නෙකුගේ පුරවැසිකම හා කිට්ටුවෙන් යන නෛතික සංකල්පයකි. ඇමරිකා එක්සත් ජනපදය ගත් කළ, සියළුම ඇමරිකානු පුරවැසියන් ඇමරිකානු ජාතිකයින් වන නමුත් සියළුම ඇමරිකානු ජාතිකයෝ ඇමරිකානු පුරවැසියෝ නොවෙති. ඇමරිකානු පුරවැසි සීමා ඉර ඇමරිකානු ජාතිකත්ව සීමා ඉරට ඇතුළෙන් ඇති එකකි. ජාතිකත්වය යන සංකල්පය වෙනත් තැන් වල වෙනත් ආකාර වලින් අර්ථ දැක්වෙන්නට පුළුවන.

ජාතිය, ආගම, ජනවර්ගය, කුලය, ගෝත්‍රය, පවුල, උගත් පාසැල හෝ සරසවිය ආදී වෙනත් සීමා ඉරි හා අදාළවද සියළු දෙනාටම එකඟ විය හැකි සම්මත අර්ථකථන නැත. ඇමරිකා එක්සත් ජනපදයේදී ජනවර්ගය යන සංකල්පය පාදක වන්නේ පුද්ගලයෙකුගේ ශරීර ස්වභාවය හා අදාළ වූ පහසුවෙන් හඳුනාගත හැකි සාධක මතය. සුදු, කළු හෝ ආසියානු ජනවර්ගයකට අයත් වූවෙකු බාහිර ශරීර ස්වභාවය අනුව වෙන්කර හඳුනාගැනීම එතරම් අපහසු දෙයක් නොවේ. වෙනස් ජනවර්ග අතර මිශ්‍ර විවාහ වලින් බිහිවන දරුවන් "මිශ්‍ර" නම් වූ වෙනම කැටගරියක් යටතේ හඳුනාගැනේ.

ඇමරිකානු අර්ථදැක්වීම අනුව සැලකුවොත් ලංකාවේ වෙනස් ජනවර්ග නැත. ශ්‍රී ලාංකික සිංහලයින්, දෙමළුන් හා මුස්ලිමුන් ඔවුන්ගේ සංස්කෘතික සංකේත නොවේනම් ශරීර ස්වභාවයෙන් පමණක් වෙන් කර හඳුනා ගැනීම පහසු කටයුත්තක් නොවේ. මා දන්නා තරමින් ජාන විශ්ලේෂණයකින් පවා මේ කටයුත්ත කිරීම අසීරු දෙයකි. ඒ තබා, චීන හා මැලේ සම්භවයක් ඇති ශ්‍රී ලාංකිකයින් පවා මේ වන විට බාහිර ස්වරූපයෙන් සෑහෙන තරමින් සිංහලයින්ට සමානය. ලංකාවේදී ජාති හෝ ජනවර්ග ලෙස පුද්ගලයින් වෙන් කරන්නේ සංස්කෘතික වෙනස්කම් පදනම් කර ගනිමිනි.

ජාති හෝ ජනවර්ග ආදී බෙදීම් වලට සියලු දෙනාට එකඟ විය හැකි නිශ්චිත අර්ථකතන නැති බැවින් මා මේ වචන භාවිතා කරන්නේ සැහැල්ලු ආකාරයකිනි. ඒ නිසා, "ශ්‍රී ලාංකික මුස්ලිම්" හෝ "ශ්‍රී ලාංකික දෙමළ" යනු ජාතියක්ද නැත්නම් ජනවර්ගයක්ද යන්න ගැන මා එතරම් වද වෙන්නේ නැත.

කිසියම් පුද්ගලයෙකුගේ ජාතිය, ආගම, ජනවර්ගය, කුලය, ගෝත්‍රය, පවුල, උගත් පාසැල හෝ සරසවිය ආදිය බොහෝ විට තීරණය වන්නේ අදාළ පුද්ගලයා විසින් තමන්ව හඳුන්වා ගන්නා ආකාරය අනුවය. කිසියම් නිශ්චිත පුද්ගලයෙකුට "මම" හා "මිනිසෙකු" යන සීමා ඉරි අතර මෙවැනි අනන්‍යතා ඉරි ගණනාවක් තිබෙන්නට පුළුවන. එමෙන්ම, එවැන්නෙකුගේ ජීවිත කාලය තුළ එවැනි සීමා ඉරි මැකී යන්නට හෝ වෙනස් වන්නටද පුළුවන. ඉහත ආකාරයේ සාමූහික අනන්‍යතා බොහොමයටම තිබෙන්නේ සාපේක්ෂ තේරුමක් නිසා ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය, ගෝත්‍රවාදය, පවුල්වාදය, පාසැල් වාදය ආදී සංකල්ප වලටද තිබෙන්නේ සාපේක්ෂ තේරුම්ය.

ඇතැම් අය සිතන පරිදි ආගම යනු ඕනෑම මොහොතක වෙනස් විය හැකි දෙයක් වන අතර ජාතිය යනු එසේ නොවන නිශ්චිත දෙයකි. මා එසේ සිතන්නේ නැත. ආගමක් යනු කිසියම් පුද්ගලයෙකුගේ විශ්වාස පමණක්ම නොවේ. යමෙක් හැදෙන වැඩෙන පවුල හා බාහිර පරිසරය නිසා ලැබෙන වෙනත් දේවල්ද යමෙකුගේ ආගමේ කොටසකි. පසු කලෙක විශ්වාස වෙනස්වූ පමණින් මේ වෙනත් දෑ සියල්ල වෙනස් නොවේ.

අනෙක් අතට ජාතිය යනුද පුද්ගලයෙකුගේ මනසේ ඇති දෙයක් නිසා එය පසුකාලීනව වෙනස් වන්නට පුළුවන. ඇමරිකානු අර්ථයෙන් ගත් කළ ජනවර්ගයනම් එසේ පහසුවෙන් වෙනස් නොවේ.

ලංකාව ගත්තත්, ඉතිහාසය පුරා බොහෝ මිනිසුන්ගේ ආගම මෙන්ම ජාතියද වරින් වර වෙනස් වී තිබේ. එහෙත්, මේ වන විට රාජ්‍යයන් විසින් නීති පද්ධතීන් උපයෝගී කර ගනිමින් කිසියම් පුද්ගලයෙකුට අවශ්‍ය වූ විට තමන්ගේ අනන්‍යතාවයන්ගෙන් එකක් හෝ කිහිපයක් වෙනස් කර ගැනීම වඩා අපහසු හෝ කළ නොහැකි දෙයක් බවට පත් කර තිබේ. මේ නිසා සිදුවී ඇත්තේ මා මුලින් කී ඇතැම් සීමා ඉරි වඩාත් පැහැදිලි ලෙස දෘශ්‍යමාන වීමයි. මේ ඇතැම් සීමා ඉරි පහසුවෙන් පැනිය නොහැකි උස් තාප්ප බවට පත් වී තිබේ.

ඔබට අනන්‍යතා කොපමණ තිබේද? ඔබට දැනෙන පරිදි වැදගත්කම අනුව ඔබ ඔබේ අනන්‍යතා පෙළගස්වන්නේ කෙසේද?

9 comments:

  1. “Perhaps it's impossible to wear an identity without becoming what you pretend to be.”
    ― Orson Scott Card

    ReplyDelete
  2. https://tharurasi.blogspot.com.au/2018/03/blog-post_12.html

    "මෑතක තරුණ එකමුතුවක් තුළ වාර්ගික ගැටලු, ඒවාට බලපාන හේතු සහ එයින් සමාජයට සිදුවන හානිය පිළිබඳවත් ඒ තුළ මනුෂ්‍යත්වය රැකගැනීම වෙනුවෙන් අපගේ ක්‍රියාකාරිත්වය කෙබඳු විය යුතුද යන්න පිළිබඳවත් අපි කතාබහ කරමින් සිටියෙමු. ඒ කතා බහට එක් වූ යෞවනයකු කියා සිටියේ ඔහුගේ ටියුෂන් සර් පන්තියේ දී ‘‘දැන් සිංහල ජනගහණය සීඝ්‍රයෙන් අඩුවෙමින් යන බවත්, අවුරුදු අටට වඩා අඩු ළමයින්ගෙන් 60% වඩා මුස්ලිම් ළමයි බවත්‘‘ කියූ බවයි. මේ තත්ත්වය සිංහල සමාජයට තර්ජනයක් විය හැකි බැවින් ඒ සඳහා පියවර ගැනීම අවශ්‍ය බවයි යෞවනයාගේ අදහස. ඒ කතාව සත්‍යෙයන් තොර බව අප කියූ විට ඔහු කීවේ ‘‘තමන්ගේ සර් සාමාන්‍යෙයන් බොරු නොකියන“ බවයි. ඔහු අපද දන්නා ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරයෙකි. එසේම සාහිත්‍ය කලාව සම්බන්ධයෙන්ද යම් මැදිහත් වීමක් සිදුකරන අයෙකි. ඔහු දරන මතය දරුවන්ගේ මනසට එන්නත් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? "

    ReplyDelete
  3. /ඔහු දරන මතය දරුවන්ගේ මනසට එන්නත් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?/

    WTF? How do we know? Why don't you find the contact number of that so called teacher & ask him & clarify? Stupidity at it's worst level, what a brainless stupid moron you are? I haven't seen such a freak before. Pls don't waste the readers time stating your personal matters.

    ReplyDelete
    Replies
    1. ////ඔහු දරන මතය දරුවන්ගේ මනසට එන්නත් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?////

      ඔයවගේ බහුබූත ප්‍රශ්න වැදගත් වන්නේ ලංකාව සහ එහි මිනිසුන් ගැන මෙලොවින් මෙලොව දෙයක් නොදන්නා මනෝලෝකවල ජීවත්වන කුප්‍රකට සිඩ්නි අන්දරේ වැනි මන්දමානසික පිස්සු ජෝකර්ලාට මිස අන් කවුරුන්ටද?

      මේ වන විට ලංකාවේ බහුතර සිංහල බෞද්ධ ජනතාව අතර ද බොහෝ බටහිර රාජ්‍යන් වල කිතුණු සහ නිරාගමික ජනයා අතර පැතිර පවතින මුස්ලිම් විරෝධී මත මෙන්ම මුස්ලිම් ව්‍යාප්තවාදී භීතිකාව (ලංකාවටද) ව්‍යාප්ත වී තිබේ.

      ලංකාවේ මුල්ම ජන සංගණන සිදුවූ කාලයේ ලංකාවේ සියලු ජාතීන්ගේ පවුල්වල අති මහත් බහුතරය තුළ අඩු වයසෙන් විවාහ වී පිරිමින් අදායම් ඉපයීමත් කාන්තාවන් දරුවන් වදා හදාගැනීමත් කළහ. මේ නිසා එකල්හි සිංහල මුස්ලිම් දමිළ ඇතුලු ජනවර්ග වල දරු උපත් වර්ධන වේගය බොහෝ දුරට සමාන වන්නට ඇත. වෙනස් වන්නට ඇත්තේ සංක්‍රමණ නිසා වන වෙනස් කම් විය හැකිය.

      කෙසේ නමුත් නූතන ලෝකයේ තත්වය වෙනස් වී ඇත. මුස්ලිම් ජනතාව අතර සැලකිය යුතු පිරිසක් හැර අන් ජනවර්ග ළමුන් සැදීම සීමා කර කාන්තාවන් උසස් අධ්‍යාපනය/ රැකියා සඳහා යොදවද්දී මුස්ලිම් පවුල්වල පැරණි තාලයේ ප්‍රජාවර්ධනය තහවුරු කෙරෙන ළමා විවාහ, මුසල්මානු පිරිමින් සඳහා බහු විවාහ, මුස්ලිම් කාන්තාවන් උසස් අධ්‍යාපනයෙන් වැළකී අඩු වයසෙන් විවාහ වී ගෘහණියන් ලෙස ගෙටම වී ළමුන් වදන මැශින් ලෙස කටයුතු කිරීම ආදිය නිසා වත්මන් තත්ත්වය දිගටම තිබ්බොත් මුස්ලිම් ජනතාව අන් ජනවර්ග පරදා ශීඝ්‍රයෙන් වර්ධනය වනු පෙනේ. සිංහල ජාතිවාදීන් මෙය වඩාත් උලුප්පා පෙන්වති. කෙසේ නමුත් ඉදිරි කාලය තුළ මුස්ලිම්වරුන් බහුතරය තුල යම් සංස්කෘතික විප්ලවයක් සිදුවුණොත් නම් මෙය වෙනස්විය හැකිය. සිංහල ජාතිවාදීන් පෙන්වා දෙන්නේ එවැන්නක් සිදු නොවී සිංහලයින් සුළුතරය වනු ඇති බවයි. කෙසේ නමුත් සැබෑ සත්‍යය කුමක් වේදැයි කාටවත් ස්ථිරව කිව නොහැක.

      බහුතර සිංහල ජනතාව අතර පවතින මතයක් නම් බොහෝ සිංහල තරුණයින් විවාහ වී ළමුන් හැදීම වැනි "අමාරු" වැඩ අතහැර අධ්‍යාපනය, ව්‍යාපාර, රැකියා කර විවාහ නොවී "ආතල්" ගැනීමට පමණක් පෙළඹී ඇති බවයි. මෙම ගුරුවරයා කියන්නේ එසේ නොකර සිංහල ජනවර්ගය ව්‍යාප්ත කරන ලෙසයි. ඔහු මුස්ලිම් වරුන් වැඩි වේගයෙන් වර්ධනය වන බව උපකල්පනය කර තිබෙනුද පෙනේ.

      මේ නිසා ඔය වැනි සිංහල ජාතියට ආදරේ කරන අය මෙන්ම නග්න සිංහල ජාතිවාදීන් ද, තරමක් ජාතිවාදී අදහස් දරන නිදහස් මතධාරීන්ද, මුස්ලිම් විරෝධී අයද සිංහල තරුණයින්ට වැඩිපුර ළමුන් හදා සිංහල ප්‍රජාවර්ධනය කළ යුතු බවට මත දරණු පෙනේ. අනෙක් අතින් ආණ්ඩුවද මේ වන විට ඇති අර්බුද නිසා සංවිධානාත්මකව මේවාට සහය දෙන බවට බොහෝ දෙනා චෝදනා කරති.

      මහින්දවාදී විපක්ෂ කණ්ඩායම් මෙන්ම බොහෝ නිදහස් මතධාරීන්ද චෝදනා කරන පරිදි 25%ක් වන සුලු ජාතික චන්ද වලින් අති බහුතර (80-85%) ක් සහ බොරැවෙන් සහ ප්‍රෝඩාවෙන් 75% ක් වන මහ ජාතියේ චන්ද වලින් ටිකක් (40%-45%)ක් කඩා ගෙන මංත්‍රි බහුතරය හදා ගත්තට මහ ජාතියේ බහුතර සහාය නැතුව රටක් පාලනය කල හැක්කේ ඉතාම ටික කලක් බවයි. අද හැම අතින්ම රට අස්ථාවර විමෙන් සහ අැඳිරි නීතිය / හදිසි නීතිය නැතුව ‘යහපාලකයන්ට’ රට පාලනය කරන්න බැරි වීමෙන් ‘යහපාලනය’ සහ සංහිඳියාව බොරැවක් බව හෙලි වෙලා ඉවර බව මොවුන් පෙන්වා දෙති.

      Delete
  4. බ්‍රිතාන්‍ය ජාතික භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකින්ස් අභාවප්‍රාප්ත වූ බව මීට ටික වේලාවකට පෙර ඔහුගේ පවුල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

    කළු කුහර හා සාපේක්ෂතාවාදය සම්බන්ධයෙන් සුවිශේෂී සොයාගැනීම් රැසක් කළ විද්‍යාඥ ස්ටීවන් හෝකින්ස් මියයන විට 76 වියේ පසුවිය.

    කාලයේ ඉතිහාසය පිළිබඳ සංක්ෂිපත්යක් (A brief history of time) යනාදී ලෝ ප්‍රකට කෘති රැසක් රචනා කර ඇති ස්ටීවන් හෝකින්ස් 21 වැනි සියවසේ ලොව විශිෂ්ඨතම මනසේ හිමිකරු ලෙසින් ද හැඳින්විනි.

    “අපේ ආදරණීය පියාණන්ගේ අභාවයෙන් අපි දැඩි කම්පාවටත් කනගාටුවටත් පත්ව සිටිමු” යැයි ස්ටීවන් හෝකින්ගේ දරුවන් වන ලුසි, රොබට් සහ ටිම් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

    1942දී උපත ලැබූ හෝකින්ස් වයස 21දී මෝටර් නියුරෝන් ඩිසීස් නම් ශරීරයේ මාංෂපේෂි හා ස්නායු අක්‍රියවන රෝගය වැළඳී ඇතිබව සොයාගත් අතර එම රෝගය නිසා ඔහු වසර 2ක් ඇතුලත මිය යන බවත් වෛද්‍යවරුන් ප්‍රකාශකලා. එහෙත් තවත් වසර 55ක් ජීවත් වෙමින් විද්‍යා ලෝකයට අමිල මෙහෙයක් ඉටුකල මහාචාර්ය හෝකින්ස් සිය නිවසේ නිදා සිටියදී මියගිය බව හෝකින්ස් පවුලේ සාමාජිකයින් මාධ්‍යවලට පවසා සිටියා.

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට නලීන් ද සිල්වා මහත්තයානම් කීවෙ වෙන කතාවක්.

      ඇංග්ලිකන් ක්‍රිස්තියානි ශිෂ්ටාචාරයතුල සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයින් බිහිවී ඇත්තේ අඩුවෙන්.
      බොහෝවිට සිදුවී ඇත්තේ වෙනත් සංස්කෘති තුල බිහිවූවන් ඇංග්ලිකන් සංස්කෘතියට හරවා ගැනීමයි. (මුස්ලිම් ආගමට හැරෙනවා වගේ)
      උදාහරනයක් ලෙස ඇල්බට් අයින්ස්ටයින් විද්වතා ඇමරිකා ඔරුමත්තුනාඩුවට සංක්‍රමණයවීම දැක්විය හැකියි.

      මේ හේතුව නිසාම ස්ටීවන් හෝකින් මහතාට ඇංග්ලිකන් ශිෂ්ටාචාරය තුලින් ලොකු ප්‍රචාරයක් ලැබුනා.
      එහිදී ඔහුගේ ආබාධිත තත්වයත් ප්‍රචාරක උපක්‍රමයක් හැටියෙට පාවිච්චි වුනා.

      මටනම් ඔයගැන විචාරයක් දෙන්න තරම් විද්‍යා දැනුමක් නෑ.
      නමුත් කාලාම සූත්‍රයේ තියෙනවා නලීන් ද සිල්වා වගේ විඤ්ඤූන්ගේ උපදෙස්වලට ගරු කරන්න කියලා.
      එහෙම අදහසක් තියෙන බවයි කිව්වේ.

      Delete
  5. මේ ඔක්කොටම වඩා අතල් 'නිදහස් බාෂණයේ අයිතිය' කියල ලියුන් ලියපු ලොජියෝ, මැට්ටෝ පැරාල ඉයන්ලා ඔක්කොමල කටයි පුකයි වහගෙන ඉන්න හැටි දකිනකොට

    ReplyDelete
  6. ඉකොනොමැට්ටා, වර්තමානයේ ශ‍්‍රි ලංකාව තුල ඇතිව තිබෙන ජාතිවාදය/ ආගම්වාදය මුල්කරගත් කලහකාරී තත්වය පැති ගණනාවකින් 1983 ජූලි මාසය හා සමාන බව ජිනීවාහි හිටපු ශ‍්‍රි ලංකා නිත්‍ය නියෝජිත තමාරා කුනනායකම් මහත්මිය පවසයි.

    දේශපාලන අරමුණු සහිතව විවිධ ජනවර්ගයන් අතර ප‍්‍රකෝපකාරී ක‍්‍රියාවන් ඇති කර තිබෙන බවත් ඉන් බලාපොරොත්තු වන්නේ රට තුල ඇති සැබෑ ප‍්‍රශ්න යටපත් කර ජනතා අවධානය වෙනතකට යොමු කිරීම බවද ඇය පෙන්වා දෙයි.

    අද ඇතිව තිබෙන තත්වය 1983න් වෙනස් වන එකම සාධකය වන්නේ එදා ඉලක්කය වූ දෙමල ජනතාව වෙනුවට අද මුස්ලිම් ජනතාව ඉලක්ක වීම බවද ඇය කියා සිටී.

    මුස්ලිම්වරුනට එරෙහිව සිදුවූ මෙම ප‍්‍රහාර වොෂින්ටනයේ න්‍යාය පත‍්‍රය මත සිදු වූවක් බවත් එමගින් ශ‍්‍රී ලංකාව ඇමරිකාවට වාසිදායක රටක් බවට පත් කිරීම හා චිනයෙන් උපායමාර්ගිකව ඈත් කර තැබීම බලාපොරොත්තුව බවත් ඇය පෙන්වා දෙයි.

    කොළඹදී පැවති "එළිය" සංවිධානයේ මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම අදහස් පල කලේය.

    මෙරට සිටින ඇමරිකානු තානාපතිවරයා හැසිරෙන්නේ යුව රජෙකු ලෙසින් යයිද කී ඇය අගමැති රනිල් වික‍්‍රමසිංහ ඉවත් නොකරන්නැයි තානාපතිවරයා විසින් කර තිබූ නියෝගයට මෙරට පාලකයන් එකග වී තිබූ බව පෙන්වාදුන්නාය. මේ ගැන ඇමරිකන් ජාතිකයකු වන ඔබ දරණ මතය කුමක්ද?

    ReplyDelete
  7. ඉකොනොමැට්ටා, මේ ලංකාවේ කැකිල්ලේ රාජ්‍ය සමයයි. පැමිණිල්ල විත්තිය වෙයි. නියම විත්තිය අතුරුදන් වෙයි.

    රවි කරුණායක මන්ත්‍රීවරයා මාධ්‍ය අමතා සඳහන් කළේ රජයේ අැමතිවරයෙකු මහනුවර සිද්ධියේ ප්‍රධාන මෙහෙයුම්කරු බවයි. රජයේ සිටින බැටලු හම පොරවාගත් වෘකයා එම පුද්ගලයා බවයි. සෑම පවුලකම කලු බැටලුවෙක් සිටිනවා සේ මෙම ආණ්ඩුවේ සිටින කලු බැටලුවා ද ඔහු බව කරුණානායක මන්ත්‍රී වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    එසේනම් ඔහු කවුද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: