වෙබ් ලිපිනය:

Sunday, November 10, 2019

අයෝධ්‍යා තීන්දුව


මුළු මහත් ඉන්දියාවම ඇස් දල්වා බලා සිටි අයෝධ්‍යා අර්බුදයේ ගමන් මාර්ගයේ සුවිශේෂී මං සලකුණක් සටහන් කරමින් අර්බුදයට මුල්ව ඇති බිම්කඩේ අයිතිය ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දිනයේ හින්දූන්ට ලබා දුන්නා. මේ තීන්දුවෙන් පසු ආගමික ගැටුම් ඇති වීම වලක්වනු පිණිස ඉන්දීය රජය හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

ඉන්දියාවේ ජනගහනයෙන් 80%ක් පමණ හින්දූන් වුවත් ඉන්දුනීසියාව හැරුණු විට ලෝකයේ වැඩිම මුස්ලිම් ජනගහණයක් සිටින රටත් ඉන්දියාවයි. මේ ආගමික කණ්ඩායම් දෙක අතර ගැටුම් ඉන්දියාවට අලුත් දෙයක් නෙමෙයි. හින්දූන් හා මුස්ලිමුන් අතර කාලයක් තිස්සේ පවතින අයෝධ්‍යා අර්බුදයත් සියවස් කිහිපයක් ඈතට දිවෙන්නක්.

හින්දු ආගමික සාහිත්‍යයට අනුව විෂ්ණුගේ සත්වන අවතාරය රාම. රාමායනය අනුව රාම ඉපදී තිබෙන්නේ අයෝධ්‍යා නගරයේ. බුද්ධ කාලයේ සාකේත නුවර සේ හැඳින්වී තිබෙන්නේත් මේ අයෝධ්‍යාවයි. සාකේත සූත්‍රය දේශනා කර තිබෙන්නේ මේ ආසන්න අඳුන් වනයේ සිටයි.

අයෝධ්‍යා අර්බුදයට හේතු වූයේ 1992දී විනාශ කරනු ලැබූ බාබුර් මුස්ලිම් පල්ලියයි. මේ පල්ලිය ඉදි කර ඇති සේ සැලකෙන්නේ 1528දීයි. හින්දු පාර්ශ්වයට අනුව, රාම ඉපදී තිබෙන්නේ හරියටම මේ මුස්ලිම් පල්ලිය තිබෙන තැනයි. ඔවුන් විශ්වාස කරන ආකාරයට පල්ලිය හදා තිබෙන්නේ පෙර එම ස්ථානයේ වූ රාම දෙවොලක් මතයි.

බාබුර් පල්ලිය පිහිටි බිමට අක්කර 2.77ක භූමියට හින්දූන් අයිතිවාසිකම් කියන්නේ දහනවවන සියවසේ මැද සිටයි. ඉංග්‍රීසින් විසින් පල්ලිය ඇතුලේ මුස්ලිමුනටත්, පල්ලියෙන් පිටත කොටසක හින්දූන්ටත් ආගමික වතාවත් කිරීමට වෙන් කර දී තිබියදී 1949දී හින්දූන් පිරිසක් විසින් බලහත්කාරයෙන් පල්ලියට ඇතුළු වී එහි රාම සීතා ප්‍රතිමා තැන්පත් කිරීමෙන් පසුව ප්‍රශ්නයේ වත්මන් අදියර ආරම්භ වෙනවා. ජවහර්ලාල් නේරු විසින් මේ ප්‍රතිමා ඉවත් කරන්න උත්සාහ කළත් එය කළ හැකි වන්නේ නැහැ.

විශ්ව හින්දු පර්ෂද් ක්‍රියාකාරිකයින් මුල් වී 1992 දෙසැම්බර් 6 වනදා බාබුර් පල්ලිය විනාශ කර දමන අතර ඉන් පසු ඇතිවන ආගමික ගැටුම් හේතුවෙන් දෙදහසක පමණ පිරිසක් මිය යනවා. ඉන්පසුව හින්දු ආගමික සංවිධාන දෙකක් හා මුස්ලිම් ආගමික සංවිධානයක් ස්ථානයේ අයිතිය වෙනුවෙන් නඩු මගට යනවා. 2003දී සිදු කරන පුරා විද්‍යා කැනීම් අනුව මුස්ලිම් පල්ලිය පිහිටි තැන ඊට සියවස් කිහිපයකට පෙර සිට වෙනත් ආගමික ගොඩනැගිල්ලක් තිබී ඇති බව පෙනී යනවා. එහෙත් එය රාම දෙවොලක්ද, ශිව දෙවොලක්ද එසේත් නැත්නම් බෞද්ධ විහාරයක්ද යන්න විවාදිත කරුණක්.

පුරා විද්‍යා කැණීම් අනුව භූමියට හින්දු අයිතියද පිළිගනිමින් 2010 සැප්තැම්බරයේදී අලහබාද් මහාධිකරණය විසින් අදාළ බිම්කඩ සම කොටස් තුනකට බෙදා හින්දු සංවිධාන දෙකක් හා මුස්ලිම් සංවිධානයක් අතර බෙදා දෙනවා. එහෙත්, අදාළ පාර්ශ්ව මේ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගෙනියනවා. අද (නොවැම්බර් 9) ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව රාම ජන්ම භූමියේ අයිතිය මුළුමනින්ම හින්දු පාර්ශ්වයට ලැබෙන අතර මුස්ලිම් පල්ලිය හදා ගැනීම සඳහා වෙනත් තැනකින් ඉඩම් අක්කර පහක් ලබා දී තිබෙනවා. මේ සමඟ අයෝධ්‍යාවේ රාම දෙවොලක් සෑදීම පිළිබඳ නරේන්ද්‍ර මෝදිගේ ඡන්ද පොරොන්දුවක්ද ඉටු කිරීමට ඉඩකඩ සැලසෙනවා.

මේ තීන්දුව පිළිබඳව මුස්ලිම් පාර්ශ්වය සතුටු නොවන බව කිව යුතු නැහැ. සිකුරාදා රාත්‍රියේ දැනුම් දී සෙනසුරාදා උදේ තීන්දුව ප්‍රකාශ කර තිබෙන්නේ කිසිදු පාර්ශ්වයකට ආගමික ගැටුම් සඳහා සංවිධානය වීමට ඇති ඉඩකඩ අහුරන්නයි. ඊට අමතරව ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවක පාසැල් හා සරසවි වසා හමුදා සීරුවෙන් තබා තිබෙනවා.

7 comments:

  1. මහත්තයා ඉන්දියාවේ වැඩ වසන හින්දු භක්තිකයෙක්ද?

    ReplyDelete
    Replies
    1. Priyantha Hewage Maathalan රෙද්දේ රෙවුන සමනලයෙක්ඔබේ උස්සහය අගය කල යුතුයි. තව තව උනන්දුවෙන් වැඩ කරන්න
      බලන්න බයියන්ගෙ හැදියාව මුන් වගේ තා හරක් ඉන්නවා නම් අටපට්ටමට කියන්නම ඕන හොදෙයි

      Delete
  2. ඉන්දියානු දෙමළ ජාතිවාදය යනු ක්‍රිස්තියානි මිශනාරීන් විසින් ගොඩනගා බිරිතානීන් විසින් බෞතීස්ම කෙරුණු එකක් එහි අරමුණ හින්දු සමාජය බෙදීමයි.

    ReplyDelete
  3. අහෝ ඝොට්ටා ජනාධිපති වුවහොත් ලංකාවේ මුස්ලිම්වරුන්ට වෙන්නෙත් මේ වගේම අපරාධයක් නේද?

    ReplyDelete
  4. අයෝද්‍යා තීන්දුවට ඉන්දීය අධිකරණය පාදක කරගත් වැදගත් හේතුවක් නඩු තීන්දුවේ සටහන් වී තිබුණා. එනම් මෙම මුස්ලිම් පල්ලිය ඉදිකෙරුණ අඩිතාලමට යටින් මුස්ලිම් නොවන වෙනත් ශිෂ්ටාචාරයකට අයත් නටඹුන් හමුවී ඇති බවයි.
    මෙම නඩු තීන්දුව කිසිම ජාතියක සතුටට හෝ කණගාටුවට කරුණක් නොවියයුතු බවට් නරේන්ද්‍ර මෝඩි අගමැතිවරයා කල ප්‍රකාශයද වැදගත්.

    ReplyDelete
  5. අයෝද්‍යා නඩු තීන්දුව
    මෝඩි දකිනහැටිත්
    දහසක් වරද කරුවන් අතරින්
    තෝරාගත්
    රෝයල් පාර්ක් චුදිතයා
    නිදහස් ලබනහැටිත්
    අහසට පොලව වගේ!

    දුම්රියේ තේ වික්ක කොල්ලා
    ග්‍රාමසේවකට වඩා වටී!!

    ReplyDelete
  6. නසා- වනසා දමන්නට අන් දහම් අදහන්නවුන් මෙලොවේ
    කියන්නේ නම්- කෙනෙක් ඌ අමු තිරිසනෙක්වේ
    මගේ ජාතිය- මගේ ආගම දෙකම මයෙ ළඟ තිබිච්චාවේ
    එයම අදහන- වෙනස් කෙනෙකුත් මිහිතලය මත හිටපුවාවේ!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: