කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද -0.6ක අවධමනයක් වාර්තා වී තිබෙනවා. මේ එම දර්ශකය අනුව එක දිගටම අවධමනයක් වාර්තා වන දසවන මාසයයි. එහෙත් අපට විශ්වාසයෙන් යුතුව කිව හැක්කේ මෙම ජූනි මාසය අවධමන රැල්ල අවසන් කරන මාසය බවයි.
ශ්‍රී ලංකාවේ නිල උද්ධමන දර්ශකය වන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයයි. එම දර්ශකය අනුව ජූනි මාසයේදීද අවධමනයක් පෙන්නුම් කළත් ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මැයි මාසයේදීම අවධමනය අවසන් වී නැවත උද්ධමන තත්ත්වයක් ඇති වී තිබෙනවා.
අලුත් මහ බැංකු පණත මගින්, මුදල් ප්‍රතිපත්ති හා අදාළව, මහ බැංකුවට ස්වාධීනත්වය ලබා දී තිබෙනවා. මෙවැනි තත්ත්වයක් යටතේ, උද්ධමනය එකඟ වූ මට්ටමේ පවත්වා ගැනීම මහ බැංකුවේ කාර්යයක්. ඒ නිසා, උද්ධමනය එම මට්ටමේ නොපවතීනම් මහ බැංකුවට ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කිරීමට සිදු වෙනවා.
මහ බැංකුව එකඟ වී තිබෙන්නේ උද්ධමනය 5% මට්ටමේ තියාගන්නයි. මෙහිදී උද්ධමනය සේ අර්ථ දක්වා තිබෙන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනයේ කාර්තුවක හෙවත් මාස තුනක කාලයක සාමාන්‍ය අගයයි. එක දිගට කාර්තු දෙකක්ම එම අගය 3% මට්ටමෙන් පහළට වැටී ඇත්නම් හෝ 7% මට්ටමෙන් ඉහළට ගොස් ඇත්නම් මහ බැංකුව විසින් තමන්ගේ කාර්යය නිසි පරිදි ඉටු කර නැති සේ සැලකෙනවා.
මහ බැංකුව ඉහත කී උද්ධමන ඉලක්කය පවත්වා ගැනීමට එකඟ වී එම එකඟතාවය ගැසට් කළේ 2023 ඔක්තෝබර් මාසයේ 3 වෙනිදායි. ඉන්පසු එළැඹුණු පළමු සම්පූර්ණ කාර්තුව 2024 පළමු කාර්තුවයි. එනම්, ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාස තුනයි. 2024 මාර්තු මාසයේදී උද්ධමනය 3% සීමාවෙන් පහළට ආවත්, මාස තුනේ සාමාන්‍ය අගය 4.4% මට්ටමේ පැවතුණා. ඒ කියන්නේ මහ බැංකුව එම කාර්තුවේදී උද්ධමන ඉලක්කය ලඟා කරගත්තා.
එහෙත් ඉහත තත්ත්වය දැකිය හැකි වුනේ 2024 පළමු කාර්තුවේදී පමණයි. 2024 දෙවන කාර්තුවේ සාමාන්‍ය උද්ධමනය 1.4% දක්වා පහත වැටී 2024 තුන්වන කාර්තුවේදී 0.8% දක්වා තවත් පහත වැටුණා. ඒ කියන්නේ එක දිගටම කාර්තු දෙකක් උද්ධමන ඉලක්කය ගිලිහුණා. මෙය සැලකෙන්නේ නිල වශයෙන් මහ බැංකුව විසින් උද්ධමන ඉලක්කය මග හැරගැනීමක් ලෙසයි.
මේ අයුරින් කාර්තු දෙකක්ම ඉලක්ක පරාසයේ පහළ සීමාවෙන් පහළ තිබුණු උද්ධමනය 2024 හතරවන කාර්තුව වෙද්දී තවත් පහළට වැටී අවධමන තත්වයක් ඇති වුනා. හතරවන කාර්තුවේ සාමාන්‍ය අගය -1.5%ක්. එම අවධමන තත්ත්වය 2025 පළමු කාර්තුව දක්වා දිගු වුනේ -3.6ක අවධමනයක් වාර්තා කරමින්. මෙම මට්ටම ඉලක්කයට වඩා 8.6%කින් අඩු මට්ටමක්. කෙසේ වුවත්, මේ වන විට ප්රකාශිතව ඇති සංඛ්‍යාලේඛණ අනුව, 2025 දෙවන කාර්තුවේදී අවධමනය -1.1කට සීමා වී තිබෙනවා.
අවධමන රැල්ල මෙම (2025 ජූනි) මාසයෙන් අවසන් වීමට නියමිතව ඇතත්, තෙවන කාර්තුවේදීද උද්ධමනය 3% සීමාව ඉක්මවා නොයන්නට ඉඩ තිබෙනවා. එය සිදු වනු ඇත්තේ සිවුවන කාර්තුව තුළයි. මේ අනුව, දැනටමත් එක දිගටම කාර්තු පහක් තිස්සේ ගිලිහී ගොස් ඇති මහ බැංකුවේ උද්ධමන ඉලක්කය ඉදිරි කාර්තුව තුළද ගිලිහී යන්නට ඉඩ තිබෙනවා. කෙසේ වුවත්, මේ වෙද්දී මහ බැංකුව විසින් "උද්ධමනය නිපදවමින්" සිටින බැවින් සිවුවන කාර්තුව තුළ මහ බැංකුව විසින් ඉලක්කය කරා යාමට නියමිතයි.
"සල්ලි අච්චු ගැසීම" මගින් මහ බැංකුවට උද්ධමනය නිපදවිය හැකියි. සල්ලි අච්චු ගැසීම යන්නෙන් සාමාන්‍යයෙන් අදහස් කරන්නේ මහ බැංකුවේ සංචිත මුදල් ප්‍රමාණය වැඩි කිරීමයි. සංචිත මුදල් යනු සංසරණයේ ඇති කාසි හා නෝට්ටු ප්රමාණයේත්, මහ බැංකුවේ ගිණුම් වල ඇති බැංකු සහ රජය සතු මුදල් ප්රමාණයේත් එකතුවයි.
මහ බැංකුව ස්වාධීන කිරීම යන්නෙන් අදහස් කෙරෙන්නේ "සල්ලි අච්චු ගැසීම" නවත්වා ඇති බව නොව, කොපමණ සල්ලි අච්චු ගැසිය යුතුද යන්න මහ බැංකුවට ස්වාධීනව තීරණය කළ හැකි බවයි. මහ බැංකුවක ව්‍යාපාරික කාර්යය මෙන්ම නිල කාර්යය වන්නේද "අවශ්‍ය පමණ" සල්ලි අච්චු ගැසීමයි. ලංකාවේ සන්දර්භයේදී මෙම "අවශ්‍ය ප්‍රමාණය" වන්නේ මහ බැංකුවට ලබා දී තිබෙන උද්ධමන ඉලක්කය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණයයි. හරියටම කිවුවොත්, උද්ධමනය 5% මට්ටමේ තබා ගැනීම සඳහා අච්චු ගැසිය යුතු සල්ලි ප්‍රමාණයයි.
මහ බැංකුව විසින් සල්ලි අච්චු ගැසිය යුත්තේ උද්ධමනය පහළ, ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමේ අරමුණින් වුවත්, මහ බැංකුවේ ස්වාධීනත්වය නැති වීම හේතුවෙන් රජයේ අයවැය පියවීමේ අරමුණින් සහ රජයේ පිරිවැය අඩු මට්ටමක තබා ගැනීම සඳහා පොලී අනුපාතික පහළ මට්ටමක තබා ගැනීමේ අරමුණින් සල්ලි අච්චු ගසන්නට මහ බැංකුවට සිදු වුනා. එහි ප්‍රතිඵලය වූයේ උද්ධමනය පාලනය කර ගත නොහැකි මට්ටමකට ඉහළ යාමයි.
උද්ධමනය පාලනයෙන් ගිලිහුණු විට එය නැවත අවශ්‍ය මට්ටමට පහත හෙළා ගැනීම ඉතා අසීරුයි. මේ සඳහා හොඳම තත්කාලීන උදාහරණයක් වන්නේ මේ වන විටද 43.5% මට්ටමේ උද්ධමනයක් පවතින ආජන්ටිනාවයි. රාජ්‍යමූල්‍ය කළමනාකරණය යහපත් තත්ත්වයක පැවතියද, මෙම වසර අවසන් වෙද්දී පවා ආජන්ටිනාවට උද්ධමනය තනි අංකයකට අඩු කර ගැනීමේ හැකියාවක් පෙනෙන්නට නැහැ. එරට ණය පොලී අනුපාතික තවමත් 40% සිට 140% දක්වා වන ඉහළ පරාසයක විචලනය වනු දැකිය හැකියි.
එහෙත්, රාජ්‍යමූල්‍ය අංශයෙන් ලැබුණු සහයෝගයේ උපකාරයද ලබමින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉතා කෙටි කලකින් ලංකාවේ උද්ධමනය පාලනය කර ගැනීමට සමත් වුනා. මෙහිදී මහ බැංකුව විසින් ඉතා දැඩි මුදල් ප්‍රතිපත්තියක් පවත්වා ගෙන යනු දැකිය හැකි වූ අතර සල්ලි අච්චු ගැසීම මුළුමනින්ම වගේ නවත්වා දමනු ලබා තිබුණා. කෙසේ වුවත් මේ වන විට මහ බැංකුව විසින් නැවතත් "අවශ්‍ය ප්‍රමාණයට" සල්ලි අච්චු ගසමින් සිටිනු දැකිය හැකියි.
ජූලි මාසයට අදාලව අද (30) දින ඉන්ධන මිල සංශෝධනය වූ අතර, ඒ අනුව,
ReplyDeleteරුපියල් 293ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 305ක්.
රුපියල් 274ක්ව පැවති සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 289ක්.
රුපියල් 178ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 7 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 289ක්.
@ Ano 12.33
Deleteඅවුරුදු 76ක් පුරාම රට කාපු වලව්වල පල් හොරුන්ට කඩේයන මෝඩ වහලෝ, තොට තේරෙන් නැද්ද අපේ නායක සහෝලා කිව්වේ හොඳ වැදගත් පොහොසත් මිනිස්සුන්ට මාස තුනකට ඇතිවෙන්න තෙල් තියනවා කියලා..
ඒක බොරු නෙමෙයි, ඇත්තටම තියනවා..
ඒකනේ සුපර් පැට්රල්, සුපර් ඩීසල් එහෙම කිසිම වැඩිවීමක් නැත්තේ..
හොරුන්ට කඩේයන මෝඩ වහල්ලු ගහන නෝමල් පෙට්‍රල් ඩීසල් පොඩ්ඩක් වැඩි උනාට ඒක රටේ මාලිමාවට ඡන්දය භාවිත කරන උගත් බුද්ධිමත් ජනතාවට ප්‍රශ්නයක් නෙමෙයි.
- NPP අපි
සංඛ්‍යා ලේඛන හරියට බලතොත් විදුලි පහන් කණුවක් වාගෙයි
ReplyDeleteඑළිය විහිදුවයි, අඳුර දුරු කරයි, පාරත් පෙන්වයි, ඔහේ ඉඳියි
කෙලින් ඉන්න බැරි බේබද්දෙකුගේ හේත්තුවත් ඉවසන් හිඳිතෙයි
ඩ්‍රයිවින් බැරි අය රිය පදවනකොට මාරක එහෙමත් පාදා දෙයි!
ඉකොනෝමැට්ටා
ReplyDeleteඇත්තටම ලංකාවේ ආර්ථිකය ගැන කතා කරනකොට, මහ බැංකුව ඉදිරිපත් කරන උද්ධමන සංඛ්‍යාලේඛන සහ සාමාන්‍ය ජනතාවට දැනෙන යථාර්ථය අතර තියෙන්නේ අහසයි පොළොවයි වගේ වෙනසක්! මහ බැංකුව ලස්සනට සංඛ්‍යා දත්ත පෙන්නලා, උද්ධමනය අඩු වෙලා, සමහර වෙලාවට සෘණ වෙලා (deflation) කියලා කිව්වට, ඒක ජනතාවගේ ජීවිතවලට කිසිම සහනයක් දැනිලා නැහැ ප්‍රායෝගික තලයේදී. ඇත්තටම වෙලා තියෙන්නේ මහ බැංකුව IMF (ජාත්‍යන්තර මූල්‍ය අරමුදල) පදයට නටමින්, ජනතාව තව තවත් පීඩාවට පත් කරන එක
මහ බැංකුවේ "සාවද්‍ය" සංඛ්‍යාලේඛන - මේවා කාටද වගකියන්නේ?
මහ බැංකුව නිකුත් කරන පාරිභෝගික මිල දර්ශක (CCPI, NCPI) පසුගිය මාස කිහිපය තුළ විශාල ලෙස පහත වැටී ඇති බව පෙන්වනවා. සමහර වෙලාවට මේවා සෘණ අගයන් ( deflation) දක්වාත් ගියා. නමුත්, මේකෙන් අපේ සාක්කුවලට දැනෙන දේ මොකක්ද?
බොරුවට ගොතන ලද දත්ත බවත් මේ සංඛ්‍යා දත්ත පිටුපස සැබෑ ජීවන වියදම පිළිබිඹු නොවන බවට ප්‍රබල මතයක් පවතිනවා. දෛනික අවශ්‍යතා වන සහල්, එළවළු, මස් මාළු, ගෑස්, විදුලිය වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල තවමත් අහස උසට. මහ බැංකුව කියන අඩුවීම අපිට දැනෙන්නේ නැහැ. මේවා ජනතාව රැවටීමට යොදා ගන්නා සාවද්‍ය සංඛ්‍යාලේඛන බවටයි බොහෝ දෙනෙක් චෝදනා කරන්නේ.
පදනම් දත්තවල ප්‍රශ්න: මිල දර්ශක ගණනය කිරීමට ගන්නා පදනම් වසර සහ භාණ්ඩ කූඩය පිළිබඳව ප්‍රශ්න මතු වෙනවා. ඒවා සාමාන්‍ය ජනතාවගේ සැබෑ පරිභෝජන රටාව නිරූපණය නොකරන බවටත්, එහෙයින් ලැබෙන ප්‍රතිඵල ද ජනතාවට දැනෙන යථාර්ථයෙන් බැහැර වන බවටත් විවේචන පවතිනවා.
IMF පදයට නටන මහ බැංකුව සහ ජනතාවගේ දුකට හේතු වෙන්නේ මෙහෙමයි ණය පහසුකම් ලබා ගැනීම අත්‍යවශ්‍ය වුණත්, ඒ සඳහා IMF විසින් පනවන ලද දැඩි කොන්දේසි ක්‍රියාත්මක කිරීමේදී මහ බැංකුව ජනතාවට දැඩි පීඩාවක් දී තිබෙනවා.
අඩු පොලී තැන්පතු සහ අධික පොලී ණය අනුපාත: උද්ධමනය පාලනය කරන්න කියලා මහ බැංකුව අධික ණය පොලී අනුපාත පවත්වාගෙන ගියා. මේකෙන් ව්‍යාපාර අඩපණ වුණා, අලුත් රැකියා බිහි වුණේ නැහැ. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බංකොලොත් වුණා. මිනිසුන්ට ණය ගන්න බැරි වුණා.
අධික බදු බර: IMF කොන්දේසි මත රජය දැවැන්ත බදු වැඩි කිරීමක් සිදු කළා. වැට් බදු, ආදායම් බදු වැනි බදු සියල්ල වැඩි වුණා. මේකෙන් ජීවන වියදම තවත් අහස උසට නැග්ගා.
මහ බැංකුව උද්ධමනය අඩුයි කිව්වට, මේ බදු බර නිසා ජනතාවට භාණ්ඩ මිලදී ගන්න තියෙන හැකියාව (purchasing power) දරුණු ලෙස අඩු වුණා.
මූල්‍ය දැඩිකිරීම (Monetary Tightening): මහ බැංකුව මුදල් සැපයුම දැඩි ලෙස පාලනය කළා. මේකෙන් ආර්ථිකයට මුදල් ගලා ඒම අඩු වුණා. ව්‍යාපාරික කටයුතු ඇනහිටියා. රැකියා අවස්ථා අඩුවීමෙන් විශාල පිරිසක් පීඩාවට පත් වුණා.
තව "කපන - අඩු කරන" සංස්කෘතිය: IMF වැඩසටහනේ ප්‍රධාන අරමුණක් වූයේ රාජ්‍ය වියදම් කප්පාදු කිරීමයි. මේකෙන් ජනතාවට ලැබෙන සහන සෑහෙන කපා හැරුණා. සෞඛ්‍ය, අධ්‍යාපනය වැනි අංශවල වියදම් කපා හැරීමෙන් සාමාන්‍ය ජනතාව තවත් අසරණ වුණා.
ජනතාව විඳින සැබෑ දුක - සංඛ්‍යා දත්තවලින් නොපෙනෙන යථාර්ථය
මහ බැංකුවේ සංඛ්‍යා දත්ත කොහොම පෙන්නුවත්, ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවිතය දරුණු ලෙස අඩාල වෙලා.
ආහාර හිඟය සහ කුසගින්න: මිල ඉහළ යාම නිසා පවුල් ගණනාවකට දිනකට වේල් දෙකක් හෝ එක වේලක් පවා සොයා ගැනීම අසීරු වෙලා. පෝෂණ ඌනතා වැඩි වෙලා.
රැකියා අහිමි වීම් සහ ආදායම් අහිමි වීම්: ව්‍යාපාර වැසී යාම, වියදම් කප්පාදු කිරීම් සහ ආයෝජන අඩුවීම නිසා විශාල පිරිසකට රැකියා අහිමි වී තිබෙනවා. රටේ ආදායම් මාර්ග අවහිර වෙලා.
බුද්ධි ගලනය (Brain Drain): රටේ දක්ෂයින්ට, උගත් තරුණ තරුණියන්ට මේ රටේ අනාගතයක් නැති නිසා විදේශගත වෙනවා. රටේ අනාගත සංවර්ධනයට මෙය විශාල පාඩුවක්.
ජීවන තත්ත්වය පහළ යාම: මධ්‍යම පාන්තිකයන්ගේ ජීවන තත්ත්වය දරුණු ලෙස පහළ බැහැලා. දරුවන්ගේ අධ්‍යාපනය, පවුලේ සෞඛ්‍ය අවශ්‍යතා පවා සපුරා ගැනීමට නොහැකි තත්ත්වයකට පත් වෙලා.
නිගමනය - මේ ආර්ථික නාඩගමට වගකිව යුත්තේ කවුද? 😡
මහ බැංකුව උද්ධමනය පාලනය කළායැයි ලස්සන සංඛ්‍යා දත්ත පෙන්නුවත්, ඒකෙන් ජනතාවගේ ජීවිතවලට කිසිම සහනයක් වෙලා නැහැ. ඒ වෙනුවට සිදුවී ඇත්තේ ජනතාවගේ බදු බර වැඩි කිරීම, ජීවන වියදම ඉහළ නැංවීම සහ ආර්ථිකය තවදුරටත් අඩපණ කිරීමයි. මේවා IMF පදයට නටමින් සිදු කරන ලද ක්‍රියා බවටත්, මේ පිටුපස ජනතාවට සැබෑ සහනයක් දීමට අදහසක් නොමැති බවටත් ප්‍රබල චෝදනා එල්ල වෙනවා.
මේ ආර්ථික "නාඩගමෙන්" ජනතාව තවදුරටත් දුක් විඳිමින් සිටින අතර, මේ සඳහා සැබෑ වගකීම භාර ගන්නේ කවුද යන්න තවමත් ප්‍රශ්නාර්ථයක්