ලංකාවේ බැංකු වල ලාබ පිළිබඳව විවිධ දුර්මත ප්‍රචලිතව තිබෙනු දැකිය හැකියි. මෙම ලිපියේ අරමුණ පොදුවේ ලංකාවේ බැංකු පද්ධතියේ ලාභ පිළිබඳව තේරුම් ගත හැකි සංඛ්‍යාලේඛණ කිහිපයක් ඉදිරිපත් කිරීමයි. මෙහි බැංකු එකින් එක වෙන වෙනම ගෙන සලකා බැලීමක් සිදු කර නැහැ.
ආයතනයක ලාභ පිළිබඳ ප්‍රමුඛ නිර්ණායකය වන්නේ යොදවා ඇති ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ අනුපාතිකයයි (ROE). පහත තිබෙන්නේ ලංකාවේ බැංකු පද්ධතිය සමස්තයක් ලෙස ගත් විට පසුගිය වසර වල එම අනුපාතය.
2019- 10.3%
2020- 9.4%
2021- 13.4%
2022- 10.4%
2023- 11.5%
2024- 15.6%
සාමාන්‍ය අගය - 11.8%
අපට මෙම ප්‍රතිලාභ අනුපාතික වසරකින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් වල ඵලදා අනුපාතික සමඟ සංසන්දනය කළ හැකියි.
2019- 8.45%
2020- 5.05%
2021- 8.24%
2022- 29.27%
2023- 12.93%
2024- 8.96%
සාමාන්‍ය අගය - 12.15%
බැංකු මගින් කරන්නේ තැන්පතු ලෙස එකතු කර ගන්නා අරමුදල් ණය ලෙස දීම මගින් ලාබයක් උපයා ගැනීම. තැන්පතු වලට සාපේක්ෂව ණය දෙන්නේ දිගුකාලීනවයි. ඒ නිසා වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ යද්දී බැංකු වලට එහි වාසිය ලැබෙන්නේ නැහැ. අරමුදල් කලින් දුන් ණය වල හිරවෙලයි තියෙන්නේ. නමුත් වෙළඳපොළ පොලී අනුපාතික පහළ යද්දී ඒ විදිහට දිගුකාලීනව ණය ලබා දී තිබීම බැංකු වලට වාසියක් වෙනවා.
ආර්ථික අර්බුදය හමුවේ, 2022දී පොලී අනුපාතික විශාල ලෙස ඉහළ ගියත්, එයින් බැංකු වල කොටස්හිමියන්ගේ ප්‍රතිලාභ අනුරූප ලෙස ඉහළ ගියේ නැහැ. නමුත් දැන් පොලී අනුපාතික පහත වැටෙද්දී බැංකු වල කොටස්හිමියන්ගේ ප්‍රතිලාභ ඉහළ යමින් තිබෙනවා.
සරල කරල වැඩිද? අර්බුදය කාලයේ විශාල ලෙස Small and Medium size enterprises (SME) sector එකේ ණය ගෙවීම් පැහැර හැරීම් වැඩි වුනා. ඒ කාලයේ විශේශයෙන්ම Non performing loans provison (NPL Provision) එකේ වල විශාල ඉහල යාමක් තිබුණා. ඒවාට provisions කරන කොට ප්‍රකාශිත ලාභය පහල යනවා. පසුව ඒ ණය නැවත ගෙවෙන විට කලින් කරපු provisions reverse කරනවා. ඊට අමතරව බැංකු විශාල ලෙස රුපියල් සහ ඩොලර් බොන්ඩ් වල ආයෝජනය කර තිබුණා. ණය කපා හැරීමක් සිදුවීමට ඉඩක් තිබුණ කාලයේ ඒවාට provisions කලා. පසුව සමහර ඩොලර් ණය රුපියල් වලින් රජය ගෙව්වා. ඒ සමඟම බොන්ඩ් වල කල් පිරුණ වටිනාකම කපා හැරීමක් සිදුවුණේ නැහැ. පොලිය වෙනස් වීම නිසා බොන්ඩ් වල වෙලඳපොල වටිනාකම පමණක් වෙනස් වුනා. එවිට ඒ සඳහා කල තිබූ provisions නැවත ලාභයට එකතු කලා. ඔබත් දන්න මේවා නිසා ලාභ ප්‍රතීශත වෙනස්වුනා. එම නිසා මේ විග්‍රහය සම්පූර්ණ නැහැ කියා මම හිතනවා.
ReplyDeleteඔබ හරි. මෙය සම්පූර්ණ නැහැ. පෝස්ට් එකක් ලෙස දැම්මේ ප්‍රශ්නයකට පිළිතුරක්. නමුත් මූලික අදහස නිවැරදියි. Impairment to Total Income 2022දී 19.9% දක්වා ඉහළ ගියා. 2024දී කොටසක් නැවත එකතු කිරීම නිසා (-2.7) වී තිබෙනවා. එය අසාමාන්‍ය තත්ත්වයක්. 2024දී ලාබ වැඩියෙන් පෙනෙන්න එය හේතු වී තිබෙනවා. නමුත් මෙහි පෙන්වන්න අවශ්‍ය වූ කරුණ දිගුකාලීනව බැංකු අංශය අසාමාන්‍ය අධික ලාබ ලැබීමක් සිදු නොවන බව. ඔය එකතු කීරීම් වලින් පසුවත් 2024 ROE එක 15.6%යි. සාමාන්‍ය අගය ගත් විට 2022දී provisions කර 2024දී provisions reverse කිරීමේ බලපෑම කැපිලා යනවා.
Delete