වෙබ් ලිපිනය:

Thursday, February 18, 2021

පර්සි අඟහරු වෙත!


පර්සි යන කෙටි නමින් හැඳින්වෙන පර්සිවියරන්ස් රෝවරය මාස හතකට ආසන්න ගමන් කාලයක් ගෙවා පැය කිහිපයකට පෙර අඟහරු ග්‍රහලෝකයේ ජෙසීරෝ ආවාට ප්‍රදේශය වෙත ලඟා වුනා. මෝටර් රථයක ප්‍රමාණයේ මේ රෝවරය මීට පෙර එහි ගිය කියුරියෝසිටි රෝවරයට සාපේක්ෂව සෑහෙන තරමකින් වැඩි දියුණු කළ එකක්. අඟහරු මත යා යුතු තැන දැනුම් දීමෙන් පසුව ඒ කරා යා යුතු හොඳම මාර්ගය තෝරා ගැනීමට මේ රෝවරය සමත්. 

අඟහරු වෙත මේ රෝවරය යැවීම අඟහරු ජනාවාස කිරීමේ ඉතාම මූලික අදියරේ පියවරක් ලෙස හඳුන්වන්න පුළුවන්. එය යැවීමේ ප්‍රධාන අරමුණු හතරක් වන්නේ,

- අඟහරු මත පිහිටි මූලික මට්ටමේ ජීවයකට පැවතිය හැකි හෝ පැවතිය හැකිව තිබුණු ස්ථාන හඳුනා ගැනීම;

- එම ස්ථාන ආශ්‍රිතව තිබිය හැකි හෝ තිබී ඇති මූලික මට්ටමේ ජීවයන් හඳුනා ගැනීම; 

- පසු දිනක වෙනත් යානයකින් ආපසු පොළොව වෙත රැගෙන ඒම සඳහා අඟහරුගේ "පස්" සාම්පල එකතු කර එක තැනකට ගොඩ ගැසීම (මේ පස් සාම්පල් පෘථිවියට ගේන්න 2026දී යන ගමනට ඉකොනොමැට්ටත් යන්නයි ඉන්නේ!); හා 

- අඟහරු මත ඔක්සිජන් නිෂ්පාදනය කිරීමේ හැකියාව පරීක්ෂා කිරීමයි.

රෝවරය සමඟ එහි යන කුඩා ඉන්ජෙනුයිටි හෙලිකොප්ටරයද අඟහරු ගැන වැඩි විස්තර දැන ගැනීම සඳහා උපකාරී වනු ඇති. පෘථිවියෙන් පිටත පළමු මිනිස් ජනාවාස හැදෙන්නේ අඟහරු මත වීමට ලොකු ඉඩක් තිබෙනවාක් මෙන්ම එය අපේ ජීවිත කාල තුළම සිදුවෙන්න වුවත් බැරිකමක් නැහැ. 

මිනිසා පැවැත්ම සඳහා කරන අරගලයේදී කුතුහලය කියන සාධකය විසින් හැම විටම වගේ පරිණාමික වාසි සපයා තිබෙනවා. කුතුහලය මිනිසාව අවදානම් ගැනීමට පොළඹවනවා. අවදානම් ගැනීම අලුත් දැනුම් එකතු කරනවා. දැනුම් ඇත්තද බොරුද කියන එකට වඩා වැදගත් වන්නේ දැනුම් වලින් වැඩක් තිබෙනවාද නැද්ද කියන එකයි. වැඩක් නැති දැනුම් පස්සේ යන අය පරිණාමික ක්‍රියාවලිය තුළ වඳ වී යාමත්, වැඩක් නැති දැනුම් අතහැර වැඩක් තිබෙන දැනුම් හොයා ගන්නට හෝ හොයා ගන්නට බැරිනම් අඩු වශයෙන් නිවැරදිව අනුකරණය කරන්නට පුළුවන් අය ඉතිරි වීම ඉතිහාසය පුරා දිගින් දිගටම සිදු වී ඇති දෙයක්. මිනිස් වර්ගයා අලුත් දැනුම් හොයා යන ගමනේදී පෞද්ගලික ප්‍රාග්ධනය විසින් කර තිබෙන කාර්ය භාරය ඉතා විශාලයි.

8 comments:

  1. මාස හතක් ! නරකම නෑ නේද? ඉස්සර යුරෝපයේ ඉඳන් ආසියාවට එන්නත් ඔයිට ආසන්න කාලයක් යන්න ඇති.

    ඉකොනොමැට්ටා බ්ලොග් ලියලා ප්‍රකෝටි ගානක් හම්බකරලනෙ... :D

    ReplyDelete
    Replies
    1. "ඉකොනොමැට්ටා" නම ඇතුළු නම් ඉතාම කුඩාවට ලියපු ප්ලේට් එකක් අඟහරුට යනවා. කැමති කෙනෙකුට 2026 ට්‍රිප් එකට නම දමාගන්න පුළුවන්.

      Delete
  2. පුද්ගලිකව ප්‍රාග් ධනය ගොඩ ගහලා
    පර්සිල යාවි අඟහරුවත් පහු කරලා
    හාල් පොල් පවා උඩටම ඇත නැඟලා
    පොදු ජන අපට නං දැන් ඇත කෙළවීලා!

    ReplyDelete
    Replies
    1. අඟහරු මත ජීවීන් හිටියොත් ණයක් ගන්න පුළුවන් වෙයි!

      Delete
  3. ඊකෝන්,

    මේ කතාව ඇත්ත වෙන්න පුළුවන් බොහෝ දුරට එහෙම නේද?

    https://www.facebook.com/somarathna.amithamunethanne/videos/1181943435555211/?app=fbl

    ReplyDelete
  4. ඔව්වා කර කරලා හිටියට වැඩක් තියෙනවා ඇයි. රටේ ජනාධිපති පවා ජබ්න්ද ක්‍රමය දුෂිතයි කියන ඇමරිකාව වගේ රටක. මොකද අනික් රටවලට ප්‍රජාතන්ත්‍රවාදය ගැන උපදෙස් දෙන්න එන්නේ ගූ ගාගෙන හැම තැනම ඇමරිකාව.

    ReplyDelete
  5. සින්හල අකුරු වලින් පර්සිවියරන්ස් කියන්නෙ නැතුව Perseverance කියලාම ලිව්වා නම් හොඳයි ඒ නමේ තියෙන වැදගත්කම ඔලුවට එන්න. කොවිඩ් වල සෞඛ්‍ය සේවකයන්ට tribute එකකුත් තියෙනවා නේද ඒක තුල.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: