වෙබ් ලිපිනය:

Saturday, September 18, 2021

ආර්ථිකය 12.3%කින් වර්ධනය වේ!

 



වසරේ දෙවන කාර්තුව තුළ, පෙර වසරේ දෙවන කාර්තුවට සාපේක්ෂව, ලංකාවේ ආර්ථිකය 12.3%කින් වර්ධනය වී තිබෙනවා. මේ වර්ධනය සිදුව තිබෙන්නේ කෘෂිකාර්මික අංශය 8.1%කින්ද, කාර්මික අංශය 22.1%කින්ද, සේවා අංශය 7.5%කින්ද වර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

පසුගිය වසරේ දෙවන කාර්තුව තුළ ලංකාවේ ආර්ථිකය 16.2%කින් හැකිලුනා. ඒ එම කාලය තුළ රටා වසා තැබීම හේතුවෙන්. එහෙත්, මේ වසරේ දෙවන කාර්තුව තුළ රට විවෘතව තිබුණු නිසා රටේ ආර්ථික ක්‍රියාකාරකම් සැලකිය යුතු තරම් ඉහළ මට්ටමක පැවතුණා. පෙර වසරේ කඩා වැටීමෙන් මුළුමනින්ම ගොඩ ඇවිත් නැතත්, ආර්ථිකය 12.3%කින් වර්ධනය වී තිබෙන්නේ ඒ නිසා. 

මෙවැනි වර්ධනයක් ලැබීමෙන් පසුවත්, තවමත් ආර්ථිකයේ ප්‍රමාණය 2017 දෙවන කාර්තුවේදී වූ තරමට වඩා අඩුයි. තෙවන හා සිවුවන කාර්තු තුළ රට වසා දැමීම නිසා ආර්ථිකයේ පසුබෑමක් නැවතත් ඇති වනු ඇතැයි පුරෝකථනය කළ හැකියි.

තවත් විශේෂ කරුණක් වන්නේ උද්ධමනය පිළිබඳ වඩා පුළුල් නිර්ණායකයක් වන දදේනි අවධමනකය අනුව, සමස්තයක් ලෙස 7.4%කින් මිල මට්ටම් ඉහළ ගොස් තිබීමයි. කෘෂිකාර්මික අංශයේ මෙම ඉහළ යෑම 11.5%ක්. අදාළ කාලය තුළ M1 මුදල් සැපයුම 29.1% කින් ඉහළ ගොස් ඇති තත්ත්වයක් තුළ මෙය අනපේක්ෂිත දෙයක් නෙමෙයි. මුදල් සැපයුම සීමා කර ඉදිරි කාලය තුළ උද්ධමනය පාලනය කර ගැනීම මහ බැංකුව හමුවේ තිබෙන අභියෝගයක්. 

32 comments:

  1. බ්ලූම්බර්ග් එකට කබය ඉන්ටර්විව් එකක් දීල තිබ්බ බැලුවද?

    ReplyDelete
    Replies
    1. අනේ බන් ඔය කබර රාල නීල කාස කම්බා හොරාගේ විකාර සත පහකට වැඩක් නෑ. ඕකට මහ බැංකුව පාලනය කරන්න ලැබෙන එකක් නැහැ. මොකද හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ලෙස දේශපාලනය කරපු අජිත් නිවාඩ් කබ්රාල් නමැති දූෂිත දේසපාලුවා මහබැංකු අධිපති ධුරයට පත් කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දකුණ සහ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර සහ මේ දවස් වල සමගි ජන බලවේගයේ දේශපාලක උපදේශක සහ සිවිල් සමාජ ක්‍රියාකාරී රංජිත් කීර්ති තෙන්නකෝන් අප හිතවතා දැනටමත් කොළඹ අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කරල තියෙන්නෙ.

      ඒ කුප්‍රකට රාජපක්ෂ බැදුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් සොයා ජනාධිපති විමර්ශන කොමිෂන් සභා අවසන් වාර්තාවේ නිර්දේශයක් මත සිදු කළ වෝහාරික විගණන වාර්තාවේ නිර්දේශ මත අජිත් නිවාඩ් කබ්රාල් නමැති දූෂිතයා අත්අඩංගුවට ගෙන රදවා ගෙන ප්‍රකාශ සටහන් කරන ගන්නා ලෙසටත්, ඔහුට විරුද්ධව නඩු පැවරීම් කටයුතු කරන ලෙසට නියෝග කරමින් නීතිපතිවරයා සහ පොලිස්පතිවරයාට රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සමින් ඉල්ලල තියෙනවා.

      ඒ වගේම මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපති , පොලිස්පති, අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, මහ බැංකු නියෝජ්‍ය අධිපති ටී.එම්.ජේ.වයි.පී ප්‍රනාන්දු නම් කරල තියෙන්නෙ.

      Delete
    2. ඒ අනුව රජිත් කීර්ති තෙන්නකෝන් ගොනු කළ පෙත්සමින් සදහන් වන්නේ 2006 ජූලි සිට 2015 ජනවාරි දක්වා කාල සීමාව තුල මහ බැංකු අධිපති ධූරය දැරූ අජිත් නිවාඩ් කබ්රාල් පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස 2021 සැප්තෑම්බර් 13 දින දක්වා කටයුතු කර ඇති බවයි.

      හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ලංකාවේ හොර ගුහාවක් වන ලංකාවේ මහ බැංකුවේ රුපියල් බිලියන ගණනක් වන බැඳුම්කර වංචා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂමක් පත් කල බව ද, එහි නිර්දේශයක් ලෙස සිදු කළ වෝහාරික විගණන වාර්තාව මගින් වගඋත්තරකාර අජිත් නිවාඩ් කබ්රාල් සම්බන්ධයෙන් කරුණු ගණනාවක් හෙළි කර ඇති බවද පෙත්සම්කරු පැහැදිලිව කියා තියෙනවා.

      එම ඉන්දීය සමාගමක් මගින් ප්‍රකාශයට පත්කර ඇති වෝහාරික විගණන වාර්තාව මගින් හෙළි කර ඇති කරුණු සම්බන්ධයෙන් අපරාධමය චෝදනා එල්ල වී ඇති අජිත් නිවාඩ් කබ්රාල් සම්බන්ධයෙන් නීතිය ක්‍රියත්මක විය යුතු බවත්, එබඳු අන්ත දූෂිත රාජපක්ෂ කල්ලියේ කම්බා හොරෙක් නැවත මහ බැංකු අධිපති ධූරයට පත් වන්නේ නම් මෙම සාක්ෂි විනාශ කිරීමට ඇති ඉඩ වලක්වාල ලෙස ද, පෙත්සමින් ඉල්ලා ඇත.

      ඒ අනුව ජනාධිපති කොමිෂන් සභා නිර්දේශයක් මත සිදු කළ වෝහාරික විගණන වාර්තා ගණනාවකට සම්බන්ධ පාර්ශවයන් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත.

      මේ නිසා හිටපු මහබැංකු අධිපතිවරයෙකු වූ දූෂිත අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධූරයට නැවත පත් කිරිම මගින්, අපරාධමය වරදකට සම්බන්ධ මහ බැංකුවේ සතු සාක්ෂි විනාශ කිරීමට, වෙනස් කිරීමට හා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට අවස්ථාවක් හිමිවන බවත්, මහ බැංකුවේ බැඳුම්කර ගණුදෙනු වලදී සිදුව ඇති මහ පරිමාණ දුෂණ හා වංචා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කර එයට සම්බන්ධ පාර්ශවයන්ට නඩු පැවරීම සිදු කරන ලෙස ද හිටපු ආණ්ඩුකාරවරයා සිය පෙත්සම මගින් ඉල්ලා ඇත.

      එම වොහාරික විගණන වාර්තාවේ අති විශාල චෝදනා සංඛ්‍යාවක් එල්ල වී ඇති අජිත් නිවාඩ් කබ්රාල් අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස ද, මුදල් පණතේ 12 වගන්තිය අනුව, ජනාධිපති ලේකම් හා මුදල් අමාත්‍යවරුන්ට දූෂිත අජිත් නිවාඩ් කබ්රාල් නමැත්තා මහ බැංකුවේ කිසිදු තනතුරක් සඳහා පත් කිරීම වලක්වන ලෙස ද, අපරාධමය වරදක් පිළිබඳ සාක්ෂි වෙනස් කිරීම, විනාශ කිරීම හෝ වෙනස් කිරීම සිදු කළ හැකි බැවින් අජිත් නිවාඩ් කබ්රාල් නැවත මහ බැංකු අධිපති ධූරය සඳහා පත් කිරීම වලක්වන ලෙස ද, පෙත්සම මගින් ඉල්ලා ඇත.

      ඒ අනුව ජනාධිපති විමර්ශන කොමිෂන් සභා නිර්දේශයක් මත සිදු කළ වෝහාරික විගණන වාර්තාවේ නිර්දේශ අනුව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ට විරුද්ධව නීති මගින් කටයුතු කරන ලෙස නියෝග කරමින් නීතිපතිවරයා සහ පොලිස්පතිවරයාට මැන්ඩමූස් ආඥාවක් නිකුත් කරන ලෙස ද, හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් ඉදිරිපත් කළ පෙත්සම මගින් ඉල්ලා ඇත.

      මේ සම්බන්ධයෙන් ඉතාමත්ම ක්‍රියාශීලීව ක්‍රියාත්මක වන ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක ඇතුළු සමගි ජන බලවේගයේ නායකත්වය සමග විශේෂ නීතිඥ පිරිසක් මෙම පෙත්සම වෙනුවෙන්ම පූර්ණ කාලීනව කාලය කැප කරමින් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිතයි. අප හිතන්නේ බොහෝ දුරට කම්බා හොර කබ්බාට දෙකම නැතුව ගෙදර යන්න සිදු වීම ස්ථීර බවයි.

      Delete
  2. මම හිතන්නේ ආණ්ඩුව බදු වැඩි කරන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්, ආණ්ඩුවේ ආදායම ලෙල්ලටම හිඳිලා නිසා ආණ්ඩුව දැන් අරක්කු සිගරට් විකුණන එකට අවසර දීලා. මාසෙකට රු බිලියන පහළොවක් විතර පාඩුයි මත්පැන් වලින් විතරක්. වාහන ආනයනය තහනම් කිරීම නිසා ගිය අවුරුද්දේ රුපියල් බිලියන 250 ක් විතර පාඩුයි. 2018 සහ 2019 අවුරුදු වල ආණ්ඩුවේ බදු ආදායම් රුපියල් බිලියන 1,890 ක් සහ වියදම රුපියල් බිලියන 2,400 ක් විතර. මේ අවුරුද්දේ කොවිඩ් ආශ්‍රිත වියදම් සමග වියදම් රුපියල් බිලියන 2,690 ක් විතර වෙයි. ගිය අවුරුද්දෙ රජයේ ආදායම වුණ රුපියල් බිලියන 1,390 ක් විතර අගය මේ අවුරුද්දේත් ඒ වගේම තියෙයි. වාහන වලින් ලැබෙන බිලියන 250 - 300 සහ වෙනත් ආනයනික සුඛෝපභෝගී භාණ්ඩ හා සේවා නිසා ලැබෙන බදු ආදායම් අඩු වීම නිසා රුපියල් බිලියන 450 - 500 අතර අඩු වෙනවා මුළු ආදායම. ඒ සමග බදු අඩු කිරීම නිසා අඩු වුණ තවත් රුපියල් බිලියන 100 - 150 ක් විතර හිඟය සමග සමස්ත හිඟය බිලියන 600 ක් විතර. කොහොමත් තියෙන බිලියන 600 ක් විතර හිඟය මේ පාර බිලියන 1200 ක් විතර. ඩොලර් බිලියන හයක්, මේක කොහොම බැලන්ස් කරන්න ද? මම හිතන්නේ කරන්න බෑ නේද?

    මේ තියෙන්නේ අසාර්ථක වුණ බදු ඉහළ නැංවීමේ මුට්ටිය දාපු එක ගැන පෝස්ට් එකක්;

    //ලංකාවේ රජයේ බදු ආදායම් ගැන සාකච්ඡා කරන විට උපයන විට අදායම් බදු අය කිරීම (PAYE Tax) ලංකාව පමණක් නොව ලොව පුරා බොහෝ රටවල් අනුගමනය කරන්නාවූ ක්‍රියා මාර්ගයක් වන අතර ශ්‍රී ලංකාව තුල අලුතෙන් මේ PAYE Tax බදු හඳුන්වා දීම පිලිබදව ආරංචියක් සහ ඊට එරෙහිව දැඩිලෙස සමාජ ජාල වල විරෝධයක් නිර්මාණය වීම නිසා එම ආරංචියේ සත්‍ය අසත්‍යතාවය සෙවීම සදහා Fact Research කණ්ඩායම තීරණය කරන ලදී.

    සමාජ මාධ්‍ය ජාල සටහන්

    මූලාශ්‍රය ලෙස ශාලුක කඳනආරච්චි නමැති නමකින් අබුඩාබි වල පදිංචිව සිටින අතර Senior Account Services Officer ලෙස සටහන් කර ඇති තනතුරක සේවය කරන අයෙකු බව පැවසෙන Facebook ගිණුමක පහත පරිදි සදහන් කර තිබිණි. මෙය ලංකාවේ සහ පිටරටවල සිටින ලාංකීයයන් සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් සංසරණය කරමින් එම තීරණය දැඩි ලෙස විවේචනය කර තිබිණි.

    Salary 5%
    Black Money 1%
    #Rajapaksha_Theory
    #Thanks

    උපයන විට බදු ගෙවීම්

    අදායම හා බදු ප්‍රමාණය
    100,000 දක්වා - 0%
    150,000 දක්වා- 4%
    200,000 දක්වා- 8%
    250,000 දක්වා- 12%
    300,000 දක්වා- 16%
    350,000 දක්වා- 20%
    350,000 ට වැඩි - 24%

    මුලාශ්‍ර - https://www.facebook.com/photo/?fbid=10223309611082935&set=a.2580987898383

    තොරතුරු විමර්ශනය (Fact Check) Fact Research කණ්ඩායම විසින් දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් - බදු ප්‍රතිපත්ති රන්ජිත් හපුආරච්චි මහතාගෙන් විමසීමක් කරන ලදී.

    Cont'd//

    ReplyDelete
    Replies
    1. //දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයාගේ පිළිතුර "මෙම පුවත සම්පුර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක්. මෙවැනි අසත්‍ය ප්‍රකාශ නිසා මහජතාව නොමග යෑමේ වැඩි ඉඩ කඩක් තියනවා. දේශීය අදායම් දෙපාර්තමේන්තුවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව ලැබෙන ආණ්ඩුවේ නියෝග හා තීරණ මෙන්ම ප්‍රතිපත්ති තීරණ මත බදු අය කිරීම, බදු අනුපාත ආදී කරුණු රාශියක් මත අප ක්‍රියාවලිය සිදු කරනු ලබනවා."

      "ඉහත සදහන් කර ඇති දත්ත, ලංකාවේ 2019 නොවැම්බර් මාසයට පෙර බලයේ සිටි ආණ්ඩුව විසින් අය කරන ලද බදු ප්‍රමාණයන් බවත් ඊට 2018/2019 වර්ෂ වල රුපියල් ලක්ෂයකට වැඩ ඉපැයීමක් සිදු කරන විට වැඩි වන මුදල සදහා 4% ක බද්දක් ගෙවිය යුතු වූ අතර වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසු 2020 ජනවාරි 01 දින දෙපාර්තමේන්තුවට කරන ලද නියෝගයට අනුව බදු වර්ෂය ආරම්භ වන අප්‍රේල් මස පළමු වන දින සිට රැකියාවක් කරන පුද්ගලයන් ගෙවිය යුතු උපයන විට ගෙවිය යුතු බදු සීමාව ලක්ෂ 12 සිට 30 දක්වා වැඩි කරනු ලැබුවා. එමගින් රැකියාවේ නියුතු පුද්ගලයන් ගෙවිය යුතු Payee Tax ප්‍රමාණය අඩු වීම සිදු විය. මෙහිදී මසකට ලක්ෂ 250,000 ට වඩා වැටුපක් ලබන පුද්ගලයන් පමණක් බදු ගෙවිය යුතු වනවා. මෙය 2021 අංක 10 දරන දේශීය ආදයම් සංශෝදිත පනතේ පැහැදිලිව දක්නට ලැබෙනවා. මෙහි දක්වන්නේ 2020 ජනවාරි මස 1 වන දිනට පෙර පැවති පැරණි බදු ක්‍රමය පිළිබද සටහනක් එය නැවතත් ක්‍රියාත්මක කරන බවට මහජනයා නොමග යවන අයුරින් නැවත පළ කිරීමක්."

      මුලාශ්‍ර - http://www.ird.gov.lk/si/sitepages/default.aspx
      http://www.ird.gov.lk/.../Acts.../IR_Act_No._10_2021_S.pdf

      තවද ඉහත සමාජ ජාල වල සටහන් වල සේවය අවසාන කරන සේවකයින් සදහා සේවාන්ත ප්‍රතිලාභ මත රඳවා ගන්නා බදු ප්‍රමාණයද 2020 ජනවාරි 01 වනදා සිට ලක්ෂ 50 සිට 100 දක්වා ඉහල දැමීම වත්මන් ආණ්ඩුව විසින් සිදු කරනු ලැබූ බව පවසන අතර අප කණ්ඩායම ඒ ගැනත් සොයා බැලුවා. මෙහිදී අපට දකින්නට ලැබුණේ මේ වන විටත් සේවක අර්ථ සාධක අරමුදල එම බදු වලින් සම්පුර්ණයෙන්ම නිදහස් වන අතර සේවා නියුක්තියන්ගේ භාර අරමුදල, විශ්‍රාම යෑමේ ප්‍රතිලාභ, සේවක වන්දි,පාරිතෝෂිකය ආදී ප්‍රතිලාභ වල එකතුව ලක්ෂ 100 දක්වා වැඩි කර තිබෙන බවයි.

      මුලාශ්‍ර - http://www.etfb.lk/si/index.html
      http://www.labourdept.gov.lk/index.php?option=com_content...

      මෙහි සත්‍යතාවය පිලිබදව අප අන්තර්ජාලය ඔස්සේ විමර්ශනයක් සිදු කරන ලදී.

      අප මේ පිලිබදව දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය පරිශීලනය කිරීමේදී තහවුරු වුයේ 2019 වර්ෂයේ අග භාගය අවසන් වන තෙක් මෙම බදු ක්‍රමය තිබු බවයි.

      අදායම හා බදු ප්‍රමාණය
      100,000 දක්වා - 0%
      150,000 දක්වා- 4%
      200,000 දක්වා- 8%
      250,000 දක්වා- 12%
      300,000 දක්වා- 16%
      350,000 දක්වා- 20%
      350,000 ට වැඩි - 24%

      මුලාශ්‍ර - http://www.ird.gov.lk/

      Delete
    2. //තවද 2018 අප්‍රේල් 07 වන දින සිළුමිණ පුවත්පතට ප්‍රවීන ආර්ථික විද්‍යා ආචාර්ය සුගත් ලියනගේ විසින් ලිපියක් ලියමින් මෙලෙස සදහන් කර තිබිණි.

      කෙසේ නමුත් පැරණි බදු ක්‍රමය සහ නව බදු ක්‍රමය ගැන කතා කිරීමේදී එය සංසන්දනාත්මකව විග්‍රහ කිරීම වඩාත් යෝග්‍ය වේ. පැවති බදු ක්‍රමය අනුව බද්දෙන් නිදහස් වන ආදායම රුපියල් ලක්ෂ 5 කි. නිදහස් වන බදු ආදායම හැර ක්‍රමිකව ඉහළ යන පරිදි බදු අනුපාතිකය පැවතියේ 4%, 8%, 12%, 16% වශයෙනි. මෙහිදී ඉහළ ආදායම් ලබන ව්‍යාපාරිකයින් හා වෘත්තීයවේදීන්ගේ වාර්ෂික ආදායම මිලියන 25.5% ක් වුවද අය කළ වැඩිම බදු අනුපාතය වූයේ 16% ක් පමණයි.

      නමුත් නව බදු අනුපාත ක්‍රමය යටතේ ව්‍යාපාරිකයින් හා වෘත්තීය වේදීන්ගේ ආදායම මිලියන 3 කට වඩා වැඩි වූ විට 24% ක බදු ප්‍රතිශතයක් ගෙවීමට සිදුවේ. පැවති ක්‍රමයේදී වැටුප් ලබන සේවකයකුගේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ හත හමාරකට (750,000/= ක් වඩා අඩු වුවහොත් බදු අය කිරීමක් සිදු වූයේ නැත. නමුත් 2020 මුල පැමිණි නව බදු ක්‍රමයේ එය ලක්ෂ 12 ක් දක්වා (1,200,000/=) බද්දෙන් නිදහස් වන ආදායම ඉහළ දමා ඇත. එමඟින් අදහස් වන්නේ මාසික ආදායම ලක්ෂයක් (100,000/=) දක්වා බදු අය නොකරන බවයි. කෙසේ වෙතත් අඩු ආදායම් ලබන්නන්ට අඩු බදු ප්‍රමාණයක් ද වැඩි ආදායම් ලබන අයට වැඩි බදු ප්‍රමාණයක් ද ගෙවීමට සිදුවීම තුළ සාධාරණත්වයක් ඇති බවට මේ ගැන අදහස් දැක්වූ රජයේ පාර්ශවයේ අයගේ මතයයි.

      නමුත් 2019 වර්ෂයේ නව රජය බලයට පැමිණි පසු මෙම උපයන විට බදු ක්‍රමය හා විවිධ බදු වර්ග කිහිපයක් අහෝසි කිරීම හා සංශෝදනය කර ඇති ආකාරයක් නිරීක්ෂණය විය.

      1) වැට් බද්ධ 15% සිට 8% දක්වා අඩු කරන ලදී
      2) ගෘහස්ථ භාණ්ඩ මත අයකරන ලද NBT බද්ද සම්පූර්ණයෙන්ම අහෝසි කරන ලදී
      3) ආර්ථික සේවා බද්ද අහෝසි කරන ලදී
      4) බැංකු හා මුල්‍ය ආයතනය මත පනවා තිබූ හර බද්ද ඉවත් කරන ලදී
      5) කොටස් වෙළෙඳපොළ ප්‍රාග්ධන ලාභ බද්ද අහෝසි කරන ලදී
      6) උපයන විට ගෙවීම් බද්ද සංශෝධනය කරන ලදී
      7) පොලී මත අයකරන රැදවුම් බද්ද අහෝසි කරන ලදී
      8)ණය සේවා බද්ද අහෝසි කරන ලදී
      9) දුරකථන සේවා බද්ධ 25%කින් අඩු කරන ලදී
      10) ඉදිකිරීම් අංශයේ බදු 28% සිට 14% දක්වා අඩු කරන ලදී
      11) සියලුම ආගමික ස්තාන සියලුම බදු වලින් සම්පූර්ණයෙන්ම නිදහස් කරන ලදී
      12) බැංකු ණය පොළි අනුපාතිකය 14% සිට 9% දක්වා තනි ඉලක්කමකට පහත හෙළන ලදී

      මුලාශ්‍ර - http://www.ird.gov.lk/

      තවද වර්තමානය වන විට උපයන විට බදු ගෙවිය යුතු ආකාරය පහත පරිදි වේ.

      අවුරුද්දක් අදායම රුපියල් මිලියන 3 දක්වා අදායම් බදු නිදහස්

      රු මිලියන 3 හා 6 අතර - අදායම් බදු 6%
      රු මිලියන 6 හා 9 අතර - අදායම් බදු 12%
      රු මිලියන 9 ට වඩා වැඩි - අදායම් බදු 18%

      ඒ අනුව අදායම් අනුව බදු අනුපාතය සලකා බලමු
      අදායම -
      රු 100,000 +
      2019 පෙර - 4%
      2020 පසු - 0%

      රු 200,000 +
      2019 පෙර - 8%
      2020 පසු - 0%

      රු 300,000 +
      2019 පෙර - 16%
      2020 පසු - 6%

      රු 400,000 +
      2019 පෙර - 24%
      2020 පසු - 6%

      මුලාශ්‍ර - http://www.ird.gov.lk/
      2 . http://www.ird.gov.lk/en/Type%20of%20Taxes/SitePages/Pay%20As%20You%20Earn%20(PAYE).aspx?menuid=1202
      3. http://www.ird.gov.lk/en/publications/sitepages/PAYE%20Tax%20Tables.aspx?menuid=1502

      Conclusion (අවසන් නිගමනය)

      අලුත් නීතියක් අනුව වැටුප රුපියල් 100,000 ට වඩා වැඩි නම් උපයන විට අදායම් බදු PAYE Tax ගෙවිය යුතු බවට සමාජ මාධ්‍ය ජාල වල පවතින පුවත අසත්‍ය වේ. මෙය 2020 වර්ෂයට පෙර බලයේ සිටි රජයේ මුල්‍ය ප්‍රතිපත්තියක් නැවත ඇති කර ඇති බවට සමාජය නොමග යැවීමේ අරමුණින් සාවද්‍ය ලෙස පළ කර ඇත.

      ලංකාවේ රජය 2020 මුල සිට වැටුප රුපියල් 250,000 දක්වා ආදයම, උපයන විට අදායම් බදු PAYE Tax වලින් නිදහස් කර ඇත.

      එබැවින් ඉහත දත්ත මහජනයා නොමග යවන අයුරින් ව්‍යාජ දත්ත සමග පළ කරන ලද අසත්‍ය තොරතුරක් වේ.//

      මම හිතන්නේ ආණ්ඩුවේ බදු වැඩි කිරීමේ මුට්ටි සෙල්ලම දැඩි මහජන විරෝධය හමුවේ අකුලාගෙන ඇති බව නේද? හොඳ වැඩේ. ඒත් මීට වඩා භයානක දෙයක් කරයිද දන්නේ නෑ ඉස්සරහට.

      Delete
    3. හරියට තේරුනේ නෑ කමෙන්ට් එකෙන් කියන දේ.
      මාසෙට ලක්ශ 5ක ආදායම ලබන කෙනෙක් පරන (යහපාලන) ක්‍රමය හා අලුත් ක්‍රමය අනුව ටැක්ස් ගෙවන්න ඕන ප්‍රමානය වෙන වෙනම දාන්න පුලුවන්ද?

      Delete
    4. ඇනෝ 1.21 PM,

      එහෙම එක පාරටම කියන්න අමාරුයි, ඒක ඩිපෙන්ඩ් වෙනවා සාධක කීපයක් මත, ඒත් විස්තර කරලා කියන්න පුළුවන් මෙහෙම.

      කෙටියෙන් කිව්වොත් ලංකාවේ මහ බැංකුවේ ප්‍රකාශිත 2019 වාර්ෂික වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ආදායම් බද්ද සමස්ත ආදායම් එකතුවෙන් 23% ක් පමණ. ඒ කියන්නේ රජයේ සමස්ත ආදායම් වන බිලියන 1,300 න් බිලියන 300 කට කිට්ටුයි.

      ආදායම් බදු රෙගුලාසි වල සංකීර්ණත්වය සහ වෙනස්වීම් වාර ගණන නිසා ආදායම් බදු ගණනය කිරීම, ආදායම් බදු වාර්තාවක් ගොනු කිරීමේ ක්‍රියාවලිය දැන ගැනීම සහ ආදායම් බදු අනුප්‍රමානය සහ නිදහස් කිරීම් පිළිබඳව යාවත්කාලීනව සිටීම වැදගත්.

      ලංකාවේ වාසික හෝ නිර්වාසික පුරවැසියන් සඳහා බදු නිදහස් දීමනාව රු. 500,000/- වේ (මෙය ආයෝජන වත්කම් උපලබ්ධි වීමෙන් වන ලැබීම් සඳහා අදාල නොවේ.).

      සේවා නියුක්ත ආදායම මත රු. 700,000/- (උපරිමය) අතිරේක දීමනාවක් ප්‍රදානය කෙරේ. සේවානියුක්ත ආදායම මත උපරිම බදු ප්‍රමාණය 24% කි.

      මූලාශ්‍ර : http://www.ird.gov.lk/si/publications/SitePages/Tax%20Chart.aspx?menuid=1404

      දැනට පවතින ආදායම් බදු අනුව ඔබේ නෙට් ආදායම රුපියල් ලක්ෂ පහක් නම් සරලව නම් මුල් ලක්ෂ දෙක හමාරක් සඳහා 6% සහ ඊළඟ ලක්ෂ දෙක හමාරට 12% ලෙස රුපියල් රුපියල් 45,000 ක් විතර වෙනවා බදු බර. ශුද්ධ ආදායම රුපියල් 455,000 යි.

      පහුගිය 2019 ට කලින් මාසික ආදායම ලක්ෂ පහක් නම් බදු නිසා රුපියල් 80,000 ක් පමණක් අහිමි වී ශුද්ධ ආදායම රුපියල් 420,000 ක්ම අතට ලැබෙනවා.

      නමුත් ඒ කාලේ මාසිකව රුපියල් ලක්ෂයක් ගත් අයත් රුපියල් 4,000 ක්, ලක්ෂ දෙකක් නම් රුපියල් 8,000ක් බදු ගෙව්වා. නමුත් දැන් බදු ගෙවන්න ඕන ලක්ෂ දෙක හමාරකට වඩා වැඩි අය විතරක් වීම තමයි මෙතන තියන ප්‍රශ්නය.

      නමුත් මේක ප්‍රායෝගිකව මීට වඩා ගොඩාක් සංකීර්ණයි.

      Delete
    5. මේකට හේතුව මේ ආදායම් බද්ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් මැනේජ්මන්ට් කරන්නේ පුද්ගලයන්, හවුල්කාරිත්වයන්, තනි හිමිකාරත්වයන් හෝ සමාගම් මත ආදායම් බදු අය කිරීම සහ එකතු කිරීමට.

      ලංකාවේ නම් මාර්ග සංවර්ධන, නල ජලය, විදුලි ඇතුළු බොහෝ යටිතල පහසුකම් පද්ධති සංවර්ධනය වැනි ප්‍රාග්ධන වියදම් සහ සෞඛ්‍ය හා අධ්‍යාපනය වැනි රජයේ පොදු සේවාවන් ඇතුළුව රජයේ විවිධ වියදම් පියවා ගැනීම සඳහා භාවිතා කරන පෞද්ගලික ව්‍යාපාරයෙන් හෝ පුද්ගලික ලාභයෙන් ඉපැයීම් එකතු කර ගැනීමේ මාර්ගයක් ලෙස රජය ආදායම් බදු භාවිතා කරනවා.

      සාමාන්‍යයෙන් පුද්ගලයින් සඳහා ආදායම් බදු එම අය උපයන මුදල අනුව ගෙවන මුළු ආදායම් බද්ද වෙනස් වේ. මෙය බදු ස්තර ලෙස හැඳින්වෙන අතර විවිධ ස්තර යටතේ වර්ගීකරණය කරල තියෙන්නෙ.

      ඒ අනුව මාසික ඉපැයීම් මාසිකව රු 250,000 ක් හෝ වාර්ෂිකව රු 3,000,000 ඉක්මවා ගියහොත් ආදායම් බදු ගෙවීමට බැඳී සිටී.

      මෙහිදී ප්‍රායෝගිකව බදු අය කළ හැකි ආදායමේ කොටසක් ලෙස පහත ආදායම් මාර්ග සලකා බලනවා.

      – රැකියා (සේවා නියුක්ති) ආදායම (වැටුප් හෝ කන්සල්ටන්සි ෆී එක)

      – ව්‍යාපාර ලාභ ආදායම

      – ආයෝජන වලින් ආදායම

      – වෙනත් ආදායම්

      මේක සංකීර්ණ වෙනවා තක්සේරු කල ආදායමෙන්, ආදායම් බද්දෙන් අඩු කිරීම් සඳහා සුදුසුකම් ලබන ගෙවීම් සහ පුද්ගලයින් සඳහා ලැබෙන සහන නිසා. ඒ නිසා වර්තමාන බදු රෙගුලාසි වලට අනුව, යම් යම් ගෙවීම් ආදායම් බද්දෙන් අඩු කිරීම් සඳහා සුදුසුකම් වෙනවා.

      ඒ නිසා පහත සුදුසුකම් ලැබෙන ගෙවීම් සඳහා, පුද්ගලයෙකුට එම තක්සේරු වර්ෂය සඳහා තනි පුද්ගලයාගේ බදු අයකළ හැකි ආදායමෙන් තුනෙන් එකක් හෝ රුපියල් හැත්තෑපන්දහස (75,000) යන දෙකෙන් වඩාත් අඩු මුදල අඩු කළ හැකියි.

      1- අනුමත පුණ්‍යායතන සඳහා කල පරිත්‍යාග,

      2- රජයට හෝ වෙනත් අනුමත ආයතනවලට කරන පරිත්‍යාග,

      3- ජනාධිපති අරමුදලට යොමුකෙරෙන (ප්‍රේෂණය කරන) ලාභ

      ඒ වගේම බදු සහන ලෙස පහත සඳහන් සහන අඩු කිරීමට තනි පුද්ගලයෙකු හිමිකම් ලබයි

      – පුද්ගලික සහන

      පුද්ගලයෙකු සඳහා රු- 3,000,000 ක් වාර්ෂික සහනයක් ලබාදේ- කෙසේ වෙතත්, භාරකරුවකු, භාරගැනුම්කරුවකු, පොල්ම:කරුවකු හෝ ඈවරකරුවකු, ලෙස ක්‍රියා කරන විට මෙය අදාළ නොවේ.

      යම් තක්සේරු වර්ෂයක් සඳහා තනි පුද්ගලයාගේ බදු අයකළ හැකි ආදායමෙන් සහන අඩු කල හැකි නමුත් ආයෝජන වත්කම් උපලබ්ධි කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභවලට එරෙහිව මේ සහනය නොලැබෙයි.

      – කුලී සහන

      නේවාසික පුද්ගලයින්ට ආයෝජන වත්කමකින් කුලී ආදායම් වලට අදාළව, ආයෝජන වත්කමට අදාළ අලුත්වැඩියා කිරීම, නඩත්තු කිරීම සහ ක්ෂය වීම සඳහා වන සහනයක් වන, එහෙත් බදු ගෙවන්නා විසින් ආයෝජන වත්කම අලුත්වැඩියා කිරීම, නඩත්තු කිරීම සහ ක්ෂය විම සඳහා දරන ලද යම් සත්‍ය වියදම් සඳහා කිසිදු අඩු කිරීමක් හෝ පිරිවැයක් ඉල්ලා නොමැති තාක් දුරට පමණක් ඉඩ ලබා දෙනු ලබන, තක්සේරු වර්ෂය සඳහා වන මුළු කුලී ආදායමින් 25% ක ප්‍රමාණයකට සමාන ප්‍රමාණයක් අඩු කල හැකියි.

      – වියදම් සහන

      මෙම යෝජිත සහන යටතේ නේවාසික පුද්ගලයින්ට පහත සඳහන් වියදම් වෙනුවෙන් රු- 1,200,000 ක්, තක්සේරු වර්ෂයක් තුළ අඩු කල හැකියි;

      (A) වෛද්‍ය රක්ෂණය සඳහා දායක මුදල් ඇතුළුව සෞඛ්‍ය වියදම්;

      (B) එවැනි පුද්ගලයකු හෝ ඔහුගේ දරුවන් වෙනුවෙන් දේශීය වශයෙන් දරනු ලබන අධ්‍යාපන වියදම්;

      (C) නිවාස ණය සඳහා ගෙවන පොලිය;

      (D) අනුමත විශ්‍රාම වැටුප් ක්‍රමයකට කරන ලද දායකත්වය;

      (E) සාධනපත් හෝ සුරැකුම්පත් මිලදී ගැනීමේදී දරන ලද වියදම

      Delete
    6. මේක සංකීර්ණ නිසා උදාහරණයක් ගනිමු. ඇනෝ 1.21 තුමා ඉකොනොමැට්ටා කෝපරේෂන් ආයතනයේ කණිෂ්ඨ විධායකයකු ලෙස ගනිමු. ඒ අනුව 2020/2021 තක්සේරු වර්ෂය සඳහා ඔහුගේ අපේක්ෂිත ආදායම මෙහෙමයි කියලා උපකල්පනය කළොත්;

      ඉකොනොමැට්ටා කෝපරේෂන් එකේ රැකියා ආදායම රු- 7,500,000 (අත්තිකාරම් පුද්ගල ආදායම් බදු චක්‍ර අඩු කිරීමට සිය කැමැත්ත ලබා දී නැත)

      පොලී ආදායම රු- 250,000 (ඔහු අඩු කිරීමට සිය කැමැත්ත ලබා දී නැත)

      රැකියාවට අමතරව ඔහු තමාගේම ඩිජිටල් මාධ්‍ය ආයතනයක් පවත්වාගෙන යන අතර ව්‍යාපාරික ආදායමක (අවසර ලත් වියදම් අඩු කිරීමෙන් පසු) රුපියල් 1,000,000 ක් උපයා ගනී

      ඒ වගේම රැකියා ආදායමට ඇස්තමේන්තුගත මුදල් සහ මුදල් නොවන ප්‍රතිලාභ ඇතුළත් වේ.

      ඔහු රු- 275,000 ක් සෞඛ්‍ය වියදම් සහ රක්ෂණය සඳහා වැය කිරීමට බලාපොරොත්තුවේ.

      රු- 600,000 ක් කොටස් මිලදී ගැනීම සඳහා රු-500,000 ඔහුගේ දරුවන්ගේ පාසල් ගාස්තු සඳහාද වැය කිරීමට බලාපොරොත්තුවේ.

      එසේම ඔහු රු- 100,000 ක් ලංකාවේ අපේක්ෂා (පිළිකා) රෝහලට පරිත්‍යාග කිරීමට බලාපොරොත්තුවේ.

      දැන් අපි මෙහි බදු අය කිරීම ගැන සොයා බලමු.

      Delete
    7. මෙවිට ඇනෝ 1.21 මහතාගේ තක්සේරු කළ හැකි ආදායම රු. 8,750,000 ක්.

      (රැකියා ආදායම 7,500,000 + පොලී ආදායම 250,000 + ව්‍යාපාර ආදායම 1,000,000)

      Deductions

      වියදම් සහන (275,000 - 600,000 – 500,000 = 1,375,000 සීමාව 1,200,000 දක්වා)

      මේ නිසා වියදම් සහන (1,200,000)

      පුද්ගලික සහන (3,000,000)

      අඩු කිරීමට සුදුසුකම් ලබන ගෙවීම්

      පිළිකා රෝහලට පරිත්‍යාග (75,000 කට සීමා කර ඇති පරිදි)

      (75,000)

      Estimated ඇස්තමේන්තුගත බදු අය කළ හැකි ආදායම;

      රුපියල් 4,475,000

      Estimated ඇස්තමේන්තුගත බදු වගකීම්;

      A. 3,000,000 x 6% = 180,000

      B. 1,475,000 x 12% = 177,000

      මේ නිසා Estimated මුළු බදු 357,000

      මේ අනුව ඇනෝ 1.21 මහතා ගෙවිය යුතු ඇස්තමේන්තුගත බදු ප්‍රමාණය රුපියල් 357,000 ක් විතර වෙනවා. මේක පැහැදිලියි නේද?

      Delete
    8. ආදායම 600000නම් කොහොමද වෙනස් වෙන්නෙ?

      Delete
    9. මාසික ආදායම හය ලක්ෂ පණස් දෙදාහක් නම් වෙනස් වෙන්නේ කොහොමද?

      එතකොට මම දන්න තැරිදාර පුන්නක්කු අමු මැටි බයිසන් ගවයන් පාලනය කරන ගොපල්ලෙක් ඉන්නවා උගේ මාසික ආදායම රුපියල් 811,275.27 යි. ඔහු විසින් ගෙවිය යුතු බදු මුදල් ප්‍රමාණය නිවැරදිව ගණනය කර පැහැදිලි කිරීමක් කරන්න බලන්න.

      Delete
    10. මරු කොමෙන්ට් ටික

      Delete
  3. මුළු රටම විකුණන අන්ත දූෂිත රාජපක්ෂ දූෂිත අශිෂ්ඨ තිරශ්චීන ආණ්ඩුව විසින් තවත් විකිණීමක් ලෙස ඇමරිකාවේ නිවු ෆෙට්‍රොස් නැමැති පෞද්ගලික සමාගමකට ලංකාවේ රජයට අයත් යුගදනව් විදුලි බලාගාරයෙන් කොටස් පවරා දීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. ගොඩහේවා ගොඩයා සහ මංගොංපිල මේක ඩීසල් බලාගාරයක් වඩාත් ලාභදායී පරිසර හිතකාමී එල් එන් ජී වලට හරවන ආයෝජනයක් කියලා බොරු බයිලා ගහලා බයියො රවටන්න හැදුවට ඒක අසාර්ථක වුණා.

    මේ ගැන ලංකාවේ සති අන්ත පුවත්පත් වල වාර්තා කරල තියෙන්නෙ මෙම යෝජනාව ඇමරිකානු පුරවැසියන් වන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ජනපති නන්දසේනගේ තර්ජනාත්මක බලපෑම් මත ඊට ඇමතිවරුන්ගේ අනුමැතිය ලබා ගෙන ඇති බවයි.

    එම යෝජනාවට මුලදී වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරු එතරම් කැමැත්තක් නොදක්වපු බව පැවසේ. කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම පමණක් පාර්ලිමේන්තුවේ මීට එරෙහිව විරෝධය පල කරමින් ඊට එරෙහි වීමට තරම් කශේරුකාවක් පෙන්වා දී ඇත්තේ ආණ්ඩුවේ ගොබ්බ, සටකපට, රබර් පීටකොඳු ඇති බොරු බයිලා කාරයින්ටයි.

    එමෙන්ම මේ ගැන හෙළි කළ ජවිපෙ අනුර කුමාර සහෝදරයා එම කැබිනට් පත්‍රිකාව එදින කැබිනට් මණ්ඩල රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුළත් නොතිබූ බවත් කැබිනට් මණ්ඩල රැස්වීමට පෙර අදාළ එය අමාත්‍යවරුන් අතට බෙදා දීමක් සිදු කර නැති බවත් ඉහත විස්තර කළ ලෙසම පුවත්පත් වල වාර්තා කර ඇති බව අවධාරණය කළ අතර මේ සම්බන්ධයෙන් අදාළ ඇමතිවරුන් විරෝධය පළ නොකළේ මන්දැයි ප්‍රශ්න කරා.

    වඩාත් භයානක කාරණය වෙන්නේ එම ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඇමරිකානු එක්සත් ජනපදයේ පුද්ගලික සමාගමක් වන පාර්ශවයක් වෙතම පවරා දීම පිළිබඳව ද ලංකාවේ පාර්ලිමේන්තුවේ මෙම විපක්ෂ කණ්ඩායම් වල මන්ත්‍රීවරුන් එය දැඩි විවේචනයට ලක් කරා.

    මේ විදුලි බලාගාරයේ මහා භාණ්ඩාගාරය සතු කොටස් වලින් සියයට හතළිහක් මෙසේ ඇමෙරිකානු පුද්ගලික සමාගමකට පවරා දීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 300ක ප්‍රමාණයක් ආණ්ඩුවට ලැබෙන බව පැවසෙතත් මේ හරහා ලංකාවේ විදුලි බල ශක්තිය සහ ඒ හරහා රටේම ආර්ථිකයේ පාලනය ඇමරිකන් එක්සත් ජනපදයට පාවා දෙන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී ජේ සී අලවතුවල ඉතා හොඳින් පැහැදිලි කළා.

    කපටි ආත්මාර්ථකාමී බොරු ජාතිවාදී බොරු සමාජවාදී වාසු-විමල්-උදය අද අසරණ වෙලා වගේ බොරුවට රඟපෑම කුජීතයි නේද? කොටින්ම යුගදනව් විදුලි බලාගාරය විතරක් නෙවේ තමන්ගේ අම්මව ඇමෙරිකාවට දුන්නත් අද ඒ අයට බලාගෙන ඉන්න වෙලා. ඇත්තටම “යුගදනව් දෙන්නේ ඇමෙරිකාවට නොවේ ඇමෙරිකන් සමාගමකට” කියන තැනට විමල් වීරවංශ කටහැකර බකපණ්ඩිතයා ඇදවැටිලා.

    (ඇත්ත කතාව උන්ගේ ඇමෙරිකන් විරොධේ ගොං බෛයන්ගේ මනාප ටික ගන්න කරන උප්පරවැට්ටියක් විතරයි, මුන් එකෙක්ටවත් ජරා පස්ස පවුලේ බලු පූට්ටුවෙන් තොර දේශපාලන ජිවීතයක් නෑ , මුන්ගේ ගෙවල් වලින්වත් මනාප නෑ මුන් තනියෙම ඉල්ලුවොත් , මුන්ගෙන් ඇහුවොත් කියයි, අපි ඇමෙරිකාවට දෙනවට විරුද්ධයි, ඒත් ඇමෙරිකාණු සමාගමකට දෙනවට විරුද්ධ නෑ , නැත්තං සංවේදී වෙලා එකග උනා කියලා රට බයිලා කතාවකුයි. මුන් ඔක්කොම කරන්නේ එක්කහු වෙලා රටේ ඉන්න හැට නව ලක්ෂයක් මී හරක් ගොන්නු ටික අන්දන එක විතරයි. ජරා පස්ස හොර පවුල තමන්ට ඔනේ විදියට වැඩේ කොරගෙන, ඩොලර් බිලියන ගණනක් හම්බ කර ගෙන ලස්සනට ඇමරිකාවට මාරූ වෙයි.)

    තව ටික දවසකින් බූරුවංස කියයි "ඇමෙරිකානු සොල්දාදුවන්, CIA නිලදාරීන්, ඇමෙරිකානු රාජ්‍ය නිලදාරීන් අපේ මිතුරෝය" කියලා ඒ ජාතියේ බඩු.

    ඒත් ලංකාවේ ජනතාව මේකට එරෙහිව පෙළ ගැසිය යුතුයි, රටේ ජනතාවගේ ඡන්දෙන් පත්වෙන ආණ්ඩුව රට ජාතියට කරන්නේ විනාශයක් නම් ඔවුන් නෙරපා දැමීම ජනතාවගේ වගකීම සහ යුතුකමයි. කඩුව තමන්ගේ කියා එයින් තමාටම ඇන ගත යුතු නැත.

    ReplyDelete
    Replies
    1. AnonymousSeptember 19, 2021 at 6:26 AM

      මම මෙතනදි දේශපාලනය ගැන කතා කරන්නේ නැහැ, ඒත් මේ ගැන මීට වඩා ගැඹුරින් හොයල බලන්න ඕන විවේචනය කරද්දි, මොකද දැනට මෙම විදුලි බලාගාරයෙන් විදුලි ඒකකයක් මිලදී ගන්නේ රු. 38 කට විදුලි බල මණ්ඩලය විසින්. මොකද මේක දැන් දුවන්නේ පිරි පහදුකල Fuel oil (HFO heavy fuel oil, bunker fuel, or residual fuel oil) තෙල් හා Diesel වලින්.

      ඔය කියන ඇමරිකා එක්සත් ජනපදයේ Fortress ආයතනය මේක දුවන්න යන්නේ LNG වලින්. එතකොට විදුලි ඒකකයක මිල රු. 12 දක්වා අඩු වෙනවා.

      ලංකාවේ උන්ට ඒක කරන්න බැරිනම් ඇමරිකන් කාරයෙක් ලව්වා හරි කර ගන්න එකෙන් අවුරුද්දකට රජයේ වියදමින් රුපියල් බිලියන 25 ඉතුරු වෙනවා.

      විදුලි බල මණ්ඩලය බංකොලොත් වෙන්න එක හේතුවක් තමයි මේ බලාගාරය.

      මේක තමයි නියම ඇත්ත. දේශපාලනය නිසා පොදුවේ සමස්ත සමාජයට වෙන වාසි වැලැක්වීමට කටයුතු නොකළ යුතුයි කියන එක මගේ අදහස. ස්තූතියි.

      Delete
  4. බයියන්ට මේ බ්ලොග් එක ටිකක් සැරට වැදිල වගේ. ඔහොම යන්

    ReplyDelete
  5. එකොන් කලක් බ්ලොග් ලියූ රමින්දු ලක්කිත සහ අජිත් පැරකුම් බුකියේ ගෙන යන වාදයකින් අල්ල ගත්තේ. කෙනෙක් කියනව චීනය රජය මගින් පාලනය කරනවා කියල මාකට් එකොනොමි එක මේ අදහස වැරදියි නේද?
    https://en.wikipedia.org/wiki/Socialist_market_economy

    ReplyDelete
    Replies
    1. රමිදු කියන්නෙ අන්තවාදියෙක්නෙ.
      මරු තර්ක උගෙ තියෙන්නෙ.

      Delete
    2. මම ඔය වාදය ගැන දන්නේ නැහැ. අජිත් පැරකුම් ගැන (පෞද්ගලිකව නොව බ්ලොග් එක හරහා) දන්නා නමුත් රමිඳු ගැන දන්නෙත් නැහැ. හැබැයි මම චීන සමාජවාදය කියා කියන්නේ ඔය ක්‍රමයට. ඒ කියන්නේ මාකට් එකොනොමි එක රජය මගින් පාලනය කිරීමට. චීන කොමියුනිස්ට් පක්ෂය විසින්ම යෝජනා කර ඇති Socialist market economy කියන වචනය, මට අනුව, ගැලපෙන හොඳ වචනයක්. අජිත් බොහෝ විට "රාජ්‍ය ධනවාදය" කියන වචනය භාවිතා කරනවා. මේ වචනය ටිකක් ප්‍රචලිත වචනයක්. නමුත් මම එම වචනයට කැමති නැත්තේ "රාජ්‍ය" යන්න එකතු වූ විට එය සමාජවාදයක්ම මිස තව දුරටත් ධනවාදයක් නොවන නිසා. මෙහිදී ධනවාදයකදී මෙන් තරඟය තුලින් සුපිරි ලාබ අහෝසි වී කාර්යක්ෂමතාවය නැති වීම සිදු වෙන්නේ නැහැ. එහෙත් වෙළඳපොලක් තිබෙන නිසා සෝවියට් සමාජවාදය මෙන් සමස්තයක් ලෙස අකාර්යක්ෂම නැහැ. වඩා දියුණු ආර්ථිකයන් ලෝකයේ තිබෙන තුරු, ඔවුන් සමඟ වෙළඳාම සිදු වන තුරු, ආර්ථිකය වර්ධනය වෙනවා. රට ඇතුළේ නිසි තරඟයක් නැතත් වෙනත් රටවල් සමඟ තරඟකාරිත්වය පවත්වාගැනීම නිසා සෝවියට් ක්‍රමය මෙන් ආර්ථික හේතු මත කඩා වැටෙන්නේ නැහැ. එහෙත්, මෙහිදී රජය හා රජයේ "ගජ මිතුරන්" විසින් රට ඇතුළේ ශ්‍රමය ජයටම සූරාකෑමක් සිදු වෙනවා. එය පවත්වාගැනීම සඳහා මාධ්‍ය පාලනය කරන්න වෙනවා. මෙය සියුම් ලෙස සිදු වෙන දෙයක්. එම ප්‍රතිඵල නැවත මිනිස්සු වෙතම යනවද කියන එක රජය තුළ සිටින අය මත සිදු වෙන දෙයක්. මෙහිදී හොරකම් නැවැත්වීමට දැඩි නීති අවශ්‍ය වනවා. එසේ නැතුව ධනවාදයකදී මෙන් ස්වභාවිකව හොරු ඉවත් වෙන්නේ නැහැ. සමහර අය "ගජමිතුරු ධනවාදය" "සහචර ධනවාදය" වැනි වචන පාවිච්චි කරනවා. ගජමිතුරන්ට, සහචරයන්ට තැනක් ලැබෙන්නෙම සමාජවාදී ක්‍රමයක් ඇතුළේ විශාල රජයක් තිබීම තුළ. හැත්තෑ හතේදී ලංකාවේ වුනෙත් සෝවියට් සමාජවාදයෙන් චීන සමාජවාදයට මාරු වීමක්. කොහොමටත් සමාජවාදයේ සිට ධනවාදයට එකවර මාරු වෙන්න බැහැ. හොඳම උදාහරණය ලංකාවේ ප්‍රයිවෙට් බස්. ප්‍රයිවෙට් බස් වල බොහෝ දෙනෙක් කතා කරන හැම නරකක්ම නිදහස් වෙළඳපොළක් නැතිකමේ, එනම් ලංකාවේ Socialist market economy එකේ ප්‍රතිඵලයක්. චීන සමාජවාදය කියා කිවුවත් ලංකාවේ චීන සමාජවාදය ඇති වුනේ චීනයේ චීන සමාජවාදය ඇති වෙන්න කලින්. මෙහි තිබෙන ලොකුම වෙනස වෙළඳපොලක් තිබුණත් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ආදිය නැති වීමයි. මිනිස්සු හැමෝම සමානයින් නොවන තාක් වෙළඳපොළ තුළ යම් "සූරාකෑමක්" සිදු වෙන එක වලක්වන්න බැහැ. ආර්ථික හේතු මත මේ ක්‍රමය කඩා නොවැටුනත් සමාජයීය හේතු මත යම් මොහොතක කඩා වැටෙන්න පුළුවන්.

      Delete
    3. එකොන් රාජ්‍යය හැම වෙලේම සමාජවදී වෙන්න බැහැනේ. මුලික මාක්ස්වාදී සමාජවාදයේ උනත් විශ්වස කරන්නේ රජය අහෝසි වී යාමක් ගැන. නමුත් ඒ ගමන වැටී තිබෙන්නේ ධනවාදය හරහා කියන එක ෂැම්පේන් සමාජවාදීන් වශයෙන් හඳුන්වන අපි වගේ අයගේ අදහස. රාජ්‍ය මගින් ධනවාදය හැසිරිවිම අසාර්ථකයි කියන එක තමයි මගේ අදහස වුනේ සෝවියට් දේශය දිහා බලුවම්. නමුත් ඔබලල කියන්නේ චින්සය එය සාර්ථකව හසුරුවනවා කියල. මට නම් ඒක තේරෙන්නේ නැහැ. චීනයේ අනිත හැම රටකම වගේ "ඔය කියන සූරා කෑම " තිබෙනවා. චීනයේ විරුත ආර්ථිකය රජයෙන් පාලනය වන්නේ නැහැ. ඔවුන් නිදහස දී තිබෙනවා අවශ්‍ය ලෙස කටයුතු කරන්න. ඒක තමයි මගේ අදහස. //හැත්තෑ හතේදී ලංකාවේ වුනෙත් සෝවියට් සමාජවාදයෙන් චීන සමාජවාදයට මාරු වීමක්. කොහොමටත් සමාජවාදයේ සිට ධනවාදයට එකවර මාරු වෙන්න බැහැ. // හොඳ කියමනක්

      Delete
    4. මම හිතන්නේ ඉකොනොමැට්ටා චීනය තුල පවතින ක්‍රමය ගැන දන්නේත් නෑ, පැරණි සෝවියට් දේශය ගැන දන්නේද නැත. ඔහේ ඇමරිකන් මාධ්‍ය වලින් කවුරු හරි සෝවියට් දේශය ගැන නැත්නම් චීනය ගැන ලියපු වට්ටෝරු කතා අල්ලගෙන කතා ගොතන්න පුළුවන් එච්චරයි. මේවා දැකලා මට හයියෙන් හිනා යනවා.

      ඇමරිකන් ධනවාදී පෞද්ගලික ව්‍යාපාර ඔච්චරම කාර්යක්ෂම නම්, වැදගත් ලෙස ව්‍යාපාර කරනවා නම් තමන්ගේ ඉත්තන්ව යොදාගනිමින් ලංකාවේ මේ වගේ ජඩ වැඩ කරන්නේ මොකද?

      https://www.facebook.com/267207983433656/posts/1965486586939112/

      මේ ගැන මීට වඩා ගොඩාක් උදාහරණ දෙන්න පුළුවන් ඇමරිකානු ආර්ථික ඝාතකයෝ ගැන, රටවල් සහ ඒවායේ වටිනා සම්පත් අතිශය හිරිකිත අශිෂ්ඨ ක්‍රම වලට සොරකම් කිරීම, සූරාකෑම ආදිය ගැන. ඒ ගැන නම් ඉතින් ලියන්න පුළුවන් මේ බ්ලොග් එක මදි ඒවා ලියන්න.

      Delete
    5. //එකොන් රාජ්‍යය හැම වෙලේම සමාජවදී වෙන්න බැහැනේ. මුලික මාක්ස්වාදී සමාජවාදයේ උනත් විශ්වස කරන්නේ රජය අහෝසි වී යාමක් ගැන.//

      මාක්ස්වාදය යෝජනා වෙන්න කලින්, වෙළඳපොළ දියුණු වෙන්න කලින් වුවත් රජයක් තිබුණා. එම රජයේ පදනම වුනේ සමාජවාදය නෙමෙයි. අධිරාජ්‍යවාදය කියා කියන්නේත් එම මුල් ආකෘතියේ රජය භූගෝලීය ලෙස විශාල වී පැතිරීමක්. එහෙත්, තාක්ෂනය දියුණු වී ඒ හරහා වෙළඳපොළ දියුණු වෙද්දී මේ මූලික ආකෘතියේ රජය දුර්වල වෙන එක වලක්වන්න බැහැ. එය බොහෝ තැන් වල සිදු වුනා. තවමත් සිදු වෙනවා. මාක්ස්වාදය විසින් කළේ ඇතැම් රටවල එම ප්‍රගතිය ආපසු හරවන එකයි. එහෙත් මාක්ස්වාදය/කොමියුනිස්ට්වාදය තුළ විශාල රජයක පැවැත්ම සාධාරණීකරණය කෙරුනා. සම්ප්‍රදායික රජයක උඩින්ම හිටියේ පරම්පරාව අනුව බලයට පත් වූ රජු. රජු සර්ව සාධාරණනම්, හැම දෙයක්ම මනාව සැලසුම් කළ හැකි තරම් සුවිශේෂී දක්ෂතාවක් තිබෙන පුද්ගලයෙක්නම්, න්‍යායාත්මක ලෙස බැලුවොත්, හැම දෙයක්ම හොදින් සිදුවන නමුත් ප්‍රායෝගිකව එවැනි තනි පුද්ගලයෙක් සිටින්න ඉඩක් නැති තරම්. රජවරුන්ගේ බලය කඩා වැටෙමින් තිබුනේ එවැනි අය නොසිටි හා සිටිය නොහැකි වූ නිසා. ඊට සාපේක්ෂව වෙළඳපොළ ක්‍රමය තුළ හැම දෙයක්ම වාගේ වඩා සාධාරණ හා කාර්යක්ෂම ලෙස හොඳින් සැලසුම් වෙන්න පටන් ගත්තා. මාක්ස්වාදය/කොමියුනිස්ට්වාදය කියන්නේ රජයට සුදුහුණු ගා රජය පවත්වා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වූ ප්‍රතිසංස්කරණවාදී ක්‍රමයක්. මෙහිදී අර පරණ තිබුණු රජය කියන ආයතනය තවත් විශාල වෙන්න ඉඩ හරිමින් කලින් සිටි රජු වෙනුවට වඩා සාධාරණ හා කාර්යක්ෂම ලෙස මාක්ස්වාදී න්‍යාය හරහා බෞතීස්ම කෙරුණු පක්ෂය ආදේශ කෙරුණා. මූලික තර්කය වුනේ මාක්ස්වාදය විද්‍යාත්මක නිසා (ප්ලූටෝ හොයා ගැනීම මෙන්) එය කොහොමටත් සිදු විය යුතු දෙය කියන එකයි. විද්‍යාව විශ්වාස කළ බොහෝ දෙනෙක් මාක්ස්වාදයද විද්‍යාවක් සේ සලකා විශ්වාස කිරීම නිසා සමාජවාදී රාජ්‍යයන් හැදී ඇතැම් තැන් වල සමාජ ප්‍රගමනය ආපසු හැරවුනා. සමාජවාදී රාජ්‍යයන්ගේ තර්ජනය නිසා ඇමරිකාව වැනි රටවලද රජය අවශ්‍ය පමණට වඩා විශාල වුනා. වෙළඳපොළ ආර්ථිකයක් තිබුණු රටවල කේන්සියානුවාදීන් බලවත් වුනා. යම් තරමකින් ආක්‍රමණ හා යුද්ධ ඇති වුනා. මාක්ස්වාදී අදහස් ප්‍රචලිත නොවන්නට මේ දේවල් මේ විදිහටම සිදු නොවිය හැකිව තිබුණා. රජය හැම විටම සමාජවාදී නොවුනත් සමාජවාදී නොවූ වැඩවසම් හෝ ඒ ආකෘතියේ රජයන් බිඳ වැටී වෙළඳපොළ වර්ධනය වීම සිදු වී නැති හැම තැනකම වගේ එයට හේතු වී තිබෙන්නේ සමාජවාදී අදහස් යොදාගෙන රජය ආරක්ෂා කර ගැනීමයි. වෙනත් විදිහකින් කිවුවොත් වත්මන් ලෝකයේ විශාල රජයයන් සියල්ලක්ම වගේ වගේ පවතින්නේ සමාජවාදී අදහස් වල උදවුවෙන්. ලංකාවම වුවත් හොඳ උදාහරණයක්.

      Delete
    6. //AnonymousSeptember 19, 2021 at 10:09 AM//

      ඔබ චීනය තුල පවතින ක්‍රමය ගැනත්, පැරණි සෝවියට් දේශය ගැනත්, ඇමරිකන් ධනවාදී පෞද්ගලික ව්‍යාපාර ගැනත් හැම දෙයක්ම අතැඹුලක් සේ දන්නා නිසා මා පිළිතුරු ලියන්න මහන්සි වෙන්නේ නැහැ. ස්තුතියි!

      Delete
    7. //නමුත් ආර්ථික විද්‍යාවේදී රාජ්‍ය ධනවාදය කියල දෙයක් නැහැ කියල එකොන් කියනවා.//

      අජිත්, ඉහත කොටස ලියා තිබෙනවා මම දැක්කා. මගේ මෙම වාක්‍යය ආර්ථික විද්‍යාව සමඟ පටලවා ගන්න එපා. මම මෙය කියන්නේ මම අජිත්ට වඩා ආර්ථික විද්‍යාව දන්නවා කියා අජිත් යම් තරමකින් විශ්වාස කරන නිසා සහ මම කියන දේවල් කරුණුමය ලෙස නිවැරදි සේ යම් තරමකින් සලකන නිසා. මෙය බොහෝ දුරට ආර්ථික විද්‍යාවෙන් බාහිර මගේ පෞද්ගලික අදහසක්. මම ලියන බොහෝ ආර්ථික විද්‍යා කරුණු ප්‍රධාන ධාරාවේ ආර්ථික විද්‍යාඥයින් බොහෝ දෙනෙක් එකඟ වන දේ වුවත් ආර්ථික විද්‍යාවට යම් තරමකින් සම්බන්ධ දේශපාලනික අදහස් සම්බන්ධව එවැනි පුළුල් එකඟතාවයක් නැහැ. මම පෞද්ගලිකව එකඟ නැතත් චීනය හා අදාළව රාජ්‍ය ධනවාදය කියන වචනය භාවිතා කරන වෙනත් අය ඉන්නවා. මෙය සටහන් කළේ, මා ලියා ඇති දෙය පොදු අදහසක් සේ පෙන්වීම අජිත්ට කරන අසාධාරණයක් නිසා.

      පහත කොටසත් මම දැක්කා.

      //The political elite and the business class is closely linked even in so called 'pure' capitalist counties.//

      මේ ප්‍රතිචාරය දැමූ පුද්ගලයා මේ බ්ලොග් එක දිගටම කියවන අයෙකු නොවූවත් ඔබ කියවා තියෙනවනේ. ඔහු කියන 'pure' capitalist counties කොහෙද තියෙන්නේ? එවැනි රටවල් ලෝකයේ කොහේවත් නැති බව මම දිගින් දිගටම කියා තියෙන නිසා මෙය මට අදාළ කරුණක් නෙමෙයි. ඔහු අදහස් කරන්නේ ඇමරිකාව, එක්සත් රාජධානිය වැනි රටක්නම් "The political elite and the business class is closely linked" කියන එක සම්පූර්ණ බොරුවක් නෙමෙයි. වැරැද්ද මෙය ධනවාදය සේ සැලකීමයි. ඒ වගේම චීනය, ලංකාව වැනි රටකට සාපේක්ෂව ඇමරිකාව, එක්සත් රාජධානිය වැනි රටක මේ තත්ත්වය ඉතා සීමිත බවද පැහැදිලි කරුණක්. (ඔබ හෝ වෙනත් අයෙකු මේ ගැන එකඟ නොවනවානම් මම වාද කරන්න යන්නේ නැහැ).

      Delete
    8. ඉකොනො කිය්න්නෙ ඇමෙරිකාවෙ උනත් යම් තෝරාගත් බිස්නස් ටිකකට ඇමෙරිකාවෙ විශේශ වාසියක් රජය මගින් සලසනව කියලද?

      Delete
    9. හොඳයි ස්තූතියි //මම මෙය කියන්නේ මම අජිත්ට වඩා ආර්ථික විද්‍යාව දන්නවා කියා අජිත් යම් තරමකින් විශ්වාස කරන නිසා සහ මම කියන දේවල් කරුණුමය ලෙස නිවැරදි සේ යම් තරමකින් සලකන නිසා.// ඔව් ඒක නිවාදී නිගමනයක්.

      Delete
    10. නිවැරදි නිගමනයක්

      Delete
    11. //ඉකොනො කිය්න්නෙ ඇමෙරිකාවෙ උනත් යම් තෝරාගත් බිස්නස් ටිකකට ඇමෙරිකාවෙ විශේශ වාසියක් රජය මගින් සලසනව කියලද?//

      පැහැදිලිවම. ෆෙඩරල් රජය මෙන්ම ප්‍රාන්ත රජයයන් විසින්ද වෙළඳපොළට යම් මැදිහත්වීම් කරනවා. මෙය කරන්නේ වෙළඳපොළ ස්වභාවික අඩුපාඩු වලට පිළියමක් යන ලේබලය යටතේ. නැත්නම් යම් දේශපාලනික ඉලක්කයක් සාක්ෂාත් කර ගැනීමේ ලේබලය යටතේ. උදාහරණයක් විදිහට අපේ ගෙදර වහලයේ සූර්ය පැනල සවි කරනවානම් විශාල බදු සහනයක් ලැබෙනවා. එය එම කර්මාන්තයේ නියැලෙන සමාගම් වලට වාසියක්. කෝවිඩ් එන්නත් හැදීම සඳහා සමාගම් ගණනාවකට රජය සල්ලි දුන්නා.

      Delete
    12. නෑ, මෙහෙම තත්වයක් නෙමෙයි මම ඇහුවෙ. මට දැනගන්න ඕන ලන්කාවෙ දිලිත් දම්මික ඇවන්ට්ගාඩ් වගෙ ආණ්ඩුව ලැදියාවක් දක්වන විශේශ බිස්නස්/ජාවාරම් කාරයො සෙට් එකක් ඉන්නවද?
      සොලර් පැනල් උදාහරනයෙදි ඒ ෆීල්ඩ් එකේ ඉන්න හැම බිස්නස් එකම එකම විදියට හදපු පිටියකනෙ තරඟ කරන්නෙ

      Delete
    13. තමන්ට අවශ්‍ය අයට සලකන එක බොහෝ විට සිදු වෙන්නේ කිසියම් කර්මාන්තයකට පොදුවේ සැලකීම කියන ලේබලය යටතේ. හිටිවනම සීනි බද්ද ශත 25 කරනවා. අවශ්‍ය කෙනා සීනි ගෙන්නුවාට පස්සේ නැවත බද්ද වැඩි කරනවා. වෙළඳපොළට මැදිහත්වීමක් තිබෙන ඕනෑම තැනක තමන්ට අවශ්‍ය අයට සලකන්න යම් ඉඩක් තිබෙනවා. රාජ්‍ය මැදිහත්වීම් නියාමනය වන යාන්ත්‍රණයක් අවශ්‍ය වන්නේ ඒ නිසා. ඒකට හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක් අවශ්‍යයි. මාධ්‍ය නිදහස අවශ්‍යයි. බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල් චීන සමාජවාදී ආකෘතියේ රටවලින් වෙනස් වන්නේ ඔය කරුණේදී. මෙහිදී රජයට හැකි තරම් පාරදෘශ්‍ය වීමට බල කෙරෙනවා. ඒ නිසා, තමන්ගේ මිතුරන්ට සලකන්න තිබෙන හැකියාව අවම වෙනවා. කොයි රටක වුනත් රජයක් රජයක්ම තමයි. ඒ නිසා හැම විටම මහජනතාව රජය දෙස විමසිල්ලෙන් බලා සිටිය යුතුයි. ඒ විමසිල්ල නැත්නම් ඕනෑම රජයක් වැරදි පාරේ යා හැකියි.

      Delete
    14. ඔව්. මේක තමයි මම කියන්නෙ. ඇමෙරිකාව වගෙ රටවල එහෙම නිවෙන්නෙ රජය හොඳ නිසා . මිනිස්සු අවදානයෙන් ඉන්න නිසා සහ අදාල ආයතන තමාගෙ වගකීම තුල ක්‍රියාත්මක වෙන නිසා.
      හැබැයි ඔය ක්‍රමය ලන්කාව තුල ක්‍රියාත්මක වෙන්නෙ නැති සන්ස්කෘතික හේතු නිසා ලන්කාවෙනම්.
      උදාහරනයක් විදියට අයීයා මල්ලි සන්ස්කෘතිය, තුන් සින්හලයම නෑදෑයො වීම වගේ දේවල්.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: