වෙබ් ලිපිනය:

Thursday, May 12, 2022

රනිලාගමනය

රනිල් වික්‍රමසිංහ විසින් නැවතත් අගමැති ධුරය භාර ගෙන තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ රනිල් කියන්නේ මේ වන විට ජනප්‍රියතාව අනුව රටේ අනෙකුත් දේශපාලන පක්ෂ ගණනාවකටම වඩා පසුපසින් සිටින දේශපාලන පක්ෂයක නියෝජිතයෙකු (හා නායකයා) වීමයි. පසුගිය මහ මැතිවරණයේදී 2%කට මඳක් වැඩි ඡන්ද ප්‍රමාණයක් පමණක් ලබාගත් එජාපයට හිමි කර ගත හැකි වූයේ රනිල් වික්‍රමසිංහගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පමණයි. ආණ්ඩු බලය හිමි පොදුජන පෙරමුණ හා විපක්ෂයේ සිටින සජබ මෙන්ම ජාජබ පමණක් නොව ද්‍රවිඩ සන්ධානය වැනි වෙනත් පක්ෂද මීට වඩා ඡන්ද හා මන්ත්‍රී ධුර හිමි කර ගත්තා. 

මේ මොහොතේ රට ගොඩ ගැනීම සඳහා රාජ්‍ය මූල්‍ය අංශයේ මෙතෙක් කවදාවත් සිදු නොකෙරෙනු ආකාරයේ වෙනස්කම් සිදු කෙරෙන ආර්ථික ස්ථායීකරන වැඩපිළිවෙලක් අනිවාර්යෙයන්ම අවශ්‍ය වෙනවා. පුළුල් මහජන සහයෝගයක් නොමැතිව එවැනි වැඩ පිළිවෙලක් සාර්ථක ලෙස ක්‍රියාත්මක කළ නොහැකියි. එවැනි පුළුල් මහජන සහයෝගයක් ලබා ගැනීමේ ශක්‍යතාවයක් තිබෙන්නේ පවතින ආණ්ඩුවට තවමත් සහයෝගය දක්වන ජන කොටස් වල නියෝජිතයින්ද ඇතුළත් සියලු දේශපාලන පක්ෂ වල එකතුවකට පමණයි. මෙතෙක් දිගින් දිගටම සිදු වූ පරිදි, එක් එක් දේශපාලන පක්ෂය විසින් තමන්ගේ බල ව්‍යාපෘති වලට ප්‍රමුඛතාවය දීම තුළ මේ කාර්යය කිසිසේත්ම සිදු වන එකක් නැහැ. එහි අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ රට නැවත විශාල කාලයකට ගොඩ ගත නොහැකි අගාධයකට පතිත වීම පමණයි.

මා හිතන විදිහට අරගලයට සහයෝගය දැක්වූ නිර්පාක්ෂික කොටස් විසින් අපේක්ෂා කළේ පක්ෂ අනන්‍යතා ඉක්මවා ගිය මෙවැනි එකඟතාවක්. මා මෙහිදී අදහස් කරන්නේ සැබෑ නිර්පාක්ෂික කොටස් මිසක් නිර්පාක්ෂික අරගලය තුළ සිටිමින් දේශපාලන පක්ෂ වල බල ව්‍යාපෘති ක්‍රියාත්මක කළ කොටස් පිළිබඳව නෙමෙයි. අනපේක්ෂිත ලෙස නොවුනත්, අවාසනාවකට මෙන්, එවැනි එකඟතාවක් ඇති වීමේ ඉඩක් මේ වන විට දැකිය නොහැකියි. අරගලයට එල්ල වූ මැර ප්‍රහාරය හා එයින් පසුව ඇති වූ ප්‍රතිප්‍රහාර වලින් පසුව නැවතත් පාක්ෂික අනන්‍යතා බලවත් වී ඇති බව පේනවා.

මේ වෙලාවේ යටපත් වී තිබුණත්, රාජපක්ෂවාදීන්ට හා රාජපක්ෂලා සමඟ විවේචනයක් ඇතත් ආණ්ඩුව වෙනුවෙන් තවමත් පෙනී සිටින සැලකිය යුතු පිරිසකටද ඔවුන්ගේම කතාවක් තිබෙනවා. ඒ වගේම, රාජපක්ෂලාට එරෙහිව නැගී සිටින කණ්ඩායම ඇතුළේද එකිනෙකා සමඟ ප්‍රශ්න තිබෙන කණ්ඩායම් ගණනාවක් සිටිනවා. මට පේන විදිහටනම් මේ සියලු කොටස් වල එකඟතාවයක් ඇති වීම සිදු නොවිය හැකි තරම් දුරස්ථ කරුණක්. 

සාමාන්‍යයෙන් ලංකාවේ දක්ෂිණාංශික නැඹුරුවක් ඇති දේශපාලන පක්ෂ වල ක්‍රියාකාරී පදනම ප්‍රයෝජ්‍යතාවාදයයි. මෙයින් වෙනස්ව ඇතැම් වාමාංශික පක්ෂ තමන්ගේ න්‍යායික පදනම මුල් තැනෙහි ලා කටයුතු කරනවා. එවැනි පක්ෂ විසින් ජන පදනමට වඩා වැඩියෙන් වැදගත් සේ සලකන්නේ තමන් විශ්වාස කරන න්‍යාය මත පදනම් වූ දේශපාලනික නිරවද්‍යතාවයයි. රනිල් වික්‍රමසිංහ කියන්නේ දක්ෂිණාංශික කඳවුර තුළ සිටින මේ දෙවන ගොඩට දැමිය හැකි දුලබ චරිතයක්. ඔහුට තමන් නිවැරදියයි සේ දකින ස්ථාවරය ජනපදනමට වඩා වැදගත්. 

මේ ආණ්ඩුව බලයට පත් වන්නේ රනිල් වික්‍රමසිංහගේ මතවාදය මුළුමනින්ම පරාජය කරමිනුයි. ඊට සමාන්තරව ඔහුට ඔහුගේ ජනපදනමද නැතිව යනවා. දැන් අගමැති සේ නැවතත් පත්ව සිටින්නේ මේ අයුරින් සිය ජනපදනම මුළුමනින්ම අහෝසි කරගත්, පරාජිත මතවාදයක නියෝජිතයෙක්. එහෙම වෙන්නේ කොහොමද?

පසුව වෙනත් දේශපාලනික ඉල්ලීම් එකතු වුනත්, මේ ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය මතු වන්නේ ආර්ථික සාධක නිසා. සාමාන්‍ය මිනිස්සු බහුතරයක් පාරට බහින්නේ ගෑස්, පැට්‍රෝල්, විදුලිබලය ආදිය නැති නිසා මිසක් දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටිමින් නෙමෙයි. (මෙය දේශපාලන ප්‍රතිසංස්කරණ වල අවශ්‍යතාවය අවතක්සේරු කිරීමක් නෙමෙයි) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස් වී ගෙදර යන්න කියන ඉල්ලීම ඇතුළේ මුලින්ම තිබුණේ "කරන්න බැරිනම් කරන්න පුළුවන් කෙනෙක්ට දෙන්න" කියන ඉල්ලීමයි. මහ බැංකුවේ හිටපු අධිපති කබ්රාල්ව ඉවත් කර නන්දලාල්ව පත් කර ගැනීමෙන් පසුව රටේ බොහෝ දෙනෙකු විසින් ඔහුව "කරන්න පුළුවන් කෙනෙක්" ලෙස පිළිගත්තා. 

මහ බැංකු අධිපති වෙනස් කිරීම අරගලකරුවන් විසින් ලබාගත් විශාල ජයග්‍රහණයක්. එය සිදුවන විට නිර්පාක්ෂික කොටස් අරගලයේ ප්‍රධාන බලවේගය ලෙස සිටීම නිසා "කෝකටත් විරෝධීන්ගේ" හඬ යටපත්ව ගියා. එහෙත්, මේ වන විට අරගලය තුළ තවදුරටත් මුලින් ඒ තුළ දැකිය හැකි වූ නිර්පාක්ෂික ස්වරූපය පෙර ලෙසින්ම දැකිය හැක්කේ නැහැ. දැන් එය විවිධ දේශපාලනික කණ්ඩායම් කිහිපයක හා යම් නිර්පාක්ෂික පිරිසකගේ ලිහිල් එකතුවක්. 

මම හිතන විදිහට මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ කරලියට එන්නේ අරගලය තුළ සිටින නිර්පාක්ෂික කොටස් වල ඉල්ලීම් වලට  වඩාත්ම ගැලපෙන පුද්ගලයා ලෙසයි. දීර්ඝ දේශපාලන අතීතයක් තිබුණත්, මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ කියා කියන්නේ නිර්පාක්ෂික සේ සැලකිය හැකි තරමටම ජනපදනමක් නැති පුද්ගලයෙක්. ඔහු සතුව තිබෙන්නේ මතවාදයක් පමණයි. කොයි තරම් ජනප්‍රියත්වය පිරිහී තිබුණත්, තවමත් රනිල් වික්‍රමසිංහට වඩා සැලකිය යුතු ජනපදනමක් තිබෙන ආණ්ඩුව විසින් මේ වන විට තමන්ගේ මතවාදය හා උපක්‍රම මුළුමනින්ම අතහැර රනිල්ගේ මතවාදය වැළඳගෙන තිබෙනවා. එම මතවාදය අනුව කටයුතු කිරීම සඳහා ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙස රනිල් වික්‍රමසිංහව පත් කර තිබෙනවා. දැන් ප්‍රශ්නය රනිල් වික්‍රමසිංහට මෙය කළ හැකිද යන්නයි.

අශුභවාදී අදහසක් සේ පෙනෙන්නට හැකි වුවත්, මගේ අදහසනම් රනිල් වික්‍රමසිංහව පත් කිරීමෙන් ප්‍රශ්නය නොවිසඳෙන බවයි. මා එසේ කියන්නේ ඔහු නිවැරදි මාර්ගයේ යාමට ඇති ඉඩ ගැන තිබෙන සැකයක් නිසා නෙමෙයි. එම මාර්ගයේ යාම සඳහා අවශ්‍ය දේශපාලන සහයෝගය ලබා ගැනීමේ ශක්‍යතාවය පැහැදිලි ලෙස නොපෙනෙන නිසයි.

මේ වෙලාවේ රනිල් අත ගසා තිබෙන්නේ ඉතාම අවදානම් කටයුත්තකටයි. මෙය නන්දලාල් වීරසිංහ විසින් මහ බැංකු අධිපති ධුරය භාර ගැනීම හා සම කළ නොහැකියි. මහ බැංකු අධිපති ධුරය සඳහා අවශ්‍ය වූයේ පුහුණුව හා අත්දැකීම් ඇති, වෙනත් විදිහකින් කිවුවොත් තාක්ෂණික කුසලතා ඇති අයෙක්. එහිදී කළ යුතුව තිබුණේ නිවැරදි තීරණ ගැනීම පමණයි. එහෙත්, රාජ්‍යමූල්‍ය කළමනාකරණය හා අදාළව නිවැරදි තීරණ ගැනීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඒ තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා මහජන සහයෝගයද අවශ්‍යයි. 

අරගලය තුළ සක්‍රියව සිටින නාගරික, නිර්පාක්ෂික කොටස් විසින් නියෝජනය කෙරෙන ප්‍රතිශතය එතරම් විශාල ප්‍රතිශතයක්යැයි මා හිතන්නේ නැහැ. එහි සිටින විශාල පිරිසක් සජබ, ජාජබ, පෙසපෙ වැනි පක්ෂ වල ආධාරකරුවන්. ඔවුන්ට ඔවුන්ගේම බල ඉලක්ක තිබෙනවා. ඒ වගේම, රනිල්ගේ උදවුවෙන් රාජපක්ෂලා නැවත තමන්ගේ හීරුනු තැන් වෑල්ඩින් කර ගෙන නැගී සිටිනු ඇතැයි යන සහේතුක බියද මේ කණ්ඩායම් සියල්ලකටම වාගේ තිබෙනවා. ඒ නිසා, රනිල් වික්‍රමසිංහට නිවැරදි තීරණ ගෙන ක්‍රියාත්මක කිරීම සඳහා "අරගල කඳවුරෙන්" ලැබිය හැක්කේ සීමිත සහයෝගයක් පමණයි. අනෙක් පැත්තෙන්, ආණ්ඩුවේ ඉහළ තට්ටුව විසින් "නයිට් වොච්මන්" කෙනෙකු ලෙස රනිල්ව එළියට දමා ඇතත්, ආණ්ඩුව සමඟ රැඳී සිටින විශාල පිරිසක්ද රනිල්ගේ කකුලෙන් අදින බව පැහැදිලියි. මේ තත්ත්වය යටතේ රට ගොඩ දැමීමට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ ගෙන ඒමට රනිල්ට තිබෙන හැකියාව ඉතා සීමිතයි.

රනිල් මේ විදිහට අහක යන කරුමයකට කර ගහන්නේම ඔහුට ලොකු අනාගත අපේක්ෂා නැති නිසා. තමන් ඒ අවදානම ගන්න බය බව සජිත් ප්‍රේමදාස විසින් පැහැදිලි ලෙසම ප්‍රදර්ශනය කළා. සජිත්ගේ බය සාධාරණයි. මොන විදිහකින්වත් අරගලකරුවන්ගේ ඉල්ලීම් සියල්ල ප්‍රායෝගිකව ඉටු කළ නොහැකි නිසා ආණ්ඩුව සමඟ එකතු වීමෙන් සජිත් ජවිපෙ උගුලෙහි හිරවෙනවා. අනෙක් අතට ජවිපෙ දේශපාලන බලය රැඳී තිබෙන ප්‍රමුඛ සටන් පාඨය වන "හොර ඇල්ලීම" හරහා දේශපාලන බලයක් ගොඩ නගා ගැනීම හා පවත්වා ගැනීම කළ හැක්කේ විපක්ෂ දේශපාලනය තුළ පමණයි.

දැන් ප්‍රශ්නය මේ දේශපාලන වාතාවරණය රටේ ආර්ථික ප්‍රශ්නය විසඳීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කෙරෙහි මොන විදිහට බලපායිද කියන එකයි. IMF යාම ගැන මේ වන විට ආණ්ඩුව, විපක්ෂයේ ප්‍රධාන දේශපාලන ධාරා හතරක් හා අරගලකරුවන් අතර කිසියම් සම්මුතියක් තිබෙනවා. එසේ වුවත්, රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ යෝජනා ප්‍රසිද්ධ වූ වහාම මේ සම්මුතිය කැඩෙන බව ඉතා පැහැදිලියි. ප්‍රධාන දේශපාලන ධාරා අතර රාජ්‍ය අංශයේ මැදිහත්වීම් සම්බන්ධව තිබෙන හා ඉදිරියටත් නඩත්තු වීමට නියමිත ප්‍රතිපත්ති අතර විසම්මුතීන් සියල්ල එක් කළ විට අතිපිහිත වීම් ඉතා අඩුයි. 

අපේක්ෂිත IMF ප්‍රතිසංස්කරණ යෝජනා සමඟ වඩාත්ම එකඟ වනු ඇත්තේ සජබයි. එහෙත්, රනිල්ගේ ආණ්ඩුව තුළ සජබ නියෝජනය මේ වන තුරුද පැහැදිලි නැහැ. ඒ වගේම මේ වෙලාවේ ආණ්ඩුව විසින් රනිල්ව "රස්සාවට ගෙන" තිබුණත්, මේ ආණ්ඩුව බලයට පත් කළ ජනමතය රනිල් පෙනී සිටි හා IMF එකට එකඟ විට හැකි ප්‍රතිපත්තීන්ට එරෙහිව යන ජනමතයක්. මේ තත්ත්වය යටතේ මට පෙනෙන එකම ප්‍රායෝගික විසඳුම හැකි ඉක්මණින් මහ මැතිවරණයක් පැවැත්වීමයි. ඉන්පසුව ජනතා කැමැත්ත පරිදි සාමූහිකව ගොඩ යාම හා සාමූහිකව වැනසීම යන ඕනෑම එකක් කරගත හැකියි. රනිල්ට කළ හැකි එකම දෙය ආණ්ඩුව හා අරගලකරුවන් සමඟ සහයෝගයෙන් කෙටි කාලයකට (මාස කිහිපයකට) ආර්ථිකය ඇද ගෙන යාම සඳහා අවශ්‍ය "හදිසි ප්‍රතිකාර" හා "හදිසි නඩත්තු කටයුතු" කිරීම පමණයි.

#ඉකොනොමැට්ටා 

29 comments:

  1. හර්ෂගේ ප්‍රකාශය නිවැරදිය. අගමැතිගේ පත්වීම තුල ජනමතය පිළිබිඹු නොවේ.

    ReplyDelete
  2. හොඳ විග්‍රහයක්.
    අස්සයා ගියාට පස්සෙ, දැන් සජිත් සහ අනුර දෙන්නම රට බාරගන්න ලෑස්තියි කියන එක, ඔබ අර්ථදක්වන්නෙ කොහොමද කියල දැණගන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. තමන් මිනිස්සුන්ට කියන දේවල් සහ ඇත්තටම විශ්වාස කරන දේවල් අතර වෙනසක් තිබීමේ හා නොතිබීමේ වෙනස.

      Delete
  3. රනිල්ට තිබෙන ජාත්‍යන්තර සහයෝගය ඔහුට ශ්යක් නොවෙයිද?

    ReplyDelete
    Replies
    1. ශක්තියක්

      Delete
    2. ජාත්‍යන්තර සහයෝගය තිබෙන්නේ රනිල් පෙනී සිටින වැඩ පිළිවෙලට මිසක් රනිල්ට නෙමෙයි. ඒ නිසා ජාත්‍යන්තර සහයෝගය ලැබෙන්නේ ඔහුට එම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කළ හැකි බව පැහැදිලිව පෙනී යන්නේනම් පමණයි.

      Delete
  4. හරක් රංචුව එඬේරාට කීකරු වෙනවා වගේ විරෝධතා කරුවන් රනිල්ට කීකරුවෙන බව සහතිකයි.
    රනිලා මගේ එඬේරානෝය.
    රනිලා ඉන්නාකං මට කිසි හිඟයක් නැත්තේය.
    රනිලා මා නිල් තණ ගොදුරුබිම්කරා ගෙන යන්නේය!

    ReplyDelete
    Replies
    1. නැත නැත
      අරගල කරුවන් කියන්නේ
      යූ ගෝ -යූත් ගෝ

      Delete
    2. @ Jagath

      මම හිතන්නේ රනිල්ට හීලෑ වන්නේ අරගලයේ කණ්ඩායම් වලින් 70 - 75% ක් පමණ පිරිසක් බව, හැබැයි අරගලයට මතවාදී සමාජ ජාල වල විශාල වශයෙන් ප්‍රචාරණය ලබා දෙන අය 90% ක් විතර රනිල්ට කීකරු වෙයි. අනිත් පැත්තෙන් සමගි ජන බලවේගයේ සිටින දැන උගත් බොහෝ දෙනෙක්ට දැනටමත් සජිත් ප්‍රේමදාස එපා වෙලා තියෙන්නේ ඒනිසා ඔවුන් නැවත නැවතත් රනිල් සමග එක්වීමට බොහෝ දුරට ඉඩ තියෙනවා.

      නමුත් අරගලය තුල සිටින උග්‍ර සජිත්වාදීන්, ජවිපෙ ජාතික ජන බලවේගයේ අනුගාමිකයන්, ඉතාමත් සුළු පිරිසක් වන නමුත් සංවිධාන හැකියාව අධික ලෙස ඇති පෙරටුගාමී සමාජවාදී අනුගාමිකයන් වැනි අය රනිල්ට එරෙහිව තවදුරටත් සටන් කරයි.

      නමුත් මොන ජාතියෙන් හරි රනිල්ට ලංකාවේ මූලිකවම සපුරාගත යුතු අවශ්‍යතාවන් වන අඛණ්ඩව විදුලි බලය, ඉන්ධන තෙල් සුලභතාවය, LP ගෑස් නැවතත් සුලභව ලැබීම සහ රුපියල ස්ථාවර කරගෙන භාණ්ඩ හා සේවා සඳහා මිල යම් ස්ථානයක ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට පුළුවන් වුණොත් ඉක්මනටම අරගලය දියවී යන අතර ඔය අරගලයත් මීට කලින් පැවති සාමාන්‍ය අන්තරේ උද්ඝෝෂණ වගේ ජනතා පිළිකුලට බඳුන් වූ පුස්සක් බවට පත්වෙයි ඉබේටම. නමුත් ප්‍රායෝගිකව එහෙම කරන්න රනිල්ට පුළුවන් වෙයි ද?

      Delete
    3. https://www.youtube.com/watch?v=M02gtB-ILWM

      වරද්ද වරද්දා කියන නිවේදනයට "හා!" කියන විදිහ අහගෙන ඉන්න ලස්සනයි.😂🤣

      Delete
  5. බොහෝ දුරට එකඟ වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අජිත් ඔබ ඇතුළු පිරිස් විසින් දිගින් දිගටම බ්ලොග් හරහා ලංකාවේ ජනතාව අවුස්සමින් ඒ හරහා පුද්ගලිකව විවිධාකාර ආදායම් මාර්ග සකසා ගනිමින් ලංකාවේ සාමකාමීව අප ඇරඹූ අරගලය වෙතට ප්‍රචණ්ඩකාරී අදහස් පොම්ප කරේ විවිධ යටි අරමුණු වෙනුවෙන් වෙන්න පුළුවන්, නමුත් මෝඩ නාකි මයිනා සහ උගේ මෝඩ අනුගාමිකයන් අරගලයට පහර දීමත් සමගම ඔබලා විසින් ප්‍රවර්ධනය කළ ප්‍රචන්ඩත්වය අපගේ සාමකාමී අරගලය බිඳ දමමින් නැගී සිටියා, දැන් එය මොබ් මානසිකත්වයෙන් කොල්ලකාරීන් අතට ගිහින්, මේ බලන්න;

      https://www.youtube.com/watch?v=l3vJ6ha-ats

      https://www.youtube.com/watch?v=o1ygE3nvDsU

      ඔබලා විසින් ප්‍රවර්ධනය කළ මොබ් ප්‍රචණ්ඩත්වයට ආකර්ශනය වුණා නම්, ඒකෙ ඊළඟ පියවර වන පශ්චාත්තාපයත් දරාගන්න. පශ්චාත්තාපය පමණක් අපට උරුම කිරීම වෙනුවට ඔබලත් එය අනිවාර්යයෙන්ම දරා ගත යුතුයි, එංගලන්තෙට වෙලා බේරිලා ඉන්න අපි ඉඩ දෙන්නේ නැහැ, ඒක එහෙම විය යුතුයි.

      1. ගිනිතිබ්බෙ මාළිගා නෙමෙයි. ටිකක් හොඳ ගෙවල්. ඒවට වන්දි ගෙවන්න වෙන්නෙත් මහජන මුදලින්.

      2. ඔය බස් අපට පොදු ප්‍රවාහන පහසුකම් සපයපු ඒවා. ඇඳිරි නීති අයින් කරනකොට ඒවා පාරෙ නැහැ. හුඟක් බස් කන්ඩෙම්. ඒවා මස් කරන එක විතරයි කරන්න පුළුවන්.

      3. වෛරයට පාත්‍ර වෙච්ච ධනවතුන් ළඟ රැකියා කරපු විශාල පිරිසකට දැන් රස්සා නැහැ.

      4. ගිනි දෙවියන්ට පිදුව සිමෙන්ති, යකඩ, ප්ලාස්ටික්, විදුලි උපකරණ හා ගෘහ උපකරණ බොහොමයක් ආනයනික භාණ්ඩ (Scared US Dollar)

      5. වෙච්ච හානිය රුපියල්වලින් බිලියන ගණනක්

      6. මේකත් 1983 ජුලි කෝලාහලය වගේම තමයි ඉතිහාසගත වෙන්නෙ.

      7. මේව දැක්ක පිටරටවල් අපට උදව් කරයිද?

      ඔබලා විසින් ප්‍රවර්ධනය කළ මොබ් ප්‍රචණ්ඩත්වයෙන් අත්වුණ වාසි තියෙනවා නම්, ඒවා මොනවද කියල විස්තර කරන්න බලන්න.

      Delete
    2. හ්ම්... "ඔබලා" විසින් ප්‍රවර්ධනය කළ මොබ් ප්‍රචණ්ඩත්වය නේද? මේ වීඩියෝව හොඳින් බැලුවොත්, ඔය කියන "ඔබලා" දැක ගත හැකියි.
      https://www.youtube.com/watch?v=o1ygE3nvDsU
      ඔහොම ඔබ, ඔබ ඉන්නකොට, නිකම්ම ලිහෙයි නේද?

      Delete
    3. https://www.youtube.com/watch?v=1wR12rSr0qM

      Delete
    4. අනේ පලයන් බං යන්න. මගේ වෝල් එකේ දිගටම කීවේ රාජපක්ෂ පිල්ලි වලට අහු වෙන්න එපා කියල. අන්න මෝටිවෙසන් අප්පච්චිත් ගියාලු. මං දැක්ක ඒ කාලේ බැදුම් කරෙටේ බ්ලොග්වල කෑගහපු රොත්ත ඇවිත් ඉවාන් පව්ලුෂා ට කොමෙන්ට් දානවා. අනේ පව් ඈ. බැදුම්කර හොරු අල්ලන්න ඇවිත් රනිල්ට අගමැතිකම දෙන්න වුණාම. මෙහමත් අන්නනවද? හූ හූ 😄

      Delete
    5. ඔය උඩ වීඩියෝ වල ඔක්කොම තියනවා. දාපු සේනාධිපති ගැන්සිය ගැනත් විස්තර තියනවා. ඉස්සරහට ටික ටික එළියට දාමු ඈ . දැනටම වීඩියෝ තියෙනවා සමන් නන්දලාල් තමන්ගේ ඒවා තමන්ම පුච්චන හැටි. cctv වල. 😄

      Delete
    6. Ajith Dharma.May 13, 2022 at 4:19 AM
      දැන් බැලුවේ වීඩියෝ එක. තැන් තැන් වල තිබුණු මේ වීඩියෝ සාක්ෂි සියල්ල මෙලෙස එකතු කර සංරක්ෂණය කළ එක හොඳ වැඩක්.

      Delete
  6. ඉකොනෝ මහත්තයා දැන් මොකද කරන්නේ?

    ආයේ එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකයට එකතු වෙනවද?

    ReplyDelete
  7. ඉකොනොමැට්ටාට තව දෙයක් කියන්න තියනවා, ඒ රනිල් වික්‍රමසිංහගේ නම අග්‍රාමාත්‍ය ධුරයට යෝජනා කරනු ලැබුවේ රට තුළ මහා ලේ වැගිරීමක් සිදුකොට දැනට සැඟවී සිටින මහින්ද රාජපක්ෂ නාකි මයිනා බංකරයේ සිට බව සියම් මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.

    උන්වහන්සේ පෙන්වා දෙන්නේ රාජපක්ෂලාගේ ගැලවුම් කරුවෙකු ලෙස රනිල් වික්‍රමසිංහව සමාජය විසින් හඳුනාගෙන ඇති බවයි.
    එමෙන්ම කිසිදු ජනවරමක් නොමැති පරාජිත පුද්ගලයෙකු සහ කිසිදු අවස්ථාවක සිවිල් සමාජය තුළින් යෝජනා වූ පුද්ගලයෙකු හිටි හැටියේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම පුදුමසහගත බවයි උන්වහන්සේ පවසන්නේ.

    අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මෙම කරුණු හෙළි කරේ.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්ව ගුණාංග සම්බන්ධයෙන් බරපතළ විවේචනයක් සිදු කරන උන් වහන්සේ පෙන්වා දෙන්නේ මහනායක හිමිවරුන්ගේ සහ සෙසු ආගමික නායකයින් ගේ ආශිර්වාදය ද සමඟින් ව්‍යවස්ථානුකූලව සහ අවස්ථානුකූලව අගමැති ධුරය භාරගන්නා ලෙස සජිත් ප්‍රේමදාසගෙන් කිහිප වරක්ම ඉල්ලා සිටියද ඔහු විවිධ හේතු ඉදිරිපත් කරමින් ඉතාමත් ලැජ්ජා සහගත ලෙස එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි.

    ඒ හා සම්බන්ධ තවත් ඉල්ලීම් රැසක් විපක්ෂ නායකවරයාට ඉදිරිපත් කළ ආකාරයත් සියල්ල ප්‍රතික්ෂේප කරමින් කිසිම ප්‍රායෝගික විසඳුමක් නොසොයා එකවර ජනාධිපතිවරයා බවට පත්වීමට උත්සාහ දැරීම හේතුවෙන තවත් සමාජ අර්බුදයක් මේ වන විට නිර්මාණය වී ඇති බවත් උන්වහන්සේ සඳහන් කළා.

    ගෝල්ෆේස් අරගලකරුවන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස පසුගියදා පොලිසිය විසින් සිදු කරනු ලැබූ නිවේදනය සිදුකර ඇත්තේ පොලිසිය විසින් නොවන බව ද උන්වහන්සේ මෙහිදී හෙළි කරනු ලැබුවා.

    උන්වහන්සේ පෙන්වා දුන්නේ සියලු තත්වයන් මැද විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

    මේකේ වැඩි විස්තර තියෙනවා;

    https://youtu.be/soLFx4FjYHw

    ReplyDelete
  8. කැත්තක් අරගෙන වත්තට ගියාට කපා ගන්න මොකවත් නැත්තේ
    අනුන්ගෙ පව් කර ගහන්න වෙයි වගෙ, අලුත් අගමැතිට අනාගතේ
    ඒත් තියෙනවා පොඩිම ඉඩක් නං - මොළෙන්ම ගැහුමයි කළ යුත්තේ
    කකුලෙන් අදීවී- වළවල් කපාවි, දැක්කනෙ වැඩ අපි brain හතේ

    ReplyDelete
  9. රනිල් අසාර්තක වෙයි කියන්නෙ ඇයි? ටික කලකට ආර්තිකය කලමනාකරගන්න පුලුවන් වෙයි කියල අන්තිමට ලියල තියෙනව. ඒකට නෙමෙයිද රනිල්ව පත් කලේ?

    ReplyDelete
    Replies
    1. ගෝල්ෆේස් ප්‍රහාරයට පසුව දා ජනාධිපතිවරයා සිටියේ කිසිවක් කරකියාගත නොහැකි අන්දමන්ද තත්වයකයි. ඔහු දැනුවත්ව හෝ නොදැනුවත්ව, ඔහුගේ වැඩිමල් සහ බාල සහෝදරයන් දෙන්නා දියත් කළා යැයි කියන ප්‍රචණ්ඩ මෙහෙයුම විසින් මුළු රටම ඔහුට සහ ඔහුගේ වරිගයාටම විරුද්ධව එක රැයකින් ප්‍රචණ්ඩකාරීව නැඟිටුවනු ලැබුණි.

      එය, ගෝල්ෆේස් අරගලකරුවන් ප්‍රාර්ථනා කරන ලද්දක් නොවේ.

      මීට කලින් මාසයක් තිස්සේ අත්පත් කරගත නොහැකිව තිබුණු එක්තරා ආකාරයක පන්නරයක් මේ තත්වය විසින් ඔවුන්ට අත්කර දුනි.


      ඉදිරි පැය කිහිපය තුළ, ආණ්ඩුව භාරගැනීම, එතෙක් ආණ්ඩුවේ කොටස්කරුවන් වී නොසිටි සියලු පක්ෂ විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුණි. ඊට පසුවදා සිට රට පුරා මහා වැඩවර්ජනයක් කැඳවා තිබුණි. කොටින්ම, රට මුළුමණින් අරාජික වී තිබුණි. ඉතිරිව තිබුණේ එක විකල්පයක් පමණි. එනම්, ජනාධිපතිවරයා ඉල්ලා අස් වී, සර්ව-පාක්ෂික තාවකාලික ආණ්ඩුවක් පිහිටුවමින් ජනතා අනුමැතිය සහ විශ්වාසය දිනාගැනීමේ පරිසරය රටේ වහා ගොඩනැඟීමයි.


      එසේ නොමැතිව, එතෙක් ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් වශයෙන් සිටි, පසුව (ස්වාධීන ආදී වශයෙන්) නම් වෙනස් කරගත් මොන පාර්ශ්වයක් සමග ආණ්ඩුවක් පිහිටෙව්වත්, සතියකට වඩා ඉදිරියට යාමේ සුජාත භාවයක් ඒ කිසි ආණ්ඩුවකට නොලැබෙන වාතාවරණයක් රටේ නිර්මාණය වී තිබුණි.

      තවත් විදිහකින් කිවහොත්, ඉල්ලා අස්වීමෙන් තොරව අඟලක්වත් ඉදිරියට යාමේ අවකාශයක් ගෝඨාභය රාජපක්ෂට ඒ පැය කිහිපය තුළ නොතිබුණු බවයි. ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවාදය බේරාගැනීමට රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන්නේ හරියටම ඒ නිශ්චිත මොහොතේ ය.

      එහෙත් ඊට පැය 48 කට කලින් එම රනිල් වික්‍රමසිංහම කියා තිබුණේ කුමක්ද? ගෝල්ෆේස් අරගලකරුවන්ට පහර දුන්නොත්, ආණ්ඩුව සමග කෙරෙන සියලු සාකච්ඡාවලින් තමන් ඉවත් වන බවත්, ආණ්ඩුවට මොන ආකාරයකින්වත් සහයෝගය දැක්වීම තමන් ප්‍රතික්ෂේප කරන බවත් ය.

      රට බේරාගැනීමේ ප්‍රකාශිත අපේක්ෂාව සහ රාජපක්ෂලා බේරාගැනීමේ රහස්‍ය අපේක්ෂාව යන තර්ක දෙකටම, ආසන්න වශයෙන් එක සමාන වලංගුභාවයක්, ප්‍රචණ්ඩකාරී පැය 24 ක් තුළ රටේ නිර්මාණය කෙරුණු බවත් ඇත්ත. රනිල් වික්‍රමසිංහ පාවිච්චි කෙළේ ඒ ව්‍යාජ අවසරයයි.

      Delete
    2. ඇනෝ හොඳ කියවීමක්. ස්තූතියි

      Delete
  10. The economy is the start and end of everything. You can't have successful education reform or any other reform if you don't have a strong economy.
    - David Cameron

    ReplyDelete
  11. සමහරක් හිතාගෙන ඉන්නවා ජාතිභේද ආගම් භේද අතහැරලා හැමෝම ශ්‍රී ලාංකිකයෝ හැටියට හිතල ජන අරගලය කරනවා කියලා.
    නමුත් රනිල් අගමැති වුනාට පස්සේ
    මුස්ලිම් සහෝදරවරු හිමීට බුරියානි සැපයීම නවත්වයි.
    චාල්ස් සහෝදර තුමා දැන් ඇති නේද පුතේ කියයි.
    අන්තිමට ජන අරගලය අලවෙයි.

    ReplyDelete
  12. රක්ෂණ වන්දි සඳහා ගේ ගිනිතියා ගත් බවට සැකයක්? https://www.gossiplankanews.com/2022/05/negombo-german-family-story.html

    ReplyDelete
    Replies
    1. මේ අජිත් දර්ම කියන එක එංගලන්තේ ඉන්නවා උනාට, ලංකාවේ ඉන්න උන් වගේම ඕන බොරුවක් බෙදා හරින දේශපාලුවෙකුට වඩා අන්ත අන්තවාදියෙක්. කව්ද බන් තමන්ගේ පව්ල දරුවන් එක්ක ඉන්න ගේ ගිනිතියන්නේ ඉන්සුවරන්ස් ගන්න? යකෝ මේවා පිට රට ඉන්න උනුත් බලනවා.

      Delete
  13. මොකක්ද ප්‍රයෝජ්‍යතාවාදය කියන්නෙ? ඉංග්‍රිසි වචනෙ දුන්නත් ඇති

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: