පසුගිය සටහන් කිහිපයකින්ම රාජ්‍ය ව්‍යවසාය වල ලාබ පාඩු පිළිබඳ සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කළා. අවසන් සටහනෙන් ඉදිරිපත් කළේ ප්‍රධාන රාජ්‍ය ආයතන 52ක 2021 වසර තුළ ලාබ හෝ අලාබ. එම ලාබ හා අලාබ වල ශුද්ධ එකතුව රුපියල් මිලියන (-86,042)ක්. මෙය ගිණුම්කරණ අලාභය මිස ආර්ථික අලාභය නෙමෙයි. මේ ආයතන වලට යට කර තිබෙන ප්‍රාග්ධනය වෙනුවෙන් රජය විසින් වසර තුළ ගෙවූ පොලිය පිරිවැයක් ලෙස එකතු කළොත් මෙම ගණන මීට වඩා ගොඩක් වැඩි වෙනවා.
ඉහත ආයතන 52 අප විසින් හිතාමතා තෝරාගත් ආයතන 52ක් නෙමෙයි. රජය විසින්ම ප්‍රධාන රාජ්‍ය ව්‍යවසාය ලෙස හඳුනා ගෙන තිබෙන ආයතන. ඒ වර්ගීකරණයේ නිරවද්‍යතාවය කෙසේ වුවත්, මෙම ආයතන රජය විසින්ම මධ්‍යම රජයෙන් බැහැර මූල්‍යමය ලෙස ස්වාධීන ආයතන ලෙස හඳුනාගෙන තිබෙන ආයතන. එම ආයතන වල ආදායම් සෘජුව රජයේ ආදායම් ලෙස සටහන් නොවනවාක් මෙන්ම එම ආයතන වල වියදම් සෘජුව රජයේ වියදම් සේ සටහන් වන්නේද නැහැ. එහෙත් මේ ආයතන පාඩු ලබද්දී අවසාන වශයෙන් එම පාඩුව පියවන්න සිදු වන්නේ බදු ගෙවන්නන්ටයි.
මගේ සටහන තුළ සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කිරීමෙන් ඔබ්බට මා කිසිවක් යෝජනා කර නැහැ. පාඩු ලබන ආයතන පෞද්ගලීකරණය කළ යුතු බව ඇතැම් අයගේ අදහසයි. විවිධ හේතු දක්වමින් මෙම ආයතන පාඩු පිට හෝ පවත්වාගෙන යා යුතු බව අදහස් කරන අයද සිටිනවා. කළ යුතු දෙය දේශපාලනික කරුණක්. අප මෙහි ප්‍රධාන වශයෙන්ම කරන්නේ වඩා හොඳ, දැනුවත් තීරණයක් ගැනීම සඳහා උදවුවක් ලෙස තොරතුරු ඉදිරිපත් කිරීමක්.
දැන් අපි 2021 සිට මේ වසරට එමු. මේ වසරේ මුල් මාස හතර තුළ ඉහත ආයතන 52හි කාර්ය සාධනය පිළිබඳ තොරතුරු මුදල් අමාත්‍යාංශයේ තිබෙනවා. කලින් ලිපි දෙකම තරමක් දිග නිසා මම තවත් දිගු ලැයිස්තුවක් ටයිප් කරන්න යන්නේ නැහැ. පහත තිබෙන්නේ ලැයිස්තුවේ ඇති ආයතන තුනක 2022 මුල් මාස හතරේ අලාභය.
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව - රුපියල් මිලියන 628,381යි
සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සමාගම - රුපියල් මිලියන 248,441යි
ලංකා විදුලිබල මණ්ඩලය - රුපියල් මිලියන 47,190යි
ආයතන තුනේ 2022 පළමු මාස හතරේ අලාභ වල එකතුව - රුපියල් මිලියන 924,012යි
මේ පාඩු වලට හේතුව කුමක්ද, පාඩු අඩු කර ගත හැක්කේ කොහොමද වගේ දේවල් මම මේ සටහන තුළ කතා කරන්න යන්නේ නැහැ. කළ යුතු දේ ගැන කතා කරන්න ඕනෑ තරම් අය ඉන්නවනේ. ආයතන තුනේ මාස හතරේ පාඩුව ඕකයි. එච්චරයි.
ඔහොම කිවුවට අදහසක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා, තවත් සංඛ්‍යාලේඛණ කිහිපයක් ඉදිරිපත් කරන්නම්.
අදාළ මාස හතරේ රජයේ බදු හා බදු නොවන ආදායම් හා ප්‍රදාන ලෙස ලැබුණු සියලු මුදල් එකතුව - රුපියල් මිලියන 631,129යි.
අදාළ මාස හතරේ පොලී ගෙවීම් හැර රජයේ සමස්ත වියදම - රුපියල් මිලියන 728,443
අදාළ මාස හතරේ පොලී ගෙවීම් - රුපියල් මිලියන 426,786
ඉහත අලාභය ඔය කොයි එකටත් වඩා වැඩියි. ලංවිම අයින් කරලා ඉතිරි දෙක විතරක් ගත්තත් ඒකේ වෙනසක් නැහැ.
තවත් පැහැදිලි කරන්න අවශ්‍යනම් මෙහෙමත් කියන්න පුළුවන්. ලංකාවේ ජීවත් වන පවුල් ගණන මිලියන 5.1ක්. රුපියල් මිලියන 924,012ක් කියා කියන්නේ එක පවුලකට රුපියල් 180,000 බැගින් බෙදා දීමට ප්‍රමාණවත් මුදලක්.
පාඩු ලබමින් රාජ්‍ය ආයතන නඩත්තු කිරීම සාධාරණීකරනය කරන්න විවිධ හේතු තියෙන්න පුළුවන්. ඒ හේතු මත මේ ආයතන පාඩු ලබමින් පවත්වා ගෙන යාම සහ අතට රුපියල් 180,000ක් ලැබෙන එක අතර තේරීමක් තිබුණොත් කී දෙනෙක් තව දුරටත් මුල් අදහසේ දිගටම ඉන්නවද?
ඔය ආයතන පෞද්ගලීකරණය කළා කියලා පවුලකට අතට රුපියල් 180,000ක් ලැබෙන එකක් නැහැ. ඒක ඉතාම පැහැදිලියි. හැබැයි ඔය ආයතන වල මාස හතරක පාඩුව පියවන්න විතරක් රජයට මොන විදිහකින් හෝ එක පවුලකින් රුපියල් 180,000ක් එකතු කර ගන්න වෙනවා.
තවත් දෙයක්. තෙල් සංස්ථාව ඔය වගේ දැවැන්ත පාඩුවක් ලබද්දී ලංකා IOC සමාගම වසරේ පළමු මාස තුනේදී රුපියල් මිලියන 3,956ක ලාබයක් හොයලා එයින් රුපියල් මිලියන 682ක් රජයට බදු විදිහට ගෙවලත් තියෙනවා.
කල යුතු එකම දෙය ලෙස මට නං හිතුණේ
ReplyDeleteමේකයි අහිතකින් නොව මෙය පවසන්නේ
වගකිව යුත්තො තෝරාලා අරගන්නේ
උන්ට 'හරාකිරි' කරවන්නට ඔබිනේ
දැන් ඉකොනෝ කවිරුත් අහන්නේ නැහැනේ හමුදාව කොච්චර පාඩුද ලාබද කියලා. සෞඛ්‍ය අධ්‍යාපනය ගැන උනත් එහෙමයි.
ReplyDeleteඉතිං ඇයි සංස්ථාව, බොර්ඩ්ඩේකේ ලාබ පාඩු ගැන කතා කරන්නේ
හොඳ ප්‍රශ්නයක්. හමුදාව මධ්‍යම රජයේ කොටසක්. හමුදාවේ වියදම් කියන්නේ මධ්‍යම රජයේ වියදම්. අධ්‍යාපනය හා සෞඛ්‍යය මධ්‍යම රජයේ හෝ පළාත් රජයක වියදම්. මේ එක් එක් වියදම් ගැන වෙන වෙනම කතා නොකළත් මධ්‍යම රජයේ අයවැය හිඟය ගැන ඔය සංස්ථා. මණ්ඩල වල පාඩු ගැන කතා කරන හැමෝම කතා කරනවා. අයවැය හිඟය කියා කියන්නේ සමස්තයක් ලෙස මධ්‍යම රජයේ (හා පළාත් රජයන්හි) පාඩුව. ඒ ගැන කතා කළාට පස්සේ හමුදාවේ පාඩු ගැන අමුතුවෙන් ලොකුවට කතා කරන්න අවශ්‍ය නැහැ. දැන් තෙල් සංස්ථාවේ පාඩුව ගැන මිසක් එහි ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පාඩුව ගැන, පුහුණු වැඩසටහන් අංශයේ පාඩුව ගැන, සේවකයින්ට සපයන වෛද්‍ය පහසුකම් වල පාඩුව ගැන වෙන වෙනම කතා කරන්නේ නැහැ. (මෙවැනි දේවල් තිබෙනවා කියන උපකල්පනය මත. නැත්නම් අදහස පමණක් ගන්න). ලංවිම ගත්තත් එහෙමයි. සංස්ථා හා මණ්ඩල කියන්නේ මධ්‍යම රජයේ කොටස් නෙමෙයි. ලාබ ලැබිය හැකි ආයතන ලෙස හඳුනාගෙන මධ්‍යම රජයෙන් වෙන් කර තිබෙන මූල්‍යමය ලෙස ස්වාධීන ආයතන. රජය ගැන පොදුවේ කතා කරද්දී මේ ආයතන ගැන කතා කෙරෙන්නේ නැහැ. වෙනම කතා කරන්නේ ඒ නිසා.
Deleteගුවන් සමාගම වහල දාන්න බැරිද?
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඉකොනොමැට්ටා
ReplyDeleteමේ ක්ලිප් එක සමගි ජන බලවේගයේ මන්ත්‍රී හර්ෂ ද සිල්වා රජයේ ආයතන වල වැටුප් අඩු කිරීමට එරෙහිව සටන් කරන බව පවසනවා
https://youtu.be/OqWgt7D1SVg
ඉහත ක්ලිප් එකේ දී 2022 රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සඳහා රුපියල් බිලියන 420ක් වියදම් කළද එම අගය ලබන 2023 වසරේ දී එය බිලියන 380 දක්වා අඩු කර ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පෙන්නා දෙනවා
වර්තමානයේ රට පාලනය කරන දූෂිත රනිල් රාජපක්ෂ රෙජීමය ඒ අනුව අහිංසක රාජ්‍ය සේවකයන්ගේ වැටුප ඉතාමත් අසාධාරණ ලෙස කප්පාදුවකට ලක් කර ඇතැයිදමෙයට එරෙහිව සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති අංශ මගින් දැඩි විරෝධය සහ වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට අනිවාර්යයෙන්ම කටයුතු කරන බව ඔහු පෙන්වා දී ඇත
මේ විදියට රුපියල් බිලියන හතළිහක් වැනි විශාල මුදලක් වැටුප් අඩු කර ඇත්තේ කෙසේද? මම හිතන්නේ මෙය කර ඇත්තේ ඕටී අතිකාල දීමනා සහ වෙනත් දීමනා ආදිය අඩු කර සහ යම් ප්‍රමාණයක් විශ්‍රාම යැවීම හරහා වියහැකි බව මොකද ලංකාවේ රජයේ සේවකයන්ගේ මූලික වැටුප් සහ සම්පුර්ණ වැටුප් අඩු කරන්න පුළුවන් කමක් නැහැ මම දන්න තරමින් නම්
මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද? ඒ වගේම ලංකාවේ ප්‍රධානතම විපක්ෂ කණ්ඩායම් සහ ජවිපෙ ජාතික ජන බලවේගයේ වෘත්තීය සමිති ද මේකට එරෙහිව වෙනමම සටනක් පටන් ගන්න කොට ආණ්ඩුවට මේක කරගන්න බැරි වෙලා වාත වෙලා ඕක ආපහු අකුලගෙන නන්දසේන ගොනා වගේ රිවස් කරන්න වෙයි නේද? බොහෝ දුරට ඒක තමයි විය හැකි දේ. නමුත් එයින් රජයේ සැලසුම් ව්‍යර්ථ වෙයි නේද?
මේකයි සීන් එක.
Deleteමගෙ ලගම යාලුවෙක්ගෙ දරුවෙක් බලන්න ගිය අපි මේ දවස් කීපෙකට කලින්. කොලු පැටියෙක්, දැන් මාස 4ක් වගේ වයස.
අපි යන වෙලාවෙ, ළමයව එලියෙ තියාගෙන නාවනව බබාගෙ ආච්චි.
නාවල ඉවර වෙලා, ආච්චි ගම්මිරිස් ඇට දෙකක් කටේ දාල හපල, පොඩි එකාගෙ ගැජට් එකට හුලන් වදින විදියට පිම්බ. :confused:
එහෙම කරන්නෙ මොකද? මන් එහෙම කරන්ව දැක්ක පලවෙනි වතාව, අපේ ගෑනි දන්නෙත් නෑ හේතුවක්. මන් අහන්න ගියෙත් නෑ, මොන්ව හිතයිද කියල දන්නෙ නැති නිසා.
කොහොමහරි, මෙහෙම කරන්නෙ ඇයි? මොකක් හරි වැදගත් හේතුවක් තියෙන්න පුලුවන්ද
@ 11 .42
Deleteගම්මිරිස් පිඹීම කියන්නේ මොකක් හරි පරණ සිරිතක් වෙන්න පුළුවන් ඕවා සමාජ විද්‍යාව හා ඉතිහාසය ජනශ්‍රැති අධ්‍යනය වගේ දේවල් ගැන පර්යේෂණ කරන ආචාර්ය මහාචාර්ය වරුන්ගෙන් අහන්න ඕන
@ ඉකොනොමැට්ටා
ඒක නෙවෙයි ඉකොනොමැට්ටා ඔබට වෙලාව තියෙනවා නම් හර්ෂ ද සිල්වා විනාඩි 20 ක් විතර මේකේ ලංකාවේ අයවැය විවේචනය කරන කරුණු කාරණා ගැන අවධානය යොමුකර විග්‍රහ කළ හැකි ද?
https://m.youtube.com/watch?v=R7qZp-1YOrc
ලංකාවේ දමිළ සහ මුස්ලිම් ජනතාව නියෝජනය කරන පක්ෂ සමග සංධානගතවී වුවත් වීසි හත් ලක්ෂයක් පමණ ඡන්ද ලබා ගත් ප්‍රධාන විපක්ෂ කණ්ඩායම පවසන්නේ දැනටමත් බදු උපරිම වශයෙන් බදු වැඩි කර ආදායම් බදු 36% දක්වාත් ව්‍යාපාර වලට 30 % දක්වාත් දැනටමත් අධික ලෙස වැඩී කියලා මේක ඇත්ත ද?
ඒ වගේම රජයේ සේවකයන්ට වැටුප් දීමනා සහ තවත් වරප්‍රසාද වත්මන් ආණ්ඩුව විසින් ඉතා දැඩි ලෙස කප්පාදු කිරීම නිසා රටේ ආර්ථිකය විශේෂයෙන් රජයේ ආයතන නිශ්ක්‍රීය වෙයිද? වෘත්තීය සමිති රජයට දැඩි බලපෑමක් එල්ල කර උද්ඝෝෂණ හා වැඩ වර්ජනය ආදිය කළොත් නැවතත් රට අරාජික වී අලුත්ම අරගලයක් ඇති වේවිද?
සම්පත් එකේ FD එකට පොලිය 26%
Deleteසම්පත් බැංකුවෙ මාස 13ට දාන FD එකේ වාර්ශික පොලිය 26%.
අඩුම මුදල 25,000 සිට ඉහලට ඕනම ගානක්. (සම්පත් එකේ අනිත් FD වලට අඩුම මිලියනයක් ඕනෙලු)
පොලී මුදල මාසෙන් මාසෙට ගත්තොත් නම් වාර්ශික පොලිය 23% යි, කල්පිරෙනකම් ඉදල ගත්තම තමා 26%
සම්පත් විශ්ව එක තියෙනවනම් ඒකෙන්ම දාන්න පුලුවන්.
කැමති කෙනෙක් ඉන්නවනම් දාන්න එතකොට උද්දමනය නිසා නැතිවෙන ගානෙන් පොඩ්ඩක් හරි අඩු කරගන්න පුලුවන්නෙ.
UPDATE
අවුරුදු 5ක් දාන්න හැකියාවක් තියෙනවනම් DFCC එකේ බලන්න 30% පොලිය දෙනව.
පොලී මුදල මාසෙන් මාසෙට ගත්තොත් නම් 20% දෙන්නෙ.
https://www.dfcc.lk/interest-rates/fd-rates/
කෝල් එකක් දීල වැඩි විස්තර අහන්න එයාලගෙන්(eg: minimum amount, etc)
භාරත් පෙට්‍රෝලියම්, භාරත් රේල්වේ සර්විස් හී ලාබ කෙසේද?
ReplyDeleteපාඩු ලබන රජයේ ප්‍රධාන ආයතන
ReplyDelete2022 වසරේ මුල් මාස හතර තුළ රටේ ප්‍රධාන ආයතනයන්හි කාර්ය සාධනය පිළිබඳ තොරතුරු මුදල් අමාත්‍යාංශයේ තිබෙන අතර ඉන් ආයතන තුනක 2022 මුල් මාස හතරේ අලාභය පහතින් දැක්වේ.
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව – රුපියල් මිලියන 628,381.
සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සමාගම – රුපියල් මිලියන 248,441.
ලංකා විදුලිබල මණ්ඩලය – රුපියල් මිලියන 47,190 .
ආයතන තුනේ 2022 පළමු මාස හතරේ අලාභ වල එකතුව – රුපියල් මිලියන 924,012. අදාළ මාස හතරේ රජයේ බදු හා බදු නොවන ආදායම් හා ප්‍රදාන ලෙස ලැබුණු සියලු මුදල් එකතුව – රුපියල් මිලියන 631,129.
අදාළ මාස හතරේ පොලී ගෙවීම් හැර රජයේ සමස්ත වියදම – රුපියල් මිලියන 728,443
අදාළ මාස හතරේ පොලී ගෙවීම් – රුපියල් මිලියන 426,786.
ඉහත අලාභය සියල්ලටම වඩා වැඩිය. ලංවිම අයින් කරමින් ඉතිරි ආයතන දෙක පමණක් බැලුවද එහි වෙනසක් නැත.
තවත් පැහැදිලි කරනවානම්, ලංකාවේ ජීවත් වන පවුල් ගණන මිලියන 5.1ක්. රුපියල් මිලියන 924,012ක් යනු එක පවුලකට රුපියල් 180,000 බැගින් බෙදා දීමට ප්‍රමාණවත් මුදලකි.
පාඩු ලබමින් රාජ්‍ය ආයතන නඩත්තු කිරීම සාධාරණීකරනය කිරීමට විවිධ හේතු තිබීමට පුළුවන. ඒ හේතු මත මේ ආයතන පාඩු ලබමින් පවත්වා ගෙන යාම සහ අතට රුපියල් 180,000ක් ලැබෙන යන දෙක අතර තේරීමක් තිබුණහොත් කී දෙනෙකු තව දුරටත් මුල් අදහසේ දිගටම සිටීවිද..?
ඔය ආයතන පෞද්ගලීකරණය කළා වුවද පවුලකට අතට රුපියල් 180,000ක් නම් නොලැබේවි. එය ඉතා පැහැදිලිය. නමුත් එම ආයතන වල මාස හතරක පාඩුව පියවීමට පමණක් රජයට කුමන හෝ ආකාරයකින් එක පවුලකින් රුපියල් 180,000ක් එකතු කර ගැනීමට නම් සිදුවේවි.
විශේෂ දෙයක් වන්නේ තෙල් සංස්ථාව එවැනි දැවැන්ත පාඩුවක් ලබද්දී , ලංකා IOC සමාගම වසරේ පළමු මාස තුනේදී රුපියල් මිලියන 3,956 ක ලාබයක ලබා එයින් රුපියල් මිලියන 682ක් රජයට බදු ලෙස ගෙවා අවසන් වී ඇත.
රෂිකා හෙන්නායක
2022.11.14
ඉකොනෝ, මොකද මේ අනුන්ගේ ලිපි උස්සලා බ්ලොග් එකේ දාගන්නේ?
ලින්ක්
අමුවෙන්ම කොපි කර තමන්ගේ නමින්ම දමා ඇත. රජය විවේචනය කරන අය අතර ඉන්නෙත් ඔය වගේ අයයි. ප්‍රතිචාරය ගැන ස්තුතියි!
Deleteකෝටියක පරව් දැලක පැටලෙයි
ReplyDeleteපරව් කිලෝ 15,000 කට ආසන්න ප්‍රමාණයක් වාද්දුව කල්පිටිය ප්‍රදේශයේ මා දැලකට පැටලී ඇතැයි එම දැලේ හිමිකරු සුනිල් පෙරේරා මහතා පැවසීය.
වාද්දුව තල්පිටිය ලායා බීච් යුධ හමුදා සංචාරක හෝටලය පිටුපස දැලකට මෙම මසුන් පැටලී තිබේ. මසුන් මිලදී ගැනීම සඳහා විශාල පිරිසක් මේ වන විට වාද්දුව තල්පිටිය වෙරළට ඇදී එමින් සිටිති.
මසුන්ගේ සිල්ලර වෙළද වටිනාකමක රුපියල් කෝටියකට අධික බව සදහන් වේ
ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගලාභියකු වන milton friedman, රජය පුරවැසියන්ගෙන් මුදල් ලබාගෙන වියදම් කිරීම සහ පුරවැසියන් විසින් තමන්ම එම මුදල් වියදම්කර ගැනීම් අතර වෙනස පැහැදිලි කිරීමට හොඳ උදාහරණයක් දුන්නේය.
ReplyDeleteඔබ ඔබගේම මුදල් ඔබ සඳහාම වියදම් කරන්නේ නම් එය ඉතාමත් ඥානවන්ත ලෙස වියදම් කරයි. ඔබ ඔබගේ මුදල් වෙනත් කෙනෙකු සඳහා; උදාහරණයක් වශයෙන් නත්තල් තෑග්ගත් ලබාදීමට, වියදම් කරන විට ඔබ පෙර තරම් ප්‍රවේශම් වන්නේ නැත.
ඔබ අනුන්ගේ මුදලක් ඔබ සඳහා වියදම් කර ගන්නේ නම් වියදම් කිරීමේ ්‍රවේශම තවත් අඩු වෙයි.
ඔබ අනුන්ගේ මුදලක් වෙනත් කෙනෙකු වෙනුවෙන් වියදම් කරනවිට, වියදමෙන් ප්‍රයෝජනය ලබන්නා හරියටම බලාපොරොත්තු වෙන්නේ කුමක්දැයි ඔබ දන්නෙ නැත. එසේම ඒ මුදල් එසේ වියදම් කිරීමේදී එය අනුන්ගේ නිසා එම වියදම කොතරම් ඵලදායි ලෙස සිදුවන්නේ දැයි, ඔබට එතරම් ගණනක් නැත.
අප වෙනුවෙන් රජය වියදම් කරන විට රජයේ වියදම් කරන්නේ අවසාන පැහැදිලි කිරීමේ ආකාරයටය.
2023 අයවැය විශ්ලේෂණය
ReplyDeleteඔය අයවැය ඉදිරිපත් කලාම ඒ පිළිබඳ දින ගානක විවාදයක් තියනවා පාර්ලිමේන්තුවේ...
ඊටාමතරව ආර්ථික උස්තාද්ලා ඇඩ්වකාටාලා බුකි උස්තාද්ලා සිවිල් බුවාලා වගේ උනුත් මාර විශ්ලේෂණ ගෙන එනවා...
මේ විවාදවලට යන සල්ලි වලින් කාක්කොන්ට ආප්ප අරගෙන දීලා ඉතිරියෙන් ඩෝග්ස් ඇන්ඩ් ක්‍රෝ දානයක් දුන්නා නම් උන්ගේ හරි බඩ පිරිනෙවා..
අවුරුදු 74 ක් තිස්සේ ගෙනාපූ බජට් ක්‍රියාත්මක කරලා ලක්ෂ ගනන් පඩි අරගෙන මහ බැංකු වාර්ථාව කියලා වාර්ෂිකව මහා පොතකුත් ගහලා තමයි ඒකේ උන් අන්තීමට රට බංකොලොත් කියලා ආඩම්බරෙන් ටයි කෝට් දාගෙන ඇවිත් කිව්වේ..
ඔය විශ්ලේෂණ ලියන කියන උන් ඉන්නවා නේද, ඕකුන් තමයි දේශපාලුවන්ටත් වඩා පට්ට ජෝකර්ලා...
මට ඕකුන් දැක්ක ගමන් හිනා යනවා...
ඔය බජට්, මැතිවරණ ප්‍රකාෂණ, ප්‍රතිපත්ති ප්‍රකාෂණ හොඳයි සුද්දන්ට පුප පිහිදාන්න රට යවලා ඩොලර් ටිකක් හොයාගන්න...
බොරුවෙන් ජීවත් වෙන්නේ දේශපාලුවෝ ඉතරක් නෙමේ ඕයි, ජනතාවට අමු කෙප්ප කියලා ලියලා අන් ගෝතල් දෙන මේ වගේ පිස්සොත් පට්ට බොරු කාරයෝ ඕයි..
කොහොම හරි ගංජා පෙන්නලා කුරුඳු කර්මාන්තයත් විනාශ කරන එක නම් බුදු ෂුවර්...
.
ඉකොනෝ,
ReplyDeleteරනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ 2023 අයවැය යෝජනා වලිය ගැන ඉකොනෝගේ විශ්ලේෂණය කොහොමද
ජනාධිපතිතුමා ත්‍රයිලෝක විජයාපත්‍ර අපනයනය ගැන හොයලා බලනවා කියපු එක ගැන ඉකොනෝ මොකද හිතන්නේ.
ReplyDeleteඔය කට්ටිය කියනවා වගේ ලංකාවේද හොදම පත්‍ර තියෙන්නේ? ඕක අපනයන කරාට ගැනුම්කරුවන් ඉදිද? ලාබයක් තියේද