මේ වන විට ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් 2022 ඔක්තෝබර් මාසයේ ජාතික පාරිභෝගික මිල දර්ශක අගය ප්‍රකාශයට පත් කර තිබෙනවා. කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනයේ වෙනස් වීමම නිරූපණය කරමින් ජාතික පාරිභෝගික මිල දර්ශක අගය මත පදනම් වූ උද්ධමනයද 73.7% සිට 70.6% දක්වා අඩු වී තිබෙනවා.
මීට පෙර ප්‍රකාශයට පත් කළ කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2022 ඔක්තෝබර් උද්ධමනය 69.8% සිට 66.0% දක්වා ප්‍රතිශතාංක 3.8%කින් පහළ ගියා. ජාතික පාරිභෝගික මිල දර්ශක අගය මත පදනම් වූ උද්ධමනය ප්‍රතිශතාංක 3.1%කින් අඩු වී තිබෙනවා. ආහාර උද්ධමනය (80.9%) මෙන්ම ආහාර නොවන උද්ධමනය (61.3%) තුළද මේ අඩු වීමේ ප්‍රවණතාව දැකිය හැකියි.
පවතින තත්ත්වය විස්තර කිරීම සඳහා යොදා ගත හොඳම උපමාව මගේ පෙර සටහනක ලියා ඇති දෙයයි. මුහුදේ ගිලී ඇති බෝට්ටුව අඟල් කිහිපයක් උඩට ඉස්සී ඇතත්, එය තවමත් තියෙන්නේ අඩි ගණනක් මුහුද යටයි.
උද්ධමනය දිගින් දිගටම ක්‍රමික ලෙස අඩු වනු ඇතත්, අඩු වශයෙන් 2023 අප්‍රේල් පමණ වන තුරු එය සිදු වනු ඇත්තේ සෙමින්. ඒ අතර, ඇතැම් මාසයක උද්ධමනය සුළුවෙන් වැඩි වෙන්න වුනත් බැරි කමක් නැහැ. උද්ධමනය වඩා වේගයෙන් පල්ලම් බසිනු ඇත්තේ 2023 අප්‍රේල් වලින් පසුවයි. කෙසේ වුවත්, මේ වන විට අධි උද්ධමන අවදානම, තිරසාර ලෙස නොවුණත්, පාලනය වී තිබෙනවා.
උද්ධමනය ගැන මැසිවිලි නගන අයට ආර්ථික අර්බුදයේ තරම හරියටම අවබෝධ වනු ඇත්තේ උද්ධමනය අඩු වීමෙන් පසුවයි. රජයේ හා පෞද්ගලික අංශයේ මාසික වැටුප් ලබන අයට උද්ධමනයේ බලපෑම දැඩි ලෙස දැනෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ. එහෙත්, මා පෙර ලිපියක විස්තර කළ පරිදි, අයෙකුගේ වියදම් වැඩිවීම යනු තවත් අයෙකුගේ ආදායම් ඉහළ යාමයි. නිෂ්පාදන වල යෙදෙන අයට උද්ධමනය නරකම නැහැ. ඒ අයටද ආර්ථික අර්බුදය දැනෙන්නට පටන් ගනු ඇත්තේ උද්ධමනය අඩු වූ පසුවයි.
බොහෝ දෙනෙකුගේ ජීවන තත්ත්වය පහළ වැටී තිබෙන්නේ ආර්ථිකය සංකෝචනය වීම නිසා මිස උද්ධමනය නිසා පමණක් නෙමෙයි. පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ උද්ධමනය පැවතුණේ අඩු මට්ටමකයි. එහෙත්, තමන්ගේ ආර්ථිකය දුර්වල වී තිබීම ගැන ඒ කාලයේත් බොහෝ දෙනෙකුට මැසිවිලි තිබුණා. ඒවා පක්ෂ දේශපාලනය මත පදනම් වූ බොරු මැසිවිලිම නෙමෙයි.
මහින්ද රාජපක්ෂ ජනාධිපති වී සිටි කාලයේ පැවති ඉහළ ආර්ථික වර්ධන වේගයට ලංකාවේ බොහෝ දෙනෙක් හුරු වී සිටියා. යහපාලන ආණ්ඩුව කාලයේ එම ආර්ථික වර්ධනය පහළ බැස්සා. එය මිනිස්සුන්ට දැනුනා. එහෙත්, ඒ කාලයේදීත් ආර්ථිකය සෙමින් හෝ වර්ධනය වුනා මිස හැකිළුනේ නැහැ. ආර්ථිකය සංකෝචනය වීම ශ්‍රී ලාංකිකයින්ට නුපුරුදු අලුත්ම දෙයක්. එය කුමක්ද කියා බොහෝ දෙනෙකුට තවමත් හරි අවබෝධයක් නැහැ.
ආර්ථිකය සංකෝචනය වීම කියන්නේ රටේ නිෂ්පාදනය අඩු වීම. මිනිසුන්ගේ ආදායම් අඩු වීම. රැකියා අහිමි වීම. මේ වගේ තත්ත්වයක් වලක්වා ආර්ථිකය නැවත ප්‍රසාරණය කිරීමේ හැකියාවක් දැන් රජයට හෝ මහ බැංකුවට නැහැ. එසේ කිරීම සඳහා තවත් සල්ලි අච්චු ගැසුවොත් ප්‍රතිඵලය අධිඋද්ධමන තත්ත්වයක් ඇති වීමයි. අධිඋද්ධමන තත්ත්වයක් ඇති වුවහොත් කොහොමටත් ජීවිතය යහපත් වන්නේ නැහැ.
දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ තුළ ඉලක්ක කරන්නේ දරුණු රෝග දෙකකින් එකකට පමණක් පිළියම් කරන්නටයි. ලෙඩ දෙකකටම පිළියම් කළ නොහැකිනම් හොඳම දෙය පුළුවන් එකට හෝ පිළියම් කිරීම වුවත් එසේ කිරීමෙන් අනෙක් රෝගයේ වේදනා නිමා වන්නේ නැහැ.
උද්ධමනය අඩු වෙනවා කියන්නේ මිල අඩු වෙනවා කියන එක නෙමෙයි. ඩොලරයක මිල නැවත කලින් මට්ටමට එන්නේ නැතුවාක් මෙන්ම වැඩි වූ බඩු මිල නැවත අඩු වන්නේද නැහැ. උද්ධමනය අඩු වීම යනු බඩු මිල තවත් ඉහළ යාමේ වේගය පාලනය වීමක් පමණයි. ඒ හේතුව නිසාම, රජයේ හා පෞද්ගලික අංශයේ මාසික වැටුප් ලබන පහළ මධ්‍යම පාන්තිකයින්ට අර්බුදයට පෙර පැවති ජීවිතය නැවත ලැබෙන්නේ නැහැ. ඔවුන්ට තමන්ගේ ආදායම අත්‍යවශ්‍ය වියදම් වෙනුවෙන් වැය කරමින් අත්‍යවශ්‍ය නොවන වියදම් කපා හරින්නට සිදු වෙනවා. බොහෝ දෙනෙක්ට දැනටමත් එසේ කරන්න සිදු වෙලා.
කෙසේ වුවත්, ඊළඟ වටයේදී ජීවිතය වඩාත්ම අසීරු වනු ඇත්තේ ඉහත කී රජයේ හා පෞද්ගලික අංශයේ මාසික වැටුප් ලබන පහළ මධ්‍යම පාන්තිකයින්ට නෙමෙයි. ඔවුන්ට කෙසේ හෝ ජීවිතය ගැට ගහගන්න පුළුවන්. එහෙත්, කලින් මෙන් මරුටියක්, ඇල්ටෝ එකක් නඩත්තු කිරීම, හන්දියට වුනත් ත්‍රිරෝද රථයක යාම, විශේෂඥවරුන් චැනල් කිරීම, සති අන්ත විනෝද චාරිකා, චීන අවන්හල් වල සෙට් වීම්, පන්සල් පල්ලි වල "ප්‍රසාංගික" ආගමික කටයුතු ආදිය කරන්න බැරි වෙයි. ගෙවන්න ගන්න ඉලෙක්ට්‍රොනික් බඩු, ගෙවල් හැදීම් කරන්න අමාරු වෙයි.
විශාල පිරිසක් ඉහත ආකාරයේ වියදම් කපා හැරීම නිසා අපනයන හෝ සංචාරකයින් ඉලක්ක කර නොගත් සේවා ආර්ථිකයේ විශාල බිඳ වැටීමක් සිදු වීම වැළැක්විය නොහැකියි. මුල් කණ්ඩායමට මෙන් නොව මෙහිදී පහර වදින කණ්ඩායමට තමන්ගේ ආදායම් මාර්ගය මුළුමනින්ම මෙන් නැති විය හැකියි. ආර්ථිකය සංකෝචනය වීමේ වඩාත්ම භයානක ප්‍රතිඵලය එයයි. සුළු හා මධ්‍යම ව්‍යවසායකයින් නැත්තටම නැති වී තිබෙන්නේද ආර්ථිකය සංකෝචනය වීම නිසා මිසක් උද්ධමනය නිසා නෙමෙයි. ඒ හේතුව නිසාම, උද්ධමනය අඩු වූ පමණින් ඔවුන්ගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ.
ආර්ථිකය සංකෝචනය වීම වැළැක්වීම රජයට හෝ මහ බැංකුවට කළ නොහැකි දෙයක්. ආණ්ඩුව මාරු වුනා කියාත් කෙටිකාලීනව මේ තත්ත්වයේ වෙනසක් වීමේ ඉඩක් නැහැ. රජයට හෝ මහ බැංකුවට කළ හැක්කේ රට ඇතුළේම තිබෙන සම්පත් එහා මෙහා කිරීම පමණයි. නමුත් මේ වෙලාවේ රට ඇතුළේ එවැනි සම්පත් නැහැ. රටේ හැමෝටම අමාරුයි. රටේ තත්ත්වය හොඳ අතට හැරිය හැක්කේ රටට පිටින් ලැබෙන දෙයකින් පමණයි. මෙය තවතවත් ණය වීමක් ලෙස හැඳින්විය හැකි වුවත්, රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය යම් මට්ටමකින් හෝ පවත්වා ගැනීමටනම් යම් හෝ විදේශ ණය ප්‍රමාණයක් අවශ්‍යයි.
ණය පැහැර හැර ඇති රටකට තවත් ණය ලබා ගත හැකිද? මේ කරුණ මා මේ සටහනේ දීර්ඝ ලෙස සාකච්ඡා කරන්න යන්නේ නැහැ. එහෙත්, මෙය කිසිසේත්ම කළ නොහැකි දෙයක් නෙමෙයි. එහෙත්, ඒ සඳහා පූර්ව කොන්දේසියක් වන්නේ දැනට පැහැර හැර ඇති ණය ආපසු ගෙවන ආකාරය පිළිබඳව පැහැදිලි පොරොන්දුවක් ණය හිමියන්ට ලබා දීමයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළ සිදු වන්නේ එවැනි දෙයක්.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක වී යම් ණය ප්‍රමාණයක් අලුතෙන් ලබා ගත හැකි වුවහොත් තාවකාලිකව අර්බුදයෙන් ගොඩ යා හැකියි. එහෙත් එයින් අදහස් වන්නේ නැවත 2019 සිටි තැනට යා හැකි බව නෙමෙයි. තත්ත්වය තවත් නරක අතට හැරෙන එක නවත්වා ගැනීම පමණයි.
හොඳම තත්ත්වයක් යටතේ වුවත් ගත් ණය ආපසු ගෙවීමේ ප්‍රශ්නය එලෙසම ඉතිරි වෙනවා. ඒ නිසා, නැවතත් ගිතෙල් කා සැප විඳි කාලයට ආපසු යන්න බැහැ. වසරකට ඩොලර් බිලියන තුනකින් පමණ අපනයන ආදායම් වැඩි කර ගැනීමේ සැලසුමක් ගැන ඇහුණා. මේ විදිහට අපනයන ආදායම් වැඩි කර ගැනීමේ ශක්‍යතාවය කෙසේ වුවත්, වසර දහයකින් පසුව හෝ නැවත පෙර සිටි තැනට පැමිණිය හැකි එකම ක්‍රමය එයයි.
හැන්දෑවට අතපය වෙවුලනවට බෝතලයක් ගහලා හාන්සි වෙන්න තිබ්බා නං ඇති
ReplyDeleteබංකොලෝත් වෙළෙන්දාගේ සුන්දර නුවනැති කෙලි පොඩිත්ත
Deleteඔන්න එකෝමත් එක කාළෙක වෙළෙන්දෙක් හිටටියා. ඔහුට හිටියා ඉතා ලස්සන වගේම බුද්ධිමත් දුවෙක්.
වෙළෙන්දාට ඔහුගේ ව්‍යාපාර වලට මුදල් ටිකක් ණයට ගන්න සිදුවුණා. මොකද මිනිහා වත්ත ලස්සන කරන්න ව්‍යාපාරයේ තිබුණ සල්ලි වැය කරපු නිසා. අවාසනාවකට ණයට අරගෙන කරපු වෙළදාමෙන් පාඩු වෙලා ණය ගෙවා ගන්න බැරි තැනට (බංකොලොත්) වුණා.
ඉතින් අර ණය දීපු පොලීකරුවා වෙළෙන්දා හොයාගෙන ඔහුගේ ගෙදරට ආවා. ඇවිත් තර්ජනය කළා ණය ආපහු ගෙව්වේ නැත්නම් ඔහුව නීතිය ඉදිරියට ගෙනයනවා කියලා. වෙළෙන්දා ණය ගෙවන්න කල් ඉල්ලුවා. පොලීකරුවා එකඟ වුණේ නෑ. ඔහු ඉතාම තදින් ණය ඉල්ලනවා.
මේ කලබලය ඇහුණු වෙළෙන්දාගේ දුව එලියට ආවා. අර ඉස්සෙල්ලා කියපු ලස්සන කෙල්ල. ඇයව දැක්කා විතරයි පොලී කරුවා හොඳටම වෙනස් වුණා.
ඉතින් අර වෙන කතාවල වගේම පොලී කරුවා ණය වෙනුවට දුව විවාහ කරගන්න ඉල්ලුවා.
වෙලෙන්දා මේකට කැමති වුණේ නෑ. පොලී කරුවාත් වැඩේ අත ඇරියේ නෑ. ඔහු තව නම්‍යශීලී යෝජනාවක් කළා.
මේ අය හිටියේ පබළු අතුරපු මිදුලක. අර අපි මිදුලට පොඩි ගල් කැට දානවා වගේ, බ්ලෝක් ගල් අල්ලනවා වගේ, මේ මිදුලේ තිබුණේ පබළු. (ණයට බිස්නස් කළාට, ගෙදර වත්ත ලෑන්ඩ්ස්කේපින් කරලා හදලා තිබුණා)
පොලී කරුවා මෙහෙම කිව්වා. මම මේ පබළු වලින් සුදු එකකුයි කළු එකකුයි මේ මල්ලට දානවා. ඔබේ දුවට එයින් එකක් ගන්න පුළුවන්. සුදු පබළුව ලැබුණොත් ණයත් එපා දුවත් එපා. කලු පබළුව ලැබුණොත් මට දුව ඕනෑ. ණය එපා. මේ කෙල්ල පබළුවක් ගන්න අකමැති වුණොත් මම නීතිය ඉදිරියට යනවා.
ඒත් මේ කපටි පොලීකරුවා මල්ලට දැම්මේ කලු පබළු දෙකක්. දුව මේක දැක්කා. ඇය කිව්වා මම පබළුවක් ගන්න කැමතියි කියලා. මේක අසාධාරණ තරඟයක් බව දැන දැනත් ඇයි ඇය එහෙම එකඟ වුණේ ? තාත්තා බේරාගන්න තමන් කැප වෙන්නද ?
නෑ...... ඇය දැක්කා ඉතාම නරක තත්වයක් තුල වුණත් ධනාත්මක විසඳුමක් හොයාගන්න ඉඩක්.
ඇය පබලුවක් ගත්තා. පොලී කරුවා එක්ක විවාහ නොවී තාත්තාවත් බේර ගත්තා. මොකක්ද ? ඇය කළේ.
ලස්සන දුව කෙල්ල කරපු දේ කියන්න කලින් ඇයි මම මේ කතාව අද ලිව්වේ කියලා කියන්නම්.
අද රටේ භුමිතෙල් හිඟයක් තියෙනවානේ. දවසකට ධීවරයින්ට භුමිතෙල් බවුසර් 50 කුත්, ගෝවීන්ට බවුසර 25 කුත් දෙන්න රජය තීරණය කළා. (ජනතා බදු මුදල් ඩොලර් ලක්ෂ 33 ක් භාණ්ඩාගාරය/ඛනිජ තෙල් සංස්ථාවට වැය වෙනවා) සොයලා බලනවිට රටේ බොහෝ තැන්වල ධීවරයින්ට භුමිතෙල් නෑ. ඛනිජ තෙල් සංස්ථාව බවුසර් 50 ක් නිදහස් කලාට ධීවරයින් අතරට ගිහින් තියෙන්නේ අනුමත ප්‍රමාණයෙන් 58% යි. (බවුසර් 30කටත් අඩුවෙන්) හේතුව හොයලා බැලූවාම ඉන්ධන පිරවුම්හල් හිමියෝ මුදල් ගෙවා භුමිතෙල් ගන්නේ නෑ. ධීවරයාට භුමිතෙල් නැතිනිසා මාළු අල්ලන්න යන්න බෑ. මාළු අඩු වුනාම මිල ඉහළ යනවා. මිනිස්සුන්ට පෝෂණය නැති වෙනවා. (හන්දි හන්දිවල මිනිස්සු ආණ්ඩුවට බනිනවා!) තෙල් ටිකක් බෙදාගන්න බැරි රාජ්‍ය සේවයට ජනතා බදු මුදලින් පඩි ගෙවනවා.
Deleteගොඩක් රාජ්‍ය නිළධාරීන් තීරණ ගන්නේ, ප්‍රශ්න ගැන හිතන්නේ box එකක් ඇතුලේ හිරවෙලා. ඔවුන්ට තමන්ගේ අමාත්‍යාංශයෙන් දෙපාර්තමේන්තුවෙන් එහා දකින්න බෑ. මේකේ ප්‍රතිපලය ඔවුන්ට බොහෝ සම්පත් සහ අවස්තාවන් අහිමී වීමයි. මිනිසුන් පීඩාවට පත්වීමයි!
රාජ්‍ය නිළධාරීන් මහජන ගැටළු දකින්නේ මගේ අමාත්‍යාංශයේ/දෙපාර්තමේන්තුවේ වපසරියෙන් එහා තියෙන ගැටළු මට විසඳන්න බෑ කියලයි. ඒත් පොඩ්ඩක් එහාට හිතුවානම් ගැටළු ලිහාගන්න යාන්ත්‍රණයන් ඕන තරම් හොයාගන්න පුළුවන් රාමුවෙන් එහා තිබෙන සම්පත් හා අවස්ථාවන් පාවිච්චි කරළා.
දකුණේ ආණ්ඩුකාරවරයා විදිහට ඉන්නකොට අවුරුදු තිහ හතලිහ නිරවුල් කරන්න බැරි වුණු ඉඩම් ප්‍රශ්න විසඳන්න මම උත්සහ කළා. පළමුවරට ඉඩම් ප්‍රශ්න ගැන කතා කරන්න පලාත් පාලන ආයතන ප්‍රධානීන්, ප්‍රාදේශීය ලේකම්වරු, ඉඩම් අයිති ආයතන, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ගෙන්නලා මූනට මූන තියලා ප්‍රශ්න විසඳන්න පටන් ගත්තා. ගොඩක් ප්‍රශ්න විසඳුණා. තවත් ගොඩක් ප්‍රශ්න බාගෙට ඉස්සරහට ගිහින් පසු විපරමක් නැති නිසා නැවතුනා.
දකුණේ ආණ්ඩුකාරවරයා විදිහට මුහුණ දුන්න සංවේදීම ප්‍රශ්නය තමයි ප්‍රධාන පාසල්වල මීටර් 100 – 200 දුරින් ඉන්න දරුවන්ට පාසල් නොදී පගාව අරගෙන දුර ළමයින් පාසලට ගැනීම. ජාතික පාසල් ආණ්ඩුකාරවරයාට අයිති නෑ! හැබැයි දරුවෝ රැක බලාගැනීම ආණ්ඩුකාරවයාගේ වැඩක්!! මම විදුහල්පතිවරු ගෙන්නලා රැස්වීමක් තියලා විදුහල්පතිවරුන්ට කිව්වා මේ පගා ගැනිල්ල නවත්වන්න කියලා. බැරි තැන අල්ලස් කොමිසමට වැඩේ පැවරුවා. දින තුනක් තුල ගාල්ල මාතර විදුහල්පතිවරු දෙන්නෙක් අල්ලස් ගන්කොටම ඇල්ලුවා. තුන්වෙනියා පැනලා දුවලා බේරුණා. සවුත්ලන්ඩ්, රිච්මන්ඩ් අල්ලපු වැටේ දරුවෝ 15 කට විතර තමන්ගේ ළඟම පාසලට යන්න පුළුවන් වුණා. විධිමත් නියෝග මත දරුවෝ ඇතුල්කරන්න කට්ටි පැනපු විදුහල්පතිනියක් එක්ක ගැටුමක් ගියා. ඇල්වතුර දැම්මත්, උණුවතුර දැම්මත් ගිණි පෙනෙල්ල නිවෙනවා. මට විරුද්ධව ගුරුවරු දෙමව්පියෝ ටිකක් ගාල්ලේ උද්ඝෝෂණයකුත් කළා. හැබැයි පගාවට දරුවෝ ඉස්කෝලේ දාන එක නවත්වන්න පුළුවන් වුණා. මම දකුණෙන් ආවාම පස්සේ අද වෙනකල් ඒ පාසල් දෙකේ හූවක දුරින් ඉන්න අවවරප්‍රසාදිත දරුවන්ට ඒ පාසල්වල ගේට්ටු ඇරුණේ නෑ කියලත් කණගාටුවෙන් කියන්න ඕනි.
අපි කතාවට යමු. පොලී මුදලාලි ගේ යෝජනාවට වෙළන්දාගේ දුව (කෙල්ල) කරපු දේ දැනගන්නනේ. බලන්න ...... ඇයට ගැලවෙන්න අවස්තාවක් නැති තරම්. ඒත් ඇය තමන් ඉන්න තැනින් ප්‍රයෝජනයක් ගන්න හිතුවා. ඇය වෙව්ලන අතින් පබළුවක් අරන් උවමනාවෙන්ම අරන් (පබළු ඇතිරූ) විදුලට අත ඇරියා. වැටුණු පබළුව හොයාගන්න බෑ.
ඉතින් ඇය මෙහෙම කිව්වා . " සමාවෙන්න මහත්මයා මගේ අතින් පබළුව අතඇරුණා. ඒක සොයාගන්න බෑ. ඒත් අපට ඉතිරි පබළුව බලන්න පුළුවන්. මේ බලන්න ඉතිරි පබළුව කලු පාටයි. ඉතිං මම අරගෙන තියෙන්නේ සුදු එක නේ. ඒ කියන්නෙ තාත්තාත් නිදහස්! මමත් නිදහස්!!
තමන්ගේ ඇස් මානයෙන් එළියට හිතන්න බැරි කිසිම නායකයෙකුට, රාජ්‍ය නිලධාරියෙකුට රටේ ප්‍රශ්න තියා තමන්ගේ කාර්යාලයේ ප්‍රශ්නවත් විසඳන්න බෑ! රට ගැනත් කියන්න තියෙන්නේ ඒ ටිකම තමයි.
රජිත් කිර්ති තෙන්නකෝන්
එනවා කැඩුණු බඩු ගන්නෝ හැමදාම
ReplyDeleteපොඩි පොඩි හොරුත් ඉපදීලා හැම තැනම
කඩවල බඩු අඩුය, රාක්ක හැකිළීම
වෙලා තිබේ - තේරුම සොයනෙමි තවම
ඉකොනෝ,
ReplyDeleteදෝහා කටාර් වල තියෙන පාපන්දු තරඟය නිසා ශ්‍රී ලංකාවටත් වාසි තියෙනවා කියනවා නේද? ඒ නිසාද උද්දමනේ අඩු උනේ?
ලබන අපේල් වන විට සංචාරකයන් පැමිණෙන කාලය අවසන්ව ඇති අතර ඒ් වන විට උද්ධමණය අඩු වීමට තිබෙන සාධක මොනවාද/ දැනට ලාබ ලබන ආයතන මුලින්ම විකිනීම සිදු කරන්නේ තම හිතවතුන්ට ලබා දීමට නේද
ReplyDeleteමුදල් සැපයුම වෙනස් වීම උද්ධමනය කෙරෙහි බලපාන්නේ යම් කාල පමාවකින් පසුව. 2020, 2021 මුදල් සැපයුම වැඩි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය වැඩි වුනේ 2022දී. 2022 අප්‍රේල් පමණ සිට මුදල් සැපයුම අඩු කිරීමේ බලපෑම වැඩි වශයෙන්ම එන්නේ 2023 අප්‍රේල් වලින් පසුව. මෙයට සංචාරකයින් පැමිණීමේ සම්බන්ධයක් නැහැ.
Deleteදෙවන ප්‍රශ්නයට විස්තරාත්මක පිළිතුරක් සමඟ සටහනක් ලියන්න අවශ්‍ය වුනත් තවම ලියන්න ලැබුණේ නැහැ. පසුව ලියන්නම්. කෙටි පිළිතුරක් ලෙස පාඩු ලබන ආයතන බොහොමයක බැරකම් (ණය) වත්කම් වලට වඩා වැඩියි. ඒ නිසා, කාට හරි දෙනවානම් දෙන්න වෙන්නේ සල්ලිත් එක්ක. ඔබේ ගෙයි වටිනාකම ලක්ෂ 50නම්, ගේ ඇපයට තියා ගත් ණය ලක්ෂ 60නම්, කවුරුවත් සල්ලි දීලා ගන්නේ නැහැනේ. නිකම් දුන්නත් ගන්නේ නැහැ.
There's always some relief in giving up... let's be positive.. :)
ReplyDeleteවැල් බයිලා බන් යකෝ ලංකාවේ ඉන්න උන්ගෙන් අහල බලපන් ලංකාවේ බඩුමිල තව තවත් වැඩිවෙලා තියෙන්නේ උදාහරණයක් විදියට මම පෞද්ගලිකව දැනගත්ත දෙයක් තමයි මීට මාස දෙකකට විතර කලින් රු 440 ට වගේ තිබ්බ ලෝකල් චීස් 200g දැන් 650 ක් විතර ලෝකල් නිෂ්පාදන හාල් වගේ දේවල් පවා කලින්ටත් වැඩි වේගයකින් මිල වැඩි වෙනවා බදු වැඩි කිරීමෙන් සහ බැංකු ණය වල පොළී වැඩිවීම නිසා ඒ බර වැටෙන්නෙත් consumers ලට රනිල්ගේ 2018 තීරණ තමයි ඉතින් මතකනේ ඒ කාලේ වුණ දේවල් history repeats එච්චරම තමයි
Deleteලංකාවේ ඉන්න කට්ටියට කේ කරලා අහල බලපන් randomly එන්න එන්න නරක අතට හැරෙන බව කියන්නේ මේ ගැන මංජු නිස්සංක වගේ කට්ටිය සහ සමගි ජන බලවේගයේ මංත්‍රී කණ්ඩායම සහ ජවිපෙ අය ආර්ථිකය ගැන කියන කතා අහල බලන්න, ගොඩක් දුරට ඇත්ත තමයි රට තවත් බරපතල ලෙස අවුල් වී යන එක
නාඋකයා දෙමලු මරලා සල්ලි හෙව්වා
Deleteකොළඹ පාරිභෝගික මිළ දර්ශකය තුළ පාසැල් උපකරණ, පාසැල් ප්‍රවාහන වියදම්, උපකාරක පංති වියදම් ඇතුළත්ද? ජංගම දුරකථන , විදුලි උපාංග ආදිය ඇතුලත්ව තිබේද? වත්මන් කාලසීමාවට අදාළව රුපියල් ඩොලරයට සාපේක්ෂව ස්ථාවරව පවත්වා ගැනීම ප්‍රකට කරුණක්. ඒ සදහා වැයකරන ඩොලර් ප්‍රමාණය කොපමණක්ද යන්න අදහසක් තිබේද? එසේම 2023 අයවැය හිගය පියවාගැනීමට භාවිත කරන මුදල් මූලාශ්‍රයන් මොනවාද? බදු මුදල්වලින් පමණක් එය සිදුකළ නොහැකියි. දේශීය ණය සහ විදේශීය ණය ඒ සඳහා අවශ්‍යයි නේද? එවිට යළි යළිත් මේ ප්‍රශ්නයේ මුලට අපි යනවා නොවේද? දැනට රාජ්‍ය වියදම් සම්පූර්ණයෙන්ම දරන්නේ රාජ්‍ය ආදායමින් පමණක්ද? මුදල් මුද්‍රණයක් කරන්නේම නැතිද?
ReplyDelete//කොළඹ පාරිභෝගික මිළ දර්ශකය තුළ පාසැල් උපකරණ, පාසැල් ප්‍රවාහන වියදම්, උපකාරක පංති වියදම් ඇතුළත්ද? ජංගම දුරකථන , විදුලි උපාංග ආදිය ඇතුලත්ව තිබේද?//
Deleteඔව්.
//වත්මන් කාලසීමාවට අදාළව රුපියල් ඩොලරයට සාපේක්ෂව ස්ථාවරව පවත්වා ගැනීම ප්‍රකට කරුණක්. ඒ සදහා වැයකරන ඩොලර් ප්‍රමාණය කොපමණක්ද යන්න අදහසක් තිබේද?//
නැති තරම්. වැය කරන්න ඩොලර් නැහැනේ.
//එසේම 2023 අයවැය හිගය පියවාගැනීමට භාවිත කරන මුදල් මූලාශ්‍රයන් මොනවාද?//
හරියටම ප්‍රමාණ කලින් සටහනක ඇති. විදේශ ණය රුපියල් බිලියන 1000ක්. ඉතිරි කොටස දේශීය ණය.
//බදු මුදල්වලින් පමණක් එය සිදුකළ නොහැකියි. දේශීය ණය සහ විදේශීය ණය ඒ සඳහා අවශ්‍යයි නේද?//
ඔව්.
//එවිට යළි යළිත් මේ ප්‍රශ්නයේ මුලට අපි යනවා නොවේද?//
මූලික ප්‍රශ්නය වන අයවැය හිඟය පියවා ගත යුත්තේ ඒ නිසා. නැත්නම් හිටපු තැනමයි. එහෙත්, ප්‍රායෝගිකව මෙය එක් වසරකින් කළ නොහැකියි. දැනට තිබෙන ඉලක්කය 2024දී ප්‍රාථමික අයවැය ශේෂය අතිරික්තයක් කර ගැනීමයි. එවිට ණය ගන්න වෙන්නේ තිබෙන ණය හා පොලිය ගෙවන්න පමණයි. ණය ප්‍රමාණය තවදුරටත් ඉහළ යන නමුත් ගෙවන සල්ලිම නැවත ණය ලෙස ලබා ගැනීමක් පමණක් නිසා මෙය විශාල ප්‍රශ්නයක් නෙමෙයි.
//දැනට රාජ්‍ය වියදම් සම්පූර්ණයෙන්ම දරන්නේ රාජ්‍ය ආදායමින් පමණක්ද? මුදල් මුද්‍රණයක් කරන්නේම නැතිද?//
ප්‍රශ්න දෙකටම පිළිතුර නැහැ. පරතරය පුරවා ගන්නේ දේශීය ණය වලින්. එහෙත් මහ බැංකුවෙන් ගන්නා ණය වලින් නෙමෙයි. (සමස්තයක් ලෙස සැලකූ විට). මහ බැංකුවෙන් ගන්නා ණය සහ ආපසු ගෙවීම් බොහෝ දුරට තුලනය වෙනවා. 2022 සැප්තැම්බර් මුල මහ බැංකුවෙන් රජය අරගෙන තිබුණු ණය ප්‍රමාණය = රුපියල් බිලියන 3,311.1යි. සැප්තැම්බර් අවසානයේදී මහ බැංකුවෙන් රජය අරගෙන තිබුණු ණය ප්‍රමාණය = රුපියල් බිලියන 3,302.4යි. සුළු වුවත් මෙය අඩුවීමක්. ඒ කියන්නේ ණය ආපසු ගෙවීමක්. රජය මහ බැංකුවට ණය ආපසු ගෙවද්දී සංචිත මුදල් සැපයුමද (සුළුවෙන් වුනත්) පහළ යනවා.
කර්නල් ඩොලයාඩ්
ReplyDeleteආර්ථිකය shrink වෙන්න හේතුව උද්ධමනය
ReplyDeleteනිසා බහුතර දෙනෙකුගේ ක්‍රය ශක්තිය අඩුවෙලා වියදම් අඩු කිරීම නෙමෙයි ද?