වෙබ් ලිපිනය:

Friday, April 28, 2023

උද්ධමනය විශාල ලෙස පහත බසී!


උද්ධමනය ඉතා ඉහළ මට්ටමක පැවති හා වේගයෙන් ඉහළ යමින් තිබුණු පසුගිය වසරේ මැද කාලයේ සිටම අප විසින් දිගින් දිගටම විශ්වාසනීය ලෙස කියූ පරිදි අප්‍රේල් උද්ධමනය විශාල ලෙස අඩු වී තිබෙනවා. මාර්තු මාසයේදී 50.3%ක් වූ උද්ධමනය අප්‍රේල් වන විට 35.3% දක්වා 15.0%කින්ම අඩු වී තිබෙනවා. ආහාර උද්ධමනය 30.6% දක්වාත්, ආහාර නොවන උද්ධමනය 37.6% දක්වාත් අඩු වී තිබෙනවා. 

මේ උද්ධමනය වේගයෙන් අඩු වෙන්නට පටන් ගත්තා පමණයි. මැයි මාසයේදී 25% ආසන්න මට්ටමකටත්, ජූනි මාසයේදී 13% ආසන්න මට්ටමකටත් උද්ධමනය අඩු වීමට නියමිතව ඇති අතර ජූලි මාසය වන විට බොහෝ විට උද්ධමනය තනි අංකයක් දක්වා පහත වැටීමට ඉඩ තිබෙනවා. ප්‍රස්ථාරයේ දැකිය හැකි පරිදි පසුගිය සැප්තැම්බර් මාසයේ සිට මිල මට්ටම ස්ථාවරව පවතින අතර, සැප්තැම්බර්-අප්‍රේල් අතර මාස හතක කාලය තුළ මිල මට්ටම ඉහළ ගොස් තිබෙන්නේ 1.6%කින් පමණයි.

ප්‍රධානම අභියෝගය වූ උද්ධමනය පාලනය කිරීමේ අභියෝගය මේ වන විට ජයගෙන අවසන්ව ඇතත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ  අභියෝගය තවමත් එලෙසම තිබෙනවා. ආර්ථික ස්ථායීකරණ වැඩ පිළිවෙළෙහි සාර්ථකත්වය මුළුමනින්ම මෙන් රඳා පවතින්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක ලෙස අවසන් වීම මතයි.

6 comments:

  1. හොඳ නං එය නොබා කියනා එක හොඳය
    මැදහත් හිතින් ඒවා විමසිය යුතුය
    ඔබ වැනි උගත් අය කළ යුත්තෙත් එයය
    රටටම හොඳ වෙතොත් අප කාටත් හොඳය

    ReplyDelete
    Replies
    1. "ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අභියෝගය" ගැන තියන කවිය ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න !!

      Delete
  2. Base year එක 2013 ඉඳලා 2021 වෙනකම් මාරු කරපු හින්දා 2013 base එකට සාපේක්ෂව වැඩි වෙන්න ඕනැ නේද?

    ReplyDelete
    Replies
    1. ගණන් නොහදා හරියටම කියන්න බැහැ. සමහර විට පරණ බේස් එක තිබුණානම් මීට වඩා ටිකක් අඩු වෙන්නත් තිබුණා.

      Delete
  3. මෙයාලා පාදක වර්ෂය වෙනස් කරලා නේද උද්දමනය අඩුයි කියන්නේ?

    ReplyDelete
    Replies
    1. උද්ධමනය අඩු වීමට හේතුව පාදක වර්ෂය වෙනස් කිරීම නෙමෙයි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: