වෙබ් ලිපිනය:

Friday, July 19, 2024

විසි දෙවන සංශෝධනය හා ජනාධිපතිවරණය


විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කරලා තිබෙනවා. මගේ අදහසනම් මේ සංශෝධනයෙන් ව්‍යවස්ථාවේ තිබෙන අවුලක් ලිහෙනවා හැර ප්‍රායෝගිකව වෙන කිසිම බලපෑමක් වෙන්නේ නැහැ කියන එකයි. මේ හා අදාළව අධිකරණ මැදිහත්වීමක් සිදු විය හැකියි. එසේ වුවත්, කලින් ලබා දී තිබෙන අධිකරණ තීන්දු අනුව, මේ සංශෝධනය සිදු කිරීම සඳහා ජනමතවිචාරණයක් තියන්න අවශ්‍ය වෙන එකක් නැහැ කියන එකයි මගේ අදහස. කොහොම වුනත්, මම ආණ්ඩුක්‍රම නීතිය පිළිබඳ විශේෂඥයෙක් නෙමෙයි.  [පසු සටහන. 83 ව්‍යවස්ථාව සැලකිල්ලෙන් කියවූ විට, ජනමතවිචාරණයක් තියන්න අවශ්‍ය වන බව පෙනී යනවා. මේ ගැන පසුව කතා කරමු.]

ජනාධිපතිවරණය සම්බන්ධව මෙයින් බලපෑමක් සිදු නොවන බවත්, ඒ හා අදාළ ගැසට් නිවේදනය ඉදිරි සතියේදී නිකුත් වනු ඇති බවත්, මැතිවරණ කොමිසමේ සභාපති විසින් දැනුම් දී තිබෙනවා. ඒ කියන්නේ ජූලි 26 දිනට පෙර ගැසට් නිවේදනය එනවා කියන එක. 

ජූලි 26 දිනට පෙර ගැසට් නිවේදනය ආවොත් අගෝස්තු 16ට පෙර නාම යෝජනා ගන්න වෙනවා. රාහු කාලය නිසා සිකුරාදා දවස් අත ඇරියොත් අගෝස්තු 12-15 අතර දවසක. ලබන සතියේ සඳුදා හෝ අඟහරුවාදා ගැසට් නිවේදනය නිකුත් කළොත් පමණක් අගෝස්තු 7 හෝ 8 මේ වැඩේ වෙන්න පුළුවන්. 

ඒ අනුව, ලබන සතියේ ගැසට් නිවේදනය නිකුත් වුනොත්, සැප්තැම්බර් 26ට පෙර ජනාධිපතිවරණය තියන්න වෙනවා. පෝය දවසට පසු දින නිසා සැප්තැම්බර් 18ත් අත ඇරියොත්, සැප්තැම්බර් 19-26 අතර දවසක තමයි ජනාධිපතිවරණය තියන්න වෙන්නේ. 

ජනාධිපතිවරණයක් සාමාන්‍යයෙන් තියන්නේ සෙනසුරාදා හෝ සතියේ නිශ්චිත දවසකද? එහෙම එකක් නැහැ. සෙනසුරා ලබපු අන්තිම ජනාධිපතිවරණය තිබ්බේ සෙනසුරාදා දවසක වුනත්, ඊට පෙර ජනාධිපතිවරණ සියල්ලම පවත්වා තිබෙන්නේ සතියේ දින වල. මෙතෙක් ජනාධිපතිවරණ පවත්වා නැත්තේ ඉරිදා සහ සිකුරාදා දවස් වල පමණයි.  

1982 ඔක්තෝබර් 20 - බදාදා 

1988 දෙසැම්බර් 19 - සඳුදා

1994 නොවැම්බර් 9 - බදාදා

1999 දෙසැම්බර් 21 - අඟහරුවාදා

2005 නොවැම්බර් 17 - බ්‍රහස්පතින්දා

2010 ජනවාරි 26 - අඟහරුවාදා

2015 ජනවාරි 8 - බ්‍රහස්පතින්දා

2019 නොවැම්බර් 16 - සෙනසුරාදා

මට හිතෙන්නේ බ්‍රහස්පතින්දා දවස් වන සැප්තැම්බර් 19 හා 26 දවස් වලට ටිකක් බර වැඩියි කියලා. ප්‍රතිඵලය අවිනිශ්චිත වූ 2005 සහ 2015 ජනාධිපතිවරණ තියලා තියෙන්නේ බ්‍රහස්පතින්දා දවස් වල. බ්‍රහස්පතින්දා ජනාධිපතිවරණය තිබ්බොත් ප්‍රතිඵල එන්නේ සිකුරාදා. රට සන්සුන් වෙන්න සති අන්තය තියෙනවා. 

6 comments:

  1. සෙනසුරු රාහු ලබලා දැන් හුඟක් කල්
    කෙහෙතත් ඇවිත් වෙනවා දැන් ටිකක් කල්
    මැසි ගැහුවාට යන යන අත බලා වැල්
    එන විදිය නං මයෙ සංතෝ හෙණට අවුල්!

    ReplyDelete
  2. මම හිතන්නෙ 22 වෙනි සන්ශෝදනය ගැන වැඩක්ම නැති පැත්ත තමයි ඔබ කතා කරල තියෙන්නෙ.
    අයියෝ ඉකොනො. පේයි රෝල් එකේ ඉන්නවද

    ReplyDelete
    Replies
    1. වැඩක් තියෙන පැත්ත මොකක්ද?

      Delete
    2. @ Lanka

      ඔය වගේ ප්‍රශ්න ඉකොනොමැට්ටලා වගේ ව්‍යාපෘති වල ඉන්න හාදයින්ගෙන් අහලා වැඩක් නෑ මොනව හරි වංගුවක් ගහලා මිනිස්සු මුලා කරන එකනේ කරන්නේ රනිල් මේ හැසිරෙන විදිය ගැන ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන නූතනවාදී ලිබරල්වාදීන් ලැජ්ජ වෙන්න ඕන. විශේෂයෙන්ම රනිල් එජාපයේ ඉහළට ආවේ 93 අප්‍රේල් ලලිත් ඇතුලත්මුදලි සහ මැයි රණසිංහ ප්‍රේමදාස ඝාතනය සහ අනූ හතරේ ගාමිණී දිසානායක ඝාතනය උනාට පස්සෙ වෙන නායකයෝ නැතිනිසා ජේආර්ගේ ඥාති සම්බන්ධය උඩ.

      ගාමිණී දිසානායකලගෙ මෙන්ටර් වුණ ආචාර්ය චානක අමරතුංග වගේ අය නම් ලිබරල් ඩිමොක්‍රටික් අදහස් තිබුණ අය ඒත් රනිල් ආව ගමන් චානකලාව අයින් කළා රනිල් කියන්නේ වෙස්ට්මිනිස්ටර් ටයිප් ඕතෝරිටේරියන් පොලිතීසියානුවෙක්

      රාජපක්ෂ රෙජීමය විවේචනය කරපු ලංකාවේ බුකීගත ලිබරල්ලු වෙන මිනිහෙක් මෙහෙම කරානම් ප්‍රජාතන්ත්‍රවාදයට පරමාධිපත්‍යට අරකට මේකට පටහැනියි කියාගෙන ලෝකෙ නැති ලොරි ටෝක් දෙන, ප්‍රජාතන්ත්‍රවාදයේ දෙයියා වගේ හැසිරෙන රනිල් දැන් බලය සදාකාලික කරගන්න අංශක 180ක් කනපිට හැරිල මේ ජනාධිපතිවරණය හංගන්න පුලුවන් හැම තුරුම්පුවක්ම ගහන හැටි මොනතරම් කැතද බලන්න. මට මතක් වෙන්නෙම රාජපක්ෂලා මීට වසර දහයකටත් පෙර අධික බලතණ්හාවට 18 වෙනි සංශෝධනය ගෙනත් ජනාධිපති ධුරයේ වාර දෙකේ සීමාව අහක් කරල ඊළඟට රටේ හිටපු අගවිනිසුරුවරිය දවස් 3න් ගෙදර යවල සදාකාලික බලේ ඉන්න මුලු රටේම ආධිපත්‍ය තමන්ගෙ දැවැන්ත බලයට යටකරගෙන හිටි ඒ 2015ට කලින් යුගය. 18 යටතේ නම් ඕනම වාර ගණනක් ඉල්ලන්න පුලුවන් වුනාට ඡන්දයක් තියන නිසා මිනිස්සුන්ට චාන්ස් එකක් එනව තමන්ට කැමති ප්‍රජාතන්ත්‍රවාදී තීරණයක් ගන්න. මේ කරන්නෙ රාජපක්ෂල කරාටත් හපන් ඒකාධිපති වැඩක්.

      ඒත් දැන් මේ රනිල් මොකෝ කියන්නෙ තමන්ම මුල්වෙලා 2015 යහපාලන ආන්ඩුව යටතේ ගෙනා 19 අඩුපාඩු තියනවලු. මේ ගෝතයාට දිනන්න බැරිවුනත් කමක් නෑ මේ අවු.2 ආර්ථිකය යම්කිසි මට්ටමකට තිබුණ තත්වෙන් ගොඩ අරගත්තා කියලා බොරු මතයක් සමාජගත කරලා හරි ඡන්දෙ ඉල්ලල පැරදිලා හෝ ඉල්ලන්නෙ නැතුව වුනත් ගෞරවාන්විතව සමුඅරන් අනාගතේ දවසක මිනිස්සු මොකක් හරි හොඳක් කියන මට්ටමට ලස්සනට ගෙදර යන්න හෝ නැවත එන්න වුනත් තියන චාන්ස් එකක් මේ නැතිකරගන්නේ.

      මේ ගේනව කියන 22 සංශෝධනය අනිවාර්යයෙන්ම පරාජය කරන්න ඕන. විවාද කරන්න පාර්ලිමේන්තුව කල් ගන්න එක හරහා මැතිවරණයට බාධා වෙනව නම් හැකි ඉක්මනින්ම ජනාධිපතිවරණ දිනය ප්‍රකාශ කරන්න කියල විපක්ෂයේ පක්‍ෂ වගේම ජාත්‍යන්තරය හරහා මැතිවරණ කොමිසමට බලපෑම් කරන්න ඕන. ඒත් යුරෝපීය සහ ඇමරිකානු ලිබරල් ඩිමොක්‍රටික්ලාත් ඩබල් ස්ටෑන්ඩඩ්කාරයෝනේ, තමන්ට අවශ්‍ය එකා වෙනුවෙන් කබරු තලගොයි කරන එකනේ උනුත් කරන්නේ, හැබැයි රට ආර්ථික අතින් ගොඩගත්තා හෝ නැතා ප්‍රජාතන්ත්‍රවාදී රටක තියන බරපතලම වැරැද්ද ඔක්සිජන් වලට සමාන මහජනතාවගේ ඡන්ද අයිතිය නැතිකරන එක. මේවා මීට කලින් කරපු/කරන්න හදපු හැමෝම අන්තිමට ආර්ථිකය පැත්තෙන් මොන හොඳ දේ කලත් මිනිස්සු අතරේ පිළිකුල් වෙලා තමයි ගෙදර ගියේ. මහජනතාවගේ පරමාධිපත්‍ය අහෝසි කරන්න කිසිම කෙනෙකුට බෑ. මොන දහම් ගැටේ ගහල හරි ජනාධිපතිවරණය හැංගුවොත් ඉදිරියට එන ඕනම පළවෙනිම ඡන්දෙන් ආර්ථිකය මොනා වුනත් රනිල් ගෙදර යවන්න කවුරුත් එකතු වෙන්න ඕන. මේ වෙලාවේ වංගුවක අවශ්‍යතාවයට වඩා මේ වෙලාවේ රටේ මිනිස්සුන්ට පෙන්නන්න ඕන කුතුහලයක් ඡන්දය දාන මොහොත දක්වා මූ මොනාහරි කරයි කියලා ඒක ගහන්නේ ජනමනසට

      මේ හරහා පාර්ලිමේන්තුව එකතුකලා වගේ හැගීමක් මිනිස්සුන්ට යනවා ජනාධිපතිවරණය අතරතුර, පාවෙන ඡන්ද තාම ලක්ෂ හතලිහක් පණහක් තියනවා ලංකාවේ තාම උන්ට කාට දෙන්නද තියා උඩක් බිමක් නෑ.. මේ මැතිවරණයේ අපේක්ශකයෝ තුනයි ඉන්න ඕන මං හිතන විදියට ඒ රනිල්,සජිත්,අනුර විතරයි එහෙම උනොත් බොහෝවිට තරගයක් තියෙයි.. මං නම් ආසා ඒ තුන් දෙනා තරග කරනවට මොකද මං ඕකුං තුන්දෙනාටම ඡන්දය දීලාත් තියනවා .. මේ පාර පලමුවතාවට ධම්මික දිලිත් තරගකරනවා ධම්මිකට චාන්ස් එකක් තියෙයි රනිල් වික්‍රමසිංහ ඉල්ලුවේ නැතොත්.

      Delete
    3. @ඉකොනොමැට්ටා
      ආන්ඩුව කියන කතාවම ගිරව වගෙ කියන්න අපරාදෙ මෙච්චර මාගල් ලියන්නෙ

      Delete
  3. ඇසල නිකිණි බිනර - ජනා පිනා ගෙදර
    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: