ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12 දින වන විටද ලංකාවට පැමිණ තිබෙන්නේ සංචාරකයින් මිලියන දෙකකට වඩා අඩු ප්‍රමාණයක් (1,972,957ක්). ඉදිරි සතිය තුළ (නොවැම්බර් 17 හෝ ආසන්න දිනක) මෙම ප්‍රමාණය යාන්තමින් මිලියන දෙක ඉක්මවා යා හැකියි. එහෙත් ඉන් පසුව වසර අවසන් වීමට තවත් ඉතිරිව තිබෙන්නේ සති හයක පමණ කාලයක් පමණක් බැවින් වසර අවසන් වෙද්දී අපේක්ෂා කළ හැක්කේ වැඩිම වුනොත් සංචාරකයින් මිලියන 2.3කට ආසන්න ප්‍රමාණයක් පමණයි.
වසර මුලදී සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ශුභවාදී තත්ත්වයන් යටතේදී සංචාරකයින් 3,000,000ක් (මිලියන තුනක්) ඉලක්ක කර තිබුණු අතර එතරම්ම ශුභවාදී නොවන සාමාන්‍ය තත්ත්වයන් යටතේදී සංචාරකයින් 2,676,596 දෙනෙකු රටට පැමිණෙනු ඇතැයි ඇස්තමේන්තු කර තිබුණා. එමෙන්ම නරකම තත්ත්වයන් යටතේ වුවද සංචාරකයින් 2,415,000 දෙනෙකුගේ පැමිණීම සිදු වනු ඇති බව ඇස්තමේන්තු කර තිබුණා. දැනට පෙනෙන පරිදි ඇත්තම තත්ත්වය වසර මුලදී ඉලක්ක කර තිබෙන නරකම තත්ත්වයටත් වඩා නරක තත්ත්වයක් වනු ඇති බවයි පෙනෙන්නට තිබෙන්නේ.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් සලකා තිබෙන්නේ මෙම වසරේ ආර්ථික වර්ධන වේගය 3.5%ක් වනු ඇති වුවද, ඉදිරි 2026 වසරේදී ආර්ථික වර්ධන වේගය 3.1%ක් දක්වා අඩු වනු ඇති බවයි. රටේ දිගුකාලීන ආර්ථික වර්ධන වේගය 3.1% මට්ටමට වඩා වැඩි කර ගැනීමේ උත්සාහය තුළ දැනට වැඩිම බරක් තබා තිබෙන්නේ සංචාරක කර්මාන්තය මත බැවින් සංචාරක පැමිණීම ඉලක්ක මට්ටමට වඩා බොහෝ අඩු වීම අවධානය යොමු විය යුතු කරුණක්.
ඔක්තෝබර් මාසය අවසන් වන විට රටට පැමිණ සිටි සංචාරකයින් ප්‍රමාණය 1,890,687ක් ලෙස වාර්තා වන අතර මෙම ගණන 2018 පළමු මාස දහය ඇතුළත රටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය වන 1,885,045ට වඩා යාන්තමින් (0.3%කින්) වැඩියි. කෙසේ වුවත්, 2018 පළමු මාස දහයක කාලය තුල සංචාරක ඉපැයීම් ලෙස ඩොලර් මිලියන 3,495.9ක් ලැබී තිබුණද, ඩොලරයක මූර්ත අගය 22.5%කින් අඩු වී ඇති තත්ත්වයක් තුළ පවා, මෙම වසරේ පළමු මාස දහය තුළ උපයා ඇති සංචාරක ආදායම ඩොලර් මිලියන 2,659.0ක් පමණයි. මෙය, 2018 වසරට සාපේක්ෂව, සංචාරක ඉපැයීම් වල 23.9%ක නාමික අඩු වීමක් වන අතර මූර්ත පදනමින් 41.0%ක අඩු වීමක්. ආර්ථික වර්ධනය කෙරෙහි බලපාන්නේ මූර්ත ආදායමයි.
සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නරකම තත්ත්වයක් යටතේ පළමු මාස දහයක කාලය ඇතුළත සංචාරකයින් 1,942,909ක්ද, සාමාන්‍ය තත්ත්වයන් යටතේ සංචාරකයින් 2,137,227ක්ද, හොඳ තත්ත්වයක් තුළ සංචාරකයින් 2,395,462ක්ද පැමිණෙනු ඇති බව ඇස්තමේන්තු කර තිබුනත්, ඇත්තටම පැමිණ ඇති ගණන නරකම තත්ත්වයටත් වඩා 2.7%කින්ද, සාමාන්‍ය තත්ත්වයට වඩා 11.5%කින්ද, ශුභවාදී තත්ත්වයට වඩා 21.1%කින්ද අඩුයි. පැමිණෙන සංචාරකයින් විසින් වැය කර ඇති සාමාන්‍ය මුදල විශාල ලෙස අඩු වී තිබීම හේතුවෙන් මෙහි අවාසිය වඩා විශාල වී තිබෙනවා.
ශ්‍රී ලංකා රජය විසින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහාම වෙනම විශේෂ බද්දක් අය කරනවා. එය සංචාරක හෝටල්, සංචාරක නියෝජිත ආයතන, සංචාරක වෙළඳසැල් වැනි ආයතන වල පිරිවැටුමෙන් 1%ක් දක්වා වන බද්දක්. එම බදු මුදල් වලට සාධාරණයක් ඉටු වන්නේ රජය මැදිහත්ව සිදු කරන ප්‍රවර්ධන කටයුතු හේතුවෙන් කර්මාන්තයේ ආදායම් සැලකිය යුතු ලෙස වර්ධනය වන්නේනම් පමණයි.
මාලිමා ආණ්ඩුව ආවම රට ඉදං ඩොලර් එවනවා කිව්ව අය කොච්චර සල්ලි එවලද ඉකොනො දැන්
ReplyDeleteChalana
ReplyDeleteසංවාරක කර්මාන්තය වැනි සේවා අාදායම් පදනම්ව අාර්ථික දියුනුව විශ්ලේෂනය අවදානම්.
ReplyDeleteසේවා අාදායම් මනින්නේ අක්‍රමවත් අැස්තමේන්තු අනුව වීම හේතුවයි.
ඉකොනෝ
ReplyDeleteවී ගොවිතැනට දෙන පොහොර සහනාධාරය තේ වලටත් දෙනවා.
ඔය මහා පරිමාණ වතුවල දලු කඩන්නියක් දෛනිකව කැඩිය යුත්තේ 18kg ක විතර දලු ප්‍රමාණයක්. ලංකාවේ අපෙ අම්මලාගේ මහගෙදර වත්තේ දළු කඩන්න එන වයස හැටකට වඩා වැඩි කාන්තාවක් තවම හිතවත් අයගේ කුඩා තේවතුවල දලු කඩන්න යනවා. ඇය ඒ මහගෙදර වත්තේ පමණක් දවසට දලු කිලෝ 30ක් කඩනවා, ඇයගේ දිනක ඇවරේජ් එක ඊට වඩා වැඩියි නමුත් සාමාන්‍යයෙන් තේවගාව ආශ්රිත ප්‍රදේශවල ඉපදුණ අය දිනකට 40-45 කඩන්න හැකියාව තියෙනවා.
පහතරට කුඩාතේ වතුවල දලු කඩන ශ්‍රමිකයන්ට ගෙවන්නේ කිලෝ එකකට රුපියල් 40යි. තේ වේල් දෙක දෙනවා. එච්චරයි. ඔවුන් දවසට කිලෝ 40ක් විතර කඩලා දවසට 1600ක් විතර උපයනවා, ආණ්ඩුව දවසට දලු කිලෝ දහ අටක් කඩන අයට 1750ක් දෙන්න මහජන මුදල් කෝටි 500කට වඩා විශාල මුදලක් නාස්ති කරන්න හදනවා
ඒ වගේම ආණ්ඩුව ඔය සහනාධාර දෙන්න හදන මහාපරිමාණ තේවතු සමාගම්වල ලැයිම්වල සේවකයන්ගේ ජල බිල් ලයිට් බිල් පවා එම සමාගම විසින් ගෙවනවා අහලා තියෙන විදියට.
අනෙක වී ගොවිතැනට දෙන පොහොර සහනාධාරය තේ වලටත් දෙනවා.
වැවිලි සමාගම් විසින් කොළඹ කොටස් වෙළදවලට ඉදිරිපත් කල 2024- 2024/2005 වාර්ෂික මූල්‍ය වාර්තා අනුව රජයේ බදු ගෙව්වාට පසු සමාගම් ලබා ඇති ලාභය
අගලවත්ත ප්ලාන්ටේෂන් - රු 781,489,000
ආගරපතන ප්ලාන්ටේෂන් - රු 801,000,000
බලංගොඩ ප්ලාන්ටේෂන් - රු 741,000,000
බගවන්තලාව ප්ලාන්ටේෂන් - රු 1,042,940,000
ඇල්පිටිය ප්ලාන්ටේෂන් - රු 1,329,000,000
හපුගස්තැන්න ප්ලාන්ටේෂන් - රු 339,514,000
හැටන් ප්ලාන්ටේෂන්- - රු 718,900,000
හොරන ප්ලාන්ටේෂන්- - රු 180,630,000
කහවත්ත ප්ලාන්ටේෂන්- - රු 948,410,000
කෑගල්ල ප්ලාන්ටේෂන් - - රු 516,871,000
කැළණිවැලි ප්ලාන්ටේෂන්- - රු 941,786,000
කොටගල ප්ලාන්ටේෂන් - - රු 377,308,000
මඩොල්සිම ප්ලාන්ටේෂන්- - රු 244,000,000
මල්වත්තාවැලි ප්ලාන්ටේෂන් - රු 532,837,000
මස්කෙලිය ප්ලාන්ටේෂන්- - රු 958,372,000
නමුණුකුල ප්ලාන්ටේෂන්- - රු 1,526,069,000
තලවකැලේ ප්ලාන්ටේෂන්- - රු 1,235,000,000
උඩුපුස්සැල්ලාව ප්ලාන්ටේෂන් - රු 581,000,000
මහවැලි ප්ලාන්ටේසන් - රු 140,390,208
වටවල ප්ලාන්ටේෂන්- රු 1,885,000,000
මෙහෙම තියෙද්දීත් ලංකාවේ මහාපරිමාණ තේවතු සමාගම්වල සේවකයන් මහජන බදු මුදලින් තවදුරටත් සුබසාධනය කළ යුතු ද? මේ ගැන විස්තර සහිතව ලියන්න විශේෂයෙන්ම පහතරට ප්‍රදේශවල බහුතර කුඩා තේවතු හිමියන්ට සිදුවන දැඩි අසාධාරණයට විරුද්ධව මේ ගැන අප හඬක් නැගිය යුතුයි.
එක එක්කෙනා එක එක කෝණයෙන් බලයි
ReplyDeleteදැනෙන පෙනෙන දේ එලෙසම කියා තබයි
සමහර කරුණු ඇත්තයි- සමහරක් බොරුයි
නිවැරදි කරුණු ගොනු කෙරුමට කාලෙ හොඳයි
ඉකොනොමැට්ටා,
ReplyDeleteවසරේ සමස්ත සංචාරක ඉපැයීම් ඉහළට!
මෙම වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා, ගෙවුණු මාස 10 සඳහා සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩො. මි. 2,659ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී. ඒ අනුව 2025 ඔක්තෝම්බර් මාසයේ දී වාර්තා ඇති සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 186.1කි.
තවද, 2024 මුල් මාස 10හි සංචාරක ඉපැයීම් ප්‍රමාණය වූ ඩොලර් මිලියන 2,533.7 හා සැසඳීමේ දී මෙය 4.9%ක වර්ධනයක් බවද, මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
2025 ජනවාරි සිට නොවැම්බර් 12 දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,972,957ක් බව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව පෙන්වා දෙන අතර, ඉන් සංචාරකයින් 443,622ක් ඉන්දියාවෙන්, 180,59ක් එක්සත් රාජධානියෙන්, 144,308ක් රුසියාවෙන්, 123,053ක් ජර්මනියෙන් සහ 115,400ක් චීනයෙන් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය. මෙම මාසයේ 01 වනදා සිට 12 වනදා දක්වා කාලය තුළදී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 82,270ක් බවද වැඩිදුරටත් වාර්තා වේ.
එන සංචාරකයන් ගේ ගුණාත්මක භාවය වැඩි කරන්න ඕනේ . සමහර වෙලාවට පේනවා අපි ඇවිත් වියදම කරන ටහ්රම් වත් සමහර සංචාරකයෝ වියදම් කරන්නේ නැහැ කියා . තමන් ත්‍රි විල් අරගෙන (ඒක තහනම් නේද ඒත් කරනවා ) රට වටේ යන එකෙන් ප්රවර්ධනයක් ලැබෙනවා තමයි . නමුත් ඔවුන්ගේ වියදම් කිරීම අවමයි . අනික රුඉස්ය්න් , යුක්රේනියන් , ඊශ්‍රායල් , චීන ය තමනෙග් තැන් හදාගෙන ඒවාට ගෙන් ගන්නවා එන ටුවරිස්ට් ලා . ලංකාවේ අයට එන්නේ දෙන්නේ නැති වර්ණවාදී තැන් තියනව කියල දැන ගන්න ලැබුනා . වහාම නවත්වන්න ඕනේ දේවල් .
ReplyDeleteසංචාරක කර්මාන්තය සුවිශේෂී සන්ධිස්ථානයකට!
ReplyDeleteශ්‍රී ලංකාව ඊයේ (17) දින සැලකිය යුතු සන්ධිස්ථානයකට ළඟා වූයේ වසරේ මිලියන දෙක වන සංචාරකයා පිළිගැනීමෙනි.
එය වසර අවසන් වන විට අවම වශයෙන් මිලියන 2.3 ක සංචාරකයින් සංඛ්‍යාවක් කරා ළඟා වීමේ රටේ දැක්ම ශක්තිමත් කරන සංකේතාත්මක ජයග්‍රහණයකි.
මෙම ජයග්‍රහණය සංචාරක කර්මාන්තය විසින් ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ සංශෝධිත වාර්ෂික සංචාරකයින් මිලියන 2.6 ක ඉලක්කයට සමීප කරයි.
සංස්කෘතික උරුමය, ජෛව විවිධත්වය, වෙරළ තීරයන්, ත්‍රාසජනක අත්දැකීම් සහ සුවතා දීමනා සඳහා ප්‍රසිද්ධ බහුවිධ ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව සහ අලුත් කරන ලද ගෝලීය ආකර්ෂණය මෙම සන්ධිස්ථාන පැමිණීම මගින් අවධාරණය කෙරේ.
පැමිණීම්වල ස්ථාවර වැඩිවීමට ගෝලීය උනන්දුව වැඩිවීම පමණක් නොව, WTM ලන්ඩන්, ITB Asia සහ පැරිසියේ IFTM Top Resa ඇතුළු ප්‍රධාන ජාත්‍යන්තර සංචාරක ප්රදර්ශනවලදී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (SLTPB) අඛණ්ඩ ප්‍රවර්ධන තල්ලුව ද හේතු වූ බව සංචාරක බලධාරීන් පැවසීය.
මිලියන දෙක සම්පූර්න වන එම ප්‍රංශ යුවළ වන රෆායෙල් සහ ක්ලෙයාර් කොළඹට පැමිණියේ මේ කිසිවක් නොදැන ය. ශ්‍රී ලංකා සංචාරක නිලධාරීන් විසින් ඔවුන් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, සාම්ප්‍රදායික නර්තන ශිල්පීන් සමඟ පිළිගෙන බොහෝ පිලිගනීම් මධ්‍යයේ ඔවුන් කැඳවාගෙන යන ලදී. මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා යුවළ චාරිත්‍රානුකූල කේක් එකක් කපා වර්ණවත් සංස්කෘතික පිළිගැනීම ගැන සතුට පළ කළ අතර එය ඔවුන්ගේ නිවාඩුවට අමතක නොවන ආරම්භයක් ලෙස හැඳින්වීය.
2021 සිට 2025 දක්වා සංචාරක පැමිණීම්වල වේගවත් වැඩිවීම සැලකිල්ලට ගෙන, මෙම ජයග්‍රහණය 2026 දක්වා ශක්තිමත් ගම්යතාවයක් පෙන්නුම් කරන බව නිලධාරීන් සඳහන් කරයි.
2025 වර්ෂය ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයට විශේෂයෙන් සාර්ථක වී ඇති අතර, ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය දැන් රටේ ජාත්‍යන්තර ලෙස තවදුරටත් ඉහළ නැංවීම සඳහා පුළුල් මහජන සම්බන්ධතා සහ ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපාරයක් දියත් කිරීමට සූදානම් වෙමින් සිටී. රජයේ නිදහස් වීසා වැඩපිළිවෙළ සමඟ ඉදිරි මාසවලදී පැමිණීමේ සංඛ්‍යාව ඉහළ නැංවීමට ද අපේක්ෂා කෙරේ. බලධාරීන් පවසන්නේ මෙම උත්සාහයන් අංශයේ දිගුකාලීන තරඟකාරිත්වය ශක්තිමත් කිරීම සහ නරඹන්නන්ගේ අත්දැකීම් වැඩි දියුණු කිරීම අරමුණු කරගත් අඛණ්ඩ ව්‍යාපෘතිවලට දැඩි ලෙස බලපානු ඇති බවයි.
ශ්‍රී ලංකාව නැවත ප්රමුඛත්වයට යන මේ ගමන 2019 පාස්කු ප්‍රහාර, COVID-19 වසංගතය සහ 2022 ආර්ථික අර්බුදය මගින් සලකුණු කරන ලද දුෂ්කර කාල පරිච්ඡේදයකින් පසුව ය. නවතම සන්ධිස්ථානයත් සමඟ, සංචාරක කර්මාන්තය පැහැදිලිවම එහි මුල් තැනට පැමිණ ඇති බව නිලධාරීන් පවසයි. 2018 වසර පැමිණීම් මිලියන 2.2 දක්වා ළඟා වූ හොඳම වසර ලෙස සැලකේ.
මෙම වසරේ මිලියන දෙකක සංචාරක පැමිණීම ලැබීමෙන්, ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරය තවමත් එහි හොඳම තත්ත්වයේ පවතින බවත්, අත්දැකීමක් ලබා ගැනීමට සුදුසු බවත් සහතික කිරීමට ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය අපේක්ෂා කරයි.