වෙබ් ලිපිනය:

Tuesday, November 13, 2018

ලංකාව තවමත් ජනරජයකි!


ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා තිබෙනවා. එසේ කර තිබෙන්නේ අගතියට පත් පාර්ශ්වයට තාවකාලික සහනයක් ලබා දීමක් වශයෙනුයි. අවසන් තීන්දුවට පෙර මෙවැනි අතුරු තහනම් නියෝගයක් ලබා දීම සාමාන්‍යයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයක් ආරම්භයේදී, මූලික විරෝධතා සලකා බැලීමෙන් අනතුරුව, සිදු කෙරෙන්නක්. ජනාධිපතිවරයා විසින් කටයුතු කර ඇති ආකාරය ව්‍යවස්ථානුකූලද නැද්ද යන්න තීන්දු කෙරෙනවා ඇත්තේ පසුවයි.

ජනාධිපතිවරයා විසින් කටයුතු කර ඇති ආකාරය ව්‍යවස්ථානුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කළොත් එය ඔහු සිය ධුරයේ කටයුතු කිරීමට නුසුදුස්සෙක් වීමට හේතුවක්. අපට ලැබී තිබෙන තොරතුරු අනුව මේ වන තුරු එවැනි තීන්දුවක් ප්‍රකාශයට පත් වී නැහැ. පෙත්සම් විභාගය දිගටම සිදුවීමට නියමිතයි.

මේ හරහා එක් අතකින් ලංකාවේ අධිකරණය පිළිබඳ විශ්වාසය තහවුරු කෙරී තිබෙන අතර විධායකයට අත්තනෝමතික සේ ක්‍රියා කිරීමට ඇති හැකියාව අභියෝගයට ලක් කෙරී තිබෙනවා.

මේ අනුව, පාර්ලිමේන්තු මැතිවරණයක් කලින් දැනුම් දුන් දින වකවානු වලදී පැවැත්වෙන්න ඉඩක් නැහැ. ඒ එක්කම, ජනාධිපතිවරයාගේ පෙර ගැසට් නිවේදනය අනුව හෙට දිනයේ පාර්ලිමේන්තුව රැස් විය යුතුව තිබෙනවා.

ඊට පෙර ජනාධිපතිවරයා විසින් වෙනත් තුරුම්පු ගහන්න ඉඩ තිබෙනවා. හැබැයි ජනාධිපතිවරයා අතේ තිබෙන කොළ අත දැන් කාටවත් රහසක් නෙමෙයි. ඒ නිසා, ඔහුට සර්ප්‍රයිස් කරන්න ටිකක් අමාරුයි. ඒ වගේම, ව්‍යවස්ථාව තමන්ට අවශ්‍ය ලෙස අර්ථකථනය කර ගැනීමේදීත්, තමන් වටා ඉන්න කේවට්ට උපදේශකයින්ගේ මත පිළිගැනීමේදීත් මින් ඉදිරියට හෝ ඔහු දෙවරක් සිතනු ඇතැයි අප හිතනවා.

මේ තීන්දුව හරහා සිදු වී තිබෙන්නේ ප්‍රශ්නය එක් අදියරකින් පසුපසට යාම පමණයි. පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පෙර තිබුණු අනෙකුත් අවිනිශ්චිතතාවයන් සියල්ල තවමත් තිබෙනවා. ඒ නිසා, ඉදිරි පැය 24ත් ලංකාවට ඉතා තීරණාත්මකයි.

අපි බලා සිටිමු!

අප වෙත සැණෙකින් තොරතුරු ලබා දුන් අධිකරණ ක්ෂේත්‍රයේ හිතවතුන්ට අපේ ස්තුතිය!

12 comments:

  1. aniwa. spot on. balaa imu.

    ReplyDelete
  2. // පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ ගැසට් නිවේදනය ව්‍යවස්ථා විරෝධී එකක් බැවින් එය අත්හිටුවීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එමගින් දී තිබූ සියළු නියෝග අවලංගු කෙළේය. එකී ගැසට් නිවේදනය අනුව කටයුතු කිරීමට කිසිවෙකුට බලයක් නැති බවද ප්‍රකාශ කෙළේය. මැතිවරණ කොමිසම වෙත නියෝග කරමින් එකී ගැසට් නිවේදනය අනුව යෝජිත පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම ද අවලංගු කෙළේය. මෙම අතුරු තහනම් නියෝගය දෙසැම්බර් 18 දක්වා පැවැත්වෙන අතර එදිනට වැඩි දුර විභාගය පැවැත්වෙන බවද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද දිනයේ තීන්දුව ලබා දෙමින් ප්‍රකාශ කළහ. //
    මේකේ කියල තියෙනවා නේද නීති විරෝදී ගැසට් එකක් කියල

    ReplyDelete
    Replies
    1. වෙනත් අය හරහා ලැබුණු තොරතුරු මිස තවමත් නිල තීන්දුව දකින්න ලැබුණේ නැහැ, ඇනෝ. ඒ නිසා මේ ගැන හරියටම දන්නේ නැහැ.

      Delete
    2. එක තමයි.
      හොඳම වැඩේ තමයි සෙට් එකේම මන්ත්රීකන් අහෝසි වෙන්න යන්නේ. පක්ෂ මාරු කරපු නිසා.

      Delete
    3. තව එකක් මේකෙන් පැහැදිලි. ලංකාවේ බුර්ශුවා පැලැන්තිය අතේ තවමත් බලය. ඒක එහෙමම තියෙන්න ඕන ගම්වල ඉන්න 56 හිඟන්නන්ට යන්න නොදී. ඔය අගමැතියෙක්, ජනාධිපතියෙක් ආවට අවුලක් නැහැ උන්ගෙන්. හරියට සුද්දෝ ලෝකේ පාලනේ කරනවා වගේ.

      Delete
  3. මිනිහෙක්ට අධිකරණයෙන් තාම සාධාරණය බලාපොොත්තු වෙන්න පුළුවන් කියන පණිවිඩය ලැබීම ජයක්.අවසානය කුමක් වුවත් දැනට ේ ලැබුණු පණිවිඩය වැදගත්

    ReplyDelete
  4. පාර්ලිමේන්තුව රැස්වෙන්න ඉස්සෙල්ලම කුමන්ත්රණේ කෙලවෙලා වගේ.
    https://lankadaily.com/latestnews/item/9875-2018-11-13-14-01-06

    ReplyDelete
  5. ඉකොනොමැට්ටලගේ UNP / JVP ඔන්ලයින් මඩ බළකා වල වේකන්සි තියෙනවනම් පොඩ්ඩක් කියන්නකො. නයිට් ෂිෆ්ට් නම් හොදයි. 40,000ට වැඩි පඩියක් බලාපොරොත්තු වෙනව, පොටෝෂොප්, මඩ ගැසීම්. ඔන්ලයින් පජාත කිරීම් සම්බන්ධ වසර 3ක පළපුරුද්දක් තියෙනව.

    අමතර සුදුසුකම් වශයෙන් මට කීයක් හරි දෙන ඕන පක්ෂෙකට බැහැල ගොට්ට ඇල්ලීමේ හැකියාවක් තියෙනව.

    ඉකොනොමැට්ටා වේකන්සි තියේනම් ඉක්මනට කියන්න. (Give me email address or contact number)

    ReplyDelete
  6. //අවසන් තීන්දුවට පෙර මෙවැනි අතුරු තහනම් නියෝගයක් ලබා දීම සාමාන්‍යයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයක් ආරම්භයේදී, මූලික විරෝධතා සලකා බැලීමෙන් අනතුරුව, සිදු කෙරෙන්නක්. ජනාධිපතිවරයා විසින් කටයුතු කර ඇති ආකාරය ව්‍යවස්ථානුකූලද නැද්ද යන්න තීන්දු කෙරෙනවා ඇත්තේ පසුවයි.//

    එහෙම කියන්න එපා ඉකොනො.... අතුරු තහනම් නියොගයක් කියන්නෙ සොමාලියාවට පාන් දැම්ම වගෙ.....!!!

    ReplyDelete
  7. ඉකොනොමැට්ටා

    First of all what's wrong is wrong!!! ������.

    අප්සැට් එක තමයි එක සැට් එකක් සමස්තය දිහා බලන් නැතුව ඔය කොහෙවත් යන සුද්දෙක්ගෙ කතාවක් ප්‍රසිද්ධ කරන්න දරන උත්සාහය. ඔහොම කරන ගොඩක් අය (හැමෝම නෙවෙයි) ගමක අමාරුවෙන් ඉගෙන ගෙන නගරෙට අැවිත් මුලින් මුලින් ඉංග්‍රීසි ටිකක් එහෙම ඉගෙන ගෙන ෂේප් එකේ පෑහිලා, ඉතුරු ටික පාහගන්න ප්‍රසිද්ධ වෙන්න කියන කතා. තමනුත් ඔය කියන සංස්කෘතියෙන්ම අකුරු කියවපු උන් බව අමතක කරන්න නරකයි.(එ් හින්දම තමයි උන්ට කොච්චර දත කෑවත් 100% ක් පෑහෙන්න බැරි)එ් සංස්කෘතියෙ වැරදි තියනව නං එ්කෙන් කොටසක් අපිත් බාරගන්ඩ ඕන. මොකෝ අපිත් එ්කෙම කොටසක්.එ් වෙනුවෙන් කල යුතු දෙය වෙනුවට "අපි නං එ්කෙ නෙවෙයි චී සෝ කෝල්ඩ් ලංකාව/ සිංහල කල්චර් ඉස් වෙරි බෑඩ්" කියනවනං එ් කියන එකාගෙ හීනමානය.

    ReplyDelete
  8. ගමරාළගේ තියරිය අවලංගුයි.අද පාර්ලිමේන්තුව රැස්උනාම බහුතරයෙන් අගමැති කෙනෙකු පත් කරගන්න. "උසනම් සිකුරිටි-මිටිනම් කම්කරු" වුවද කම්නැත.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: