වෙබ් ලිපිනය:

Friday, November 30, 2018

ආනයන වියදම් අඩු නොවෙන්නේ ඇයි?


මහ බැංකුවේ නිවේදනයකට අනුව 2018 පළමු මාස 9 ඇතුළත ආනයන වියදම පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 10.4%කින් ඉහළ ගොස් තිබෙනවා. මෙය ඩොලර් මිලියන 1587.4ක වැඩි වීමක්.

පසුගිය අගෝස්තු මාසය දක්වා වසරක කාලය තුළ රුපියල එතරම්ම අවප්‍රමාණය වුණේ නැහැ. නමුත්, යම් තරමකින් අවප්‍රමාණය වුණා. එසේ තිබියදීත්, ආනයන වියදම මේ ආකාරයෙන් ඉහළ ගොස් තියෙන්නේ ඇයි?

ඉහත වැඩි වීමෙන් 95%කටම හේතු වී තිබෙන්නේ කාණ්ඩ තුනක ආනයන වියදම් වල සිදු වූ වැඩි වීමයි. ඒ පෞද්ගලික වාහන ආනයනය, ඉන්ධන ආනයනය හා පොහොර ආනයනය යන කාණ්ඩ තුනයි.

වසරේ පළමු මාස නවය ඇතුළත පෞද්ගලික වාහන ආනයන වියදම් 129.6%කින් ඉහළ ගොස් තිබෙනවා. මෙය ඩොලර් මිලියන 670.2ක වැඩි වීමක්. ඉන්ධන ආනයන වියදම් ඩොලර් මිලියන 713.8කිනුත්, පොහොර ආනයන වියදම් ඩොලර් මිලියන 116.6 කිනුත් (163.8%කින්) ඉහළ ගොස් තිබෙනවා. මේ කාණ්ඩ තුනේ පමණක් ආනයන වියදම් ඉහළ යාම ඩොලර් මිලියන 1,500.6ක්. ඉතිරි කාණ්ඩ සියල්ලේම ආනයන වියදම් ඉහළ ගොස් තිබෙන්නේ ඩොලර් මිලියන 86.8කින් පමණයි. එය 0.6%ක සුළු වැඩි වීමක්.

මෙසේ විශාල ලෙස පෞද්ගලික වාහන ආනයන වියදම් ඉහළ යාමට හේතු වී තිබෙන්නේ මෝටර් රථ ආනයනය දෙගුණයකින් පමණ ඉහළ යාමයි. ත්‍රිරෝද රථ, ද්විත්ව කාර්ය වාහන හා මෝටර් සයිකල් ආදිය ආනයනය කිරීම කැපී පෙනෙන ලෙස වැඩි වී නැහැ. මෝටර් රථ ආනයනය මෙසේ විශාල ලෙස ඉහළ යාමට හේතුව වසර මුලදී ලබා දුන් තීරු බදු රහිත වාහන බලපත් බව පැහැදිලියි. ඉන්ධන ආනයන වියදම් ඉහළ යාමටත් මෙලෙස අළුතින් ආනයනය කළ, ත්‍රිරෝද රථ හා මෝටර් සයිකල් ආදියට සාපේක්ෂව ඉන්ධන කාර්යක්ෂමතාවය අඩු, පෞද්ගලික වාහන ප්‍රමාණය සැලකිය යුතු ලෙස දායක වී තිබෙන බව සිතිය හැකියි. අප්‍රේල් මාසයේ සිට පොහොර සහනාධාරය නැවත ලබා දීම පොහොර ආනයන වියදම් ඉහළ යාමට හේතු වී තිබෙනවා.

රුපියල අවප්‍රමාණය වෙන්න ඉඩ දුන් විට සෛද්ධාන්තිකව ආනයන වියදම් අඩු විය යුතුයි. එසේ වෙන්නේ ආනයන භාණ්ඩ වල මිල ඉහළ යාම නිසා ඒ භාණ්ඩ වල දේශීය ඉල්ලුම අඩු වීමෙන්. නමුත්, බදු සහන හෝ සහනාධාර දීම මඟින් මිල ඉහළ යාම වලක්වා මිල තිබුණාටත් වඩා පහළ හෙළුවොත් විණිමය අනුපාතිකය අවප්‍රමාණය කළ පලියට ආනයන වියදම් අඩු වෙන්නේ නැහැ.

(Images: https://auto.economictimes.indiatimes.com/news/passenger-vehicle/cars/higher-import-duty-to-hit-indias-car-exports-to-sri-lanka/55712005)

6 comments:

  1. මේ තරම් වාහන ආනයනය කරනවනම්, ලංකාවෙම වාහන නිපදවන එක ලාබදායී නැද්ද? ඒ සඳහා රජය ව්‍යාපාරිකයන්ව උනන්දු කරන එක ප්‍රතිඵල රහිත ද?

    විදේශ වෙලදපළත් (අප්‍රිකානු කලාපය වැනි) ඉලක්ක කරගන නිෂ්පාදන කලොත් අසාර්තක වෙයිද?

    ReplyDelete
    Replies
    1. ඉතාම පැහැදිලිවම. මෙය මම ගොඩක් කල් ඉඳලා ලියන්න සිටි කරුණක්. අවශ්‍ය ගණනය කිරීම් කරන්න වෙලාවක් නොලැබුණු නිසා අදාළ ලිපිය ලියා පළ කරන්න ඉඩප්‍රස්තාවක් ලැබුණේ නැහැ. ලංකාව දැන් සිටින අදියරේදී අත ගැසිය යුත්තේ වාහන නිෂ්පාදනයට හා ගෘහ ගෘහ විද්‍යුත් උපකරණ නිෂ්පාදනයටයි. එයින් ආර්ථිකයේ ප්‍රශ්න රැසක්ම විසඳෙනවා. හැබැයි පටන් ගත යුත්තේ පොඩි වාහන වලින්.

      Delete
    2. වාහන නිපදවන්න අතගහන්න තිබ්බේ දැන් නෙමේ, උපාලි ෆියට් එක ආපු කාලේ. දැන් පරක්කු වැඩියි.

      ඕක ගැන හොද විග්‍රහයක් එළකිරි ඔටෝමොබයිල් එකේ ගියා. ඒක බලන්න හොයලා.

      කෙටියෙන් කිවොත් දැන් අලුතින් වාහනයක් හදන්න නං බිලියන ගානක් යට කරන්න ඕනි. අදාල සැලසුම් වලට, ෆැක්ටරි වලට වගේ. එහෙම කරලා වාහනයක් හැදුවත් දෙන්න වෙන්නේ ලොකු මිලකට. ඔය මිලට ලංකාවේ වික්කත් ලාබයක් නැහැ කොම්පැනියට.

      අඩු මිල වාහන හදන්න බැහැ ලංකාවේ ශ්‍රමය ඉහල නිසා ඉන්දියාව සහ චීනය එක්ක තරඟ කරලා.

      ඕක කරන්න බැරි නිසා තමයි මයික්‍රෝ එකත් වෙන වෙන සුකුරුත්තන් දදා ඉන්නේ. පාඩුයි වැඩේ.

      අනික මේ නිෂ්පාදන ආර්ථිකයට යන්නත් සල්ලි තියෙන්න ඕනි. වාහන හදන්න ඕනි, විද්‍යුත් උපකරණ හදන්න ඕනි කියලා එක එක උන්ට කියන්න නං පුළුවන්. එව්වා කරන්නත් සල්ලි ඕනි.

      මේ වෙලේ ලංකාව වැටිලා තියෙන තත්වයෙන් ගොඩ යන්න තියෙන සරලම විසඳුම සේවා ආර්ථිකය. සිංහලු සේරටම පුහුණුවක්, සහතිකයක් දීලා රට අරින්න ඕනි පලයව් හුත්තිගේ පුතාලා රට කියලා. වෙන විකල්පයක් නෑ මල්ලි.

      Delete
  2. ඇයි ලංකාවේ මයික්‍රෝ කියලා වහන නිපදවන කොම්පැනියක් තියනවා නෙව. ඇයි එක වැඩි දියුණු කරලා අවශ්‍ය පොඩි වාහන ටික හදා ගන්නේ නැත්තේ

    ReplyDelete
    Replies
    1. වාහනයක් හදන්න ලොකු ගානක් වියදම් කරන්න ඕනි. වාහනේ සැලසුම් කිරීම, ඒ අනුව සැදීම, පර්යේෂණ කිරීම ඒ වගේ සැහෙන වැඩ ප්‍රමාණයක් තියෙනවා. එව්වා කරන්න සැහෙන මුදලක් ඕනි.

      එහෙම කරලා අලුතින් වාහනයක් එලියට දැම්මට ලංකාවේ මාර්කට් එකට විතරක් විකුනලා ගොඩ යන්න බැහැ කොම්පැනියට අර මුලින් වියදම් කරන බිලියන ගානක මුදල් එක්ක. ඒ නිසයි කවුරුත් මේකට අත ගහන්නේ නැත්තේ.

      වෙනින් රටවල මාර්කට් එක ඉන්දියාව, චීනය වගේ අඩු මිල වාහන දැන් අල්ලලා ඉවරයි.

      නිකන් සාමාන්‍ය ඩිසල්,පෙට්‍රල් වාහන හදලා වැඩකුත් නෑ. හයිබ්‍රිඩ් වලට එහා ගිය වාහන හදන්න ඕනි. එහෙම කරලා මාර්කට් එකක් හදා ගන්නේ කොහොමද?

      ඉන්දියාවේ ටටා, බජාජ්, වගේ කොම්පැනි වලට දැන් ප්‍රශ්නයක් නැහැ, මොකද එයාලා ඒ ආයෝජන කරේ දැන් දශක ගානකට කලින්.

      ඕකට සරල උදාරහණයක් දෙන්නම්. දැන් සාමාන්‍ය මට්ටමේ බාර් එකක්, වයින් ස්ටෝර්ස් එකක් නැත්තම් පෙට්‍රල් ෂෙඩ් එකක් පටන් ගන්න කෝටි 5 ක් වත් ඕනා. පර්මිට් අනං මනං ඔක්කොම එක්ක.

      ඒත් ඔය ගානට දැන් පර්මිට් එකක් ගත්තට ඒ ගාන හම්බ කරගන්න බැහැ අවුරුදු ගානක් යනකන්. පෙට්‍රල් ෂෙඩ් වල නං කොහොමත් බැහැ. මේ දවස් වල දකින්න ඇති IOC එකේ හෝ ගාලා ඇඩ් දානවා ඉන්ධන බෙඳුම් කරුවන් හොයලා ඒත් මොලේ තියෙන සල්ලි කාරයෝ දැන් ඕකට බහින්නේ නෑ.

      වාහන සැදීම ගැනත් ඒකම තමයි කියන්න තියෙන්නේ. මයික්‍රෝ එකට උනත් බිලියන ගානක් වියදම් කරලා අලුත් යන්ත්‍ර සුත්‍ර ගෙනලා, වාහනයක් ඩිසයින් කරලා මෙහෙ විකුණනවට වඩා මෙහෙම ඉන්න එක ලාබයි.

      සමහර බිස්නස් තියෙනවා යම්කිසි මට්ටමකින් එහාට දියුණුව ගියාම ඊට පස්සේ ආයේ එන්නේ ලාභයක් නෙමේ, පාඩුවක්. දැන් ඔය ලාෆ් ගෑස් එක උනත් මීට වඩා බිස්නස් ප්‍රමෝට් නොකරන්නේ ඒ නිසයි. උන්ගේ වියදම් එක්ක බලද්දී දැන් තමයි උපරිම ලාබෙ තියෙන්නේ. මිට වඩා බිස්නස් වැඩි උනොත් වෙන්නේ මේ ලාභය ක්‍රමයෙන් අඩුවෙන එක.

      Delete
  3. චීන ජනාධිපතිතුමාට බුදුබව පාර්ථනා කරමු

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: