වෙබ් ලිපිනය:

Monday, November 19, 2018

කරඬුව හිසට ගත යුත්තේ සරම තද කර ගෙනයි!


කරඬුවක් හිසට ගන්නවා කියන්නේ භාරදූර වැඩක්. හිසට ගත් කරඬුව බිම දමන්න බැහැ. කරඬුවක් හිසට දෙන්නේ එය බිම නොදමා පරිස්සමෙන් අරන් යන්න පුළුවන් කෙනෙක්ටයි. කරඬුව බිම නොදමා තියා ගන්නනම් අත් දෙකෙන්ම එය අල්ලාගෙන සිටිය යුතුයි.

කරඬුව හිසට ගත්තට පස්සේ සරම කැඩෙන්න යනවා වගේ දැනුනොත් කළ හැක්කේ කුමක්ද? සරම නැවත ගැට ගහ ගන්නත් අත් දෙකම නැතුව බැරි බව සරම් අඳින අය දන්නා දෙයක්. ඒ නිසා, සරම කැඩෙන්න කලින් කරඩුව පැත්තකින් තියලා සරම ඇඳ ගන්න වෙනවා.

සරම කැඩෙන්න කලින් කරඩුව පැත්තකින් තියලා සරම ඇඳ නොගත්තොත් වෙන්නේ මොකක්ද? එක්කෝ සරම කැඩුනට පස්සේ ඒක ඇඳගන්න කරඬුව පැත්තකින් තියන්න වෙනවා. එතකොට හෙළුව පෙනිලා ඉවරයි. නැත්නම් කරඬුව ඔළුවේ තියාගෙන දිගටම හෙළුවෙන් ඉන්නත් පුළුවන්. හැබැයි ඒ වැඩේ දිගටම කරන්න අමාරු නිසා අන්තිමට කොයි වෙලාවක හරි කරඬුව බිමින් තියන්න වෙනවා. දිගටම හෙළුවෙන් ඉඳිද්දී කාගෙන් හරි ගල් පාරක් එහෙම වැදුනොත් කරඬුවත් බිම දාලා සරමත් නැතුව දුවන්න වෙන්න පුළුවන්.

ඔය වගේ අකරතැබ්බ වෙන්න ඉඩ තියෙන නිසා කරඬුවක් ඔළුවට ගන්න කලින් සරම තද කරලා ඇඳ ගන්න අමතක කරන්න හොඳ නැහැ. කරඬුවක් ඔළුවට ගන්න ඕනෑවට වඩා හදිස්සි වීම නිසා සරම තද කර ගන්න අමතක වූ බව පස්සේ හෝ මතක් වුනොත් කරන්න පුළුවන් හොඳම දේ සරම කඩා වැටෙන්න කලින් කරඬුව පැත්තකින් තියලා සරම නැවත ඇඳ ගන්න එකයි. ඔය වගේ වෙලාවට සරම් අන්දන්න එන අයගෙනුත් පරිස්සම් විය යුතුයි. නැත්නම් සරමටයි කරඬුවටයි අමතරව තවත් දේවල් නැති වෙන්න පුළුවන්.

මම මේ ටික ලිවුවේ නිශ්චිත පුද්ගලයෙක්ව ඉලක්ක කරලා නෙමෙයි. මේ උපහැරණය කාට වුවත් අදාළයි. මිනිහෙක්ව තවත් මිනිහෙක් විසින් අඳුනගන්නේ පිටට පෙනෙන දේවල් වලින්. සරම් ඇතුළේ තියන දේවල් හෝ නැති දේවල් පිටට පේන්නේ නැහැ. සරම කඩා වැටුණට පස්සේ තියෙන දේවල් වගේම නැති දේවලුත් පේනවා. කරඬු ඔළුවට ගන්න තරමට සරම් බිම වැටෙන අවදානම වැඩි වෙනවා. එවිට බලා ඉන්න අයට සරමෙන් වැහිලා තිබුණු දේවල් හෝ නොතිබුණු දේවල් පැහැදිලිව පෙනෙනවා. එහෙම පෙනෙන දේවල් පුද්ගලයෙක් ගැන වෙනත් අයෙකු තුළ කලින් තිබුණු ප්‍රතිරූපය වෙනස් කරවන්න පුළුවන්.

කොහොම වුනත් කරඬුව ඔළුවට ගන්නෙම ඔය අවදානමට බය නැති අයයි. ඒ බව බලා ඉන්න අය දන්නවා. ඒ නිසා, කරඬුව අතට ගන්න ඕනෑ වෙලාවක පස්ස ගහන කෙනෙක්ගේ ප්‍රතිරූපය වුවත් ඒ හේතුව නිසාම වෙනස් වෙන්න පුළුවන්. අර්බුද කාලයක් කියන්නේ ප්‍රතිරූප වේගයෙන් පරිණාමය වන කාලයක්. ඒ එක්කම සමාජ සැකසුම එක පාරටම වෙනස් වෙනවා.

දේශපාලකයින්ගේ ප්‍රතිරූප වෙනස්වන විට මිනිස්සුන්ගේ දේශපාලන රුචිඅරුචිකම් වෙනස් වෙනවා. එවිට බලතුලනය වෙනස් වෙනවා. මේ වෙනස් වීම සාපේක්ෂ දෙයක්. ප්‍රතිරූප වෙනස් වීම දිහා බලන්න ඕනෑ කලින් තිබුණු තත්ත්වයට සාපේක්ෂවයි. අපි මේ දවස් වල විචේචනයට පාත්‍ර වන දේශපාලනඥයින් කිහිප දෙනෙක් නමින්ම ගනිමු.

මෛත්‍රීපාල සිරිසේන
කරු ජයසූරිය
මහින්ද රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
අනුර කුමාර දිසානායක
විමල් වීරවංශ
චම්පික රණවක
වාසුදේව නානායක්කාර
සජිත් ප්‍රේමදාස
එස් බී දිසානායක
ප්‍රසන්න රණවීර
පාලිත තෙවරප්පෙරුම

අපි ප්‍රසන්න රණවීරව ගනිමු. ඔහු කරපු දේ එතරම් රහසක් නෙමෙයි. මේ කරපු වැඩෙන් ප්‍රසන්න රණවීරට සිදු වුනු හානිය මොකක්ද? ඒක තීරණය වෙන්නේ ඔහුව විවේචනය කරන අය මත නෙමෙයි. ඔහුව ඡන්දයෙන් පත් කරලා පාර්ලිමේන්තුවට එවපු අය ප්‍රසන්න රණවීරට ඡන්දය දීලා එවුවේ ඇයි කියන එක මතයි.

මේ වැඩෙන්  ප්‍රසන්න රණවීර තමන්ගේ ප්‍රතිරූපය බිඳ ගත්තද තවත් වර්ධනය කර ගත්තද? මම දන්නේ නැහැ. එය ප්‍රසන්න රණවීර චරිතය ගොඩ නගපු අය මත තීරණය වන දෙයක්. මම දන්නේ බටහිර රටවල් වල ගොඩ දෙනෙක් මිරිස් නොකන බව පමණයි. ඒ ගොඩක් අයට කෑමක මිරිස් පොඩ්ඩක් තියෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ ලංකාවේ ගොඩක් අයට එයින් අදහස් වනවාට වඩා වෙනස්ම දෙයක්.

ලැයිස්තුවේ ඉන්න හෝ නැති වෙනත් ඕනෑම කෙනෙක් ගත්තත් තත්ත්වය ඕකම තමයි. කාගේ හෝ ප්‍රතිරූපය බිඳ වැටුණද නැත්නම් වර්ධනය වුනාද කියන එක තීරණය වෙන්නේ ඒ අයගේ විවේචකයින් මත නෙමෙයි. ඒ ප්‍රතිරූප වන්දනා කරමින් සිටි අය මතයි. ඒ නිසා අර්බුදයක් වෙලාවක කැමැත්තෙන්ම සරම කැඩෙන්න ඇරලා කරඬුව ඔලුවේ තියාගෙන ඉන්න අයත් ඉන්න පුළුවන්.

ලැයිස්තුව කෙසේ වුවත් මේ මොහොත තියෙන ප්‍රතිරූප වෙනස් වෙලා අලුත් ප්‍රතිරූප හැදෙන මොහොතක්.

5 comments:

  1. ඔබගේ බ්ලොග් අඩවිය කියවූ විට අපට පෙනෙන්නේ ඔබ අන්ත දක්ෂිණාංශික ධනපති අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දර්ශනවාදය අනුගමනය කරනා අයෙක් බවයි. ඔබට එම එක්සත් ජාතික පක්ෂ ජිවන විලාසිතාව මේ තරම් සිත්බැඳ ගැනීමට හේතුව කීම? (රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වරක් ස්වාධින රුපවාහිනීයේ උපුල් සාන්ත සන්නස්ගල සමග පවතී සාකච්චාවකදී පැවසුවේ එක්සත් ජාතික පක්ෂය යනු හුදෙක් දේශපාලනික පක්ෂයක් නොව, ජීවිතය ගෙනියන ජිවන විලාසිතාවක් බවයි.)

    ඔබ ඇයි මෙතරම් එක්සත් ජාතික පක්ෂ ධනපති ජිවන විලාසිතාවට කැමති මහත්මයා?

    ReplyDelete
    Replies
    1. ඔබ කියන "එක්සත් ජාතික පක්ෂ ධනපති ජිවන විලාසිතාව" කුමක්ද කියා පළමුව කිවුවොත් ප්‍රතිචාරයක් ලබා දිය හැකියි. උදාහරණයක් විදිහට ඔබ ඔය කියන දර්ශනවාදයේ ප්‍රධාන අංග දහයක් හෝ වෙනත් ගණනක් සටහන් කළොත් පිළිතුරු දිය හැකියි. ඔබ හිතා ඉන්න දෙය හරියටම නොදැන පිළිතුරු දිය නොහැකියි.

      Delete
  2. කරඬුව හිසට ගන්න අදහසක් සිරාගෙ තුන හිතකවත් තිබුනේ නෑ. චන්ද්‍රිකා නලව නලව ගිහිං කියනකොට මහින්දත් එක්ක මල පැනල හිටපු සිරා ඒකට කැමති උනා. අන්තිමට ලංකාවෙ ජහමනයා සිරාට කරඬුව දුන්නා. ජනපති වෙලා ඇවිත් කාරෙකෙන් බහින සුප්‍රසිද්ධ පොටෝ එකෙන් පෙනෙන සිරාගෙ "වියරු සිනහව" පෙන්නුම් කරන්නෙ කටුස්සගේ කරේ රත්තරන් බැඳපු ඒ කතාව තමයි. ලංකාවෙ මිනිස්සු කරඬුවට වඳිනකොට සිරා හිතුවෙ එයාට වඳිනව කියලයි. තව අවුරුදු පහක් මෙහෙම වැඳුම් පිදුම් ලබන හැටි හිතනකොට ඔළුවට ආවේ පොළවෙන් අඩි හයක් යටට යවන්න හිටපු එකා! බහුතරය තියෙන වෙලාවක පෙන්නපං කියල අගමැති කම ඌට දුන්නයි කියමුකො.මහ බැංකුව බිඳපු එකත් වැඩේ ලේසියෙන් අතාරින්න කැමති නෑ. අනුර කුමාරයි සුමන්තිරනුයි හරියට "සහායට ඩැනියෙල්" වගේ. අපි නොකා නොබී බලා ඉන්නෙ ඒ චිත්‍රපටිය තමයි. ඒකෙ නම "ගලඋඩ සටන"

    ReplyDelete
  3. කාන්සියට බාබුල් කමින් දිවා රාත්‍රී දින ගණන්, හැතැම්ම දහස් ගණනක් ඉන්දීය බෝඩරය හරහා රිය පදවන ඉන්දීය ලොරි රථ රියදුරු මහත්වරුන්ට බුදුබව පාර්ථනා කරමු.

    ඒ මහත්තරු දකුණු ඉන්දියාවේ සිට උත්තර ප්‍රදේශ් හරහා නේපාල රටේ දුෂ්කර කඳු තරණය කරමින් චීනය දක්වා ඉපැරණි ඇති දුෂ්කර සේද මාවතේ අධි බලැති ටර්බෝ ඩිසල් එන්ජිම සහිත ලොරි රථ ෆුල් ලෝඩ් කරන් යන්නේ. එක දිගට දින හතර පහ එන්ජිම ස්ටාර්ට් එකේ. වාහනේ ඇතුලේ කෑම සාදාගැනීමට අවශ්‍ය භාජන, ගෑස් ලිප්, නිදා ගැනීමට අවශ්‍ය මෙට්ට, ඇඳුම්, වතුර, කෑම බිම සියල්ල රැගෙන යන්නේ.

    ගුඩ්ස් කැරියර්. ඕල් ඉන්ඩියා පර්මිට්. බ්ලොව් හොර්න්. යුස්‌ ඩිපර් ඇට් නයිට්... විතවුට් ට්‍රක්ස් ඉන්ඩියා ස්ටෝප්ස්..

    ReplyDelete
  4. obe news unp ekata barai. Eka katath penwa.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: