වෙබ් ලිපිනය:

Thursday, August 15, 2019

ගෝඨාභය නම නැතිව ෆෙඩරල් රෙජිස්ට්‍රිය පිට වේ!


මේ වසරේ දෙවන කාර්තුව ඇතුළත, එනම් 2019 අප්‍රේල් 1 දින සිට ජූනි 30 දක්වා කාලය ඇතුළත, ඇමරිකානු පුරවැසිකම ස්වේච්ඡාවෙන් අහිමි කරගත් පුද්ගලයින් 609 දෙනෙකුගේ නාම ලේඛනය නිල වශයෙන් අද (අගෝස්තු 15) ප්‍රකාශයට පත් කෙරුණා. සාමාන්‍ය පිළිවෙත අනුව, මහජන නිරීක්ෂණය පිණිස මේ ලැයිස්තුව ඊට පෙර ඊයේ (අගෝස්තු 14) නොනිල ලෙස ප්‍රසිද්ධ කෙරුණා. උදය ගම්මන්පිල වැනි  ඇතැම් ගෝඨාභය හිතවාදීන් විසින් ස්ථිර කර පැවසූ පරිදි ගෝඨාභය රාජපක්ෂගේ නම මේ ලැයිස්තුවට ඇතුළත්ව නැහැ.

මීට පෙර ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිකමින් ඉවත් වීමේ සහතිකය ලෙස සඳහන් කූට ලේඛනයක් ප්‍රසිද්ධ වූ අතර එය කූඨ ලේඛනයක් බව ඉතා ඉක්මනින්ම හඳුනා ගනු ලැබුණා. එයට ප්‍රතිචාර ලෙස ගෝඨාභය විසින් ප්‍රකාශ කර තිබුණේ එම සහතිකය නියම එක නොවූවත්, සැබෑ සහතිකය තමන් සතුව තිබෙන බවයි. පසුව සැබෑ සහතිකය ලෙස සඳහන් දෙවන සහතිකයක්ද සංසරණය වුනා.

ඇමරිකානු පුරවැසියෙකු වීම ගෝඨාභය ලංකාවේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වීම වළක්වනවාක් මෙන්ම ඒ හා අදාළව ජනතාවට බොරු කියා ඔහු විසින් රැවටිල්ලක් කර ඇත්නම්, එය අවංක හා විනයගරුක පුද්ගලයෙකු ලෙස ඉදිරිපත් කෙරෙන ගෝඨාභය ප්‍රතිරූපයට ආරම්භයේදීම සිදු කෙරෙන හානියක් ද වනවා.

අද (අගෝස්තු 15) නිල වශයෙන් ප්‍රකාශයට කළ 2019 දෙවන කාර්තුවේදී ඇමරිකානු පුරවැසිකම අහිමි කරගත් පුද්ගලයින්ගේ නාම ලේඛණය පහත සබැඳියේ තිබෙනවා.

https://www.federalregister.gov/documents/2019/08/15/2019-17498/quarterly-publication-of-individuals-who-have-chosen-to-expatriate-as-required-by-section-6039g


8 comments:

  1. මහත්තයා පසුගිය දිනවල ගොටාබය මහතාට සහය දක්වමින් ලිපි පලකරා නේද? මෙම තත්වය අනුව මහත්තයා මොකක්ද කරන්නේ?

    ReplyDelete
  2. බර තොගයක් ස්වකැමැත්තෙන් ඇමෙරිකානු පුරවැසිකම එපා කියලනේ..

    ReplyDelete
  3. ජනපතිවරණයට නාමයෝජනා දෙන දවස් වෙනකොට ඕක ඉවත් වෙලා තිබුණාම ඇතිනේද? තව මෙවැනි නිවේදන ඉස්සරහට එයිනේ. අපි බලමු.

    ReplyDelete
    Replies
    1. දැනටමත් ගෝඨාභය මහත්තයා බොරු කියලා වගෙයි නේද?

      Delete
    2. Anonymous August 16, 2019 at 1:51 AM

      //ගෝඨාභය රාජපක්ෂගේ “ඇමරිකානු පුරවැසිභාවය” මුල් කර ගනිමින් පළ වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් බීබීසි සිංහල සේවය කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයෙන් කරුණු විමසු අතර එහි ප්‍රකාශිකාවක් පැවසුවේ පුරවැසිභාවය වැනි පුද්ගලික කරුණු ගැන තානාපති කාර්යාලය අදහස් පළ නොකරන බවය.

      අදාළ නම ලේඛනයේ සඳහන් සහ සඳහන් නොවන නම් සම්බන්ධයෙන් තානාපති කාර්යාලයට අදහසක් ප්‍රකාශ කළ නොහැකි බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.

      පවතින නෛතික තත්ත්වය යටතේ ද්විත්ව පුරවැසියකුට මැතිවරණයකදී නාම යෝජනා දීම ප්‍රතික්ෂේප කිරීම හෝ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් නාමයෝජනාවලදී විරෝධතා පරීක්ෂා කිරීමේ හැකියාවක් මැතිවරණ කොමිසමට නොමැත.

      මැතිවරණය කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසන පරිදි යම් අපේක්ෂකයෙකුගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ගැටළුවක් ඇතිනම් ඒ ගැන අධිකරණයේ සහය පැතිය හැක.

      Source – BBC//

      Delete
  4. Thank you very much Econ. Ah woof... another relief for couple of months... Thank God ! It's good news for most of migrants with SL origin. :)

    Anyway I have a doubt about it;

    ///මේ වසරේ දෙවන කාර්තුව ඇතුළත, එනම් 2019 අප්‍රේල් 1 දින සිට ජූනි 30 දක්වා කාලය ඇතුළත, ඇමරිකානු පුරවැසිකම ස්වේච්ඡාවෙන් අහිමි කරගත් පුද්ගලයින් 609 දෙනෙකුගේ නාම ලේඛනය ///

    What about third and fourth quarters? These Rajapakse rascals are very smart on this kind of conspiracies & they should having a plan B as well instead of this White Van Shark. MR is very cunning.

    Most of my friends whom support UNP are in an opinion that they must ensure UNP candidate must win at any cost, either it costs lives millions of MR gang members (so called Bayyas) even they don't care. They want a peaceful and country to visit as the motherland during their vacation due within couple of years.

    ReplyDelete
  5. සහරාන් කල්ලිය විසින් දිවිපුදා දැමූ "ජාතික ආරක්ෂාව" නම් බිත්තරය මහින්ද විසින් රකිමින් සිට සුමනදාසගේ නැකතින් ගෝටගේ හිසමත තබන ලද නමුදු අහිම්සා වික්‍රමසිංහ ගහපු ගැටේ නිසාදෝ කුකුල් පැටවා එලියට එන පාටක් තවම නොපෙනේ!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: