වෙබ් ලිපිනය:

Sunday, August 18, 2019

අනුර කුමාර දිසානායක


මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ විසින් ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ වත්මන් නායක අනුර කුමාර දිසානායකව නම් කර තිබෙනවා. ඔවුන් ජාතික ජන බලවේගය නමින් ජනාධිපතිවරණයට හා අනෙකුත් ඉදිරි මැතිවරණ වලට ඉදිරිපත් වීමට යන බව කියනවා.

ජාතික ජන බලවේගය නමින් ආවත් එම බලවේගය ඇතුළේ තිබෙන්නේ ජවිපෙම තමයි. එහි වෙනත් කොටස් ඇත්නම් ඒ සියල්ලක්ම ජන බලයක් නැති නාමික සංවිධාන. මේ ආකාරයට පරණ වයින් අලුත් බෝතල් වල දැමීම ජවිපෙට අලුත් දෙයක් නෙමෙයි. එය ජවිපෙ විසින් මීට පෙර වාර ගණනාවක් අත් හදා බලා ඇති දෙයක්.

ඉදිරි ජනාධිපතිවරණය හා අදාළව පළමු බර පියවර තැබුවේ පොදුජන පෙරමුණයි. එම පෙරමුණ විසින් සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂව නම් කරමින් එක වරම ලොකු ගැම්මක් ගත්තා. ඊට පෙර ක්‍රියාත්මක වීමට එජාපය විසින් උත්සාහයක් දැරුවත්, එම පාර්ශ්වයට සිය ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව එකඟතාවයකට පැමිණීමට තවමත් හැකි වී නැහැ. මේ අයුරින් ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධාන ප්‍රතිවාදියා තවමත් සැඟවුණු අමුත්තෙක්ව සිටියදී, ජවිපෙ විසින් ජනාධිපතිවරණය ඉලක්ක කර සැලසුම් සහගත ඉදිරි පියවරක් තබා තිබෙනවා.

සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා හඳුන්වාදීම නාට්‍යානුසාරී ලෙස කිරීමට එම පක්ෂය විසින් විශාල උත්සාහයක් දරා තිබුණා. අවසන් මොහොත තෙක් අපේක්ෂකයාගේ නම රහසක්ව තබා ගැනීමද එහි කොටසක්. එහෙත්, මේ අපේක්ෂකයා අනුර කුමාර හෝ වෙනත් ප්‍රධාන පෙළේ ජවිපෙ නායකයෙක් බවට ඉඟි පළ කෙරී තිබුණා. ජාතික ජන බලවේගයේ සමාරම්භක රැළියට විශාල ජනතා සහභාගිත්වයක් පෙන්වීමටත්, එම බලවේගයට සිංහල, දෙමළ, මුස්ලිම් ජනතා කොටස් වල පුළුල් සහායක් ඇති බව පෙන්වීමටත් ඔවුන් විශේෂ ප්‍රමුඛතාවයක් දී තිබුණා.

පළමු අරමුණ වෙනුවෙන් සිය සාමාජිකයින් හා ආධාරකරුවන් පවුල් පිටින් ගාලු මුවදොර පිටියට ගෙන්වීමට ඔවුන් පෙළඹී ඇති බව සෙනඟ අතර කුඩා දරුවන් විශාල වශයෙන් දැකිය හැකි වීමෙන් පෙනෙනවා. වේදිකාවේ කෙසේ වුවත් සෙනඟ අතර දෙමළ බස තේරුම් ගත හැකි වැඩි දෙනෙකු නැති බව ප්‍රතිචාර වලින් පැහැදිලි වෙනවා. ඒ වගේම, ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස අනුර කුමාරව හඳුන්වා දීමේදී දැකිය හැකි ප්‍රතිචාරයෙන් පෙනෙන්නේ පැමිණි අය අතරින් බොහෝ අය කිසියම් "සර්ප්‍රයිස් එකක්" බලාපොරොත්තුවෙන් සිට අපේක්ෂාභංගත්වයට පත් වූ අයුරකියි.

ජනතා විමුක්ති පෙරමුණ, අනෙකුත් ප්‍රධාන දේශපාලන පක්ෂ වලට සාපේක්ෂව, පුද්ගල චරිත ඉස්මතු කිරීමට වඩා පක්ෂ සාමූහිකත්වයට මුල් තැන දෙනවා. නමුත්, මහ මැතිවරණයකදී මෙන් නොව ජනාධිපතිවරණයකදී අපේක්ෂකයා කවුද කියන එක ප්‍රතිඵලයට සැලකිය යුතු බලපෑමක් කරනවා. ජවිපෙ වැනි පක්ෂයක් විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුද කියන එකෙන් එම පක්ෂයේ මැතිවරණ ඉලක්කය ගැන අදහසක් ලබා ගත හැකියි.

ජවිපෙ පැත්තෙන් බැලූ විට ඔවුන්ගේ තේරීම නරක එකක් නෙමෙයි. මේ ගැන අපේ විග්‍රහය පසුව ඉදිරිපත් කෙරෙනු ඇති.

12 comments:

  1. මට පේන්නෙ ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත්කිරීම වගේ කේන්ද්‍රගත කරුණු සම්බන්ධව ජවිපෙට අත්දැකීම් නෑ. ඔවුන් මෑත ඉතිහාසයේ කරේ අනුන්ගෙ අශ්වයන් වෙනුවෙන් හුරේ දැමීම.
    හැබැයි පසුවී හරි ඔවුන් ඔවුන්ගේම ගමනක් යාමට සුදානම් වීම හොඳ දෙයක්.

    ReplyDelete
  2. මහත්තයා ගෝටභය මහතාට පක්ෂක්ග්‍රාහී ඔහුත් මහත්තයා වගේම ඇමරිකන් පුරවැසියෙක් නිසාද?

    ReplyDelete
    Replies
    1. මා හිතන ආකාරයට ඔහු තවදුරටත් ඇමරිකන් පුරවැසියෙකු නොවේ.

      https://economatta.blogspot.com/2019/08/blog-post.html

      Delete
  3. ජවිපෙ නායකයා ජනාධිපති ඡන්දයකට ඉල්ලන්නේ මේ 1982 ට පසු පළමු වතාවටයි.
    ඔහුට ජය පතමි!

    ReplyDelete
  4. ජයග්‍රහණය කිරීම නොහැකි වූ විට බොහෝ දෙනා කරන්නේ ජයග්‍රහණය ලබාවී යැයි අනුමාන කරන අයගේ කකුලෙන් ඇදීම. මට හිතෙන්නේ අනුර කුමාරට ඕන සිංහල චන්ද කඩන එක.

    ReplyDelete
  5. ගෝටා, සජිත්, අනුර අතුරින් මගේ තේරීම අනුර.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම....

      Delete
    2. අනිවා.. නට් ලූස් ලොන්ත පෝල් මැන්ටල් වලට ප්‍රසිද්ධියේ කියන්න ඉන්න එකම ගැලවුම්කාරයා... ඊට පස්සේ නාගානන්ද වගේ ටික දෙනෙකුත් ඉන්නවා.

      කොහොම හරි මේ වගේ මැන්ටා චරිත අනුර කුමාර දිසානායක මහතාගේ නම විකුණා ෂේප් වී පස්සේ ඡන්දේ දෙන්නේ හොරෙන් හොරෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපයේ නායකත්වයට. ඒකත් මරු... තමුන් බේරිලා අනික් උන්ට මඩ ගැසීම....

      Delete
    3. මගේ තේරීමත් අනුර.යම් විදියකට සජිත් වෙනුවට කරු හෝ වෙනත් අපේක්ෂකයෙක් ආවොත් ඒ ගැන සලකා බලනවා

      Delete
  6. මට නම් තවමත් හිතෙන්නෙම තීන්දු ගන්නට කල් වැඩිය කියලාමයි!

    ReplyDelete
  7. I think it's ok for Anura K to recheck if they are still in 3rd place. For me irreversible damage is done to the brand JVP, by supporting UNP govt.

    First it's UNP/JR sent JVP underground, then UNP/RP killed all leaders. Now JVP supporting UNP, how ironic is the fate of those who killed in the name of JVP?

    Like Nalin Silva said, here is my brother Anura K Wikramasinghe ha ha ha.

    ReplyDelete
  8. මේ අල්ලපනල්ලේ ජාතික ජන බලවේගය නම් අටවා ගත් කණ්ඩායමක් විසින් වික්‍රමසිංහගේ ප්‍රවේනි දාසයා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම් කිරීම මගින් ගම්‍ය කරන්නේ;
    1. ජනාධිපතිවරණය කල් දමා ගැනීමේ උත්සාහය අඩාල වී ඇති බවද ?
    2. එක්සත් ජාතික පක්‍ෂය තුල ඇති නායකත්ව අර්බුධයට ඇති අවධානය අඩු කර ගැනීමද ?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: