වෙබ් ලිපිනය:

Tuesday, September 22, 2020

මාළු නටන කතාවක්!

ශ්‍රී ලංකා රේගුවෙන් ලද තොරතුරු මත බන්දුල ගුණවර්ධන විසින් පාර්ලිමේන්තුවේදී කර ඇති ප්‍රකාශයකට අනුව 2015- 2019 අතර  කාලයේ දී ශ්‍රී ලංකාව රුපියල් බිලියන 38 ක මාළු ආනයනය කර තිබෙනවා. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ දත්ත අනුව අදාළ කාලයේදී ලංකාවේ මාළු හා මාළු නිෂ්පාදන ආනයන වියදම අඩු වශයෙන් මේ කියන ගණන මෙන් පස් ගුණයක්වත් විය යුතුයි. සාමාන්‍යයෙන් මේ දත්ත පදනම් වෙන්නේ රටවල් දෙකකින්ම ගන්නා තොරතුරු මතයි. ඒ නිසා, එක රටකින් ලබා ගන්නා දත්ත වලට වඩා නිවැරදියි.

දත්ත අනුව ලංකාවේ මාළු ආනයන වියදම් වේගයෙන් ඉහළ ගොස් තිබෙන්නේ 2005-2015 කාලයේදී. 2016න් පසුව ආනයන වියදම් ක්‍රමයෙන් අඩු වී තිබෙනවා. 2005-2015 කාලයේදී මේ ආකාරයට මාළු ආනයන වියදම් දෙතුන් ගුණයකින්ම ඉහළ යාම එම කාලය තුළ පොදුවේ ලංකාවේ ආනයන වියදම් විශාල ලෙස ඉහළ යාමේම දිගුවක්. එසේ ආනයන වියදම් විශාල ලෙස ඉහළ යන්න හේතු වුනේ ඒ කාලයේ අනුගමනය කළ විදේශ විණිමය ප්‍රතිපත්තියයි. 

ආනයන වියදම් අඩු කළ හැකි පහසුම ආකාරය රුපියල එය තිබිය යුතු මට්ටමට රැගෙන ඒමයි. එසේ නොකර ආනයන සීමා පැනවීමෙන් සිදු වනු ඇත්තේ භාණ්ඩ හිඟයක් ඇති වීම, මිල විශාල ලෙස ඉහළ යාම හා කළු කඩ ඇතිවීම පමණයි. කහ වලට වෙලා තියෙන්නෙත් ඒකයි.


6 comments:

  1. 2014-2015 ජම්ප් එකට හේතුව ලංකාවෙන් යුරෝපයට මාළු අපනයනයට ලබාදුන් සහන නිසා ප්‍රති අපනයනක වූ නිසාද?

    ReplyDelete
    Replies
    1. එය එක් හේතුවක් වෙන්න පුළුවන්. හරියටම කියන්න බැහැ සංඛ්‍යාලේඛණ නැතිව.

      Delete
  2. 38billion kiyanne dollar 200million withara neda? oba jiyana widiyata sebe wiyadama e wage 5 gunayak kiyanne 1billion dollar?echchara maalu anayanaya karanawada lankawata?

    ReplyDelete
    Replies
    1. 2015- US$ 235 million
      2016- US$ 249 million
      2017- US$ 229 million
      2018- US$ 206 million

      US$ 919 million during 2015-18. It should be more than US$ 1 billion when the 2019 number is added.

      Delete
    2. oh..for 5years. i missed that part.

      Delete
  3. මාළු නටනවා නේන්නං.
    මහා තැන්වල ඇත්තන් 'මාළු කප-කපාම' ඉඳලා නැහැ එහෙනං!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: