වෙබ් ලිපිනය:

Saturday, October 3, 2020

ඩොලර් බිලියනයක් හොයාගත්තේ කොහොමද?


හෙට කල් පිරෙන ඩොලර් බිලියනයක ස්වෛරීත්ව බැඳුම්කරයේ මුහුණත අගය හා කූපන් ගෙවීම් මුදල මහ බැංකුව විසින් ඊයේ පියවා තිබෙනවා. ඒ, කල් පිරෙන දිනය ඉරිදා දිනයක් නිසා. 6.25%ක කූපන් පොලියෙන් අඩක්ද ඊයේ පියවූ සේ සැලකුවහොත් මෙය ඩොලර් මිලියන 1031.25ක මුදලක්.

ඉහත මුදල පියවීම සඳහා මහ බැංකුවේ පවත්වා ගෙන යන නිල සංචිත වල ඇති ඩොලර් රජයට විකුණා ඇති බවට සැකයක් නැහැ. ඒ අනුව, මේ වන විට රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියනයකින් පමණ පහළ ගොස් තිබිය යුතුයි.

මෙවැනි විශාල මුදලක් එකවර ගෙවීම සඳහා නිල සංචිත වල ඇති ඩොලර් යොදා ගැනීම අසාමාන්‍ය දෙයක් නෙමෙයි. එසේ කිරීම වැරැද්දක් කියා කියන්න බැහැ. නිල සංචිත පවත්වා ගෙන යන්නේම ඔය වගේ අවස්ථාවක ප්‍රයෝජනයට ගන්නයි. 

ඇමරිකන් ඩොලරයක විකිණුම් මිල 187.21 සේ සැලකූ විට, රජයට මහ බැංකුවේ ඩොලර් මිලියන 1031.25ක නිල සංචිත (හෝ වෙනත් වාණිජ බැංකුවක තිබෙන ඩොලර්) මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 193ක මුදලක් අවශ්‍ය වෙනවා. වඩා වැදගත් ප්‍රශ්නය රජය ඒ මුදල් හොයා ගත්තේ කොහොමද කියන එකයි.

පෙනෙන ආකාරයට ඉහත මුදලෙන් වැඩි ප්‍රමාණයක් හොයාගෙන තිබෙන්නේ නැවත මහ බැංකුවටම භාණ්ඩාගාර බිල්පත් විකිණීමෙනුයි. පසුගිය සතිය ඇතුළත මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය රුපියල් බිලියන 322 සිට රුපියල් බිලියන  445 දක්වා එකවරම 38%කින් ඉහළ ගොස් තිබෙනවා. 

මේ අනුව පෙනෙන පරිදි ණය ගෙවීම සඳහා අවශ්‍ය වූ ඩොලර් මහ බැංකුවෙන් මිල දී ගැනීමට රජයට අවශ්‍ය වූ රුපියල් බිලියන 193ක මුදලින් රුපියල් බිලියන 123ක්ම නැවත රජයට ලබා දී තිබෙන්නේ මහ බැංකුව විසින්මයි. මහ බැංකුව මේ විදිහට සල්ලි රජයට දෙන්නේ කොහොමද කියන එක රහසක් නෙමෙයි.

14 comments:

  1. රජයේ සල්ලී තින්නේ මහ බැංකුවේ නෙමෙයි ද?
    නිල සංචිත වල මුදල් රජයට විකුණනවා කියන්නේ, පොඩ්ඩක් පැහැදිලි මදී.

    අනිත් කාරණය , ඩොලර් වලින් තියෙන බැදුම් කරය, ඩොලර් සංචිත වලින් කෙලින්ම ගෙවන්න පුලුවන් නේ, ඇයි රජයට විකුණනල සල්ලී මරූ කරලා පියවන්නේ??

    ReplyDelete
    Replies
    1. රජය විසින් මහ බැංකුවේ ගිණුම් පවත්වාගෙන යන නමුත් ඒ ගිණුම් වල සල්ලි නැහැ. මම හිතන විදිහට මහ බැංකුවෙන් රජයට නීතිය අනුව ලබා ගත හැකි උපරිම බැංකු අයිරාවම ලබාගෙනයි තියෙන්නේ (මිලියන 200-250 අතර මුදලක්.) එතැනින් එහාට රජයට මහ බැංකුවෙන් සල්ලි ගන්න වෙන්නේ භාණ්ඩාගාර බිල්පත් විකුණලා.

      ඩොලර් වලින් තියෙන බැඳුම්කරය ගෙවන්න වෙන්නේ ඩොලර් වලින්ම තමයි. රජය ඩොලර් ආදායම් උපයන්නේ නැති නිසා මෙතෙක් කළේ අලුතින් විදේශ ණය අරගෙන ඒ ඩොලර් වලින් පරණ ණය ගෙවන එකයි. දැන් අලුතින් විදේශ ණය ලබා ගැනීම අසීරු වී තිබෙන නිසා රජයට ණය ගෙවන්න ඩොලර් කාගෙන් හෝ මිල දී ගන්න වෙනවා. මහ බැංකුවෙන් පිටත මිලදී ගන්න ප්‍රමාණවත් තරම් ඩොලර් නැති නිසා මහ බැංකුවට සංචිත විකුණන්න වෙනවා. එවිට රජයට එක්කෝ කෙළින්ම මහ බැංකුවෙන් හෝ එසේ නැත්නම් වාණිජ බැංකුවක් මේ ඩොලර් මිල දී ගැනීමෙන් පසුව එම වාණිජ බැංකුවෙන් ඩොලර් මිල දී ගෙන ණය ගෙවන්න පුළුවන්. හැබැයි ඒක කරන්න පුළුවන් වෙන්නේත් රජය සතුව ප්‍රමාණවත් තරම් රුපියල් තිබේනම් පමණයි. දැන් වෙලා තියෙන්නේ ඩොලර් වගේම රුපියලුත් නැති නිසා මුලින්ම රුපියල් හොයා ගන්න සිදු වීමයි. ඒ සඳහා භාණ්ඩාගාර බිල්පත් විකිණුවත් රට ඇතුළේ පුද්ගලයින් හා සමාගම් විසින්ද රජයට ණය දෙන්න සූදානම් නැති නිසා අවසානයේදී භාණ්ඩාගාර බිල්පත් විකුණන්න වෙලා තියෙන්නෙත් මහ බැංකුවටමයි. සිම්බාබ්වේ කඩා වැටෙන්න කලින් අර්බුදයේ මුල් අදියරේදී තිබුණේත් ඔය වගේ තත්ත්වයක්.

      Delete
    2. රජය සතු රත්රන් විකුනන්න බැරිද ගොඩ යන්න?

      Delete
    3. රත්තරන් කියන්නෙත් මහ බැංකුවේ සංචිත වලම කොටසක්. පහුගිය මාස වල මහ බැංකුව රන් සංචිත වලින් කොටසකුත් විකිණුවා. දැන් ඉතිරි වී තිබෙන (අගෝස්තු අවසානයේදී) රන් සංචිත වල වටිනාකම ඩොලර් මිලියන 423.8ක් පමණයි. ඒ ප්‍රමාණය ඉදිරි අවුරුදු තුනේ හරක්මස් ආනයනය කරන්නත් මදි.

      Delete
  2. ණය ශේණිය පහල දැමීම නිසා ණය ගැනීම තවත් අසීරු වෙයි neda

    ReplyDelete
    Replies
    1. දැනටමත් එය සිදු වෙලා ඉවරයි. දැන් වෙළඳපොළෙන් ණය ගන්න බැරි තරම්. ගන්න වෙන්නේ ඉන්දියාව, චීනය, ජපානය වැනි රටකින් ද්විපාර්ශ්වික ණය.

      Delete
  3. ඉකොනොමැට්ට මෙන්න මේක ඇත්ත වෙන්න පුළුවන් ද?

    https://youtu.be/0YCPh2fv0HQ

    ReplyDelete
    Replies
    1. බොහෝ දුරට වෙන්න පුළුවන් පුරෝකථනයක්!

      Delete
  4. lankawe fixed deposit ekakata sallu yawana eka awadaanamakda? rupiyal walin open kale.

    ReplyDelete
    Replies
    1. ඕනෑම ආයෝජනයක අවදානමක් තියෙනවනේ, ඇනෝ. ඒ නිසා අවදානමක් නැහැ කියා කියන්න බැහැ. නමුත්, ඔබ ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකුවක රුපියල් වලින් තැන්පත් කරන මුදලක් අහිමි වෙන්න වෙනදාට සාපේක්ෂව විශාල අවදානමක් තිබෙනවා කියලා මම හිතන්නේ නැහැ. ඒ මුදල් ලංකාවෙන් පිටතට ගේන එක අසීරු වෙන්නනම් තරමක අවදානමක් තිබෙනවා.

      Delete
    2. ne mama ehuwe lankaawe mudal wala watinakama nethi weeme awadanama gena. zimbabwe ehemane une.

      Delete
    3. සිම්බාබ්වේ ඒ තත්ත්වයට එක පාරට ගියේ නැහැ. සිම්බාබ්වේ තත්ත්වයට සාපේක්ෂව ලංකාවේ තත්ත්වය තවම ගොඩක් හොඳයි. නමුත්, ග්‍රීසියේ තත්ත්වයට වඩා නරක මට්ටමකට හෝ ආසියානු අර්බුදය වෙලාවේ එම රටවල් වැටුණු තත්ත්වයට වැටෙන්න බැරිකමක් නැහැ. ඔබ හිතන්නේ විදේශ මුදලකට සාපේක්ෂවනම් වටිනාකම සෑහෙන තරමකින් අඩු වීමේ අවදානමක් තිබෙනවා.

      Delete
  5. Reposting
    My understanding is this rating downgrade will have most serious influence on SLn economy among many bad precedents. There are many who question on the credibility or accuracy of Moody's but the sad truth is whether they are not credible or not they are institutions that whole world look for when evaluating a country. My question is since we are a country that pay debt by obtaining debt, we would run out of options due to this. We have anticipated that for a very long time but it has become a reality due to Covid impact. As we cannot issue sovereign bonds due to this rating we will have to depend on foreign loan to settle debt which I doubt would come easily. As such, a default of foreign loans is quite imminent. Is there any agency to bail out SL in such a situation?. By any chance if we are bailed out the conditions attached would not be to the liking of many people and does any politician or economist has paid attention to such an eventuality? why politicians (including those at opposition) not paying due attention to this grave danger?

    ReplyDelete
  6. නය ගෙවාගන්න බැරිවෙලා බේල් අවුට් එකකට ගියාම නය කැන්සල්වෙනවද? එහෙම වෙනවනම් ඒක හොද දෙයක් නේද

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: