වෙබ් ලිපිනය:

Thursday, March 10, 2022

දෙසිය තිහට දෙසිය හැටක් රුපියල් බෝ වේවා!


මහ බැංකුව විසින් රුපියල අවප්‍රමාණය කරන්න තීරණය කරලා දවසක් යද්දී ඩොලරය රුපියල් 260 දක්වා ගිහින්. මෙයින් පෙනෙන්නේ එක පැත්තකින් හතර අතේ නෙලනවා ඇරෙන්න ආණ්ඩුවට කිසිදු සැලැස්මක් නැති බව. අනෙක් පැත්තෙන් මහ බැංකුව හා ආණ්ඩුව අතර නිසි සම්බන්ධීකරණයක් නැති බව. 

ඊයේ මහ බැංකුව විසින් කරන්න අදහස් කර තිබුණේ ඩොලරය රුපියල් 230 දක්වා යන්න ඉඩ අරින එක මිසක් රුපියල පා කිරීම නොවන බව ඉතා පැහැදිලියි. මහ බැංකු නිවේදනයේ ඒ බව සංඥා කර තිබුණා. එහි කියා තිබුණේ ඩොලරය රුපියල් 230 සීමාවේ රඳවා ගන්නා බව නෙමෙයි කියා දැන් ඕනෑනම් තර්ක කරන්න පුළුවන්. මමනම් හිතන්නේ ඊයේ අපේක්ෂා කළේ ඒකම තමයි.

සාමාන්‍යයෙන් වාණිජ බැංකු හා මහ බැංකුව අතර හොඳ සන්නිවේදනයක් සිදු වෙනවා. මහ බැංකුව කියන දේ පැහැදිලි නැත්නම් ඉතා පහසුවෙන්ම දුරකථන ඇමතුමක් දීලා අදහස් කළ දේ පැහැදිලි කරගන්න පුළුවන්. ඒ වගේම, ලංකාවේ අන්තර්-බැංකු වෙළඳපොළ කෙරෙහි රාජ්‍ය බැංකු වලට විශාල බලපෑමක් කළ හැකියි. මහ බැංකුව විසින් ඩොලරය නිදහස් කිරීමෙන් පසුව වුවත් රාජ්‍ය බැංකු හරහා වක්‍ර ලෙස ඩොලරයේ මිල පාලනය කරන්න පුළුවන්.

ඊයේ සහ අද රාජ්‍ය බැංකු වල හා අනෙකුත් ප්‍රධාන වාණිජ බැංකු වල හැසිරීමෙන් පෙනෙන්නේ ඩොලරයේ මිල ඊයේ දවස තුළ රුපියල් 230 දක්වා යන්න ඉඩ ඇරලා, අද ඒ සීමාව රුපියල් 260 දක්වා උස්සා ඇති බවයි. හෙට වන දෙය බලන්න වෙන්නේ හෙටයි. 

මහ බැංකුවට අනුව අද දිනයේ වාණිජ බැංකු වල ඩොලරයක බරිත සාමාන්‍ය විකිණුම් මිල රුපියල් 259.9999යි. ගැනුම් මිල 249.9603යි. මේවා මාර්ගෝපදේශිත අනුපාතික (guided rates) බව බැලූ බැල්මටම පේනවා. අද දිනයේ උත්සාහ ගෙන තියෙන්නේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 250 සීමාවේ හා විකිණුම් මිල රුපියල් 260 සීමාවේ තියා ගන්නයි. ඇතැම් වාණිජ බැංකු වල විකිණුම් මිල මීටත් වඩා වැඩියි. ගැණුම් මිල මීට වඩා අඩුයි. නමුත්, වෙළඳපොළ සාමාන්‍ය තත්ත්වය මේකයි. 

ඉකොනොමැට්ටා වසර ගණනාවක සිටම විණිමය අනුපාතය අවප්‍රමාණය කළ යුතු බව දිගින් දිගටම කියූ අයෙක් බව මෙය කියවන බොහෝ දෙනෙක් දන්නවා. එසේ කිවුවේ ක්‍රය ශක්ති සාම්‍යය මත පදනම්වයි. ක්‍රය ශක්ති සාම්‍යය මත පදනම්ව බැලුවොත් ඩොලරයක ගැනුම් මිල රුපියල් 250 සීමාවේ හා විකිණුම් මිල රුපියල් 260 සීමාවේ තිබීම යෝග්‍ය තත්ත්වයක්. මේ තීරණය කලින් ගත්තානම් විශාල ඩොලර් ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකිව තිබුණා. 

ඒ නැති වුනු ඩොලර් දැන් නැවත ලැබෙන්නේ නැහැ. ගිය නුවණ ආපහු අද්දගන්න දැන් නැදුන්ගමුවේ ඇතාත් නැහැ. එසේ වුවත්, පමා වී හෝ ගත් මේ තීරණය හොඳ තීරණයක්. 

ලංකාවේ රුපියල එක වර වැඩියෙන්ම අවප්‍රමාණය වුනේ 1977 නොවැම්බර් 15 වනදා ඒ වන තුරු පැවති ද්විත්ව විණිමය අනුපාත ක්‍රමය අහෝසි කළ විටයි. එවර ඩොලරයක නිල මිල ආසන්න වශයෙන් දෙගුණ වුනා. ඒ වන විට නිල විණිමය අනුපාතය ඩොලරයකට රුපියල් 7.89ක් වුවත්, ඒ මිලට ඩොලර් ලබා ගත හැකි වූයේ අත්‍යාවශ්‍ය ආනයන සඳහා පමණයි. අනෙකුත් කටයුතු සඳහා ඩොලර් මිල දී ගැනීමේදී 65%ක අධිභාරයක් ගෙවිය යුතු වුනා. කළු කඩ මිල ඊටත් වඩා වැඩි වුනා. 

ද්විත්ව විණිමය අනුපාත ක්‍රමය අහෝසි කර ඩොලරයක මිල රුපියල් 16.00 දක්වා අවප්‍රමාණය කිරීමෙන් පසුව පාලිත තත්ත්වයන් යටතේ  ඩොලරය පා කිරීමෙන් පසුව 1977 වසර අවසාන වන විට ඩොලරයක විකිණුම් මිල රුපියල් 15.59 දක්වාත්, ගැණුම් මිල රුපියල් 15.33 දක්වාත් ඉහළ ගියා. අධිභාරයද සමඟ රුපියල් 13.02ක් වූ ඩොලරයක මිල සැලකුවහොත් එම මිල රුපියල් 16.00 වීමේදී රුපියල අවප්‍රමාණය වුනේ 20%කට වඩා අඩුවෙන්.

ඉන් පසුව ඩොලරයක මිල එක වර විශාල ලෙස ඉහළ ගියේ 2001 ජනවාරි 23 දින ඩොලරය පා කිරීමෙන් පසුවයි. රුපියල් 80 පමණ මට්ටමක තිබුණු ඩොලරය පා කිරීමෙන් පසුව රුපියල් 96 පමණ මට්ටමකට ඉහළ ගොස් පසුව රුපියල් 88ක පමණ මට්ටමක ස්ථාවර වුනා. මේ ගණන් මට හරියටම මතක නැතත් එවර රුපියල අවප්‍රමාණය වුනේ 10%කට මඳක් වැඩි ප්‍රමාණයකින් පමණයි.

මගේ විශ්වාසය වන්නේ ඊයේ ඩොලරය නිදහස් කරන්නට පෙර මහ බැංකුව විසින් 1977දී හා 2001දී සිදු වූ දෙය පූර්වාදර්ශ සේ සලකමින් ඩොලරයේ මිල 15%කට වඩා ඉහළ නොයවා පාලනය කර ගන්නට හැකි වනු ඇතැයි සිතන්නට ඇති බවයි. එහෙත්, අද රටේ තත්ත්වය 1977 තත්ත්වයට වගේම 2001 තත්ත්වයටද වඩා බොහෝ දරුණු තත්ත්වයක්. 

ඩොලරය පා කිරීමට හේතු වූ 2001 ගෙවුම් ශේෂ අර්බුදයට ලංකාවට මුහුණ දීමට සිදු වුනේ ලංකාවේ හා ඇමරිකාවේ සිදු වූ ත්‍රස්තවාදී ක්‍රියා දෙකක ප්‍රතිඵලයක් ලෙසයි. එම වසරේ පළමු කාර්තු දෙක තුළ ආර්ථිකය සාමාන්‍ය පරිදි වර්ධනය වුවත්, ජූලි මාසයේදී කටුනායක ගුවන් තොටුපොළට හා ගුවන් හමුදා කඳවුරු වලට එල්ල වූ ප්‍රහාර වලින් පසුව රක්ෂණ හා ප්‍රවාහන ගාස්තු ඉහළ ගොස් ආනයන හා අපනයන වෙළඳාමට මෙන්ම සේවා වෙළඳාමටද විශාල බලපෑමක් සිදු වුනා. එහි හානියෙන් යාන්තමින් ගොඩ එමින් සිටියදී කොරේ පිටට මරේ කීවාක් මෙන් සැප්තැම්බර් මාසයේදී ඇමරිකාවේ ලෝක වෙළඳ සංකීර්ණයට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වුනා. ගුවන් ගමන් රෙගුලාසි දැඩි වී ප්‍රවාහන පිරිවැය ඉහළ ගියා. ලංකාවේ ඇඟලුම් වලට ඇමරිකාවේ හා යුරෝපයේ වූ ඉල්ලුම අඩුවුනා.

නිදහසින් පසු පළමු වරට ආර්ථිකය සංකෝචනය වූ 2001 වසරේදී එය එසේ සිදු වීමට ප්‍රධානම හේතුව වසරේ දෙවන අර්ධය තුළ ආනයන අපනයන වෙළඳාම පහත වැටීමයි. ආනයන අපනයන වෙළඳාමේ වූ අඩුවීම නොවන්නට එම වසරේදීද ආර්ථික වර්ධනය ධන අගයක්. ගෙවුම් ශේෂ අර්බුදයට හේතු වූයේ මේ නිසා රටේ ඇති වූ තාවකාලික ඩොලර් හිඟයයි. විණිමය අනුපාතය පා කිරීමෙන් පසුව රටට ඩොලර් ගලා විත් ප්‍රශ්නය විසඳුනා.

දැන් රටේ ප්‍රශ්නය 2001දී පැවති ආකාරයේ තාවකාලික ප්‍රශ්නයක් නෙමෙයි. මෙය කාලයක් තිස්සේ ගොඩ නැගුණු ආකෘතිමය ප්‍රශ්නයක්. ප්‍රශ්නය විසඳීම සඳහා විණිමය අනුපාතය පා කළ යුතු වුවත්, එය අනිවාර්ය අවශ්‍යතාවයක් මිසක් කිසිසේත්ම ප්‍රමාණවත් අවශ්‍යතාවයක් නෙමෙයි. අර්බුදයෙන් ගොඩ යාම සඳහා විණිමය අනුපාතය පා කිරීමෙන් අනතුරුව තවත් බොහෝ දේ කළ යුතුයි.

දින දෙකක කාලයක් තුළ මුදල් ඒකකයක වටිනාකම 25%කින් පමණ අඩු වීම ලංකා ඉතිහාසය වගේම ලෝක ඉතිහාසය දිහා බැලුවත් සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. මුදලක වටිනාකම එකවර එපමණ අඩු වීම දුලබ සිදුවීමක්. ඩොලරයේ මිල 260 මට්ටමේ නවතියි කියන එක පිළිබඳවත් කිසිම සහතිකයක් නැහැ. කොහොම වුනත්, ඩොලරයේ මිල රුපියල් 230 මට්ටමේ රඳවා නොගෙන රුපියල් 260 දක්වා යන්න ඉඩ දුන්නා කියන එකෙන් පෙනෙන්නේ රුපියලට පාවෙන්න ඉඩ දෙන තැනට ආණ්ඩුව හා මහ බැංකුව පත් වී සිටින බවයි.

මේ තීරණයෙන් පසුව ස්වෛරිත්ව බැඳුම්කර වෙළඳපොළේත් ක්ෂණික හැරවුමක් පෙනෙන්න තිබෙනවා. නැවත බැඳුම්කර වෙළඳපොළ වෙත යා හැකි තත්ත්වයක් ඇති බව එයින් කෙසේවත් අදහස් නොවෙතත් යාන්තමින් හෝ විශ්වාසය ගොඩ නැගීමක් මෙයින් ප්‍රදර්ශනය වෙනවා.

ඩොලර් එක පා කළා කියන්නේ ලෝක විනාසයද? ඊයේ සහ අද මිල ඉහළ ගිය සෑම්පලේට දවසට රුපියල් 30 ගාණේ ඉහළ ගිහින් ඩොලරයක මිල රුපියල් පන්සීයට විතර යයිද? 

නෑ. එහෙම වෙන්නේ නැහැ. ඔය මිල තව ටිකක් ඉහළ ගිහින් ස්ථාවර වෙයි. බොහෝ විට තුන් සීය පනින එකක් නැහැ. හැබැයි ඩොලර් එක පා කළා කියලා ආර්ථිකයේ තියෙන අට අනූවක් නිදන්ගත රෝග, නව අනූවක් ව්‍යාධි, දෙසිය තුනක් අතුරු ආන්තරා සියල්ල එක රැයින් සමනය වෙන්නේ නැහැ. දැන් ඒවා ගැන හිත යොමු කළ යුතුයි. 

ඊට කලින් හෙට වෙන්නේ මොකක්ද කියලා බලා ඉඳිමු. දෙසිය හැටේ නැවතිලා තියෙන්නේ මහ බැංකුවේ මාර්ගෝපදේශනය යටතේනම් හෙට තව ටිකක් මිල ඉහළ යයි. එහෙම නැත්නම් හෙට වෙද්දී මිල ස්ථාවර වෙන්න පුළුවන්.

47 comments:

  1. මහ බැංකුව විනාශ කරන කබර රිළව ඩොලර් එක 230 තියාගෙන ඉන්න උත්සාහ කලා ඒත් මොළ හතේ අටපාස් කපුටාස් වෙනමම පෞද්ගලික අංශයේ ආර්ථික උපදේශකයන් කියලා හොර රැලක් එක්ක සාකච්ඡාවක් පවත්වා ඩොලර් එක නිදහසේ පා කරන්න කියලා තියෙනවා කබරයාට බැනලා කියලත් කියනවා.

    ජවිපෙ ජාතික ජන බලවේගය මේ ගැන හොඳ පැහැදිලි කිරීමක් කරල තියෙනවා මම හිතන්නේ YouTube එකේ ඇති ලංකාවේ නිව්ස් චැනල් වල ඒක නැගල ගියා. IMF එකෙන් ලෝන් ගන්න ඕන කමට අට පාස් කපුටාස් මොළ 7 තේ ඇමරිකානුවා රට ඕන කමින් අන්නනවා. පෝලිම් හිඟතාවන් කළු කඩ ඇති කරලා මිනිස්සුන්ගේ හිත් ඇතුලේ ක්‍රමය වෙනස් කිරීමට මනස විකෘති කරනවා, අන්තිමට වෙන කිසිම විදිහකින් විසඳුමක් නෑ කියලා IMF ණයක් ඉල්ලලා ඊට පස්සේ IMF කොන්දේසි අනුව අධ්‍යාපනය, සෞඛ්‍යය සේවා, ඉන්ධන සැපයීම, ගමනාගමනය, ඉඩම්, ජල සම්පත්, විදුලි බලය පෞද්ගලිකකරණය කර ඇමරිකානු සහ බටහිර සමාගම් වෙත පාවා දීම, රාජ්‍ය සේවය මරා දැමීම වැනි දුර්දාන්ත ක්‍රියා සිදුවනු ඇති විමල් ගමන්පිල ඇතුළු කල්ලියටත් ඇරලා එලවලා දැම්මේ මේකට තමයි. ලංකාව ආයේ ගොඩ දාගන්න බැරි ලෙස විනාශ කරලා ඇමරිකන් හොර හැත්ත කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් හොරකම් කරල මව් රට වෙච්ච ඇමරිකාවට පනිනවා ඒක 100% ෂුවර් නොදකින් කාලකන්නි හැත්ත.

    ReplyDelete
    Replies
    1. පේරාදෙණිය උගන්ඩාවටත් පහලින් ලංකාවේ හොඳම විශ්ව විද්‍යාලය ලෙස සැලකෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලය අප්‍රිකාවේ නොදියුණු රටක් ලෙස සැලකෙන උගන්ඩාවේ මකිරෙරේ විශ්වවිද්‍යාලයටත් වඩා පහලින්

      by සුපුන් පෙරේරා

      ලංකාවේ හොඳම විශ්ව විද්‍යාලය ලෙස සැලකෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලය අප්‍රිකාවේ නොදියුණු රටක් ලෙස සැලකෙන උගන්ඩාවේ මකිරෙරේ විශ්වවිද්‍යාලයටත් වඩා ගුණාත්මක භාවයෙන් පහලින් සිටින බව හෙළිවේ. ලෝකයේ තිබෙන විශ්වවිද්‍යාල අතර 2011 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට හිමිවී තිබෙන්නේ 2200 වන තැන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති එස්‌. බී. එස්‌. අබේකෝන් මහතා විසින්ම පිළිගෙන තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය වෛද්‍ය වජිර වීරසිංහ, ඉංජිනේරු පීඨාධිපති මහාචාර්ය එස්‌.බී. වීරකෝන්, ශාස්‌ත්‍ර පීඨාධිපති මහාචාර්ය අනෝමා අබේරත්න යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී උපකුලපතිවරයා මේ බව අනාවරණය කරනු ලැබිය. අධ්‍යාපනික ගුණාත්මක භාවය , විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයේ අධ්‍යාපන සුදුසුකම්, සිදු කරන ලද පර්යේෂණ සහ විද්‍යාත්මක ලිපි හා ග්‍රන්ථ පළකිරීම වැනි කරුණු සමාලෝචනයෙන් සෑම වසරකම ලෝකයේ විශ්ව විද්‍යාල පිළිබඳව ශාස්ත්‍රඥ ඇගයීමක් සිදු කරන කරන අතර සෑම විශ්ව විද්‍යාලයකටම නිශ්චිත ඇගයුම් අංකයක් ලැබේ. එය World University Ranking නමින් හැඳින්වෙන අතර පසුගිය වසර 30 ඇතුලත ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ඉතා අඩු ලකුණු ලබාගනිමින් ක්‍රම ක්‍රමයෙන් පහතට ම වැටී තිබේ. ජගත් විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ලෝකයේ සාක්ෂරතාවයෙන් අඩු රටවල් වලටත් වඩා පහල මට්ටමක තිබෙන අතර අප්‍රිකාවේ උගන්ඩා රාජ්‍යයේ සහ සිම්බාබ්වේ රාජ්‍යයේ විශ්වවිද්‍යාල ලංකාවේ විශ්වවිද්‍යාලද අභිබවා ගොස් තිබේ. 2011 ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව උගන්ඩාවේ මකිරෙරේ විශ්වවිද්‍යාලය 1062 ස්ථානය දරන අතර කොළඹ විශ්ව විද්‍යාලය 2690 ස්ථානයද රුහුණ විශ්ව විද්‍යාලය 2552 ස්ථානයද නියෝජනය කරයි. ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය ඉතාමත් පහළ 4189 ස්ථානයට පත් වී තිබේ.

      | ගුණාත්මක බවින් තවත් පහළට වැටෙන ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල - [සුපුන් පෙරේරා]

      Delete
    2. 'ලංකාවේ හොඳම විශ්ව විද්‍යාලය ලෙස සැලකෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලය අප්‍රිකාවේ නොදියුණු රටක් ලෙස සැලකෙන උගන්ඩාවේ මකිරෙරේ විශ්වවිද්‍යාලයටත් වඩා ගුණාත්මක භාවයෙන් පහලින් සිටින බව හෙළිවේ.'

      -හුකා ඉකොනෝමැට්ටාත් පේරාදෙනියෙන් නේද ?

      Delete
    3. අබේකෝන්, වීරකෝන්, 2011, අයියෝ සිරිසේන.

      Delete
  2. IOC එකට කෙලවලාම දාන්න නේද හදන්නේ

    මිනිස්සු ඉන්දියන් කාරයොන්ට සල්ලි පූජා කරන එක නවත්තලා ම දායි ����
    ඊටපස්සේ අකුලගෙන යයි ����
    සිපෙට්කෝ කිසි වෙනසක් නොවෙද්දි වෙන දේ තේරුම් ගන්න බෑද ����
    මේක අපේ රට වෙන රටවල් වල උන්ට කන්න හාල් නෑ මේකේ ����
    අවුරුදු 70 ගානක් රට කරපු උන් මේකේ ඉන්දියන් උන්ට බිස්නස් කරන්න දුන්නා දැන් නීතියෙන් උන්ව එලවන්න බෑ නම් එපා කරවල හරි උන්ව බංකොලොත් කරලා එලවන්න ඕන. අනාගතේ සුබයි ලාංකිකයින්ට. සිපෙට්කෝ වගේ තව ඒව දාලා අඩුවට තෙල් දෙමු සියලුම විවසයකයන් එකතු වෙන්න.

    ReplyDelete
  3. //දින දෙකක කාලයක් තුළ මුදල් ඒකකයක වටිනාකම 25%කින් පමණ අඩු වීම ලංකා ඉතිහාසය වගේම ලෝක ඉතිහාසය දිහා බැලුවත් සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි.//

    අන්න බලන් සකි - මෙන්න බලන් සකි
    එතැනත් අපි මුලටම එනවා
    හොඳට කළේ අපි - කටේ නරි වදන්
    රෙද්ද පල්ලෙනුත් බේරෙනවා!

    ReplyDelete
  4. කොහොමද ඒ දවස් වල අල ලාබද ලූණු කීයද අහල මීහරක් ගොං බයියො ෆෝම් කරල චන්ද ටික කඩා ගත්තු වලේ පයක් තියන් නටන නාකි මයින දැන් කියයි රුසියාව යුක්‍රේනෙට ගහන නිසා උත්තර ධ්‍රැවේ ග්ලැසියර් දියවෙන නිසා ගෝලීය උණුසුම වැඩි වීම නිසා අපේ රටට අර්බුදේලු ඉවසල ඉන්ඩලු. බැරි වෙලා හරි මේ නාකි මයින විපක්සෙ උන්න නම් කොහොම ගිනි තිවිල්ලක් තිය‍යිද රට බලේ ගන්ට.

    //ලංකාවේ මහ බැංකුව විසින් ඇමරිකානු ඩොලරයක් ඉදිරියේ ශ‍්‍රී ලංකා රුපියල නිදහසේ පාවීමට ඉඩ දීමත් සමග ඇති වූ අධික අවප‍්‍රමාණය අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 249.96ක් වන අතර විකිණුම් මිල රුපියල් 259.99කි. මෙය ලක් ඉතිහාසයේ එතෙක් මෙතෙක් ඩොලරයක් සදහා නිල වශයෙන් ලබා දෙන ඉහලම අගය වන අතරම මෙයත් සමග ඇති වී තිබෙන බරපතල අර්බුදකාරී ආර්ථික තත්ත්වය මත ඉන්ධන මිල හා විදුලි ගාස්තු වහා ඉහළ දමන ලෙස ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් රජයට නැවත වතාවක් නිර්දේශ කර තිබේ. ඩොලරයේ මිල මෙම ප්‍රමාණයෙ ඉහළ යාම මත ඉන්ධන, විදුලි, ජල ගාස්තු අනිවාර්යෙන්ම ඉහළ යන බව ද අඩුම කරමින් එම ප්‍රමාණය මෙම අවප‍්‍රමාණයට සාපේක්ෂව 25% මිල ඉහල යාමක් වනු ඇති බවද ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් 10.03.2022 මධ්‍යම රාත්‍රියේ සිට මිල වැඩි කිරීම සමග පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 254ක් සහ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 214කි. මෙය ලංකා ඉතිහාසය ඉන්ධන මිල ඉහල දමනලද වැඩිම අගයද වෙයි. එමෙන්ම ණය කාඩ්පත් මත අය කළ පොලිය සියයට විස්සක් දක්වා ඉහළ දැමීමට මහ බැංකුව කටයුතු කර ඇත. ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය ද මහ බැංකුව විසින් ඉහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව එම ණය පහසුකම් අනුපාතිකය පදනම් ඒකක 100 බැගින් ඉහල නංවා ඇති බව මහ බැංකුව සඳහන් කරයි. ඒ අනුව ස්ථාවර තැන්පතු පහසුකම් සඳහා අනුපාතිකය 6.5% දක්වා ද ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය 7.5% දක්වා ද ඉහළ යනු ඇති.//

    ලංකාවේ අමු ගොන් රට මීහරක් අමු කාලකණ්ණි තැරිදාර පුන්නක්කු බූරු බෛයො තටමලා හදාගත්ත අමන පාණ්ඩුවේ හොර රැල මාර ගොන් ආතල් දෙන්නේ..������ තේරුමක් නැති , ප්‍රතිපලයක් නැති වැක්සීන් වලට ඩොලර් කෝටි ගනං නාස්ති කරලා රට ට කෙලවපු පොහොට්ටුව කියන්නේ රටටම සාපයක්.

    මේක බලන අමු මැටි මීහරක් ගොං බෛයනේ දැන් ශැපද ? සැ... ප... ද...?

    :D :D :D

    ඇත්තටම ඔහොම නෙමෙ තොපිට තව අරින්න ඔනේ වැලි දාලා. උදේ පාන්දරම අලි වංසෙන් පූපවල් උඩදාගෙන ගිහින් ඇමෙරිකාවේ ශෙඩ් වල පෙට්‍රොල් ගහපු වළං හෝදපු කුලී වැඩ කරපු මෝඩ මීහරක් ගෙනල්ලා මහ පුටුවල වාඩී කරලා මොකද වෙලා තියෙන්නේ?

    ජාතික ජන බලවේගයේ බූරුපුතායි උසස් පෙළ අසමත් හර්ශ හොරාචාරියලා වගේ උනුත් ඔච්චර තමයි, නැවතත් ඉන්ධන මිල පහළ දැමිය හැකි වන්නේ ජාතික ජන බලවේගයේ ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි.

    ReplyDelete
  5. ඔබ පෙර ලිපියක සඳහන් කළ පරිදි ඩොලර් එක පාකළ විට එන රුපියල් ප්‍රශ්නය ආර්ථිකයට කෙසේ බලපායිද? පේන විදිහට ආණ්ඩුව හෝ මහ බැංකුව එම ප්‍රශ්නය ගැන හිතලවත් නැද්ද?

    ReplyDelete
    Replies
    1. @ Anonymous March 10, 2022 at 11:18 PM

      සරලවම කිව්වොත් ලංකාව වැනි රටවල මුදල අවප්‍රමාණය කළ විට එහි වාසිය විදෙස් රටවලටයි. එවිට ඔවුන්ට අඩු මුදලක් දී වැඩිපුර භාණ්ඩ ප්‍රමාණයක් අපෙන් ගත හැකියි. ඔතනදි වෙන්නේ ලංකාවේ ශ්‍රමිකයින් මෙන්ම අමුද්‍රව්‍ය/ භාණ්ඩ එක්තරා විදියකින් නිසි මිලට වඩා අඩු මිලකට විදේශිකයින් විසින් අවභාවිතා කිරීමක්, වාමාංශික අදහසින් නම් සූරාකෑමක්.

      මීට අමතරව විදේශ රැකියාවල නිරත ලාංකිකයන්ට එළඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් ඩොලර් සඳහා විශේෂ දිරි දීමනාවක් ලබාදීමට රජය පියවර ගෙන ඇති බවත් විදේශ ශ්‍රමිකයන් දිරි ගැන්වීමට අවධානය යොමු කරමින් රජය එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් විගමන ප්‍රේෂණ සඳහා ලබාදෙන දීමනාව ඉහළ නැංවීමට තීරණය කළ බව මුදල් අමාත්‍යාංශය පවසල තියෙනවා. ඒ අනුව විදේශ ශ්‍රමිකයන් ලංකාවට ප්‍රේෂණය කරන විදේශ විනිමය රුපියල් බවට පරිවර්තනය කිරීමෙන් පසු එසේ පරිවර්තනය කරන ලද අමෙරිකානු ඩොලරයකට රුපියල් 20ක දිරි දීමනාවක් ලබාදීමට රජය තීරණය කරලා තියෙන්නේ, මෙය කෙසේ ආර්ථිකයට බලපාවිද කියන එක වෙනමම කරුණක්.

      හවාලා (උන්ඩියල්) නම් දවස් ගානක් යන්නේ නැහැ, එවෙලෙම, ක්ෂණික නූඩ්ල්ස් වගේ, වීඩියෝ කෝල් එකෙන් බලාගෙන ඒ රටේ එකා මගේ එකාට සල්ලි දෙනවා, මම උගේ මෙහේ ඉන්න ඒජන්ට් ට සල්ලි දෙනවා, ඒ වෙලාවෙම වැඩේ ක්ලෝස්, දැන් ගොඩක්ම වට්සැප් එකෙන් වැඩේ වෙන්නේ, විශ්වාසය ගැන ප්‍රශ්නයක් නැහැ, මොකද වැඩේ වෙන්නේ රියල් ටයිම්. බැංකුවට ඔන්ලිනෙ බන්ක් ට්‍රන්ස්ෆෙර් (Online Bank Transfer) එකක් දැම්මාම, බැංකුවෙන් ඩොලර් 25ක ගාස්තුවක් ගත්තා. ඊට පස්සේ ලංකාවෙ මහ බැංකුවේ රටෙ එකට ඩොලර් මාරු කරලා රුපියල් වලින් අපේ ලංකාවේ ගිණුමට රුපියල් වැටුනා. ඒකට දවස් 2 ක් විතර යනවා, ඒකේ බෙනෙෆිට්ස් කීපයක් තියෙනවා, එකක් විශ්වාසය; සල්ලි ටික අනිවාර්යයෙන් බැංකුවට යනවා කියලා දන්නවා. අනික නීත්‍යානුකූල භාවය. හිතට වරදකාරි හැඟීමක් දැනෙන්නේ නෑ. ඒ වගේම මම අපේ මවු රටට විදේශ විනිමය යැව්වා කියලා දැනෙන තෘප්තිය.

      හැබැයි හවාලා වලදි කරන්නේ අපි ඉන්න රටේම ඉන්න කෙනෙකුගේ ගිණුමට අපි ඩොලර් ටික යවනවා. එයා ඒ ගාණට හරියන්න බැංකුවෙන් දෙන ගාණට වඩා රුපියල් ගණනක් වැඩිපුර දෙන්න පොරොන්දු වෙනවා. එයාට අපි දෙනවා ලංකාවේ ගිණුම් අංකය. එයාගේ කෙනෙක් ලංකාවේ ඉන්නවා. දවස් කීපයක් ඇතුලත අපේ ලංකාවේ ගිණුමට රුපියල් දානවා. ඕක තමයි හවාලා (උන්ඩියල්) එකේ සරළම ක්‍රමය. ඔය ක්‍රමයට පිට පැනපු වෙන වෙන ක්‍රම හැදිලා තියෙනවා.

      Delete
    2. # AnonymousMarch 11, 2022 at 1:37 AM

      කවුද තමුන්ගේන් උත්තර ඇහුවේ. මම අහලා තියෙන්නේ ඉකොනොගෙන්. අදාල නැති ඒවාට හොට දාන එක පරම්පරාවෙන් ආපු පුරුද්දක්ද?

      Delete
    3. //පේන විදිහට ආණ්ඩුව හෝ මහ බැංකුව එම ප්‍රශ්නය ගැන හිතලවත් නැද්ද?//

      මෙය තීරණ ගන්නා අය හිතන ආකාරය පිළිබඳ ප්‍රශ්නයක් නිසා මට අදහස් පළ කළ හැක්කේ අභ්‍යන්තර තොරතුරු කිසිවක් නොදන්නා, පැත්තක සිටින නිරීක්ෂකයෙකු ලෙස පමණයි. ඇත්තටම කියනවානම් මේ "පිරමිඩ් ආකෘතිය" මහ බැංකුව පැත්තෙන් ආපු එකක්. මට මතක විදිහට 2012දී පමණත් ඉතා සුළුවෙන් ආණ්ඩුවේ රජය පාර්ශ්වය හා ආණ්ඩුවේ මහ බැංකු පාර්ශ්වය අතර යම් ගැටුමක් තිබුණා (මම කියන දේ තේරෙනවනේ). මහ බැංකුව විණිමය අනුපාතය එකතැන තියාගෙන සිටීමට එකඟ නොවෙමින් අයවැයෙන් විණිමය අනුපාතය අවප්‍රමාණය කිරීමට යෝජනා කළා. විණිමය අනුපාතය පහළින් තියා ගැනීමෙන් වැඩි වාසියක් තියෙන්නේ මහ බැංකුවට. මහ බැංකුවේ රස්සාව උද්ධමනය පාලනය කිරීම. එය කළ යුතු නියම ක්‍රමය සල්ලි අච්චු ගැසීම පාලනය කිරීමයි. ඒ වැඩේ හරියට කළ නොහැකි විට විණිමය අනුපාතය පහළින් තියා ගැනීම හරහා ඇමරිකානු මහ බැංකුව මත piggy back කර බැරිකම වසා ගත හැකියි. රජයට ඇත්තටම වාසි විණිමය අනුපාතය අවප්‍රමාණය වන තරමටයි. විණිමය අනුපාතය අවප්‍රමාණය වන විට රජයේ රුපියල් ප්‍රශ්නය යම් තරමකින් හෝ විසඳෙනවා. මහා භාණ්ඩාගාරයේ රස්සාව ටිකක් හෝ ලේසි වෙනවා. එහෙත් මහ බැංකුවේ රස්සාව අමාරු වෙනවා. හැබැයි මේකේ තවත් පැත්තක් තිබෙනවා. (ආර්ථික විද්‍යාවේදී මේ විදිහට වෙනත් පැති ගැන කියන එකෙන් අදහස් වෙන්නේ වෙන දේ ගැන හරියටම අදහසක් නැහැ. කියන එක නෙමෙයි. ඔය හැම දෙයකම සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය අනුව වෙන දේ තීරණය වන බවයි.) මහ බැංකුවට උද්ධමනය පාලනය කිරීම සඳහා තිබෙන ප්‍රධානම උපකරණය පොලී අනුපාතිකයි. පොලී අනුපාතික වැඩි කරනවාට රජය පාර්ශ්වය කැමති නැහැ. මොකද එහිදී භාණ්ඩාගාර ලේකම්ගේ රස්සාව අමාරු වෙනවා. ඔය ගැටුම අලුත් එකක් නෙමෙයි. මේ දෙවන ප්‍රශ්නය මේ වන විටත් තියෙනවා. හරිනම් පොලී අනුපාතික 17-20% මට්ටමට වැඩි කළ යුතුයි. එය දැන්ම නොකර අනාගත උද්ධමනය පාලනය කරන්න බැහැ. නමුත් පොලී අනුපාතික වැඩි කළ විට රජයේ වියදම් ඉතා විශාල ලෙස ඉහළ යනවා. පසුගිය කාලයේ විකුණා තිබෙන භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රමාණය අනුව මෙසේ වැඩි වන වියදම පෙර නොවූ විරූ තත්ත්වයක්. මේ තත්ත්වය යටතේ තත්ත්වය පාලනය කර ගැනීම සඳහා විශාල ලෙස රජයේ වියදම් කැපීම හා බදු වැඩි කිරීම වැනි දේ කරන අතරම වුවත් කෙටිකාලීනව තවත් විදේශ ණය ගන්නම වෙනවා. ඒ සඳහා විශ්වාසය ගොඩ නගා ගත යුතු වෙනවා. මේ වෙලාවේ එය කළ හැකි පහසුම ක්‍රමය IMF යාමයි. මම හිතන්නේ එය සිදු වෙයි කියලා. ඒ තීරණය දැන්ම නොගත්තොත් විෂම චක්‍රයේ ඊළඟ අදියරට වැටෙන්න පුළුවන්. ඇතැම් තැන් වල වාර්තා වී ඇති ආකාරයේ ජාතික ආණ්ඩුවක් හැදීමත් විශ්වාසය ගොඩ නැගිය හැකි ක්‍රමයක්.

      Delete
    4. @ AnonymousMarch 11, 2022 at 2:21 AM

      :D :D :D

      ඔය වගේ කමෙන්ට් වලට කලබල වෙලා තරහ ගන්න එපා කට්ටිය එතකොට ඔබේ ලියන ස්ටයිල් එක මතක තියාගෙන දිගටම මෙහෙම දේවල් කියලා බයිට් එකට අරන් ආතල් ගනීවි. අනෙක් පැත්තෙන් කේන්ති ගන්න එක සෞඛ්‍යයට අහිතකරයි. කේන්තිය පාලනය කරගන්න බැරි නම් අධික රුධිර පීඩනය, හදවත් රෝග, මානසික අවපීඩනය, සහ ආහාර ජීරණ පද්ධතියේ රෝග හැදෙන්න පුළුවන් කියලා පර්යේෂණවලින් ඔප්පු වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි නින්ද නොයෑම, කාන්සාව, සමේ රෝග, ආඝාතය වගේ දේවලට මුහුණ දෙන්න වෙනවා කියලත් හොයාගෙන තියෙනවා. එහෙම බලද්දී “කෝප වීමෙන් වළකින්න . . . මන්ද කෝපය නපුරකට මඟ පාදන්නේය” කියලා බයිබලයේ කියන දේ හරියටම හරි නේද?—ගීතාවලිය 37:8.

      @ Economatta

      මම හිතන්නේ අර උඩ දෙවන ඇනෝ 1.37 කියන කතාවෙත් ඇත්තක් තියෙනවා නේද? උදාහරණයක් විදියට චීනය රෙන්මින්බි අවප්‍රමාණ කිරීම නිසා චීන ජනයාගේ අපනයන සඳහා යොදා ගන්නා ශ්‍රමය හා අමුද්‍රව්‍ය වලට නොවටිනා ගණනක් නේද ලැබෙන්නේ?

      නමුත් ලංකාවේ වගේ නම් දැනට පවතින තත්ත්වය සහ අධික ලෙස මුදල් නිකුත් (මුද්‍රණය) කිරීම නිසා ඇතිවන තත්ත්ව යටතේ මේක කරන්න වෙනවා එයින් වන්නේ රජය සංචිත වලින් පොහොසත් වන පරිදි ශ්‍රමිකයින් සහ දේශීය නිෂ්පාදිත භාණ්ඩ සූරා කෑම නේද?

      තව දෙයක් අර ජාතික ආණ්ඩුව හදන එකත් මම හිතන්නේ රාජපක්ෂ රෙජීමයේ කපටි දේශපාලන ගේම් එකක්. ආරංචි වුණ විදියට මරා රිටයර් වෙලා රනිල්ට අගමැති කම දෙන්න සර්වපාක්ෂික සමුළුවක් කැඳවලා රනිල් යටතේ අයි එම් එෆ් යන්න ප්ලෑන් එකක් තියෙනවා කියලා කියන්නේ ඊට පස්සේ බදු වැඩි කරන එක සහ වෙනත් ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගැනීම රනිල්ගේ පිටට දාල ෂේප් එකේ රාජපක්ෂ පවුල ජාමේ බේරාගන්න හදන්නේ. රනිල්ට වයස නිසා අවසන් වරට අගමැති කම ගන්න පුළුවන් නිසාත් ඔහුට ලංකාවේ දේශීය ජනතාව අතර නම හදාගන්න එකට වඩා ජාත්‍යන්තරයේ පිළිගැනීම ඉතාමත් වැදගත් නිසා ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ණය ලබා ගෙන එක්සත් ජනපදයේ ඉන්දීයාවේ සහ යුරෝපයේ ලිබරල් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් අනුව ලංකාවේ ආර්ථිකය මෙහෙයවයි. ඒ ගැනත් ඉදිරියේදී ලිපියකින් කතා කරනවා නම් හොඳයි නේද?

      Delete
    5. //විණිමය අනුපාතය අවප්‍රමාණය වන විට රජයේ රුපියල් ප්‍රශ්නය යම් තරමකින් හෝ විසඳෙනවා.//
      රුපියල් ප්‍රශ්නය ද? ඩොලර් ප්‍රශ්නය ද?

      //පසුගිය කාලයේ විකුණා තිබෙන භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රමාණය අනුව මෙසේ වැඩි වන වියදම පෙර නොවූ විරූ තත්ත්වයක්//
      විකුණා ඇති බිල්පත් හා බැඳුම්කර වල පොලිය විකුණන අවස්ථාව දීම තීරනය වෙලා ඉවරයි නේද? දැන් පොලී අනුපාතය වැඩි කළොත් විකුණා ඇති ඒවගෙ පොලී වියදම වැඩි වෙන්නේ කොහොමද?

      Delete
    6. # AnonymousMarch 11, 2022 at 8:05 AM

      තමුන්ට අදාල නැතිනං අනුන්ගේ කොමෙන්ට් අස්සේ වද නොදී යන ඒක නේද හොද. පවුලේ ජාන වලින් ආපුදේ අත්ඇරගන්න බැරුව ඇති ඉතිං. තමුන්ට කියන්න දෙයක් තියෙනවා නං ඒක වෙනම කොමෙන්ට් එකක් විදියට දාන්න. ඉකොනෝගෙන් අහපු ප්‍රශ්නයට කොහෙවත් ඉන්න නුගතෙක් පැන පැන උත්තර දෙන්නේ ඇයි ?

      Delete
    7. //උදාහරණයක් විදියට චීනය රෙන්මින්බි අවප්‍රමාණ කිරීම නිසා චීන ජනයාගේ අපනයන සඳහා යොදා ගන්නා ශ්‍රමය හා අමුද්‍රව්‍ය වලට නොවටිනා ගණනක් නේද ලැබෙන්නේ?//

      ඔව්. මේ සරල පිළිතුරෙන් ඔබ්බට ගියොත්, මේක ලිපි මාලාවකින් ලිවිය යුතු තරම් ගොඩක් පුළුල් හා සංකීර්ණ කරුණක්. රුසියා-යුක්‍රේන යුද්ධයේ සිට අනාගත ලෝක බල තුලනය දක්වා ගොඩක් දේවල් වලට මෙය සම්බන්ධයි. ලංකාවේ ප්‍රශ්නයට විසඳුම් ගැන කතා කරන විට ඒ ගැන කතා කරමු.

      //නමුත් ලංකාවේ වගේ නම් දැනට පවතින තත්ත්වය සහ අධික ලෙස මුදල් නිකුත් (මුද්‍රණය) කිරීම නිසා ඇතිවන තත්ත්ව යටතේ මේක කරන්න වෙනවා.//

      පැහැදිලිවම. ලංකාවේ තියෙන්නේ චීනයේ තත්ත්වය නොව එහි අනෙක් පැත්තයි.

      //එයින් වන්නේ රජය සංචිත වලින් පොහොසත් වන පරිදි ශ්‍රමිකයින් සහ දේශීය නිෂ්පාදිත භාණ්ඩ සූරා කෑම නේද?//

      ඔබ අදහස් කරන දේ පැහැදිලි කරන්න පුළුවන්ද?

      //ආරංචි වුණ විදියට මරා රිටයර් වෙලා රනිල්ට අගමැති කම දෙන්න සර්වපාක්ෂික සමුළුවක් කැඳවලා රනිල් යටතේ අයි එම් එෆ් යන්න ප්ලෑන් එකක් තියෙනවා කියලා කියන්නේ//

      රනිල් මේ වැඩේට කැමති වෙයිද කියලා මම දන්නේ නැහැ. මෙය මේ මොහොතේ ආණ්ඩුවට විශ්වාසනීයත්වය ගොඩ නගා ගත හැකි එක් ක්‍රමයක්. රාජපක්ෂලාට මෙන් නොව රනිල්ට හොඳ පෙර-වාර්තාවක් තිබෙනවා.

      Delete
    8. //රුපියල් ප්‍රශ්නය ද? ඩොලර් ප්‍රශ්නය ද?//

      මෙය අත් වැරදීමක් නෙමෙයි. පවතින තත්ත්වයන් ගොඩ යාමේදී ප්‍රශ්න විසඳිය යුතු නිශ්චිත අනුපිළිවෙලක් තිබෙනවා. හැම ප්‍රශ්නයක්ම එකවර විසඳන්න ගියොත් කිසිම ප්‍රශ්නයක් විසඳෙන්නේ නැහැ. ආරම්භයේදී වඩාත්ම දරුණු ප්‍රශ්නයට මුළු බර දැමිය යුතුයි. එහිදී ඇතැම් ද්වීතියික ප්‍රශ්න තවත් උග්‍ර වෙන්න පුළුවන්. ඒ ගැන වද විය යුතු නැහැ. විණිමය අනුපාතය අවප්‍රමාණය වීමට ඉඩ හැරීම කළ යුතුව තිබුණු පළමු දෙයයි. එය නොකර කරන වෙනත් කිසිම දෙයක තේරුමක් තිබුණේ නැහැ. දැන් එය කරන්නට සිදු වී තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය විශාල ලෙස වැඩි වුනත් එයටද ඉඩ හරින්න වෙනවා. මිල පාලනය නොකර මේ අවස්ථාවේ උද්ධමනය ඉහළ යන්න ඉඩ දුන්නොත් උද්ධමනය ඉහළ යාම දිගටම වෙන එකක් නැහැ. පාලනය කරන්න ගියොත් දිගුකාලීනව වඩා දරුණු ප්‍රශ්නයක් වෙයි. මේ මොහොතේ තිබෙන රජයේ රුපියල් ණය කන්දරාව අනුව, එයින් සැලකිය යුතු කොටසක් ඩොලර් ණය කර ගැනීම කළ යුතුම දෙයක්. දිගුකාලීනව ඩොලර් ණය අඩු කරගත යුතු වුවත් ක්ෂණිකව හා මැදිකාලීනව තවත් විදේශ ණය ගන්නම වෙනවා. එකවර 1947ට ආපසු යන්න බැහැ. මුලින් ඉලක්ක කළ යුත්තේ 2009ට ආපසු යන එකයි. 1947-2009 කාලයේත් විදේශ ණය ගෙවුවේ අළුතෙන් විදේශ ණය අරගෙන. යහපාලන කාලයේ වුනෙත් එයයි. දැන් ඊට වඩා දෙයක් කරන්න බැහැ. රජය ශුද්ධ වශයෙන් ඩොලර් බිලියනයක් විදේශ ණය ගත්තොත්, ඩොලරය රුපියල් 60කින් ඉහළ යාමේදී වැඩියෙන් රුපියල් බිලියන 60ක් ලැබෙනවා. ඒ ප්‍රමාණයට දේශීය ණය අවශ්‍යතාවයද අඩු වී රුපියල් ප්‍රශ්නයෙන් යම් අමතර කොටසක් විසඳෙනවා.

      Delete
    9. //විකුණා ඇති බිල්පත් හා බැඳුම්කර වල පොලිය විකුණන අවස්ථාව දීම තීරනය වෙලා ඉවරයි නේද? දැන් පොලී අනුපාතය වැඩි කළොත් විකුණා ඇති ඒවගෙ පොලී වියදම වැඩි වෙන්නේ කොහොමද?//

      මේ වන විට විකුණා ඇති බිල්පත් හා බැඳුම්කර සඳහා ගෙවිය යුතු පොලිය ඉහළ යන්නේ නැහැ. එහෙත්, මේ ණය ප්‍රමාණය එලෙසම තියෙන හෝ අඩුවන තත්ත්වයක් යටතේම වුවත් හැම දවසකම තියෙන ණය roll over වීමක් වෙනවා. ඒ කියන්නේ තිබෙන බිල්පත් හා බැඳුම්කර වලින් කොටසක් කල් පිරී ඒ වෙනුවට එවැනිම අලුත් බිල්පත් හා බැඳුම්කර නිකුත් කිරීමක්. එහිදී පොලිය වෙනස් වී වැඩි පොලියක් ගෙවන්න වෙනවා. බැංකුවේ දමා තිබෙන නැවත නැවත අලුත් වන මාස තුනක ස්ථිර තැන්පතුවක් ගැන හිතන්න. ස්ථිර තැන්පතුව අලුත් කරද්දී ගෙවන්නේ මුල් පොලියම නෙමෙයි.

      Delete
    10. //එයින් වන්නේ රජය සංචිත වලින් පොහොසත් වන පරිදි ශ්‍රමිකයින් සහ දේශීය නිෂ්පාදිත භාණ්ඩ සූරා කෑම නේද?//

      මම හිතන්නේ සූරා කෑම කියන වචනය පාවිච්චි කරන එක ඉතාමත්ම වැරදියි ඒකට. නමුත් අදහස් කළේ එහෙම අවප්‍රමාණ කරාම රජයට (මහ බැංකුව හරහා?) විදේශ විනිමය එකතු කරගෙන සංචිත එකතු කර ගන්න පුළුවන් වේවි ඒත් සැබෑවටම සිදුවන්නේ ඒ අපනයනය කරන භාණ්ඩ හා සේවා සඳහා ශ්‍රමය වැය කරපු අයට සහ දේශීය අමුද්‍රව්‍ය වලට නිසි පරිදි මිලක් නොලැබෙන එක නේද? ඔවුන්ට ලැබිය යුතු වටිනාකම් වෙනුවට ඊට වඩා අඩු වටිනාකමක් ලැබෙන්නේ ඒත් රජය ඒ අගය (value) එක සංචිත විදියට එකතු කරගෙන විදේශ මුදල් සංචිතය වැඩි කර ගැනීම නේද?

      Delete
    11. AnonymousMarch 11, 2022 at 10:01 AM

      ඔබ හරියටම හරි. මේ වැඩෙන් රටක ශ්‍රමිකයන්ට වගේම ව්‍යවසායකයන්ටත් "ලැබිය යුතු" මුදලින් කොටසක් රජය විසින් ලබා ගන්නවා. සංචිත ලෙස එකතු වන්නේ එම කොටස. එහෙත්, මම ලංකාව වෙනුවෙන් (දිගුකාලීනව) යෝජනා කරන්නේ මේ ක්‍රමයයි. මෑත කාලයේදී වේගයෙන් සංවර්ධනය වූ සිංගප්පූරුව, චීනය, කොරියාව වැනි රටවල් විසින් අනුගමනය කළේ මේ ක්‍රමයයි. මේ වෙද්දී ඉන්දියාවද මේ මාර්ගයට ප්‍රවේශ වී තිබෙනවා. ලිබරල්, ජාත්‍යන්තරවාදී ප්‍රවේශය තුළ කවදාවත් ලංකාවට ඇමරිකාවක් වෙන්න බැහැ. මෙය සංවර්ධන ආර්ථික විද්‍යාවේ සම්මත අදහස නෙමෙයි. මගේ පෞද්ගලික අදහස. නිකම්ම අදහසක් නෙමෙයි. සැලකිය යුතු අධ්‍යයනයකින් පසුව එළැඹුණු නිගමනයක්. ලිබරල්, ජාත්‍යන්තරවාදී ප්‍රවේශය තුළ ලංකාවට ඇමරිකාවක් විය හැක්කේ බටහිර සංස්කෘතියද එලෙසම වැළඳ ගන්නේනම් පමණයි. ලංකාවේ හා ලෝකයේ දැනට දැකිය හැකි ප්‍රවණතා තුළ එවැන්නක් සිදු වේයැයි මම හිතන්නේ නැහැ. එවිට ඉතිරි වන විකල්පය චීන, සිංගප්පූරු ක්‍රමයයි. මෙහිදී සාර්ථක වීම සඳහා රට ඇතුළේ සියල්ලන්ටම සමාන අවස්ථා ලැබෙන ධනවාදී ප්‍රවේශයක් අවශ්‍ය වන අතර, විදේශිකයන් සමඟ ගනුදෙනු කරන අවස්ථාවලදී සියුම් ආරක්ෂණවාදයක් අවශ්‍ය වෙනවා. නූතන ලෝකයේ මේ ආරක්ෂණවාදය ක්‍රියාත්මක වන්නේ විණිමය අනුපාතය පාලනය කිරීම හරහා. ආනයන පාලනය හා ආනයන සඳහා බදු පැනවීම ආදිය ගල් යුගයේ වැඩ. ජේආර් විසින් හඳුන්වා දුන් හා රාජපක්ෂලා විසින් පවත්වා ගෙන ගිය ක්‍රමය මෙහි විලෝමයයි. එහිදී වුනේ රටවැසියන් බාහිර තරඟයට නිරාවරණය කිරීම මනා සේ සිදු කළත්, රට ඇතුළේ සමාන අවස්ථා ඇති නොකිරීමයි. චීන, සිංගප්පූරු ක්‍රමය එක්තරා ආකාරයක පරපෝෂිත ක්‍රමයක්. මේ ක්‍රමය පැවතිය හැක්කේ ලිබරල් ජාත්‍යන්තරවාදී ලෝකයකයි. මේ වෙද්දී බටහිර සැලසුම වී තිබෙන්නේ චීනය, රුසියාව වැනි රටවල් හැකි තරමින් මේ ලෝකයෙන් decouple කිරීමයි. නිසි සැලසුමක් ඇත්නම් එහි වාසිය වගේම කුඩා රටක් වීමේ වාසියත් ලංකාවට ගන්න පුළුවන්.

      Delete
    12. බොහොම ස්තුතියි හොඳ පැහැදිලි කිරීමක්. මම හිතන්නේ එක්සත් ජනපදය ඇතුළු වෙස්ටර්න් රටවල් මේ දවස්වල ගෝලීය දේශපාලනය තුල ක්‍රියාත්මක කරන න්‍යාය පත්‍රයට අනුව මේක මමත් සැක කළා. උදාහරණයක් විදියට වසර හයකට විතර කලින් ඩොනල්ඩ් ට්රම්ප් චීන ඇමරිකානු ට්රේඩ් වෝ එක කළෙත් දැන් බයිඩන් ඇඩ්මිනිස්ට්රේෂන් එක යුක්රේනය බිල්ලට දී කරන ක්‍රියා පිළිවෙත මේක තහවුරු කරනවා.

      කෙසේ නමුත් ලංකාව අඩුපාඩු සහිතව හෝ විදේශ ප්‍රතිපත්තිය යම් තරමකට හොඳින් ක්‍රියාත්මක කරන බව පේනවා නේද? කලාපීය නිසඟ බලවතා වන ඉන්දියාව සහ එක්සත් ජනපදය, යුරෝපය සමග හිතවත් ස්ථාවරයක ඉන්න ගමන් රුසියාවත් ෂේප් එකේ තියාගෙන ඉන්නවා ඒක හොඳයි ඒත් චීනය තව ටිකක් ෂේප් එකේ තියාගන්න ඕන ඒක එච්චර ලේසි පහසු වැඩක් නෙමෙයි ලංකාව වගේ කුඩා ආර්ථික බලයක් ඇති දුබල රටකට.

      ඇත්තටම ඉකොනොමැට්ටා ඔබට පුළුවන් ද ඔය decouple සැලසුම් යටතේ ලංකාවේ ආර්ථිකය දියුණු කිරීම සඳහා ලංකාවේ රජයත්, ඊටත් වඩා විශේෂයෙන් පෞද්ගලික අංශයේ ආයෝජන ව්‍යවසායන් සහ පොදු ජනතාව වශයෙන් මේ සම්බන්ධයෙන් දායක විය හැකි ආකාරයන් පිළිබඳව විස්තර කරලා පෝස්ට් එකක් දාන්න?

      මම හිතන්නේ මේ ගෝලීය දේශපාලන සැලසුම් ගැන බැසිල් රාජපක්ෂ ඇමරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව යන රාජ්‍යයන් සමග කතා කරලා ඉතා හොඳ අවබෝධයක් ඇතුව වැඩ කරන එක ඉතාමත්ම වටිනවා කියලා මොකද ආර්ථික කටයුතු අතින් ඔවුන් කොතරම් දුරට අසාර්ථක වුණත් ඒ අතින් හරි ෂේප් එකේ යනවා නම් හොඳයි නේද? ඒ වගේම නූතන ගෝලීය දේශපාලන සන්දර්භය තුළ ඉතාමත්ම අමාරු දෙයක් වන ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලසුම කෙසේ විය යුතුද යන කාරණය ඉතා වැදගත්. විශේෂයෙන්ම ගෝලීය ආර්ථික බලවතා වන චීනය තරහ කර නොගෙන ඉන්දියාව බැලන්ස් කළ යුතුයි කියලා මම හිතන්නේ. නැත්නම් තව අවුරුදු කීපයකින් පස්සේ ආයෙමත් ලොකු කේස් එකක් වෙයි යුරෝපය ඇමරිකා එජ වගේ නෙවෙයි චීනය හා රුසියාව (ඉස්සර කාලේ ඉන්දියාව වගේ තමයි) තරහ වුණොත් නයි වගේ තමයි අමු නරුම ප්‍රති ප්‍රහාර වලට මුහුණ දීමට සිදුවිය හැකි නිසා ඔබේ අදහස් මොනවා ද මේ ගැන?

      Delete
    13. මේ දේවල් එක ලිපියකින් විස්තර කර ලියන්න බැහැ. ඉදිරි කාලයේදී ටික ටික කතා කරමු.

      Delete
    14. //නැත්නම් තව අවුරුදු කීපයකින් පස්සේ ආයෙමත් ලොකු කේස් එකක් වෙයි යුරෝපය ඇමරිකා එජ වගේ නෙවෙයි චීනය හා රුසියාව (ඉස්සර කාලේ ඉන්දියාව වගේ තමයි) තරහ වුණොත් නයි වගේ තමයි අමු නරුම ප්‍රති ප්‍රහාර වලට මුහුණ දීමට සිදුවිය හැකි නිසා ඔබේ අදහස් මොනවා ද මේ ගැන?//
      මේකට නම් දරන්නෙ මම හිතන්නෙ ඡිනෙ රුසියාවට වඩා බටහිර රටවල්ම තමයි. මේ දවස් වල යුක්‍රේන යුද්දෙදි රුසියාවෙන් පලිගන්න හැටි බැලුවම පේනවනෙ. රුසියාවෙ ආටිස්‍ට් කෙනෙක් ඇඳපු චිත්‍රයක්වත් ප්‍රදර්ශනය කරන්න දෙන්නෙ නෑ. මේගොල්ලො වෙන වෙලාවල කියන්නෙ කලාව වෙනයි දේශපාලනේ වෙනයි කියල ඉරාන ඇත්ලිට්ස්ලව තහනම් කරපු උන් ඉශ්‍රායලය එක්ක තරඟ නොකිරීමෙ වරදට

      Delete
    15. @ Anonymous March 11, 2022 at 6:52 PM

      මම නම් ඔබේ අදහස් සමග එකඟ නොවන්නේ නැහැ, මොකද මා ඇමරිකානු හෝ චීන හෝ රුසියානු හෝ ඉන්දියානු හෝ විරෝධියකු නොවන නිසා මට මේ ජාත්‍යන්තර න්‍යාය පත්‍ර කිසිවක් ගැටලු නොවන බව ද පැවසිය යුතුයි. ලංකාවේ දේශපාලන නායකත්වය කියන්නේ කොහොමත් මේ ජාත්‍යන්තර බලපෑම් මැද අතුරේ යන ගමනක්. නමුත් අප ඉතාමත්ම බුද්ධිමත් සුහුරු සහ සටකපට වුණොත් පමණක් රටක් වශයෙන් අපට සවයිව් වී පණ කෙන්ද බේරා ගැනීම සහ ඉනුත් ඉදිරියට ගොස් සින්ගා/ හොන් කොන් තායිවාන් සවුත් කොරියා වගේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් ආර්ථික සමෘද්ධියත් ඇති කර ගන්න පුළුවන් වෙයි. නමුත් අපට එබඳු ස්මාට් ලීඩර්ස්ලා ඉන්නවා කියා මම හිතන්නේ නැහැ, ඒක්යි අවුල තියෙන්නේ.

      Delete
  6. This explains the real situation in Sri Lankan economy FYI;

    Link - http://chandimagomes.blogspot.com/2022/03/blog-post_10.html

    //ආණ්ඩුව අර්බුදය විසඳන්න හදන්නේ ඉන්දියාවෙන් ලැබෙන credit line එකෙනි. එහි අවසානය රුපියල කිසිඳු වටිනා කමක් නැති කඩදාසියක් බවට පත්වීමයි. මේ නිසා මුදල් අතේ ඇති සියලු දෙනාම දැන් ඩොලර් ගන්න පොරකන බව සැලයි. පළමුදා රුපියල් 198 තිබූ ඩොලරය පෙරේදා 230 විය. ඊයේ 260 විය. තව දින කිහිපයකින් සමහර විට රුපියල් 500 ඉක්මවා යනු ඇත. මෙය වෙනිසියුලාවේ, අර්ජෙන්ටිනාවේ, ලෙබනනයේ, ඉරානයේ, සිම්බාබ්වේහි සිදු වනවා මම දුටිමි. ඒ ගැන ලිව්වෙමි. නැවත නැවතත් ලිව්වෙමි. අනාගත වාක්‍ය වර්තමානය වෙමින් පවතී. එය ඛේදජනකය.

    කොතරම් නොලියා ඉන්න සිතුවත් මගේ ඇඟිලි ඊට ඉඩ නොදේ. ගතින් සැතපුම් දහස් ගණනක් ඈත සිටියද සිතින් ලංකාවේ ජීවත්වීම ඇත්තෙන්ම කරුමයකි.

    භාවනාවට කාලය එළඹ ඇත. //

    I guess LKR will reach Rs. 1,000 within this year against US Dollar most probably by mid 2022.

    For all Sri Lankans, you'd better to leave SL Asap, even Maldives is much better & Ethiopia, Rwanda even Somalia also seems better destination than living in SL.

    ReplyDelete
  7. කුකුළු මස්සෙක්ක බත් කමු. වල් ඌරු මස්සෙක්ක පාන් කමු. ආ මගේ හොද කුකුල් පැටව්.

    ඉකොනෝ මල්ලි මොනවාද කෑවේ? පිසා කමින් කොකාකොලා බොමින් ලියන ඉකොනෝ මල්ලිට නිවන් සැප අත්වේවා.

    බැසිල් මහත්තයෝ අරගෙන ආවට දානේ, පිං දෙන්නං නිවනට යන්නට සංසාරේ. ඉකොනෝටත් තාත්තෙක් හිටියා නම් ඒ වාගේ,කුම්මැහි කම නැති වෙනවනේ අද ආයේ.

    ReplyDelete
  8. අමු තේ දලු සඳහා ලැබෙන මිල වැඩි වෙයි නේද ඉකනෝ.......?

    ReplyDelete
    Replies
    1. හරිනම් වැඩි විය යුතුයි. ඩොලරයේ මිල 30%කින්ම ඉහළ ගිහින්නේ.

      Delete
    2. @ buwa එහෙම රුපියල් වලින් මිල වැඩි වෙන්නේ නෑ ඩොලර් එක 30% ක් විතර ඉහළ ගිය පලියට තේ දළු වල මිල වෙනස් වෙන්නේ නැහැ. එකපාරටම වෙන්නේ ගෝලීය තේ මිලේ ඩොලර් අගය අඩු වෙන එක.

      උදාහරණයක් විදියට කලින් යම් කිසි වර්ගයක තේ කොළ කිලෝ එකක් ඩොලර් දෙකකට 2.00 විතර තේ වෙන්දේසියේදී විකුණුවා නම් අවප්‍රමාණ කිරීමට පස්සේ එකපාරටම එම වර්ගයේ තේ කොළ කිලෝ එකක් ඩොලර් 1.7 - 1.8 ක් විතර අඩු වෙලා ඊට පස්සෙ ලංකාවේ ආනයන වියදම් ඉහළ යෑමත් සමඟ ඇතිවන නිෂ්පාදන වියදම ඉහළ යාමට සාපේක්ෂව ටිකෙන් ටික ගොඩක් වෙලාවට ඉන්ධන මිල ගණන් වැඩි වීම සහ කම්කරුවන්ගේ ජීවන වියදම් ඉහළ යෑමත් සමඟ පොඩ්ඩ පොඩ්ඩ වැඩි වෙනවා. නමුත් ලෝක වෙළඳ පොළේ මිල ගණන් වැඩි නොවුණොත් කවමදාකවත් ඩොලර් එක ඉහළ ගියා කියලා මිල ගණන් එම % එකෙන් නම් වැඩි වෙන්නේ නෑ ඒ වෙනුවට 90% කට වඩා වෙන්නේ ඩොලර් වලින් මිල ගණන් පහළ යන එක. ගොඩක් විට තොග අපනයන කරුවන් තමයි ඒ ලාභය ගන්නේ තේ වගාකරුවන්ට ඒ වාසිය යන්නේම නැති තරම්. උපරිම 10% ක් විතර වැඩි වෙයි තව ටිකක් කල් යනකොට මම හිතන්නේ.

      නමුත් අපට අනිත් පැත්තෙන් කෙන්යානු ටැන්සානියාවේ ඉන්දියන් සහ චීන තේ වර්ග එක්ක අඩු මිල ගණන් නිසා තරගයක් දෙන්න පුළුවන් ඒ හරහා වැඩේ තේ කොළ ප්‍රමාණයක් විකුණ ගන්න අවස්ථාව ලැබෙති හැබැයි ඉතින් ටිකක් විතරයි. ගොඩක් දුරට අඩු වෙනවා නම් අනිත් රටවල් තව අඩු කරලා ගේම හිර කරනවා හරි අමාරුයි මේ වගේ තරගකාරී ලෝකයක ව්‍යාපාර කටයුතු සංවර්ධනය කරගැනීමට...

      Delete
  9. පරිභෝජනය මිනිසාගේ සාමාන්‍ය ලක්ෂණයකි. සමාජ සංවර්ධනයත් සමග පරිභෝජන රටා ද වෙනස් වේ. එහිදී පරිභෝජනය අනිවාර්යයෙන් ම වැඩි විය යුතු ය කියන්නට බැරි ය.

    අපි රිලා රංචුවක් උදාහරණයකට ගනිමු. රිලවුන් ආහාර ගන්නා විට ගසට විශාල හානියක් සිදු වේ. ඔවුන් කෑමට ගන්නා ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අපතේ යවති. එහෙත්, බුද්ධිමත් හා වගකිවයුතු පුරවැසියෝ එසේ නො කරති.

    මිනිසුන්ගේ අවුල ඇති වන්නේ පරිභෝජනය ජීවිතයේ පරම අරමුණ බවට පත් කර ගැනීමත් සමගයි. මෙය හුදු භාණ්ඩ වන්දනාව පමණක් නො වේ.

    උන්නතිකාමය ද පාරිභෝජනවාදය සමග දැඩිව බැඳී තිබේ.

    පාරිභෝජනවාදයත් සමග හඳුනා ගත යුතු තවත් ලක්ෂණයක් වන්නේ සමාජයේ අනෙකා පරයා කැපී පෙනීමේ ආසාවයි. පාරිභෝජනවාදය සමාජවාදය සමග ගැටෙන ප්‍රධාන දේශ සීමාව මෙය වේ.

    වර්තමාන ජීවිතයේ පරිභෝජනවාදය විහිදෙන දිශානති කිහිපයක් පහත දක්වමි. මේ හැම පරිභෝජනයක් ම මිනිසුන්ට අවශ්‍ය ය. එහෙත්, ඒවා පාරිභෝජනවාදයන් බවට පත් වන්නේ ඒ වෙනුවෙන් දැඩි උන්නතිකාමයකින් හා තෘෂ්ණාවකින් යුතුව කටයුතු කිරීම සමගයි.

    01. භාණ්ඩ හා සේවා අධික ලෙස මිළ දී ගැනීම හා පරිභෝජනය
    02. පාරිභෝජනය ගැන නිතර සිතමින්, සාකච්ඡා කරමින්, එය ප්‍රවර්ධනය කිරීම
    03. අවශ්‍යතා අනුව පරිභෝජනය කිරීම වෙනුවට භාණ්ඩ අනුව අවශ්‍යතා නිර්මානය කර ගැනීම
    04. අධික ලෙස දැනුම ප්‍රමාණාත්මකව එක්රැස් කිරීම හා එය කැපී පෙනීමට හා අනෙකා යටපත් කිරීමට යොදා ගැනීම
    05. අධික ලෙස ධනය හා දේපල රැස් කිරීම
    06. අධික බල තණ්හාව
    07. අධික කාම තෘෂ්ණාව

    මේ ඔස්සේ බැලූ විට අධික පාරිභෝජනවාදය හා ඍජුව හා වක්‍රව සම්බන්ධ පැතිකඩ කීපයක් මෙසේ අවිධිමත් ලෙස සලකුණු කළ හැකියි.

    A. අධික ජංගම දුරකථන ලෝලය
    B. සමාජ මාධ්‍ය විනෝද උන්මාදය
    C. සෙල්ෆි පිස්සුව
    D. ට්‍රිප් යාමේ පිස්සුව හෙවත් සංචරණ තෘෂ්ණාව
    E. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තමන් ද නො කා නො බී අධික ලෙස ධනය හා දේපල රැස් කිරීම
    F. අධ්‍යාපන පිස්සුව
    G. තමන්ට මගහැරුණු සිහින දරුවන්ගෙන් සැබෑ කර ගන්නට යාම
    H. ටියුෂන්
    I. පාසල්වාදය
    J. ජාතිවාදය
    K. ආගම්වාදය
    L. බිග්මැච්, ට්‍රකිං හා කඨින පෙරහර
    M. මංගල්‍යෝත්සව
    N. අවමංගල්‍යෝත්සව
    O. දාන පිංකම්
    P. උපන් දින සාද
    Q. දන්සැල්
    R. අවුරුදු උත්සව
    S. පාසල් ස්පෝට්මීට්
    T. දේශපාලන රැස්වීම්
    U. කැන්ටිමෙන් කෑමට හා සුඛෝපභෝගී වාහනවල යාමට පාර්ලිමේන්තු යාම
    V. අධික ලෙස මත්පැන් බීම
    W. කම් සැපෙහි අධික ලොල්කම
    X. ටෙලිනාට්‍ය
    Y. වැඳීම
    Z. සංගීත සංදර්ශන

    පාරිභෝජනවාදය පිළිබඳ ලොව පුරා මාක්ස්වාදී පාලනයන්ට නිවැරදි දැක්මක් නො තිබීම පිළිබඳ හොඳම උදාහරණය චීනයයි. මාක්ස්වාදීන් බොහෝ කාරණාවලදී කළේ ධනවාදියෙන් ධනපතියා ඉවත් කර එතැනට රජය, පක්ෂය හා නිලධාරියා ආදේශ කිරීම පමණි. පාරිභෝජනවාදය වැනි ධනවාදයේ දුර්ගුණ මාක්ස්වාදීන් විසින් ද එලෙස ම ඉදිරියට ගෙන යන ලදී.

    ReplyDelete
  10. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සැළකිය යුතු අගයකින් අවප්‍රමාණ කිරීමට සිදු වූයේ ආර්ථිකයේ දිගුකාලීන ස්ථායීතාවය රැක ගැනීම සඳහා බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

    මෙම තීරණය හේතුවෙන් කෙටිකාලීනව රටේ සාමාන්‍ය ජනතාව අපහසුතාවයට පත්වන නමුත් සමස්ත ආර්ථිකය පිළිබඳව සැළකීමේදී රුපියල අවප්‍රමාණය වීම එතරම් ගැටලුවක් නොවනු ඇති බවද කබ්රාල් මහතා සඳහන් කරයි.

    කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් සහ ගෝලීයව බලපෑ විවිධ කාරණා හේතුවෙන් පසුගිය වසර දෙකක කාලය තුළ මහ බැංකුවට ඉතා අපහසු කාලසීමාවක් ගෙවා දැමීමට සිදු වූ බවත් එම කාලසීමාව තුළ ආර්ථිකය රැක ගැනීම වෙනුවෙන් ඉතා දුෂ්කර තත්වයකට මුහුණදීමට සිදු වූ බවත් ඔහු පෙන්වා දෙනවා. මහ බැංකු අධිපතිවරයා පවසන්නේ ඒ පිළිබඳව රටේ ජනතාව නිවැරදි අවබෝධයකින් කටයුතු කළයුතු බවයි.

    පසුගිය සති කිහිපය තුළ සමස්ත ලෝකයම දැවැන්ත අර්බුදයකට මුහුණ දී සිටින බවත් එහි ප්‍රතිඵල සෘජුවම ශ්‍රී ලංකාවට බලපාන බවත් පෙන්වා දෙන කබ්රාල් මහතා පවසන්නේ ආර්ථිකය ස්ථායීව පවත්වාගෙන යාම සඳහා මෙතෙක් භාවිතා කළ ඇතැම් මෙවලම් වෙනස් කිරීමට සිදුව ඇති බවයි. ඒ අනුව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් නම්‍යශීලී තත්වයට පත් කිරීමටත් පොළී අනුපාත ඉහළ දැමීමටත් කටයුතු කළ බවද ඔහු පෙන්වා දෙනවා.

    ReplyDelete
  11. ඉකොනො මේ පහත කියලා තියෙන දේවල් ඇත්තටම ලංකාවේ වෙන්න පුළුවන් ද? මේකේ කියලා තියෙන හැටියට ලංකාවේ ජීවත් වෙන එක අතිශයින් වේදනාකාරී සහ දුෂ්කර එකක් විය හැකි බවයි පේන්න තියෙන්නෙ නමුත් මේ වගේ කතා ගොඩක් මේ දවස්වල ලංකාවේ සමාජ ජාල වල සැරිසරන බව පේනවා. දැනට මේක ගැන කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    Quoted from Facebook

    ///වාහන මාකට් එකට දොබෙන් යන්න කෙලවෙනවා.. අනාවැකි අංක 537278��

    මේක අලුතෙන් කියන්න දෙයක් නම් නෙමේ මම මීට වසර එකහමාරකට වගේ කලින් ඉදන් කිව්ව දෙයක්.

    දැන් සවිස්තරාත්මකව කියන්නම් වෙන දේ...

    පලමුව කියන්න ඕන - "වාහන මාකට් එක කෙලවීම යනු අද රුපියල් ලක්ශ 50ට යන එක හෙට ලක්ශ 5ට යෑම නොවේ... " නොතේරුනානම් නැවත කියවන්න. අපි දන්නේ නෑ රුපියල කොහෙන් නවතීද කියලා. එක නින්දක් නිදාගෙන නැගිටිනකොට ඩොලර් එක දහ ගුනේකින් ඉහල ගිහින් තියෙන දවසක් එන්නේ නෑ කියන්න කාටවත් බෑ. ඒවා මේ ලෝකේ උන දේවල් මීට කලින්. ඒ නිසා රුපියල් වලින් කෙලවීම කියන්න උඩ ඉන්න දෙයියො තමා දන්නේ. සමහර විට වාහනේ විකුනලා අදට වඩා "සල්ලි කොල ගොඩක්" ලැබේවි. හැබැයි ඒ සල්ලියෙන් අද කරන්න පුලුවන් දේවල් වලින් 100න් එකක් වත් කරන්න ලැබෙන්නෑ.

    ඒ වගේම මද්‍යම පන්තියට බඩගෑවෙන්න කෙලවෙනකොට යකඩ ගොඩවල් වලට වියදම් කරන්න , ෆ්‍රීස් කරන්න සල්ලියක් ඉතුරු වෙන්නැ ඉස්සර වගේ. පහුගිය කාලේ ඇත්තටම ලංකාවේ මද්‍යම පන්තියේ යම් ආකාරෙක අනවශ්‍ය වාහන පරිභෝජනයක් තිබ්බ. ඔය කොලඹ සහ ප්‍රදාන නගර ආසන්න වාහන ටික ඇරෙන්න චුට්ටක් ඇතුලට ගිය ගමන් තියෙන්නේ ගරාජ් අස්සේ දාං පැලකරන වාහන. ගෙදර උන් ගමන් බිමන් යන්නේ බස් එකේ බයික් එකේ. මේ සේරම මාකට් එකට එනවා ඉස්සරහට. විකුනලා වෙන එකක් ගන්න නෙමේ විකුනලා කාලා ඇදලා ඉන්න මුදල් හොයාගන්න. ඒ වගේම මද්‍යම පන්තියේ ටිකක් ඉහල කොටසෙන් මයිග්‍රේට් කරන්න පටන් ගන්නවා යන්නන පුලුවන් හැම එකාම. පේස්ට්‍රි ඇන්ඩ් බේකරි අයිටම් කෝස් කරපු උන් පවා යන්න යනවා. මේ වෙනකන් මැදපෙරදිග ශ්‍රීලාංකික කම්කරුවන් "පාරේ" වැඩකලේ නෑ. හේතුව ඒ ගෙව්ව පඩිය වටිනාකමක් නෑ රට රස්සාවකට. ඒත් අද මිඩ්ල් ඊස්ට් වල අඩුම පඩිය වෙච්ච පාර අතුගාන කෙනෙක් ගන්න දිරාම් 1,800ක් කියන්නේ රුපියල් 133,000ක්.. රජයේ ලිපිකරුවෙක් ගුරුවරයෙක්ගේ පඩියක දෙගුණයක්.. (ඉස්සර යුද්දේ ඉවර උන කාලෙන් පස්සෙ අවම පඩිය උන දිරාම් 1,000 රුපියල් 28,000ක් වගේ තිබ්බේ). ඉතින් අඳ ගොලු බිහිරි නොවන ඔටුවෙක් නාවගන්න පුලුවන් එකාගෙ ඉදන් ඉහලම වෘත්තිකයයන් දක්වා බහුතරයක් යන්න යනවා. වාහන වැඩි ප්‍රමාණයක් මාකට් එකට එනවා.///

    ReplyDelete
    Replies
    1. //අනෙක් අතට ස්පෙයා පාර්ට් ටයර් සහ ඉන්ධන මිල ලංකාවේ බහුතර මද්‍යම පාන්තිකයාට දරන්න බැරි සීමාව ඉදිරි සති කීපය තුල අනිවාර්යයෙන්ම පන්නනවා. එතකොට කිරිපිටි පැකට් එක එන්ජින් මවුන්ට් එකට වඩා ගේමක් වෙනවා. නිකමට හිතන්න ලංකාවේ පාසැල් ගුරුවරයෙක්ගේ ආරම්භක වැටුපෙන් පැට්‍රල් ලීටර් කීයද ගන්න පුලුවන්. රුපියල් 62,500 ලීටරයක් රුපියල් 500 වුණොත් මාසෙකට ලීටර් 120 ක් විතර. පෙට්‍රල් ලීටරේ මිල ඩබල් වෙයි බොහොමම ඉක්මනට. ලොකු වැටීමක් වෙන්නත් කලින්ම

      සාපේක්ශව බැලුවොත්

      ඇල්ටො වගේ පොඩි කාර් සහ හයිබ්‍රිඩ් නොවන අමුනන් දුවන්න පුලුවන් සරල පොඩි කාර් වලට ඉල්ලුමක් ඉදිරියට තියේවි.

      පෙට්‍රල් ලෑන්ඩ්කෲසර් සිග්නස්, පෙට්‍රල් පජෙරෝ මොන්ටේරෝ 2002-2006 වට්ටක්කා සහ 2007-2015 වගේ වෙනකන් පෙට්‍රල් සෙන්ටර් ස්පෙයාවීල්, 2007-2012 පමන පෙට්‍රල් ලෑන්ඩ්කෲසර් v8 ඔය කියන ගනන් වලට ගන්න බල්ලෙක් වත් නැති වෙනවා. දැනටම සිග්නස් වලට ගනන් කියනවා විතරයි වික්ක එකක් නෑ. මොකද මේ වාහන පන්තිය ඉහලම සල්ලි තියෙන උන් ගන්නේ නෑ. උන් ගාන කීය උනත් කරටි ගනන් වලට රේන්ජ්රෝවර් ඇලුත් ලෑන්ඩ්කෲසර් පදිනවා. මැද මට්ටමේ උන්ට මේවගේ නඩත්තු දරන්න බෑ. ලංකාවේ ඉහලම සල්ලි තියෙන පිරිස සහ දෙවෙනි පන්තිය අතර ගැප් එක ඉතිහාසේ නොවූ ලෙස වැඩි වෙනවා. මැද පන්තියේ දෙවන පෙල සල්ලිකාරයන්ගේ පරිභෝජන භාන්ඩ දඩෝං බිම තමා...

      හම්බ කරලා ගෙවන්න හිතාන පිස්සු පීකුදු මිලවල් වලට ගත්ත kdh වලට එහෙම වෙන සෙතේ කියන්න ඕන නෑනේ

      ටොයොට නිසාන් හොන්ඩ වගේ කොමන් පොඩි වාහන මොඩල් ටිකට යම් ඉල්ලුමක් පවතීවි. ඒ කිව්වේ ඉල්ලුම ගැන. ඉල්ලුම සහ මුදල දෙකක් .. මුදලින් ගත්තොත් සාපේක්ශව වාහන කියන දේ අඩු වෙලා තියේවි. උදාහරනෙකට අද ටොයොටා ප්‍රෙමියෝ එකක් හාල් කිලෝ 100Y ක මිලනම් එදාට 25Y ක මිල වේවි. (Y යනු නියත අගයකි). ඕක දැනටම පේනවා 2020 මුල කෝටි දෙකක් කිව්වේ සද බොදවෙන මිලක් හොද ගෙයක් මිලදී ගන්න. අද ඒ ගානට ඉක්මන් එකේ හොද හරක් මඩුවක් වත් තියෙනවද බලන්න. මොකද වාහන වලට කෘතීම මිලක් තිබ්බට (බොක්ස් ප්‍රාඩෝ එකේ මිලෙන් බාගෙකට වඩා පොත විකිනෙනවනේ ඉතින්��) ගෙයක ගොඩනැගිල්ලක ඇත්තම මැටීරියල් කොස්ට් එකක් තියෙනවා.

      තව ඉස්සරහට,

      "හොද කිරි එළදෙනක් ඉන්නවා... එළදෙනයි කෝලිකුට්ටු කෙසෙල් කැන් 4කුයි ගොටුකොල මිටි 3කුයි කොස් ගෙඩියකින් බාගෙකුයි පොල් ගෙඩියකුයි ඉංග්‍රීසි අකුරු තුනේ පෙට්‍රල් ප්‍රාඩෝ එකකට මාරු කරනවා

      එළදෙන විතරක් නම් ප්‍රෙමියෝ එකකට අව්ලක් නෑ. හැබැයි ඒකත් ඉංග්‍රීසි අකුරු තුන

      අකුරු දෙකේ ප්‍රෙමියෝ එකකටනම් කොස් පලුව විතරයි

      ලීෆ් එකක් නම් ගොටුකොල මිටිය තමා. ඒකත් ගැටගහපු කෙසෙල් පට්ට පටිය නැතුව

      කෙසෙල් පට්ට පටිය පලාත්සබා පජෙරෝ එකකට ඕකේ. හැබැයි ෆ්ලට් රූෆ් වෙන්න ඕන"

      කිව්වොත් පුදුම වෙන්න එපා....

      ලෙබනන් ගිය පාරේ ගානට මග සලකුනු කරන් යනවා. හැබැයි අපි වැටුනොත් ලෙබනන් තරම් ලේසියෙන් සිවිල් ජීවිතේ ගොඩ එන්නේ නෑ. ලෙබනන් වල ජනගහනය වගේ හරියටම දහ ගුනයක් (ඔව් ඇත්තටම දහ ගුනයක්) පිට රටවල ඉන්නවා. ලෙබනන් අනික් පැත්ත හැරෙව්වත් මේ ඩොලර් ටික ලෙබනන් වලට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය විදිහට කොයි පාරෙන් හරි එනවා. ඒ වගේම ලෙබනන් වල රියල් සල්ලි කාරයෝ විශාල පිරිසකගේ කමියුනිටි එකක් තියෙනවා. ලංකාවට ඔය දෙකම නෑ. ඔය ලංකාවේ අලුත් පරපුරේ යූටියුබ් රගන අලුත පිපුනු මල් කැකුලු සල්ලි කාරයන්ගේ උපරිමම වත්කම තමා පදින 2010-2015 විතර බෙන්ස් එකට අව්ඩියට bmw එකට ගෙව්ව ඩවුන් පේමන්ට් එකයි මේ වෙනකන් දාලා තියෙන වාරික ටිකයි.. ඒකත් ෆුල් ලීස් කරල ගත්තනම් මේ වෙනකන් දාලා තියෙන වාරික ටික විතරයි��. නැගෙනහිර තෙල් ගොඩ දාන්න ඕන කිව්ව ඉන්වෙස්ට්මන්ට් එක රට ඇතුලේ දම්මිකයි ඉශාරගෙයි මුලු වත්කමට වඩා වැඩි උනා.. එහෙව් එකේ මේක අල්ලගන්න ලෙබනන් වල වගේ ලොකු හයි හත්තිය ඇති "වැඩි පිරිසක්" නෑ. වැඩි පිරිසක් කෙසේවෙතත් ඇත්තෙම නෑ.

      අපට උරුම සිම්බාබ්වේ ගිය ගමන් මග තමයි.

      ඒ නිසා දැන්වත් ගොබ්බ වැඩ නොකර හැම සතයක්ම ඉස්සරහට අමුඩේ තදකරගන්න පුලුවන් දේකට, ජීවිතේ ගෙනියගන්න පුලුවන් දේකට වැයකරන්න.

      ඔය වාහන ලක්ශ 70-80ට ගිය වාහන කෝටි ගනන් වලට ගත්ත අයට තම්බං කන්න තමා වෙන්නේ.. කලා වැවට ගල් ඇද්ද බොක්ස් ප්‍රාඩෝ, පලාත්සබා පැජෙරෝ, ඉන්ටකූලර්, ඩිෆෙන්ඩර් එහෙම කෝටි ගනන් වලට ගත්ත ගෝතයන්ට නම් ඉතින් තම්බං කන්න දෙයක් නෑ කලින් බිව්ව පුන්නක්කු බාල්දියටම තව වතුර ටිකක් වැඩියෙන් දාලා පුන්නක්කු පොඩ්ඩක් අඩුවෙන් දාලා පිරිමහගන්න තියෙන්නෙ..//

      Copied from Facebook

      ලංකාවේ රුපියල් මස්ත බාල්දු වීම නිසා මේ කියන දේවල් වෙන්න පුළුවන් බොහෝ දුරට එහෙම නේද?

      Delete
    2. //ලංකාවේ රුපියල් මස්ත බාල්දු වීම නිසා මේ කියන දේවල් වෙන්න පුළුවන් බොහෝ දුරට එහෙම නේද?//

      රුපියල පාකිරීම නිසා එවැනි තත්ත්වයක් ඇති වීමේ අවදානම සැලකිය යුතු තරමකින් අඩු වී තිබෙනවා. බය නැතිව අවශ්‍ය ඉතිරි ප්‍රතිසංස්කරණද කළොත් නැවත ආර්ථිකය ස්ථාවර කර ගන්න පුළුවන් වෙයි.

      Delete
    3. රුපියල පා කිරීමත් කරගන්න දෙයක් නැතිව් කරපු දෙයක්නෙ.
      වියදම් අඩු කිරීම සහ මුදල් අක්චු ගසීම නවත්තයි කියල ඉකොනො හිතනවද?

      Delete
    4. //රුපියල පා කිරීමත් කරගන්න දෙයක් නැතිව් කරපු දෙයක්නෙ.//

      මොන හේතුවකට කළත් ප්‍රතිඵලය හොඳ එකක්.

      //වියදම් අඩු කිරීම සහ මුදල් අක්චු ගසීම නවත්තයි කියල ඉකොනො හිතනවද?//

      රුපියල පා කළා වගේම ඉතිරි අවශ්‍ය දේවලුත් කරන්නම වෙනවා. වෙන විකල්පයක් නැහැ.

      Delete
    5. නැහැනෙ. රුපියල පාකරන්න වෙන්නෙ මුන්ට ඩොලර් ප්‍රින්ට් කරන්න බැරි නිසානෙ. ඉතිරි දෙක දිගටම ගිහින් රුපියල 1000ට විතර යන එක සහ උද්දමනය හරහා මිනිස්සුන්ගෙ ආදායම අඩුවීම තමයි ඉදිරියට වෙන්නෙ.

      Delete
    6. ඉතිරි දෙක කිව්වෙ සල්ලි අච්චු ගැසිල්ලයි, මුන්ගෙ කොන්ක්‍රීට් සන්වර්දන වියදමුයි.

      Delete
    7. Dollaraya 203 x 1,106,442,389.45664 times wadi unoth, ape 100% loss wenawa (loss eka calculate karanna 203 kiyala gaththoth)

      Delete
  12. තේරෙන්නේ නෑ අප්පච්චි මොකද කරන්නේ කියලා මං.

    I've made a terrible mistake. Dad'd be so ashamed of me.

    ReplyDelete
  13. ඉකොනොමැට්ටා මේ කෙටි වීඩියෝ එකේ කියන දේ ඇත්ත නේද?

    https://youtu.be/bg5cLnVtlZU

    මේකේ ලංකාවේ ආර්ථිකයට වන බරපතල බලපෑම් ගැන කෙටියෙන් කියනව. මම හිතන්නේ ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ කළා දැන් නම් මේකත් එක්ක...

    ReplyDelete
  14. ඉකොනොමැට්ටා මේ පහත ලින්ක් එකේ තියන පෝස්ට් එකේ තියෙන්නේ ලංකාවේ කාන්තාවන්ගේ හඬ මේක බලන්න මේ සැරේ නම් රාජපක්ෂ හොර පවුල අකුලෝලාම යනවා බුදු ෂුවර් පට්ට පට පට

    https://www.facebook.com/100018985413467/posts/1010483582927813/

    මේකේ කමෙන්ට් කෝමද? සැපද ? කාන්තාවන් පවා අමු අමුවේ කුණුහබ්බ කියලා බනිනවා කාලකන්නි පෙරේත හොර පවුලට...


    අන්ත දූෂිත ඒකාධිපති රාජපක්ෂ දූෂිත අමන රජය විසින් ජනතාවගේ කර මත දිනෙන් දින පටවන අදික බදු බර දැඩි ලෙස හෙලා දකිමි. පාට පක්ශ බේද නොසලකා මිනිස්සු වෙනුවෙන්, අපි අපිවෙනුවෙන් නැගීහිටිය යුතු කාලය පැමින ඇත. පාන් ගෙඩියක් දැන් රුපියල් 120 දක්වා රුපියල් තිහකින් වැඩි වෙලා තියෙන්නේ, පෙට්‍රල්, ඩීසල්, ගෑස්, අත්‍යවශ්‍යය ආහාර වර්ග වලට අදික බදු බර පනවා ජනතාව පීඩනයට පත්කරමින් රිරිමංසෙ උරා බොන මේ අමු කාලකන්නි මල පෙරේත පට්ට දූශිත සක්කිලි ආන්ඩුවට සාප වේවා... සාප වේවා... සාප වේවා! අකුලෝලම පලයව් මළ පෙරේත හැත්ත....

    ReplyDelete
  15. මෑතකදී ශ්‍රී ලංකාවේ මහ බැංකුව විසින් ආනයන වලට පවා මුදල් නිදහස් නොකරමින් ඩොලර් බිලියන් හතරක් පමණ වූ විදේශ සංචිත නාස්ති කරමින් ස්වෛරීත්ව බැඳුම්කරවලට මුදල් ගෙවීම පසුපස ඩොලර් බිලියන් ගණනක මහා වංචාවක් ඇති බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ සඳහන් කරයි. ඒ වගේම අද වන විට මහ බැංකුව දේශපාලනීකරණය වී ඇති බව ද ඉල්ලන ඕනෑතරමක් මුදල් අච්චු ගසා දෙන තැනට පත්ව ඇති බවත් නෙළුම් කුලුන ඉදිකිරීමේදී මහා පරිමාණ ගසා කෑමක් සිදුව ඇති බවත් හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ චෝදනා කරයි.

    මේ ලින්ක් එකේ සියලු විස්තර තිබෙනවා, මේ සාකච්චාව බලන්න, මේ හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ කියන 2022 අලුත්ම බැඳුම්කර හොරකමෙන් ඩොලර් බිලියන් ගණනක් සොරකම් කළ ආකාරය මට පැහැදිලි නෑ, ඒ නිසා මේකෙදී වෙලා තියෙන්නේ මොකක්ද කියලා පැහැදිලි කළ හැකිද?

    Link:

    https://www.youtube.com/watch?v=nOM8l8KNE2s

    ReplyDelete
  16. ඉකොනොමැට්ටා

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ආනන්ද විජේවික්‍රම මහතා ලංකාවේ ආර්ථිකය ගැන පැහැදිලි කිරීමක් කරමින් අද මාධ්‍ය හරහා සඳහන් කළා රුපියල අවප්‍රමාණය කිරීම සහ ඉන්ධන මිල ඉහළ දැමීම හමුවේ ලංකාවේ ආනයනික සහල් වර්ග වන පොන්නි සම්බා, බාස්මති වැනි සහල් කිලෝවක මිල 50% කින් පමණ ඉහළ යා හැකි බවත් දේශීය සහල්ද ඒ අනුව මිල ඉහළ යාමක් සිදුවී කිලෝවක මිල රුපියල් 300 ඉක්මවමින් මිල ගණන් වැඩි වනු ඇති බවත් එමෙන්ම සීනි, කිරිපිටි, එළවළු, ගෑස්, ඉන්ධන, පාන්, බනිස්, ඇඳුම් පැළඳුම්, පොත්පත්, සපත්තු සෙරෙප්පු ආදි සෑම දෙයක්ම අවමය 35% ක සිට 70% දක්වා පමණ හෝ ඊටත් වඩා ගණනකින් මිළ ගණන් ඉහළ යනු ඇති බව පෙන්වා දුන්නේ. මේක විය හැකි දෙයක් ද?

    මීට අමතරව යතුරුපැදි, පාපැදි, මෝටර් රථ, සිමෙන්ති, ටයිල්, විදුලි උපකරණ වැනි දෑ ද පාලනයකින් තොරව ඉහළ යනු ඇති බව ද මහාචාර්ය ආනන්ද විජේවික්‍රම කියා සිටී.

    ඒ නිසා මෙහෙම අර්බුදකාරී උග්‍ර තත්ත්වයන් මත රටේ පැවති උද්ධමනය තවත් තුන් ගුණයකින් පමණ වැඩි කරනු ඇති බවත් ඒ තත්ත්ව යටතේ අන්ත අසරණ දුප්පත් මිනිසුන් කබලෙන් ළිපට වැටී හිඟන්නන් බවට පත්වීම අනිවාර්යෙන් සිදුවන බවද මහාචාර්ය ආනන්ද විජේවික්‍රම තවදුරටත් කියා සිටියා, මේක නවත්තන්න ලංකාවේ ආණ්ඩුව කළ යුතු දේ කුමක්ද කියලා පැහැදිලි කළ හැකි ද?

    ReplyDelete
    Replies
    1. @ Ano,

      මහාචාර්ය ආනන්ද ජයවික්‍රම නේද? විජේවික්‍රම නෙවෙයි. මේ තියෙන්නේ ඔහු ගැන විස්තර;

      http://arts.pdn.ac.lk/econ/jmaj.html

      මේකත් බලන්න;

      https://sinhala.srilankamirror.com/news/news-in-brief/33743-300

      Delete
  17. ඉකොනො,ඇයි ධම්මික පෙරේරා කියන්නෙ රැපියල පා කරන්න එපා,202 ට වගේ තියාගෙන ඉන්න කියල?

    ReplyDelete
  18. මම හිතන්නේ මේ වෙලාවේ අපි බුද්ධිමත් වෙන්න ඕන මොකද ජාතික ජන බලවේගයේ අනුර දිසානායක සහෝදරයා පැවසූ පරිදි පාරට බැහැල විකාර කෙලියොත් 88/89 වගේ වෙන්නෙ අනිත් පැත්තට කුලී හේවායෝ තියාගෙන දඟලන සේනාදිපතියත් හදන්නෙ කොහොමහරි වලියකට ඇදල ගන්න එහෙම ඕන නෑ බන් නයා බලන්න පෝලිමේ හිටියනම් ඇයි කිරිපිටි ගෑස් පෝලිමේ ඉන්න බැරි? අනෙක බන් ගෝටට චන්දෙ දුන්න උන් ඡන්දේ දුන්නේ කන්න එපා රටනෙ ඕන කියුවෙ, ඒ නිසා උන්ට තව දුරටත් බඩගින්නෙ ඉවසන් ඉන්න දෙමු ඉවසල ඉදල වීරවංසලා කියනවා වගේ අපි කතිරයෙන් අපේ බලය පෙන්නමු ප්‍රජාතන්ත්‍රවාදී විදියට... එහෙම නැතුව පාරට බැස්සොත් හිරුනිකාට වගේ අපිට තේ හම්බවෙන්නෙ නෑ ගුටි බැට වෙඩි උණ්ඩ ඉස්සරහට පපුව දාලා මිසක් ලේසියෙන් බේරෙන්න බෑ. ඊලගට අදිරාජ්‍යවාදීන් අපිව මර්දනය කරනව ගෝටාබය කියන්නෙ අර කලින් හිටපු නන්දසේන ගෝටාබයමත් නෙමේ, දැන් ඉන්නේ ඇමරිකානු න්‍යාය පත්‍රයට අනුව නැටවෙන රූකඩයක්, කොටින්ම නන්දසේන කියන්නෙ ඇමරිකාව කියන එක තමයි සරලව ඒක නිසා පාරට බැහැල කොරෝන හදන් නැත්නම් ගුටි කාලා වෙඩි කාලා මැරෙන්න ඕන නෑ අපි ජනතාව බුද්දිමත් කරවමු 2024 ජාතික ජන බලවේගය යටතේ බහු පාර්ශවික ආන්ඩුවක් කතිරවලින් හදන්න අවි ආයුද අතට ගත්තොත් වෙන්නෙ වැනසීම ඒ නිසා 88/89 ජවිපේ ඇතැම් අය කියන මාවත තෝරාගත් නිසයි අදටත් ජවිපෙට බලයට එන්න බැරි...

    ReplyDelete
  19. ලංකාවේ සමාජ ජාල වල වට්ස් ඇප් වල මේ දවස් වල විශාල වශයෙන් පැතිරෙන උපදෙස් මාලාවක් මේක හැමෝටම ෂෙයාර් කරන්න ලංකාවේ ඉන්න පවුලේ අය, යාලුවෝ, නෑදෑයෝ තව ළඟදි ලංකාවට වැකේෂන් යන හැමෝම දැනුවත් කරන්න ඉක්මනටම;

    Copied;

    //Forwarded many times

    *_සියලු දෙනාම කියවිය යුතු ආරක්ෂාව සඳහා වූ පණිවිඩය.._*

    ප්‍රවේශම් වන්න..⚠ ආර්ථික අර්බුදකාරි තත්ත්වය ❗️

    ඩොලරය ඉහළ යෑමත් සමඟ ඇතිවන තත්ත්ව යටතේ විශාල වශයෙන් ලංකාවේ ආර්ථිකය පිරිහී යාමත් සමග නගරවල හෝ නගරවල වේවා, අගුලු දැමීම අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් ඉවත් කළ විට ඇති වන තත්ත්වය පිළිබඳව අප සැවොම දැනුවත් විය යුතුය.

    රථවාහන නීති පිළිපැදීමේදී අප වගකිවයුතු පුරවැසියන් විය යුතු අතර අප සහ අපගේ දේ ආරක්ෂා කර ගැනීමට ක්‍රියාශීලී විය යුතුය.

    ලංකාවේ සිටින බොහෝ දෙනෙකුට මේ දිනවල එතරම් ඉපැයීමක් නොතිබූ බැවින් රැකියා අහිමිවීම් / ව්‍යාපාරවලට බලපෑම් හේතුවෙන් හදිසි සිදුවීම් ඇති විය හැකිය.

    1. ජනතාව මෙයට නිවසේ සිටින අය, ළමයින්, පාසල් සහ විද්‍යාල යන පිරිමි/ගැහැණු ළමයින්, රැකියා කරන කාන්තාවන්/පිරිමි ඇතුළු බොහෝ ප්‍රවේශම් විය යුතුය.

    2. මිල අධික ඔරලෝසු පළඳින්න එපා.

    3. මිල අධික දම්වැල්, වළලු, කන් වළලු පැළඳ නොගන්න, ඔබේ අත් බෑග් සමඟ ප්‍රවේශම් වන්න.

    4. පිරිමින් උසස් අත් ඔරලෝසු, මිල අධික බ්රේස්ලට් සහ දම්වැල් පැළඳීමෙන් වැළකී සිටිය යුතුය.

    5. ඔබගේ ජංගම දුරකථන බොහෝ ප්‍රසිද්ධියේ භාවිතා නොකරන්න. ප්‍රසිද්ධියේ ජංගම දුරකථන භාවිතය හැකි තාක් අවම කිරීමට උත්සාහ කරන්න.

    6. නාඳුනන කිසිවකුට සෝපානය (lift) ලබා දීමෙන් විනෝද නොවන්න.

    7. අවශ්‍ය ප්‍රමාණයට වඩා මුදල් රැගෙන නොයන්න.

    8. ඔබ ගමන් කරන අතරතුර ඔබේ ණය සහ හර කාඩ්පත් සුරක්ෂිතව තබා ගන්න.

    9. ඔබේ වැඩිහිටියන්, භාර්යාව සහ දරුවන්ගේ සුබසාධනය ගැන සොයා බැලීමට නිතර නිතර ගෙදරට කතා කරන්න.

    10. දොර සීනුවකට සහභාගී වන විට නිවසේ සිටින වැඩිහිටියන්ට සහ පුද්ගලයින්ට ප්‍රධාන දොරෙන් ආරක්ෂිත දුරක් තබා ගන්නා ලෙස උපදෙස් දෙන්න, හැකි නම් පාර්සල් හෝ ලිපි ලබා ගැනීමට ග්‍රිල් එක ළඟට නොයන ලෙස ග්‍රිල් ගේට්ටු අගුළු දමා තබන්න.

    11. හැකිතාක් ඉක්මනින් ගෙදර යන ලෙස දරුවන්ට උපදෙස් දෙන්න.

    12. නිවසට ළඟා වීමට හුදකලා මාර්ග හෝ කෙටි මාර්ගවල නොයන්න. උපරිම ප්‍රධාන මාර්ග භාවිතා කිරීමට උත්සාහ කරන්න.

    13. යෞවනයන් ඔබ පිටතට යන විට ඔබේ වටපිටාව ගැන විමසිල්ලෙන් සිටින්න.

    14. සෑම විටම හදිසි අංකයක් අත ළඟ තබා ගන්න.

    15. මිනිසුන්ගෙන් ආරක්ෂිත දුරක් තබා ගන්න.

    16. *මහජනයා බොහෝ විට වෙස්මුහුණු පැළඳ සිටී*. හඳුනා ගැනීම අපහසු වනු ඇත.

    17. කැබ් රථ සේවා භාවිතා කරන අය ඔබගේ සංචාරයේ විස්තර ඔබේ දෙමාපියන්, සහෝදර සහෝදරියන්, ඥාතීන්, මිතුරන් හෝ භාරකරුවන් සමඟ බෙදා ගන්න.

    18. රජයේ පොදු ප්‍රවාහන පද්ධතිය යටතේ ඇති ට්‍රෑම් සහ මෙට්රෝ පද්ධති භාවිතා කිරීමට උත්සාහ කරන්න.

    19. නිතරම සෙනඟ ගැවසෙන බස් රථවලින් වළකින්න.

    20. ඔබේ දෛනික ඇවිදීම සඳහා යමින් පෙරවරු 6.00 ට පමණ ගොස් සවස 8.00 ට පමණ අවසන් වීමට ප්‍රධාන මාර්ග භාවිත කරන්න. හිස් වීදිවලින් වළකින්න.

    20. සාප්පු සංකීර්ණ, වෙරළ සහ උද්‍යානවල වැඩි කාලයක් ගත නොකරන්න.

    21. දරුවන්ට උපකාරක පන්තිවලට යාමට සිදුවුවහොත් වැඩිහිටියන්ට බස්සවා ගෙන යාමට ඉඩ දෙන්න.

    22. ඔබේ වාහනවල වටිනා දේවල් කිසිවක් ඉතිරි නොකරන්න.

    මෙය අවම වශයෙන් ඉදිරියට මාස 3 ක් හෝ සමස්ත ආර්ථිකයේ අර්බුදකාරී තත්වය යහපත් වන තුරු අනුගමනය කළ යුතුය.

    ඔබ සැලකිලිමත් වන සියල්ලන් සමඟ මේ අදහස් බෙදා ගන්න. අපේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් දැනුම්දීමක් නිකුත් කරන ලෙස ඔබේ ප්‍රදේශයේ සියලුම අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්න.

    පරිස්සමින් ඉන්න.~..

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: