වෙබ් ලිපිනය:

Sunday, April 24, 2022

ආර්ථිකය 3.7%කින් වර්ධනය වෙයි!


ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තු අනුව පසුගිය 2021 වසර තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3.7%කින් වර්ධනය වී තිබෙනවා. පෙර වසරේදී ලංකාවේ ආර්ථිකය 3.6%කින් හැකිලුණා. මේ අනුව, ලංකාවේ ආර්ථිකය නැවතත් 2019දී පැවති මට්ටම ආසන්නයට ප්‍රසාරණය වී තිබෙනවා.

කෙසේ වුවද, ආර්ථිකයේ කෘෂිකාර්මික හා කාර්මික අංශ තවමත් තිබෙන්නේ 2019දී පැවති මට්ටම් වලට වඩා පහළින්. පසුගිය දෙවසරක කාලය තුළ සමස්තයක් ලෙස කෘෂිකාර්මික අංශය 0.2%කින්ද, කාර්මික අංශය 2.0කින්ද හැකිලී තිබෙන අතර සේවා අංශය පමණක් 2019ට වඩා 1.3%ක ප්‍රගතියක් පෙන්වා තිබෙනවා. 

දෙවසරක සමස්ත ආර්ථික වර්ධනය ශුන්‍ය වුවත් මිල මට්ටම් ඉහළ යාම නිසා 2021 ඒක පුද්ගල ආදායම රුපියල් 758,680 දක්වා ඉහළ ගොස් ඇති අතර පැවති විණිමය අනුපාතය අනුව එය ඩොලර් 3,815ක්. මෙය 2014දී පැවති මට්ටමටත් වඩා මඳක් අඩු මට්ටමක්.

ඇස්තමේන්තු අනුව ආර්ථිකයේ ප්‍රමාණය රුපියල් බිලියන 16,809ක් හෙවත් ඩොලර් බිලියන 84.5ක් වෙනවා.

නිදහසින් පසු, දෙවසරක කාලයක් තුළ සමස්තයක් ලෙස ආර්ථිකය වර්ධනය වී නැති පළමු අවස්ථාව පසු ගිය දෙවසරයි. තෙවසරක සාමාන්‍ය වර්ධනය වන 0.8% මට්ටම සැලකුවද, පස් වසරක සාමාන්‍ය වර්ධනය වන 1.9% මට්ටම සැලකුවද, දැකිය හැක්කේ ඉතිහාසයේ වාර්තාගත පහළම මට්ටමයි. වසර තුළ මිල මට්ටමේ සමස්ත ඉහළ යාම  7.9% ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා.

වසංගතය හේතුවෙන් 2020 වසර තුළ ලෝකයේ බොහෝ ආර්ථිකයන් සංකෝචනය වුවත්, 2021දී ඒ බොහෝ රටවල් අළු ගසා දමා වේගයෙන් නැගිටිනු දැකිය හැකි වුනා. ඒ අතරින් එක්සත් රාජධානිය, කැනඩාව වැනි ඇතැම් රටවල් තවමත් 2019 සිටි මට්ටමට පැමිණ නැහැ. එහෙත්, 2020දී 3.4%කින් හැකිළුණු ඇමරිකන් ආර්ථිකය 2021දී 5.7%කින් වර්ධනය වූ අතර, 2020දී 1.1%කින් හැකිළුණු ඕස්ට්‍රේලියන් ආර්ථිකය 2021දී 4.2%කින් වර්ධනය වුනා.

29 comments:

  1. ඔය සන්ක්‍යා බොරු නේද? ඔය සෙල්ලම කරන්න නේද අමාරුවෙන් 200ට අල්ලන් හිටියෙ.

    ReplyDelete
    Replies
    1. ඩොලර් එක 200 මට්ටමේ තියාගෙන හිටපු නිසා ඒක පුද්ගල ආදායමේ ඩොලර් අගය වැඩියෙන් පේනවා. මේ වසරේ මෙය ඩොලර් 3000 මට්ටමෙන් පහළට වැටෙන්න පුළුවන්. එහෙත්, මූර්ත ආර්ථික වර්ධනයට එහි සම්බන්ධයක් නැහැ. මේ අවුරුද්දෙත් බොහෝ විට ආර්ථිකය වර්ධනය වෙයි.

      Delete
    2. ඒක වෙන්නෙ කොහොමද? උද්දමනයට සාපේක්ශව ඩොලර් එකේ මිල ඉහල යනවනම් මූර්ත් වර්දනය ඩොලර් වලින් කිව්වත් රුපියල් වලින් කිව්වත් එක වගේ පෙන්නන්න ඕන නේද?

      Delete
    3. මෙය මම නොයෙක් වර පැහැදිලි කරලා තියෙනවා. මූර්ත වර්ධනය ඩොලර් වලින් කිව්වත් රුපියල් වලින් කිව්වත් එකයි. (3.7%යි). වෙනස් වෙන්නේ නාමික අගය. ඒක පුද්ගල ආදායම නාමික අගයක්.

      Delete
    4. ණය පොළී අනුපාත ඉහළ යාමත් සමග මේ අවුරුද්දේ ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද

      Delete
    5. ඉකොනො, මේ 8:45 උත්තරේනම් තේරෙන්නෙම නෑ.

      Delete
    6. ඩොලර් වලින් හෝ රුපියල් වලින් ඉදිරිපත් කරන සංඛ්‍යාවක් නාමික සංඛ්‍යාවක්. එවැනි සංඛ්‍යාවක අදාළ මුදල් ඒකකයේ වටිනාකම වෙනස් වීමේ (උද්ධමනයේ) බලපෑම තිබෙනවා. ඒ නිසා, අවස්ථා දෙකක අගයයන් සෘජුව සංසන්දය කිරීමේදී සැලකිලිමත් විය යුතුයි. මූර්ත ආර්ථික වර්ධනය ගණනය කරන්නේ නාමික ආර්ථික වර්ධනයෙන් උද්ධමනයේ බලපෑම ඉවත් කරලා. උදාහරණයක් ලෙස පසුගිය වසරේ නාමික ආර්ථික වර්ධනය (රුපියල් වලින්) 11.9%ක්. එහෙත්, එයින් වැඩි කොටසකට හේතුව මිල ඉහළ යාම. 3.7% කියා කියන්නේ රුපියල් වල වටිනාකම වෙනස් වීම අඩු කළ විට වර්ධනය. ඩොලර් වලින් බැලුවොත් නාමික වර්ධනය 11.9% එන්නේ නැහැ. එය වෙනත් ගාණක්. තීරණය වන්නේ විණිමය අනුපාතය, ලංකාවේ උද්ධමනය හා ඇමරිකාවේ උද්ධමනය මත. එහෙත් මූර්ත වර්ධනය 3.7%ම තමයි. 3.7% වෙනස් නොවුනත්, විණිමය අනුපාතය හිර කරගෙන සිටීමෙන් ඉහත 11.9% වැඩි කර පෙන්විය හැකියි. විණිමය අනුපාතය කඩා වැටෙද්දී එය පහළ යනවා. මේ අවුරුද්දේ -30% පමණ විය හැකියි.

      Delete
    7. විනිමය අනුපාතය කඩාවැටීම කියන එක උද්දමනයට සම්බන්දයක් නැද්ද? උද්දමනය නිසා පෙන්විය යුතු නියම මිලට ඩොලරය පැමිනීම නෙමෙයිද ඩොලර් එක පා කිරීමෙන් උනේ?

      Delete
    8. //විනිමය අනුපාතය කඩාවැටීම කියන එක උද්දමනයට සම්බන්දයක් නැද්ද?//

      තිබෙනවා. විනිමය අනුපාතය පාලනය කිරීම මගින් යටපත් කරගෙන සිටි උද්ධමනය විනිමය අනුපාතය කඩා වැටෙද්දී මතු වෙනවා.

      //උද්දමනය නිසා පෙන්විය යුතු නියම මිලට ඩොලරය පැමිනීම නෙමෙයිද ඩොලර් එක පා කිරීමෙන් උනේ?//

      ඩොලරය තවම පාවෙන්නේ නැහැ. එය පා කිරීම සඳහා උත්සාහ ගැනෙමින් තිබෙනවා. ඩොලරය පා කළ හැකි මට්ටමට ඩොලරයේ මිල ඉහළ ගියොත් ඩොලර් හිඟයද නැති වෙනවා. මහ බැංකුව උත්සාහ ගනිමින් සිටින්නේ (මම හිතන විදිහට) ඒ මට්ටම හොයා ගන්නයි. වෙනත් විදිහකින් කිවුවොත් ඩොලරය පාවෙනවා කියා කියන්නේ පවතින මිලට හිඟයක් නැතිව වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගත හැකි බවයි.

      Delete
    9. හරි. එහෙනම් ඉලක්කම් ටික ආපහු බැලුවොත්, මහ බැන්කුව කියන්නෙ 2020 අග්දි ඩොලර් එකේ මිල 186.
      උද්දමනය එක්ක බැලුවොත් ඩොලර් එක 2021 අවසානයෙ ඩොලර් එක 186x8% = 200 නෙ වෙන්න ඕන. නමුත් අපි දන්නව ඒ ගාන තියාගත්තෙ බලෙන් හිරකරගෙන, නොය්ම අගය් වසර අවසානයෙ 230ක් විතර උනා කියල.
      ඒ කියන්නෙ මහ බැන්කුව කියන උද්දමනයෙ ප්‍රතිශතය වැරදිද?

      Delete
    10. ඔය තර්කය හරියන්නේ 186 හරියි කියලා සැලකුවොත්නේ. 186ට තියා ගත්තෙත් ණය වල උදවුවෙන්නේ. අනිත් එක උද්ධමනය වැරදියට ගණන් හදලා නැති වුනත් විණිමය අනුපාතය වගේම උද්ධමනයත් පාලනය කරලයි තියෙන්නේ. රුපියල් 5200 විය යුතු ගෑස් සිලින්ඩරය රුපියල් 1470ට විකිණුවහම උද්ධමනයත් අඩු වෙලා පේනවා. (ඒ වගේම කවුරු හරි ගෑස් සිලින්ඩරයක් ගන්න හම වෙලාවකම ඔය වෙනස රටේ විදේශ ණය වලට එකතු වෙනවා). (5200 කියන්නෙත් හරි ගණන නෙමෙයි.)

      Delete
    11. හරි. ඒක මම පිලිගන්නව.
      ඩොලර් එක ණය වල උදව්වෙන් පාලනය නොකල්නම් ඒ කියන්නෙ ල්න්කාවෙ දදෙනි ඩොලර් බිලියන 80ට වඩා ගොඩක් අඩුයි නේද? ඉදිරි කාලයෙ වෙන්නෙ ඒ කරෙක්ශන් එක යම්තාක් දුරකට වෙන එක නෙමෙයිද?

      Delete
  2. can you please explain about capital account of the country (as separate letter) and what are the consequences when it open or close.

    ReplyDelete
    Replies
    1. According to the current definition, current account records acquisitions and disposals of nonproduced nonfinancial assets. If you produce a good or service and earn dollars by exporting it, you earn dollars by exchanging something produced within the country. Similarly, when you pay in dollars for imports you exchange something produced outside the county. Financial transactions such as debt (bonds) and equity (share market) do not involve such produced goods, but such transactions also create a future "reverse transaction". The items recorded in the capital account are neither. You move your capital permanently, no trade and no reversal. For example, you take your savings with you when you migrate. Grants also are recorded here. Though people are discussing opening or closing the capital account, it is not a binary thing. Usually, the capital account is open but with restrictions. In that context, opening means removing those existing restrictions. In current SL context, I believe, this means opening the land market to foreigners. This is not restricted per say but there are many practical barriers. Most of the land is not even open to residents. Facilitating smoother transfer of land ownership, in my view, will not only revitalize the economy but also will help address many other macroeconomic issues.

      Delete
  3. සබ්බ පාපස්ස අකරණං
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියෝ දපනං
    ඒතං බුද්ධානු සාසනං

    සියලු දෙනාටම යහපතක්ම වේවා.

    ReplyDelete
  4. ඔය කතා සම්පූර්ණයෙන්ම බොරු ලංකාවේ ආර්ථිකය ඍණ අවපාතය ඇත්ත වශයෙන්ම -250% කට එහා ඍණ අගයක් ලබාගෙන තියෙනවා ඊට අමතරව උද්ධමනය සියයට 120 කට වඩා ගොඩාක් වැඩි වෙලා තියෙන්නේ මේ ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක අංශය ෆේස්බුකියේ හොඳින් පැහැදිලි කිරීමක් කරලා තියෙන්නේ ඒ වගේම මෙතුවක් කල් අන්තරේ කරපු කතාවලින් ඊයේ කරපු කතාව ඓතිහාසිකයි. එතන මෙන්න මෙහෙම දෙයක් කියනවා,

    "බොහෝ පාර්ශව දැන් බලන් ඉන්නවා,
    "තාත්තා කරපු විදිහට මට කරන්න දෙන්න" කියලා

    තව පාර්ශව ඉන්නවා
    "74 ක් ම අපි කලේ නැති නිසා අපිටත් දීලා බලන්න" කියලා

    හැබැයි අපි පාරට බැහැලා ඉන්නේ එක එකාට බලය අරන් දෙන්න නෙවෙයි, මේ සටන් කරන ශිෂ්‍යයින්ට, තරුණ තරුණියන්ට ශක්තියක් වෙන්නයි."

    ඒ කරපු ප්‍රකාශයෙන් මන් හිතන්නේ මේ අරගල පිටිපස්සේ දේශපාලනය තියනවාය කියලා ලේබල් අලවන්න බලපු ගොඩක් අයට කනපුරෝලා උත්තරයක් ලැබුනා.

    අද වෙද්දි අපේ රටේ උද්ධමනය 119% කින් වැඩිවෙන්නේ. ලෝකේ worst ම රටවල් අතරින් 5 වෙනියට හිටපු අපි දැන් 3 වෙනි. තවම කවුරුහරි රට ගැන තියන කැක්කුමට වඩා පක්ශ දේශපාලනය පිටිපස්සේ දුවනවා නම් ඉතින් උඹලා ගැන ආයේ කියන්න වචන නැහැ මචන්.

    #අරගලයටජය

    ReplyDelete
  5. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සිය ඩොලර් බිලියන 6 ක ණය වැඩසටහනේ ප්‍රමාණය ඩොලර් බිලියන 2 කින් වැඩි කිරීමටත්, පකිස්ථානයේ ගෙවුම් ශේෂ තත්ත්වය සහ විදේශ විනිමය සංචිතවලට මුක්කු ගැසීමට එය තවත් වසරකින් දීර්ඝ කිරීමටත් එකඟ වී ඇතැයි අද වාර්තාවිය. මේ අනුව පසුගිය දිනවල එරටට බලපෑ ඉන්ධන ප්‍රශ්නය විදුලිය ප්‍රශ්නය ඇතුළු ගැටලු රැසක් නිමාවට පත්වන බව එරට මුදල් අමාත්‍ය මිෆ්තා ඉස්මයිල් දන්වා තිබේ.

    IMF සමග එකඟතා සාර්ථකවීමෙන් පසු වොෂින්ටනයේ පකිස්ථාන තානාපති කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඇමතිවරයා පැවසුවේ පාකිස්තානය ඉතිරි ඩොලර් බිලියන 3 සිට ඩොලර් බිලියන 5 දක්වා ඇපදීමේ පැකේජය වැඩි කරන ලෙස IMF වෙතින් ඉල්ලා ඇති බවයි.
    පාකිස්තානයේ යෝජනාව අනුමත වීමෙන් පසු ණය ලබාදෙන අයුරු තාක්ෂණික සාකච්ඡා අඟහරුවාදා සිට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද ඔහු දැන්වීය.

    කෙසේ වෙතත්, මෙම තීරණය ලබාදෙන්නට පකිස්තානයට බරපතල කොන්දේසි පනවා ඇත. එළඹෙන අයවැය මගින් මෑතකදී පනවා ඇති සහනාධාර සහ අනෙකුත් ක්‍රියාමාර්ග සම්පූර්ණයෙන්ම ආපසු හැරවීමට ණය ආධාරය යටත් වේ.
    "සහනාධාර හැකි ඉක්මනින් ඉවත් කිරීම සහතික කරන්නේ නම්" ණය දෙන බවට IMF එකඟ වී ඇත.

    මේ වන විට පකිස්තාන රජය පෙට්‍රල් ලීටරයකට පකිස්තාන රුපියල් 21ක්, ඩීසල් ලීටරයකට පකිස්තාන රුපියල් 51.52ක් සහ විදුලි ඒකකයකට පකිස්තාන රුපියල් 5ක් පමණ සහනාධාරයක් ලබා දෙයි.
    සහන කැපීම යටතේ මිල ගණන් තවත් ඉහළ යනු ඇත.

    ..............

    ඉකොනෝ, ඉහත පුවත අනුව අයිඑම්එෆ් ගියත් ඉන්ධන මිල අඩු වෙන්නේ නැහැ. ලංකාවේ උනත් මිනිස්සු ඉල්ලන්නේ ඉන්ධන මිල, අනෙකුත් භාණ්ඩ වල මිල අඩු කරන්න. සහනාධාර දෙන්න කියලා. ඉතින් එහෙම බලද්දී අයිඑම්එෆ් ගියත් මිනිස්සු ඉල්ලන දේ වෙන්නේ නැතිනං මිලත් ඉහල යනවා නං, සහනාධාරත් නැත්තං මිනිස්සු පාරට බහිනේ ආයේ.

    ReplyDelete
    Replies
    1. //ඉකොනෝ, ඉහත පුවත අනුව අයිඑම්එෆ් ගියත් ඉන්ධන මිල අඩු වෙන්නේ නැහැ. ලංකාවේ උනත් මිනිස්සු ඉල්ලන්නේ ඉන්ධන මිල, අනෙකුත් භාණ්ඩ වල මිල අඩු කරන්න. සහනාධාර දෙන්න කියලා. ඉතින් එහෙම බලද්දී අයිඑම්එෆ් ගියත් මිනිස්සු ඉල්ලන දේ වෙන්නේ නැතිනං මිලත් ඉහල යනවා නං, සහනාධාරත් නැත්තං මිනිස්සු පාරට බහිනේ ආයේ.//

      වැඩි මිලට ඉන්ධන අරගෙන අඩු මිලට විකුණන තුරු ඉන්ධන ඉල්ලුම කෘතීම ලෙස ඉහළ ගොස් ආනයන වියදම්ද කෘතීම ලෙස ඉහළ යනවා. එවිට ඩොලර් හිඟය වැඩි වෙනවා. IMF ගියත් නොගියත්, දිගින් දිගටම අඩුවට ඉන්ධන දෙන එක සහ ඩොලර් ප්‍රශ්නය විසඳීම කියන දෙකම එකට කරන්න බැහැ නේද?

      Delete
  6. අපි සහය නොදුන්නේ ශ්‍රී ලංකාව IMF ගිය නිසා – චීනය කියයි

    ශ්‍රී ලංකාවට චීනය විසින් සහාය ලබා දෙන්නේ කිසියම් රජයක් හෝ පක්ෂයක් මත පදනම්ව නොව ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන්ම පමණක් බව මෙරට චීන තානාපති චී ෂෙන්හොං පවසනවා.

    බලයේ සිටින රජය කුමක් වුවත්, චීනය ශ්‍රී ලංකා ජනතාවට නිරන්තරයෙන් සහය පළ කරන බවයි ඔහු අවධාරණය කරන්නේ.

    චීන තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මෙරට මාධ්‍යවේදීන් පිරිසක් සමඟ අද පැවැත්වූ සාකච්ඡාවකදීයි.

    ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක මූල්‍ය සහය ලබාදීම සඳහා වූ සාකච්ඡා මන්දගාමී වූයේ ලක් රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පැතීම නිසා බවයි ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං පවසන්නේ.

    විදේශ ණය පියවීම් තාවකාලිකව අත්හිටවූ ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් සකස් කිරීමට අපේක්ෂා කරනවා. එහෙත්, එවැනි ණය ප්‍රතිව්‍යුහගතකරණයක් ද්විපාර්ශවික ණය වැඩසටහන සඳහා ඉදිරියේ දී බලපෑම් ඇති කරන බව චීනයේ අදහසයි.

    මේ අතර චීනය, පසුගිය වසරේ ජූලි සිට 2022 ජනවාරි දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 500ක වටිනාකමකින් යුත් ඉන්ධන මෙට්‍රික් ටොන් 730,000ක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට වෙත ලබා දී ඇති බව වාර්තා වනවා.

    ශ්‍රී ලංකාව දැනටමත් ගෙවා ඇත්තේ, නැව් 7කට අදාළ මුදල් පමණක් වන අතර, ගෙවීමට නියමිත නැව් 12ක් සඳහා ඩොලර් මිලියන 390ක් ද ගෙවා ඇති බවයි සඳහන් වන්නේ.

    තවද, ඉතිහාසයේ ශ්‍රී ලංකාව යටත් විජිතයක් බවට පත් කළ බටහිර සංවර්ධිත රටවල් ද පැමිණ උදව් කළ යුතු බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සිය ට්විටර් නිවේදනයක් මගින් පවසා සිටිනවා.

    ReplyDelete
  7. ආර්ථිකයේ හැසිරීම ගැන දාන්න කෙනෙක් පැහැදිලි කරන්න.

    දැන් අපි උද්ධමනය වැඩියෙන්ම තියන රටක් විදියට list වෙලා ඉවරයි.
    අපි imf ගිහිල්ලා හෝ කොහොම හරි රට ආර්ථිකය සුභවාදී පැත්තට හැරුනා කියලා හිතුවොත්,

    1.)ඔය උඩ ගියපු භාණ්ඩ මිල ආයේ තිබ්බ ගානට අඩු වෙයිද? ( ලංකාව වගේ රටක අඩු නොවෙන්න පුළුවන්. නමුත් ලෝකේ අනිත් රටවල එහෙම වෙලා තියනවද?)

    2.) බඩු මිල අඩු නොවුණොත් ඊට සාපේක්ෂව මිනිස්සුන්ගේ අතට සල්ලි දෙන්නේ කොහොමද? ( ආර්ථිකය යහපත් කියන්නේ මිනිස්සුන්ට කලින් හිටිය වගේ ඉන්න පුළුවන් වෙන්න ඕන)

    3.) ඩොලර් සංචිත එකතු කර ගැනීම මගින් doller එක අඩු වෙන්න පුළුවන් ද? ( නාකි මයිනා හොරා කාපු ඒව ගත්තොත් doller එක 100 විතර වෙයි ද?)

    ආර්ථිකය යහපත් වෙනවා කියලා හඳුන්වන්නේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. 1.) ඔය උඩ ගියපු භාණ්ඩ මිල ආයේ තිබ්බ ගානට අඩු වෙයිද?

      කිසිසේත්ම නැහැ. ඉහළ යන වේගය පමණක් පාලනය කරගත හැකියි. එසේ පාලනය නොකළොත් දැන් මිල මෙන් සිය දහස් ගුණයක් මිල ඉහළ ගොස් රුපියල් වලින් කිසිම වැඩක් නැති වෙයි.

      2.) බඩු මිල අඩු නොවුණොත් ඊට සාපේක්ෂව මිනිස්සුන්ගේ අතට සල්ලි දෙන්නේ කොහොමද? ( ආර්ථිකය යහපත් කියන්නේ මිනිස්සුන්ට කලින් හිටිය වගේ ඉන්න පුළුවන් වෙන්න ඕන)

      මිනිස්සුන්ගේ අතට සල්ලි දීමෙන් ඇති වූ ප්‍රශ්නය විසඳන්න වෙන්නේ මිනිසුන්ගේ අතේ තියෙන සල්ලි ආපහු අරගැනීමෙන් පමණයි. බඩු මිල වැඩි වීමට සාපේක්ෂව සල්ලි දෙන්න ගියොත් නැවත හිටපු තැනමයි. (කලින් හිටියා වගේ ඉන්න එකනම් හීනයක්. දැන් එන්නේ කලින් කාපුවාගේ බිල් ගෙවන්න වෙන කාලය.)

      3.) ඩොලර් සංචිත එකතු කර ගැනීම මගින් doller එක අඩු වෙන්න පුළුවන් ද?

      කිසිසේත්ම අඩු වෙන එකක් නැහැ. එහෙත් වැඩි වන වේගය පාලනය කර ගන්න පුලුවන්.

      4.) ආර්ථිකය යහපත් වෙනවා කියලා හඳුන්වන්නේ මොකක්ද?

      - පෝලිම් නැතිව, හිඟයකින් තොරව, එහෙත් නියම මිල ගෙවා, භාණ්ඩ මිල දී ගත හැකි වීම
      - බඩු මිල ඉහළ යන වේගය සීමා වීම
      - ඩොලරය ඉහළ යන වේගය සීමා වීම

      Delete
    2. ඉකොනොමැට්ටා, මැදමුලනේ වල පයයි ගොඩ පයයි නාකි මයිනා කියන මැන්ටල් හොර දෙටුවා, කපුටු බැසිලා, නන්දසීනි අන්දරේ, නාමෝල් ගොන් ආතල් කුමරු, සිරන්ති මැන්ටලේ යෝසිත රෝසිත චමල් ශෂී නිපුණ ඇතුලු පවුලේ කම්බා හොර හැත්ත සහ වටේ පිටේ ඉන්න කබරයා ජොනී ගොනා, 2500 බන්දුල, රත්තරන් මාල හොරා, අලුත්ගමගේ හොරදෙටුවා, උදයංග ඇතුලු පිරිස හොරකම් කරලා තියෙන අති විශාල ප්‍රමාණයක් ඇමරිකානු ඩොලර් හොරා කාපු ඒව ගත්තොත් doller එක 100 විතර දක්වා අඩු කිරීමට ලේසියෙන්ම කරන්න පුළුවන් වෙයි කියලා ගෝල්පේස් අරගලයට සම්බන්ධ එරන්ද වැලිඅංගේ ඇතුළු නීතිඥ පිරිසක් අවධාරණය කළා.

      ඒ වගේම තමයි ඇනොනිමස් නමැති ලෝකප්‍රකට වෘත්තීය හැකර් කණ්ඩායම සමග එක්වී රාජපක්ෂ දූෂිත කල්ලිය විසින් ඉතා පුළුල් ලෙස සොරකම් කර ඇති ලංකාවේ විදේශ සංචිත දැනට සඟවා තබා ඇති සහ ආයෝජන කර ඇති ස්ථාන පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කරගෙන එය සියලුම ලාංකීය ජනතාවගේ දැනගැනීම පිණිස වට්ස් ඇප් හරහා සමාජ ජාල වල විශාල වශයෙන් සංසරණය කර තිබෙනවා. මම හිතන්නේ මේ මුදල් හොයා ගන්න පුළුවන් නම් ඩොලර් ලංකාවේ රුපියල් සීයට අඩුවෙන් තියාගන්න පුළුවන් බව ඉතාමත් පැහැදිලියි ඒ වගේම ජවිපෙ ද මේ ගැන පැවසූ පරිදි මෙයින් ලංකාවේ ආර්ථිකය විශාල වශයෙන් සංවර්ධනය කරන්න පුළුවන් එම මුදල් සියල්ල රාජසන්තක කිරීමෙන් පසුව.

      ඒ නිසා පහත දැක්වෙන්නේ ඒ වට්ස් ඇප් මැසේජ් එක ඔබේ දැනුම වෙනුවෙන්, මේක හැමෝටම දැනගන්න ෂෙයාර් කරන්න.

      //Forwarded many times;

      ඇනෝනිමස් ක්‍රියාත්මකයි – ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පවුලේ සැඟවුනු වත්කම් සියල්ල ඩාර්ක් වෙබ් වෙත මුදා හැරේ!

      ලොව ප්‍රකට ඇනෝනිමස් හැකරුන් කණ්ඩායම ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පවුලේ වත්කම් සහ සැඟවූ ධනය හෙළිකරමින් විශේෂ ලේඛනයක් අන්තර්ජාලයට මුදාහැර තිබේ.

      මින්පෙර ඇනෝනිමස් හැකරුන් සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශය කළේ රාජපක්ෂවරුන්ට ශ්‍රී ලංකාවේ පාලනයක් ඉවත් වීමට දින 14ක් ලබා දෙන බවත්, දින 14ක් තුල ඔවුන් ඉවත් නොවුනහොත් ඔවුන්ගේ සැගවුනු වත්කම් සියල්ල හෙළිකරන බවයි.

      ඒ අනුව ඇනෝනිමස් හැකරුන් කණ්ඩායම රාජපක්ෂවරුන්ට ලබා දුන් දින 14ක කාලය ඊයේ දිනයෙන් (21) අවසන් වූවා. ඒ සමගම ඊයේ ලංකාවේ වේලාවේන් මධ්‍යයම රාත්‍රීයේදී ලොව ප්‍රකට ඩාර්ක් වෙබ් අඩවි රැසකට ඇනෝනිමස් කණ්ඩායම විශේෂ ලේඛනයක් නිකුත් කර තිබුනා.

      මෙහිදී R-S Papers By A ලෙස නම් කර තිබූ මෙම ලේඛනය කොටස් දෙකකින් යුක්තයි.

      මෙහි පළමු කොටසේ දැක්වෙන්නේ රාජපක්ෂ පවුල විසින් තමන් අයතා ලෙස ඉපැයූ මුදලින් ශ්‍රී ලංකාව තුල (Inside Sri Lanka) සිදු කළ ආයෝජනයි. දෙවැනි කොටසේ රාජපක්ෂ පවුල විසින් ශ්‍රී ලංකාවෙන් පිටත (Outside Sri Lanka) සිදු කළ ආයෝජන දැක්වේ.

      මෙම කොටස් දෙක යටතේ රාජපක්ෂලා සිදු කළ සම්පූර්ණ ආයෝජන ඩොලර් බිලියන ගණනක් වන අතර මෙමගින් ශ්‍රී ලංකාවෙන් අතුරුදහන් වූ ඩොලර් සංචිතයට සිදුවූ දේ ඇනෝනිමස් හැකරුන් කණ්ඩායම හෙළිකර තිබේ. මෙම සියලූම දත්ත ඔවුන් විසින් මෙරට මූල්‍ය වාර්තා, ඕෆ්ශෝ බැංකු ගිණුම්, රහසිගත වෙබ් අඩවි හැක් කිරීමෙන් ලබා ගත් දත්ත වන අතර මේ වනවිට මෙම ලේඛනය කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය සමාගම් රැසක් තිගැස්සීමකට ලක් කිරීමට සමත්ව තිබේ.

      Continued...

      Delete
    3. එම සම්පූර්ණ ලේඛනයේ සිංහල පරිවර්තනය පහතින්,

      R-S Papers By A – පළමු ඛාණ්ඩය / රාජපක්ෂ පවුල විසින් මෙරට තුළ සිදු කළ ආයෝජන

      * නො. 276/4, මීගමුව පාර,වත්තල පිහිටි දේපළ – රෝහිත රාජපක්ෂ විසින් මෙම දේපළ මිලට ගෙන තිබේ.

      * Butter Boutique සුපිරි අවන්හල – කොළඹ පිහිටි සුපිරි අවන්හලකි. යෝෂිත රාජපක්ෂ මෙහි සැඟවුනු හිමිකරුය.

      * පෙරේරා ඇන්ඩ් සන්ස් (PnS) – රට පුරා විහිදුනු අවන්හල් ජාලයකි. නාමල් රාජපක්ෂ විසින් රුපියල් මිලියන 2,500ක් ආයෝජනය කර තිබේ.

      * රිචී තේ – තේ නිෂ්පාදන ව්‍යාපාරයකි. චමල් රාජපක්ෂ විසින් රුපියල් මිලියන 3,500ක් යොදවා ඇරඹූ ව්‍යාපාරයකි.

      * මෙල්වා සිමෙන්ති – හිමිකාරීත්වයෙන් 60%ක් බැසිල් රාජපක්ෂ සතුවේ.

      * පීරමීඩ විල්මාර් සමාගම – ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විශාලතම සමාගමකි. රාජපක්ෂ පවුලේ මුදල් ආයෝජනය කරමින් දිවෙන ව්‍යාපාරයකි.

      * අරලිය සමූහ ව්‍යාපාරය – ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වාර්ෂිකව රුපියල් බිලියන් 21ක ආදායමක් උපයන සමාගමකි. ස්විස් බැංකු වල වාර්ෂික ආදායම තැන්පත් කරයි, මෙහි ඩඩ්ලි සිරිසේන නම් පුද්ගලයා සතුව සමහිමිකාරීත්වය රාජපක්ෂ පවුල දරයි.

      * Ministry of Crab – ලොව පුරා විහිදුනු ශ්‍රී ලාංකිය සුපිරි අවන්හල් ජාලයකි. කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන යන හිටපු ක්‍රීඩකයන් සමග 40%ක හිමිකාරීත්වය නාමල් රාජපක්ෂට හිමිය.

      * Kolamba – අවන්හලකි. 70%ක කොටස් යෝෂිත රාජපක්ෂට හිමිය.

      * Busy Bean Cafe – රාජපක්ෂ පවුල විසින් ඉපැයූ මුදල් ආයෝජනය කළ තවත් අවන්හලකි.

      * Rythm and Blues (RNB) – V.I.P අමුත්තන්ට පමණක් වෙන්වූ ශ්‍රී ලංකාවේ සුපිරිතම රාත්‍රී සමාජශාලාවකි. රෝහිත රාජපක්ෂ විසින් මෙහි රුපියල් මිලියන 2,770ක් ආයෝජනය කර, මත්පැන් බලපත්‍ර ලබා දී තිබේ.

      * Camera.lk – විමල් වීරවංශ හරහා රාජපක්ෂ පවුල සිදු කළ ආයෝජනයකි. මේ වනවිට ශ්‍රී ලංකාව පුරා විහිදුනු කැමරා අලෙවිසැලකි.

      * හෙළකුරු සහ හෙළ Pay – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණික ව්‍යාපාරයකි. ධනික පෙරේරා නම් පුද්ගලයා හරහා රෝහිත රාජපක්ෂ විසින් මෙම ව්‍යාපාරය ඇරඹීමට රුපියල් මිලියන 8,000 ක් ආයෝජනය කර තිබේ.

      * MAS Holdings (18%ක කොටස්) – මෙරට ප්‍රධානම අපනයනකරුය. මහින්ද රාජපක්ෂ මහතාට මෙම ව්‍යාපාරයෙන් 18%ක කොටස් හිමිය. ඒ නව ඇගලුම්හල් ඇරඹීමට ලබා දුන් ඉඩම් වල වටිනාකමටය.

      * ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යන අයගේ නම්වලින් රට පුරාම ඉඩම් මිළදී ගැනීමක නිරතව ඇත. සැබෑ හිමිකාරීත්වය නාමල් රාජපක්ෂ සතුය.

      * චෙවාන් ඩැනියෙල් නම් පුද්ගලයෙකු හරහා නාමල් රාජපක්ෂ මහාරාජා සමූහ ව්‍යාපාරයේ කොටස් 18%ක් මිලට ගෙන තිබේ. එහි වටිනාකම රුපියල් මිලියන 5,760කි.

      * Roar මාධ්‍ය ජාලය – රොයෙල් රේමන්ඩ් නම් කාන්තාවක් හරහා බංග්ලාදේශයේ Roar මාධ්‍ය ජාලය නාමල් රාජපක්ෂ විසින් මිලට ගෙන තිබේ. වටිනාකම ඩොලර් බිලියන දෙකකි.

      * සියත මාධ්‍ය ජාලය – අර්ජුන් ඇලෝෂියස්ට හිමි සියත මාධ්‍ය ජාලයේ 23.2%ක කොටස් සඳහා යෝෂිත රාජපක්ෂ ආයෝජනය කර තිබේ.

      Cont...

      Delete
    4. ඊළඟට R-S Papers By A – දෙවන ඛාණ්ඩය / රාජපක්ෂ පවුල විසින් විදේශයන් තුල සිදු කළ ආයෝජන

      * Cafe Ceylon – Uganda – වටිනාකම ඩොලර් මිලියන 196 කි.

      * Uganda Airlines හි මුළු ගුවන් යානා 76න් 32ක් – රාජපක්ෂ පවුලට හිමිය, ඩොලර් මිලියන 2,800ක ආයෝජනයකි.

      * එංගලන්තයේ New Castle පාපන්දු කණ්ඩායමේ කොටස් – සෞදියේ කුමරුන් සමග රාජපක්ෂ පවුල සිදුකළ ආයෝජනය ඩොලර් මිලියන 1,420කි.

      * සීෂෙල්ශි ලා ඩියේගු දූපත – රොහිත රාජපක්ෂ විසින් සිය බිරිඳට මිලට ගෙන දී තිබේ. වටිනාකම ඩොලර් මිලියන 691 කි.

      * දකුණු ඉන්දීය සුපිරි නළු විජේයිගේ සර්කාර්, මාස්ටර්, බිගිල් චිත්‍රපට නිෂ්පාදනය – ඉන්දීය සමාගම් ඔස්සේ රෝහිත රාජපක්ෂ සිදු කර තිබේ. වටිනාකම ඩොලර් මිලියන 1,220කි.

      * Naughty America අසභ්‍ය චිත්‍රපට සමාගම – ඩොලර් මිලියන 1,204 ක ආයෝජනයක් රෝහිත රාජපක්ෂ විසින් සිදු කර තිබේ.

      * Mirihi Island Resort – මාලදිවයින, වටිනාකම ඩොලර් මිලියන 209 කි.

      * Maradhoo Island – මාලදිවයින, වටිනාකම ඩොලර් මිලියන 826කි. අයිතිය රාජපක්ෂ පවුල සහ උදයංග වීරතුංග සතුය.

      * Diageo – එංගලන්තයේ සමාගමකි. වටිනාකම ඩොලර් බිලියන 120කි. මෙහි 4.3% කොටස් රාජපක්ෂ පවුල සතුයි.

      * පබ්ලෝ පිකාසෝගෙ Weeping Woman චිත්‍රය – විදේශයක සුරක්ෂිතාගාරයක තැන්පත් කර තිබේ. වටිනාකම ඩොලර් මිලියන 331කි.

      * මැඩගස්කරයේ ඉලාක්කා ප්‍රදේශයේ නිල් මැණික් පතලක් – ගෝඨාභය රාජපක්ෂ විසින් ඩොලර් මිලියන 340 ක් ආයෝජනය කරමින් පවත්වාගෙන යයි.

      * ටැන්සානියාවේ ශින්‍යංගා දියමන්ති පතල – ගෝඨාභය රාජපක්ෂට හිමිය, වටිනාකම ඩොලර් මිලියන 700 කි.

      * පැනමා ධජය යටතේ යාත්‍රා කරන Grace of Queen නෞකාව – වටිනාකම ඩොලර් මිලියන 304 කි.

      * සුඛෝපභෝගී බෝට්ටු හතක් – රාජපක්ෂ පවුල විසින් නිවාඩු ගත කිරීමට බාලි, මාලදිවයින ආදි රටවල පවත්වාගෙන යයි. වටිනාකම ඩොලර් මිලියන 1,850කි.

      * චීනයේ Baidu සමාගම – යෝෂිත රාජපක්ෂට කොටස් හිමිය. වටිනාකම ඩොලර් බිලියන 7කි.

      * ඩුබායි මැරියට් හෝටලය – ව්ටිනාකම ඩොලර් බිලියන 7කි.

      * ඩුබායිහි බර්ජ් කලීෆා කුළුනේ සුඛෝපභෝගි නිවාස තුනක් – නන්දන ලොකුවිතාන නම් පුද්ගලයා හරහා රාජපක්ෂ පවුල සිදු කළ ආයෝජනයකි. වටිනාකම ඩොලර් මිලියන 1,490 කි.

      * Shenyang Gotiar Aircraft Manufacturing Co. Ltd – චීනයේ ක්‍රියාත්මක සමාගමකි. සම හිමිකරු මහින්ද රාජපක්ෂ වේ, වටිනාකම ඩොලර් බිලියන 20කි.

      * Lyca Mobile – එංගලන්තයේ දුරකථන සමාගමකි. ද්‍රවිඩ සම්භවයක් සහිත ශ්‍රී ලාංකික පුද්ගලයෙකු හරහා ක්‍රියාත්මකය. සැබෑ හිමිකරු මහින්ද රාජපක්ෂය. වටිනාකම ඩොලර් බිලියන 40කි.

      * De La Rue PLC – 13%ක කොටස් රාජපක්ස පවුල සතුවේ.

      * අදානි සමූහ ව්‍යාපාරය, ඉන්දියාව – ඉන්දියාවේ බිලියනපති සමාගමකි. 20%ක කොටස් නාමල් රාජපක්ෂ සතුවේ.

      * ගුජරාට් ටැයිටෑන්ස් IPL කණ්ඩායම – ඩොලර් මිලියන 1,550කි. රෝහිත රාජපක්ෂ සිදු කළ ආයෝජනයකි.

      * History Supreme රුවල් නෞකාව ඩොලර් මිලියන 700

      * බර්ජ් ඩුබායි හෝටලය – ඩොලර් බිලියන 1

      * ඇමෙරිකාවේ ඩලාස් කවු බෝයිස් කණ්ඩායමේ කොටස් 30%ක් – ලෝක ප්‍රසිද්ධ බේස් බෝල් කණ්ඩායමකි. ඩොලර් බිලියන 2.5 ක් වටිනා කොටස් පුශ්පා රාජපක්ෂ සතුය.

      * බ්‍රිතාන්‍යයේ AgustaWestland හෙලිකොප්ටර් සමාගමේ 11%ක කොටස් හිමිකාරීත්වය – ශෂීන්ද්‍ර රාජපක්ෂ සතුය.

      * එක්සත් රාජධානියේ Thales නම් යුධ හා රහස් උපකරණ නිශ්පාදන සමාගමේ කොටස් වලින් 29% ක හිමිකාරීත්වය හෙලෝකිටී සමාගම හරහා මහින්ද රාජපක්ෂ හිමිකරගෙන ඇත. ඔහු තනි විශාලතම කොටස් හිමිකරුවන්ගෙන් දෙවැනියා වේ. පලමු හිමිකරු බ්‍රිතාන්‍යයේ කීර්තිමත් හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වු වින්ස්ටන් චර්චිල්ගේ පුත්‍රයෙකි.

      * ලොව විශාලතම කොන්ත්‍රාත් සමාගමක් වන ARUP හි නිල නොවන හිමිකරුවන් රාජපක්ෂ පවුලේ සාමාජිකයන් වේ. නීතිවිරෝධී ලෙස උපයන සියලුම ධනය මෙම සමාගම හරහා නිත්‍යානුකූල ලෙස හුවමාරු කරගැනිමට භාවිතා කරයි. එය රන් පවුම් බිලියන 106 ක් පමණ වටනා සමාගමක් වන අතර රාජපක්ෂලාට රන් පවුම් බිලියන 30ක් පමණ හිමි වේ. උදයංග වීරතුංග මෙම සමාගමේ නිල නොලත් ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා වෙති.

      * කුමරන් පද්මනාදන්ට අයත්ව තිබූ තායිලන්තයේ නැව් සමාගම් 3 (නම් හෙළි කොට නැත) ඩොලර් බිලියන හතක් පමණ වටී.

      Cont'd...

      Delete
    5. Contd...

      * ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යන අයගේ නම්වලින් රට පුරාම ඉඩම් මිළදී ගැනීමක නිරතව ඇත. මෙය සංගක්කාර විසින් සීගිරි‍යේ ඉඩම් මිළදී ගැනීමේදීද හෙළි විය.

      * හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහනාම, හෂාන් තිලකරත්න, මාවන් අතපත්තු යන අය සහ ඉන්දියානු ශ්‍රී නිවාසන්, විජය මල්යයා යන අය සමග එක්ව ඩොලර් බිලියන දහයකට වඩා ඉන්දියානු අයි පී එල් තරගාවලියේ ආයෝජන කර ඇත්තේ රාජපක්ෂ පවුල විසින්.

      * Walk & Talk (PVT) Limited නම් රු. මිලියන 2,500 ක් වටිනා ජංගම දුරකථන ආනයනය කරන සමාගමේ හිමිකාරිත්වය රෝහිත රාජපක්ෂ දරයි.

      * රජයේ වඩා හිතවත්ම දුරකථන සන්නිවේදන ජාලය ජාලය Dialog ආයතනයේ කොටස් 38% ශෂීන්ද්‍ර රාජපක්ෂ සතුය. වත්මන් ආණ්ඩුව බලයට ආ විගස මොවුන්ට කෝටි ගණනක බදු සහන ලබා දෙන ලදී.

      * John Keells PLC සමූහය සඳහා රාජපක්ෂ පවුල විසින් චීන ජාතික සමාගමක් මගින් මාර්ගයෙක් ඩොලර් බිලියන 12.4 ක් ආයෝජනය කර ඇත. Hemas සහ Unilever යන ආයතන සඳහාද විවිධ විදේශිකයන්ගේ නම් වලින් තවත් ඩොලර් බිලියන 10.6 ක් පමණ ආයෝජනය කර ඇත.

      * ශ්‍රී ලංකාවේ ගණිකා ව්‍යාපාරයද මෙහෙය වන්නේ ශෂීන්ද්‍ර රාජපක්ෂයි. මෙහි මොහුගේ ව්‍යාපාර මෙහෙයවන්නා වනුයේ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නැමැත්තායි, (Club වසන්ත). ඔහුගේ සන්හිල් හෝටල්ජාලයේ සැබෑ අයිතිකරු වන්නේ චමල් රාජපක්ෂයි. මෙයට උදයංග වීරතුංග විසින් යුක්‍රේන ගණිකාවන් සැපයීම සිදු කරයි. යුක්‍රේනයේ සහ රුසියාවේ සහ ලෝ පතල ඇති Utopia නම් ගණිකාවරුන් සැපයීමේ ජාලය අයිතිවන්නේද උදයංග වීරතුංගටයි.

      * යුක්‍රේනයේ තිබූ සුප්‍රකට පාවෙන ගණිකා ව්‍යාපාරයක් වූ River Palace නම් සුඛෝපභෝගී බෝට්ටුවේ හිමිකරුවාද වන්නේ උදයංග වීරතුංගයි. මිග් ගණුදෙනුවෙන් පසු මොහු මෙය මිළදී ගෙන ඇති අතර පසුව එය බංකොලොත්බාවයට පත්වී ඇතත් තවමත් ඩොලර් බිලියන කීපයක් පමණ වටී.

      * ලොව තුන්වල විශාලම La Belle ගණිකා ව්‍යාපාරය, තායිලන්තය – හිමිකරු උදයංග වීරතුංගය, වටිනාකම ඩොලර් බිලියන 2කි.

      * Taiwan Semiconductor Manufacturing Company, Limited – යෝෂිත රාජපක්ෂට අයිතියක් හිමිය. ඩොලර් බිලියන 40ක කොටස් පවතී.

      * Dorcell Club අසභ්‍ය චිත්‍රපට සමාගම – ඩොලර් මිලියන 574 ක ආයෝජනයක් රෝහිත රාජපක්ෂ විසින් සිදු කර තිබේ.

      *Tushy අසභ්‍ය චිත්‍රපට සමාගම – ඩොලර් මිලියන 11ක ආයෝජනයක් රෝහිත රාජපක්ෂ විසින් සිදු කර තිබේ.

      * සල්මන් ඛාන් නම් ඉන්දියානු නළුවා හරහා බොලිවුඩයේ තවත් ඩොලර් බිලියන දෙකක මුදලක් නාමල් රාජපක්ෂ විසින් ආයෝජනය කර තිබේ.

      * නිපුණ රණවක විසින් ඇමරිකාවෙ සුපිරි අන්තර්ජාල සමාගමක්වන Starlinkහි ඩොලර් මිලියන 700 ක කොටස් මිළදී ගෙන ඇත.

      * නාමල් රාජපක්ෂ සිය බිරිඳට මගුල් ත්‍යාගය ලෙස ඩොලර් මිලියන 350ක් වටිනා බලාපොරොත්තුවේ දියමන්තිය Diamond of Hope තෑගි කොට ඇත.

      * Landrover, Jeep, Aston Martin, Bugatti, MG යන වාහන නිෂ්පාදන ආයතනවල 15%ක පමණ කොටස් රාජපක්ෂ පවුල විසින් 2005 – 2015 කාල සීමාවේ මිලට ගෙන තිබේ.

      * Dolce & Gabbana, Armani, Prada, Gucci, Burberry, Dior, Louis Vuitton, Ralph Lauren, SSENSE, Michael Cors යන ආයතන වල 40%ක පමණ කොටස් නන්දසේනගේ බිරිය අනෝමා රාජපක්ෂ විසින් මිලට ගෙන තිබේ.

      * Swiss Bank, Exim Bank, JP Morgan Chase, China Construction Bank, Bank of China සහ Barclays Bank ගිණුම් වල ඩොලර් බිලියන 600ක් පමණ බැදුම්කර, රන් බිස්කට් සහ තැනපතු සිදු කර ඇත.

      * ඇමරිකානු පුද්ගලික විශ්ව විද්‍යාලයක් වන ඉන්දියානාපොලිස් විශ්ව විද්‍යාලයේ (University of Indianapolis - a private United Methodist Church-affiliated university in Indianapolis, Indiana.) ඩොලර් බිලියන පහකට වඩා වැඩි කොටස්වල අයිතිය ගෝඨාභය සහ බැසිල් රාජපක්ෂ වේ.

      * මීට අමතරව Crypoto currency මගින් අති විශාල මුදලක් සඟවා ඇති අතර එය ඩොලර් ත්‍රිලියනයක් බව ඇනෝනිමස් කණ්ඩායම හෙළිකරයි.

      එමෙන්ම රාජපක්ෂ පවුලට අයිති ව්‍යාපාර සහ ඒවා පවත්වාගෙන යන සමහර පුද්ගලයන් ගෝල්ෆේස් අරගලය සඳහා උදව් කර හෝ සහභාගී වී ඇත්තේ ඉදිරියේදී තමන්ට අත්වන ඉරණම දැන්ගෙන එයින් බේරීමට යැයි මින් අනුමාන කළ හැක.

      මෙම ගණන් බැලීමට අනුව රාජපක්ෂලා හොරා කා ඇති ධනය ඩොලර් ට්‍රිලියන දෙක හමාරක් පමණ වේ. මෙම මුදල් ශ්‍රී ලංකාවේ රුපියල් වලින් ක්ව්ඩ්‍රිලියනයකි. (1,060,000,000,000,000 LKR)

      – ඉහත දත්ත ඇනොනිමස් හැකරුන් කණ්ඩායම විසින් විමර්ෂණය කරමින් සොයා ගත් දත්ත අතර ඔවුන් එහි සියලූම වගකීම සම්පුර්ණයෙන්ම දරයි –

      Delete
  8. https://www.instagram.com/tv/CcueYGAhLeS/?igshid=MDJmNzVkMjY=

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: