වෙබ් ලිපිනය:

Tuesday, April 12, 2022

ලංකාව ණය ගෙවීම් අත් හිටුවයි!

 

අද (අප්‍රේල් 12) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු පහෙන් පසුව ශ්‍රී ලංකා රජය විසින් ගෙවිය යුතු විදේශ ණය හා වාරික ගෙවීම අත් හිටවා තිබෙනවා. මෙය ඒකපාර්ශ්වික තීරණයක්. මෙයින් අදහස් වන්නේ කුමක්ද?

අමුවෙන්ම කිවුවොත් කන්න බොන්නවත් සල්ලි (විදේශ විණිමය) නැති තරමට ලංකාව නැට්ට්ටම හිරවෙලා. ණය වාරික හෝ පොලී ගෙවනවා කියන එක මේ වෙලාවේ හිතන්නවත් පුළුවන් දෙයක් නෙමෙයි. මේ තීරණය නිසා පසුව මොන විදිහේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වුනත්, ගෙවන්න අතේ සල්ලි නැත්නම් ඔයිට වඩා කරන්න පුළුවන් දෙයක් නැහැ.

මේ තීරණය බලපාන්නේ මොන ණය වලටද?

ශ්‍රී ලංකා රජය විසින් ලබාගෙන තිබෙන ස්වෛරිත්ව බැඳුම්කර ණය, වෙනත් රජයයන්ගෙන් අරගෙන තිබෙන ද්විපාර්ශ්වික ණය, ශ්‍රී ලංකා රජයේ ඇපවීම මත වාණිජ බැංකු හෝ වෙනත් ආයතන විසින් විදේශ ව්‍යවහාර මුදල් වලින් ලබාගෙන තිබෙන ණය ආදියට මෙම තීරණය බලපානවා. එහෙත් මහ බැංකුව සමඟ ඇති කරගෙන තිබෙන මුදල් හුවමාරු ගිවිසුම් වලට මේ තීරණය අදාළ නැහැ. රජයේ රුපියල් ණය වලටත් මේ තීරණය අදාළ නැහැ.

මේ විදිහට ශ්‍රී ලංකා රජයට ඒකපාර්ශ්වික තීරණ ගන්න පුළුවන්ද?

විදේශ ණය ගිවිසුම් වලට බලපාන්නේ ලංකාවේ නීතිය (පමණක්) නෙමෙයි. බොහෝ විට වෙනත් රටක හෝ රටවල් ගණනාවක නීති බලපානවා. විදේශ ණය හා අදාළව ශ්‍රී ලංකා රජය කියන්නේ තවත් එක් පාර්ශ්වකරුවෙක් පමණක් මිස නීති හැදීමේ හෝ නැමීමේ හැකියාවක් තියෙන "ලොක්කෙක්" නෙමෙයි. ඒ නිසා, එක් එක් ණය ගිවිසුමේ කොන්දේසි අනුව, ශ්‍රී ලංකා රජයට ඉදිරි කාලයේදී විවිධ ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්න වෙයි.

වඩා වැදගත් ප්‍රශ්නය මේ වගේ ඒකපාර්ශ්වික තීරණ ගන්න පුළුවන්ද බැරිද කියන එක නෙමෙයි. මෙහෙම නොකර වෙන කළ හැකි දෙයක් තිබුණාද කියන එකයි. ණය ගෙවන්න සල්ලි නැත්නම් කොහොමටත් ගෙවන්න විදිහක් නැහැ. ඒ කියන්නේ ඉතිරිව තිබෙන්නේ ණය පැහැර හරින ආකාරය පිළිබඳ විකල්ප පමණයි. ණය පැහැර හැරීම කළ යුතුව තිබුණු විකල්ප ක්‍රම මොනවාද?

(1) ණය හිමියන් සමඟ සාකච්ඡා කර ද්විපාර්ශ්වික එකඟතාවයක් යටතේ ණය ගෙවීම අත් හිටුවා එම ණය පසුව ගෙවන ආකාරය සම්බන්ධව දෙපාර්ශ්වයට එකඟ විය හැකි වැඩ පිලිවෙලක් සකස් කර ගැනීම.

(2) අවසාන මොහොත වන තුරු ණය කෙසේ හෝ ගෙවන බව කියමින් සිට අවසාන මොහොතේ ණය නොගෙවා පැහැර හැරීම 

(3) දැන් කර ඇති ආකාරයෙන් ඒකපාර්ශ්වික පූර්ව දැනුම්දීමක් සහිතව ණය ගෙවීම අත් හිටුවීම 

බොහෝ දෙනෙකු විසින් ණය ප්‍රතිව්‍යුහගත කරන මෙන් යෝජනා කරද්දී අදහස් කළේ ඉහත (1) විකල්පය ගැනයි. එහෙත් මෙය යම් කාලයක් ගත වන වැඩක්. මගේ අදහස වන්නේ අඩු වශයෙන් මාස හයකට පෙර අනිවාර්යයෙන්ම ණය පැහැර හරින්නට සිදුවන බව අවබෝධ කර ගෙන අවශ්‍ය කටයුතු පටන් ගත්තානම් මෙය කළ හැකිව තිබුණු බවයි. දැන් මේ සඳහා ප්‍රමාද වැඩියි. මේ වන විට අදාළ ක්‍රියාමාර්ගයට ප්‍රවේශ වී ඇතත් එය සම්පූර්ණ වීමට මාස ගණනාවක් යා හැකියි. එතෙක් අල්ලා ගෙන ඉන්න තරම් විදේශ සංචිත රටේ නැහැ. ඒ නිසා, ඉතිරිව තිබෙන්නේ (2) හා (3) විකල්ප පමණයි. ඒ දෙකෙන් වඩා හොඳ විකල්පය (3)යි. 

මෙය හානි අවම කිරීමේ විකල්පයක් පමණක් බව පැහැදිලිව තේරුම් ගත යුතුයි. (2) විකල්පයේ හානි ඊට වඩා වැඩියි. (1) වඩා හොඳ විකල්පයක් වුවත් දැන් ඒ සඳහා ප්‍රමාද වැඩියි. (3) යනු (1) සිදුවන තුරු ගෙන තිබෙන තාවකාලික පියවරක්. 

කෙසේ වුවත්, (1) කියන්නෙත් හානි අවම කරන විකල්පයක් පමණයි. මේ විකල්ප තුනටම නොගොස් නියම පිළිවෙලට ණය ගෙවන්න පුළුවන් වුනානම් තමයි වඩාත්ම හොඳ. හැබැයි දැන් ඒ ගැන කතා කරන එකේවත් තේරුමක් නැහැ. මේකත් විණිමය අනුපාතය හා පොලී අනුපාත පාලනය කිරීම වගේම දෙයක්. 

ඩොලරයේ මිල අඩුවෙන් තියෙනවානම් හොඳයි. පොලී අනුපාත අඩුවෙන් තියෙනවානම් ඒත් හොඳයි. හැබැයි මේ ඉලක්ක ලඟා කරගත යුත්තේ "නියම ක්‍රමයට" මිසක් හොර පාරෙන් නෙමෙයි. ඩොලරයේ මිල ඉහළ යාමට බලපාන දේ කරන අතරම ඩොලරයේ මිල පාලනය කිරීමේ ප්‍රතිඵල දැන් ඇස් පනාපිටම පේන්න තිබෙනවා. මතක තියා ගන්න අනාගතය ගැන සැලකූ විට තවමත් ඩොලරයේ මිල තියෙන්නේ සතුටු විය හැකි තැනක බව. පොලී අනුපාතික ගැන කියන්න තියෙන්නෙත් ඒකමයි.

මේ ණය ජනතාවගේ එකඟතාවයෙන් තොරව රජය විසින් ජනතාව උකස් කර ගත් ණය සේ සලකා ඒකපාර්ශ්වීය ලෙස ගෙවීම කල් දැමීම සාධාරණිකරණය කළ හැකිද?

මෙහි "රජය විසින් ජනතාව උකස් කර ගත්" කියන කොටස නිවැරදි වුවත් "ජනතාවගේ එකඟතාවයෙන් තොරව" කියන කොටස නිවැරදි නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී රටක බහුතර ජනතා කැමැත්ත ලබා බලයට පත් වූ ආණ්ඩුවක මෙහෙයවීම යටතේ රජය විසින් ජනතාව උකස් කර ගත් ණය සැලකිය හැක්කේ ජනතාවගේ එකඟතාවයෙන් ලබාගත් ණය ලෙසයි. ඒ වගේම, මෙහිදී ප්‍රායෝගිකව බලපාන්නේ ජාත්‍යන්තර ගිවිසුම් නීති මිසක් සාධාරණත්වය පිළිබඳ මූලධර්ම නෙමෙයි. කලින් විස්තර කළ පරිදි, මෙය සාධාරණත්වය පිළිබඳ ප්‍රශ්නයක් නොව විකල්ප නැති වීම පිළිබඳ ප්‍රශ්නයක්.

දැන් ණය හිමියන්ට වෙන්නේ කුමක්ද?

වහාම සිදුවන දෙය ඔවුන්ට ලැබිය යුතු ණය වාරික හා පොලී මුදල් ලංකාවට ලබා දුන් අලුත් ණය බවට පරිවර්තනය වීමයි. එනම් ප්‍රාග්ධනීකරණය වීමයි. උදාහරණයක් ලෙස ජූලි මාසයේදී කිසියම් අයෙකුට ඩොලර් මිලියන 100ක ස්වෛරිත්ව බැඳුම්කර ආයෝජන වෙනුවෙන් එම මුහුණත වටිනාකම හා ඩොලර් මිලියන 2.9375ක කූපන් පොලී මුදලක් ලැබිය යුතු වුවත් දැන් එය ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට ඇය එදින ඩොලර් මිලියන 102.9375ක අළුත් ස්වෛරිත්ව බැඳුම්කරයක හිමිකාරියක බවට පත් වෙනවා. ඒ වෙනුවෙන් එම මුදල ආපසු ගෙවන තුරු 5.875%ක පොලියක් ලැබෙනවා. ලැබෙනවා කිවුවත් එම මුදල බැංකු පොලියක් මෙන් ඉහත ආයෝජනයටම එකතු වෙන එකයි වෙන්නේ.

මේ වැඩේට ණය හිමියෝ කැමති වෙයිද?

අනිවාර්යයෙන්ම ඔවුන් කැමති වන එකක් නැහැ. මොකද මේ 5.875% පොලියට (ඉහත උදාහරණයේදී) ඔවුන් කැමති වී තියෙන්නේ වසර 10කට පෙර 2012දී. ඒ දවස්වල ලංකාවට ණය දෙන එකේ දැන් මෙන් අවදානමක් පෙනෙන්න තිබුණේ නැහැ. දැන් ඔවුන් මේ වගේ අඩු පොලියකට තමන්ගේ ණය අළුත් කරන්න කැමති වන්නේ නැහැ. ඉදිරියේදී මේ ණය හිමියන් එක්රැස් කර කරන සාකච්ඡාවකදී බොහෝ විට ඔවුන්ගේ නොගෙවූ ණය හා පොලී ආපසු ගෙවන තුරු මීට වඩා ගොඩක් වැඩි පොලියක් ගෙවීම සඳහා ශ්‍රී ලංකා රජයට එකඟ වෙන්න වෙයි. එවැනි එකඟතාවයක් ඇති කර ගන්න බැරි වුනොත් ඔවුන් නඩු මගට ගොස් ප්‍රමාද ගාස්තු, නඩු ගාස්තු ආදියත් ඉල්ලා සිටියි. කොහොම වුනත් දැනට ඔයිට වඩා වෙන කරන්න කියලා දෙයකුත් නැහැ. 

මීට පස්සේ ලංකාවට ණය ගන්න බැරි වෙයිද?

රටක් ණය පැහැර හැරියා කියලා ආයේ කවදාවත්ම ණය ගන්න බැරි වෙන්නේ නැහැ. හැබැයි ලංකාවේ දැන් පවතින තත්ත්වය යටතේ තව සෑහෙන කාලයකට විදේශ ණය ගන්න ලේසි වෙන එකක් නැහැ. ණය නොගෙවා හිටියා කියලා ණය අහෝසි වෙන්නේ නැහැ. ඒ ණයට දවසින් දවස පොලී එකතු වෙනවා. ඒ එක්ක ලංකාවේ විදේශ ණය බර දැන් තිබෙනවාට වඩා විශාල ලෙස ඉහළ යයි. ඒ විදිහට ණය වැඩිවෙන්නේ අලුත් ණය එක ඩොලරයක් හෝ රටට එන්නේ නැතුවයි. බොහෝ විට ඉදිරි වසර පහ තුළ ගෙවිය යුතු ණය ටික ගෙවන්න පමණක් අඩු වශයෙන් අවුරුදු දහයක් යයි. ගත්ත ණය ටිකවත් ගෙවාගන්න බැරිව දඟලන රටකට සාමාන්‍ය ආයෝජකයෝ ණය දෙන එකක් නැහැ. මම කියන්නේ නුදුරු කාලය ගැනයි. ද්විපාර්ශ්වික ණයනම් තීරණය වන්නේ වෙනත් කරුණු මතනේ. ඒවා ලැබෙයි. 

ණය ප්‍රශ්නය ආර්ථිකයට බලපාන්නේ කොහොමද?

බොහෝ විට ඉදිරි වසර දහයක පමණ කාලය තුළ ලංකාවට ලැබෙන විදේශ විණිමය ටික පිරිමහගෙන වියදම් කරන්න වෙයි. ඒ අතර ණය ගෙවන්නත් විදේශ විණිමය වෙන් කරන්න වෙයි. ඒ කියන්නේ ඩොලරය දිගින් දිගටම විශාල ලෙස ඉහළ යන්න ඉඩ හරින්න වෙනවා කියන එකයි. පොලී අනුපාතිකත් විශාල ලෙස ඉහළ යයි (ඉතිරිකිරීම් තියෙන අයට හොඳ ආරංචියක්!). ගොඩක් ආනයනික භාණ්ඩ ලංකාවේ මධ්‍යම පංතියට පරිභෝජනය කළ නොහැකි සුඛෝපභෝගී භාණ්ඩ බවට පත් වෙයි. අවුරුදු හතළිහකට පමණ පෙර තිබුණු සරල සුන්දර ජීවිතය ගැන ෆේස්බුක් පෝස්ට් දාපු අයට ඒ ජීවිතය විදින්න ඉඩ ලැබෙයි. රජයේ වියදම් විශාල ලෙස කපා හරින්න සිදු වෙයි. රටේ ඒක පුද්ගල ආදායම (ඩොලර් වලින්) දශක ගානකින් පස්සට යන්න පුළුවන්. මේවා අශුභවාදී අදහස් කියා හිතෙන අයට කියන්න තියෙන්නේ මේ ලියන්නේ පුලුවන්ම තරම් ශුභවාදී ලෙස බවයි.

මේක ගොඩදාන්න වෙන විදිහක් නැද්ද?

කණගාටුවෙන් වුනත් කියන්න වෙන්නේ නැවත මුල සිටම පටන් ගන්නවා හැර වෙන විකල්පයක් නැති බවයි. මේ වෙන්න යන්නේ සිස්ටම් රීසෙට් එකක්. ඕක කවදා හරි අනිවාර්යයෙන්ම වෙන දෙයක්. කලින් වෙන තරමට හොඳයි. වෙච්ච වැරදි වලින් පාඩම් ඉගෙන ගත්තොත්, හදිසියේ නොවුනත්, අළු ගසා දා නැගිටලා ගොඩ යන්න පුළුවන්. 

25 comments:

  1. දන් අපේ රට නිලවශයෙන් බංකොලොත් කියන එකද මේ කිව්වේ. ඉකොනොගෙන් රට කවද්ද බංකොලොත් වෙන්නෙ කියල අහපු උන්ට?? හරිම දුකයි.

    ReplyDelete
    Replies
    1. ඔව්. මම හිතුවේ අඩු වශයෙන් ජූලි 25 දක්වාවත් අල්ලාගෙන ඉන්න පුළුවන් වෙයි කියලයි. අවංකවම විශාල කණගාටුවක් තියෙන්නේ.

      Delete
    2. ඇත්තටම ඉකොනොමැට්ටා මේ කෙටි වීඩියෝ එකේ ආචාර්ය හර්ෂ ද සිල්වා ලංකාවේ දිළිඳු ජනයා නගා සිටුවීම සහ බඩු මිල වැඩි වෙලා නිසා වන හානිය අඩු කිරීමට අවශ්‍ය හොඳ යෝජනාවක් ඉදිරිපත් කරන්නේ මේ බලන්න.

      https://www.facebook.com/headlinenewslk/videos/1000275023739980/?app=fbl

      බංකොලොත් බව ප්‍රකාශ කළත් මම හිතන්නේ මේ වගේ සැලසුමක් තියෙන නිසා ආචාර්ය හර්ෂ ද සිල්වාට අගමැති හෝ මුදල් ඇමති වැනි වගකිව යුතු තනතුරක් ඉතා ඉක්මනින් ලබා දිය යුතු බව සහ රාජපක්ෂ පවුලේ කිසිම කෙනෙක් නොසිට බලය අතහැර රටෙන් පිට වී යා යුතු බවයි, එතකොට මේ ප්‍රශ්නය විසඳා ගැනීමට පුළුවන් වෙයි බොහෝ දුරට.

      Delete
    3. සජිත් ප්රේමදාස යටතේ මොන ඇමතිවුනත් හර්ෂ ද සිල්වාටත් සොරිම තමයි

      Delete
    4. සජිත් ප්‍රේමදාස කියන්නෙ නොවැදගත් සාදකයක්. යූඑන්පී ප්‍රතිපත්තිය කවදත් වෙලඳප්ල හිතවාදී. ප්‍රේමදාස තමයි මුලින්ම් 90ගනන්වල රජයේ ආයතන විකුනන්න පටන් ගත්තෙ.

      Delete
  2. ඉකොනොමැට්ටා ලංකාවේ භාණ්ඩ හා සේවා ආනයනය කරන ආයතන අනාථයි මේ බලන්න මේ ආනයනික භාණ්ඩ වෙළඳාමේ නිරත වන මහත්මයා පවසන දේ;

    https://www.facebook.com/NewCitizenTV/videos/1140121616523924/?app=fbl

    ලංකාවේ අත්‍යවශ්‍ය භාණ්ඩ වලින් 67% ක් විතර විශේෂයෙන් සූදුරු, මාදුරු, කරවල, හාල්මැස්සන්, උම්බලකඩ, කඩල, පරිප්පු, උඳු, මුං, සීනි, ආටා පිටි, හාල් වර්ග ගොඩක් වගේම කොත්තමල්ලි, අබ, උළුහාල්, ගම්මිරිස්, දොඩම්, මිදි වගේ ගොඩක් දේවල් ආනයනය කරන්නේ ඉන්දියාවේ සිට නමුත් දැන් ඒ දේවල් ඉතාමත් අධිකව මිල ගණන් වැඩි වෙලා තියෙන්නේ ඒ වගේම භාණ්ඩ හරිම හිඟයි, කහ ග්‍රෑම් 50 රුපියල් 600 ට ගියා පහුගිය කාලේ මේ වගේ රටක මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද?

    මිනිස්සු පාරට බැහැලා කෑ ගහන එක ඉතාමත් සාධාරණ හේතුවක්. ණය ගෙවන එක නවතා වහාම ආහාර බෙහෙත් ඉන්ධන ගෙන්වීමට මුදල් නිකුත් කරන බව මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා අද හැමෝටම පැහැදිලි කළා ණය ගෙවන එක කල් දාල ඉක්මනට අවශ්‍ය පරිදි භාණ්ඩ ලබාදී ජන දුක නිවිය යුතුයි.

    ReplyDelete
  3. ඔබ කියන දේ හරි, මේ වෙලාවේ කළ හැකි නරක අඩු සහ බරපතල බලපෑම් අවම වන තීරණය තමයි ගන්න වෙන්නේ එහෙම නේද? හැමෝම කියන්නේ රටේ ව්යවස්ථාවෙන් පිට දේවල් කරන්න, ඒ කියන්නේ වල් බුරු තර්ක. එහෙමනම් හමුදා ආණ්ඩුවක් තමය් විකල්පය, එකට සජිත් අනුර කැමැතිද?

    වෘර්ත්තිකයන් රට බාරගෙන ගොඩගනී කියලා හිතන්න බෑ.

    වෘර්තිහ්තිකයන් ලංකාවේ දේශපාලනයට කවදත් එන්නේ නැත්තේ අපහාස නිසා, දේශපාලනයට ආපු ගමන් දෙමාපියන්ගේ තියා සීයලා ආච්චිලා අලගිය මුලගිය තැන් වල සිට මුළු පරම්පරාවටම සහ කතා කරන වචනයක්, හිනාවක් තබා කැස්සක් පවා අල්ලලා සමච්චල් අවලාද මඩ ගහන එක සාමාන්‍ය දෙයක් ලංකාවේ දේශපාලන පක්ෂ විපක්ෂ කණ්ඩායම් වල තියෙන සංස්කෘතිය එහෙමයි.

    ලංකාවේ ආණ්ඩුවේ වගකිව යුතු තනතුරු දරපු අය හැමෝම රට මේ අගාධයට හෙළූ එක ගැන වගකීම භාර ගත යුතුයි ඊට ඔවුන්ට අවශ්‍ය පරිදි දඬුවම් පමුණුවමින් මෙබදු දේ නැවත වෙන එක වලක්වන්න ක්‍රමයක්වත් ක්‍රියාත්මක කරන්න ඕන. අනිත් පැත්තෙන් විපක්ශේ ඔහොම හැසිරෙන්නේ උන් දන්නේ ඔච්චරක්ම පමණක් නිසා, ඔය එකෙක්ටවත්, රාජපක්සල, සජිත්ලා, අන්රෛයල කාටවත් මේකේ ප්‍රශ්නයක් තියෙනවා කියල තේරෙනවා මිසක් මේකෙන් ගොඩඑන්නේ කොහොමද කියල කිසිම දැක්මක් ප්ලෑන් එකක් නෑ. ඔහේ පිස්සු කියවමින් බැන බැන ඉන්නවා විතරයි. ඔය එක වේ$%#& පුතෙක්ටවත් කිසිම පිටරටකින් ආධාරයක් ගන්න පුළුවන් තරමේ ඇයි හොඳයියක් වත් විදේශ මූල්‍ය ආයතන, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හරහා වැඩේ ගොඩ දාගන්න වත් කැපෑසිටියක් වත් නෑ. ඒ වගේම ආණ්ඩුවේ වගේම විපක්ෂයේ පක්ෂ වලත් මුන් සියලුදෙනා මේ සොරකම් වලට අඩු වැඩි විදියට සම්බන්ධයි. ඒකත් ලොකු ප්‍රශ්නයක් මේ වගේ කාරණා රාශියක් තිබෙනවා ලංකාවේ අප හැකි උපරිම වශයෙන් ඇඩ්රස් කළ යුතු.

    ReplyDelete
    Replies
    1. මේ තත්වෙට මූලිකවම උදව් වෙච්ච තව පාර්ශවයක් ඔබට මග හැරිලා - ඒ තමයි බඩ ගැන හිතා සබ්බ තීරන ගත්ත/ගනිමින් පවතින මහජනතාව

      Delete
  4. හුඟක් සුදුස්සෝ බලයට ආවම විහින්ම කොටුවී හිරේ වැටේ
    එහෙමත් නැත්තං සීත කාමරේ සීතෙන් මොළගෙඩි හිරි වැට්ටේ
    අනෙක් විකල්පය, ඔය ලොකු පුටුවල වාඩි වෙද්දි තැලෙනවද ඇටේ
    මඤ්ඤං කෙළින්නෙ ඒ හින්දද උන් - රටම වට්ටලා මකර කටේ

    ReplyDelete
  5. ඉකොනොමැට්ටා මම හිතන්නේ මේ කියන දේවල් කළොත් ලංකාවේ ආර්ථිකය නැවත හරි පාරට ඉතාමත්ම ඉක්මනින් දමා ගැනීමට පුළුවන් වේවි නේද?

    https://fb.watch/clj7oPhl2m/

    මේ මහතා කිසිදු මුදලක් ලබා නොගෙන ස්වේච්ඡාවෙන් ගරු සේවයක් ලෙස රට භාර ගෙන ඉතාමත්ම කෙටි කලක් තුලදී ණයත් ගෙවා රටේ ආර්ථිකය දියුණු කර නැවත සංවර්ධිත රටක් බවට පත් කළ හැකි බව පවසනවා, ඔබ මේ ක්ලිප් එකේ ඔහු යෝජනා කරන මේ සැලසුම් ගැන හිතන්නේ මොකක් ද?

    මීට අමතරව අද පාන්දරම Sri Lanka defaults on entire $ 51 Billion dollar external debts ආදී වශයෙන් පොල් ගෙඩි අකුරින් හෙඩ් ලයින් දමමින් ලංකාව ඩොලර් බිලියන 51 ක විදේශ ණය ගෙවීම පැහැර හැර ඇති බව ජාත්‍යන්තර පුවත් සේවා රැසක් වාර්තා කර තිබුණා. මේ නිසා ලංකාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට විදේශීය විනිමය අවසන්වීමෙන් පසු මෙම පියවර අවසාන විකල්පය ලෙස ගෙන ඇති බව එම වාර්තාවල සදහන්. France 24 ප‍්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ එංගලන්තයෙන් ලැබුණු නිදහසින් පසු ලංකාව සිය දරුණුතම ආර්ථික පසුබෑමට මුහුණ දී ඇති බවත් නිරන්තරයෙන් දවසට පැය ගණන් විදුලි ඇණහිටීම සහ ආහාර සහ ඉන්ධන වල උග්‍ර හිගයක් ඇතිව තිබෙන බවයි. ඒ වගේම ලංකාව පසුගිය වසරේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් පහත හෙළා ඇති අතර ණය රැස් කිරීම සඳහා විදේශ ප්‍රාග්ධන වෙළෙඳ පොළ වෙත ප්‍රවේශ වීම අවහිර කර ඇති බවත් වාර්තාවේ තව දුරටත් විස්තර කරලා ලියලා තියෙනවා.

    කෙසේ වෙතත් මේ වනවිට මැදපෙරදිග කලාපයේ රටවල්, දකුණු කොරියාව, මැලේසියාව, තායිලන්තය, සයිප්‍රස්, අප්‍රිකා රටවල් ගොඩක්, රුමේනියාව, ඉතාලිය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව වැනි ලාංකීයයන් විශාල වශයෙන් නිතිපතාම මුදල් එවන රටවල විදේශීය මුදල් හුවමාරු කරන්නන් ශ්‍රී ලංකා රුපියල් මිලදී ගැනීම සම්පූර්ණයෙන්ම නතර කර ඇති බවට සමාජ ජාල වල පින්තූර හුවමාරු වෙමින් ඇත. (මේ වනවිට මැලේෂියාවේ ක්වාලාලම්පූර් සහ පුත්‍රජයා විදේශ මුදල් හුවමාරු කරන්නන් ශ්‍රී ලංකා රුපියල් මිලට ගැනීම නවත්වා ඇති බවට සඳහන් ඡායාරූප පෙළක් ලංකාවේ සමාජ ජාල වල ට්‍රෙන්ඩින් වෙනවා.) මේ නිසා විවිධ රටවල ලාංකීයයන් බහුල ප්‍රදේශ වල තියෙන මූල්‍ය එක්ස්චේන්ජ් සමාගම් රැසක් ඔවුන් තමන් සතු රුපියල් විකුණා දමමින් සිටින අතර නැවතත් රුපියල් වලට කන්වර්ට් කරන එක අත්හිටුවීමට තීරණය කර ඇතැයි වාර්තා වෙලා තියෙනවා.

    මේ දේවල් මෙහෙම සිදුවන අතර දැනට ලංකාවේ ටිකෙන් ටික පැතිරෙන ජනතා අරගලය ඉදිරියේදී තවත් උත්සන්න වෙන්න පුළුවන්. එවිට ඇතිවිය හැකි බැරෑරුම්ම අර්බුදය තමයි රාජ්‍ය කඩා වැටීමට තිබෙන අවධානම. එය ආණ්ඩුවක් කඩා වැටුණාට වඩා දරුණු තත්ත්වයක්. ආණ්ඩුවක් කඩා වැටුණම ඕනම කෙනෙකුට ආයෙත් ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්. නමුත්, රාජ්‍ය කඩා වැටුණොත් එය බරපතල ප්‍රශ්නයක් බවයි මගේ හැඟීම. මේ ගැන පැහැදිලි කළ හැකි ද? ස්තූතියි.

    ReplyDelete
  6. සබ්‍රි ඉක්වදෝරය ගැන මොන මොනවද කිව්ව නේද? ඉක්වදෝරෙ ගොඩ ගිහිල්ලද තියෙන්නෙ? ඔවුන් කල ප්‍රතිසන්ස්කරන මොනවද?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඔය විදිහට වෙන රටවල් දිහා බලන එක එතරම් තේරුමක් නැති වැඩක්. ලංකාවේ පවතින තත්ත්වය දෙස හා කරන වෙනස්කම් දෙස බලා සිදුවිය හැක්කේ කුමක්ද කියන එක තේරුම් ගැනීම වඩා පහසුයි හා නිවැරදියි.

      Delete
  7. ඩිෆෝල්ට් කලාම isb වල අගය බින්දුව වෙනවද?
    එහෙම උනොත් විදේශ ණය ප්‍රමානය අඩු වෙනව නේද ණය ප්‍රමානය ගනනය වෙන්නෙ වෙලෙදපොල අගය මත නිසා?

    ReplyDelete
    Replies
    1. දැනටනම් මිලේ වෙනසක් පෙනෙන්න නැහැ.

      Delete
  8. ලංකාවේ බහුතර ජනතාවට ජනපති ඇතුළු හොර පවුලම එලවා දමන්න ලොකු අවශ්‍යතාවක් තියෙනවා.. මේ ඒකට ප්‍රධාන හේතු අධික ලෙස හැම දෙයක්ම මිල ගණන් වැඩි වීම, මේ මිල ගනන් දැන් තව වැඩි ඇති... හෙට ඊටත් වඩා විශාල වශයෙන් වැඩි වේවි...

    සජිත් ප්‍රේමදාස මහතා නිවාස සංවර්ධන ඇමතිවරයා වශයෙන් ප්‍රබල තනතුරක් දරමින් ජනතාවට සේවය කිරීමට කැපවී සිටිමින් එවකට සිටි ජනපති සහ අගමැති දෙදෙනාටම බලපෑම් කර ජනතාවට සහන සේවා සැලසීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ පහුගිය රජය සමයේ පැවති මිල ගණන් මේ;

    එදා:

    ��රු: 850 තිබූ රට සිමෙන්ති - අද 2390/=
    (රූ. 970 ට තිබුණ ලෝකල් සංස්ථා සිමෙන්ති 1,950)

    ��රු: 65 පරිප්පු - අද 400/= (⬆️)

    ��රු:50 පාන් - අද 140/=

    ��රු: 60 වියළි මිරිස් (දිල්ලි හොට්) 100g - අද 160/=(⬆️) (ලෝකල් මිරිස්, අමු මිරිසුත් කලින්ට වඩා ගණන්)

    ��රු 88 කැකුළු හාල් - අද 120/=(⬆️)

    ��රු 93 නාඩු හාල් - අද 150/=(⬆️)

    ��රු 97 පොන්නි හාල් (ඉන්දියන්) - අද 220/=(⬆️)

    ��රු 180 බාස්මතී හාල් (පකිස්ථානු) - අද 320/=(⬆️)

    ��රු 137 පෙට්‍රල් - අද අද 254/=

    ��රු 121 ඩීසල් - අද අද 167/=

    ��රු: 1,690 ගෑස් - අද 4,200/=

    ( අද මිල ගිහිල්ලම බලන්න ඕනි. )

    සියලුම ජනතාව මේ අධික ජීවන බරින් නිදහස් විය යුතුයි.. ලංකාවේ මේ දවස් වල අපේ ගෙදර කට්ටිය එහෙම බත් එක අතට ගන්න හැම වතාවකම අපි මෙහෙම හරි කනවා.. නමුත් දුප්පත් ජනතාව මොකද කරන්නෙ කියලා කල්පනා කරනවා. එදා වේල හම්බ කරන මිනිහා අද අයකරන කුලී ඩබල් නෙවෙයි ට්‍රිබල් වෙලා, මධ්‍යම පන්තියේ ලංකාවේ ඉන්න අපේ පවුල් වල අයට මෙච්චර අමාරු නම් තත්වය අපිටත් වඩා අඩියෙ ඉන්න මිනිහට කොහොම දැනෙනවා ඇත්ද❓ මේ සෙල්ලම නතර කල යුතුමයි..

    #GiveUsOurStolenMoneyBack

    ReplyDelete
  9. ගෝටාගෝගමේ සමෘද්ධි බැංකුවේ වැඩට ඉකොනෝ මහතාව ගමු. ගිණුම් හරියට බැලන්ස් කරගමු. ඉතිරි සල්ලි වලින් හෝටලයකට යමු.

    ReplyDelete
    Replies
    1. මුලින්ම තිබ්බේ ආර්ථික පීඩනය දරාගත නොහැකිව කරපු තරුණයන්ගෙ අරගලයක්... ඒක ඇතුලේ ආණ්ඩුවට එරෙහි අරගලයකුත් තිබුනා... ඒකෙ වරදක් නෑ...

      ඒත් දැන් අරගලේ අස්සෙ අරගල කරන්නේ වටාපතට එරෙහිව..දළදා මාලිගාවට එරෙහිව... ඊළඟට එක එකා තම තමන්ගේ පෞද්ගලික ඇජෙන්ඩා වලට අනුව පුද්ගලික වාසි ප්‍රයෝජන ලබා ගැනීමට අරගලය හයිජැක් කරලා තියෙනවා.

      සන්නස්ගල වගේ නිරාගමික අන්තවාදී පූජකයො සූක්ෂමව තමන්ගෙ අතට අරන් මෙහෙයවන අරගලවල අන්තිම ප්‍රඵිපලය මොකක්ද කියලා ඇහුවොත් සන්නස්ගලලට ඕන ජාතිවාදය අවුලවන්න... ආගම්වාදය අවුලවන්න... ඊට පස්සෙ සිංහල බෞද්ධයන්ට ඒකෙ වරද පටවන්න... හැබැයි ඒකේ ප්‍රතිඵල එද්දි තවත් මිනිස්සූ සිය ගණනකට ජීවිත අහිමි වී යාමට ඉඩ තියෙනවා.

      ඉකොනොමැට්ටාත් මැරියන් රටේ ඊස්මාරක වටරවුම පැත්තේ ඇවිත් මොකක් ද තොයිලයක් නටලා රඟලා ගියා නේද? බොරු සෝබන කාරයෝ විතරයි යකෝ අරගලයක් නම් දිගටම පවත්වාගෙන යන්න ඕන නිකන් නමට විනාඩි කිහිපයක් බෝඩ් කෑල්ලක් අරගෙන පොටෝ එකක් දාල ගොන් ආතල් අරන් වැඩක් නැහැ නේද?

      ඉකොනොමැට්ටාට මම යෝජනා කරනවා නම් කරන්නේ ඔය ලංකාවේ ගෝටාගෝගමේ උද්ඝෝෂණයට ආධාර ලබා දෙන මුවාවෙන් කෝටි ප්‍රකෝටි ගණනින් සල්ලි හොරකම් කරන ජාවාරම් කරුවන් ගැන හොයා බලන්න කියලා, විශේෂයෙන්ම එංගලන්තයේ ලන්ඩන් නගරයේ වාර්තාකරුවන්ට කැඳ/ සුප් ලබා දීමට බව කියමින් විශාල වශයෙන් මුදල් වංචාවක් හෝ හොරකමක් සිද්ධ වෙනවා නේද මේ දවස්වල? මේ ගැන ඔබට සොයා බලා හොරුන් ගැන හෙළි දරව් කළ යුතුයි.

      Delete
  10. මීට සියවසකටත් එපිට ලෙව්ෆ් කමනෙෆ්ව්ලාගේ සිට ව්ලාදිමීර් ඉල්යීස්ච් උල්යනෝව්ෆ් දක්වා වූ අරගලකාරී නායකත්වය සඳහා මර්දනකාරී ට්සාර් වැඩවසම් සමාජ ක්‍රමයට ජනතාව පෙළගැස්වීම පිණිස මක්සිම් ගෝර්කි ස්වකීය අතිවිශිෂ්ට සාහිත්‍ය තුළින් රුසියානු විප්ලවයට ජීවය දුන්නේය.

    එදා චිලී දේශය බිලිගත් ඇමරිකානු රූකඩයක් වූ ඒකාධිපති මිනීමරු ඕගස්තෝ පිනෝස්චේ එළවීම සඳහා වූ දැවැන්ත ජන අරගලය ඉදිරියේ බික්තෝර් යාරා (Victor Hara) ගීත ගයමින් චිලියේ ජනතා සටන මුවහත් කළේ ජීවිතේ පවා බිහිසුණු වධක අලුගෝසුවන්ට පුජා කරමින්...

    සමස්ත ලතින් ඇමරිකන් අරගලකාරී සමාජ ක්‍රියාකාරීන්ට අවශ්‍ය නිර්මාණාත්මක උත්තේජනයක් ලබාදීම සඳහා පැබ්ලෝ නෙරූදා කවියෙන් ජනතා සටනට ශක්තිය දුන්නා.

    අද ගතින් වියපත් නමුත් සිතින් තවමත් තරුණ තරුණියන් හා එක්ව අරගල කරන නන්දා මාලිනිය අසූව දශකයේ ඇමරිකානු රූකඩයක් වූ යැංකි ඩිකීගේ දැඩි මර්දනකාරී බිහිසුණු පාලනයට එරෙහිව ජීවිතේ දැඩි අවදානමක දමාගෙන පවන ප්‍රසංගය ආරම්භ කරමින් ගීතයෙන් පීඩිතයන් අවදි කළ අයුරින් නැවතත් සුපුරුදු පරිදි ක්‍රියාත්මක වෙමින් අලුත් ඩිජිටල් පරපුරේ තරුණ තරුණියන් යලිත් වරක් අවදි කරමින් දැනටමත් ලංකාවට විශාල විනාශයක් සිදු කර ඇති ඇමරිකානු රූකඩ විනාශකාරී පවුල් පාලනයක් බිඳ දැමීමට ජන සටන අවදි කරමින් සිටින අතරම සුනිල් ආරියරත්නයන්ගේ සිට සන්නස්ගල දක්වා සියලු සටන්කාමීන් මේ වනවිට ලංකාවේ අරගලයට නායකත්වය ලබා දෙමින් විශිෂ්ට සේවයක නිරතව සිටින බව පේනවා. මේ අරගලයේ නායකත්වය සන්නස්ගලයන් විසින් අත්පත් කරගත් ආකාරය ඉතාම සිත්ගන්නා සුලුයි, එය ඉතාම සාධනීය ආක්‍රමණයක්.

    සැබැවින්ම 2015 එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය ඉල්ලූ අපරිණත සන්නස්ගලයන් අද ඊට වඩා බෙහෙවින් පරිණත තැනකට පැමිණ ජවිපෙ ජාතික ජන බලවේගයේ නායකත්වය සමග නවීන සමාජවාදී සමාජ භාවිතාවන් මැනවින් සහ තදින් වැළඳගෙන තිබෙන බව බොහෝ දෙනෙක්ගේ විශ්වාසයයි. නිර්මාල් රංජිත්ට ඕන වුණත් කරගන්නට බැරි වුණු දෙය සන්නස්ගල විසින් කර තිබේ. සමාජ අධ්‍යාපන කාර්යයේ ඔවුන් දෙදෙනාම අසාර්ථක වුවත් සන්නස්ගල විසින් එම අසාර්ථකත්වය සිය සාර්ථකත්වයට පෙරළාගෙන තිබේ. එය සැබෑ ව්‍යවසායකයෙකුගේ ලක්ෂණයකි. ධන බලය සහ පිරිස් බලය සහිත අලුත් දේශපාලන බලවේගයක් ඔහු විසින් නිර්මාණය කර තිබේ. සන්නස්ගලයන්ට ආවේණික “බ්ලැක් ෂීප්” පෞරුෂය මේ අරගලකරුවන්ට කදිමට ගැලපේ. ඔහුගේ පැසිව් සිංහල බෞද්ධ විරෝධයත්, රොමෑන්ටික ෆැන්ටසියත්, ගංජා ආදී නවීන මද්‍ය සංස්කෘතියත්, අයි ඩෝන්ට් ගිව් අ ෆක් ටයිප් එකේ ලයිෆ් ස්ටයිල් එකත් අරගලකරුවන්ට මනාව ගැලපේ. සැබැවින්ම මේ අරගලයේ නායකත්වයට සන්නස්ගලයන් නිතරගයෙන් තේරීම අතිශය ස්වභාවිකයි. ජවිපෙ අරගලය හරහා තව දුරටත් පෙරට යන ගමන ප්‍රවර්ධනය වීම සහ සජබ දැන් සද්දේ වහලා ඉන්නේත් ඒ නිසයි. ජවිපෙ විසින් දියත් කළ රැල්ල මතට දැන් සන්නස්ගලයන් ඉතා දක්ෂ ලෙස පැමිණ ඉතා මැනවින් සහ තදින් නායකත්වය සපයමින් තිබේ. මැතිවරණ දේශපාලනයේ මෙයින් වැඩිපුරම හානි වෙන්නේ යල්පැනගිය එජාප සහ සජබ ඡන්ද ගොඩට බව අමුතුවෙන් කිව යුතු නැත. ජවිපෙ සහ පෙරටුගාමී පක්ෂ වටා රොදබැඳ සිටින විශ්වවිද්‍යාල තරුණයන්ට දැන් අලුත් ඔප්ෂන් එකක් ලැබී තිබේ. එය පරණ ඒවාට වඩා "ෆන් තමයි" ආකාරයේ සුන්දර එකක්, ඒ නිසාම සන්නස්ගලයන් යනු ඊළඟ පාර්ලිමේන්තුවේ සිටිය යුතුම අයෙක්. මහමැතිවරණය කවදා තිබ්බත් ඊළඟ පාර්ලිමේන්තුව තුළට සන්නස්ගලයන්ගේ මේ දේශපාලන අන්ඩර් ඩෝග් බලවේගය පැමිණීම වැළැක්විය නොහැකියි. දැන් කිරීමට ඉතිරිව ඇත්තේ මේ වස්සානේ සිහිනය දියාරු වන්නට පෙර නිශ්චිත දේශපාලන වැඩපිළිවෙලකට එය පරිවර්තනය කිරීමයි. අප හිතමිතුරු සන්නස්ගලයන්ට එය කිරීමට හැකි වේවා යැයි මම ඉතාමත් දැඩි ඕනෑකමකින් ප්‍රර්ථනා කරමි.

    අරගලයට නිශ්චිත හැඩතල නැතත් තම තමාගේ හැකියාවන් සහ තම ශක්තියෙන් ඊට දායක විය යුතුය. එවිට ගංගා සියල්ලම වෙන වෙනම ගලාවිත් මහසයුරට එක් වෙන්නා සේ, තම හැකියාවන් සහ ශක්තිය මතින් පැමිණ මේ මහා ජන සයුරට එක්ව අරගලය ජය ගනු ඇත. අරගලයට ජය වේවා!

    ReplyDelete
  11. රාජපක්ෂලා ගාව ඩොලර් බිලියන 10 ක්‌ ද කොහෙද තියෙනවා කියන්නේ. ඒ සල්ලි ටික රටට ආය ගේන්න පුළුවන් වුනොත් මේ ප්‍රශ්නේ විසදෙනවා නේද.

    ReplyDelete
    Replies
    1. නෑ රාජපක්ෂ හොර රැල 2014 වෙද්දි විතරක් හොරකම් කරපු මුදල ඩොලර් බිලියන 18 ක් ඉක්මවා ඇති බව වෛද්‍ය රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිතුමා සහ මංගල සමරවීර විදේශ ඇමති/ මුදල් ඇමතිතුමා ඉතාමත් ප්‍රසිද්ධියේ මාධ්‍ය අමතා තහවුරු කළා 2015 - 2018 කාලයේ දී. මාධ්‍යවේදීන් අමතා රටේ වැදගත් වගකිවයුතු ඇමති ධූර දරන ගමන් ඔවුන් දෙදෙනා සහ හිටපු තවත් මුදල් ඇමතිවරයකු වන කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකත්වය ලබා ඇති රවී කරුණානායක මහතා ද මේ බව තහවුරු කළා මතකයි. මේ නිසා මේ මුදල සැබෑ ගණනක් විය යුතු යි.

      එමෙන්ම ලංකාවේ ගෝල්පේස් ආශ්‍රිත ප්‍රදේශයේ "ගෝටාගෝගම" විරෝධතා උද්ඝෝෂණය අතරේ පිරිසක් විසින් බෝඩ් එකක් ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරන ලද අතර එම බෝඩ් එකේ හැටියට රාජපක්ෂ හොර පවුල 2019 - 22 අතර කාලයේ දී පමණක් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1000 ක් පමණ සොරකම් කර ඇති බව පේනවා.

      එහි සඳහන් මුදල

      US$ 1,000,000,000,000,000.00 ලෙසයි සඳහන් කර තිබෙන්නේ. මේ බලන්න මේකේ තියෙන ගණන;

      https://www.facebook.com/101180348182601/posts/538776074423024/?app=fbl

      Delete
  12. මේ අවුරුද්දෙ ආර්තිකය 2.4% වර්දනය වෙයි කිය්ල නේද පුරෝකතනය කරල තියෙන්නෙ.
    මේ වගෙ තත්වෙකදිත් එහෙම වෙන්නෙ කොහොමද?

    ReplyDelete
  13. ඉකොනොමැට්ටා ලංකාවේ ආණ්ඩුව කියන මේ දේ වල් වල ඇත්තක් තියෙනවද?

    https://youtube.com/watch?v=FXM41JPUYtI&feature=share

    කියන විදියට ලංකාවේ ආණ්ඩුවට ලෝක බැංකුව හදිසි අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග ආදිය ගන්න ඩොලර් මිලියන දහයක් ග්‍රාන්ට් එකක් ලෙසත් සහ තවත් හදිසි අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය බෙහෙත් ගෑස් ආදී දේවල් ලබා ගැනීමට තව සති දෙකකින් තවත් ඩොලර් මිලියන 500 ක ග්‍රාන්ට් එකක් ද ලබා දෙන බව පවසන්නේ. මේ කියන ග්‍රාන්ට් ණය වලට පොලී අනුපාත කෙසේ ද? මම හිතන්නේ 1% ක් විතර වෙන සහන පොලී අනුපාත සහිත grant විදියට මේවා ලැබෙනවා නම් ඒක තමයි හොඳම දේ.

    ඒ වගේම තමයි ලංකාවේ ආණ්ඩුව දැන් විශ්වාස කරන්නේ ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියන දෙකක් විතර ණය මුදලක් ලබාගැනීමට කැමති වී ඇති බව, රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණේ ඉන්දියාවේ රජය මීට එකඟ වෙලා තියෙනවා කියලා. මීට අමතරව ලංකාවේ ආණ්ඩුව අයි එම් එෆ් එකට ගිහින් ඒකෙනුත් ඩොලර් බිලියන හතරක් වත් ඉල්ලනවා, ඉන් ඩොලර් බිලියන තුනක් ලැබුණොත් චීනයෙන් තවත් ඩොලර් බිලියන 2.5 ක පමණ ණයක් ලබා ගැනීමට කටයුතු කරන බව කියන්නේ මේ සියල්ල එකතු කළත් තව ඩොලර් බිලියන (0.5 + 2.0 + 3.0 + 2.5) අටක් විතරයි නමුත් මේ වසරේ ණය වාරික පමණක් ඩොලර් බිලියන දහයක් විතර තියෙනවා නේද?

    මේ නිසා ආණ්ඩුවට අනිවාර්යයෙන්ම මැයි ජූනි මාස වල ඩොලර් බිලියන දෙකක් විතර අයි එස් බී වගේ ණය ගෙවන එක පැහැර හැරීමට සිදු වෙලා තියෙනවා නේද?

    https://youtube.com/watch?v=FXM41JPUYtI&feature=share

    ReplyDelete
  14. ගෝටාගෝගම මහින්ද පතිරණ ජාත්‍යන්තර කක්කුස්සියේ මුදල් එකතු කරන්න රස්සාවට ඉකොනෝ මහතා පත් කරනා මෙන් අප කාගෙන් හරි ඉල්ලා සිටිමු

    ReplyDelete
    Replies
    1. ඉකොනෝ මහත්තයා ඇමරිකාවෙත් කරන්නේ ඒක තමයි.

      Delete
  15. මේ තියෙන්නේ ලංකාවේ අරගලය ඉතාමත් සාර්ථකව තව දුරටත් ඉදිරියට යන ආකාරය හැමෝම මේකට ලයික් කරලා ෂෙයාර් කරන්න පුළුවන් විදියට

    https://www.facebook.com/syulanka/videos/508520467484582/

    මෙන්න ආණ්ඩුව එලවල ගේන කෙනා

    ආණ්ඩුව එලවල කාවද ගේන්න හදන්නෙ කියල බොහෝ දෙන ප්‍රශ්න කරනව දැක්ක

    ප්‍රශ්නය වෙන්න ඕන කාවද ගේන්නෙ කියන එක නෙවෙයි ඊ ළගට මොකක්ද විසදුම කියන එකයි

    මට අනුව පුද්ගලයන් මාරු උනාට මේ ගැටලු විසදන්න බෑ, ඒකට රටේ ක්‍රියා පටිපාටිය වෙනස් විය යුතුයි

    රටේ මුල් පුටු දෙකේ ගැටලුවට මම හිතන විසදුම පහත සදහන් කරන්න කැමතියි

    1. මේ රට ආයතනයක් ලෙස සැලකිය යුතුයි, එය වෙනත් ආයතන වලින් වෙනස් වෙන්නෙ මේ ආයතනයේ ඉන්න සියලුම දෙනා( ඒ කියන්නෙ අපි) ආයතනයේ අයිතිකාරයො ඒ වගේම සේවකයො වෙනව

    2. රට ඉදිරියට ගෙනියන්න කාර්‍ය සාදන ම්ණුම් (KPI) තිබිය යුතුයි, ඒවා අවුරුද්දක් පාසා දෙපාර්තමේන්තුවල නායකයන් සාදා රජයට ( රටේ ඉහලම ලේකම්වරයාට, දැනට අනුව ජනාධිපති ලේකම්ට) ඉදිරිපත් කල යුතුයි, ඊට අමතරව දීර්ඝකාලීන සැලසුමද (5 අවුරුදු ) ඉදිරිපත් කල යුතුයි

    හරි දැන් අපි රටට වෙන්න ඕන දේ දන්නව, හැබැයි වෙන්න ඕන දේ දැනගත්තට කරන්න හරිම අමාරුයි, මොකද ගොඩක් ඉල්ලීම් තියෙනව හැම දෙපාර්තමේන්තුවකින්ම

    ඔන්න දැන් අපිට නායකයෙක් අවශ්‍ය වෙනව රටේ මූලිකත්වය දිය යුතු දේවල් අදුනගෙන ඒව ක්‍රියාවට නංවන්න මොකද එක එක නායකයින්ගෙ තියෙන්නෙ ප්‍රශ්න විසදීමෙ වෙනස් හැකියාවන් සහ වේගයන්

    3. රටේ විද්වත් කමිටුවක් තිබිය යුතුයි නායකත්වයට ගැලපෙන පුද්ගලයන් තෝරා ගැනීමට. මේ සදහා මූලික සුදුසුකම් ( පසුව සාකච්ඡා කරමු) සපුරන ඕනෑම කෙනෙකුට අයදුම්පත්‍ර එවිය හැකියි. ඒ අයදුම් පත් අතරින් වඩාත් ගැලපෙන නම් 3 ( ගණන වෙනස් කළ හැක) ඔවුන් අපට තොරා දිය යුතුයි.

    4. මේ අතරින් කෙනෙක් තෝරා ගැනීමට මහජන චන්දයක් පැවැත්විය යුතුයි

    5. අවුරුද්දක් පාසා ඔහුගේ හෝ ඇයගේ ප්‍රගතිය අර කලින් සකස් කර KPI අනුව මැන බැලිය යුතු අතර ඒවායින් 75% ( අඩු හෝ වැඩි කළ හැක) සම්පූර්ණ කිරීමට නොහැකි වුවහොත් ඔහුගේ තනතුර ( ජනාධිපති හෝ අගමැති ) නීතියෙන්ම අහිමි වන අතර ඊ ළගට වැඩිම චන්ද ලබාගත් පුද්ගලයා ඒ සදහා පත්වනු ඇත

    මේ වෙනස්කම් සහිත ව්‍යවස්ථාව සකස් කර ගැනීම මේ අරගලයේ අවසාන ඉලක්කය සහ විසදුම විය යුතුයි

    ඒ සදහා ප්‍රථමයෙන් හැමෝම ඉල්ලා අස්විය යුතුයි
    මේ සදහා ව්‍යවස්ථාවේ තව බොහෝ කරුණු වෙනස් කිරීමට ඇති.
    එය නීති විශාරදයින්ට බාර කරමි

    #GoHomeGota2022

    සංවාදයට විවෘතයි

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: