අපට එදිනෙදා හමු වන තොරතුරු අප විසින් "ඇත්ත" හා "බොරු" ලෙස වර්ග කර ගන්නවා. බොරු අර්ථ දැක්වෙන්නේ කිසියම් ඇත්තකට සාපේක්ෂවයි. ඒ නිසා, බොරු පවතින්නනම් ඇත්ත කියා දෙයක් පැවතිය යුතුයි.
ගැඹුරින් විග්රහ කළොත්, ඇත්ත ලෙස හඳුනා ගන්නා බොහොමයක් දේවල් කිසියම් අදියරකදී බොරු වෙන්න පුළුවන්. "ඇත්ත" හා "බොරු" පිළිබඳව එවැනි දාර්ශනික මට්ටමේ විග්රහ වලට නොගියොත්, සම්මුතිය තුළ ඇත්ත කියා දෙයක් තිබෙනවා. පොල් ගහක් පොල් ගහක් මිසක් පුවක් ගහක් වෙන්නේ නැහැ. පොල් ගහකට පුවක් ගහක් කිවුවොත් එය බොරුවක්.
රටින් රටට, සමාජයෙන් සමාජයට සම්මුති වෙනස් වෙනවා. ඒ වගේම එකම රටක එකම සමාජයක වුවත් කාලයෙන් කාලයට සම්මුති වෙනස් වෙනවා. එසේ වෙද්දී ඇත්ත කියන දෙයත් වෙනස් වෙන්න පුළුවන්. නමුත් කිසියම් සමාජයක කිසියම් අවස්ථාවකදී සම්මුතිය තුළ ඇත්ත සේ පිළිගැනෙන දේවල් තිබෙනවා. ඒ නිසාම එවැනි සම්මුතීන්ට සාපේක්ෂව බොරු කියා දේවලුත් තිබෙනවා.
පොදුවේ කියපු මේ දේවල් ආර්ථිකය හා අදාළ දත්ත, සංඛ්‍යාලේඛණ, ප්‍රකාශ හා තොරතුරු ආදියටත් අදාළයි. ඒ නිසා, ආර්ථිකය හා අදාළ දත්ත, සංඛ්‍යාලේඛණ, ප්‍රකාශ හා තොරතුරු අපට "ඇත්ත" හා "බොරු" ලෙස වැඩි අපහසුවක් නොමැතිව වර්ග කරන්න පුළුවන්.
මේ ප්‍රවර්ග දෙකට අමතරව "ඇත්ත" හා "බොරු" අතර "දුස් තොරතුරු" කියා දෙයකුත් තිබෙනවා. ඇතැම් විට මෙවැනි දුස් තොරතුරක් පැහැදිලි බොරුවක් වෙන්නත් පුළුවන්. නමුත් හැම දුස් තොරතුරක්ම පැහැදිලි බොරුවක් වෙන්නේ නැහැ. ඊට හේතුව, මුලින් කී පරිදි, බොරුව අර්ථ දැක්විය හැක්කේ ඇත්තට සාපේක්ෂව නිසා. ඒ නිසා, ඇත්ත පැහැදිලි නැත්නම්, දුස් තොරතුරක් බොරුවක් කියා තහවුරු කරන්න අමාරුයි. මේ නිසාම, පැහැදිලි බොරු වලට සාපේක්ෂව එසේ නොවන දුස් තොරතුරු වලට පවතින්න පහසුයි.
ආර්ථිකය හා අදාළව විවිධ පාර්ශ්ව විසින් දුස් තොරතුරු පැතිරවීම විරල දෙයක් නෙමෙයි. මෙසේ කරන්නන් අතර සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්, ප්‍රධාන මාධ්‍ය, ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ දේශපාලනඥයින්, ව්‍යාපාරිකයින් ඇතුළු විවිධ පාර්ශ්ව ඉන්නවා. මෙම සටහනෙහි අරමුණ වන්නේ ආර්ථිකය හා අදාළ වන එවැනි දුස් තොරතුරු පතුරවන ප්‍රචලිත ක්‍රම කිහිපයක් පිළිබඳව නිදර්ශන සහිතව පැහැදිලි කිරීමක් කිරීමයි.
ඒ එක්කම තවත් දෙයක් විශේෂයෙන් කිව යුතුයි. විවිධ පාර්ශ්වයන් විසින් අනාගතය සම්බන්ධව පුරෝකථන සිදු කරනවා. එවැනි පුරෝකථන හරියන්න හෝ වැරදෙන්න පුළුවන්. වැරදෙන පුරෝකථන කියන්නේ බොරු හෝ දුස් තොරතුරු නෙමෙයි. ඒ වගේම, කවුරු හෝ කෙනෙක් තමන් විසින් අනාගතයේදී කරන්නට හෝ නොකරන්නට අදහස් කරන දේවල් පිළිබඳව කලින් කියන දේවල් බොරු හෝ දුස් තොරතුරු සේ වර්ග කරන්න බැහැ. ඒවා වර්ග කරන්නට සිදු වන්නේ "වැරදුනු පුරෝකථන" හෝ "කඩ කළ පොරොන්දු" ලෙසයි.
මෙහි සඳහන් ප්‍රවර්ග සඳහා නිදර්ශන සපයා ගැනීම පිණිස මා විසින් උපයෝගී කර ගන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් දෙසැම්බර් 19 දින පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාවයි. මෙය රටේ ආර්ථිකය හා අදාළව තීන්දු තීරණ ගන්නා මුදල් ඇමති ධුරයද දරන රාජ්‍ය නායකයෙකු විසින් පාර්ලිමේන්තුවේදී කළ නිල ප්‍රකාශයක් වීම ඊට හේතුවයි. මෙමගින්, අදාළ කතාවේ ඇති දුස් තොරතුරු නිරාවරණය කිරීමක්ද සිදු කෙරෙන නමුත් සටහනේ මූලික අරමුණ එය නෙමෙයි. සම්පූර්ණ කතාව අවශ්‍ය අයෙකු සිටීනම්, එය ජනාධිපති ලේකම් කාර්යාල වෙබ් අඩවියේ තිබෙනවා.
1. "ලංකා ඉතිහාසයේ වැඩිම විදෙස් ප්‍රේෂණ මේ වසරේ ලැබෙනවා."
මෙම ප්‍රකාශය කරන අවස්ථාව වන විට මෙම වසර අවසන් වී නැහැ. ඒ වන විට දන්නා තොරතුරු අනුව, වසරේ පළමු මාස 11 ඇතුළත ඩොලර් මිලියන 7,197.1ක ප්‍රේෂණ රටට ලැබී තිබෙනවා. තවමත් මෙම වසර අවසන්ව නොමැති නිසා මේ වසරේ ලංකාවට ලැබෙන්නට නියමිත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය පිළිබඳව මේ මොහොත වන තුරුද අප දන්නේ නැහැ.
මීට පෙර 2016 වසරේදී ඩොලර් මිලියන 7,241.5ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලැබී තිබෙනවා. යම් හෙයකින් පළමු මාස 11 අවසන් වන විට ඊට වඩා වැඩි ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී තිබුණේනම්, ඉහත ප්‍රකාශය නිශ්චිත ප්‍රකාශයක් ලෙස සිදු කළ හැකියි. ඒ කියන්නේ, එසේ වීනම්, ඉහත ප්‍රකාශය ඇත්තක් වෙනවා. නමුත්, එසේ වී නැති බැවින් ඉහත ප්‍රකාශය ඇත්තක් නෙමෙයි.
ඇත්තක් නොවූ පමණින් ඉහත ප්‍රකාශය බොරුවක් වන්නේ නැහැ. එය බොරුවක් කියා අපට කිව හැක්කේ ඇත්ත දන්නේනම් පමණයි. නමුත් ඒ ඇත්ත අපට දැනගන්නට ලැබෙන්නේ අනාගතයේදීයි. ඒ ඇත්ත දැනගන්නා තුරු ඉහත ප්‍රකාශය සලකන්නට සිදු වන්නේ අනාවැකියක් ලෙසයි.
ඉහත ප්‍රකාශය අනාවැකියක් සේ සැලකුවහොත්, එම අනාවැකිය ඇත්තක් වීම සඳහා දෙසැම්බර් මාසය තුළ ලැබිය යුතු වන්නේ තවත් ඩොලර් මිලියන 44.4ක් පමණයි. දෙසැම්බර් මාසය තුළ එමෙන් කිහිප ගුණයක ප්‍රේෂණ ලැබිය යුතු බව පැහැදිලිව පෙනෙන කරුණක් නිසා, ඉහත අනාවැකිය ඇත්තක් වීමට සියයට සීයකට ආසන්න ඉඩක් තිබෙන අනාවැකියක්. එය තවදුරටත් අනාවැකියක් මිස ඇත්තක් නොවුනත්, කිසිසේත්ම බොරුවක් හෝ දුස් තොරතුරක් නෙමෙයි.
2. "සංචාරක ඉපැයීම් 2018 බිලියන 3.8ක වගේ ඉපැයීමක් සිදු වුණේ. එය අභිබවා යයි කියලා අපි අපේක්ෂා කරනවා."
මේ ප්‍රකාශයේ පළමු කොටස සෘජු බොරුවක්. ඒ නිසාම දුස් තොරතුරක්. මහ බැංකුවේ සංඛ්‍යාලේඛණ අනුව, 2018 වසරේ සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 4,380.6ක්. එය රවුම් කළහොත් ඩොලර් බිලියන 4.4ක්. එම ආදායම කිසිසේත්ම ඩොලර් බිලියන 3.8ක් නෙමෙයි. මෙය අත්වැරදීමක්නම්, ඉතාම බරපතල අත්වැරදීමක්.
ප්‍රකාශයේ දෙවැනි කොටසෙහි තිබෙන්නේ අනාවැකියක්. "අපේක්ෂා කරනවා" කියා තිබෙන නිසා බලාපොරොත්තුවක් කියා කියන්නත් පුළුවන්. අනාවැකියක් හෝ බලාපොරොත්තුවක් බොරුවක් කියා කියන්න බැහැ.
ඉහත අනාවැකියේ හෝ බලාපොරොත්තුවේ පදනම අත්වැරදීමක් නිසා 2018 සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් බිලියන 3.8 සේ සැලකීම කියා අපි හිතමු. නොවැම්බර් මාසය අවසන් වන විට ලැබී තිබුණු සංචාරක ආදායම ඩොලර් මිලියන 2,910.6ක් පමණයි. ඒ නිසා, ඩොලර් බිලියන 3.8 මට්ටම දක්වා යාමට වුවද, දෙසැම්බර් මාසය තුළ තවත් ඩොලර් මිලියන 900ක පමණ සංචාරක ආදායමක් උපයා ගැනීමට සිදු වෙනවා. ඒ සඳහා දෙසැම්බර් මාසය තුළ සංචාරයකින් ලක්ෂ හත හමාරක් පමණ රටට පැමිණිය යුතුයි.
ඉහත ප්‍රකාශය සිදු කරන විට මාසයෙන් බාගයකටත් වඩා අවසන්ව තිබුණු අතර, ඒ වන විට මාසය තුළ රටට පැමිණ තිබුණේ සංචාරකයින් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් පමණයි (දෙසැම්බර් 21 දින වන විටද මෙම ප්‍රමාණය 154,609ක්). ඒ අනුව, ඉහත අනාවැකිය හෝ බලාපොරොත්තුව ඇත්තක් වීමටනම් වසරේ අවසන් දෙසතිය තුල සංචාරකයින් ලක්ෂ හය හමාරක් පමණ රටට පැමිණිය යුතුව තිබුණා.
පශ්චාත් ආපදා තත්ත්වය තුළ නොව සාමාන්‍ය තත්ත්වයක් යටතේ වුවද දෙසතියක් තුළ මෙවැනි විශාල සංචාරකයින් ප්‍රමාණයක් රටට පැමිණීම සිදු විය නොහැකිව තිබුණු දෙයක් පමණක් නොව එවැනි ප්‍රමාණයක් කියන්නේ රටට දරා ගත හැකි සංචාරකයින් ප්‍රමාණය කිහිප ගුණයකින් ඉක්මවා යන ප්‍රමාණයක්. ඒ නිසා, මේ ආකාරයේ අනාවැකියක් ඉදිරිපත් කළ හැක්කේ හෝ අපේක්ෂාවක් තබා ගත හැක්කේ සාමාන්‍ය බුද්ධියක්වත් නොමැති අයෙකුට පමණයි. සෛද්ධාන්තිකව මෙවැන්නක් සිදු විය හැකි වුවත්, එසේ සිදු වීමේ සම්භාවිතාව ශුන්‍යයට ඉතා ආසන්නයි. සාමාන්‍ය බුද්ධියක් ඇති අයෙකු විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කරන්නේනම්, එය සෘජු බොරුවක් නොවුනත්, දුස් තොරතුරක් සේ සැලකිය හැකියි.
3. "ඒ වගේම 1950න් පස්සේ අපේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තිබී තිබෙන්නේ අවස්ථා 06ක පමණයි. ඒ අවස්ථා 06ම 1%ට වඩා අඩුයි. හැබැයි ඉතිහාසයේ පළමු වතාවට අපේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තය මේ වසරේ 3.8%ක් ලෙස වාර්තා කරනවා."
1950න් පසු වසර හතකදී ලංකාවේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තිබී තිබෙනවා. ඒ, 1954, 1955, 1992, 2017, 2018, 2023 හා 2024 වසර වලදී. ඉහත වසර හතෙන් තුනකදීම 1% ඉක්මවන ප්‍රාථමික අතිරික්තයක් තිබුණා. 1954 හා 1955 කියන්නේ ප්‍රාථමික අතිරික්තයක් පමණක් නොව සමස්ත අයවැය අතිරික්ත වාර්තා කළ වසර දෙකක්. කාටත් මතක 2024 වසර සැලකුවත් ප්‍රාථමික අතිරික්තය දදේනියෙන් 2.2%ක්. මෙහි තිබෙන්නේ පැහැදිලි බොරුවක් හා දුස් තොරතුරක්.
අවසාන වාක්‍යයේ තිබෙන්නේ ඇත්තක් නොවුනත්, එය පුරෝකථනයක් බැවින් බොරුවක් හෝ දුස් තොරතුරක් නෙමෙයි.
4. "2018 බැංකු අයිරාව බිලියන 180යි. 2019 එය බිලියන 274යි. 2020 බිලියන 575ක් සහ 2021 බිලියන 821ක් වෙනවා. ඒ කියන්නේ ආණ්ඩුවේ බැංකු ගිණුම බිලියන 821 අයිරාවක් වී තිබුණා. හැබැයි 2025 නොවැම්බර් වන විට අපේ ආණ්ඩුවේ භාණ්ඩාගාර ගිණුමේ ධන අගය බිලියන 1202යි. ඒ කියන්නේ 2021ට සාපේක්ෂව ට්‍රිලියන 02ක ඉහළ යාමක්."
මෙහි තිබෙන්නේ බොරුවක් නෙමෙයි. ඒ වගේම මෙහි දුස් තොරතුරක් තිබෙනවා කියා කියන්නත් බැහැ. නමුත් 2018 සිට මෙහි සිදු කරන සංසන්දනය තුළ 2022, 2023 හා 2024 යන වසර තුන හිතාමතාම මග හරිනවා. කරුණක් ලෙස ගත්තොත් "2021ට සාපේක්ෂව ට්‍රිලියන 02ක ඉහළ යාමක්" කියන එක නිවැරදියි. එහෙත්, මේ ට්‍රිලියන දෙකෙන් ට්‍රිලියන 1.4ක් පමණම ඉහළ ගොස් තිබෙන්නේ 2022 හා 2023 වසර දෙකේදී කියන වැදගත් තොරතුර මේ ප්‍රකාශයේ නැහැ. ඒ නිසා, දුස් තොරතුරුම නොවුනත්, මෙවැනි ප්‍රකාශද සැලකිල්ලෙන් කියවා ගත යුතුයි.
සාරාංශයක් ලෙස, ආර්ථිකය හා අදාළ දුස් තොරතුරු පතුරවන ප්‍රචලිත ක්‍රම මේවායි.
1. කරුණුමය සත්‍යයන් හා අදාළව සෘජු බොරු කීම - මෙහිදී උපකල්පනය වන්නේ ග්රාහකයා විසින් ඉදිරිපත් කරන කරුණු පරීක්ෂාවට ලක් නොකරනු ඇති බවයි. මේ ක්‍රමයෙන් පහසුවෙන් රවටා ගත හැක්කේ තමන් කෙරෙහි විශ්වාසය තබන අයවයි.
2. අනාගතය හා අදාළ අනාවැකි හා පුරෝකථන තහවුරු වූ ඇත්ත සේ ඉදිරිපත් කිරීම - මෙහිදී මෙසේ ඉදිරිපත් කරන කරුණු පිළිනොගන්නා අයෙකුට වුවද ඉදිරිපත් කරන්නේ දුස් තොරතුරක් බව තහවුරු කළ නොහැකියි. ඊට හේතුව, ඒ වන විට ඇත්ත එළිදරවු වී නොතිබීමයි.
3. හිතාමතාම තෝරාගත් තොරතුරු පමණක් ඉදිරිපත් කිරීම - මෙය කිසිසේත්ම දුස් තොරතුරු ප්‍රචාරය කිරීමක් නෙමෙයි. එහෙත් මෙහිදීද ඇතැම් විට ග්රාහකයා වෙත වැරදි අදහසක් සන්නිවේදනය කිරීමේ අරමුණ දැකිය හැකියි. එමෙන්ම, දුස් තොරතුරක් නොවන මුල් තොරතුර මත පදනම්ව පසුව දුස් තොරතුරු ප්‍රචාරය වීම බොහෝ විට දකින්න පුළුවන්.
අනුර කුමාර තරං බොරු කියන කෙනෙක් නම් ආයි නෑ නේද ඉකොනො
ReplyDeleteලංකාවේ වර්තමාන ආණ්ඩුවේ නායක අනුර කුමාර කියන්නේ බොරුවේ උපත කියලනේ හැමෝම කියන්නේ ඒ නිසා ඔය කතාව තව හොඳයි ඔයිට වැඩිය කොච්චර පට්ට පල් අතේ පැලවෙන කෙබර ටොංපච කියලා තියෙනවා ද අනුර කුමාර ඇතුලු මාලිමාවේ පච බලකාය? මාලිමාව කියන්නේ බොරුවේ මහගෙදර කියල කියන්න පුළුවන් ලේසියෙන්ම
ReplyDeleteමිල්ටන් කිව්වා වගේ දෑස රිදෙනවා - පාර බලා ඉඳලා
🍌රංවලයගේ උපාධිය පෙන්වන තෙක් බලා සිටීම.
🍌 රංවලගේ ඇල්කොහොල් ටෙස්ට් එක ගේනතුරු බලා සිටීම.
🍌 ජාතිකා අරක්සාවට පංති පවත් වනතුරු බලා සිටීම
🍌අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන එන තෙක් බලා සිටීම.
🍌උගන්ඩාවේ සඟවා ඇති බව කී මුදල් ගෙන එන තෙක් බලා සිටීම.
🍌රොකට් යැවීමේ සිද්ධියට චිචීව හිරේ යවන තෙක් බලා සිටීම.
🍌චිචීගේ බල්ලාගේ කරේ තිබූ බව කී පවුම් 90 රන් මාලය අල්ලන තෙක් බලා සිටීම.
🍌ගෝඨාභයගේ නිවසේ සිටි බව කී මිනී කන මෝරුන් අල්ලන තෙක් බලා සිටීම.
🍌ඩේසි ආච්චිගේ මැණික් මල්ල සම්බන්ධයෙන් ඇයව හිරේ යවන තෙක් බලා සිටීම.
🍌තාජුඩීන් ඝාතන නඩුවට නාමල්ව හිරේ යවන තෙක් බලා සිටීම.
🍌ලසන්ත සහ එක්නැලිගොඩ ඝාතකයින් අල්ලන තෙක් බලා සිටීම.
🍌 පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු අල්ලන තෙක් බලා සිටීම.
🍌පෝර්ට් සිටිය හැදීමට සීගිරිය කඩන තෙක් බලා සිටීම.
🍌නාමල්ගේ ලැම්බෝගිනි රථ අල්ලන තෙක් බලා සිටීම.
🍌 නාමල්ගේ උපාධිය බොරු කියලා ඔප්පු කරන තෙක් බලා සිටීම.
🍌රාජපක්ෂලාගේ රත්තරන් අස්සයන් අල්ලන තෙක් බලා සිටීම.
🍌 රාජපක්සගේ චෙක් එකේ අංකය ගේනකම් බලා සිටීම
🍌කැබ් එකේ පුරෝල තිබුණු පයිල් මිටි ටිකට නඩු දානකම් බලා සිටීම
🍌ලංකා හොස්පිට්ල් එකේ ගෝඨාභයගේ කොටස් අත්පත් කරගන්නා තෙක් බලා සිටීම.
🍌ඩුබායි මැරියට් හෝටලයේ අයිතිය අල්ලන තෙක් බලා සිටීම.
🍌ශ්‍රී පාදයේ රන් ඝණ්ඨාරය අල්ලන තෙක් බලා සිටීම.
🍌ඇවන්ගාඩ් සිද්ධියට ගෝඨාභයව අත්අඩංගුවට ගන්නා තෙක් බලා සිටීම.
🍌සීනි බදු වංචාවේ වැරදිකරුවන් අල්ලන තෙක් බලා සිටීම.
🍌චීනයෙන් මහින්දට දුන් බව කී චෙක්පත් අංකය අල්ලන තෙක් බලා සිටීම.
🍌සුනාමි සහන මණ්ඩල නඩුවේ තීන්දුවක් එන තෙක් බලා සිටීම.
🍌ශිරන්තිගේ 'සිරිලිය' පදනමේ කටයුතු ගැන බලා සිටීම.
🍌බැසිල්ගේ මල්වානේ නිවස අත්පත් කරගන්නා තෙක් බලා සිටීම.
🍌ගෝඨාභයගේ කතරගම නිවස අල්ලන තෙක් බලා සිටීම.
🍌කබ්රාල් හොරකම් කළ මුදල් ගෙවන තෙක් බලා සිටීම.
🍌නාය ගිය අයට රජයෙන් ස්ථිර ගෙවල් හදා දෙන තෙක් බලා සිටීම.
🍌රුපියල් 9000 ලයිට් බිල 6000 දක්වා අඩු වන තෙක් බලා සිටීම.
🍌වරායෙන් ගොඩබාන මිලටම තෙල් ලබා දෙන තෙක් බලා සිටීම.
🍌ලක්ෂ 12 කට 'විට්ස්' (Vitz) රථ මිලදී ගැනීමට බලා සිටීම.
🍌ඇමතිවරු බස් එකේ වැඩට එන තෙක් බලා සිටීම.
🍌ජනාධිපති ආරක්ෂකයින් නොමැතිව ගමන් කරන තෙක් බලා සිටීම.
🍌වල් පැල වෙනුවට මල් පැල හිටවන තෙක් බලා සිටීම.
🍌නාමල්ගේ ලැම්බෝගිනි බානවා ඇසින් දුටු බව කී අය එය ඔප්පු කරන තෙක් බලා සිටීම.
🍌රනිල්ගේ දේශපාලන ඉතිහාසයෙන් දූෂණයක් සොයා ගන්නා තෙක් බලා සිටීම.
🍌බටලන්දෙ සීන් එකට රනිල් සිරගත කිරීම හෝ එල්ලුම් ගස් යවන තුරු බලා සිටීම.
🍌පෝර්ට් සිටියට ලංකාවේ කළුගල් ඉවර වන තෙක් බලා සිටීම.
🍌හම්බන්තොට වරායේ 'ගල' ඉවත් කරන තෙක් බලා සිටීම.
🍌උමාඔය ව්‍යාපෘතියේ 'හිල' වසන තෙක් බලා සිටීම.
🍌වසරක් ගතවීත් තවමත් එළියේ සිටින 'හොරුන්' අල්ලන තෙක් බලා සිටීම.
🍌ක්‍රිකට් පාලක මණ්ඩලයේ ශම්මිව එළවන තෙක් බලා සිටීම.
🍌හයිවේ වැඩක් නැති බව කී අය ඒවා පාවිච්චි කරන ආකාරය බලා සිටීම.
🍌ලැයිස්තුවේ සිටි සියලු 'උගතුන්' රට හදන තෙක් බලා සිටීම.
🍌තාක්ෂණයෙන් ස්වාභාවික විපත් නවත්වන තෙක් බලා සිටීම.
🍌අධ්‍යාපනයට ජාතික ආදායමෙන් 6% ක් ලබා දෙන තෙක් බලා සිටීම.
🍌ත්‍රිකුණාමලයෙන් රටම ගොඩදාන තෙක් බලා සිටීම.
🍌ඩොලර් බිලියන 42 ක ණය 'කජ්ජක්' සේ සලකා ගෙවන තෙක් බලා සිටීම.
🍌IMF කොන්දේසි වෙනස් කරන තෙක් බලා සිටීම.
🍌ඉන්ධන ලීටරයකින් රුපියල් 60 ක කොමිස් එක අඩු වන තෙක් බලා සිටීම.
🍌බාල බෙහෙත් ගෙන්වූ ඇමතිවරුන්ට දඬුවම් දෙන තෙක් බලා සිටීම.
🍌ජනාධිපති අරමුදල අඩු කරනවා වෙනුවට වැඩි කිරීම දෙස බලා සිටීම.
🍌කෝලිකුට්ටු වල නැට්ට අලවන තාක්ෂණය ගැන බලා සිටීම.
🍌පිළිකාවට බෙහෙත් සොයා ගන්නා තෙක් බලා සිටීම.
🍌පොලී රහිත බැංකු පිහිටුවන තෙක් බලා සිටීම.
🍌වහලයේ තහඩුවක් ගියත් ලක්ෂ දහයක් දෙන තෙක් බලා සිටීම.
🍌 තඹුත්තේගම පච කොට අන්දරේ රට හදයි කියා බලා සිටීම.
🤣🤣🤣🤣🤣
ඉකොනෝ ඔය වගේ බොරු අසත්‍ය දුස් තොරතුරු පතුරවන "අනුරව හොල්ලන්න බෑ" කියලා මන්ද බුද්ධික ආතල් දෙන ඩෝබිලාගේ රෙදි ගලවන්න සමගි ජන බලවේගයේ මොහමඩ් අක්රම් රමීස් ලස්සනට ලියලා තියෙනවා
ReplyDeleteපක්ෂය පටන් ගත්ත දවසෙ ඉඳලම අවුරුදු හැට ගානක් තිස්සේ අන්ත අජූත වෙන්න, නප්පෙටම පීචං වෙන්න, ඇපත් නැති වෙන්නම පැරදි පැරදි ඉඳලා යාන්තමින් ලංකාවේ අඩුම ප්‍රතිශතයකින් සහ මුල්ම වතාවට දෙවනිවර මනාප ගණන් කිරීමෙන් පසු ලංකාවේ මෙතෙක් පත්වෙච්ච සුළුතර ජනාධිපති වෙච්ච අනුර වගේ බොරුකාර වාචාලයෙක් ගැන තේරුම් ගන්නට මොලයක් නැති, හරිහමන් දේශපාලන කියවීමක් නැති, ලංකාවෙ ඡන්ද දායකයින්ගේ වෙනස් වීම ලොවෙත් තේරුම් ගන්න බැරි සිප්පි කෑලි ඩෝබි මීගවරැල තප්පුලනවා "ලංකාවේ බිහි වෙච්ච බලවත්ම ජනාධිපති අනුර, රටේ ජනතාව ප්‍රථම වතාවට සිස්ටම් චේන්ජ් එකක් ඇති කරලා තියෙන්නේ, ලංකාවේ ප්‍රථම වතාවට වලව් පැලැන්තියෙන් තොර පීඩිත පන්තියේ කෙනෙක්ව ජනාධිපති කරලා තියෙන්නේ, ආයේ කල්ප කාලයකට අනුර ප්රමුඛ ආණ්ඩුව පෙරලන්න තියා හොල්ලන්නවත් බෑ" කියලා.
මෙන්න මේ වගේ සිඟිති ආතල් අරන් ස්වයං වින්දනයේ යෙදෙන හාල් කෑලි ටිකට නොතේරෙන, නොදන්නා දේශපාලන ඉතිහාසයක් ලංකාවේ තියෙනවා කියන එක අපි වගේ අයනම් හොඳටම දන්නවා.
ලංකාවේ මෙතෙක් බිහි වෙච්ච බලසම්පන්නම ජනාධිපතිනිය තමයි චන්ද්‍රිකා. 1994 ජනාධිපතිවරණයේදි චන්ද්‍රිකාට ලබා ගන්න පුලුවන් උනා 62.28%ක ඡන්ද ප්‍රතිශතයක්. එදා චන්ද්‍රිකාට ඔය තරම් මහා දැවැන්ත ජනවරමක් ලැබුනේ "දාහත් වසරක ශාපය නිමා කරලා සිස්ටම් චේන්ජ් එකක්" වෙනුවෙන්. එදත් ඔය දාහත් වසරක ශාපය කියන විකාර සටන් පාඨය කරලියට ගේන්නෙත් චන්ද්‍රිකාට රෙදි නැතුව කඩේ ගිය අනුර ප්රමුඛ පැලවත්ත නඩයමයි. එහෙනම් අනුර ලංකාවේ බිහි වෙච්ච බලසම්පන්න ජනාධිපතිත් නෙමෙයි වගේම රටේ ජනතාව සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙන් ඡන්දය භාවිතා කරපු මුල්ම පුද්ගලයත් අනුර නෙමෙයි.
ඊට පස්සේ කතාව දිහා බැලුවොත් "වලව් පැලැන්තියෙන් තොර කෙනෙක්ව රටේ ජනතාව ප්‍රථම වතාවට ජනාධිපති කරේ" කියන කතාව දිහත්. ඒකත් පට්ට පල් බොරුවක්. මොකද ලංකාවේ දෙවනි ජනාධිපතිවරණයේදීම රටේ ජනතාව බලය ලබා දුන්නේ වලව් පැලැන්තියෙන් තොර වගේම රටේ එදා ඉහළ පැලැන්තියේ අය ඉස්සරහා පැත්තෙන් ගෙටවත් ගන්නේ නැති, වාඩි වෙන්න පුටුවක්වත් දෙන්නේ නැති ඉතාම පහළ කුලයේ පුද්ගලයෙක්ට. ඔහු තමයි රණසිංහ ප්‍රේමදාස. වලව් පැලැන්තියට ගෑවිලාවත් නැති පීඩිත පන්තියේ රණසිංහ ප්‍රේමදාස පවා එදා රටේ ජනාධිපති බවට පත් වෙන්නේ 50.43%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන. එහෙනම් කොහේද ලංකාවේ ජනතාව ප්‍රථම වතාවට බලය ලබා දීපු පීඩිත පන්තියේ පුද්ගලයා අනුර වෙන්නේ?
චන්ද්‍රිකාගේ සහ මහින්ද රාජපක්ෂගේ අවුරුදු විස්සක පාලනයෙන් පසුව රටේ ජනතාව ආයෙත් සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙන් ජනාධිපති පුටුවේ වාඩි කරවන්නෙත් වලව් පැලැන්තියේ කෙනෙක්ව නෙමෙයි. සාමාන්‍ය දුප්පත් පවුලකින් දේශපාලනයට ආපු සිරිසේනව. එදා සිරිසේනට රටේ ජනතාව ලබා දුන්නා 51.28% ඡන්ද ප්‍රතිශතයක්. ඒ කියන්නේ සිරිසේන වලව් පැලැන්තියේ කෙනෙක් නොවීත් අරන් තියෙනවා අනුරට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක්. එහෙනම් සිරිසේන බලවත් අනුරට වඩා.
සිරිසේනගෙන් පස්සෙත් ආයෙත් මිනිස්සු සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙන් ජනාධිපති බවට පත් කරන්නේ ගෝඨාභයව. එදා රටේ ජනතාවට අවශ්‍ය උනේ "නීතිගරුක, සාම්ප්‍රදායික දේශපාලකයින් නොවිච්ච උගත් බුද්ධිමතුන් හරහා රටේ සිස්ටම් එක චේන්ජ්" කරන්න. එදා රටේ ජනතාව ලබා දුන්නා ගෝඨාභයට 52%ක ඡන්ද ප්‍රතිශතයක්. ඊ්ට පස්සේ ලක්ෂ හැට නවයක්ම ගෙඩිය පිටින් ඡන්දය ලබා දීලා 2/3ක බලයකුත් ලබා දුන්නා. එහෙම බැලුවොත් චන්ද්‍රිකාටත් වඩා බලසම්පන්න බලයක් රටේ ජනතාව ගෝඨාභයට ලබා දුන්නා. එහෙව් එකේ අනුර කොහේද බලසම්පන්න පාලකයා වෙන්නේ?
ඉතිහාසයේ ඉඳන් කාලෙන් කාලෙට සිස්ටම් චේන්ජ් වෙනුවෙන් එක එක පැලැන්තියේ අයව රටේ ජනතාව කරේ තියන් ආව වගේම ඔවුන්ව එලවන්නත් දෙපාරක් හිතුවේ නෑ. චන්ද්‍රිකාට ඔය තරම් බලයක් ජනතාව ලබා දුන්නත් 1999දී අහවල් පිපිරීමෙන් චන්ද්‍රිකාගේ ඇහැක් ගියේ නැත්නම් එදා චන්ද්‍රිකා පරාදයි. අහවල් පිපිරීම නිසා යාන්තමින් ජනතාවගේ අනුකම්පා ඡන්දයෙන් තමයි චන්ද්‍රිකා දෙවනි වරටත් ජනාධිපතිනිය බවට පත් උනේ.
ඒ වගේම 2005දී 50.29% ප්‍රතිශතයකින් බලයට පත් වෙච්ච මහින්ද රාජපක්ෂට 2010 වෙද්දි "මහ රජානෝ" කිව්වෙත් අපේම රටේ ජනතාව. ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අවුරුදු 30ක යුද්ධය අවසන් කරලා රටේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියන් කරපු නිසා. සිංහල ජාතිවාදියෙක් ආගම්වාදියෙක් වුණාට මහින්ද රාජපක්ෂට දෙන්න පුලුවන් සුපිරි බලයක් ලබා දීපු රටේ ජනතාවට මහින්ද ක්‍රියාවෙන්ම පෙන්නලා දීලා තියෙනවා "තමන් මොන තරම් වැඩ්ඩෙක්ද" කියලා. ඒ වගේ පොරක් වෙච්ච මහින්දව 2015 වෙද්දි ජනතාව ගෙදර යැව්වේ නැද්ද?
Deleteමේ අයත් එක්කම කතා නොකරම බැරි පුද්ගලයෙක් තමයි රනිල් වික්‍රමසිංහ. චන්ද්‍රිකාගේ පාලනය පටන් ගත්ත දවසේ ඉඳන් විවිද ගණයේ මඩ අපහාසවල්වලට ලක් වෙච්ච රනිල් වික්‍රම සිංහ ගැන රටේ ජනතාවට වැරදි චිත්‍රයක් ගොඩ නැගුනා. මෑතක් වෙනතුරු කිසිම කෙනෙක් දන්නෙවත් නෑ අධ්‍යාපනය වෙනුවෙන්, වෘත්තීය පුහුණු වෙනුවෙන්, තාක්ෂනයන් වෙනුවෙන්, බුදු දහම වෙනුවෙන්, රටේ අදටත් පවතින වෙළඳ කලාපයන් වෙනුවෙන්, රටේ තරුණ පරපුර වෙනුවෙන් මොන තරම් සේවයක් විධායක බලයක් නැතුවත් රනිල් වික්‍රමසිංහ කරාද කියන එක. ඔය රනිල්ටත් විධායක බලය ලැබුනේ පාර්ලිමේන්තුව හරහා. ඒ අවුරුදු දෙකෙනුත් රනිල් ලෝකයටම පෙන්නුවා තමන් මොන තරම් පොරක්ද කියලා. නිහඬව රට වෙනුවෙන් දැවැන්ත වැඩ කොටසක් කරපු රනිල්වත් මිනිස්සු ගෙදර යැව්වේ නැද්ද?
මේ වගේ රටට දැවැන්ත වැඩ කොටසක් කරපු මහින්දලා, රනිල්ලා වගේ පාලකයින්වත් ගෙදර යවලා ආයෙත් ඔවුන්වම බලයට ගෙනාපු රටේ මිනිසුන්ට මේ අනුර කියන්නේ කවුද? අනුරව හොල්ලන්න බෑ බෑ ගගා දඟලන්නෙම මහ පොළොවේ දේශපාලනය කියවලා තේරුම් ගන්න බැරි සිප්පි කෑලි විතරයි.
කාලෙන් කාලෙට සිස්ටම් චේන්ජ් වෙනුවෙන් හොඳ මිනිසුන්ව වගේම කබ්බන්වත් කරේ තියාගෙන ආපු රටේ ජනතාවට අනුර කියන්නේ මාරම පොරක් නෙමෙයි. අවුරුදු ගානක් තිස්සේ අනුර කුමාරලා කියපු පොළොව පැලෙන බොරුවලින් ඔලුව කුරුවල් කරගෙන හිටපු මිනිසුන්ව තව තවත් අන්දවලා අවුස්සන්න කොවිඩ් වසංගතය අනුරට හොඳ ඉල්ලමක් බවට පත් උනා. කොවිඩ් වසංගතය නිසා දිගින් දිගටම රට වහලා තියෙද්දි රට බංකලොත් බාවයට පත් වෙන එක මැජික් එකක් නෙමෙයි. නමුත් අනුරලා කරේ කොවිඩ් වසංගතයෙන් සහ ආර්තික අර්බුදයෙන් පීඩාවට පත් වෙලා ඉන්න මිනිසුන්ව තව තවත් උසි ගන්වලා රට තව තවත් බංකලොත් වෙන තැනට පත් කරලා දේශපාලන වාසි ලබා ගන්න පාර හදා ගත්ත එක.
දේශපාලන ගේම් එක තේරුම් ගන්න බැරි වෙච්ච රටේ ජනතාවත් හිතුවා "හරි දැන් ඔය අනුර කියන හාදයාට හරි දීලා බලමු, මෑන් කයිය ගහන විදියට රටේ වෙනසක් ඇති කරයි" කියලා. ඇත්තම කතාව අනුරට ඔහේ නිකන් වාන්නා වා පෝන්නා පෝ සීන් එකේ ඡන්දය දුන්නා මිසක් මෑන් පට්ට පොරක් කියලා හිතාගෙන දුන්නේ නෑ. අන්න ඒ නිසයි 42.31%ක් වගේ ඉතිහාසයේ අඩුම ඡන්ද ප්‍රතිශතයක් අනුරට ලබා ගන්න පුලුවන් උනේ.
"අනුරව පෙරලන්න බෑ, හොල්ලන්න බෑ" කියන උන් දන්නේ නෑ රටේ ජනතාව පාලකයින්ව වෙනස් කරන විදිය ගැන. මුන් හිතන් ඉන්නේ අනුර තමයි පොර අනුරගෙන් තොර පාලකයෙක් නෑ කියලා. උඹලා ඔය වගේ මනස්ගාත කියව කියව හිටපල්ලා 2029දී අනුර 10%ක් වත් ගන්නේ නෑ. අන්න ඒක විතරක් ස්ක්‍රින්ෂොට් ගහලා තියාගනිල්ලා.
මොහමඩ් අක්රම් රමීස්
#KaitanGoHome
#NPPPachaHunters
#NPPUtterlyFail
එදා චන්ද්‍රිකාගෙ ඇහැ නොයන්න රනිල් බලයට එනවා..එහෙම වුනා නම් මේ වෙනකොට ප්රභාකරන් ඊළම් දේශයේ ජනාධිපති...
Deleteඊකොනෝ දැන් හතරවෙනි පාරටත් විගණකාධිපති තනතුර සඳහා ජනපති විසින් නම්කරපු තම ගජමිතුරාව ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇත කියලා නිව්ස් එකක් ආවා.....එම තනතුරට උපරිම සුදුස්සා දැනට ඉන්න වැඩබලන විගණකාධිපතිගෙ නම යෝජනා නොකර මෙයා දැන් හතරපාරක්ම ට්‍රයි කෙරුවා තමන්ට කැමති තමන්ගෙ ඉත්තෙක් එතනට දාගන්න හැබැයි වැඩේ හරිගියෙ නෑ තාම.... මේ දූෂිත චෞර මාලිමා සොර පාලනය තමන්ගේ කෝටි ප්‍රකෝටි ගණනක හොරකම් වහගන්න නටන ගොබ්බ කැත නාඩගමක් මේක
ReplyDeleteරටේ බහුතර ජනතාවගෙ වාසනාවකට රනිල් වික්‍රමසිංහ ජනපති ලෙස 21ක්වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරලා මෙම පත්වීමට අනුමැතිය ලබා දීමට ස්වාධීන අයිතියක් ව්‍යවස්ථාදායකයට නොතිබුනානම් මේ පැලවත්තෙ ජාවාරම්කාරයා තමන්ට ඕන විගණකාධිපතියෙක් මේවනවිටත් පත්කරගෙන ලොවෙත් නැති සුපිරි ගැහිල්ලක් ගහනවා රටේ ජනතාවගෙ බදුමුදලෙන් සහ ගන්න ණය තොගයෙන්.... ඉතිහාසයෙ කිසිම පාලකයෙක් රාජ්‍ය විගණකාධිපති තනතුර තමන්ගෙ ගජ මිතුරෙකුට දෙන්න ගියෙ නෑ මේ වගේ කුප්ප විදිහට.....ඊයා .... මහ ලැජ්ජ නැති පල් හොර රැලක් මාලිමාව කියලා කියන්නේ එහෙම නේද?🤌
ඉකොනො මෙතන සළකා බලන තොරතුරු මූලාශ්රයම වැඩකට නැති දෙයක්..මොකද අනුර කලින්ම ඩිෆයින් කරලා තියනවා එයා පාර්ලිමේන්තුවෙ කියන හැම දෙයක්ම බොරු කියලා...
ReplyDeleteතහඩුවක් ගියත් ලක්ෂ දහයයි කියලා ලොරි ටෝක් දුන්නෙ ඒකනෙ...
😅🤣😂
Deleteසහතික ඇත්ත
😅🤣😂