වෙබ් ලිපිනය:

Tuesday, February 9, 2021

ඇමරිකාවේ කොරෝනා පැතිරීම තවත් පහළට


පසුගිය මාස තුනක කාලය තුළ හැම දවසකම ඇමරිකාවෙන් කෝවිඩ් ආසාදිතයින් ඉලක්කම් හයේ ගණනක් හමු වුනා. දැන් මේ ප්‍රමාණය ඉලක්කම් පහේ මට්ටමට වැටී තිබෙනවා. සති අන්තයේ ආසාදිතයින් අඩුවෙන් හමු වී සතියේ දිනවල ඉහළ යන එක සාමාන්‍ය රටාවයි. සති අන්තය පහු වී ගත වුණු දවස් දෙකේද ආසාදිතයින් ප්‍රමාණය ඉලක්කම් පහේ සීමාවේ තිබීමෙන් පෙනෙන්නේ අඩුවීම ස්ථිර අඩුවීමක් බවයි.

එන්නත්කරණය මෙයට හේතු වී තිබෙන ප්‍රධානම කරුණක් බවට සැකයක් නැහැ. එහෙත් එය එකම හේතුව කියා හිතන්න අමාරුයි. තවමත් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබා ගැනීමට හැකි වී තිබෙන්නේ ජනගහණයෙන් 9.7%කට පමණයි. ඒ වගේ මට්ටමකදී සාමූහික ප්‍රතිශක්තිය ඇති වන්නේ නැහැ. එහෙත්, ඇමරිකානුවන්ගෙන් 8.4%ක් මේ වන විට කෝවිඩ් ආසාදිතයින් සේ හඳුනාගෙන තිබෙන නිසාත්, සැබෑ ආසාදිතයින් ගණන එමෙන් කිහිප ගුණයක් විය හැකි නිසාත් ඇතැම් ප්‍රදේශ සාමූහික ප්‍රතිශක්ති මට්ටමට ලඟා වී තිබිය හැකියි. 

අළුත් ආසාදිතයින් අඩුවීමට වෙනත් හේතුද බලපානවා විය හැකියි. එන්නත අත ළඟටම ඇවිත් තිබියදී කෝවිඩ් හදා ගැනීම කාගේවත් කැමැත්ත නොවන නිසා බොහෝ දෙනෙක් කලින් පරිස්සම් වුනාට වඩා වැඩියෙන් පරිස්සම් වීම වගේම එන්නතට වැඩි අවධානයක් යොමුවීම නිසා කෝවිඩ් පරීක්ෂා අඩුවෙන් සිදුවීම වැනි හේතුද නොසලකා හරින්න බැහැ.

රෝගය ආසාදනය වීම හරහා ලැබෙන ප්‍රතිශක්තිය ගැන කිසිවකුට නිශ්චිත අදහසක් නැහැ. ඒ නිසා, එන්නත්කරණ වැඩ සටහනේදී රෝගය ආසාදනය වී ඇති අයෙක්ද යන කරුණ සලකා බලන්නේ නැහැ. ඔවුන්ටත් අනෙක් අයට වගේම එන්නත් ලබා දෙනවා.

එන්නත්කරණය හරහා සාමූහික ප්‍රතිශක්තිය කරා යාම තවමත් ඇමරිකාවට දුරස්ථ ඉලක්කයක්. දැනට තිබෙන ඇස්තමේන්තු අනුව රට මුළුමනින්ම සාමාන්‍ය තත්ත්වයට පත් වීමට ඉඩ තිබෙන්නේ නොවැම්බර් පමණ වන විටයි. එසේ වනු ඇත්තේද එන්නත්කරණ වැඩ සටහන බාධාවක් නැතිව හොඳින් ක්‍රියාත්මක වුවහොත් පමණයි. අළුත් වෛරස් ප්‍රභේද පැතිරෙන එක එන්නත්කරණ වැඩ සටහනට වඩා ඉක්මන් වුවහොත් මේ අවුරුද්ද අවසාන වන විටත් ප්‍රශ්නය නොවිසඳී තිබෙන්න පුළුවන්.

ලංකාවේ තත්ත්වයනම් හොඳ අතට හැරෙනු ඇත්තේ තවත් කාලයක් නරක අතට වර්ධනය වීමෙන් පසුවයි. ඇස්ට්‍රසෙනිකා එන්නතෙන් සාමූහික ප්‍රතිශක්තිය කරා ළඟා වීම වඩා අසීරු දෙයක්. දැනට දිනකට ලංකාවෙන් හමු වන ආසාදිතයින් ගණන ඉලක්කම් තුනේ ගණනක් වුවත් මෙය ඉතා ඉක්මණින් ඉලක්කම් හතරේ මට්ටමට යා හැකියි. 

මේ වගේ තත්ත්වයක් යටතේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට එන්නත ලැබී තිබීම ගොඩක් වටිනවා. ඒ අයට රෝගයට බයේ ඉන්න සිදු වුනානම් අමාරු වන අනෙක් ආසාදිතයින්ට එයින් බලපෑමක් ඇති වීම නොවැලැක්විය හැකි දෙයක්.

10 comments:

  1. එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් අයෙකුට රෝග වාහකයෙකු (තමා ආරක්සිත වුවද; කෝවිඩ් වයිරසය තවත් කෙනෙකු වෙත පැතිරවීමේ) වීමේ හැකියාවක් පවතින්නේද?

    ReplyDelete
    Replies
    1. පෛසර්-බයෝඑන්ටෙක් වැනි 95%ක් ඵලදායී එන්නතක මාත්‍රා දෙකම ගැනීමෙන් පසුවත් එසේ නොගත් අයට සාපේක්ෂව 5%කට කෝවිඩ් ආසාදනය වී රෝග ලක්ෂණ මතු වෙනවා. ඔවුන් රෝග වාහකයන් විය හැකියි. මීට අමතරව කෝවිඩ් රෝග ලක්ෂණ නොපෙන්වන රෝග වාහකයින් ප්‍රමාණය කොපමණ විය හැකිද කියා තවමත් ඇස්තමේන්තු කර නැහැ. ඇස්ට්‍රසෙනිකා එන්නතේ මාත්‍රා දෙකම ගැනීමෙන් පසුව රෝග ලක්ෂණ පෙන්වන රෝගවාහකයෙකු වීමට 38%ක සම්භාවිතාවක් තිබෙනවා. රෝග ලක්ෂණ නොපෙන්වන රෝග වාහකයින් ප්‍රතිශතය ගැන අදහසක් නැහැ.

      කෙසේ වුවත් වැදගත් කරුණ වන්නේ එන්නත් ලබා ගැනීමෙන් පසුව රෝග වාහකයෙකු වීමේ සම්භාවිතාව කොයි තරම් අඩු වෙනවාද කියන එකයි. සාමූහික ප්‍රතිශක්තිය ඇති විය හැක්කේ සැලකිය යුතු තරමකින් මෙය සිදු වෙනවානම් පමණයි. එහෙම වුනත් මේ තත්ත්වය මෙසේ පැවතිය හැක්කේ කොපමණ කාලයකටද කියන ප්‍රශ්නය ඉතිරි වෙනවා. ඇමරිකාවේ හා එක්සත් රාජධානියේ අළුත් කෝවිඩ් ආසාදිතයින් හමුවීම වේගයෙන් අඩුවන එකෙන් පෙනෙන්නේ (තහවුරු වන්නේ නැතත්) එන්නත් සාර්ථක ලෙස වසංගතය මර්දනය කරන බවයි.

      Delete
    2. Sri Lanka is planning to provide Astrazeneka vaccine with a lower efficiaency. According to a government health authority this will be provided to all above 30 years at 4000 stations island wide. (1) Do you think this coverage would be sufficient to provide heard immunity to Sri Lanka?
      (2) Would this reduce the probability of infection to a lower level which would allow Sri Lanka to restart economic activities?

      Delete
  2. ඉකොනොමැට්ටා දැක්කා නේද ළඟදී අම්පාර සිට යාපනය දක්වා උතුරේ දෙමළ ජනයාගේ ස්වයං නිර්ණය වෙනුවෙන් සටන් කරන දමිළ ජනයාගේ පක්ෂ විසින් පවත්වන ලද පාගමන සබන්ධයෙන් උතුරේ දෙමළ මාධ්‍ය විසින් අති විශාල දැවැන්ත ප්‍රචාරයක් ලබා දුන්නත් කොළඹ පදනම් කරගත් ප්‍රධාන මාධ්‍ය ඊට සුදුසු පරිදි පුළුල් ආවරණයක් ලබා නොදුන්නේ ඇයි කොළඹ සිටින ඇමරිකානු තානාපති අ'ලයිනා බී. ටෙම්ස්ප්ලට්ස් මහත්මිය සඳහන් කරලා තියෙනවා?

    තමුන් ගේ ට්විටර් ගිණුම ඔස්සේ මේ බව සඳහන් කරමින් ඉකොනොමැට්ටාගේ රට නියෝජනය කරන ලංකාවේ තානාපති වන ඇය තබා ඇති සටහන මෙසේයි;

    “සාමකාමී උද්ඝෝෂණ යනු ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදයක වැදගත් අයිතියකි. පොතුවිල් සිට පේදුරුතුඩුව දක්වා වූ දමිළ පක්ෂ වල පාගමන පිළිබඳ දෙමළ මාධ්‍ය මගින් සාධාරණ මට්ටමක පුළුල් මාධ්‍ය ආවරණයක් දෙනු මා දුටුමි. නමුත් එයට කොළඹ පදනම් කරගත් මාධ්‍ය මගින් වඩාත් පුළුල් ලෙස නිසි පරිදි ආවරණය නොවුණේ මන්දැයි යන කාරණය ගැන මම මහත් සේ පුදුම වුණෙමි”

    මේ ගැන ඇමරිකානු එක්සත් ජනපදයේ පුරවැසියකු වශයෙන් ඔබ දරන අදහස මොකක් ද?

    මා විසින් නිරීක්ෂණය කළ පරිදි නම් ලංකාවේ උතුරේ දමිළ ජනතාව ක්‍රමයෙන් බෙදුම්වාදී ප්‍රවණතාවයන් මිදෙමින් සිංහල ජනතාව සමග එක්ව කටයුතු කිරීම වේගයෙන් දක්නට ලැබෙන අතර මේ වන විට සිංහල ජාතිවාදීන් ලාංකීය මහමදික ආගම අදහන ප්‍රජාව සමග ජාතිවාදී ගැටුම් වලට පැටලී ඇති බැවින් උතුරේ ජනතාවට ඇති දමිළ ජාතිවාදීන්ගේ පීඩනය බෙහෙවින් දුර්වල තත්ත්වයක පවතිනවා. මේ නිසා ටී එන් ඒ වැනි හුදෙක් දමිළ ජාතිවාදී වර්ගවාදී බෙදුම්වාදී ව්‍යාපාරය මත පදනම්වූ පක්ෂ වලට ඉතා අසීරු කාලයක් උදාවී තිබේ. ඔවුන්ගේ ඡන්ද පදනම ඉතාමත් වේගයෙන් ඊපීඩීපී, ටීඑම්වීපී සහ වෙනත් අලුත් පක්ෂ වලට විතැන් වෙමින් පවතින බව ඉතාමත් පැහැදිලියි. දැනටමත් ඇතැයි පෙදෙස් වලින් ටී එන් ඒ නායකයන් හූ කියමින් ජනතාව විසින් එළවාගන්නා අයුරු දැකිය හැකියි.

    ඒ වගේම මේ දවස් වල ලංකාවේ උතුරු අධිවේගී මාර්ගය වේගයෙන් ඉදිකරනු ලබන අතර ඒ හරහා යාපනය කොළඹ පැය තුනක් විතර කාලයකින් යාමට ඉඩ ලැබුණොත් එය දමිළ ජාතිවාදී වර්ගවාදී බෙදුම්වාදී ව්‍යාපාර වල අවසානය වනු නිසැකයි. මේ නිසා කෙසේ හෝ මේ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය කචල් කර දැමිය යුතුයි. මේ දවස්වල ගම්පහ හරියේ තියෙන දුර්ලභ ගහක් අල්ලාගෙන කට්ටිය ආතල් එකක් ගන්න බව පේනවනේ. එය තව දුරටත් වර්ධනය කර ගැනීමට හැකි ක්‍රම ශිල්ප සහ මේ පිළිබඳව ඔබට කළ හැකි යෝජනා මොනවද?

    ReplyDelete
    Replies
    1. සාමකාමී උද්ඝෝෂණ යනු ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදයක වැදගත් අයිතියක්. එවැනි සාමකාමී උද්ඝෝෂණයකට මාධ්‍ය වල කොයි තරම් ප්‍රසිද්ධියක් ලැබෙනවද කියන එක ඉල්ලුම හා සැපයුම මත තීරණය වන දෙයක්. දෙමළ පත්තර කියවන අය ඉල්ලන දේවල් දෙමළ පත්තර වල වැඩියෙන් පළ වෙනවා. සිංහල පත්තර කියවන අය ඉල්ලන දේවල් සිංහල පත්තර වල වැඩියෙන් පළ වෙනවා.

      Delete
    2. "දුර්ලභ ගහක් අල්ලාගෙන කට්ටිය ආතල් එකක් ගන්න බව පේනවනේ"

      මටනම් මෙතන කිසිම ආතල් ගනිල්ලක් පේන්නෙ නෑ. පරිසරහිතකාමීන් හදන්නෙ ලෝකෙටම එකක් වෙච්ච වටිනා ශාකයක් රැක ගන්න මිසක් උතුරු අධිවෙගී මාර්ගය කඩා කප්පල් කරන්න ඔවුන්ට කිසිම උවමනාවක් අඑඅති කියලා මමනම් හිතන්නෙ නෑ. අනිඅක පහුගිය ආණ්ඩුවෙන් එකඟ වුනා පාර වෙනස් කරලා ගෙනියන්න ගහ රැක ගන්න ඕන නිසා. ඇයි දැන් ඒක වෙනස් වෙලා? ඒක ගලවලා ගිහින් මුතුරාජවෙලේ හිටවන්න යනවා පරිසර විනාශයන් එක්ක නම පැටලුනු සමාගමක්. මේ ගහ ගලවලා හිටවනවනම් හිටවන්න ඕනා දැන් තියන පරිසරයට සමාන පරිසරයක් මිසක් ඊට් හාත්පසින්ම වෙනස් මුතුරාජවෙලේ නෙමේ. (ගහ ගලවලා හිටෙව්වොත් සාර්ථක වෙයිද කියලා කාටවත්ම සහතිකයක් දෙන්න බෑ. ඒක ලෝකෙටම එකක් වෙච්ච ගහක් පිළිබඳව ගත්තු අමන තීරණයක්)
      ඔක්සිජන කන්නද කියලා ඉන්න මිනිස්සු ඉන්න රටක ගහක් බේර ගන්න දගලන දැගලිල්ල ආතල් ගැනීමක් වගේ පේන එකෙත් එච්චර අමුත්තක් නෑ එක අතකට...

      Delete
    3. දෙමළ පත්තර කියවන අය ඉල්ලන දේවල් දෙමළ පත්තර වල වැඩියෙන් පළ වෙනවා. සිංහල පත්තර කියවන අය ඉල්ලන දේවල් සිංහල පත්තර වල වැඩියෙන් පළ වෙනවා.

      මෙතනදි ඉල්ලුම මගින් සැපයුමත් සැපයුම මගින් ඉල්ලුමත් ඇති වෙනවා

      Delete
  3. ඉකොනො ලංකාවේ දැනට පවතින ප්‍රශ්න වලට හේතු සාධක මේ වීඩියෝ එකේ පැහැදිලි කරල තියෙන්නෙ.


    https://m.facebook.com/story.php?story_fbid=251188676539201&id=100049442105610

    මේක ගැන ඔබ හිතන්නේ මොකද?

    ReplyDelete
  4. යට කරවන්න ඕනෑ වුණු විට රහසක්
    මැවුණා රටම හොල්මන් කරවන පුවතක්
    පැණියක්, කසායක් නැත්තං දිය කළයක්
    ඒ ටික කළා, එන්නතෙ නැත එහෙම දෙයක්!

    ReplyDelete
  5. ලංකාවෙ රෝගීන් ඉලක්කම් 4 ට යන්නෙ පරීක්ෂා කලොත් විතරයිනෙ 😏

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: