වෙබ් ලිපිනය:

Saturday, November 16, 2019

කවුරු දිනයිද?


ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ඉදිරි පැය කිහිපය ඇතුළත නිකුත් වීමට නියමිතයි. අවසන් ප්‍රතිඵලය ගැන නිශ්චිතව යමක් කියන්න තවමත් කල් වැඩියි. එහෙත්, ගෝඨාභය රාජපක්ෂ හෝ සජිත් ප්‍රේමදාස හැර වෙනත් අයෙකු විසින් ජනාධිපතිවරණය ජය නොගන්නා බව ඉතා පැහැදිලියි. 

තැපැල් ඡන්ද හෝ දකුණේ දිස්ත්‍රික්ක වල ඡන්ද ප්‍රකාශ වී ඇති ආකාරය දෙස පමණක් බලා සමස්ත ප්‍රතිඵලය ගැන ස්ථිරව යමක් කිව නොහැකි වුවත් ඡන්ද භාවිතා වී ඇති ආකාරයේ දිශානතීන් ගැන යම් අදහසක් ගත හැකියි. ගෝඨාභය රාජපක්ෂ හෝ සජිත් ප්‍රේමදාස විසින් පළමු වටයෙන් ජනාධිපතිවරණය ජය ගන්නනම්, වලංගු ඡන්ද වලින් 50%ක් ලබා ගත යුතුයි. අපගේ ඇස්තමේන්තු අනුව මේ අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ලක්ෂ 66කට ආසන්න ප්‍රමාණයක්. 

ගෝඨාභය හෝ සජිත් විසින් මේ ඡන්ද ප්‍රමාණය ලබා ගන්නනම්, එක් එක් දිස්ත්‍රික්කයෙන් කොපමණ ඡන්ද ප්‍රමාණයක් ඉලක්ක කළ යුතුද? අප විසින් පහත වගුව සකස් කර තිබෙන්නේ එක් එක් අපේක්ෂකයාට එක් එක් දිස්ත්‍රික්කය තුළ තිබෙන ශක්තිය සලකා බලමිනුයි. කිසියම් දිස්ත්‍රික්කයක් තුළ යම් අපේක්ෂකයෙකු අවශ්‍ය ඉලක්ක මට්ටම ආසන්නයට පැමිණ නැත්නම් එයින් පෙනෙන්නේ ඒ අපේක්ෂකයාට 50% ඉලක්කයට යාම අපහසු බවයි. නිල ප්‍රතිඵල ලැබෙන විට මේ වගුව යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

Gotabaya Rajapaksa Sajith Premadasa
Required Current Required Current
Sri Lanka 6,626,250 50.00% 6,924,195 52.25% 6,626,250 50.00% 5,564,289 41.99%
Colombo 654,170 46.10% 727,713 53.19% 764,892 53.90% 559,921 40.92%
Gampaha 766,258 52.34% 855,870 59.28% 697,798 47.66% 494,671 34.26%
Kalutara 463,609 55.65% 482,920 59.49% 369,414 44.35% 284,213 35.01%
Mahanuwara 433,980 46.05% 471,502 50.43% 508,366 53.95% 417,355 44.64%
Matale 179,965 53.07% 187,821 55.37% 159,142 46.93% 134,291 39.59%
Nuwara-Eliya 184,693 39.67% 175,823 36.87% 280,867 60.33% 277,913 58.28%
Galle 435,183 58.15% 466,148 64.26% 313,151 41.85% 217,401 29.97%
Matara 346,009 60.75% 374,481 67.25% 223,511 39.25% 149,026 26.76%
Hambantota 277,825 64.83% 278,804 66.17% 150,725 35.17% 108,906 25.85%
Jaffna 57,904 17.69% 23,261 6.24% 269,471 82.31% 312,722 83.86%
Vanni 34,922 18.72% 26,105 12.27% 151,663 81.28% 174,739 82.12%
Batticaloa 46,609 18.41% 38,460 12.68% 206,630 81.59% 238,649 78.70%
Digamadulla 132,743 35.55% 135,058 32.82% 240,695 64.45% 259,673 63.09%
Trincomalee 57,154 27.44% 54,135 23.39% 151,134 72.56% 166,861 72.11%
Kurunegala 650,582 55.86% 652,278 57.90% 514,034 44.14% 416,961 37.01%
Puttalam 221,415 50.84% 230,760 50.83% 214,074 49.16% 199,356 43.91%
Anuradhapura 322,465 56.05% 342,223 58.97% 252,839 43.95% 202,348 34.87%
Polonnaruwa 131,765 46.86% 147,340 53.01% 149,425 53.14% 112,473 40.47%
Badulla 270,522 48.72% 276,211 49.29% 284,699 51.28% 251,706 44.92%
Moneragala 196,174 61.90% 208,814 65.34% 120,768 38.10% 92,569 28.96%
Ratnapura 443,415 57.86% 448,044 59.93% 322,928 42.14% 264,503 35.38%
Kegalle 318,881 53.25% 320,424 55.65% 280,012 46.75% 228,032 39.60%

5 comments:

  1. හැමදෙයක් දිහාම ආර්ථික සාධක ඔස්සේ බැලීම කසිකබල් මාක්ස්වාදී ක්‍රියාවක්,
    උතුරුනැගෙනහිර ප්‍රදේශ සංවර්ධනයකර දෙමළ ජාතිවාදය පරාජය කලහැකියැයි සිතීම කසිකබල් මාක්වාදී ලණුවක්.

    ReplyDelete
    Replies
    1. හැම ජාතික මැතිවරනෙකදිම ඊලාම් සිතියම හොල්මනක් වගේ මතු වෙන එකනම් එච්චර හොඳ ප්‍රවනතාවයක් නෙමේ.

      දෙමළ ජනතාව tna එකෙනුත්, මුස්ලිම් ජනතාව ආගම පදනම් කරගත්තු පක්ෂ වලිනුත් කඩලා අරන් ජාතික ප්‍රවාහයට එකතු කරගන්න ගෝඨට Master Mind ගේමක් ගහන්නම වෙනවා. ඒක ඉතා වැදගත්. ජෙහාන්ගෙ බාසාවෙන් කිව්වොත් ඒක ගහන්නම ඕනා ගේමක්. එහෙම නැත්නම් ර⁣ට බෙදෙන එක වලක්වන්න අමාරු වෙයි.

      Delete
  2. ආන්න ඉකොනෝ මහත්තයා මැකෝ මහත්තයා කිව්වා ගෝටා සර් දින්නය කියලා. දැන් ඉකොනෝ මහත්තයා මොකද කරන්නේ? එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකයෙන් ඉල්ලා අස්වෙනවද? දැන්ම ගෝටා සර් ලගට එක්කාසු උනොත් ජනාධිපති මාධ්‍ය ඒකකයට එකතු වෙන්න පුළුවන් වෙයි ඉකොනෝ මහත්තයට.

    ReplyDelete
  3. මම කැමතියි සජිත් ඝෝඨාට එකතු වෙනවා නම්.

    ReplyDelete
  4. මනුස්යන්ට අපහාස කරන්න හොඳ නෑ.
    උදාහරණයක් හැටියට රෝයල්පාක් මිනීමරුවගේ තාත්තා කියන්නෙත් තාත්තා කෙනෙක්.
    තමන්ගේ පුතා බේරාගන්න කෝටිගානක් වියදම් කරනවා. මම ඔය තත්වෙ හිටියනම් මමත් කරන්නේ ඒකමයි.

    සජිත්ට වුනත් තමන්ගේ තාත්තා මරපු එකාව වීරයෙක් හැටියට සලකන උන් ලඟ දනගහන්න වුනේ මේ වෙලාවේ බලය ගන්න වෙන ක්‍රමයක් නැති නිසා. අපි සජිත් සිංහලයෙක් හැටියට ගරුකල යුතුයි.
    අපේ කලින් පරම්පරාවේ අයට වගේ නෙමෙයි දැන් හැදෙන සිංහල අයට කැපුවත් කොළ, කැපුවත් නිල් පිස්සුව නෑ (අඩුයි).
    පක්ෂ සීමාවල් ඉක්මවා ගිහින් සිංහලයෝ හැටියට දේශපාලනය කරනවානම් හොඳයි.
    සජිත්, ඝෝඨා දෙන්නටම මේ කතාව අදාලයි.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: