Thursday, May 21, 2020

කෘෂිකර්මයෙන් ඔබ්බට...


පසුගිය 2019 වසරේ අවසන් කාර්තුවේදී ලංකාවේ ශ්‍රම බලකාය 8,181,442ක්. එයින් කෘෂිකර්ම, වන හා ධීවර අංශ වල සේවා නියුක්තිය 2,215,128ක් හෙවත් රටේ ශ්‍රම බලකායෙන් 27.1%ක්. නමුත් රටේ දළ දේශීය නිෂ්පාදිතයට මේ පිරිසගේ දායකත්වය 7.4%ක් පමණයි.

මෙය වෙනත් ආකාරයකින් කිවුවොත්, රටේ ශ්‍රමිකයින්ගෙන් 27%ක් වන මේ පිරිස විසින් උපයන්නේ රටේ ජාතික ආදායමින් 7.4%ක් පමණයි. ඉතිරි 73%ක පිරිස ආදායමින් 92.6%ක පංගුවක් ලබා ගන්නවා. මේ තත්ත්වයේ කිසියම් වෙනස් විය යුතු වැරැද්දක් තියෙනවද? එහෙමනම් ඒ කුමක්ද?

විසඳුමක් ලෙස ඇතැම් අය දකින්නේ රටේ කෘෂිකාර්මික නිෂ්පාදිතය ඉහළ දැමීමේ අවශ්‍යතාවය. මෙහිදී මතුවන පළමු ප්‍රශ්නය එය කරන්නේ කොහොමද කියන එකයි. අනෙක් අංශ වල නිෂ්පාදිතයේ නාමික අගය නොවෙනස්ව තිබියදී, කෘෂිකාර්මික අංශයේ මිල අඩු නොවුනොත් මූර්ත නිෂ්පාදිතය ඉහළ යන විට කෘෂිකාර්මික අංශයේ ආදායම් පංගුවද වැඩි වෙනවා. ඒ වගේම මූර්ත නිෂ්පාදිතය එසේම තිබියදී සාපේක්ෂ මිල ඉහළ යන විටද කෘෂිකාර්මික අංශයේ ආදායම් පංගුව ඉහළ යා හැකියි. මොන ආකාරයකින් හෝ අවසානයේදී කෘෂිකාර්මික නොවන අංශ වල නාමික නිෂ්පාදිතය ඉහළ යනවාට වඩා වැඩි වේගයකින් කෘෂිකාර්මික අංශයේ නාමික නිෂ්පාදිතය ඉහළ නොගියොත් රටක කෘෂිකාර්මික අංශය හැකිලෙනවා.

සෛද්ධාන්තිකව නාමික කෘෂිකාර්මික නිෂ්පාදිතය ඉහළ යා හැකි ක්‍රම කිහිපයක්ම තිබෙනවා.

1. කෘෂිකාර්මික ශ්‍රමිකයින් ප්‍රමාණය වැඩි වීම නිසා මූර්ත නිෂ්පාදිතය වැඩි වීම.
2. වගා ඉඩම් ප්‍රමාණය වැඩි වීම නිසා මූර්ත නිෂ්පාදිතය වැඩි වීම.
3. ඉඩම් ඒකකයකට අස්වැන්න වැඩි වීම නිසා මූර්ත නිෂ්පාදිතය වැඩි වීම.
4. මූර්ත නිෂ්පාදිතය එසේම තිබියදී එම නිෂ්පාදිතයේ වෙළඳපොල වටිනාකම වැඩි වීම.

පළමුවැන්න හොඳ විසඳුමක් නොවන්නේ ඇයි?

ලංකාවේ සේවා වියුක්තිය මේ වන විට ගොඩක් අඩුයි. පසුගිය වසරේ අවසන් කාර්තුවේදී සේවා වියුක්ති අනුපාතය තිබුණේ 4.5% මට්ටමේ. කෘෂිකාර්මික ශ්‍රමිකයන් වීමේ විභවයක් තිබෙන අඩු අධ්‍යාපන සුදුසුකම් ඇති පිරිස් අතර රැකියා වියුක්ති අනුපාතය මීටත් වඩා අඩුයි, උදාහරණයක් ලෙස අපොස(සාපෙ) අසමත් අයගේ විරැකියා අනුපාතය 2.9%ක් පමණයි. ඒ නිසා, කෘෂිකාර්මික අංශයට ශ්‍රමිකයින් එකතු විය යුත්තේ දැනට වෙනත් ක්ෂේත්‍රයක රැකියාවක නියුතු අය අතරිනුයි.

මේ වන විට කෘෂිකර්මාන්තයෙන් පිටත ඉන්නේ කවර හෝ වඩා ඵලදායී නිෂ්පාදිතයක් කරන අයයි. ඒ කියන්නේ කෘෂිකර්මාන්තයෙන් උපයන ආදායමට වඩා වැඩි ආදායමක් වෙනත් ක්‍රමයකින් උපයන අය. ඒ නිසා, වෙනත් කිසිදු තත්ත්වයක් වෙනස් නොවී කෘෂිකාර්මික ශ්‍රමිකයින් ප්‍රමාණය වැඩි වන විට කෘෂිකාර්මික නිෂ්පාදිතය වැඩි වුනත් ඊට වඩා වැඩියෙන් අනෙකුත් අංශයක නිෂ්පාදිතය අඩු වී සමස්ත නිෂ්පාදිතය පහළ බසිනවා. ඒ නිසා සමස්තයක් ලෙස රටේ ජාතික ආදායම අඩු වෙනවා.

සමස්තයක් ලෙස රටේ ආදායම් මට්ටම් පහළ බහින විට කෘෂි නිෂ්පාදිත වලට තිබෙන දේශීය ඉල්ලුම අඩු වී මිල පහළ බහින නිසා නිෂ්පාදිතය වැඩි වුවත් එහි සමස්ත වටිනාකම අඩු වෙන්න වුනත් පුළුවන්. ඒ නැතත්, වැඩි පිරිසක් අතර බෙදී යාමේදී එක් අයෙකුගේ පංගුව අඩු වෙනවා. ඒ නිසා, මේ වැඩෙන් රටේ මූර්ත කෘෂිකාර්මික නිෂ්පාදිතය ඉහළ ගියත්, කෘෂිකාර්මික අංශයේ ශ්‍රමිකයින්ගේ ආදායම් ඉහළ යන්න තිබෙන ඉඩට වඩා පහළ යන්න තිබෙන ඉඩ වැඩියි. එය එසේ නොවෙන්නනම් ලංකාවේ කෘෂි නිෂ්පාදන වලට විශාල විදේශ ඉල්ලුමක් ඇති විය යුතුයි. ඒ වගේම ලෝකයේ අනෙකුත් රටවල් සමඟ පහසුවෙන් තරඟ කළ හැකි කිසියම් සාපේක්ෂ වාසියක් ලංකාවට තිබිය යුතුයි. ලංකාවට එවැනි විශේෂ වාසියක් නැහැ.

දෙවැන්න විසඳුමක් නොවන්නේ ඇයි කියන එක ඉතාම පැහැදිලියි. ලංකාවේ වගා කළ හැකි ඉඩම් මුලුමනින්ම වාගේ දැනටමත් වගාව සඳහා යොදා ගෙන අවසන්. සමගි පෙරමුණු ආණ්ඩුව කාලයේ මෙන් හෝටන් තැන්නේ අර්තාපල් වවන්න හෝ සිංහරාජයේ දැව කපා විකුණන්න කිසිවෙක් යෝජනා කරනවා කියා මම හිතන්නේ නැහැ.

මූර්ත නිෂ්පාදිතය ඉහළ නැංවීම සඳහා ඉතිරිව ඇත්තේ තෙවන විකල්පය පමණයි. එනම්, ඉඩම් ඒකකයකට අස්වැන්න වැඩි කිරීම. කළ හැකිනම් නරක අදහසක් නෙමෙයි.

සමගි පෙරමුණු ආණ්ඩුවේ පස් අවුරුදු සැලැස්මේ ඉලක්කයක් වුනෙත් ඉඩම් ඒකකයකට අස්වැන්න වැඩි කර ගැනීම මගින් මූර්ත නිෂ්පාදිතය වැඩි කර ගැනීම. ඒ සඳහා සැලසුමේ වූ උපාය මාර්ග වුනේ පොහොර හා රසායන භාවිතය වැඩි කිරීම, වැඩි පලදාවක් දෙන වී වර්ග හඳුන්වා දීම, යාන්ත්‍රික ශ්‍රමය වැඩි වශයෙන් භාවිතා කිරීම වගේ දේවල්. කෘෂිකර්මය වෙත අනෙක් අංශ වල සිටි ශ්‍රමිකයින් තල්ලු කිරීම සැලසුමේ ඉලක්කයක් වුණේ නැහැ.

මූර්ත නිෂ්පාදිතයේ වෙළඳපොල වටිනාකම වැඩි කර ගැනීම කෙසේ වුවත් අඩු කර නොගැනීම සඳහා කෘෂිකාර්මික නොවන අංශ වල ශ්‍රමිකයින් විසින් උපයන ආදායම අඩු කර නොගැනීම වැදගත්. නැත්නම් කෘෂි නිෂ්පාදිත වලට තිබෙන දේශීය ඉල්ලුම අඩු වී මිල පහළ බහින නිසා නිෂ්පාදිතය වැඩි වුවත් එහි සමස්ත වටිනාකම අඩු වෙන්න වුනත් පුළුවන්.


මේ හැම කරුණකින්ම පැහැදිලි වෙන්නේ රටක් දියුණු වෙන්නනම් එම රටේ ශ්‍රමිකයින් කෘෂිකර්මයෙන් ක්‍රමක්‍රමයෙන් ඉවත් විය යුතුයි කියන කාරණයයි. ලංකාවට යුරෝපීයයන් එන කාලයේ එංගලත්තය, ප්‍රංශය වගේ රටවල ශ්‍රමිකයින්ගෙන් බාගයකටත් වඩා නිරතව හිටියේ කෘෂිකාර්මික අංශයේ රැකියා වලයි. එහෙත් ඒ තත්ත්වය ටිකින් ටික වෙනස් වුනා. මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ජර්මනිය, එක්සත් රාජධානිය වගේ රටවල කෘෂිකාර්මික අංශයේ සේවයේ නිරතව ඉන්නේ රටේ ශ්‍රම බලකායෙන් 1%ක පමණ පිරිසක්. මේ ප්‍රතිශතය තවමත් වැඩි අප්‍රිකානු හා ආසියානු රටවලයි.


එසේ වුවත්, කෘෂිකාර්මික අංශයේ ඵලදායීතාවය අතින් ඉහළින්ම ඉන්නේ එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල්. ආසියානු අප්‍රිකානු රටවල් ඉන්නේ ගොඩක් පහළින්.


දළ දේශීය නිෂ්පාදිතයේ කෘෂිකාර්මික පංගුව අඩු වීමත්, ඒක පුද්ගල ආදායම ඉහළ යාමත් අතර සම්බන්ධය ඉතා පැහැදිලියි. එයින් පෙනෙන්නේ කෘෂිකාර්මික අංශයේ ඵලදායීත්වය කොයි තරම් ඉහළ රටක වුවත්, කෘෂිකාර්මික නොවන අංශ වල ඵලදායීත්වය ඊට වඩා වැඩි බවයි.


ශ්‍රමිකයින් සීඝ්‍රයෙන් කෘෂිකර්මයෙන් වෙනත් අංශ වලට විතැන් වීම සෝවියට් දේශය බිඳ වැටී සමාජවාදය කඩා වැටීමෙන් පසුව ගෙවුණු පසුගිය දශක තුනක පමණ කාලය තිස්සේ ලෝකය පුරාම දැකිය හැකි වූ ප්‍රවණතාවක්. 1991 වසරේදී ලෝකයේම ශ්‍රමිකයින්ගෙන් 43.7%ක් කෘෂිකාර්මික අංශය තුළ සිටියත් 2019 වන විට සිටියේ 26.9%ක් පමණයි.


මේ කාලය තුළ ලෝකයේ ආහාර නිෂ්පාදනයේ අඩුවක් සිදු වී නැහැ. අදාළ කාලය තුළ ලෝකයේ සෑම කලාපයකම පුද්ගලයෙකු ආහාර වලින් ලබා ගන්නා සාමාන්‍ය දෛනික කැලරි ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ ගොස් අවශ්‍ය ප්‍රසස්ථ මට්ටම වන කැලරි 2500 ඉක්මවා තිබෙනවා. විශේෂයෙන්ම උතුරු ඇමරිකාවේ ආහාර ඉල්ලුම සංතෘප්ත වී ඇති ආකාරය පිළිබිඹු කරමින් එම කලාපය පෙන්නුම් කරන රේඛාවේ වර්ධනය නැවතී රේඛාව තිරස් වී තිබෙනවා.


මෙයින් අදහස් වන්නේ ලෝකයේ ආහාර අවශ්‍යතාවය සැපිරීමට අවශ්‍ය පුද්ගලයින් ගණන විශාල ලෙස අඩු වී ඇති බවයි. ලංකාවේ ප්‍රවණතාව ලෝකයේ සමස්ත ප්‍රවණතාවයට බොහෝ කිට්ටුයි. 1991දී ලංකාවේ ශ්‍රමිකයන්ගෙන් 42.8%ක් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සිටියත් 2019 වන විට සිටියේ 24.5%ක් පමණයි.


මෙසේ කෘෂිකර්මයෙන් ඉවත් වූ ශ්‍රමිකයින්ට රැකියා නැති වී නැහැ. ඔවුන් කර්මාන්ත හා සේවා අංශ වල වඩා ඵලදායී රැකියා වල නිරත වෙනවා. වඩා ඉහළ ආදායම් උපයනවා. ඒ සමඟ ප්‍රමාණවත් තරමට ආහාර ලබා ගැනීමේ හැකියාවද ක්‍රමයෙන් වර්ධනය වී තිබෙනවා.


සමගි පෙරමුණු ආණ්ඩුවේ පස් අවුරුදු සැලසුමේ අරමුණු හා ඉලක්ක මොනවා වුනත් එම සැලසුමේ අවසන් ප්‍රතිඵලය වුනේ රටේ බොහෝ දෙනෙකුට අවශ්‍ය අවම දෛනික කැලරි ප්‍රමාණය නොලැබී යාමයි. එහෙත්, සාපේක්ෂව විවෘත ආර්ථිකයක් පැවති පසුගිය දශක තුනක කාලය තුළ ලංකාවේ ඒක පුද්ගල දෛනික කැලරි පරිභෝජනය ක්‍රමයෙන් ඉහළ ගොස් මේ වන විට 2500 මට්ටම ඉක්මවා තිබෙනවා.

(Image: https://www.tourradar.com/t/152775)

15 comments:

  1. //ලංකාවේ ඒක පුද්ගල දෛනික කැලරි පරිභෝජනය ක්‍රමයෙන් ඉහළ ගොස් මේ වන විට 2500 මට්ටම ඉක්මවා තිබෙනවා.// ඒ එක්කම ස්ථුල භාවයත්, දියවැඩියාව වගේ රෝගත් වැඩිවෙමින් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි, නිදි. රටක ආදායම් මට්ටම අඩු කාලයේ ස්ථුල භාවය, දියවැඩියාව වගේ දේවල් සල්ලි තියෙන අයගේ ප්‍රශ්න. නමුත්, රටේ ආදායම් මට්ටම ඉහළ යද්දී මේවා සල්ලි වැඩිපුර නැති අයගේ ප්‍රශ්න බවට පත් වෙනවා. ඇමරිකාව වගේ රටවල දැන් තත්ත්වය එවැන්නක්. මුලින් බටහිර රටවල ප්‍රශ්න වූ මේ දේවල් ක්‍රමයෙන් දියුණු වෙමින් පවතින රටවල ප්‍රශ්න බවට පත් වෙනවා.

      Delete
  2. දැන් ලංකාවෙත් ජනප්‍රියවීගෙන එන ග්‍රීන්හවුස් තුල වගා කිරීම වගේ දේවල් හොදයි නේද? මගෙත් මිතුරෙක් මෙවන්නක් කරනවා. හැබැයි ඔවුන්ට දැනට ඉඩමට ඇරෙන්න ලක්ෂ 50 ක පමණ මුදලක් යටවෙලා තිබෙනවා. ලොකු ලාභයක් නම් නැහැ හැබැයි. ඒවායේ වැඩකරන්න නං තුන් හතර දෙනෙක් ඇති. වතුර, බෙහෙත් දැමීම වගේ දේවල් යාන්ත්‍රිකව සිදු කරන්නේ.

    ReplyDelete
    Replies
    1. ලොකු ලාබයක් නැතත් ප්‍රමාණවත් ලාබයක් ලැබෙනවනම් එය සාර්ථක වැඩක්. මම හිතන්නේ මෙය නව්‍ය (innovative) අදහසක්.

      Delete
  3. රී ලංකාවේ ණය අර්බුදය සහ චීන ණය..! - සැබෑව සහ මිත්‍යාව
    -ද ඩිප්ලොමැට් හි වාර්තාවක සිංහලට පරිවර්තනය-

    -The Diplomat සඟරාවේ පලවූ Is Sri Lanka Really a Victim of China’s ‘Debt Trap’? ලිපිය.

    (ලංකා ඊ නිව්ස් -2020.මැයි.21, ප.ව.9.45) චීන ණය හරහා පොදු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තුලින් ණය උගුලේ පැටලුනු රටක් ලෙස ශ්‍රී ලංකාව බොහෝවිට හඳුන්වනු ලැබෙයි. මෙවන් එක් ව්‍යාපෘතියක් වන්නේ 2017 වසරේදී චයිනා මර්චන්ට් පොර්ට් හෝල්ඩින් ලිමිටඩ් (CM Port) වෙත ඩොලර් බිලියන 1.12 ක ($1.12b) මිලකට 99 වසරක් සඳහා බදු දුන් හම්බන්තොට වරාය ව්‍යාපෘතියයි. ණය උගුලේ පැටලීම මගින් තමන් සතු ජාතික හා ජාත්‍යන්තර වටිනාකමකින් යුත් මර්මස්ථාන චීනයට පාවාදීමට සිදුවූ රටක් ලෙස ශ්‍රී ලංකාව හුවාදැක්වෙන්නේ මෙම ව්‍යාපෘතිය නිසාවෙනි. පොදු පිළිගැනීම වන්නේ වරාය ඉදිකිරීම සඳහා ලබාගත් ණය වාරික ගෙවීමට අසමත් වීම නිසා එය නැවත චීන පාලනයට බාරදීම හැර ශ්‍රීලංකා රජයට වෙනත් විකල්පයක් නොවූ බවයි.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ණය අර්බුදයේ සැබෑ ස්වරූපය මින් ඉඳුරාම වෙනස් වන අතර වඩාත් විනාශකාරී ස්වරූපයක් ගනී. චීන ණය යනු සමස්ත ණය අයිස් කන්දේ තුඩග පමණක් වන අතර ණය අර්බුදය සිතනවාට වඩා ඉතා භයංකර බව පැවසිය යුතුවේ. කුප්‍රකට හම්බන්තොට වරාය ගනුදෙනුව හුදෙක් චීන ණය පිලිබඳ ප්‍රශ්නයක් පමණක් නොවන අතර චීන ණය ගැටලුවෙන් ඔබ්බට යන අති විශාල ආර්ථික අර්බුදයකට ශ්‍රී ලංකාව මුහුණ පා සිටී.

    ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වඩාත් භයානක ආර්ථික අර්බුදය..
    ---------------------------------
    චීන එක්සිම් බැංකුව (China EXIM Bank) මෙම ව්‍යාපෘතියට මුදල් යෙදවූ අතර, පැවති මුල්‍යමය සීමාවන් තුල මෙය ආර්ථික වශයෙන් නැණවත් තීරණයක් නොවූ බව සත්‍යයකි. ඇත්ත වශයෙන්ම රට තුල අතිරේක වරායක් ඉදිකිරීමට ඇති අවශ්‍ය තාවයත් ව්‍යාපාරික ණය මගින් ව්‍යාපෘතිය දියත් කිරීම තුල ලාබදායකවන පරිදි මෙම වරාය තුලින් අදායම් ජනනය කිරීමට ඇති හැකිවේද යන්නත් පිලිබඳ ප්‍රබල සැකයක් පැවතින. නොවරදින ලෙසම ණය වාරික ගෙවිය යුතු වන විට ඒ සඳහා ප්‍රමාණවත් අදායමක් ජනනය කිරීමට ව්‍යාපෘතිය අසමත් විය. කෙසේ වුවද වරාය බදුදීම සඳහා ශ්‍රී ලංකාව පෙළඹ වූ සත්‍ය හේතු ණය වාරික ගෙවීමට ඇතිවූ අපහසු තත්වයට වඩා බොහෝ ගැඹුරට දිව යයි. මහත් බිය ජනක කරුණ වන්නේ මේ මගින් ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින වඩාත් භයානක ආර්ථික අර්බුදයක තතු හෙළි කිරීමයි.

    හම්බන්තොට වරාය චීනයට බදු දුන්නේ ඇයි?
    ---------------------------------
    වසර 2007 සිට 2016 දක්වා වාර ගණනාවක් තුල මෙම ව්‍යාපෘතිය උදෙසා ණය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළේය. සියලුම ණය ගැනීම් චීන එක්සිම් බැංකුව හරහා සිදුවූ අතර බොහෝ විට වාණිජ පොලී අනුපාත යටතේ මෙම ණය ලබා ගැනීම සිදු විය. කෙසේ වෙතත් මේ සෑම ණය මුදලක්ම අවුරුදු 5 ක සමා කාලයකට (Grace period) යටත් වූ අතර අවුරුදු 15 කට වැඩි කාලයක් තුල වාරික වශයෙන් ආපසු ගෙවීමේ අවස්ථාවද හිමි විය. මෙම හේතුව නිසාම හම්බන්තොට වරායේ ණය පොලී වාරිකය ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණය බරින් අති විශාල කොටසක් නොවූ අතර යම් ණය ආපසු ගෙවීම ආරම්භ කළ යුතු අවස්ථාව උදාවී තුබුනේද නැත. හම්බන්තොට වරාය සඳහා ගෙවිය යුතුවූ ණය වාරිකය ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ ණය වාරිකයෙන් 5% කට නොවැඩි වූ අතර සමස්ත රාජ්‍ය ණය බරින් මීටත් වඩා සුළු ප්‍රතිශතයක් විය. ආර්ථික යතාර්ථය නම්, වසර ගණනාවක් තිස්සේ සිදුවෙමින් පැවති ණය බරෙහි වැඩිවීමත්, වෙළඳ පල කඩාවැටීමත් නිසාවෙන් හටගත් ගෙවුම් ශේෂ අර්බුදය (Balance of Payment crisis) හමුවේ ශ්‍රී ලංකා රජයට හම්බන්තොට වරාය චීනය වෙත බදු දීමට සිදුවූ බවයි. අන්තර්ජාතික ස්වාදීන බැඳුම්කර (International Sovereign Bonds) රාශියක් කල්පිරීමට යෙදුන අවස්ථාවේ ශ්‍රී ලංකා රජයට අති විශාල විදේශ සංචිත (foreign reserve) හිඟයකට මුහුණ දීමට සිදු වූ අතර විදේශ සංචිත වැඩි කර ගැනීම සඳහා රජයට විවිද මාර්ග සෙවීමට සිදුවිය. හම්බන්තොට වරාය චීනයට බදු දීම ඉන් එක් ක්‍රියා මාර්ගයක් පමණි.

    ReplyDelete
    Replies
    1. හම්බන්තොට වරාය චයිනා මර්චන්ට් පොර්ට් හෝල්ඩින් ලිමිටඩ් (CM Port) වෙත බදු දුන්නද ඒ සඳහා වූ ණය කපාහැරීමට කටයුතු නොකළ අතර මුලික එකඟතා පරිදි සම්පුර්ණ ණය මුදලම ආපසු ගෙවීමට ශ්‍රී ලංකා රජය තව දුරටත් බැඳී සිටී. වරාය බදුදීම මගින් ලබාගත් මුදල් රජයේ ඩොලර් සංචිත වර්ධනය කිරීම සඳහා යොදාගත් අතර වසර 2019 මුල් කාර්තුවේ කල්පිරෙන්නට යෙදුනු අන්තර්ජාතික බැඳුම්කර පියවීම සඳහා මෙම විදේශ විනිමය අත්‍යවශ්‍ය විය.

      ලංකාවේ මුළු ණයෙන් චීනයට ගෙවීමට ඇත්තේ 10% ක් පමණයි..
      ---------------------------------
      ශ්‍රී ලංකා ණය අර්බුදය චීනයෙන් බොහෝ ඔබ්බට යන අතර මෙයට බලපාන ප්‍රදාන හේතු වන්නේ විදේශ ණය සංයුතියේ සිදුවූ වෙනස්කම් හා වෙළඳ පරතරය අඩුවීම, ආරක්ෂණ වාදයේ නැගී සිටීම හා රාජ්‍ය අදායම අඩුවීම වැනි ආර්ථික ව්‍යුහයේ සිදුවූ වෙනස්කම්ය. වර්ෂ 2017 අවසාන වන විටද ශ්‍රී ලංකාව සතුවූ මුළු විදේශ ණයෙන් චීනය සතු වුයේ 10% කට මඳක් වැඩි ප්‍රතිශතයක් පමණක් වූ අතර එයද සමන්විත වුයේ සහනදායක ණය (Consessionary Loans) මගින් පමණි. එහෙත් මින් වැඩි කොටස එනම් මුළු විදේශ ණයෙන් 39% ක් සමන්විත වුයේ අන්තර්ජාතික ස්වාදීන බැඳුම්කර (International Sovereign Bonds) වෙතිනි. මේ සියල්ල අන්තර්ජාතික මුල්‍ය වෙළඳපොලෙන් ලබාගත් වාණිජ ණය වන අතර මෙම ණය වල ස්වභාවය අනුව එකවර ගෙවියයුතු ණය ප්‍රමාණයේ විශාල වැඩිවීමක් සිදුවිය. යම් නිශ්චිත ව්‍යාපෘතියක් සඳහා ලබාගන්නා සහනදායක ණයක් මෙන් වාරිකවශයෙන් දිගුකාලීනව ගෙවීම වෙනුවට බැඳුම්කර කල්පිරුණු වහාම මුළු මුදල එකවර ගෙවියයුතු වනනිසා මේසඳහා සාපේක්ෂව අති විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අවශ්‍ය වේ. මේ ඉතාම බිය ජනක තත්වයකි. සරලව පැහැදිලි කරන්නේනම් අදාල අන්තර්ජාතික බැඳුම්කර පියවීම සඳහා අපනයන, ඍජු විදේශ ආයෝජන (Foreign Direct Investment) හෝ තවතවත් විදේශ ණය ලබාගැනීම වැනි ක්‍රියාමාර්ග හරහා රටවෙත ගලා එන විදේශ විනිමය වැඩි කර ගත යුතුය. කණගාටුවට කරුණ වන්නේ, විදේශ ණය පියවීමට ප්‍රමාණවත් වන පරිදි අපනයන වැඩි කිරීම හෝ විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම මගින් විදේශ විනිමය වත්කම් වැඩිදියුණු කරගැනීමට ශ්‍රී ලංකාව අසමත්ව ඇති බවයි. එහෙත් දක්නට ලැබෙන්නේ මීට ප්‍රති වීරුද්ධ තත්වයකි, එනම් රටේ මුළු අපනයනය (භාණ්ඩ සහ සේවා එකතුව) දල ජාතික නිෂ්පාදනයට (GDP) අනුපාතය වසර 2000 දී 39% සිට වසර 2017 වනවිට 21% දක්වා පහත වැටී ඇති අතර මේ අනුව රටේ විදේශීය ණය තිරසාර බව (External Debt Sustainability) ප්‍රශ්න සහගත තත්වයකට පත්ව ඇත. මේ අතර විදේශීය ණය තිරසාර බව පිලිබඳ ප්‍රධාන දර්ශකයක් වන විදේශ ණය වාරිකයට, අපනයන අනුපාතය, වසර 2015 දී 28% ක් වැනි උපරිම අගයක් වාර්තා කර ඇත. වසර 2007 දී 10.6% වූ මෙම අගය වසර 2017 දී 22.5% දක්වා වර්ධනය වී ඇත. වසර 2011 සිට මෙම අගය 20% කට වැඩි අගයක් වාර්තා කර ඇති අතර 2016 දී පමණක් 19.7% වූ මඳක් පහල අගයක් දක්වා ඇත. වසර 2017 වන විට නැගීඑන ආර්ථිකයන්ට වාසි සහගත නොවූ ලෝක ආර්ථික පරිසරයක් යටතේ වුවත් වසර 2019-2022 අතර කල්පිරීමට නියමිත ඩොලර් බිලියන 5 කට ($5b) අධික බැඳුම්කර හමුවේ සිය විදේශ විනිමය සංචිත ඉහල නංවා ගැනීමට ශ්‍රී ලංකාවට බලකෙරින.

      මේ තත්වය යටතේ විදේශ සංචිත ඉහල නංවා ගැනීමට විවිධ ක්‍රියා මාර්ග අනුගමනය කිරීමට රජයට සිදුවූ අතර ආයෝජනයට සාපේක්ෂව ප්‍රමාණවත් ප්‍රතිලාබ (return on investment) ජනනය නොකළ හම්බන්තොට වරාය බදු දීම එක් විකල්පයක් විය. මීට අමතරව, ලොව ඉතාම අඩුවෙන් පරිහරණය කරන ගුවන් තොටුපලක් වූ මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපලද (Mattala Rajapaksha International Airport) ඉන්දියාවට බදුදීමට කටයුතු කරනු ලබන බවට මාධ්‍ය වාර්තා කළේය. මෙම ව්‍යාපෘති දෙකම චීන ණය ආධාර මත ඉදි කළ අතර ආර්ථික වශයෙන් සාර්ථක නොවන ආයෝජන වශයෙන් විවේචනයට ලක් විය.

      60% කට අධික ණය ගත්තේ චීනයෙනි..
      ---------------------------------

      Delete
    2. 60% කට අධික ණය ගත්තේ චීනයෙනි..
      ---------------------------------
      පසුගිය දශකය ඇතුලත ශ්‍රී ලංකාවේ යටිතල ව්‍යාපෘති රාශියක් සඳහා මුදල් ආයෝජනය කිරීම හේතුවෙන් චීනය සතු ශ්‍රී ලංකික විදේශ ණය ප්‍රමාණය මහත්සේ අධික වී ඇති බව සත්‍යයකි. වසර 2008 සිට 2012 දක්වා 60% කට අධික විදේශ ණය ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ චීනයෙනි.

      තත්වය මෙසේ වෙතත්, චීන ණය සාධකය නැතිවම උවත් ශ්‍රී ලංකාව විදේශීය ණය තිරසාර බව (External Debt Sustainability) පිලිබඳ ගැටලුවට සහ ගෙවුම් ශේෂ අර්බුදයකට (Balance of Payment crisis) ලක්වීමට නියමිතව තිබිණ. ඇත්ත වශයෙන්ම චීන අරමුදල් යටතේ ඉදිකළ මහා ව්‍යාපෘති වල සත්‍ය අවශ්‍යතාවයත් ඒවායේ ආර්ථික සඵලතාවයත් පිලිබඳ ආරම්බයේ සිටම ප්‍රශ්නකාරී තත්වයක් පැවතුන නමුත් ශ්‍රී ලංකාවේ ණය අර්බුදය පිටුපස ඇති වඩාත් ප්‍රබල හේතුව වන්නේ රටේ අපනයන පහල බසින තත්වයක් යටතේ සහ සමස්ත වෙළඳ කටයුතු වල පසුබෑම, ආරක්ෂණ වාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම හා රාජ්‍ය අදායම පහල බැසීම වැනි ආර්ථික ව්‍යුහමය ගැටළු සඳහා විසදුම් ඉදිරිපත් කිරීමකින් තොරව අන්තර් ජාතික මුල්‍ය වෙළඳ පොළෙන් අධික පොලියට වාණිජ ණය ලබාගැනීමට දිගින් දිගටම කටයුතු කිරීමයි. මේ තත්වය යටතේ රාජ්‍ය ණය කළමනාකරණය පිළිබඳ බරපතල ගැටළු ඇතිවීම නොවැලක්විය හැක. මෙම ගැටළු විසඳීමට නම් ප්‍රතිසංස්කරණ සඳහා විශාල වෙහෙසක් දැරිය යුතුවන අතර සුවිශාල දේශපාලන අභියෝග වලට මුහුණ දීමට සිදුවනු ඇත ෴

      Delete
  4. Your articles are very informative and I also think clearly that Sri Lanka should adopt clear capitalist policies which had been marked as draconian policies over the years by self seeking politicians and officials. However, what do you think about the transformation. I have certain doubts on repercussions during transformation prohibiting even the most learned government from adopting.

    ReplyDelete
    Replies
    1. That's exactly the next point I want to discuss- transformation. The real problems are the unconscious reluctance to transform the economy and the fear of repercussions during transformation, not the real repercussions. For the capitalism to work effectively the general public should believe in capitalism. But the formal education, politicians, media and art all support and spread the opposite view. Many market-based reforms (but not all of them) first fail simply because of inter-connections with remaining non-market-based practices. When this happens, the solution is to identify and fix the underlying cause through additional reforms. But, what often happens is that such not-very-common failures are interpreted either as failures of capitalism or as not being suitable for Sri Lanka when the same policy is proven effective elsewhere by opponents of capitalism ultimately resulting in a reversal. Politicians and the bureaucracy always have incentives in promoting a big government, no matter whether they are left-wing or right-wing. So, the status quo can change only when the beliefs of general public changes decisively making it hard for their leaders to resist transformation. Anyone who believes in capitalism can act as a change agent to achieve that goal, but first you need to clarify your own doubts and make sure that you are doing the right thing, not simply following someone else. I'll return to the transformation part gradually. I just had to start with agriculture since many Sri Lankans are sensitive to the topic at this point and also because that is an appropriate natural starting point for this discussion.

      Delete
  5. In Sri Lanka water is supplied free for agriculture, while the government bears that cost. Further, many subsidies like fertilizer are given to farmers. Otherwise the price of agricultural products will be more than that of today. Therefore, don't we have to add aforementioned costs when calculating income from agriculture? (At present these are costed as government expenditure)

    ReplyDelete
    Replies
    1. They are a part of expenditure, not of income. So, the actual income has to be less if we adjust. This comment is more relevant to a previous article.

      https://economatta.blogspot.com/2020/05/blog-post_14.html

      Delete
    2. What I mean is, we calculate the portion of agriculture output for GDP based on the product prices (if I am correct). Suppose water is not free and there are no subsidies. Then price of paddy, for example, will go up and eventually the share of agriculture production in GDP.

      Delete
    3. 1. Suppose that the prices will go up by the same amount as the cost of subsidies (even though this is a wrong assumption.). GDP = value addition = value of the final prices - value of inputs. So, if both the value of total prices and the value of inputs increase by the same amount the value addition does not change.

      2. The price in a market economy is not the cost of production but the value assigned by the consumers. If the economy is open to international trade and the price of imported rice stays low there's no reason for domestic consumers to assign a higher value to domestic rice of similar quality, no matter whatever the cost is. So, if these subsidies are removed some local producers will have to quit and only those who can supply at a competitive price will continue to produce resulting in no change in price. If there's no change in final prices the value addition decreases since the input prices are higher. In addition, if we actually remove these subsidies rather than imagining a hypothetical scenario, the quantity of production decreases reducing the total value of final product. At the same time, since those who quit are high cost inefficient producers and the production cost of remaining producers is less the effect on unit value addition will be partly offset.

      3. In a closed economy, since there are no imported substitutes, the price will go up, if allowed. This often promotes inefficiency and high input costs, so the unit value addition will drop to some extent but if the price increase is large there can be a positive effect as you say.

      Delete
  6. Excellent clarification. Thank you very much.

    ReplyDelete
  7. In some upcountry areas of Sri Lanka plot size of agricultural lands is very small. Some farmers own just 1/4 of an acre of paddy lands. If these people give up agriculture and join other sectors as you suggest, these small lands will remain as abandoned lands as it is not possible to consolidate them so as to use machinery due to the scattered nature and access problems. Then the final result will be not only a reduction of people employed in agriculture sector but also reduction of agricultural outputs.

    Are there any remedies for this issue? Kindly expect your views.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.