වෙබ් ලිපිනය:

Friday, October 16, 2020

එතුවක් දුරින් ඉන්න ඈතින්...

කොරෝනා එහෙමත් නැත්නම් කෝවිඩ්-19 ගැන අන්තිමට කතා කළේ මාසයකට පමණ පෙරයි. වසංගතයේ ව්‍යාප්තිය ආරම්භයේදී අප මේ හා අදාළ ලිපි ගණනාවක් පළ කළත්, පසුගිය ජූලි මාසයේ සිට කොරෝනා ගැන කතා කර තිබෙන්නේ මසකට වරක් පමණයි. ඒ ලිපි වලත් ගැඹුරු තාක්ෂණික කරුණු කිසිවක් කතා කර නැහැ.

සිවු මසකට පෙර "කෝවිඩ් නැත්තේ කොහේද?" යනුවෙන් ලිපියක් මෙහි පළ කරමින් අප ඒ වන විට ලෝකයේ කෝවිඩ් වලින් තොර රටවල් ගැන කතා කළා. එහි සඳහන් කළ උතුරු කොරියාව හා තුර්ක්මේනිස්ථානය යන රටවල් නිල වශයෙන් කෝවිඩ්-19 ආසාදිතයින් වාර්තා කර නැතත් අදාළ රටවල් කෝවිඩ් වලින් නොතොර බව බොහෝ විශේෂඥයින්ගේ මතයයි. බටහිර සහරාවේ පොලිසාරියෝ පෙරමුණ විසින් පාලනය කරන නැගෙනහිර බිම් තීරුව සම්බන්ධ තත්ත්වයත් මෙවැන්නක්.

තොරතුරු නිවැරදිව වාර්තා නොවන ඉහත රටවල් /ප්‍රදේශ හැරුණු විට කෝවිඩ් වලින් තොර රටවල් සේ සැලකිය හැකිව තිබුනේ ශාන්තිකර සාගර කලාපයේ දූපත් රාජ්‍ය දහයක් පමණයි. මේ කලාපයේ පිහිටි ජනගහණය වැඩිම දූපත් රාජ්‍යය වූ ෆිජි ජනරජයෙන් ඒ වන විටද කෝවිඩ්-19 ආසාදිතයින් වාර්තා වී තිබුණා. 


ඉහත කී දූපත් රාජ්‍ය දහය අතරින් වැඩිම ජනගහණයක් සිටින රට වන සොලමන් දූපත් වලින්ද මේ වන විට කෝවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙකු හමු වී තිබෙනවා. මේ අනුව, මේ වෙද්දී කෝවිඩ් වලින් බේරී සිටින්නේ ශාන්තිකර කලාපයේ දූපත් රාජ්‍ය නවයක් පමණයි. මේ අතරින් වැඩිම ජනගහණයක් සිටින දූපත් රාජ්‍යය වන්වාතු. එහි ජනගහණය ආසන්න වශයෙන් ලක්ෂ තුනක් පමණ වෙනවා. වන්වාතුද ඇතුළුව මේ දූපත් රාජ්‍ය නවයේම ජනගහණය මිලියනයකට වඩා අඩුයි.


ලක්ෂයක පමණ ජනගහණයක් සිටින බටහිර ඉන්දීය දූපත් රාජ්‍යයක් වන සෙන්ට් වින්සන්ට් සහ ග්‍රෙනඩීස් දූපත් වලින් හමු වූ කෝවිඩ්-19 ආසාදිතයින් 64 දෙනෙකුත්, එම කලාපයේම පිහිටි පනස් දහසක පමණ ජනගහණයකින් යුත් සෙන්ට් කිට්ස් සහ නෙවීස් දූපත් වලින් හමු වූ කෝවිඩ්-19 ආසාදිතයින් 19 දෙනෙකුත් මේ වන විට සුවය ලබා සිටින නිසා එම රටවල්ද මේ වන විට කෝවිඩ් වලින් නිදහස් බව ඕනෑනම් කියන්න පුළුවන්. 

ඉහත කී රටවල් සියල්ල සීමිත ජනගහණයක් සිටින හුදෙකලා දූපත් රාජ්‍යයන්. ඇමරිකාව හෝ ඉන්දියාව වැනි විශාල කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණයක් සිටින රටවල වුවත් කෝවිඩ්-19 ආසාදිතයින් නැති මෙවැනි කුඩා ප්‍රදේශ තියෙන්න පුළුවන්. ඒ නිසා, මේ වෙද්දී කෝවිඩ්-19 විසින් ලෝකයම ග්‍රහණයට අරගෙන කියන එක සෑහෙන තරමේ සාධාරණ ප්‍රකාශයක්. වරින් වර කෝවිඩ්-19 "සාර්ථකව මර්දනය කළ" බොහෝ රටවල දැන් නැවතත් ආසාදිතයින් හමු වෙන්න පටන් අරන්. [මෙය ලංකාව ඉලක්ක කර කරන ප්‍රකාශයක් නෙමෙයි.]


ඉහත ප්‍රකාශය අභියෝගයට ලක් වෙනවානම් මුලින්ම එය වෙන්නේ කෝවිඩ්-19 මුලින්ම පැතිරුණු චීනයේදී. චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් පිටත ජනගහණය ලක්ෂයකට කෝවිඩ්-19 ආසාදිතයින් ගණන 15කට වඩා අඩුයි. චීනය හැරුණු විට මේ මට්ටමේ කෝවිඩ්-19 පාලනයක් දැකිය හැක්කේ චීනයට යාබද වියට්නාමය, ලාඕසය හා කාම්බෝජය ඇතුළත් භූගෝලීය කලාපයේ හා නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සානියාවේ පමණයි. 

කෝවිඩ්-19 සාර්ථකව පාලනය කිරීම සම්බන්ධව ටැන්සානියාව දෙවෙනි වනවානම් ඒ උතුරු කොරියාවට හා තුර්ක්මේනිස්ථානයට පමණයි. නිල වශයෙන් රටක කෝවිඩ්-19 ආසාදිතයින් සිටිය හැක්කේ පරීක්ෂා කර හඳුනාගෙන අදාළ තොරතුරු ප්‍රසිද්ධියට පත් කළොත් පමණයි. කෝවිඩ්-19 පරීක්ෂණ සිදු කිරීම සම්පූර්ණයෙන් නැවැත්වූ විට අලුත් කෝවිඩ්-19 ආසාදිතයින් හමු වන එකත් සම්පූර්ණයෙන්ම නවතිනවා. ඒ වන විට හඳුනාගත් ආසාදිතයින් සුව වූ පසු රට කෝවිඩ් වලින් තොර වෙනවා.

රටවැසියන්ගේ යාඥා වල ප්‍රතිඵලයක් ලෙස ටැන්සානියාව කෝවිඩ් වලින් තොර වී ඇති බව එරට ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර රෝග ලක්ෂණ ඇති අය පරීක්ෂා කිරීම නැවැත්වීමෙන් පසුව ටැන්සානියාවෙන් කෝවිඩ්-19 ආසාදිතයින් හමු වන්නේ නැහැ. සිම්පල් ප්ලෑන් එකක්!

තොරතුරු වාරණයක් සිදු වනවා විය හැකි වුවත් චීනය ටැන්සානියාවේ ගොඩට දමන්න බැහැ. හුබෙයි ප්‍රාන්තයෙන් කෝවිඩ්-19 ව්‍යාප්තිය ආරම්භ වූ මුල් අදියරෙන් පසුව චීනය රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉතා දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. අවදානම් සහිත ජන කණ්ඩායම් මහා පරිමාණයෙන් පරීක්ෂාවට ලක් කිරීමද චීනය විසින් අනුගමනය කරන ක්‍රමවේදයේ කොටසක්. එහෙත්, එය චීනය විසින් කරන එකම දෙය නෙමෙයි ආක්‍රමනශීලී ලෙස සබඳතා හමා යාම, විශාල ජනගහණයක් සිටින ප්‍රදේශ ලොක් ඩවුන් කිරීම ඇතුළු තවත් බොහෝ දේ චීනය විසින් කරනවා.

චීනය මධ්‍යගත පාලනයක් තිබෙන විශාල රටක් වීම කෝවිඩ් මර්දනයේදී උදවුවක් වී තිබෙනවා. මෙහිදී දෙවන සාධකය අමතක කර පළමු සාධකය ගැන පමණක් කතා කරන්න බැහැ. ඇත්තටම චීනයේ දැඩි මධ්‍යගත පාලනය නොවන්නට ඇතැම් විට කෝවිඩ් ව්‍යාප්තිය මුල් අදියරේදීම හඳුනාගනු ලැබ වුහාන් වලටම සීමා වන්නට වුවත් ඉඩ තිබුණා. කෙසේ වුවත්, යම් මට්ටමකට වසංගතය පැතිරුණු පසුව චීනය විසින් වසංගතය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ඉතා දැඩි ක්‍රියාමාර්ග ගත්තා.

චීන්නු කටවහගෙන ආණ්ඩුව කියන දේ ඒ විදිහටම කරන්න කාලයක් තිස්සේ පුරුදු වී සිටීම වැඩේට පහසුවක් වුනා. හැබැයි එහෙම කටවහගෙන ආණ්ඩුව කියන දේ කරන ජනතාවක් සිටි පමණින් කුඩා රටකට චීනය කළ දේවල් කරන්න පහසු වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට මිලියන 60ක පමණ ජනගහණයක් සිටින හුබෙයි ප්‍රාන්තය ලොක් ඩවුන් කරද්දී රටේ වැඩ කටයුතු කරගෙන යන්න තවත් මිලියන 1380ක පමණ ජනගහණයක් හුබෙයි ප්‍රාන්තයෙන් පිටත හිටියා. ලංකාව වගේ රටක ජනගහණය මෙන් තුන් ගුණයකගේ සංචරණය සීමා කළාට පසුවත් චීනයෙන් 96%ක්ම වැඩ. 

මෙය චීනයට පමණක්ම කළ හැකි දෙයක්. රටේ ආර්ථික කටයුතු වලට විශාල බලපෑමක් කර නොගනිමින් මිලියන 60ක ජනගහණයක් පැත්තකට කරන්න පුළුවන් තරමේ විශාල ජනගහණයක් සිටින වෙනත් රටක් ඇත්නම් ඒ ඉන්දියාව පමණයි. ඉන්දියාවේද චීනයේ මෙන්ම විශාල ජනගහණයක් සිටියත් චීනයේ මෙන් දැඩි මධ්‍යගත පාලනයක් නැති නිසා ඉන්දියාවටත් මෙවැන්නක් කරන්න බැහැ. අනෙක් අතට මධ්‍යගත පාලනයක් තිබුණා කියලා පොඩි රටකට මෙවැන්නක් කරන්නත් බැහැ. 

චීනය කෝවිඩ් රටින් තුරන් කරලා නැහැ. රට ඇතුළෙන් වරින් වර කෝවිඩ් ආසාදිතයින් හමු වෙනවා. එහෙත්, ඒ විදිහට හමුවෙන ආසාදිතයින් ඉක්මණින් හඳුනාගෙන වෙන් කිරීමට හැකි යාන්ත්‍රණයක් චීනය සතුව තිබෙනවා. ඒ යාන්ත්‍රනය චීනයේ ආර්ථිකයට දරා ගත නොහැකි බරක් නෙමෙයි. අනෙක් පැත්තෙන් එන්නත් තරඟය තුළත් චීනය ඉදිරියෙන් ඉන්නවා. ඒ නිසා, එන්නතක් වැඩි දියුණු කර ගන්නා තුරු කෝවිඩ් විශාල ලෙස රට ඇතුළේ පැතිරෙන එක වලක්වා ගන්න චීනයට බැරි වෙයි කියා කියන්න බැහැ. 

චීනයට දකුණින් තිබෙන ලාඕසය, වියට්නාමය හා කාම්බෝජය වගේ රටවල් වලට වගේම තායිලන්තයටත් චීනය කෝවිඩ් පාලනය කර ගැනීමේ වාසිය වක්‍ර විදිහට ලැබී තිබෙනවා. හැබැයි මේ තත්ත්වය කොයි වෙලාවක හෝ වෙනස් වෙන්න බැරිකමක් නැහැ. මෑතක් වන තුරුම කෝවිඩ් ව්‍යාප්තිය ඉතා අඩු මට්ටමක තිබුණු මියන්මාරයේ මේ වෙද්දී වේගයෙන් කෝවිඩ් ව්‍යාප්ත වන ආකාරය අනුව පැහැදිලි වන්නේ ඉහත රටවල දැනට පෙනෙන්නට තිබෙන ස්ථාවර තත්ත්වය එසේම දිගටම පවතිනු ඇති බවට කිසිදු සහතිකයක් නැති බවයි. චීන බෝඩරය ආරක්‍ෂිත වුනත් මියන්මාරය පැත්තෙන් හරි මැලේසියාව පැත්තෙන් හරි මේ බ්ලොක් එකේ රටවල කෝවිඩ් පැතිරෙන්න පුළුවන්.

කෝවිඩ් වසංගතය හමුවේ දූපත් රාජ්‍ය වලට යම් වාසිදායක තත්ත්වයක් දිගටම වගේ තිබුණා. අයිස්ලන්තය උදාහරණයක් ලෙස පෙන්වන්න පුළුවන්. එක පැත්තකින් දූපත් රාජ්‍යයක් වීමේ වාසියත්, අනෙක් පැත්තෙන් අඩු ජන ඝනත්වයක් තිබීමේ වාසියත් අයිස්ලන්තයට තිබුණා. ඊට අමතරව අයිස්ලන්තය මුල් කාලයේදීම තමන්ගේ රටේ ජනගහණය විශාල ලෙස පරීක්ෂාවට ලක් කළා. 

අයිස්ලන්තය ගැන බොහෝ දෙනෙක් කතා කළේ සාර්ථක ලෙස කෝවිඩ් මර්දනය කළ රටක් විදිහටයි. නමුත්, මේ වෙද්දී කෝවිඩ් "දෙවන රැල්ල" අයිස්ලන්තය හරහා හමා යනවා. සීෂෙල්ස්, නවසීලන්තය වගේ දූපත් රාජ්‍ය වල තත්ත්වයනම් තවමත් හොඳින් පාලනය වී තිබෙනවා.දූපත් රාජ්‍ය වලට කෝවිඩ් වලින් බේරීම සාපේක්ෂව පහසු වුනත් එය ඉබේටම වෙන්නේ නැහැ. එය තවත් සාධක ගණනාවක් මත තීරණය වන දෙයක්.

ලංකාවේ කෝවිඩ් මර්දන කටයුතු මෙතෙක් සාර්ථකව සිදු වී ඇති බව පැහැදිලි කරුණක්. එහෙත්, මේ වෙද්දී ලංකාව නැවතත් "හන්දියකට" පිවිස තිබෙනවා. මේ ලිපියෙන් මම ලංකාව ගැන කතා කරන්න යන්නේ නැහැ. කොහොම වුනත් දැන් පවතින තත්ත්වය අනුව, කාලයකට ඉස්සර ප්‍රේමකීර්ති ද අල්විස් විසින් දීලා තියෙන උපදෙස් පිළිපදින එක තමයි කරන්න තියෙන්නේ.

එතුවක් දුරින් ඉන්න ඈතින්...

එහෙම නැත්නම් වෙන දේත් කියල තියෙනවනේ.

මනසින් ලබන්න හැකි සුවේ...අප ලං වුනොත් දුරස් වෙතේ...



18 comments:

  1. // චීන්නු කටවහගෙන ආණ්ඩුව කියන දේ ඒ විදිහටම කරන්න කාලයක් තිස්සේ පුරුදු වී සිටීම වැඩේට පහසුවක් වුනා. හැබැයි එහෙම කටවහගෙන ආණ්ඩුව කියන දේ කරන ජනතාවක් සිටි පමණින් කුඩා රටකට චීනය කළ දේවල් කරන්න පහසු වෙන්නේ නැහැ//

    ඇමරිකාවෙන් කියක් හරි බලාගෙන බොරු ලියන අංකල් අපි මෝඩයෝ කියලද හිතාගෙන ඉන්නේ ඔයා ?

    ඇමරිකාවේ තමයි එකා එකා මැරිලා වැටෙන තැනට පත් වෙලත් කටයි පු_යි වහගෙන වැඩට ගනින් කොම්පැනි වලට කබුරන තත්වෙට පත් වෙලා තියෙන්නේ............

    චීනය තමුන්ගේ පුරවැසියන්ගේ ජිවිත අනතුරේ බව දැනගත් මුල් වටයේම රෝගය පැතිරීයාම වැලක්වීම සදහා ජනතාව නිවාස වල නවත්වා ඔවුන් පෝෂණය කරමින් කෙටි කාලයක් ඇතුලත රෝගය පැතිරී යාම වලක්වූවා..........

    ඇමරිකාව ණය මත දුවන ජිමික් ආර්ථිකයක් ඇති මංකොල්ලකාරී රටක් නිසා අද පුරවැසියන්ට ගෙදරට වි ආරක්ෂිතව සිටින්න යැයි කිවහොත් හෙට ජනගහනයෙන් 80 % කට හිගාකන්න සිද්දවෙනවා. (මේක පසුගිය ආර්ථික අර්බුධය කාලේ අපි දැක්කා). ලංකාවෙත් රටවැසියන් ගෙවල් වල ආරක්ෂිතව නතර කරන්න බැරි වෙලා තියෙන්නේ ඒ නිසයි දැන්.

    මොකද පුරවැසියන් තමුන් වෙනුවෙන් පත් කරගත්ත රජයට පුරවැසියන් සති දෙකකට වත් රකින්න නොහැකි වීම.

    ඒ නිසා අද වැඩට ගොස් ශ්‍රමය විකුණා හෙට කන ඇමරිකන් ශ්‍රම ඝණිකාවන්ට ගෙදරට වි ආරක්ෂිතව සිටීමට වඩා, සෑම තැනකම කොරෝනා මතුවෙන බිහිසුණු කාලෙක වුවත්, ඇමරිකාව නම් විශාලා මහනුවර තමුන්ගේ හෙට බඩ වියතේ කෑම වේල වෙනුවෙන් වැඩ කරන්න වෙලා තියනවා මරණය එනතුරු හරි.

    මේකට විකල්පයක් ජනතාවට නැත්තේ මොකද ඉතාම අසංවිධිත ඇමරිකන් සමාජයේ ඕවාට විරුද්දව මුලින්ම කතාකරන අය ඇමරිකන් CIA මිනිමරුවන් විසින් ඉතාම ඉක්මනින් මරා දමන නිසාද, ගෙදරට වී සිටියහොත් රටේ ජිමික් ආර්ථිකය මත ලබන සතියේ මුළු රටේම සාමාන්‍ය ජනතාවට හිගාකන්නට වෙන නිසාද මරණය බලාපොරොත්තුවෙන් හෝ කුසගින්නේ නොමැරී සිටීම සදහා වැඩ කල යුතු තරමට අසරණ වී වෙන විකල්පයක් නැති වී සිටිනවා.

    ඊට සාපේක්ෂව චීනය, වියට්නාමය ප්‍රමුක ජනතාවාදී රටවල ආර්ථිකය සැබෑ ශක්තිමත් නිසා ඔවුන්ට සිය පුරවැසියන් ආර්ථික විය ගසේ ගැටගසිමකින් තොරව, ජනතාව ආරක්ෂිතව තබා, ආර්ථිකයේ යම් කලාප නතර කර හෝ ආර්ථික රෝධය දිවවීමට තරම් ඔවුන් සැබෑ ශක්තිමත්.

    ඇත්තටම හෙට දින බඩගින්නේ නොමැරී සිටීම වෙනුවෙන් බල්ලන් මෙන් වැඩ කරන්න වි තිබෙන්නේ ඇමරිකන් ශ්‍රම ඝණිකාවන්ට යි.

    චීන වියට්නාම් ජනතාව ගෙදරට වි සිටින විට ඇමරිකන් ශ්‍රම ඝනිකාවන මරණය මත වුවද කට වසාගෙන කබුරන අතර, මාධ්‍ය ඉතා විශාල සටනක් මේ මිනිසුන් මරණය මත සුරාකෑම සාධාරණය කරන්නට මිනිසුන්ගේ මොළ සෝදමින් සිදු කරයි.

    මෙය විශාල මුදලක් මාධ්‍යට ලැබෙන ගනුදෙනුවකි. මාධ්‍යට සහ හොර උපදෙස් දෙන්නන්ට් ඉල්ලමකි.

    ඒ මුදලින් සොච්චමක් ඉකොනා ලා ලබන අතර මේ පට්ට පච් වෙනවා කියලා දැන දැනම ලියනා බොරු ලියවිල්ල ඒ ගන්නා මුදල වෙනුවෙන් ශ්‍රීලන්කන් නැට්ට කපපු වදුරන්ගේ බ්‍රේන් වොෂ් කර ගොනාට ඇන්දවීමේ සත් කාර්ය වෙනුවෙනි...........

    පවු.................!!!

    බලන්න මේ ඇමරිකන් පුරවැසියන් ඩොලර් කොපමණ ගණනක් වසර ගණනාවක් සමාගම් වලට හම්බ කරලා දුන්නද ?

    ඔවුන්ගේ දරුවන් ඇමරිකන් ආර්ථිකය වෙනුවෙන් රටවල් මංකොල්ල කෑමට ගොස් ජීවිතය පිදුවාද ?

    අද ඔවුන් ඇමරිකන් රජය හා සමාගම් වෙනුවෙන් හම්බ කර දුන් ඇති විශාල ඒ මුදල කෝ.........???

    ඇයි ඇමරිකන් සමාගම් සහ පාලක මාෆියාවට බැරි ඇමරිකාව වෙනුවෙන් සදා වැඩ කල ජනතාව වෙනුවෙන් මාසයක් සමාගම් වලට ජනතාව මැරී මැරී කැබිරිම නතර කරවා අඩු තරමින් එක මාසයක්, සමාගම් පෝසත් කීරීම වෙනුවට ජනතාව රැකීම තෝරා ගන්න ???

    චීනය එහෙම කරලයි සියදහස් මිනිස් ජිවිත රැක ගත්තේ............

    මේ මිනිස්සු සදාකල් ඇමරිකන් සමාගම් වෙනුවෙන් උපයපු ඇති විශාල මුදල කාගේ සැප පිණිසද ?

    හේතුව මේ මිනිසුන් මාධ්‍ය වලින් සහ බොරු දිවැසිවරුන් මගින් හිරිවට්ටා මේ මිනිසුන්ව සදාකල් ගොනාට අන්දාගෙන ශ්‍රමය සුරාගෙන තිබීම.

    දැන් ජනතාවගේ වරයා ආපුහාම උන්ට දෙන්න දෙයක් ඉතිරි කරලා නෑ........

    දැන් ඉතින් මැරී මැරී වැඩකරපල්ලා ඇමරිකන් ශ්‍රම ඝණිකාවනි...............!

    ReplyDelete
    Replies
    1. //ශ්‍රීලන්කන් නැට්ට කපපු වදුරන්ගේ බ්‍රේන් වොෂ් කර//
      අනාගතයේදී මිනිස්සු පරිමාණය වෙලා වඳුරෝ වුනාම ප්‍රයෝජනේට ගන්න බලාපොරොත්තුවෙන් තවම සමාජවාදී නැට්ට නොකපා පරිස්සම් කරගෙන ඉන්න වඳුරන්ටත් එක්කයි ලියන්නේ පුතා. දැන්ම නැතත් කවද හරි නැට්ට කපපු දවසක හරි බ්‍රේන් වොෂ් වෙයිනේ!

      Delete
    2. // අනාගතයේදී මිනිස්සු පරිමාණය වෙලා වඳුරෝ වුනාම ප්‍රයෝජනේට ගන්න බලාපොරොත්තුවෙන් තවම සමාජවාදී නැට්ට නොකපා පරිස්සම් කරගෙන ඉන්න වඳුරන්ටත් එක්කයි ලියන්නේ පුතා. දැන්ම නැතත් කවද හරි නැට්ට කපපු දවසක හරි බ්‍රේන් වොෂ් වෙයිනේ! //

      ඔයාගේ ඩොලර් 10 පච වලට බ්‍රේන් වොෂ් වෙන්ඩ තරම් පජාත නෑ අංකල්..........අපි බයියෝ නෙවෙයි............!!!

      දුකම එක, ධනවාදී රටවල සදා කබුරපු මිනිස්සු නේද මේ ලක්ෂ ගණන් කොරෝනා වලින් විතරක් මැරෙන්නේ ???

      චීනය, වියට්නාමය වගේ සමාජවාදී රටවල මිනිස්සුනව එම රටවල් විසින් කොතරම් හොදින් ආරක්ෂා කරලාද මේ වෙනකොට..........

      ධනවාදී රටවල වහලුන්ට නේද මරණය දැක දැක තවත් කබුරන්ඩ වෙලා තියෙන්නේ.........???

      දැන් කවුද එතකොට නැට්ට නොකපපු වදුරා.......??? මිලියන කාලක් මැරුණ උනත් තම මරණය තෙක්ම දිගටම කබුරන ඇමරිකාවේ උන්ද ? කොරෝනා ලෙසටම පාලනය කරපු චීනය වියට්නාමයේ අයද ???

      අනේ මේ වගේ පට්ට මෝඩයෝ...........ඩොලර් 10ක් පෙන්නපුහාම සරල ගණිතයත් අමතකයි.............හා හා...........ඕක තමයි දනවාදය සරලවම.........හා......හා.......

      මරණය පෙනී පෙනී කොම්පැනිකාරයන්ට හම්බුකොරලා දෙන්න වෙලාතියන මරණයට කැප වුනු මෝඩයෝ නෙවෙයිද අපි නැට්ට නොකපා පරිස්සම් කරගෙන ඉන්න වදුරා කියන්න ඕන???

      අයියෝ මිලියන කාලක් මරාගෙන ධනවාදී පච පැට්ටරි තාම මොනවහරි දොඩවනවා නේද ?

      දැන් නම් මුන් බයියෝ වගේ............හා......හා...........

      ධනවාදී නැට්ටට කොකාකෝලා ලේබලයක් එහෙම ගහගෙන පොෂ් කරගෙන ඉන්ඩ අංකල් ඩොලර් 10 කට විතර.

      ඩොලර් කීපයකට කඩේ ගියත් ඔයත් ධනවාදයට කීයකට හරි කුලියට ගත්ත ශ්‍රම ඝනිකාවක් විතරයි..........

      ලජ්ජා වෙන්ඩ එපා ජීවිතය බේරගන්ඩ ඉතියෝපියාවට හරි යන්ඩ.

      මොකධ ධනවාදී ඇමරිකාවට හිතාගන්ඩ වත් බෑ ගෝත්‍රික ඉතියෝපියාව මුදලට වඩා පුරවැසි ජනතාව ආරක්ෂා කරපු විදිය.....

      නැත්නම් ඩොලර් 10කට ධනවාදී ටැටූ එකක් ඔයාගේ නැට්ටේ ගහගෙන ඉන්ඩත් පුළුවන්.........

      හැබැයි ඉතින් ඔයාගේ නැට්ටේ ඉල්ලුම අඩු වුන ගමන් ඩස්බින් තමා.......අවුරුදු ගණන් ධනවාදයට කබූරපු සුදු ඇමරිකන් පුරවැසියන්ටත් ඔහොම උනා නම් ඔයාලා ගැන කවර කතාද නේද........ඊට කලින් කොරෝන ඉක්මු උනොත් අබ සරණයි ඉතින්..................

      හා හා මරණය පෙනී පෙනී කොම්පැනි වලට කබුරන 21 වන සියවසේ ශ්‍රම ඝණිකා වහල්ලු සහ උන්ගේ මොළ හිරිවට්ටන කුලියට කහින අචරියෝ හා.........හා............

      මෝඩ ආචරි අංකල් ඔයත් ඔය කැපිටලිස්ට් සිස්ටම් එකේ එක ඩොලර්ශ්‍ 10ත බොරු කියන්ඩ වුනු ශ්‍රම ඝනිකාවක් විතරයි..........ඔයාගේ ඔය ඩොලර් 10 ට මිනිස්සුන්ට බොරු කියන තුරාවට විතරයි ඔයාගේ බඩ වේල රැකෙන්නේ...........

      එකට ඉල්ලුම නැති උණු දවසට හරි කොරෝනා ඉක්මන් වුනු දවසට හරි ඔයත් වාලේ ඔයාගේ දරු පවුලත් වලේ...........එක තම සිස්ටම් එකේ උරුමය.......එතකන් ඩොලර් 10 ට නැට්ටට ලොකු කොකාකෝලා ටැටූ එකක් ගහගෙන ඉන්ඩකෝ............හා......හා.........

      මිලියන කාලක් මැරිලත් කපපු නැති ධනවාදී නැට්ට............හා...........හා..........

      වියට්නාම් කාරයෝ පස්සාපැත්තෙන්ලු දැන් හිනාවෙන්නේ ඇමරිකාවේ උන්ට..........කොරෝනාවෙන් වත් ජනතාව බේරගන්න බැරි රටවල්නේ ආවේ උන් එක්ක යුද්ධත් කරලා ගුටිත් කාලා යන්ඩ කියලා............හූ..........

      Delete
    3. //එකට ඉල්ලුම නැති උණු දවසට//

      මේ කෑල්ලටනම් මම කැමතියි, පුතා. ඉල්ලුම නැති වුනොත් කාට වුනත් සොරි තමයි. කොයි තරම් වෙනස් කරන්න දැඟලුවත් ඉල්ලුම සැපයුම මත තමයි ගොඩක් දේවල් තීරණය වෙන්නේ.

      Delete
    4. //මේ කෑල්ලටනම් මම කැමතියි, පුතා. ඉල්ලුම නැති වුනොත් කාට වුනත් සොරි තමයි. කොයි තරම් වෙනස් කරන්න දැඟලුවත් ඉල්ලුම සැපයුම මත තමයි ගොඩක් දේවල් තීරණය වෙන්නේ.//

      ඔන්න ඔය කෑල්ල ආගම කියන එකටනේ ඇමරිකන් වහල්ලුන්ගේ මනස හිරිවට්ටලා තියෙන්නේ ප්‍රොපග්‍රන්ඩා මාධ්‍ය මිලියන ගණන් සල්ලි අරගෙන......

      ඕනෑම බොරුවක්ඔ සිය පාරක් කිව්වොත් ඇත්තවෙනවා කියපු නාසිවාදී ගොබෙල්ස් ගේ ප්‍රචාරක න්‍යාය අනුව, ඇත්ත බොරුව තේරුම්ගන්ඩ බැරුව නේද මේ වෙනකොට ඇමරිකාවේ මිලියන කාලක් සෙත්තපෝච්චි වෙලා තියෙන්නේ කොම්පැනි අයිතිකාරයන්ට කබුරන්න ගිහිල්ලා........තව ලක්ෂ කියක් මැරෙන්න ඉන්නවාද කියලා ගණනය කරලා නෑ ලූ...........

      හැබැයි ලාබ පාඩු නම් ගණනය කරලාලූ...........

      අමිල මිනිස් ජීවිතය ගණනය කරන්ඩ හිතලා වත් නැති, හැබැයි සියලුම ලාබ පාඩු මේ වෙන විටත් ගණනය කරලා අවසන් ක්‍රමයක් වෙනුවෙන් නේද මේ ශ්‍රම ගණිකාවන් වහල් කම් කරන්නේ.........යකෝ බයියන්ට ඇපත් නෑ මේ ඇමරිකන් වහල්ලුත් එක්ක..........හා.........හා

      අවුල මේකයි මිලියන ගානක පරිණාම කතන්දරේ මිනිසුන්, ඔවුන්ගේ පවුල් වල ආදරණීයයන්, ඔවුන්ගේ දරුපටවුන් මේ තැන ඉන්නේ කිසිවෙකුගේ සමාගමක ඉල්ලුම සහ සැපයුම මත කිසිවෙකු, ඔවුන්ගේ ආදරණීයයන් හෝ දරුපටවුන් (ඇමරිකාවේ මේ වන විට මිලියන කාලක්) ගේ ජීවිතය හෝ මරණය තීරණය කරන මට්ටමක නම් අන්න ඒ සමාජය මිනිස් සමාජයක් නොවේ, කුකුල් ෆාම් එකක්.

      මේ අමන විගඩම් දකිනකොට තමා එංගල්ස් කිව්වකතාවක නිවැරදි බව වැටහෙන්නේ "එක්කෝ මානව සමාජය සමාජවාදය තෙක් ඉදිරියට නැතිනම් ම්ලේච්චත්වය තෙක් පසුපසට" කියායි.

      මොකද ඇමරිකන් සමාජය ඉල්ලුම හා සැපයුම මත තීරණය වන කුකුල් ෆාම් එකක් බව උබලාම අපිට කියන නිසාය.

      උබල කුකුලන් වුවද අපි වසර 2500ක් ලිඛිත ඉතිහාසයක් ඇති මිනිසුන් මිස කුකුලන් නොවේ..........ඔය ඉල්ලුමට කොක්කේ එල්ලීම අපිට වානා ය...........

      ඇමරිකාවේ අන්රටවලට බෝම්බ හෙලීම් ඇතුළු ම්ලේච්ච කතා පැත්තකින් තැබුවද, අවසානයේ ඇමරිකන් සමාගම්වල ධන පිපාසිත ම්ලේච්චත්වය තමුන්ගේ පුරවැසියන් කෙරෙහිම එල්ලවීමේ කේදජනක විහිලුව අද අපි දකින්නෙමු.........

      නමුත් විහිලුව ඇමරිකන් ශ්‍රම ගණිකා සමාජය ඉල්ලුම හා සැපයුම මත ජීවිතය හා මරණයද යන තැනට දක්කාගෙන පැමිණ තිබුනද, ඔවුන්ගේ සමාගම් හිමියන් මේ කිසිවක් නොතකමින් ඉල්ලුම සහ සැපයුම පු_ ගසාගෙන එක වරක් ලැබෙන ජීවිතය හෙට දින බඩ වෙලා සදහා ඩොලර් කීපයක් වෙනුවෙන් උදුරාගෙන තිබීමය........ජිවිතයේ වටිනාකම් ඇස්තමේන්තු කරගන්න තරම් වත් අවම දැනුමක් ඇමරිකන් කුකුලන්ට නොමැති වීමය.

      කිසිදිනක නැවත නොලැබෙන තමාගේ අදරනියන්ගේ ජිවිතයේ වටිනාකම කොපමණද ? නමුත් එය හෙට බඩ වේලේ ඩොලර් 10 කට සමාන කල හැකිද ?

      උබලා සපයන්නේ උබලාගේ සහ උබලගේ දරු පැටවුන්ගේ ජීවිතයයි ඊට එහා දෙයක් උබලාට නැත, ඊට උන්ගේ ඉල්ලුම දිනක බඩ වේලට ඩොලර් 10යි.

      මෙය විද්‍යාත්මක නම් මේ ව්‍යසනයෙන් මියගිය කිසිවෙකුට ඩොලර් 10ක් 15ක් හොයාගෙන නැවත ඒ නැති වුනු ආදරනීයාගේ ජීවිතය තමන්ගේ ජිවිතයට සපයා ගත හැකිද ?

      උබලාට බැරි උනාට උන්ගේ සැපයුම වෙනුවෙන් උබලාගේ ජිවිත උනත් ඉල්ලාගන්නට උන්ට පුළුවනි.

      උබලාට මේවා තේරුම් ගත නොහැක්කේ ඉල්ලුම සහ සැපයුම උබලාගේ පු_ ගසා ඇති නිසාය........

      හා...........හා...........හා........

      ඩොලර් 10 ඉල්ලුමකට තමුන්ගේ ජීවිතය සපයන මෝඩයෝ..............!!!!!

      උන්ගේ ඩොලර් 10ක සැපයුමෙන් උබලාගේ ජිවිත ඉල්ලා ගත හැකිද ?

      බයියොත් පරාදයි මේ ඉල්ලුම හා සැපයුම පු_ ගසාගත් වහල්ලුන්ට යකෝ..............

      Delete
    5. //මේ අමන විගඩම් දකිනකොට තමා එංගල්ස් කිව්වකතාවක නිවැරදි බව වැටහෙන්නේ "එක්කෝ මානව සමාජය සමාජවාදය තෙක් ඉදිරියට නැතිනම් ම්ලේච්චත්වය තෙක් පසුපසට"//

      //ඕනෑම බොරුවක්ඔ සිය පාරක් කිව්වොත් ඇත්තවෙනවා//

      සියපාරක් කිවුවත් හැම බොරුවක්ම ඇත්ත වෙන්නේ නෑ, පුතා. බොරු ඇත්ත වෙන්නේත් බොරු වලට ඉල්ලුමක් තියෙනවානම් පමණයි. ඔය එංගල්ස් සීයලාගේ අනාවැකි හරියනකම් බලා ඉන්නේ පුතාලා වගේ ටික දෙනෙක් විතරයි. ඕක තේරුම් යනකම් ඔහොම රිවස් ගියර් එකේ ඉදිරියට යමු!

      Delete
    6. // . ඔය එංගල්ස් සීයලාගේ අනාවැකි හරියනකම් බලා ඉන්නේ පුතාලා වගේ ටික දෙනෙක් විතරයි. //

      ඉතින් අංකල් එංගල්ස් උනත් ඇත්ත කතා කරන එක වැරදිද ? සමාගම් කීපයක් වෙනුවෙන් මිනිස්සු මිලියන කාලක් මැරිලා තියනවා. තව මැරෙන ගාන කියන්න බැලූ.

      මොකටද බල්ලොත් නොකන සල්ලි නිසා.

      එනමුත් ජනතාවාදී ආර්ථිකය තියන රටවල් පුරවැසියන් සහ ආර්ථිකය යන දෙකම බේරාගෙන තියනවා.

      නමුත් ඇමරිකාවට ඒම බැලූ.

      නයට දුවන ජිමික් ආර්ථිකය නිසා අද මිනිස්සුන්ට ආරක්ෂිතව ගෙදර ඉන්න කිව්වොත් හෙට රටේ උන්ගෙන් 80ක් බඩගින්නේ ලූ. ඒ කියන්නේ USA මාෆියාවේ අවසාන දිනය ලූ.

      ඒ නිසා මරණය තෙක් වැඩ කරපන් ලූ.

      ඉතින් මට කියන්නකෝ අංකල් එංගල්ස් කිව්වා එක අමු අමුවේ ඇස් පනාපිට ඇත්ත වෙලානේ මේ තියෙන්නේ........

      ධනවාදය කුකුල් ෆාම් ම්ලේච්චත්වය තෙක් පසුපසට ගිහින් නේ තියෙන්නේ..........

      තව ආයේ මොනවද වෙනකන් බලන් ඉන්ඩ තියෙන්නේ........

      Delete
    7. // ඕක තේරුම් යනකම් ඔහොම රිවස් ගියර් එකේ ඉදිරියට යමු! //

      රිවස් ගියර් එකේ නේන්නං මෙච්චර කල් ඇමරිකන් කාරයෝ ඉස්සරාහාට ගිහින් තියෙන්නේ......

      යකෝ ලෝකේ රටවල් වලට බෝම්බ දාලා, පරමානු බෝම්බත් දාලා මුළු ලෝකෙම තමුන්ගේ රටේ ආර්ථිකය වෙනුවෙන් විනාස කළා.

      ලෝකේ සාමාන්‍ය ජනතාව එරෙහි උනත් ඇමරිකන් පුරවැසියෝ හිතුවා මුන් ඔක්කොම අපරාධ කලාට අපේ ආර්ථිකයට හොදයි නේ ඒ නිසා කට වහාගෙන ලෝකේ මංකොල්ල කන එකට උඩ ගෙඩි දෙමු කියලා..........

      අනේ අන්තිමට කොරෝනා ඇවිත් පුරවසියන්ට සති දෙකක් පන බේරගන්ඩ ගෙදර ඉන්න උනාම ඇමරිකාව කියනවාලු අපේ රටේ ආර්ථිකය යෑ මැරුණත් කමක්නෑ වැඩ කරපියව් කියලා.........

      යකෝ මුළු ලෝකෙම ගිනි අවුලලා ඩිවලප් කොරපු ආර්ථිකේ කොබන් කියලා හාපුවාමා දැනගත්තලු සීන් එක?

      ඇත්තටම ලෝකේ පට්ටම ආර්ථිකේ කිව්ව රටේ පුරවැසියන්ට මොකද බන් සති 2ක් ගෙදර ඉඳ බැරි..........????

      බලාගෙන යනකොට මුන් රිවස් ගියර් එකේ යකෝ ඉස්සරහට ගිහින් තියෙන්නේ.............හා...........හූ........

      බයියෝ දැන් ඔයාලා රිසයින් වෙන්ඩ...........මේ ඇමරිකන් වහල්ලුත් එක්ක තොපිට අපත් නෑ..........

      Delete
    8. // සියපාරක් කිවුවත් හැම බොරුවක්ම ඇත්ත වෙන්නේ නෑ, පුතා. බොරු ඇත්ත වෙන්නේත් බොරු වලට ඉල්ලුමක් තියෙනවානම් පමණයි. //

      ඒ කියන්නේ ඇමරිකන් සිස්ටම් එක මාර්කට් කරන්න පුළුවන් බොරු ඇත්ත කරලා විකුනනවා කියන එක පිලිගන්නවා නේ.......අනේ ගොනා.....බඩු මාට්ටු......එක හොදයි.........

      දැන් ඔයා කියන විදියට ඇත්ත කරන්න පුළුවන් ඉල්ලුමක් තියන බොරු නේ.........

      දැන් ඔයා කියන එකත් ඉල්ලුමක් තියන බොරුවක් නම් ඔයා අපිට එක මාකට් කරනවා නේ.........

      ඒ කියන්නේ අංකල් උබ අපිට මාර්කට් කරලා තියෙන් දේවල් වල එන විකුනන්න පුළුවන් නම් ඕනෑම අලි බොරුවක්බො විකුනනවා කියන එක උබම පිලිගන්නවා නේ.............



      උබගේ සිනි බෝල මාර්කට් බොරු වලට රවටෙන්ඩ අපි මැදමුලනේ බයියෝ නෙවෙයි අංකල්.........ඕවා කියපන් තුන්පනේ උන්ට.........

      ඔන්න ඕක තමයි මට කියාගන්ඩ ඕන උනේ.........

      උබ මාර්කට් කරන්න පුළුවන් බොරු කෙලලා කියක් හරි හොයාගන්ඩ හදන කුලියට ලියන අසරණයෙක් කියන එක.........

      ඉස්තුතියි පිලිගත්තට............ඇමරිකන් බයියා.........!!! ට්‍රම්පච්චි වෙනුවෙන් මැරෙනවා යකොව්..........කොරෝනා හැදිලා මැරෙන්ඩත් රටක් ඕන යකොව්..........!!!

      Delete
    9. //සමාගම් කීපයක් වෙනුවෙන් මිනිස්සු මිලියන කාලක් මැරිලා තියනවා.//

      මොනාද පුතා ඔය කියන සමාගම් කීපය? දන්නේ නැති නිසයි අහන්නේ.

      //ජනතාවාදී ආර්ථිකය තියන රටවල් පුරවැසියන් සහ ආර්ථිකය යන දෙකම බේරාගෙන තියනවා.//

      මොනවද පුතා ඔය ලිස්ට් එකේ තියෙන ජනතාවාදී ආර්ථික තියන රටවල්? චීනයයි, වියට්නාමයයි, ඉතියෝපියාවයි ගැනනම් පුතා පැහැදිලිවම කිවුවනේ. තායිලන්තයත් ජනතාවාදී ආර්ථිකයක් තියෙන රටක් වෙන්න ඇති නේද? එතකොට කියුබාව, වෙනිසියුලාව එහෙම ලැයිස්තුවේ නැතුව ඇතිනේද? ලංකාව ගැන අහන්න අමතකම වුනානේ. හැබෑවටම ලංකාව ජනතාවාදී ආර්ථිකයක් තියන රටක්ද පුතා?

      Delete
    10. // මොනාද පුතා ඔය කියන සමාගම් කීපය? දන්නේ නැති නිසයි අහන්නේ. //

      අංකල් මොකද දැන් බබා හුකුම් ද ? ඇමරිකාව පාලනය කරන ප්‍රධාන සමාගම් ටික දන්නේ නැද්ද ?
      ඇර තමුන්ගේ සමාගම් වලට රටවල් මංකොල්ල කන්න ඉඩ දුන්නේ නැති නිසා ගොඩක් රටවල් වල රාජ්‍ය නායකයෝ පවා මරපු,
      ඇමරිකාවේ ප්‍රධාන පක්ෂ 2ක් වශයෙන් පෙනී ඉන්න එකම කණ්ඩායමට පවා මුදප් පොම්ප කරන,
      ඇමරිකාව රටක යුද්ද ඇතිකරලා රටක් විනාස කරපුහාම ඉස්සල්ලාම ඒ රටවල් වලට රින්ගගන්නා මිනීමරු කොම්පැනි ටික දන්නේ නැද්ද ? ලින්ක් ටික දාන්නද ඇමරිකාව පාලනය කරන ලෝකේ විනසකරපු සමාගම් ටික ගැන.???
      මොකද බබා හුකුම් ද...........???
      බයියෝ සහරාන්ව අදුරන්නේ නෑ කිව්වා වගේ හා...........හා.........


      // මොනවද පුතා ඔය ලිස්ට් එකේ තියෙන ජනතාවාදී ආර්ථික තියන රටවල්? චීනයයි, වියට්නාමයයි, ඉතියෝපියාවයි ගැනනම් පුතා පැහැදිලිවම කිවුවනේ. තායිලන්තයත් ජනතාවාදී ආර්ථිකයක් තියෙන රටක් වෙන්න ඇති නේද? එතකොට කියුබාව, වෙනිසියුලාව එහෙම ලැයිස්තුවේ නැතුව ඇතිනේද? ලංකාව ගැන අහන්න අමතකම වුනානේ. හැබෑවටම ලංකාව ජනතාවාදී ආර්ථිකයක් තියන රටක්ද පුතා? //

      ආර්ථිකය වෙනුවෙන් ජනතාව නොව ජනතාව වෙනුවෙන් ආර්ථිකය සකස් කරගත්ත රටවල් තමා ඉතින්.............

      ඕවා කියනකොට ලැජ්ජයි නේ බන්.........!

      බොරු චිත්‍රපටි හදලා ලෝකේ හෙනම රටක් විදියට ලෝකේ මිනිස්සුන්ව රවට්ටලා, මාධ්‍ය වලට මිලියන ගණන් සල්ලි දීලා ඇමරිකාවේ ශක්තිය ගැන මිනිස්සු ගොනාට අන්දලා ලෝකේ රැවට්ටුවා කියලා හිතාගෙන හිටියට කොරෝනාව ආපුහාම ඉතියෝපියාවත් කොරෝනාව මර්ධනය කරද්දී තමුන්ගේ මහා ලොකු රටේ පුරවැසියන් මිලියන කාලක් මැරෙන්න ඇරපු, ඉස්සරහට මැරෙන්ඩ ඉන්න ගැන හිතාගන්න වත් බැරි, ලෝකේ මිඩියා කැම්පේන් පච ෂෝ රට මෙහෙම පච වෙනකොට ලැජ්ජයි නේද ???

      දැන් උබලා ලෝකේ පට්ටම ආර්ථිකය කියන බොරුව 100ක් කියල ඇත්ත කරන්ඩ හදපු මාර්කට් බොරුවට උබලම රැවටිලයි ඉන්නේ..........සංඛ්‍යාලේඛන ඔප්පු කරන විදියට ඉතියෝපියාවත් ඇත්තටම උබලට වඩා ශක්තිමත් කිව්වහාම විලි ලැජ්ජයි නේද ???..........
      හිතාගන්ඩ බෑ නේද ...........???
      හොලිවුඩ් ෆිල්ම් අනුව එහෙම වෙන්ඩ බෑ නේද ??? හා හා හා

      අවුලක් නෑ ලෝකේ තව යුද්ද ටිකක් අවුලලා, isis එකට තව සල්ලි ටිකක් දීලා, තව රටවල් ටිකකට බෝම්බ ටිකකුයි සම්භාදක ගොඩකුයි දාන්ඩ..........තව කාලයක් ඇදගන්ඩ පුළුවන් වෙවී...........හා..............හා..........

      චීනය, වියට්නාමය, කියුබාව, උතුරු කොරියාව, කොටින්ම කිව්වොත් දුප්පත්ව හිටපු ඉතියෝපියාව පවා ජනතාවට මුල් තැන දීලා ජනතාවත් ආර්ථිකයත් යන දෙකම ආරක්ශාකරගන්ඩ පුළුවන් තරම් ශක්තිමත්........

      හිගන ඇමරිකාවට මොකද උනේ..........???

      අනේ කනවැන්දුම් ගෑනි වගේ, ජනතාවනි උබලා මැරිලා හරි, ආර්ථිකය(සමාගම් කීපයක) රැකපල්ල්ලා ලූ...........

      යකෝ මෙච්චරකල් රටවල් විනාස කර කර රැකපු ආර්ථිකයට මොකද උනේ............හූ.........

      ඉතියෝපියාව උබලට වැඩිය හොදයි බන්.............ඉතියෝපියාව........!!!

      හා...........හා..........හා........

      මෙච්චර පණ්ඩිත ඉකෝනමැට්ටා ජනතාව රැකලා ආර්ථිකය මෙහෙයවන්න තරම් සැබෑ ආර්ථික ශක්තිය ඇති රටවල් දන්නේ නෑ ලූ...........

      අනිත් මගුල් ඔක්කොම දන්නවා ලූ.........

      අයි බන් මාමේ සංඛ්‍යාලේඛන බලපන් ඔය සංඛ්‍යාලේඛන...........උබ ඇර අපිට වෙනදට චැට් එහෙම ගහලා පෙන්නන්නේ...........දැන් කෙලවෙනකොට මතක නැද්ද ?

      ජනතාව ආරක්ෂා කරගෙන ආර්ථිකයත් මෙහෙයවන්ඩ පුළුවන් රටවල් දක්කහාම උබගේ ඇස් පේන්නැතිව වගේ යනවා නේද මාමේ.........???

      ඕනනම් අන්තර්ජාලයෙන්ම ඔයාට මෙතන විස්තර දෙන්නම්........

      බොරු බබා හුකුන් එපා ඉතින්, අරවට මේවට චාට් ඇදලා හැම මගුලම අපිට පෙන්නන ඉකොන් මාමා කොරෝනා සංඛ්‍යාලේඛන දැක්කම් නිකන් මොංගල් වගේ රගපානවා..............!!!

      ඉතියෝපියාවත් ඇමරිකාවට ඇරියා කියලා පොරට පේන් නෑලු. ඉතින් චීනය, වියට්නාමය, කියුබාව, උතුරු කොරියාව, වෙනිසියුලාව ගැන මොන කතාද ??? ඉතියෝපියාව............ඇමරිකාවට ඇරියේ ඉතියෝපියාව.............හා.............හා

      හා.............හා...........හා........

      Delete
    11. // ලංකාව ගැන අහන්න අමතකම වුනානේ. හැබෑවටම ලංකාව ජනතාවාදී ආර්ථිකයක් තියන රටක්ද පුතා? //

      මෙහෙ පාලනය කරන්ඩ ඉන්නෙත් ඇමරිකන් පුරවැසියෙක් නේ...........ඉතුරු ටික මම කියන්ඩ ඕන නෑ නේ...........හා............හූ..........හා

      //මොනවද පුතා ඔය ලිස්ට් එකේ තියෙන ජනතාවාදී ආර්ථික තියන රටවල්? චීනයයි, වියට්නාමයයි, ඉතියෝපියාවයි ගැනනම් පුතා පැහැදිලිවම කිවුවනේ. තායිලන්තයත් ජනතාවාදී ආර්ථිකයක් තියෙන රටක් වෙන්න ඇති නේද? එතකොට කියුබාව, වෙනිසියුලාව එහෙම ලැයිස්තුවේ නැතුව ඇතිනේද?//

      අංකල් ඇමරිකාව තමුන්ව ප්‍රමෝට් කරන්නේ මානසික යුධ උපක්‍රම වලින්.......

      තමුන්ගේ රට ගැන චිත්‍රපටි හදලා, TV සිරිස් හදලා, ව්‍යාජ පුවත් මවලා...........

      සල්ලි වලට වැඩ කරන මාධ්‍ය මුදලාලිලාට කෝටි ගනන් ගෙවුවහාම උන් ඒ ප්‍රොජෙක්ට් ප්‍රචාරය කරනවා.........

      ඔයාම කියන විදියට මාර්කට් කරන්න පුළුවන් නම් බොරුව 100ක් කිව්වාහාම ඕක ඇත්ත වෙනවා........

      ඇමරිකාව ලෝකේ පුංචි රටවල් මංකොල්ල කාලා ඇදගත්ත ධනයත් මේ ප්‍රොජෙක්ට් වලට පෙන්නලා තමුන් ගැන මහා ලොකු චිත්‍රයක් මවනවා මානසිකව..........

      තමුන්ගේ රටට සම්පත් නොවිකුණන, කෙලින් ජනතාව ඉන්න රටවල් ගැන ලොකූ බොරු කියනවා හැමදාම...........ලංකාවේ හමුදාව එක්ක තියන තරහට අපේ අය ලක්ෂ 40ක් දෙමල ය මැරුවා ලියකිය යනවා වගේ.......හැමදාම ජිනීවා වල අපිට අභූත චෝදනා කරනවා වගේම...........

      ඉතින් මේ බොරුව 100 පාරක් අහපු උන් ඕක ඇත්ත කියලා හිතනවා.........

      එතකොට ඇමරිකාව පේනවා හෙන ලොකුවට..........අනිත් රටවල් පෙන්නේ හරි පොඩියට..........

      හැබැයි ඉතින් ඇත්ත ප්‍රශ්නයක් ආපුහාම..........මොන පුරවැසියන්ද ඇමරිකාවට, රට පාලනය කරන කොම්පැනි ටිකේ ලබා රේට්ටුව මිස..........

      දැන් ඉතින් හිත හදාගන්න බැරි ඇති තමයි ඉතියෝපියාවත් ඇමරිකාවට වැඩිය පුරවැසියන් ආරක්ෂා කළා, ආර්ථිකය ශක්තිමත් කියලා..........

      කෝටි ගණන් අරන් මාධ්‍ය උබලට කිව්ව බොරු තොගේටයි, උබලගේ මොළ වල තරමටයි ඕක ඔහොම වෙනවා.........

      මාධ්‍ය ප්‍රොපර්ග්‍රන්ඩා මත පය 24ම උබලා බල්ලෝ වගේ දිව්වට ඇත්ත ප්‍රශ්නයක් ආපුහාම ජනතාවට, රම්බෝ වත් සුපර් මෑන් වත් ස්පයිඩර් මෑන් වත් නෑ ඉතින් මෝඩ ජනතාව බේරා ගන්න............

      තමුන් විසින් ප්‍රචාරය කරපු බොරුවලට තමුන්ම රැවටුණු එක තමා ඔය වෙලා තියෙන්නේ දැන්.........

      හිත හදාගන්ඩ අමාරුයි නේද චීනය, වියට්නාමය තියා ඉතියෝපියාවත් ඇමරිකාවට උඩින් කියලා..........

      වෙන්ඩ බෑ ස්පයිඩර් මෑන් වැඩේ බලාගනී නේද ???

      Delete
    12. පුතා ස්පයිඩර්මෑන් බලලා ඇමරිකාව ගැන සෑහෙන්න දේවල් ඉගෙනගෙන වගේ. ඔහොම යං!

      Delete
  2. ඒ දුක් තැවුල්වලින් මිදී - හෙට අපි විඩා හරින්නෙමු!

    ReplyDelete
  3. ලංකාව හා ඇමරිකාව අතර වෙළදාමේදි ලංකාවට ලාබ ලැබෙනවා.ලංකාව හා චීනය අතර වෙළදාමේදි ලංකාවට අලාබ වෙලා චීනයට ලාබ ලැබෙනවා. හැබැයි ලංකාව‍ෙ දේශපාලකයන්ට චීනය‍ෙන් යහමින් කොමිස් ලැබෙනවා. පුරවැසි අපිට- හිස් මාස්ටස් වොයිස්- ලේබල‍ෙන් ගහන කවි ගී අහන්න ලැබෙනවා.

    ReplyDelete
    Replies
    1. @ sasha

      කෝ ඇමරිකාවත් එක්ක ලංකාව මෙච්චර කල් බිස්නස් කරලා ගත්ත ලාබ ටික පෙන්නපන්කෝ බලන්ඩ.

      ඒ නිසා වෙන්ඩ ඇති ලංකාව මෙච්චර දියුණු.

      යුද්ද කාලේ අපිට උණ්ඩයක් වත් නොදී කොටින්ට M 16 රයිපලේ ඉදන් මිසයිල වෙනකන් දීලා ඇමරිකාව හරි හරියට ලංකාව දියුණු කොරා අපිට මතකයි...........

      ඇයි ඇමරිකාව කොටින්ට උදව් කරලා රජිව් ඝාන්ධිව හේම කෝටි ලව්වා මරවලා කොච්චර විදේශ විනිමයක් ලංකාව ලබා දුන්නද ?????

      අදටත් ජිනීවා වලදී එහෙම ඇමරිකාව කොච්චර ලාභයක් අපිට උපයලා දෙනවද ???

      අම්මෝ මේ වගේ මෝඩයෝ..........ඉකොනා ගෙන් දේසපාලනේ ඉගන ගන්න උන් තමයි ඔය...............!!!

      Delete
  4. රට දත්ත හා තොරතුරු ගන්න තැනක් රටෙ තියෙනවා. දේශපාලන ගණිකාවන්ගේ,පිම්පියන්ගෙ රචනා වලින් සෙවල වැක්කෙරෙනවා විතරයි.

    ReplyDelete
    Replies
    1. ඔය දත්ත අතේ දුරින් තියෙනවනේ Sasha. මේ බ්ලොග් එකේමත් නොයෙක් වර පළ කරලා තිබෙනවා. නමුත් ඒවායින් වැඩක් තියෙන්නේ කරුණු/දත්ත හොයා බලන්න තරම් විමර්ශනශීලිත්වයක් ඇති අයට පමණයි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: