වෙබ් ලිපිනය:

Monday, August 19, 2024

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සමීක්ෂණය


මේ වන විට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සිදු කළ සමීක්ෂණයක් පිළිබඳව යම් කතාබහක් ඇති වී තිබෙන අතර කිහිප දෙනෙකු විසින්ම ඒ පිළිබඳව අපෙන් විමසා තිබෙනවා. පළමුව කිව යුත්තේ මේ දින වල සමීක්ෂණ ප්‍රතිඵල ලෙස විවිධ ලේඛණ ගණනාවක් සංසරණය වන බවයි. එවැනි ඇතැම් ලේඛණ ඉතා සැලකිලිමත් ලෙස සකස් කළ ව්‍යාජ ලේඛණ සේ හඳුනාගත හැකියි. එහෙත්, ඒ බව සාමාන්‍ය පුද්ගලයෙකුට පහසුවෙන් හඳුනාගත නොහැකි තරම් සූක්ෂ්ම ලෙස පිළියෙල කර තිබෙනු දැකිය හැකියි. 

මෙවැනි සමීක්ෂණයක නිරවද්‍යතාවය පිරික්සීමේදී මා පළමුව කරන්නේ සමීක්ෂණය සිදු කර ඇති ආයතනය හෝ පුද්ගලයින් ගැන සොයා බැලීමයි. යම් කීර්ති නාමයක් ඇති ආයතනයක් විසින් සිදු කර ඇති සමීක්ෂණයක්නම් සහ අදාළ ආයතනය විසින් නිල වශයෙන්ම සමීක්ෂණය පිළිබඳ වගකීම භාරගෙන ඇත්නම් මේ පළමු පරීක්ෂණය සමත් සේ සැලකිය හැකියි.

දෙවන පරීක්ෂණය වන්නේ අදාළ සමීක්ෂණය සිදු කර ඇති හා දත්ත විශ්ලේෂණය කර ඇති ක්‍රමවේදයයි. මෙම දෙවන පරීක්ෂාව සමත්ව ඇති සේ මීට පෙර පහසුවෙන් හඳුනාගත හැකි වූයේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් අඛණ්ඩව සිදු කරගෙන යන සමීක්ෂණය පමණයි. දැන් මෙම විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සිදු කර ඇති සමීක්ෂණයද මේ ගොඩට දැමිය හැකියි.

හෙළකුරු මත විමසුම, ඇතැම් යූටියුබ් නාලිකා වලින් සිදු කර ඇති මත විමසුම්, ෆේස්බුක් හා ට්විටර් මත විමසුම් හා සුදත්ත වැනි අයගේ මත විමසුම්ද ඉහත සඳහන් පළමු පරීක්ෂාවේදී යම් ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නා නමුත් දෙවන පරීක්ෂාවේදී සෘජු ලෙසම බැහැර වෙනවා. 

ලංකාවේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය පිළිබඳව විශාල උනන්දුවක් පවතින නිසාත්, මෙතෙක් පිළිගත හැකි ක්‍රමවේදයකට අනුව සමීක්ෂණයක් කළේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් පමණක් නිසාත්, තවත් ආයතනයක් විසින් එවැනි සමීක්ෂණයක් සිදු කිරීමෙහි විශාල වටිනාකමක් ඇතත්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සිදු කර ඇති මෙම සමීක්ෂණයෙහි ප්රතිඵල ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමේ අභිප්‍රාය පිළිබඳව සෘජුව විමසීමක් කර නොමැති බැවින් එය සෘජුවම සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ සමීක්ෂණ ප්‍රතිඵලය හා සැසඳිය නොහැකියි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සමීක්ෂණය සඳහා නියැදියක් තෝරාගෙන තිබෙන්නේ කෙසේද?

ප්‍රසිද්ධ කර ඇති තොරතුරු අනුව, මෙම සමීක්ෂණය සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි හා සියලුම ප්‍රධාන ජනවර්ග ප්‍රමාණවත් අයුරින් නියෝජනය වන පරිදි 1,352 දෙනෙකුගේ නියැදියක් තෝරා ගෙන තිබෙනවා. මේ අනුව, මෙම නියැදිය සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ නියැදියට වඩා ප්‍රමාණයෙන් විශාල හා ලංකාවේ වැඩිහිටි ජනගහණය වඩා හොඳින් නියෝජනය වන නියැදියක්. සමීක්ෂණ නිලධාරීන් 71 දෙනෙකු විසින් ජූලි 1-12 අතර කාලය තුළ මොවුන්ව මුහුණට මුහුණ සමීක්ෂණය කර තිබෙනවා. 

මීට සාපේක්ෂව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ නියැදි වල මෙන්ම ක්‍රමවේදයේද අඩුපාඩු තිබෙනවා. ඒවා පෙර විස්තර කර ඇති බැවින් නැවත විස්තර කරන්නේ නැහැ. 

මෙම සමීක්ෂණයෙහි ජනාධිපතිවරණ ප්‍රතිඵලය හා අදාළව අදහසක් ලබා ගත හැකි සේ සැලකෙන ප්‍රශ්නය පහත ප්‍රශ්නයයි.

"ඔබගේ පවුලේ වර්තමාන අවශ්‍යතා සඳහා විසඳුම් ලබා ගැනීමට වඩාත්ම සුදුසු පුද්ගලයා සේ ඔබ සලකන්නේ කවුද?"

"Who do you think is best suited to address the current needs of your immediate family?"

සමීක්ෂණ ප්‍රතිඵලය මෙවැන්නක්.

අදහසක් නැහැ - 12.2%

කවුරුවත් නැහැ - 28.8%

රනිල් වික්‍රමසිංහ - 24.3%

සජිත් ප්‍රේමදාස - 19.3%

අනුර කුමාර දිසානායක - 15.5%

අසා ඇති ප්‍රශ්නයේ ස්වභාවය අනුව මේ ප්‍රතිඵලය නිවැරදියි කියා මා සිතනවා. එහෙත් මෙම ප්‍රතිඵලයෙන් ඉදිරි ජනාධිපතිවරණදී ඡන්දය භාවිතා කිරීමට ඉඩ ඇති ආකාරය ගැන සෘජු අදහසක් ලබා ගත හැකියැයි මා සිතන්නේ නැහැ. 

ප්‍රශ්නයේ ස්වභාවය අනුව කෙනෙකුට එකවර තේරුම් යන්නේ මෙහි අසනු ලබන්නේ පවුලේ ආර්ථික අවශ්‍යතා පිළිබඳව යන්නයි. ජනාධිපතිවරණ අපේක්ෂයින් අතරින් ආර්ථිකය ගොඩ දැමීම ප්‍රධාන සටන් පාඨයක් කරගෙන තිබෙන්නේ රනිල් වික්‍රමසිංහයි. ඒ අනුව, මේ ප්‍රශ්නයෙන් ඔහුට වඩා වාසිදායක ප්‍රතිඵලයක් ලැබෙන්නට ඉඩ තිබෙන බව පැහැදිලියි. මීට සාපේක්ෂව මාලිමා කඳවුර වටා එක්රැස් වී සිටින බොහෝ දෙනෙකු එසේ එම කඳවුරට එකතු වී සිටින්නේ පවුලේ වර්තමාන අවශ්‍යතා සඳහා විසඳුම් ලබා ගැනීමටම නෙමෙයි. ඒ නිසා, මම මේ ප්‍රතිඵලය ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කරන්නට ඉඩ ඇති ආකාරයේ සෘජු පිළිබිඹුවක් ලෙස සලකන්නේ නැහැ. 

වෙනත් විවිධ කරුණු හා අදාළව ජනාධිපති අපේක්ෂයින් වෙත දක්වා තිබෙන විශ්වාසය දෙස බැලූ විට ඔවුන්ගේ ප්‍රතිපත්ති වෙනස්කම් වල බලපෑම පැහැදිලිව දකින්න පුළුවන්. ආර්ථිකය ගොඩ ගැනීම, IMF සමඟ ගනුදෙනු කිරීම, විරැකියා ප්‍රශ්නය විසඳීම, නීතිය හා සාමය සුරැකීම වැනි කරුණු හා අදාළව වැඩි දෙනෙක්ගේ විශ්වාසය ලබන්නේ රනිල් වුවත්, දූෂණ වැළැක්වීම, ආර්ථික අර්බුදයට වගකිව යුතු අයට දඬුවම් දීම, පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටු කිරීම ආදී කරුණු වලදී ඉදිරියෙන් සිටින්නේ අනුර කුමාර දිසානායකයි. සුළු ජාතිකයින්ගේ ප්‍රශ්න විසඳීම හා අදාළව සජිත් රනිල්ට වඩා යාන්තමින් ඉදිරියෙන් ඉන්නවා. 

කෙසේ වුවත්, මෙම සමීක්ෂණයේදී ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමේ අභිප්‍රාය පිළිබඳව සෘජු ලෙස විමසීම් කර ඇති ප්‍රශ්න දෙකක් දැකගත හැකියි. 

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය දෙන්නේ කාටද කියා ඔබ මේ වන විට තීරණය කර තිබෙනවාද?

ඔව් - 42.9%

නැහැ - 57.1%

ඉදිරි ජනාධිපතිවරණයේදී ඔබ ඡන්දය දෙනවාද?

ඔව් - 81.7%

නැහැ - 10.4%

තවම තීරණය කර නැහැ - 7.9%

මේ අනුව, ඒ වෙද්දී ඡන්දය දීමට තීරණය කර තිබුණු අයගෙන් ඡන්දය දෙන්නේ කාටද කියා තීරණය කර තිබුණු ප්‍රතිශතය 52.5%ක් පමණයි. සිංහල ඡන්දදායකයින් අතර මෙම ප්‍රතිශතය 58.3%ක් වූ අතර ඒ අනුව අතීරක කොටස 41.7%ක්. මේ ජූලි 1-12 අතර පැවති තත්ත්වය. ඒ වන විට ජනාධිපතිවරණය පිළිබඳව නිවේදනය කර තිබුණේ නැහැ. යම් වැඩිවීමක් සිදුවී තිබෙනවා විය හැකි වුවත්, මේ බොහෝ දෙනෙකු තවමත් තීරණයක් ගෙන නැතුවා විය හැකියි. 

8 comments:

  1. මට නම් පේන්නේ ගම් බිම් වල ජනතාවත් අනුර කුමාරට චන්දෙ දෙයි කියලා.

    ඔහු ජනාධිපති වීමේ ඉඩකඩ වැඩියි

    ReplyDelete
  2. එපා, අනුරට, චන්දෙ දෙන්නට, මැරෙනවා.... අපි, මැරෙනවා.....

    ReplyDelete
  3. ඉකොනෝමැට්ටා, පීඑච් ඩී උපාධියක් කර තිබෙන ඔබතුමා වැනි උගත් ආචාර්යවරයෙකු ලෙස සංකීර්ණ ප්‍රශ්නයක් කොනකින් අල්ලාගෙන සරලව මෙසේ මනාප විමසීම සහ මැතිවරණයක අභිමුඛ සමයක බහුතර ජනතාව මෙලෙස නොමග යැවීම සුදුසුද?

    නුසුදුසු කම් සියල්ල list කලොත් එක අපේක්ෂකයෙක්වත් සුදුස්සෙක් වෙයිද?

    අවසානයේදී මිනීමරුවන් , ත්‍රස්තවාදීන්ට වඩා හොරෙක් , වංචාකාරයෙක් හොඳයි කිව්වොත් ඔබ මොකද කියන්නේ?

    ඔවුන් සියලු දෙනාම ඉටුකළ නොහැකි පොරොන්දු දෙමින් ඡන්ද ගන්න බලනවා නේද?

    සියලු දෙනාගේ පොදු ලක්ෂණය එයනම් චන්දදායකයා තෝරා ගන්නේ කාවද?

    ReplyDelete
  4. ඉකොනොමැට්ටා,

    මම හිතන්නේ ඔය දේශපාලන පක්ෂ වල සහ නායකයන් රැස්වීම් වල කියන බොහෝ දේවල් අන්ධ භක්තියෙන් ඒවා අදහන්නට පෙර තර්කානුකූලව හිතන්න ජනතාව පෙළඹවීම අත්‍යවශ්‍ය බව, මොකද උදාහරණ විදිහට මේ ඊයේ හරි පෙරේදා හරි තිබුණ මාලිමාවේ රැඵ්වීමකදී අනුර දිසානායක සහෝදරයා කියනවා බලයට ඇවිල්ලා හොරු අල්ලනවා කියනකොට එයාලා රනිල් වික්‍රමසිංහගේ බැදුම්කර වංචා සිද්ධියට සම්බන්ධ මහ මොළකරු වන අර්ජුන මහේන්ද්‍රන්ව මාලිමා ජාජබ රජයක් යටතේ එයාලා අනිවාර්යයෙන්ම ලංකාවට ගේනවලු.

    මම දන්න විදියට නම් ඇත්තටම ඒක කරන්න පුළුවන් ක්‍රම දෙකයි.

    01. අර්ජුන මහේන්ද්‍රන්ව බලහත්කාරයෙන් රටට පැහැරගෙන ආ යුතුයි. ඊශ්‍රායලය ඇඩොල්ෆ් අයික්මාන්ව ආජන්ටිනාවේ සිට ඊශ්‍රාශියට පැහැරගෙන ගිය ආකාරයට

    02. නැත්නම් නීතිය අනුව කටයුතු කර රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමයකින් සිංගප්පුරු රජයෙන් ඔහුව නීත්‍යානුකූලව ලංකාවට ලබාගත යුතුයි.

    ඔන්න ඔය ක්‍රම දෙකෙන් අංක 02 තමයි නීත්‍යානුකූල රජයකට කරන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය මම හිතන්නේ ලංකාව වගේ විදේශ රටවලින් අමාරුවෙන් ණය ගන්නා බලවත් රටවල සුරතලකු නොවන දුර්වල රටකට කරන්න නොහැකි බවයි.

    ඕකට අදාලව නීතිය පිළිබඳව විශේෂඥ දැනුම ඇති ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා අර්ජුන මහේන්ද්‍රන් ලංකාවෙන් පලාගිය කාලේම පැහැදිලි කිරීමක් කරා.

    එනම් සිංගප්පුරුවෙන්,අර්ජුන මහේන්ද්‍ර ගන්න නම් මේ චෝදනාවට සිංගප්පුරුවේ අධිකරණය මගින් ඔවුන්ගේ රටේ පුරවැසියාට එරෙහිව නඩු විභාගයක් පවත්වා ඔහු එහිදී වරදකරු වෙන්න ඕන

    ඉන් පසුව ඔහු ලංකාවට භාර දෙන්න සිංගප්පුරු රජය එකග වෙන්න ඕන.

    ලංකාවේ එවකට හිටපු විපක්ෂයේ, මහින්ද රාජපක්ෂලාට අනුරලාට ටීඑන්ඒ එකට බැරිවුනා ඔය සිද්ධියට කෝප් කමිටු වාර්තාවෙන් අර්ජුන මහේන්ද්‍රන්ව වරදකරුවෙක් ලෙස නිර්දේශ කරනකොටම රටින් පිටවෙන්න බැරි වෙන්න අධිකරණ තහනමක්වත් ලබා ගන්න.

    ඒ අනුව අනුර දිසානායක සහෝදරයා කීව විදියට එයා ජනාධිපති වුනොත්, අර්ජුන මහේන්ද්‍රන් රටට ගේනවා කිව්වට එයාට වසර පහක් දුන්නොත් ඒ වසර 05 ඇතුලේ සිංගප්පුරුවෙන්, අර්ජුන මහේන්ද්‍ර ගන්න බෑ නේද?

    ඒ කියන්නේ වේදිකාවල මොන බයිලා ගැහුවත් ඊළග වසර පහට ලංකාවේ ජනාධිපති ලෙස

    01. සජිත් ප්‍රේමදාස
    02.අනුර දිසානායක
    03. නාමල් රාජපක්ෂ
    04. දිලිත් ජයවීර

    හෝ

    වෙනයම් ඕනෑම කෙනෙක් ලංකාවේ විශාලතම දූෂණය වන කුප්‍රකට බැදුම්කර වංචා සිද්ධියට අදාලව වැරදිකරුවන් හිරේ යවනවා කීවත්

    ඒවා බොරු නේද?

    මොකද ඊලග ජනාධිපති පත්වෙලා එදාම නැත්නම් එක දවසකින් මෙම ක්‍රියාදාමය ආරම්භ කරත් ඊලග ජනාධිපතිට හිමි වසර පහ තුළ සිංගප්පුරුවේ මේ ක්‍රියාවලිය ඉවර කරගන්න බෑ.

    අනුරත් ඕක නොදැන බයිලා ගහනවා නෙවේ. මොකද එයාලා දන්නවා බලය ලැබුණාම බැරිවෙලාවත් ඇහුවොත්

    අර්ජුන මාහේන්ද්‍රන් ලංකාවට ගේනවට වඩා කෝ දැං බලය දුන්නම බැදුම්කර හොරු අල්ලලා හිරේ දැම්මද කියලා ප්‍රශ්න අහන මාධ්‍ය සහ කටවල් බලහත්කාරය යොදා වහන එක ශඩා ලේසි ක්‍රමය බව...

    නීතිය ගැන දන්න කෙනෙක් ඔය වගේ මුග්ධ ලාමක කතාවක් කියන්නේ නෑ.

    එක්කෝ අනුර කුමාර දිසානායක තමන් කවදාවත් ජනාධිපති නොවන බව දන්න හංදා මේවා කියනවා වෙන්න පුළුවන්. ඔබේ අදහස මොකක්ද මේක පිළිබඳව?

    ReplyDelete
  5. තොරතුරු ගොඩයි මේ දිනවල දැනගන්න
    කියවන- අහන දේවල් ඇත වැඩි වෙමින
    දිගටම කෙරෙයි බාධා- වැස්සෙන් වහින
    එහෙත් බලමි මේ අඩවිය- තතු පිරුණ

    ReplyDelete
  6. රනිල් වික්‍රමසිංහට ඡන්දෙ දෙන්න එක්කො පුකේ ලොකුම අමාරුවක් තියෙන යූඇන්පීකාරයෙක් වෙන්න ඕනෙ, නැත්නම් රනිල්ගෙන් වාසි ලැබෙන එකෙක් වෙන්න ඕනෙ. සාමාන්‍ය මිනිහෙක්නම් ඌට මොකක් හරි ලොකු ඔලුවෙ අමාරුවක් තියෙන්න ඕනෙ. මේ සමීක්ෂණය කරපු එකා රනිල්ගෙ සෙට් එකෙන් සල්ලි අරන් උන්ව සනසන්න කරපු වැඩක්. නැත්නම් ගමට බැහැපුවම ඕනෙ එකෙක්ට තේරෙනවා අනුර 50% පහු කරලා කියලා.

    ReplyDelete
  7. ඉදිරි මැතිවරණය අනුර කුමාර දිසානායක සහෝදරයා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කර ජනාධිපති ධූරයට පත්වීම නිසැකයි, ඒ සමගම අලුතින්ම පත්වන මාලිමා ජාජබ රජය මගින් නව රජය යටතේ "බොරු කියන නිලමේ" නොහොත් "ගජබින්න නිලමේ" තනතුරට අතිගරු අනුර දිසානායක නායක සහෝදරයා ඒකඡන්දයෙන් පත්කරන බව ස්ථිරයි...!

    ඉදිරියේ පත්වන ජාජබ නව රජයේ විශේෂ නිවේදනයක්…!

    දියවඩන නිලමේ නමැති තනතුර "සව්දියපුරන නිලමේ" ලෙස වෙනස්කොට ඊට අපේ අතිගරු ලාල්කාන්ත සහෝදරයා වහාම එම තනතුරට පත් කරනවා.. 😂😉😂

    ලංකාවේ නුවර පෙරහැරට අලින් යොදාගැනීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් නව ජාජබ රජය අතිවිශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශ කරන අතර එමගින් ගිලිහෙන දේශීය සංචාරකයන් වැඩි වැඩියෙන් අද්දවා ගැනීමෙන් දේශීය සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ පියවරක් ලෙස ඒ සහෝදරයාගේම නව සංකල්පයක් අනුව හදපු තන් නැටුම් කණ්ඩායමත් පෙරහැරේ අංගයක් ලෙස ඊට එකතු කරනවා… 😂😁😂

    ReplyDelete
  8. ඉකොනො මේ වෙනකොට ලංකාවේ ආර්ථිකයට සිටින තරගකාරී රටක් (competitor) සහ ලෝක වෙළෙද පොළේ ලංකා අපනයන වලටත් අභියෝගයක් වී තිබූ බංග්ලාදේශයේ පවතින දැඩි අස්ථාවරත්වය ලංකාවට රාජ්‍යයක් ලෙස වාසියට ගත හැකියි නේද? විශේෂයෙන්ම ලංකාවේ ආර්ථිකයට විශාල බූස්ට් එකක් ලබාගැනීමට පුළුවන් මේ වෙලාවේ ලංකාවේ රජය විදේශ ආයෝජන ආකර්ෂණය කිරීමට බදු සහන ලබාදීම ඇතුලු යම් නිසි ක්‍රියාමාර්ග අරගත්තොත්?

    එමෙන්ම බංග්ලාදේශය තුල දැනට උග්‍ර ලෙස පවතින දැඩි දේශපාලන අස්ථාවරත්වය/ අරාජික නීතිය, භයානක ලෙස මංකොල්ල කෑම / බරපතල ලෙස ඔඩුදුවා ඇති ප්‍රචන්ඩත්වය නිසා බංග්ලාදේශයේ පවත්වන්නට තිබුන ලෝක කුසලාන T20 තරගාවළිය වහාම බංග්ලාදේශයෙන්‍ ඉවත් කර ඇත.‼️

    මම හිතනනේ මේ වෙලාවේ ලංකාව රාජ්‍යයක් ලෙස උපාය ශීලී වෙනවා නම් ලංකාවේ ආර්ථික පසුබෑමට බංග්ලාදේශයේ පවතින දැඩි අස්ථාවරත්වය ප්‍රයොජනයට ගත හැකි බවයි.

    මේ වනවිට බටහිර යුරෝපයට ඇගළුම් අපනයනය කරන බංග්ලාදේශයේ ඇගළුම් ආයතන සියල්ලම පාහේ ඇනවුම් සම්පුර්ණ කිරීමේ බරපතළ ගැටළුවකට මුහුණ පාමින් තිබෙන බවත් බොහෝ විදේශීය ආයොජකයන් සහ කර්මාන්තකරුවන් විශාල ලෙස බංග්ලාදේශයෙන් ඉවත් වීමට කටයුතු කරමින් සිටින බැවින් ඒවායින් බහුතරය බොහෝ
    දුරට මිළ අඩු ශ්‍රමය, අඩු වියදම සහ බදු සහන පවතින වියට්නාමයට සහ ඒ හා සමාන වෙනත් රටවලට යාමට නියමිත බවයි ව්‍යාපාරික පුවත් වල පැවසෙන්නේ.

    ඇත්තටම මේ අවස්ථාවේදී ලංකාව රාජ්‍යයක් ලෙස මෙම අයට අවශ්‍ය
    පහසුකම් ලබාදීමට කටයුතු කරනවා නම් දිගුකාලීනව ලංකාවට වාසියක් අත්කර ගත හැකියි නේද?

    එමෙන්ම බංග්ලාදේශයෙන් ගැලවෙන කාන්තා T20 තරගාවළිය වහාම ක්‍රියාත්මක වූ එක්සත් අරාබි එමීරයට ලැබුණත් එමිරේට්ස්ල ලබාගත් එම කාන්තා ලෝක කුසලානය ලංකාවට ලබාගත හැකිවුණා නම් ඒ හරහා ලංකාවේ ස්ථාවරත්වය ගැන ලෝකයට පණිවුඩයක් දීමට හැකියාව නොතිබුණා ද?

    ලංකාවේ ජනපතිවරණයෙන් පසුව කවුරු හෙට රජය ගත්තත් මම හිතන්නේ රාජ්‍යය වෙනුවෙන් අද ගත යුතු ක්‍රියාමාර්ග වලට පක්ෂ විපක්ෂ භේද රහිතව එකට සිටගත හැකිනම් අපට බංග්ලාදේශය නිසාම අහිමි වු ඇගළුම් කෝටා පවා නැවත ලංකාවට හිමි කර ගත හැකිවන බවයි.

    නමුත් ලංකාවේ දැඩිලෙස එකිනෙකා කුලල් කා ගන්නා සියලුම දේශපාලන පක්ෂ මේ දවස්වල ඉන්නෙ රටට ආර්ථික වාසි ගන්නෙ කොහොමද කියන මානසිකත්වයෙන් නෙමෙයි.. තමන්ට බලය ගන්නෙ කොහොමද රැස්වීම් වලට සෙනග අදින්නෙ කොහොමද.. විරුද්ධ වාදීන්ට වරදින්නෙ කොතනද.. ඒ පක්ෂ වලින් එකා දෙන්න මෙහෙට ඇද ගන්නෙ කොහොමද කියන රෝගී විකෘති මානසිකත්වයකින්.. ලංකාවේ ඉන්න දේශපාලුවෝ සේරම එක වගේ සත පහකට වැඩකට නැති පාහරයින් හැත්තක් මුං ඔක්කොම රට ගැන කිසිම හැඟීමක් නැති මෙලෝ වැඩකට නැති පාහර ගොබ්බ දේශපාලුවො ටිකක්... එදා ලී ක්වාන් යූ කොළඹ වරායේ අධිකලෙස පැවති වැඩවර්ජන වලින් උපරිම ප්‍රයෝජන ගෙන සිංගප්පූරුවේ වරාය දියුණු කිරීම කළ බව ඔහුම පවසා තිබෙනවා නේද?

    එය ඇත්තද කියා මම දන්නේ නැතත් බොහෝ දුරට එය සත්‍ය විය හැකියි, ඒ වුණාට හරියට රාජ්‍යයක් විදිහට අපි බංග්ලාදේශ අස්ථාවරත්වය සමග ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව බුද්ධිමත්ව හිතලා කටයුතු කළොත් වියට්නාමය ඉන්දුනීසියාව සහ නැගෙනහිර අප්‍රිකානු රටවල් වලට විශාල ලෙස විතැන් වන ඩොලර් බිලියන ගානක බිස්නස් ටිකක් ආයෝජන ලෙස ලංකාවට ලබා ගන්න පුළුවන් වෙයි. පහුගිය වසර කිහිපය තුල චීනයෙන් ඉවත්ව ගිය බටහිර ආයෝජන වලින් අඩුම තරමේ ඇඟලුම් කර්මාන්ත ටිකෙන්වත් ලංකාවට ටිකක් වත් ආකර්ෂණය කර ගැනීමට බැරිවුණ එකේ මේක අඩුම තරමින් උත්සාහ කරන්න වත් ඕනෑ නේද? හැබැයි ලංකාවේ ගෝත ගව සම්පත එක එක දේශපාලන පක්ෂ වලට රෙදි නැතුව කඩේයවාගෙන යනවා තක්කඩි රනිල්ලා සජිත්ලා අනුර කුමාරලා නාමල්ලා දිලිත්ලා, ඒ නිසාම උං දැන් ඉන්නේ අපි රෙදිනැතුව කඩේ යන පක්ෂය/ පුද්ගලයන් දිනනකල් රටට කෙලවුනොත් ඒ ඇති, අපේ පක්ෂය දිනුවාම සියල්ල ඉබේ පහළවෙයි කියන තකතීරු මානසිකත්වයේ මිසක් පොදුවේ හිතලා රට දිනවන්න එකෙක්ටවත් ඕනෑම නෑ. ඒ නිසාම මේකත් තවත් එක් මිස් වෙන කෝච්චියක් වෙයි ලංකාවට. 😪

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: