වෙබ් ලිපිනය:

Wednesday, August 14, 2024

උද්ධමනය හා වැටුප් වැඩිවීම


පහත තිබෙන්නේ 2020 ජනවාරි මාසයේදී පැවති මට්ටමට සාපේක්ෂව 2024 මැයි මාසය වන විට භාණ්ඩ හා සේවා මිල ගණන් වැඩි වී ඇති ආකාරය සහ ඊට සමාන්තරව විවිධ අංශ වල වැටුප් වැඩි වී ඇති ආකාරය.

භාණ්ඩ හා සේවා මිල ගණන් වැඩි වීම = 87%

සමස්තයක් ලෙස විධිමත් පෞද්ගලික අංශයේ වැටුප් වැඩි වීම = 92%

වීධිමත් පෞද්ගලික අංශය තුළ කෘෂිකාර්මික ශ්‍රමිකයන්ගේ වැටුප් වැඩි වීම = 118%

වීධිමත් පෞද්ගලික අංශය තුළ කර්මාන්ත හා වාණිජ අංශ වල ශ්‍රමිකයන්ගේ වැටුප් වැඩි වීම = 21%

වීධිමත් පෞද්ගලික අංශය තුළ සේවා අංශයේ ශ්‍රමිකයන්ගේ වැටුප් වැඩි වීම = 14%

සමස්තයක් ලෙස අවිධිමත් පෞද්ගලික අංශයේ වැටුප් වැඩි වීම = 62%

අවිධිමත් පෞද්ගලික අංශය තුළ කෘෂිකාර්මික ශ්‍රමිකයන්ගේ වැටුප් වැඩි වීම = 63%

අවිධිමත් පෞද්ගලික අංශය තුළ කර්මාන්ත හා වාණිජ අංශ වල ශ්‍රමිකයන්ගේ වැටුප් වැඩි වීම = 61%

අවිධිමත් පෞද්ගලික අංශය තුළ සේවා අංශයේ ශ්‍රමිකයන්ගේ වැටුප් වැඩි වීම = 66%

සමස්තයක් ලෙස රාජ්‍ය අංශයේ වැටුප් වැඩි වීම = 41%

ප්‍රාථමික මට්ටමේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි වීම = 43%

ද්වීතියික මට්ටමේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි වීම = 42%

තෘතීයික මට්ටමේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි වීම = 38%

ජ්‍යෙෂ්ඨ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි වීම = 23%

වීධිමත් පෞද්ගලික අංශය තුළ කෘෂිකාර්මික ශ්‍රමිකයන්ගේ වැටුප් වැඩි වීම පමණක් යම් තරමකින් භාණ්ඩ හා සේවා මිල ගණන් වැඩි වීම ඉක්මවා යන නමුත් අනෙකුත් සියළුම අංශ වල ශ්‍රමිකයින්ගේ වැටුප් ඉහළ ගොස් තිබෙන්නේ භාණ්ඩ හා සේවා මිල ගණන් වැඩි වූවාට වඩා අඩුවෙන්. ඒ නිසා, රටේ බොහෝ දෙනෙකුට තමන්ගේ ජීවන තත්ත්වය පහත වැටී ඇති සේ තේරෙන එක පිළිබඳව පුදුමයක් නැහැ. උද්ධමනය හා ගැලපූ පසු බොහෝ දෙනෙකුගේ වැටුප් "අඩුවීමක්" සිදු වී තිබෙනවා.

මේ තත්ත්වය වෙනස් වීමටනම් රටේ ආර්ථික ක්‍රියාකාරකම් නැවත පෙර පැවති මට්ටම දක්වා ඉහළ යා යුතුයි. ආර්ථික අර්බුදය හමුවේ වුවද කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා ඉල්ලුම අඩු නොවූ බැවින් වීධිමත් පෞද්ගලික අංශය තුළ කෘෂිකාර්මික ශ්‍රමිකයන්ගේ වැටුප් උද්ධමනය ඉක්මවා ඉහළ ගොස් ඇතත්, කර්මාන්ත හා සේවා අංශ වල එවැන්නක් සිදු වී නැහැ. ඊට හේතුව රටේ ආර්ථිකය හැකිළී සමස්තයක් ලෙස ආදායම් මට්ටම පහත වැටෙද්දී අත්‍යවශ්‍ය නොවන කාර්මික හා සේවා නිෂ්පාදිත සඳහා ඉල්ලුම විශාල ලෙස පහත වැටී එම අංශ සඳහා වන ශ්‍රම ඉල්ලුමද පහත වැටීමයි. 

රාජ්‍ය අංශයෙහි වැටුප් වැඩි කිරීමක් සිදු නොකළද, වාර්ෂික වැටුප් වර්ධක හා උසස්වීම් හේතුවෙන් යම් වැටුප් ඉහළ යාමක් සිදු වෙනවා. එහෙත්, උද්ධමනය හා ගැලපූ පසු, සමස්තයක් ලෙස මේ වන විට රාජ්‍ය සේවක වැටුප් පවතින්නේ 2020 ජනවාරි පැවති මට්ටමට වඩා 25%ක් පහතිනුයි. වෙනත් විදිහකින් කිවුවොත් අදාළ කාලය තුළ රාජ්‍ය සේවකයන්ගේ මූර්ත වැටුප් 25%කින් පහත වැටී තිබෙනවා. 

වීධිමත් පෞද්ගලික අංශය තුළ කර්මාන්ත හා වාණිජ අංශ වල මූර්ත වැටුප් අඩු වීම 35%ක්ද, සේවා අංශයේ මූර්ත වැටුප් අඩු වීම 39%ක්ද වෙනවා. මීට සාපේක්ෂව සමස්තයක් ලෙස අවිධිමත් පෞද්ගලික අංශයේ මූර්ත වැටුප් අඩු වීම 13%ක් පමණයි. 

3 comments:

  1. ලංකාවේ රනිල් වික්‍රමසිංහ රජය විසින් ක්‍රියාත්මක කළ 17 වෙනි IMF වැඩසටහනේ අනිවාර්ය කොන්දේසි වලට යටත්ව පසුගිය 2023 වසරේ සිට සිදු කළ බදු ප්‍රතිසංස්කරණවලින් දැඩි ලෙස පීඩාවට පත් මධ්‍යම මට්ටමේ බදු ගෙවන්නන් බදු වහා අඩු කරන ලෙස දිගින් දිගටම සිදුකරන දැඩි උද්ඝෝෂණ ව්‍යාපාර සහ නිරන්තර ඉල්ලීම් වලට ප්‍රතිචාර දක්වන රජය එම අධික බදු බරට යම් සහනයක් ලෙස බදු ගෙවන අය සඳහා සහන සැලසීමේ අරමුණින් අවම වශයෙන් PAYE බද්ද ආදී පුද්ගල ආදායම් බදු මට්ටම සංශෝධනය කිරීමට රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෝජනා කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කර ඇත.ඒ අනුව රුපියල් ලක්ෂ 05 සිට (රුපියල් 500,000) සිට රුපියල් හත් ලක්ෂ විසිදහස(රුපියල් 720,000 )දක්වා වත් අවම වශයෙන් බදු සංශෝධනය කිරීමට රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෝජනා කර ඇත.

    මෙම 2024 වසරේ බදු ආදායම පෙන්නුම් කරන ලද ශක්තිමත් කාර්ය සාධනය උලුප්පා දක්වමින් රජය මැතිවරණයකට මුහුණ දෙන මේ මොහොතේ යම් සහන සැලසීමට පියවර ගත යුතු බව අවධාරණය කරමින් එම යෝජනාව සිදුකර ඇත.

    අදාල යෝජනාව සඳහා IMF විසින් සංශෝධන ඉදිරිපත් කර ඇති අතර පහළ බදු මට්ටම්වලට අයත් පිරිස සඳහා වැඩි සහනයක් ලබාදීම, මධ්‍යම මට්ටමට ද ඒ හා සමාන සහන සලසමින් ඉහළ ආදායම් ලබන්නන් සඳහා තරමක් අඩු සහන ලබාදීමට මෙන්ම මෙම යෝජනාවේ හරය නොවෙනස්ව තබා ගැනීම ද ඊට අයත් වන බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

    කෙසේ වුවද මෙවර මැතිවරණය ජයග්‍රහණය කරන පාර්ශ්වයට ද මෙය ඉතාම දැඩි ලෙස බලපානු ඇත.

    මැතිවරණ නිකන් ලංකාව වගේ රටවල්වල හරක්ව අන්දවන්න පවත්වන විගඩමක් පමණයි..

    ලංකාව තුල පසුගිය 2019 වසරේදී 69 ලක්‍ෂයක ඡන්දයෙන් පත්වූ ජනාධිපතිව ඇඑජ ප්‍රමුඛ කඳවුර විසින් අරගල ව්‍යාපෘතියක් හරහා පන්නා දැමුනා..
    ඒ වගේම පසුගිය ජනවාරියේ බංගලාදේශ මැතිවරණයෙන් පත්වූ ෂීක්හසීනාවත් එබඳුම ශිෂ්‍ය-හමුදා අරගල ව්‍යාපෘතියක් හරහා බලයෙන් පහකර රටෙනුත් පන්නා දැමුනා..
    ඊලඟට අද තායිලන්තයේ අගමැතිව එරට අධිකරණය හරහා යම් ගෝලීය බලගතු හස්තයක මැදිහත්වීමකින් බලයෙන් පහකර දමා තිබෙනවා…
    ඒ නිසා ඔය ව්‍යාජ මැතිවරණ නාඩගම් පිළිබඳව බොහෝ අයට විස්වාස නෑ..
    ඊලගට දැන් ලංකාවේ මැතිවරණයට ඉදිරිපත්වී සිටින අපේක්‍ෂකයන් කවුද බලමු.. මහ බැංකු හොරා, නිදන් හොරා, 88-89 භිෂණයේ අලුගෝසුවා, ඇන්ටිජන් හොරා.. සුනාමි හොරාගේ පුතා.. එතකොට මේ වගේ උන් අතර බලය සඳහා ඇති බලුපොර ආකාරයේ කුලල් කා ගැනීමක්..මේකේ පහසුකම් සලසන්නා වන මැකො.
    මුන්ව පිලිකුල් කරමින් ජනතාව මිලියන ගනනින් කටුගා ප්‍රතික්ෂේප කර නව දේශපාලන ශිෂ්ඨාචාරයකට රට යොමුකල යුතුයි. නමුත් එයිනුත් ප්‍රතිඵලයක් ලැබෙයි කියල හිතන්න අමාරුයි නේද?

    ReplyDelete
  2. කාට කෙළවුණත් බලයැ'ති ඇත්තන්ට
    බෙදා ගැනෙනවා හරහට හා දිගට
    ඒවා නැති වෙතැයි බියවී නප්පියට
    එහෙ මෙහෙ පනින රඟ- ගෙම්බන් එක පෙළට!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: