වෙබ් ලිපිනය:

Saturday, August 24, 2024

බදු ආදායම හා රාජ්‍ය සේවක වැටුප්


මේ සටහන කෙටි සාරංශ අවශ්‍ය අයට. ආර්ථික අර්බුදයට පෙර වසර වලදී රජයේ බදු ආදායමෙන් 40%කට ආසන්න මුදලක් රාජ්‍ය සේවක වැටුප් සඳහා වැය වුනා. එහෙත් බදු කප්පාදුවෙන් පසුව රජයේ බදු ආදායමෙන් 65%කටත් වඩා රාජ්‍ය සේවක වැටුප් වෙනුවෙන් වැය කරන්න සිදු වුනා. එය දරා ගත නොහැකි මට්ටමක්. 

දැන් එක පැත්තකින් රාජ්‍ය සේවය කුඩා වෙමින් තිබෙනවා. අනෙක් පැත්තෙන් බදු ආදායම් වේගයෙන් ඉහළ යමින් තිබෙනවා. ඒ නිසා, මේ වන විටත් රාජ්‍ය සේවක වැටුප් වෙනුවෙන් වැය වන්නේ රජයේ බදු ආදායමෙන් 25%කටත් වඩා අඩු මුදලක්. 

ඉදිරි වර්ෂයේදී බදු ආදායම තවත් වැඩි වන නිසා, රාජ්‍ය සේවක වැටුප් වෙනුවෙන් වැය කළ යුතු වන්නේ බදු ආදායමෙන් 19%ක පමණ මුදලක් පමණයි. ඒ නිසා, රාජ්‍ය සේවක වැටුප් වියදම 30%කින් වැඩි වුනත්, රාජ්‍ය සේවක වැටුප් වෙනුවෙන් වැය වන්නේ උපරිම වශයෙන් බදු ආදායමෙන් 25%ක පමණ කොටසක් පමණයි.

මෙය රාජ්‍ය සේවක වැටුප් වැඩි කළ යුතු බවට කරන නිර්දේශයක් නෙමෙයි. එය දේශපාලනික තීරණයක්. 

කෙටි සාරංශය අවසන්. වැඩි විස්තර අවශ්‍ය අය සඳහා අදාළ සංඛ්‍යාලේඛණ පහත තිබෙනවා. 

2019

බදු ආදායම = රුපියල් බිලියන 1,734.9

රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 686.5

ප්‍රතිශතය = 39.6%


2020

බදු ආදායම = රුපියල් බිලියන 1,216.5

රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 794.2

ප්‍රතිශතය = 65.3%


2021

බදු ආදායම = රුපියල් බිලියන 1,298.0

රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 845.7

ප්‍රතිශතය = 65.2%


2022

බදු ආදායම = රුපියල් බිලියන 1,751.1

රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 956.2

ප්‍රතිශතය = 54.6%


2023

බදු ආදායම = රුපියල් බිලියන 2,720.6

රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 939.5

ප්‍රතිශතය = 34.5%


2024 අප්‍රේල් දක්වා කාලය 

බදු ආදායම = රුපියල් බිලියන 1,117.8

රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 301.8

ප්‍රතිශතය =  27.0%


2024 වර්ෂය සඳහා ඇස්තමේන්තුව 

බදු ආදායම = රුපියල් බිලියන 3,820.0

රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 905.4

ප්‍රතිශතය = 23.7%


2025 වර්ෂය සඳහා ඇස්තමේන්තුව

බදු ආදායම = රුපියල් බිලියන 4,725.0

රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 905.4

ප්‍රතිශතය = 19.2%


ප්‍රශ්න:

මේ වර්ෂය හා ඉදිරි වර්ෂය සඳහා බදු ආදායම් ඇස්තමේන්තු වරදින්න බැරිද?

පුළුවන්. නමුත් IMF ගිවිසුම අනුව එහෙම වෙන්න යනවානම් කවර හෝ ක්‍රියාමාර්ගයක් අරගෙන තත්ත්වය නිවැරදි කරන්න වෙනවා. උදාහරණයක් විදිහට මේ ඉලක්කයට යන්නනම් ඉදිරි වර්ෂයේදී නැවත වාහන ආනයනයට ඉඩ දෙන්න වෙනවා. එය සැලසුමේ කොටසක්. ඒ සඳහා, විදේශ අංශයේ තුලනය දිගටම පවත්වා ගන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා, මේ ඉලක්කයට පහසුවෙන් යා හැක්කේ අනෙකුත් හැම දෙයක්ම දැනට සැලසුම් කර තිබෙන පරිදි සිදු වුනොත් පමණයි.

මේ වර්ෂය හා ඉදිරි වර්ෂය සඳහා රාජ්‍ය සේවක වැටුප් ඇස්තමේන්තු හදලා තිබෙන්නේ කොහොමද?

මෙහිදී උපකල්පනය කර තිබෙන්නේ දැන් වියදම ඒ මට්ටමේම තිබෙන ලෙස සලකලයි. නමුත් රජයේ ඉලක්කය මිලියන 1.3 සිට මිලියන 1.0 දක්වා රාජ්‍ය සේවය ක්‍රමයෙන් කුඩා කරන එක. ඒ නිසා, මෑත වසර වලදී මෙම වියදම ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව පේනවා. මේ වසරේදී හා ඉදිරි වසරේදී තවත් අඩු වෙයි. ඒ නිසා, මේ තියෙන්නේ උපරිම වියදම. නමුත් යම් හෙයකින් රාජ්‍ය ප්‍රතිපත්තිය වෙනස් වී අලුත් බඳවාගැනීම් සිදු වුවහොත් වියදම වැඩි වෙන්න පුළුවන්.

මේ සටහන ලියලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ දිනයි කියලා උපකල්පනය කරලද?

නැහැ. කවුරු දිනුවත් ඔය ආදායම් ඉලක්කයට යන්න වෙනවා වගේම ඒ ඉලක්කයට යන්න පුළුවන්. රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවද නැද්ද කියන එක දිනන පුද්ගලයා මත තීරණය වෙන්න පුළුවන්. නමුත් එය අපට අදාළ කරුණක් නෙමෙයි. මෙහිදී සලකා බලා තිබෙන්නේ දිනන කාට හෝ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට තිබෙන හැකියාව ගැන පමණයි. මේ ආදායම් ඉලක්කයට යද්දී රාජ්‍ය සේවක වැටුප් වැඩි නොකර එම මුදල වෙනත් කටයුත්තකට වැය කරන්නත් පුළුවන්. ඒවා දේශපාලනික තීරණ. 

මීට පෙර 2015දී වැඩුප් වැඩි කිරීමේ බලපෑම කුමක්ද? 

එම වැටුප් වැඩි කිරීම සිදු වුනේද බදු ආදායම් හා රාජ්‍ය සේවක වැටුප් ගැලපෙන ආකාරයටයි. 

2014

බදු ආදායම = රුපියල් බිලියන 1,050.4

රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 441.0

ප්‍රතිශතය = 42.0%


2015 

බදු ආදායම = රුපියල් බිලියන 1,355.8

රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 561.7

ප්‍රතිශතය = 41.4%


2016

බදු ආදායම = රුපියල් බිලියන 1,463.7

රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 576.5

ප්‍රතිශතය = 39.4%


2017

බදු ආදායම = රුපියල් බිලියන 1,670.2

රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 588.5

ප්‍රතිශතය = 35.2%


2018

බදු ආදායම = රුපියල් බිලියන 1,712.3

රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 626.0

ප්‍රතිශතය = 36.6%

3 comments:

  1. ගැට ගැට ගැට ඇතුළෙ ගැට
    ගැට ගැට ගැට පිටත් ගැට
    දැන් ගැහෙනවා වැඩි වැඩියෙන් දහංගැට
    හොර හැතිකරේ යයි වඩබා මුඛේකට

    ReplyDelete
  2. ලංකාවේ ජනාධිපතිවරණය දිහා බලනකොට ආර් ප්‍රේමදාස යුගය සහ රාජපක්ෂ රෙජීමය ලංකාව තුල පහුගිය කාලයේ ගෙනගිය පාදඩ ත්රාඩ දේශපාලනයම ඊටත් වඩා පාදඩ ලෙසින් වෙනත් පක්‍ෂ වලින් ක්‍රියාත්මක කරනවා විතරයි නේද?

    මේ ඔබේ දරුවාගේ පාසලේ මාළිමා ගුරු වෘත්තීය සමිතියේ ගුරුවරු ජන්ද කැම්පේන් කරන කාලයයි.

    මේ ඔබේ පංසලේ ⁣මාළිමාවේ පොඩි හාමුදුරුවෝ ජන්ද කැම්පේන් එකට ගෙයින් ගෙට වඩින කාලයයි.

    අද ඒවා මාළිමා ෆේස් බුක් මීඩියා බලකාය බුකියේ උජාරැවෙන් අප්ලෝඩ් කර රට මාළිමාවට කියන දවසයි

    අනුර ආවත් මේ සිස්ටම් එක වෙනස් වෙන්නේ නෑ අනුර විකල්පයක් නෙවේ කියලා අපි කියන්නේ ඇයි දන්නවද

    චීවරය දේශපාලනයට අරං ජනතාව අන්දන්න යොදාගන්නවා කියලා අනිත් අයට දොස්කීව අයත් අද ඒකම කරනවා.

    රාජ්‍ය සේවය පටු දේශපාලනයට යොදා ගන්කවා කියලා අනුන්ට දොස් කීව අයම බළය ලැබුනොත් රාජ්‍ය සේවය දේශපලෙනයට යොදා ගන්න හැටි උදාහරණයට පෙන්වන්න ගුරු හෙද සමුළු දැනටමත් තියනවා. බලය ලැබුනම ඒවා රාජ්‍ය අනුග්‍රහයෙන් රජයට සපෝට් එකට කරවනවා කියන සංඥාව ලැබෙනවා.

    ජනතාව අන්දවන්න බිලියන ගනන් වියදම් කරලා බස් දාලා සෙනග අද්දනවා කීව අයත් අද ඒකම කරනවා.

    ආසියානු කලාපයේ දේශපාලනයක තියෙන ලක්ෂණ හැම එකක්ම දැනට මාළිමාවත් පෙන්නනවා.‼️

    තව නැත්තේ පාක්ෂිකයාට අරක්කු බෙදන එක විතරයි.😀😀(දැනටමත් බත්පැකට් නම් බෙදනවා)

    මේ අවස්ථාවාදී තක්කඩි දේශපාලනය ඇතුලේ එදා UNPය ශ්‍රිලනිපය පොහොට්ටුව සජබය වගේ සම්ප්‍රදායික පක්‍ෂ ජනතාව අන්දවන්න කරා කියලා ජවිපෙ හෙවත් අද මාළිමාව ඉස්සර කියපු ඒවායින්

    අද මාළිමාව නොකරන්නේ මොනවද?

    තව කරන්න තියෙන එකම දේ මත්පැන් බෙදීම සහ දිනුවම රජයේ රස්සා බෙදන්න පෝර්ම් කොල බෙදන එක විතරයි.😀😀

    ලබන සැප් 21න් පසුව,

    සජිත් දිනුවත්
    අනුර දිනුවත්
    රනිල් දිනුවත්
    නාමෝලා හෝ දිලිත් දිනුවත්

    ලංකාවේ තියෙන ඔය මජර තක්කඩි පාදඩ සිස්ටම් එක වෙනස්
    වෙන්නේ නෑ එකම පාරේ එකම විදියට චුට්ටක් වෙනස් එයාලගේ පක්ෂවල ක්‍රම වලට යනවා.‼️

    අනුර දිනුවොත් ඊළග ජන්දය වෙනකොට රාජ්‍ය සේවකයන් පඩි සහිතව ගෙවල් වලට ජන්ද කැමිපේන් එනවා එහෙම බලාගන්න පුළුවන් වෙයි.

    අනිත් අය මැතිවරණ නීති උල්ලංඝනය කරනවා කියනකොට

    අද මාළිමාවේ කියන ගුරුවරු ගුරුවෘත්තිය ඉස්සරහට දාගෙන ගෙවල් වල ජනතාව දැණුවත් කරනවා කියලා කැම්පේන් යනවා ෆොටෝ දානවා😀

    දිනය සෙනසුරාදා වෙන්න පුළුවන්

    ඒත් ගුරුවරයා යනු රාජ්‍ය සේවකයෙක් උගනන්න පාසල කලාපයේ තමන් ලගට එන දරුවන්ගේ ගෙවල් වලට ගිහිං තමන්ගේ දරුවාට උගන්නන ගුරුවරයා අපේ පක්ෂයට ජන්දය දෙන්න කියන එක

    රාජ්‍ය සේවය අනියමින් තම දේශපාලන පක්ෂ ප්‍රමෝට් කරන්න යොදාගැනීමක්

    පාසල් එන දරුවා ඉස්සරහට දමා දෙමාපායන්ට කරන මානසික බලපෑමකට රාජ්‍ය සේවය අනියමින් පක්ෂ දේශපාලනයට යොදාගැනීමක් ‼️

    මෙන්න මේක අද මාළිමාවේ ගුරු වෘත්තීය සමිති නොවී සජිත් හරි රනිලි හරි වෙනුවෙන් එයාලගේ ගුරු
    වෘත්තීය සමිති කරානම් හරි

    ජවිපෙ මාලිමාවේ අය නොවී වෙන පක්ෂයක් කරානම් එහෙම නැත්නම් ඕක රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් කරා නම්

    මාළිමාව කියන්නේ මැතිවරණ නීති උල්ලංඝණය කරලා රාජ්‍ය සේවකයන් බලෙන් (කැමැත්තෙන් ගියත්) රනිල්ගේ සජිත්ගේ නාමල්ගේ දේශපාලනයට යොදාගෙන කියලයි.

    සමහර විට මැතිවරණ කොමිසමට දැන්ම පැමිණිලිත් කරලා

    මේ සිස්ටම් එක අනුර බැරිවෙලාවත්
    ජනාධිපති වුනොත් වත් වෙනස් වෙන්නේ නෑ කියලා දැන් ස්ථිරයි.

    සිද්ධ වෙන්නේ අද අපේ මැතිතුමාට ජයවේවා කියලා කරපු පක්ෂග්‍රාහී වැඩ ටික

    අපේ සහෝදරයාට ජයවේවා කියල සිද්ධ වෙන එක විතරයි 😀😀

    ඒ නිසා ඔය රජයේ සේවයේ නව බඳවාගැනීම් දේශපාලන පත්වීම් ආදිය පිළිබඳව ඉකොනෝ හිතන දේවල් වෙන එකක් නෑ, ගොඩක්ම වෙලාවට මේ වතාවෙත් IMF ගිවිසුම කාලය සම්පූර්ණ වෙන්න කලින් අවලංගු වී ලංකාවේ මීට දශකයකට පමණ පෙර දක්වා ගෙනගිය රාජ්‍ය මූලික ක්‍රමය, විශාල රජයක් සහිතව නැවතත් එලෙසම පවත්වාගෙන යාම දැකගන්නට පුළුවන් වේවි බොහෝ දුරට. යහපාලන රජය සහ ජනපති රනිල් වික්‍රමසිංහ යටතේ IMF එකේ අණ පරිදි සිදුකෙරෙන දේවල් කණපිට හැරෙන්නට නියමිත බවයි අපේ හැඟීමනම්. දැන්නම් දේවල් සිදුවෙන්නේ ඒ ආකාරයටයි. බොහෝ දුරට අපේ පුරෝකථනය නිවැරැදි වන බව ඉකොනෝට දැකගන්නට ලැබෙයි.

    ReplyDelete
  3. @ Economatta

    ලංකා වේ ජනප්‍රිය සමාජ ජාල වල ජනාධිපතිවරණ කැම්පේන් ගැන SLVLOGS කණ්ඩායම බෲනෝ ඇතුලු පිරිස මේකේ කියන කතාව ඇත්තක් නම් මාලිමාවට මෙවර ඡන්ද කෝටියකට වඩා ලැබෙයි කියල හිතන්න පුළුවන් වෙයි ද?

    https://www.facebook.com/share/v/eDbUMPkVfRTenou5/?mibextid=oFDknk

    මේ පොඩි ක්ලිප් එක බලලා ඔබට මේ ගැන විග්‍රහ කරන්න පුළුවන් වෙයි ද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: