වෙබ් ලිපිනය:

Thursday, August 8, 2024

අන්තර්වාර රජයේ ශිෂ්‍ය නියෝජනය


බංග්ලාදේශයේ අන්තර්වාර ආණ්ඩුව හෙවත් අන්තර්වාර උපදේශක කමිටුවට අරගල නායකයින් වූ සිසුන් දෙදෙනෙකුද ඇතුළත් කරගෙන තිබෙනවා. ඒ, නහිඩ් ඉස්ලාම් හා අසිෆ් මහමුද්. ඔවුන් දෙදෙනාම ධාකා සරසවියේ සිසුන්. 

සමාජ විද්‍යාව හදාරන නහිඩ්ගේ වයස අවුරුදු 26ක්. වාග් විද්‍යා සිසුවෙක් වන අසිෆ් වයස අවුරුදු 26කට මදක් අඩු තරුණයෙක්.

ඡායාරූපයේ ආචාර්ය මොහොමඩ් යුනුෆ්ට දකුණු පසින් සිටින්නේ නහිඩ් ඉස්ලාම්. වම් පසින් සිටින්නේ අසිෆ් මහමුද්. අරගල නායකයින් වූ ඔවුන් දෙදෙනා ඇතුළු තවත් බොහෝ දෙනෙකු ෂෙයික් හසීනාගේ රජය විසින් පැහැරගෙන ගොස් වධ බන්ධනයට ලක් කළ අතර පසුගිය කාලය තුළ එසේ පැහැරගනු ලැබූ බොහෝ දෙනෙකුට නැවත යහතින් පැමිණීමට වාසනාවක් තිබුණේ නැහැ. 

අසිෆ් මහමුද්ව පැහැර ගනු ලැබුවේ ජූලි 19 දිනයි. එහිදී අරගලය අත්හිටවූ බවට ප්‍රකාශයක් කරන මෙන් බල කරමින් ඔහුට වද දී තිබුණු අතර හොඳ සිහිය නැති වන පරිදි කිසියම් ඖෂධයක් හෝ මත්ද්‍රව්‍යයක් දිගින් දිගටම එන්නත් කර තිබුණා. දින පහකට පසුව, ජූලි 24 දින ඔහුව පැහැර ගත් තැන ආසන්නයේම මහ මග දමා ගොස් තිබුණා. ඔහු නැවත යථා තත්ත්වයට පැමිණියේ දින ගණනාවක වෛද්‍ය ප්‍රතිකාර වලින් පසුවයි. 

ජූලි 19 දිනම නහිඩ් ඉස්ලාම්වද මුල් වරට පැහැර ගෙන යනු ලැබුවා. සිවිල් ඇඳුමෙන් සැරසී සිටි 25 දෙනෙකුගේ පමණ කණ්ඩායමක් ඔහුව පැහැර ගෙන යාමෙන් අනතුරව දෑත් හා දෑස් බැඳ ශාරීරික හා මානසික වද හිංසා පමුණුවා තිබුණා. දින දෙකකට පසුව, ජූලි 21 දින ඔහුව සිහි විසංඥ තත්ත්වයෙන් පාලමක් යට දමා ගොස් තිබියදී හමු වීමෙන් පසුව රෝහලකට ඇතුළු කළා. ඉන් පසු, ජූලි 26 දින නැවත වරක් ඔහුව එම රෝහලෙන් පැහැරගෙන ගොස් ප්‍රශ්න කර තිබුණා. බංග්ලාදේශ ශිෂ්‍ය අරගලය සාමූහික කටයුත්තක් වුවත්, නහිඩ් ඉස්ලාම් අරගලයේ ප්‍රධානම නායකයා සේ සැලකෙනවා.

ආචාර්ය මොහොමඩ් යුනුෆ් ප්‍රධාන උපදේශක ලෙස කටයුතු කරන අන්තර්වාර උපදේශක කමිටුවේ අනෙකුත් සාමාජිකයින් ලෙස බංග්ලාදේශ මහ බැංකුවේ හිටපු අධිපති වරයෙකු, අරගලයට සහයෝගය දැක්වූ විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු, හිටපු නීතිපතිවරයෙකු හා නියෝජ්‍ය නීතිපතිවරයෙකු, හිටපු විදේශ අමාත්‍යංශ ලේකම් වරයෙකු, හිටපු මැතිවරණ කොමසාරිස් වරයෙකු ඇතුළු කණ්ඩායමක් තෝරා පත් කරගෙන තිබෙනවා.

14 comments:

  1. හසීනාගේ නෑදෑයො සහ රෙජීමය බලාගෙන හිටියෙ, හමුදාව බලය අල්ලලා බංගලි දේශයට කෙලවෙනවා බලන්න. ඒත් එහෙම වෙන පාටක් නෑ. බංගලි ශිෂ්‍යයෝ අපේ අයට වඩා ඉදිරියෙන් ඉන්නවා කියල හිතෙනවා. හසීනත් එක්ක බලනකොට, මොනවා වුනත් ගෝටාභය සාන්තුවරයෙක් ගාණයි. ගෝටාට ආයෙ එන්න හැකි වුනෙත්, හසීනාව හැම රටකින්ම ප්‍රතික්ෂේප වෙන්නෙත් ඒක එක හේතුවක් වෙන්න ඇති.

    පොලීසිය ගෙවල් වලට ගාල් වෙච්ච, අරාජික තත්ත්වයට පත් වෙච්ච රටක මේ සිසුන් ගෙනයන ගේම අගය කල යුතුයි. කොල්ල කන්න බලාගෙන ඉන්න අවස්ථාවාදියො කොහෙත් ඉන්නවා. ඒ වගේම අරගලය අල කරන්න බලාගෙන ඉන්න ජෙප්....' සොරි Jamaat-e-Islami, BNP කාරයොත් ඔතන නැති වෙන්න බෑ.

    ReplyDelete
    Replies
    1. හමුදාව පාලනය අතට ගන්න උත්සාහ කළා. BNP එක හා Jamaat-e-Islami කට්ටියත් උත්සාහ කළා. ඒ තත්ත්වයන් වලක්වා ගන්න ශිෂ්‍යයෝ සෑහෙන ගේමක් දුන්නා. දැනටනම් හැම පැත්තම බැලන්ස් කරගෙන යනවා වගේ. ශිෂ්‍යයෝ කිවුවට ඔතැන ඇතුළේ විවිධ කණ්ඩායම් ඉන්නවා. කොමිටියක ප්‍රධානියාට මොකක් හරි වුන ගමන් ඇතුළේ ඉන්න කණ්ඩායම් බෙදිලා පිස්සු කෙලින අවස්ථා තියෙනවා. නමුත් තාම ඒවා හදාගෙන ඉස්සරහට යනවා.

      Delete
    2. https://www.reddit.com/r/pics/comments/1enzx4w/sheikh_hasina_comforting_the_daughter_of_ilias/

      Delete
  2. අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා
    අරුණලු කැන් වැටී මෙහෙත් එකලු කෙරෙනවා...

    ReplyDelete
    Replies
    1. කවුදඅඅඅ..



      මගෙ රත්තරන් අනුඋඋර

      Delete
  3. ඔයාලට පේනවද ඒ හැම කෙනෙක්ගෙම පිටි පස්සෙන් උඩ ඉඳන් නූලක් තියනවා.... :-) ඕක තමයි තත්ත්වය...

    ReplyDelete
  4. ඉස්ලාමය තුල දේශපාලන දර්ෂණයක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ඔව්. සාමූහිකත්වය හා ජාත්‍යන්තරවාදය. විශාල කාලයක් ලෝකයේම ඉස්ලාම් ආගමිකයින් තමන්ගේ ලෞකික නායකයා ලෙස සැලකුවේ එක් පුද්ගලයෙක්. කතෝලිකයින්ට වතිකානුව වගේ. ඉස්ලාම් ආගම අදහන අය යම් රටක පුරවැසියන් සේ සිතුවේ නැහැ. මේ කරුණේදී බංගලාදේශය ටිකක් වෙනස්. ඔවුන්ගේ බෙංගාලි ජාතිකත්වය ප්‍රබලයි.

      Delete
  5. @ සෙන්නා

    ලෝකය පුරාම ඔහොම පාඩම් ඉගෙනගන්න මීට කලින් ඕනිතරම් සිද්ධි වුණා. ටියුනීසියාව, ලිබියාව, සුඩාන්, ඊජිප්තුව, ඉරාකය, යුක්රේනය සහ අපේ මවුබිම වුණ අමුතු ඇටේත් හොඳ උදාහරණ. මැදපෙරදිග කලාපය හරහා ගියපු ඇමරිකන් සුළි කුණාටුව දැන් දකුණු ආසියානු කලාපය ඔස්සේ හමායනවා. උන් එක්ක සංධානගත වෙලා ඩබල් ගේම් දෙන සටකපට
    අසල්වැසි දැවැන්තයා ඒක ලස්සනට මෙහෙයවනවා මේ මොහොතේ. එච්චරයි කතාව, හැබැයි එක්සත් ජනපද ප්රොපගැන්ඩිස්ට්ලාට (propagandist - මේකේ සිංහල වචනය දනනේ නෑ මම) මේ දවස්වල සෑහෙන ලොකුවට වැඩ තියෙනවා ඇයි ඕවා සේරම ජනතාව අතරින් ඉබේ මතුවු මාරම මාර ලස්සන පට්ටම පට්ට සිරාම සමාජ පරිවර්තන කියලා එක එක බහුබූත කතන්දර ගොත ගොතා රට බයිලා ගහන්න එපැයි. දෙකොනින්ම හිනා යනවා මේවා දකිනකොට 🤣😂😅

    ඇත්තටම බංග්ලාදේශ් රනිල් වික්‍රමසිංහ වන මුහම්මද් යූනුස් උන්නැහේට සුබ පතා පෝස්ටුවක් දාන්නේ නැද්ද ඉකොනෝ ඔයා?

    දැනට එක්සත් ජනපද භාරත හවුල උන්ගේ නියෝජිත සෙට් එක හරහා බංගලිදේසේ ආණ්ඩුව කරවන වැඩේ මුහම්මද් යූනුස්ට බාරදෙන්නට තීරණය කරපු බව පේන නිසා මම හිතන්නේ අර 1996 දී, ඇති කරපු ආකාරයේ ප්‍රධාන උපදේශක තනතුරක් හදලා ඒ වැඩේ කරයි. වර්ණ විප්ලවයේ ඉතුරු ටික එහෙම නාමික නායකයෙක් යටතේ ලේසියෙන්ම කරගන්න පුළුවන්.

    ඔය යුනුස්ට නෝර්වීජියන් පාර්ලිමේන්තුවේ උවමනාවට නොබෙල් සාම තෑග්ග දුන්නේ 2006 අවුරුද්දේ. හේතුව දුප්පත් මිනිස්සුන්ට ණය දෙන ක්‍රමයක් හඳුන්වලා දුන්නා කියලා ගොතපු බයිලාවක් හරහා දුප්පතුන් නගාසිටුවීම යන කරුණ පදනම් කරගෙන තමයි නෝර්වීජියානු නොබෙල් කමිටුව යුනුස්ව තෝරගත්ත කියලා කියුවේ.

    හැබැයි ඒ නොබෙල් තෑගි කතාව පිටිපස්සේ රහසක් තියෙනවා. යුනුස්ගේ ග්‍රාමීන් බැංකුවේ ආයෝජනය කරලා තියෙන්නේ නෝර්වේ, ස්වීඩනය වගේ රටවල්වල විශ්‍රාම අරමුදල්. ඉතින් ග්‍රාමීන් බැංකු ක්‍රමය හරහා ඒ විශ්‍රාම අරමුදල්වලට හොඳ ප්‍රතිලාභයක් ලැබෙනවා.

    ලංකාව වගේ කසඩ රටවල්වල රඟ දක්වන ක්ෂුද්‍ර මූල්‍ය නාඩගමටත් සල්ලි එන්නේ ඒ මූලාශ්‍රවලින් ම තමයි. යූනුස්ගේ ආදර්ශය උඩ තමයි ඒවත් පවත්වාගෙන යන්නේ. ඉතින් සෝ කෝල්ඩ් "බටහිර" ප්‍රාග්ධන ආධිපත්‍යය අපේ ගම්වලටත් රිංගලා ඉවරයි. හැබැයි මේ සෙල්ලම් වහන්න පුළුවන් මන්තරයක් උන් අපේ රටවලට දීලා තියෙනවා. අපි ඒක හැම දා ම දවල් රෑ නැතුව මතුරනවා. "චීන ණය උගුල, චීන ණය උගුල" කියලා 108 පාරක් හැම දා ම මතුරලා අපේ ප්‍රශ්න ඔක්කොම ඒකට ලඝු කරලා ඔක්කෝම අන්දලා තියෙන්නේ.

    ඉතින් ලංකාවේ වගේම "බටහිර" නමැති ගෝලීය බල කල්ලියේ හුරතලෙක් බංගලිදේසේ මහ පුටුවට එනවා. අවුරුදු 84 ක් වයස බයිඩන් ජෝකර්ටත් වඩා වයස මේ මනුස්සයා මොකුත් කරන්න ඕන නෑ. එයාට තියෙන්නේ පුටුවේ වාඩිවෙලා ඉන්න එක විතරයි. වැඩ කරන්න කට්ටිය ඕන තරම් ඉන්නවා. ඒවගේ ඇප නැතුව ණය දෙන බැංකුවක් හදන ඩයල් ලංකාවේ අපිටත් ඉන්නවානේ. ඊට කලින් බංගලිදේසෙට ඇප නැතිවෙන හැටි අපි බලාගෙන ඉඳිමු. පවු හැබැයි උනුත් ලංකාව වගේම පවු නේද? 😪

    ReplyDelete
    Replies
    1. බී (බටහිර ) කුමන්ත්‍රණවංශ ගේ රචනයක් වගේ. අරගලයට මුලින්ම පාරට බැස්සේ මැද පන්තියේ අය. ඉන්ධන ප්‍රශ්ණෙ නිසා. ඒකෙන් බය අඩු වුන තරුණ අය බැස්සේ ඊට පසුව. මැයි 9 අරගලයට ගහපු වෙලාවෙ තමයි (ඊට කලින් නායකත්වයක් නැති අරගල වලට අපි නැහැ කියපු ) ජේ වී පී එක ඒකට රිංගුවේ.

      බංග්ලදේශයේ වුනේ රජයේ රැකියාවලින් 30% කෝටාවක් අවාමි ලීගයේ අය වන 1971 විප්ලවයේ අයට වෙන් කල නිසා. ටික ටික වැඩි වෙනකොට අකුලගත්ත්නන් මේක වෙන්නේ නැහැ. ඒක මර්ධනය කරන්න ගිහිල්ලා උපරිමාධිකරණය ඒක අයින් කරනකන් හිටියා. එතකොට ප්‍රමාද වැඩියි. අනික යූනුස් මහත්මයා බංග්ලාදේශයේ පටන් ගත්ත ග්‍රාමීන් ක්‍රමය අති සාර්ථක එකක්. ඇප නැතුව කුඩා ණය දීමක්. ඒවගේ නැවත ගෙව්වීම 95% ට වදා වැඩියි. ඒක බොහෝ රටවලට ව්‍යාප්ත වුනා.

      ඒක නෙවෙයි කුමන්ත්‍රණවංශ මහත්තයෝ ඩිලිත් මහත්තයා ඔයාට හොඳට සලකනවද?

      Delete
    2. @ Anonymous 8.35

      Some of the international intelligence reporters and investigative journalists suggested that the blueprint for Operation Regime Change Implemented in Bangladesh (ORCIB), was drafted in London by the agents of global superpowers in collaboration with Pakistan's ISI as well. You missed ISI involvement and the double agent like behaviour of RAW in this project. SH (Sheikh Haseena) flew to India after the regime change mission accomplished as they played safe passage provider's role for the programme.

      In addition, Bangladeshi officials claimed that they have evidence of meetings between Bangladesh Nationalist Party (BNP) acting chairperson Tarique Rahman and ISI officials in Saudi Arabia. The Pakistani Army and ISI also wanted to destabilise Sheikh Hasina's government and stall the BNP into power.

      Further, you need to consider the Jamaat-e-Islami's involvement as well. Moreover, student protests against the so called reservation in government jobs, that led Hasina to quit, turned into a wider political movement to topple her government.

      For plotting this small issue into a massive problem and nationwide spreading protests, Jamaat-e-Islami Bangladesh's student wing Islami Chhatra Shibir (ICS) is the main architect of the student protests and the chaos that unfolded thereafter.

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. https://economatta.blogspot.com/2024/08/blog-post_7.html

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: