වෙබ් ලිපිනය:

Thursday, August 1, 2024

සජිත් හා රනිල් ඉදිරියට! අනුර විශාල පසුබෑමක!!


පහත තියෙන්නේ ඊයේ පළ කළ සටහනට පාඨකයෙකු විසින් දමා තිබුණු ප්‍රතිචාරයක්.

"IHP ආයතනය අපේක්ෂිත මහ මැතිවරණ ප්‍රතිඵල ගැන මෙන්ම ජනාධිපතිවරණය ගැනත් සමීක්ෂණ පසුගිය වසරේ සිට කළා. වර්තමාන සන්දර්භය අනුව මහ මැතිවරණයක් නොපැවැත්වෙන බව තහවුරු නිසා ඒ සමීක්ෂණ ජනාධිපතිවරණයට අදාළ කරගැනීම තේරුමක් නැති දෙයක්. ජනාධිපතිවරණ අපේක්ෂකයන් අතර සියලුම වාර්තාවල දිගටම ඉදිරියෙන් හිටියෙ අනුර කුමාර. මහමැතිවරණය මුලින් පැවැත්වීම සාපේක්ෂව අනෙක් බලවේගවලට වාසිදායක නිසා තමයි මුලින් එය පවත්වන උත්සාහ කළේ. ජනාධිපතිවරණ සමීක්ෂණ සමඟ විශ්ලේෂණය නේද වඩා තාර්කික? මොකක්ද අපි කතා කරන්නෙ ජනාධිපතිවරණයක් ගැන මිස මහ මැතිවරණයක් ගැන නොවන නිසා."

මෙහි සඳහන් කරුණු හැම දෙයක්ම වගේ නිවැරදියි. නමුත් මහ මැතිවරණයක් හා අදාළ ඡන්දදායක අභිලාශ වලින් ජනාධිපතිවරණය හා අදාළ ඡන්දදායක අභිලාශ ගැනත් යම් අදහසක් ගන්න පුළුවන්. කොහොම වුනත් මේ වෙද්දී ජනාධිපතිවරණය හා අදාළ ඡන්දදායක අභිලාශද සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා. ඒ අනුව පෙනී යන්නේ මාසයක කාලයක් ඇතුළත රනිල් වික්‍රමසිංහ 5%කිනුත්, සජිත් 5%කිනුත් ඉදිරියට යද්දී අනුරගේ ඡන්ද ප්‍රතිශතයේ 9%ක කඩා වැටීමක් පෙනෙන්නට ඇති බවයි. 

පහත තිබෙන්නේ ජූනි මාසය හා අදාළ ඇස්තමේන්තු.

සජිත් ප්‍රේමදාස - 43%

අනුර කුමාර දිසානායක - 30%

රනිල් වික්‍රමසිංහ - 20%

පොහොට්ටු අපේක්ෂකයා - 7%

මේ අනුව, අනුර කුමාර දිසානායකගේ ඡන්ද ප්‍රතිශතයෙහි විශාල කඩාවැටීමක් සිදු වෙද්දී සජිත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායකට සාපේක්ෂ 13%ක පරතරයක් පවත්වා ගනිමින් සිටිනවා. මෙම ප්‍රතිඵලය මහ මැතිවරණය හා අදාළ ඡන්දදායක අපේක්ෂා සමඟ ගැලපෙනවා. සජිත්ගේ හා අනුරගේ ප්‍රතිශත සජබ හා මාලිමා ප්‍රතිශත වලට සාපේක්ෂව පිළිවෙලින් 5%කින් හා 4%කින් ඉදිරියෙන් තිබෙනවා. රනිල්ගේ ප්‍රතිශතය තිබෙන්නේ එජාප ප්‍රතිශතයට වඩා 13%ක් ඉදිරියෙන්. එයින් පෙනෙන්නේ පොහොට්ටු ඡන්ද වලින් බාගයකට වැඩි කොටසක් හා සුළු ජාතික ඡන්ද සැලකිය යුතු ප්‍රමාණයක් රනිල් විසින් ආකර්ශනය කර ගෙන ඇති බවයි.

මේ ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට හා රනිල් වික්‍රමසිංහගේ අපේක්ෂකත්වය පිළිබඳව දැනුම් දෙනු ලැබීමට පෙර පැවති තත්ත්වයයි. මේ අනුව පෙනී යන්නේ ජනාධිපතිවරණ තරඟය ඉතා වේගයෙන් රනිල් හා සජිත් අතර තරඟයක් බවට පත් වෙමින් ඇති ආකාරයයි. පොහොට්ටුවේ අපේක්ෂකයා එළියට පැමිණීමෙන් පසුව මේ තත්ත්වයේ තවත් හැරවුමක් සිදු විය හැකියි. 

6 comments:

  1. හයියෝ අර හදපු කැබිනෙට්ටුවට මොකද වෙන්නෙ?? පරණ වයින් බෝතල් දාලා තියන්න තමා වෙන්නෙ....

    ReplyDelete
  2. ඉකොනොමැට්ටා ➡️ ටොයිංමැට්ටා

    ReplyDelete
  3. රනිල් වික්‍රමසිංහට ඔය කියන තරමට තරුණ පරපුර අතර කිසිම ආකාරයක පැහැදීමක් නෑ නේද? ඇත්තටම ඉකොනෝ ඔබ මොකද හිතන්නේ ලංකාවේ බහුතර රජයේ විශ්ව විද්‍යාල වලින් පිටවී රැකියා විරහිතව සිටින ලක්ෂ භාගයකටත් වැඩි උපාධිධාරීන් ගැන? පහුගිය වසර දහය තුල විශේෂයෙන්ම කලා උපාධිධාරීන් ඇතුලු වාණිජ සහ ඇතැම්විට විද්‍යා අංශවල පවා උපාධිය අරගෙන රැකියා නොමැතිව ගෙදරට නාකිවන අය වගේම දැනට රජයේ රැකියා නොමැතිකමින් පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් සහ වරප්‍රසාද අහිමි ඉතාම අසාර්ථක රැකියාවල් ඇතත් ඒ වෙනුවට ඉතාම ඉක්මනින්ම ගුරු පත්වීම් ඇතුලු රජයේ උපාධි පත්වීම් ආදිය බලාපොරොත්තුවෙන් දැනට අතෘප්තිකර ලෙස පෞද්ගලික අංශයේ කඹුරන උපාධිධාරීන් ජාතික ජන බලවේගය මාලිමාවට වගේම සජබ සජිත් ප්‍රේමදාස මහතාගෙනුත් මේ පිළිබඳව විසඳුම් බලාපොරොත්තු වෙනවා.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ සහතික කොට ප්‍රතිඥාවක්
    දීලා තමන් ජනාධිපති වුනහම රැකියා විරහිත උපාධිධාරීන් 50,000 කට අනිවාර්යයෙන්ම රජයේ ආයතනවල පත්වීම් ක්ෂණිකව ලබාදී මේ ගැටළුව සම්පූර්ණයෙන්ම විසදනවා කියලා.

    ඊට පෙර ජවිපෙ සම්බන්ධ වෙලා හදපු එක්සත් ජනතා නිදහස් සන්ධානයට 2005 වෙද්දී ලංකාවේ හිටපු රැකියා විරහිත උපාධිධාරීන් 60,000කට වඩා වැඩි විශාල පිරිසකට ජවිපෙ දේශපාලන බලපෑම මත 2014 වෙනකොට ජනාධිපති ලෙස මහින්ද රාජපක්ෂට බැසිල් හරහා ලංකාවේ රැකියා විරහිත උපාධිධාරී කියන අගය 0 ටම ගෙනැවිත් තියන්න සිදුවුණා. එහි සියලුම ගෞරවය සම්පූර්ණයෙන්ම හිමිවිය යුත්තේ ජවිපෙටයි.

    එදා මොනවා වුනත් ආර්ථික සංවර්ධන නිළධාරී තනතුර ඇතිකර ගම්වල ඇට බෙදන්න කියපු තනතුරට හරි පින්බත් කකා ගෙදරට නාකිවුණ උපාධිධාරියා රාජ්‍ය සේවයට අනුයුක්ත කරලා රජයේ රස්සාව දුන්නා.

    නමුත් රනිල් වික්‍රමසිංහ අගමැතිකම දරපු යහපාලන රජය කාලේ සහ ඒ වගේම මෝඩ අදහස් තිබුණ කලා කරලා වැඩක් නෑ කියලා උපාධිධාරීන්ට මූණටම කියපු තකතීරු නන්දසේන ජනාධිපතිලාගේ පාලනය යටතේ 2015 - 24 වෙනකොට නැවත 50,000කට වඩා වැඩි රැකියා විරහිත රජයේ සරසවිවල උපාධිධාරීන් පිරිසක් ඇතිවෙලා තියනවා.

    හැබැයි රජයට ගන්න ආර්ථික හැකියාවක් නෑ. ඒකාලේ ඇට බෙදන්න හරි ජවිපෙ බලපෑම මත ආර්ථික සංවර්ධන නිළධාරී කියලා තනතුරක් හදලා මහින්දගේ රජයට උපාධිධාරීන් ගන්න පුළුවන් වුණේ 2005 සිට 2014 දක්වා රජයට එවැනි බරක් දරන්න තරමට ආර්ථික හැකියාවක් පැවතුන හංදා.

    මහින්ද ජරාපස්ස රජය යටතේ පවා ජවිපෙට හැකියාවක් තිබුණා ක්‍රමානුකූලව ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ රජයේ උපාධියක් තිබ්බත් අන්තිමටවත් පෞද්ගලික අංශයට කෙසේවත් රැකියාවට නොගන්න පිරිස රාජ්‍ය සේවයට ක්‍රමානුකූලව ඇතුලත් කරගෙන උපාධිධාරියා පාරේ කෑකෝ ගහගෙන රටටම වදයක් වෙන බෝඩ්ලෑලි උස්සගෙන සිටින තත්වය ජවිපෙ විසින් අවසාන කරලත් තිබ්බා.

    හැබැයි ඒ රිදම් එක රජයට නැති වුනේ තුන්වෙනි පාර මහින්ද ජනාධිපති වෙන්න බලලෝභීව දඟලපු වෙලේ ඒක පරාජය කිරීමට ජනතාව එකතු වුණාම මෝඩ මෛත්‍රීපාල ගමරාලයා ඉස්සරහට දාලා ඇමරිකාව ඉන්දියාව එක්ක ඩීල් දාපු රනිල් වික්‍රමසිංහ ගහපු ගේම හංදාම තමයි.

    එදා ඉදලා අපට කවදාවත් ලංකාව විදාහට 7% කට ආසන්න ආර්ථික වර්ධනයක් ගන්න ලැබුනේ නෑ

    ඒ හංදා අද ඇට බෙදන්න වත් රස්සා දියව් කීවට උපාධිධාරීන් බදවා ගෙන රැකියා විරහිත උපාධීධාරීන්,කියන මාතෘකාව රටෙන් ඉවත් කරන්න රජයට පුළුවන් වුනෙත් නෑ. ඉස්සරහට පුළුවන් වේවි ද? මගේ මතය වර්තමාන රජයට නම් ඒක කවදාවත්ම බෑ කියන එකයි (මුරලි), ඒක තමයි රනිල්ලා ලංකාවට කරලා තියෙන මහා පරිමාණ විනාශයේ තරම...! නමුත් මෙවර ජාතික ජන බලවේගය මාලිමාවට බලය ලබා දුන්නොත් ඔවුන්ට ලංකාව පුරාම නිෂ්පාදන කර්මාන්ත ශාලාව ඉදිකිරීම ආරම්භ කර රටේ ගොඩනගන නිෂ්පාදන ආර්ථිකය මගින් ලෙහෙසියෙන්ම නිෂ්පාදන බෙදාහරින අලෙවි කරන විවිධ රාජ්‍ය සංස්ථා මණ්ඩල වල රැකියා පණස්දාහ නොව ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට රැකියා නිර්මාණය වනු ඇත.

    සජිත් ප්‍රේමදාස මහතා ද විදේශීය රටවල බහුල කෝටිපති දානපතියන්ගෙන් ආධාර ලබාගෙන රජයේ ආයතනවල සේවය තවත් පුළුල් කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් සහතිකය. මේ නිසාම ලංකාවේ සිටින බහුතර උගත් තරුණ පරපුර මෙවර ජනාධිපතිවරණයේදී තම පලමු මනාපය මාලිමාවට ලබාදීමත් දෙවැන්න සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමත් මේ හැර වෙන කිසිම කෙනෙකුට ඡන්ද ලබා නොදීමටත් දැඩි ලෙස ඉටාගත යුතුය.

    ReplyDelete
    Replies
    1. //රජයේ උපාධි පත්වීම් ආදිය බලාපොරොත්තුවෙන් දැනට අතෘප්තිකර ලෙස පෞද්ගලික අංශයේ කඹුරන උපාධිධාරීන්//
      හ්ම්..... ආණ්ඩුවෙ අයිස් ගහන, පිංපඩිම රස්සාම තමයි බලාපොරොත්තුව. රටේ ඉන්නෙ මහජනතාවත් හොරු, පිංබතාලා. එහෙම රටක මිනිසුන්ගෙ හැටියට තමා නායකයොත් බිහි වෙන්නෙ. හැම එකාටම ඕනෙ අඩුවෙන්ම වැඩ කරලා, වැඩියෙන්ම පඩි, වරප්‍රසාද සහ නිවාඩු අරගන්න. ලැබෙන වැටුපට සරිලන සාධාරණ සේවයක් කරන්න නෙමෙයි, "ගේමක්" ගහලා ගොඩ යන්න. ඉතිං රට දියුණු වෙයිද?

      Delete
  4. ඔච්චර තටමන්න දෙයක් නෑ ඉකොනො.
    රනිල දිනේවා කියල කෙලින්ම කියන්න

    ReplyDelete
  5. //විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ සහතික කොට ප්‍රතිඥාවක්
    දීලා තමන් ජනාධිපති වුනහම රැකියා විරහිත උපාධිධාරීන් 50,000 කට අනිවාර්යයෙන්ම රජයේ ආයතනවල පත්වීම් ක්ෂණිකව ලබාදී මේ ගැටළුව සම්පූර්ණයෙන්ම විසදනවා කියලා.//
    (තාත්තත් ඔය වගේම මොට්ට වැඩක් කළා සමුර්ද්ධිලාභීන්ට ගුරු පත්වීම් දීල...)

    රැකියා ඉපදවෙන විදිහට රට හැදුම
    උත්පාදනය පිළිවෙත් සහිතව කෙරුම
    උරුමයි රජයකට - එනමුත් මේ කරුම
    රටේ කෙරෙන්නෙම තකතිරු වැඩ නරුම

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: