වෙබ් ලිපිනය:

Wednesday, August 14, 2024

දේශපාලකයන්ගේ වත්කම් හොයා ගන්න පහසු ක්‍රමයක්!


ජනාධිපතිවරණයට පෙර, මෙවර ජනාධිපති ධුරයට තරඟ වදින රනිල් වික්‍රමසිංහගේ, සජිත් ප්‍රේමදාසගේ, අනුර කුමාර දිසානායකගේ, නාමල් රාජපක්ෂගේ, විජයදාස රාජපක්ෂගේ හෝ සරත් ෆොන්සේකාගේ වත්කම් මොනවාද කියා දැන ගන්න අවශ්‍යද? එහෙමත් නැත්නම් මහින්ද රාජපක්ෂ, ධම්මික පෙරේරා වැනි අයෙකුගේ වත්කම් ගැන දැනගන්න අවශ්‍යද?

මේ වැඩේ දැන් ඉතාම පහසුයි. ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැනි මහජන නියෝජිතයින්ගේ වගේම අග විනිසුරු, මහ බැංකු අධිපති, තානාපතිවරුන්, ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින්, ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් වැනි රජයේ ඉහළ තනතුරු දරන්නන්ගේ වත්කම් පිළිබඳ තොරතුරු දැන් ඔබට එකම තැනකින් පහසුවෙන් බලා ගන්න පුළුවන්.

මීට පෙරද මේ තොරතුරු ලබා ගත හැකි වුවත්, ඒ සඳහා තොරතුරු දැනගැනීමේ පණත යටතේ ඉල්ලීමක් කළ යුතු වුනා. දැන් එසේ කරන්නට අවශ්‍ය නැහැ. මෙම තොරතුරු අඩංගු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වෙබ් අඩවියට ගොස් ඔබගේ අනන්‍යතාව තහවුරු කළ හැකි තොරතුරු ඇතුළත් කිරීමෙන් පසුව මේ තොරතුරු පහසුවෙන්ම බලා ගන්න පුළුවන්. මෙය ශ්‍රී ලංකා රජය පාරදෘශ්‍යතාවය දිශාවට තබා තිබෙන දැවැන්ත පියවරක්.

ශ්‍රී ලංකා රජයේ පාරදෘශ්‍යතාවය මේ තරමටම දියුණු වී තිබෙන්නේ 2023 දූෂණ විරෝධී පණතේ ප්‍රතිපාදන අනුවයි. ඒ අනුව, මෙය අරගලයේ සෘජු ප්‍රතිඵලයක් ලෙසද හැඳින්විය හැකියි. 

ඉහත සඳහන් තොරතුරු බලා ගැනීම සඳහා පහත වෙබ් අඩවියට යන්න. 

https://ads.ciaboc.lk/



2 comments:

  1. අධි වේගයෙන් පිමි පනිනා යුගයක්ය
    තාක්ෂණික මෙවලම් අද හැම තැනය
    එහෙමත් තියෙද්දී සිරිලක හොරු වැඩිය
    උන් එලවන දිනය වැඩි ඈතක නෙවෙය

    ReplyDelete
    Replies
    1. හොරු එලවන්න 😅🤣😂

      සභාවේ තදින් සිනා 🤣😂😅

      සහෝදරවරුනි, සහෝදරියනි, ඔබ සැම දන්නවා, පසුගිය වසර හැත්තෑ හයක කාලයක් තිස්සේ දුෂණයෙන් සහ භීෂණයෙන් රාජ්‍යය කරමින් එක්සත් ජාතික පක්‍ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඔවුන් සමග විවිධ අවස්ථාවල සංධාන ගතවූ ජවිපෙ ඇතුලු කුඩා දේශපාලන පක්ෂත් මාරුවෙන් මාරුවට වරින්වර පත්වෙමින් නොකඩවාම ලංකාව නමැති රට එකදිගට රට කාගෙන, කාගෙන, කාගෙන යමින් සිටින බව.

      ඒ අතර අද එම ලොකු පක්‍ෂ වල නායකත්වය දරන හොරගොල්ල කොල්ලුපිටිය සහ මැදමුලන යන වලව් තුනටම වරින් වර කඹුරමින් රෙදි නැතුව කඩේ ගිය අනුර කුමාර දිසානායක නමැති කයිවාරුකාරයාගේ නායකත්වය යටතේ පවතින ජාතික ජන බලවේගය නමැති අලුත් නමකින් පැමිණ සිටින ජාජබ මාලිමාව නමැති ජවිපෙ
      කියන කල්ලියත් ඇවිල්ලා මේ ඡන්දේ දී ඔබෙන් ඡන්දය ඉල්ලනවා හොරු අල්ලන්න අපට බලය දෙන්නකියලා. 😅🤣😂

      නමුත් සහෝදරවරුනි, සහෝදරියනි, ඒ මොකටද දන්නවද ඔවුන් අද ඔබේ ඡන්දය ඉල්ලන්නේ?

      ඇත්තටම ඒ අර එක්සත් ජාතික පක්‍ෂය සහ නිදහස් පක්ෂය යන ප්‍රධාන පක්‍ෂ දෙක විසින් රට කාගෙන, කාගෙන, කාගෙන ගිහින් නතර කරන තැන ඉඳලා අපිටත් කාගෙන, කාගෙන, කාගෙන යන්න අවස්ථාවක් දෙන්න කියලායි අද ඔවුන් ඡන්දේ ඉල්ලන්නේ.

      මීට පෙර වතාවලදීද රටේ බහුතරයක ගේ තිබුණේ වෙනත් අදහස්. අවසානයේ එජාපය නැවැත්වූ තැන සිට රට කරගෙන යාමට ශ්‍රීලනිපයට බාරවුණ සෑම විටකම සිදුවූයේ කුමක් දැයි අපි හොඳින් දනිමු. රට කාගෙන, කාගෙන, කාගෙන යාමේ රිලේ තරගය නොකඩවා ඇදී යාම පමණකි.

      අද නැවතත් අප එළැඹී ඇත්තේ ද, ඒ ආකාරයේ ම තවත් එක් සන්ධිස්ථානයකටයි.

      මෙවර ද බැටන් එක අතකින් තව අතකට මාරුවූව ද, රට කාගෙන, කාගෙන, කාගෙන යන රිලේ එක නොනවැතී ඉදිරියට යනු 100% ක් නොව 100,000 % නිසැක බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: