වෙබ් ලිපිනය:

Thursday, August 22, 2024

නන්දලාල් වීරසිංහ හොඳම මහ බැංකු අධිපතිවරුන් අතරට!


ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාවේ අළුත්ම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ හොඳම ලෝකයේ හොඳම මහ බැංකු අධිපතිවරුන් 10 දෙනා අතරට එක් වී තිබෙනවා. A+ ශ්‍රේණිගත කිරීමක් සමඟ ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ ඉන්දියාවේ, ඩෙන්මාර්කයේ හා ස්ව්ට්සර්ලන්තයේ මහ බැංකු අධිපතිවරුන් තිදෙනායි. ඉන් පසුව, නන්දලාල් වීරසිංහ ඇතුළු මහ බැංකු අධිපතිවරුන් 7 දෙනෙකු A ශ්‍රේණිගත කිරීම් හිමිකරගෙන තිබෙනවා. එම කාණ්ඩයට අයත් අනෙකුත් රටවල් වන්නේ බ්‍රසීලය, චිලී, මුරුසිය, මොරොක්කෝව, දකුණු අප්‍රිකාව හා වියට්නාමයයි. ඇමරිකාව, කැනඩාව, යුරෝපීය සංගමය, ස්වීඩනය හා නෝර්වේ ඇතුළු තවත් රටවල් 15ක මහ බැංකු අධිපතිවරුන්ට A- මට්ටම හිමි වී තිබෙනවා. 

11 comments:

  1. ඉකෝන්, ඔබ මහ බැංකුවේ සේවය කරන කාලයෙත් නන්ලාල් වීරසිංහ එහි සේවය කලාද?

    ReplyDelete
  2. අයියෝ ඔව්ව නම් මොනා ද අර රවී කරුණානායක වගේ ආර්ථික විද්‍යාව ගැන මෙලෝ හසරක් නොදන්නා රටේ වැඩි අධ්‍යාපනයක් නැති සාමාන්‍ය ජනතාව තරමට වත් සාමාන්‍ය දැනුම වත් නැති අමු මැටි ජෝකර් කෙනෙක් ලෝකයේ හොඳම මුදල් ඇමති කියලා තේරුවේත් ඔය වගේ විහිළු සහගත ආයතනයකින් තමයි.

    ඔය බයිලා වෙනුවට අර ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක සහෝදරයා පැහැදිලිව ඉදිරිපත් කරන විශිෂ්ට ආර්ථික සංවර්ධන වැඩසටහන යටතේ දැනට ඇති වැට් බදු ඇතුලු බදු අඩු කර රාජ්‍ය ආදායම් වැඩකරන ප්‍රායෝගික ක්‍රියාකාරකම් ගැන ඉකොනොමැට්ටාලට උත්තර නැති නිසයි මේ වගේ බොරු පුරාජේරු ගහන්නේ. සැප් 22 න් පසු පත්වන නව මාලිමාවේ රජය මගින් ඔය රනිල්ලාගේ ගොට්ටන් වෙච්ච නන්දලාල් වගේ තමන්ගේ වැටුප තමන්ම වැඩිකරගත්තු දූෂිත අය ඉවත්කරලා රටට අවංකව ආදරය කරන රට දියුණු කරන ආචාර්ය අනිල් ජයන්ත වගේ දක්ෂ අයව පත් කර රටට ඉසුරුමත් අනාගතයක් උදා කරන බව අපි සහතික කොට ප්‍රකාශ කරනවා.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. කරන්ට් අකෞන්ට් ඩිෆිසිට් එක කියන්නෙ ආන්ඩුවෙ අයවැය සම්බන්ද එකක්ද? රටේ ඩොලර් වියදම හා ආදායමේ වෙනස නෙමෙයිද?

    ReplyDelete
    Replies
    1. රජයේ අයවැය සම්බන්ධ එකකුත් තියෙනවා.

      Delete
  5. ග්ලෝබල් වුණත් විකිණෙනවද අපේ වගේ?

    ReplyDelete
    Replies
    1. එපා කිසිවිට උඩගු වන්නට-එයින් යහපත නැසෙනවා
      එපා කිසිවිට කෝප වන්නට-ඔබේ හොද ගති මැකෙනවා
      එපා කෙනෙකුට දුකක් දෙන්නට-එයින් හදවත රිදෙනවා
      එපා ආශා පොදි බදින්නට-මැරෙනවා අපි මැරෙනවා..

      මේ කවිය යොදාගෙන
      අන්තිම පදය
      එපා අනුරට චන්දෙ දෙන්නට මැරෙනවා අපි මැරෙනවා
      වන විදියට කවියක් හදාගන්න අවශ්‍යයි

      ඉතිරි පද 3 හදලා දෙන්න පුලුවන්ද?

      Delete
    2. @ ජගා

      එපා කාටත් කඩේ යන්නට - උනුත් උඹටම අරිනවා

      උන් නිසා ඇයි මරාගන්නේ - නිකම් මිතුරන් මැරෙනවා

      පක්ෂ හින්දා වලිදමාගෙන - බොලා බොරුවට නැහෙනවා

      සජිත් අනුරලා රාජපක්ෂලා - රනිල් තොපිටම කෙළිනවා

      මේක හොඳද?

      Delete
    3. එදා ඉඳලම වරද්දාගෙන නිසා අපි පව් ගෙවනවා
      දෙපිල බෙදිලයි අපට කෙළියේ දැනුත් එහෙමයි පේනවා
      එහෙම වෙද්දී විහිලු හොඳ නෑ! රැල්ල උඩටම නැඟෙනවා
      රටම අනුරට! ඔබේ ඡන්දෙත් එයාටම දෙයි හිතනවා

      Delete
    4. අනුර කියලා කිරන්නෙත් උන්ගෙන්ම එකෙක් තමයි, ඕකුන් ඔක්කොම එකම රෑනේ කුරුල්ලෝ, එකම හොර රැලක වෙනස් මුහුණුවර විතරයි

      Delete
  6. ඔය බොරු සෝබන සම්මාන නම් තේරුමක් නැති දේවල් ඉකොනෝ, හරියට Monkey praises his own tail වගේ කතන්දරනේ, ඔය සම්මාන වලින් කිසිම වැඩක් නෑනේ රටේ අතිබහුතර ජනතාව මහ බැංකුවේ පෆෝමන්ස් ගැන පොඩ්ඩක්වත් තෘප්තිමත් නැත්නම්.

    ලංකාවේ දැනට පවතින ආර්ථික වැඩපිළිවෙල ගැන බහුතර ලාංකික ජනතාව දැඩි ලෙස අප්‍රසාදය පළකර සිටින අතර මෙවර ජනාධිපතිවරණයෙන් දැනට සිටින ජනපතිව පන්නා දැමිය යුතු බවට බහුතරය විශ්වාස කරන අතර ඡන්දය දමන අයට දැනට තියෙන ඔප්ෂන් දෙක අනුර සහ සජිත්, මෙයින් සජිත් ප්‍රේමදාස වගේ මොළේ කළඳක් නැති ජෝකරයෙක් ගැන කතා කරලා කාලය නාස්ති නොකර අපි අනුර කුමාර දිසානායක සහෝදරයාගේ වැඩපිළිවෙල ගැන සාකච්ඡා කළ යුතුයි

    මෙවර අපේක්ෂකයන් අතරින් ඉතිහාසය ගත්තම අනුරටත් වැරදුනු තැන් සෑහෙන වැඩියි, ඇතැම් ඒවා මාරාන්තිකයි. නමුත් වැඩියෙන්ම වැරදි හදාගත්ත කෙනාත් එයා. කණ්ඩායම් හැඟීමත් වැඩිම එයාගේ. තමාට පෙර රට කියන හැඟීම එයාගේ කණ්ඩායමේ වැඩි බවයි පේන්නේ. එයාලට දූෂණ චෝදනාත් අඩුයි!

    අපට ඇති ගැටලුව මාලිමාවත් තාම හරි හමන් ආර්ථික සංවර්ධන ප්‍රතිපත්තියක් එළි නොදැක්වීමයි. ආණ්ඩුවෙන් රටේ ආර්ථිකයට බලපාන ඒකාධිකාරී ව්‍යාපාර කරන එක, රාජ්‍ය සේවය මූලික ආර්ථික මූලධර්ම වලින් ගොඩයා හැකි බවයි ඔවුන් සිතන්නේ.

    ගෝලීය ආර්ථිකයක් තුළ, දේශීය රස කතාවලට මුවාවෙලා, සිල්ලර පොරොන්දු සහ මේසැරේ මෙයාට දීලා බලමු වගේ සංකල්ප මත, පැහැදිලි ලිඛිත ප්‍රතිපත්ති නොමැතිව කොන්දේසි විරහිතව ඡන්දෙ දෙන බහුතරය ලංකාවට කළේ විනාශයක්.

    වැඩක් කළ හැකි දේශපාලකයන්වත් නරක් කළේ සහ කරන්නේ මේ අවස්ථාවාදී ගොබ්බ මානසිකත්ව තියෙන අන්තේවාසිකයන් සහ ඡන්දදායකයන්!

    මොකද මෙවර ජයගැනීමට ඉඩ තිබෙන ජාජබ ජවිපෙ මාලිමා ආර්ථික වැඩපිළිවෙල තමයි වැඩියෙන්ම ප්‍රශ්න කරන්න ඕනෙ දේ. GDP එකට සාපේක්ශව රාජ්‍ය ආදයම් තවතවත් ඉහළ නංවන්නනම් බදු ආදයම් තවත් ඉහළ නංවගන්නම වෙනවා. ඒක කොහොමද කරන්නෙ කියන එක ලොකු අභියෝගයක්. දැනටත් රුපියල් ලක්ෂයට වඩා වැටුප් ලබන රැකියාවක් කරන කෙනෙක්ගෙන් ආදායම් බදු එකතු කරනවා. දැන් ඔය බදු දැල තවත් පුළුල් කරනවනම් දැනට ආදයම් බදු නොගෙවන සාමන්‍ය ජනතාවත් ඕකට අහු වෙන්න ඕනෙ. උදාහරණයකට අද කාලෙ ත්‍රීවිල් රථ රියදුරන් අනිවාර්‍යෙන්ම අඩුම රුපියල් ලක්ශෙට වඩා හොයනවා. නමුත් බදු ගෙවන්නෙ නෑනෙ. ඉතින් මොකක්හරි ක්‍රමයක් ගෙනත් ඕක ක්‍රියාත්මක කරන්න ගියොත් මුලින්ම එරෙහි වෙන්නෙ ඔන්න ඔය පිරිස. මොකද කොයි කවුරුත් එක එක රැලිවලට කඩේ ගියාට තමන්ගෙන් ගාන කැපෙද්දි කුපිත වෙලා බනින්න අරගල කරන්න ගන්නවා.

    මම දන්න විදිහට දැන්නම් සුරාබදු නියමිත විදිහට ගෙවනවා. මේ වසරෙ මුල් කාර්තු දෙකේ සුරාබදු නියමිත ගණනට එකතු කරලා තියෙන්නෙ. ගැටලුව තිබ්බෙ ගිය වසරෙ ගෙවන්න තිබ්බ බදු මුදල් පැහර හැරීම. දැන් ඒකත් පියවගන්න අවශ්‍ය පියවර ගැන කෝප් කමිටු වාර්තා වල දැක්කා.
    හැබයි තාමත් මිනිස්සු හිතන් ඉන්නෙ සමාගම් වලට තවතවත් බදු පටවන්න පුලුවන් කියලා. දැනටත් cooperate tax එක 30% කට වැඩියි. තවත්නම් වැඩි කරන්න පුලුවන්කමක් නෑ නේද?

    නමුත් ජවිපෙ ජාතික ජන බලවේගය කියන විදියට සියලුම ආහාර ද්‍රව්‍ය/ සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රවලට වැට් බද්ද 18% සිට 0% දක්වා සම්පූර්ණයෙන්ම ඉවත් කර PAYE බදු ලක්ෂ එකේ සීමාව ලක්ෂ දෙක දක්වාම ඉහළ නංවා අඩු ආදායම්ලාභී පවුලකට රුපියල් 10,000 සිට ඉහළට දීමනාවක් ගෙවලා රජයේ ගුරුවරුන්ට ඉහළම වැටුප් ගෙවන බව කියලා තවත් උපාධිධාරීන් 20,000කට රජයේ ගුරුපත්වීම් දෙන බව මාලිමාව පොරොන්දු වෙලා තියෙනවා

    තවත් විද්‍යා තාක්ෂණ නොවන උපාධිධාරීන් 12,000 කුත් බඳවා ගන්නා බවත් ඊටත් අමතරව තවත් දේශීය ආදායම්, රේගුව, විදේශ සේවා සහ සංචාරක ක්ෂේත්‍රවල රැකියා 3,000ක් බඳවාගන්නා බවත් ජාතික ජන බලවේගය මාලිමාව ප්‍රකාශ කරලා තියෙනවා

    ගුරු විදුහල්පති වැටුප් විෂමතාව වෙනස් කරන්න විශාල මුදලක් වැය කිරීමට සිදුවන අතර ඒවා හොයාගන්න බදු වැඩි කරන්නේ කොහොමද?

    අපනයන ආදායම පිළිබඳව මාලිමාවේ ආචාර්ය හරිනි අමරසූරියගේ මේ ප්‍රකාශය පිළිබඳව ඔබේ අදහස මොකක්ද?

    https://www.facebook.com/100068777900836/videos/1161929088351019/?mibextid=rS40aB7S9Ucbxw6v

    අනුර කුමාර දිසානායක ඉදිරිපත් කරපු "රට අනුරට - පොහොසත් රටක් ලස්සන ජීවිතයක් - බිඳවැටුන මවුබිම ගොඩනගන විසඳුම" කියන ජාජබ ආර්ථික පොරොන්දු පත්‍රිකාව පිළිබඳව වැඩිදුර විස්තර ඊළඟ පෝස්ට් එකකින් පැහැදිලි කරන්න පුළුවන්ද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: