පසුගිය ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත වල ඩොලර් මිලියන 473ක විශාල වර්ධනයක් සිදු වී ඇති අතර ඒ අනුව ඔක්තෝබර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,467 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය වසර පසුගිය වසර හතරක කාලය තුළ වාර්තා වූ ඉහළම අගයයි. ජනාධිපතිවරණයට පෙර පැවති අවිනිශ්චිතතාවය හමුවේ රඳවා ගෙන සිටි විදේශ විණිමයද ඉන් පසු මාසයේදී වෙළඳපොළට පැමිණියා විය හැකියි.
ඔක්තෝබර් මාසය තුළ ඩොලරයක මැදි මිල රුපියල් 299.36 සිට රුපියල් 293.72 දක්වා පහත වැටුනා. එසේ පහත වැටුණේ මහ බැංකුව විසින් මෙපමණ විදේශ විණිමය ප්‍රමාණයක් මිල දී ගෙන තිබියදීයි.
ඩොලරයක් රුපියල් 294ක් සේ සැලකුවද ඩොලර් මිලියන 473ක් මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 139 ඉක්මවන මුදලක් අවශ්‍ය වෙනවා. මහ බැංකුව විසින් එවැනි මුදලක් වැය කරනවා යන්නෙන් අදහස් වෙන්නේ සංචිත මුදල් සැපයුම එපමණකින් වැඩි වන බවයි. එනම් එපමණ සල්ලි අච්චු ගැසීමක් සිදු වන වන බවයි. එය එසේ නොවන්නටනම් එම රුපියල් ප්‍රමාණය වෙනත් ක්‍රමයකින් නැවත එකතු කරගත යුතුයි.
සැප්තැම්බර් මාසය අවසානයේදී සංචිත මුදල් සැපයුම රුපියල් බිලියන 1,523.6ක්ව පැවතුණා. ඔක්තෝබර් 30 දින වන විට සංචිත මුදල් සැපයුම රුපියල් බිලියන 1,474.6 දක්වා රුපියල් බිලියන 49.0කින් අඩු වී තිබුණා. ඒ අනුව පෙනී යන්නේ විදේශ සංචිත මිල දී ගැනීම සඳහා වැය කළ මුදලටද වඩා වැඩි මුදලක් මහ බැංකුව විසින් විවට වෙළඳපොළ කටයුතු වැනි අනෙකුත් ක්‍රම මගින් වෙළඳපොළෙන් එකතු කරගෙන ඇති බවයි. විවට වෙළඳපොළ කටයුතු මහ බැංකුවක් විසින් වෙළඳපොළට මුදල් නිකුත් කරන හා වෙළඳපොළෙන් මුදල් නැවත එකතු කරගන්නා ප්‍රධානම ක්‍රමයයි.
@ ඉකොනොමැට්ටා
ReplyDeleteඇත්තටම වාණිජ්‍ය ගිණුම් ආර්ථික විද්‍යාව වැනි විෂයයන් හදාරා නොමැති අපට සමහර තාක්ෂණික වචන සහ professional jargon පිළිබඳව වැඩිදුර පැහැදිලිව ලියන්න පුළුවන්ද?
උදාහරණ විදිහට "විවට වෙළඳපොල" (Viwata Velandapola) යන වචනයේ අරුත තේරුම් ගැනීමට පැහැදිලි කිරීමක් අවශ්‍යයි. වචනාර්ථය අනුව නම් වෙළඳපොලක් (market) සඳහා භාවිතා කරන පදයක් වශයෙන් හෝ වෙනත් ආකාරයකින් භාවිතා විය හැකි අතර, "විවට" යන්නේ අරුත "විවෘත" (open) යන්නට සමාන විය හැක. එනම්, "විවට වෙළඳපොල" කියා අර්ථ දැක්වෙන්නේ විවෘත වෙළඳපොලක්, හෝ භාණ්ඩ, සේවාවන් සඳහා වෙළඳ දැක්මක්, අවකාශයක් වෙන්නැති.
නමුත් ඔබ මෙහි විස්තර කර ඇති පරිදි විවට වෙළෙඳපොළ කටයුතු රජයේ විවිධාකාර සුරැකුම්පත් ස්ථාවර හෝ තාවකාලික පදනම යටතේ මිලදී ගැනීමේ සහ විකිණීමේ වෙන්දේසි කරන තැනක් බවට අනුමාන කරන්න පුළුවන්. ඒ අනුව, විවට වෙළඳපොළ කටයුතු ලෙස රටක බැංකු පද්ධතියේ ද්‍රවශීලතාවයේ ඇති වන ලික්විඩිටි අසමතුලිතතාවන් කළමනාකරණය කිරීම සඳහා ප්‍රධාන වශයෙන් කෙටි කාලීනව සිදු කරනු ලබන ඔපරේෂන්ස් ලෙස සිතිය හැකියි. මේ පිළිබඳව වැඩිදුර විස්තර පැහැදිලි කරන්න පුළුවන්ද?