වෙබ් ලිපිනය:

Tuesday, April 8, 2025

සංගණන ප්‍රතිඵල සහ ඒක පුද්ගල ආදායම


පසුගිය වසර අවසානයේදී පැවති ජන හා නිවාස සංගණනයේ ප්රතිඵල අනුව 2024 දෙසැම්බර් 19 දිනය උදා වන මොහොතේ (එනම් 2024 දෙසැම්බර් 18 මධ්‍යම රාත්‍රිය පසු වූ මොහොතේ) ලංකාවේ ජනගහණය  21,763,170ක් ලෙස ගණනය කර තිබෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි සංගණනයක් පවත්වන්නේ වසර 10කට පමණ කාලාන්තරයකට පසුවයි. මීට පෙර මෙවැනි සංගණනයක් පැවැත්වූයේ 2012 මාර්තු 20 දිනයි (2012 මාර්තු 19 මධ්‍යම රාත්‍රිය පසු වූ මොහොතේ). ඒ වන විට ලංකාවේ ජනගහණය 20,359,439ක්.

අන්තර් සංගණන වර්ෂ වලදී රටේ ජනගහණය ඇස්තමේන්තු කරන්නේ උපත් හා මරණ ලියාපදිංචි කිරීම් සහ ශුද්ධ විදේශගත වීම් සැලකිල්ලට ගනිමිනුයි. මේ අනුව, උපත් හා ආගමන ප්‍රමාණයෙන් මරණ හා විගමන ප්‍රමාණය අඩු කළ පසු ලැබෙන පිළිතුර ජනගහණයේ වෙනස සේ සැලකෙනවා. එහෙත් මෙම නිල සංඛ්‍යාලේඛණ සියයට සියයක්ම නිවැරදි නොවන නිසා වසර දහයක් පමණ ගොස් සංගණනයක් කළ විට දැන ගන්නට ලැබෙන රටේ සැබෑ ජනගහණයේ ප්‍රමාණය ඉහත ඇස්තමේන්තුවට හරියටම සමාන වන්නේ නැහැ.

සංගණන ප්‍රතිඵල නිකුත් වීමට පෙර සකස් කර තිබුණු ඇස්තමේන්තු අනුව 2024 වසර මැද ලංකාවේ ජනගහණය ආසන්නව 21,916,000ක්. එහෙත්, සංගණන ප්‍රතිඵල අනුව පෙනී යන්නේ ජනගහණය ඊට වඩා ලක්ෂ එක හමාරකින් පමණ අඩු බවයි. මෙය 0.7%ක පමණ අඩුවක්. ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4,516ක් සේ ගණනය කර තිබුණේ ජනගහණය 21,916,000ක් යන පදනම මතයි. රටේ ජනගහණය 21,763,170ක් සේ සැලකුවහොත්, ඒක පුද්ගල ආදායම ඩොලර් 4,548ක් පමණ විය යුතුයි. 

8 comments:

  1. ඉකොනෝ, කොටස් වෙළදපොල කඩා වැටීම ගැන අදහස මොකක්ද?

    මීට ඉහත ඉහලම කඩා වැටීම 2022 දී

    ReplyDelete
  2. තුන්වෙනි පේලියේ 2024

    ReplyDelete
  3. සංගණනයෙදි පුරවන්නට යැයි කියලා
    දුන්නු කාඩ් පත මගෙ ළඟ සිටියි බලා
    එය ගෙනියන්න නාවේ ඇයිදැයි කියලා
    තවම හිතමි- මාව නැහැනෙ count වෙලා

    ReplyDelete
    Replies
    1. ඒක තමයි එහෙනම් ලක්ෂ එකහමාරක් අඩු වෙලා තියෙන්නේ!

      Delete
  4. ලංකාවේ එක පුද්ගල අදායම සහ ජනගහන වර්දනය වඩාත්ම ඉහල ගියේ මහින්දගේ අවරුදු 10යේ කියල හුගක් අය දන්නේ නෑ වගේ ඉන්නේ ඇයි කියලා කියන්න

    ReplyDelete
  5. අනුර කුමාර පචයා

    ReplyDelete
  6. අන්න ඔයා කඩේ යන ට්‍රම්ප් පිස්සා tax එක දින 90 කල් දාලා. ඔයාට කීවේ නැද්ද :D

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: