වෙබ් ලිපිනය:

Wednesday, April 9, 2025

බිල්පත් වෙන්දේසිය මුළුමනින්ම අසාර්ථකයි!

 


අද (අප්‍රේල් 9) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියෙන් රජය විසින් මිල දී ගැනීමට සමත්ව තිබෙන්නේ රුපියල් බිලියන 3.75ක බිල්පත් ප්‍රමාණයක් පමණයි. වෙන්දේසියට රුපියල් බිලියන 80ක බිල්පත් ඉදිරිපත් කර තිබුණා. 

රඳවා ගැනීමේ බද්ද වැඩි කිරීම ඇතුළු කවර හෝ හේතු නිසා සති තුනක පමණ සිට පොලී අනුපාතික මත පීඩනය ඉහළ යමින් පැවති බව අප විසින් පෙර සටහනක පෙන්වා දුන්නා. ඇමරිකාව විසින් තීරු බදු වැඩි කිරීමෙන් පසුව ඇති වී තිබෙන අවිනිශ්චිතතාවය හමුවේ දැන් ඉහත තත්ත්වය ඔඩු දුවමින් තිබෙනවා.

පසුගිය වසර තුළ ආර්ථිකය ඉලක්ක මට්ටමට වඩා වර්ධනය වූ අතර උද්ධමනය ඉලක්ක මට්ටමට වඩා අඩු වුනා. එහෙත් පොලී අනුපාතික ඉලක්ක මට්ටමට අඩු නොවූ බැවින් ඉහත යහපත් වර්ධනයන් නිසා රටේ ණය තිරසාරත්වයට ඇති වූ සාධනීය බලපෑමෙන් සැලකිය යුතු කොටසක් නිශේධනය වී ඇති බව මූල්‍ය අරමුදල විසින් පෙන්වා දී තිබුණා.

ප්‍රාථමික අයවැය අතිරික්තය ඉලක්ක මට්ටමේ තබා ගත්තේ වුවද, පොලී අනුපාතික ඉලක්ක මට්ටමේ රඳවා ගත නොහැකිනම්, සමස්ත අයවැය හිඟය ඉලක්ක මට්ටම ඉක්මවා යාම හේතුවෙන් ණය තිරසාරත්වය අවදානමට ලක් වෙනවා. 

සිංහල අලුත් අවුරුද්දට පෙර මුදල් ඉල්ලුම ඉහළ යාමේ බලපෑමද මෙහි තිබෙනවා විය හැකි බැවින් ඇතැම් විට මේ තත්ත්වය සිංහල අවුරුදු සතියෙන් පසුව යහපත් අතට හැරෙන්නට පුළුවන්. ඒ වන විට තීරු බදු යුද්ධයද යම් සමතුලිතතාවයකට පැමිණ තිබිය හැකියි. ඉන් පසුවද මේ තත්ත්වයේ වෙනසක් සිදු නොවුවහොත් එය ප්‍රශ්නයක්. 

5 comments:

  1. හැමවිටම මෙවැනි වැදගත් කාලීන විශ්ලේෂනාත්මක ලිපි පල කරන ඔබට ස්තූතියි. ඔබගේ ලිපි මම මේ අඩවියට පැමිනීමට හේතුවයි.

    ReplyDelete
  2. ආර්ථික විද්‍යාව හා සම්බන්ධ බොහෝ තොරතුරු ඹබගේ ලිපි වලින් ඉගෙන ගත්තෙමි. බොහෝම ස්තූතියි!

    ReplyDelete
  3. ට්‍රම්ප්කාරය බදු අත් හිටෙව්ව නේද? ඌ මාර ඉන්සයි ට්‍රේඩින් ටිකක් කරගන්නව සෙකන්ඩ් ටර්ම් එකේදි.

    ReplyDelete
  4. //සිංහල අලුත් අවුරුද්දට පෙර මුදල් ඉල්ලුම ඉහළ යාමේ බලපෑමද මෙහි තිබෙනවා විය හැකි බැවින් ඇතැම් විට මේ තත්ත්වය සිංහල අවුරුදු සතියෙන් පසුව යහපත් අතට හැරෙන්නට පුළුවන්. ඒ වන විට තීරු බදු යුද්ධයද යම් සමතුලිතතාවයකට පැමිණ තිබිය හැකියි.//

    කළු වලාවකත් තියෙයිලු රිදී ඉරක්
    මෙහිදිත් සිද්ද වේවා ඒ වගේ දෙයක්!

    ReplyDelete
  5. ඇමරිකානු තීරුබදු කේස් එකට එක පැත්තකින් චීනය ඉතාම නිර්භීතව මුහුණ දුන්නා, අනෙක මෙක්සිකෝ ජනපතිනිය ලෝක නායකයන්ට ඉතාම ආකර්ශනීය සැර කතාවක් කරලා ලෝකයටම එක්සත් ජනපද විරෝධී ස්ථාවරයකට ගොනු කරගන්න හැකිවුණා, අනෙක මේ තීරු බදු පැනවීම කොටස් වෙළඳපොල වංචාවක් සිදුකරන්නට කරපු උප්පරවැට්ටියක් කියලත් බෝහෝ දෙනා කියනවා

    අනෙක ඉකොනෝ මේ තීරු බදු පැනවීම අත්හිටුවලා නෙවෙයි දින අනූවකට සාකච්ඡා කර තීරණයක් ගැනීමට චීනය හැර අනෙකුත් රටවල් වලට අවස්ථාව ක් පමණයි දීලා තියෙන්නේ.අදාල රටවල් තමන්ගේ යෝජනා සහ එකගතා ඉදිරිපත් කර ඊට අනුව තීන්දු ගැනීමේ සහන කාලයක් පමණයි ලබා දීමට ඇමරිකානු රජය තීරණය කර තියෙන්නේ. ඒ නිසා ලංකාවේ ආණ්ඩුව අනෙක් සියලුම දේශපාලන පක්‍ෂ වල සහයෝගය ලබාගෙන මේකට මුහුණදීමට ශක්තිමත්ව වැඩපිලිවෙලක් යොදාගන්න ඕනේ නමුත් එහෙම දෙයක් කරන්න තරමට පරිණත දේශපාලන දැක්මක් තියෙන අය ලංකාවේ නැනේ මාලිමා ආණ්ඩුව නම් තනිකරම කිසිම ආකාරයක ප්‍රායෝගික අවබෝධයක් නැති පිස්සෝ රැලක් නේ අනුර කුමාර නම් තනිකරම මොංගල් අපතයෙක්

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: