ශ්‍රීලන්කන් ගුවන් සේවය විසින් පසුගිය (2024/25) මූල්‍ය වර්ෂය තුළ රුපියල් මිලියන 7,595ක (කෝටි 759)ක අලාභයක් වාර්තා කර තිබෙනවා.
පසුව ශ්‍රීලංකන් ගුවන් සේවය බවට පත් වූයේ මුලින්ම එයාර් සිලෝන් ලෙසත්, ඉන් පසුව එයාර් ලංකා ලෙසත් හැඳින්වුණු රාජ්‍ය ආයතනයයි. 1998 වර්ෂයේදී මෙම ආයතනයේ සුළුතර කොටස් අයිතිය හා පරිපාලනය එමිරේට්ස් ආයතනය වෙත පවරනු ලැබූ අතර, වසර දහයකට පසුව 2008දී ශ්‍රී ලංකා රජය විසින් මෙම ආයතනයේ පරිපාලනය නැවත පවරා ගනු ලැබුවා.
ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රීලංකන් ගුවන් සේවය පවරා ගන්නා විට එම ආයතනය ලාබ ලබමින් පැවති ආයතනයක්. රජයට පවරා ගැනීමෙන් අනතුරුව, 2023/24 වසර තෙක් වසර 15ක් එක දිගට පාඩු ලබමින් පැවති මෙම ආයතනය 2023/24 මූල්‍ය වර්ෂය තුළ රුපියල් මිලියන 3,871ක (කෝටි 387ක) ලාබයක් වාර්තා කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ආයතනයේ සමුච්ඡිත අලාභය සුළු වශයෙන් අඩු වුනා.
පසුගිය මූල්‍ය වර්ෂයේ අලාභයද සමඟ මේ වන විට ශ්‍රීලන්කන්හි සමුච්ඡිත අලාභය රුපියල් මිලියන 616,306ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය වසර සමස්තයක් ලෙස ලෝක ගුවන් ගමන් කර්මාන්තයට යහපත් වසරක් වූ අතර ලංකාවට පැමිණි ගුවන් මගීන් ප්‍රමාණයෙහිද 38%ක සැලකිය යුතු වැඩි වීමක් සිදු වී තිබෙනවා. එසේ වුවද, ශ්‍රීලංකන් ගුවන් සේවයේ මගී ප්‍රවාහන ආදායමෙහි, පෙර වසරට සාපේක්ෂව, 15%ක කැපී පෙනෙන අඩු වීමක් දැකිය හැකි වීම විශේෂත්වයක්. ශ්‍රීලංකන් ගුවන් සේවය භාවිතා කළ මගීන් ප්‍රමාණයද පෙර වසරට සාපේක්ෂව 4%කින් අඩු වී තිබෙනවා.
ඕක තමයි අපෙන් හූරාගෙන එකතු කරගන්න බදු සල්ලි ආණ්ඩුව නාස්තිකාර දූෂණ වලට වැය කරන එක ගැන මට නම් හරිම අප්පිරියයි දැන් නම්, ඇත්තටම 3%ක්ව තිබුණ jvp එක 57%ක් දක්වා මාලිමාව ආණ්ඩුවට මිනිස්සුන් එකරාශී උනේ සෑහෙන ලොකු බලාපොරොත්තු ඇතිව..නොහිතපු විදියට කබලෙන් ලිපට වැටුනා වගේ විශාල බදු ගැහුවත් ආණ්ඩුවේ පලමු අවුරුද්දනේ කියලා හිත හදාගත්තත් ආණ්ඩුව දිගින් දිගටම අපටම බදු තඩිබාලා මිනිස්සුන් අසරණ කරනවානම් ජනතාවගේ බලාපොරොත්තුව වූ ලස්සන ජීවිතයක පොහොසත් රට කෝ?
ReplyDeleteහොරකම් දුෂණය නැතිව කරගෙන යන්න මිනිස්සුන්ට ජීවත්වෙන්න පුලුවන් පරිසරයක් ඇතිකරලා...ඒ අතර වාහන බදු අඩුකිරීම අත්‍යවශ්‍යයි...බදු මතම යැපෙන්නේ නැතිව නව උත්පාදන තුලින් ආණ්ඩුව මුදල් උපයන ක්‍රම සැලසුම් කරන්න.උගත් පාර්ලිමේන්තුවක් කියලනේ කිව්වේ..සැලසුම් බුද්ධිමත් විය යුතුනේ....බදු ගහන්න ආණ්ඩුවක් ඕනේද කියලා ජනාධිපතිවරයා ඇහුවා ඒ දවස්වල හයියෙන් කෑ ගහලා, දැන් එයාට ඒවා අමතකද දන්නේ නෑ.....දැන් මිනිස්සුන්ට අහන්න වෙලා තියෙන්නේ බදු ගහන්නද ආණ්ඩුවක් පත්කළේ කියලා...මේ අයවැයෙන් සහනයක් නොමැතිනම් ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය බිදෙනවා...ගම්වල කුලී වැඩ කරන මිනිස්සුන්ට එදා වේලත් හරි අමාරුයි.....තවත් බදුනම් ඔනේම නෑ😢😢😢
What is the root cause for this loss?
ReplyDelete//මගී ප්‍රවාහන ආදායමෙහි, පෙර වසරට සාපේක්ෂව, 15%ක කැපී පෙනෙන අඩු වීමක් දැකිය හැකි වීම//
Deleteඕක පාඩු ලබන්න හේතු මොනාද?
ReplyDeleteරෑ 12:05 ට මෙල්බන් අදින ෆ්ලයිට් එක, ලන්ඩන් කුමාරි එහෙම හැමදාම කට කපලා සෙනගනේ.
ඉකොනො මල්ලියාආආආ.
ReplyDeleteඇයි ඊයේ පෙරේදා පේන්න හිටියේ නැත්තේ. අපි හිතුවා මල්ලියා ගංවතුරේ ගහගෙන ගිහිංද කියලා
//ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රීලංකන් ගුවන් සේවය පවරා ගන්නා විට එම ආයතනය ලාබ ලබමින් පැවති ආයතනයක්.// මේ පිළිබඳව ඔබට හොඳ හැදෑරීමක් ඇති සිතනවා. මේ ලාභය කියන්නේ මොකක්ද? මේ ලාභය operational profit වශයෙන් ලබපු එකක්ද ? 2007/08 (? 4R-ADA 4R-ADB 4R-ADF) යන ශ්‍රී ලන්කන් සමාගමේ අයිතිය යටතේ තිබු A 340 airbus යානා විකුණා නැවත lease කිරීමෙන් ලැබූ මුදල මේ ලාභයේ කොටසක්ද? 2001 වර්ෂයේ LTTE ප්‍රහාරයෙන් පසු ලැබුන රක්ෂණ මුදලත් මේ ලාභයට ඇතුලත් කරලද තිබුනේ. නිවැරිදි විගණනයකින් මේ සමාගම ලාභ පාඩු ලබන හැටි සොයා බලා තිබෙනවද?
ReplyDelete