වෙබ් ලිපිනය:

Wednesday, October 22, 2025

ශ්‍රීලංකන් ගුවන් සේවය කෝටි 759ක් පාඩු ලබයි!


ශ්‍රීලන්කන් ගුවන් සේවය විසින් පසුගිය (2024/25) මූල්‍ය වර්ෂය තුළ රුපියල් මිලියන 7,595ක (කෝටි 759)ක අලාභයක් වාර්තා කර තිබෙනවා. 

පසුව ශ්‍රීලංකන් ගුවන් සේවය බවට පත් වූයේ මුලින්ම එයාර් සිලෝන් ලෙසත්, ඉන් පසුව එයාර් ලංකා ලෙසත් හැඳින්වුණු රාජ්‍ය ආයතනයයි. 1998 වර්ෂයේදී මෙම ආයතනයේ සුළුතර කොටස් අයිතිය හා පරිපාලනය එමිරේට්ස් ආයතනය වෙත පවරනු ලැබූ අතර, වසර දහයකට පසුව 2008දී ශ්‍රී ලංකා රජය විසින් මෙම ආයතනයේ පරිපාලනය නැවත පවරා ගනු ලැබුවා.

ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රීලංකන් ගුවන් සේවය පවරා ගන්නා විට එම ආයතනය ලාබ ලබමින් පැවති ආයතනයක්. රජයට පවරා ගැනීමෙන් අනතුරුව, 2023/24 වසර තෙක් වසර 15ක් එක දිගට පාඩු ලබමින් පැවති මෙම ආයතනය 2023/24 මූල්‍ය වර්ෂය තුළ රුපියල් මිලියන 3,871ක (කෝටි 387ක) ලාබයක් වාර්තා කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ආයතනයේ සමුච්ඡිත අලාභය සුළු වශයෙන් අඩු වුනා. 

පසුගිය මූල්‍ය වර්ෂයේ අලාභයද සමඟ මේ වන විට ශ්‍රීලන්කන්හි සමුච්ඡිත අලාභය රුපියල් මිලියන 616,306ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

පසුගිය වසර සමස්තයක් ලෙස ලෝක ගුවන් ගමන් කර්මාන්තයට යහපත් වසරක් වූ අතර ලංකාවට පැමිණි ගුවන් මගීන් ප්‍රමාණයෙහිද 38%ක සැලකිය යුතු වැඩි වීමක් සිදු වී තිබෙනවා. එසේ වුවද, ශ්‍රීලංකන් ගුවන් සේවයේ මගී ප්‍රවාහන ආදායමෙහි, පෙර වසරට සාපේක්ෂව, 15%ක කැපී පෙනෙන අඩු වීමක් දැකිය හැකි වීම විශේෂත්වයක්. ශ්‍රීලංකන් ගුවන් සේවය භාවිතා කළ මගීන් ප්‍රමාණයද පෙර වසරට සාපේක්ෂව 4%කින් අඩු වී තිබෙනවා. 

9 comments:

  1. ඕක තමයි අපෙන් හූරාගෙන එකතු කරගන්න බදු සල්ලි ආණ්ඩුව නාස්තිකාර දූෂණ වලට වැය කරන එක ගැන මට නම් හරිම අප්පිරියයි දැන් නම්, ඇත්තටම 3%ක්ව තිබුණ jvp එක 57%ක් දක්වා මාලිමාව ආණ්ඩුවට මිනිස්සුන් එකරාශී උනේ සෑහෙන ලොකු බලාපොරොත්තු ඇතිව..නොහිතපු විදියට කබලෙන් ලිපට වැටුනා වගේ විශාල බදු ගැහුවත් ආණ්ඩුවේ පලමු අවුරුද්දනේ කියලා හිත හදාගත්තත් ආණ්ඩුව දිගින් දිගටම අපටම බදු තඩිබාලා මිනිස්සුන් අසරණ කරනවානම් ජනතාවගේ බලාපොරොත්තුව වූ ලස්සන ජීවිතයක පොහොසත් රට කෝ?

    හොරකම් දුෂණය නැතිව කරගෙන යන්න මිනිස්සුන්ට ජීවත්වෙන්න පුලුවන් පරිසරයක් ඇතිකරලා...ඒ අතර වාහන බදු අඩුකිරීම අත්‍යවශ්‍යයි...බදු මතම යැපෙන්නේ නැතිව නව උත්පාදන තුලින් ආණ්ඩුව මුදල් උපයන ක්‍රම සැලසුම් කරන්න.උගත් පාර්ලිමේන්තුවක් කියලනේ කිව්වේ..සැලසුම් බුද්ධිමත් විය යුතුනේ....බදු ගහන්න ආණ්ඩුවක් ඕනේද කියලා ජනාධිපතිවරයා ඇහුවා ඒ දවස්වල හයියෙන් කෑ ගහලා, දැන් එයාට ඒවා අමතකද දන්නේ නෑ.....දැන් මිනිස්සුන්ට අහන්න වෙලා තියෙන්නේ බදු ගහන්නද ආණ්ඩුවක් පත්කළේ කියලා...මේ අයවැයෙන් සහනයක් නොමැතිනම් ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය බිදෙනවා...ගම්වල කුලී වැඩ කරන මිනිස්සුන්ට එදා වේලත් හරි අමාරුයි.....තවත් බදුනම් ඔනේම නෑ😢😢😢

    ReplyDelete
  2. Replies
    1. //මගී ප්‍රවාහන ආදායමෙහි, පෙර වසරට සාපේක්ෂව, 15%ක කැපී පෙනෙන අඩු වීමක් දැකිය හැකි වීම//

      Delete
  3. ඕක පාඩු ලබන්න හේතු මොනාද?

    රෑ 12:05 ට මෙල්බන් අදින ෆ්ලයිට් එක, ලන්ඩන් කුමාරි එහෙම හැමදාම කට කපලා සෙනගනේ.

    ReplyDelete
  4. ඉකොනො මල්ලියාආආආ.

    ඇයි ඊයේ පෙරේදා පේන්න හිටියේ නැත්තේ. අපි හිතුවා මල්ලියා ගංවතුරේ ගහගෙන ගිහිංද කියලා

    ReplyDelete
  5. //ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රීලංකන් ගුවන් සේවය පවරා ගන්නා විට එම ආයතනය ලාබ ලබමින් පැවති ආයතනයක්.// මේ පිළිබඳව ඔබට හොඳ හැදෑරීමක් ඇති සිතනවා. මේ ලාභය කියන්නේ මොකක්ද? මේ ලාභය operational profit වශයෙන් ලබපු එකක්ද ? 2007/08 (? 4R-ADA 4R-ADB 4R-ADF) යන ශ්‍රී ලන්කන් සමාගමේ අයිතිය යටතේ තිබු A 340 airbus යානා විකුණා නැවත lease කිරීමෙන් ලැබූ මුදල මේ ලාභයේ කොටසක්ද? 2001 වර්ෂයේ LTTE ප්‍රහාරයෙන් පසු ලැබුන රක්ෂණ මුදලත් මේ ලාභයට ඇතුලත් කරලද තිබුනේ. නිවැරිදි විගණනයකින් මේ සමාගම ලාභ පාඩු ලබන හැටි සොයා බලා තිබෙනවද?

    ReplyDelete
    Replies
    1. //මේ ලාභය operational profit වශයෙන් ලබපු එකක්ද ? //

      බොහෝ දුරට ඔව්.

      //2007/08 (? 4R-ADA 4R-ADB 4R-ADF) යන ශ්‍රී ලන්කන් සමාගමේ අයිතිය යටතේ තිබු A 340 airbus යානා විකුණා නැවත lease කිරීමෙන් ලැබූ මුදල මේ ලාභයේ කොටසක්ද?//

      මම ගුවන් යානා ගැන නිශ්චිත විස්තර දන්නේ නැහැ. නමුත් ගුවන් යානා කිහිපයක කල්බදු ගිවිසුම් අවසන් කිරීමෙන් අමතර ලාබයක් ලැබී තිබෙනවා. ශ්‍රීලන්කන් සමාගමේ අයිතිය යටතේ තිබූ ගුවන් යානා වෙන්න බැහැ. ලාබය ලැබී තිබෙන්නේ කල්බදු ගිවිසුම් අවසන් කිරීමෙන්. ඒ කියන්නේ කල්බදු ගිවිසුම් යටතේ තිබුණු ගුවන් යානා. refinance කිරීමක් වෙන්න පුළුවන්. (කල්බදු ගිවිසුම් අවසන් වීමට පෙර අවසන් කර වඩා වාසිදායක වෙනත් කල්බදු ගිවිසුමකට යාම මගින් වාසියක් ලබා ගැනීම).

      //2001 වර්ෂයේ LTTE ප්‍රහාරයෙන් පසු ලැබුන රක්ෂණ මුදලත් මේ ලාභයට ඇතුලත් කරලද තිබුනේ.//

      රක්ෂණ ගිවිසුම් වලින් විනාශයේ හානිය ප්‍රතිපූරණය වී තිබෙනවා. එය ලාබයක් නෙමෙයි. විනාශ වූ ගුවන් යානා කිහිපයක කල්බදු ගිවිසුම් අවසන් කිරීම නිසා අමතර ලාබයක් ලැබී තිබෙනවා.

      //නිවැරිදි විගණනයකින් මේ සමාගම ලාභ පාඩු ලබන හැටි සොයා බලා තිබෙනවද?//

      ඔව්. අර්නස්ට් ඇන්ඩ් යන්ග් සමාගම විසින් විගණනය කර තිබෙනවා.

      Delete
  6. ඉකොනෝ, හොඳ පෝස්ට් එකක් ඔය ශ්‍රී ලංකන් එයාලයින්ස් ඇතුලු රජයේ ආයතන කෝටි ප්‍රකෝටි ගණනාවක පාඩු ලබන ආයතන නීසා රජය විසින් මහජනතාවගෙන් මංකොල්ල කන මහජන බදු සල්ලි කෝටි ගණනක් නාස්ති වෙලා, රජයේ ඇමතිවරු කෝටි ගණන්වලින් එතනෝල් මත්පැන් ජාවාරම් කරන ඩීල් දාලා කියලා චෝදනා එල්ල වෙනවා, එතනදී
    වරුණ, චතුරංග සහ නජිත්.. මේ චරිත තුන මේ වේලාවේ දේශපාලනය ඇතුලේ බර චරිත තුනක්, වරුණව මට මුලින්ම හම්බවෙන්නේ පසුගිය ජනාධිපතිවරණ සමයේදී, පරාද වෙන බව දැන දැනත් රනිල්ට වැඩ කරපු මිනිහෙක් විදියට, පස්සෙ සජබට ගියා, ඊටපස්සේ වරුණ ගැන හොයද්දි වරුණ කියන්නේ පන්ති පහ කරපු ජවිපෙ හරහා දේශපාලනය කරපු hardcore ජෙප්පෙක්

    චතුරංග නැත්නම් කෝට්ටේ සනත් නිශාන්ත හෙවත් බුකියේ හිච්චි අබේ කියන්නේ මාලිමාවේ හරිනි,හර්ෂණට පස්සෙ ඉන්න මාලිමාවේ ලොකුම මුහුණ..

    නජිත් කියන්නේ ගොඩක් දෙනෙක් කියන විදිහට ජවිපෙ බොහො ඉක්මනින් ඉදිරියට එන අනාගත නායකත්වය.. ජවිපෙ මාධ්‍ය අංශයේ මහ මොළකරු.. ජවිපෙ මඩ සහ ඩෝබි බලකායේ ප්‍රධානම චරිතය

    මේ වගේ චරිත තුනක් ගැටීම කියන්නේ මේ වේලාවේ දේශපාලනය තුළ ලොකු ගේමක්..

    චෝදනාව ගේන්නෙ වරුණ රාජපක්ෂ.. වරුණට අනුව නජිත් සහ චතුරංග පසුගිය දවසක කිංස්බරි හෝටලයේදී එතනෝල් හදන්න කම්පැනි එකකට බලපත්‍ර ලබාදීම ගැන හමුවක් පවත්වනවා.. වරුණට අනුව ඒක ඩීල් එකක්.. වරුණ මේක කියන්නේ එයාගේ youtube චැනල් එකෙ..

    හැරෙන තෑපෑලෙන් උත්තර දෙන චතුරංග ඔහු කිංස්බරි හෝටලයේ සමුළුවකට සහභාගී වුණු බවත් පාර්ශව තුනක් හමුවී සාකච්චා කල බවත් මේ චෝදනා වලට ක්‍රියාමාර්ග ගන්නා බවත් fb සටහනක් දානවා..

    ඒ සටහනට පෙරලා උත්තර දෙන වරුණ කියන්නේ සාකච්චා කල හතරවන පාර්ශවය වන එතනෝල් සමාගම එක්ක හමුව චතුරංග සැගවූ බව.. ඔහු ඒ සමාගමට ආදාල ලිපියක් පවා ඔහුගේ පිළිතුරු වීඩියෝවේ ඉදිරිපත් කරනවා..

    මම දන්න වරුණත්, ජවිපෙ පරණ මිනිස්සු දන්න වරුණත් කියන්නේ ඔහේ කට මැද දොඩවන මිනිහෙක් නෙමෙයි.. ඒ නිසා මාලිමාවේ චතුරංගටත්, ජවිපෙ නජිත්ටත් වරුණට නිසි පිළිතුරු දෙන්න වෙනවා.. හරියට පිළිතුරු දුන්නොත් වරුණ ඉවරයි.. නොදුන්නොත් අබේ සහ නජිත් නෙමෙයි මාලිමාවේ සහ ජවිපෙ හෙලුව සම්පූර්ණයෙන්ම හෙලිවෙලා ඉවරයි, දැන් දවස් ගානක් වෙනවා චතුරංගලා නජිත්ලාට උත්තර නෑ ඒ වෙනුවට සමාජයට නාටක පෙන්න පෙන්න ඉන්නවා ඉෂාරා සෙව්වන්දි නාටකය, දකුණු ඉන්දියානු film එකකට වඩා විච්ත්‍රයි. මෝඩ මිනිස්සුත් ඉතින් රස කර කර බලනවා. මේ අවුරුද්දම අදින්න ඇති. මාධ්‍ය කැමරා ඉස්සරහට ගෙනල්ල අතඩංගුවට ගන්නවා, ප්‍රශ්න කරනවා, රඳවා තබනවා, ඇප දෙනවා, එච්චරයි. කෝ දඬුවම් දීපු එකෙක්ගෙ නම් කියපල්ල, ආසාවට. පාස්කු ප්‍රහාරෙට වගකිවයුත්තොත් බෝට්ටුවේ ගිහින් කියල බේරෙයි වගේ. අනේ පව් ගල් බේගල් බොරු පොරොන්දු ගොඩකට චන්දෙ දීපු ලංකාවෙ අහින්සක මිනිස්සු.

    ReplyDelete
  7. @Economatta

    දැන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පහුගිය මැතිවරණය කාලේ මාලිමාවට අත දිග හැර වියදං කරපු ධම්මිකගේ. ලංකාවේ ජනතාව මිලියන විසි දෙකකට වැඩි පිරිසකගේ බදු මුදල් බිලියන 7 ක සෘජු පාලනය ධම්මික පෙරේරා ගේ. හැබැයි ඒක කළින් නන්දසේනගේ ආණ්ඩුව විසින් අශෝක් පතිරගේ ශ්‍රී ලංකන් පාලනයට පත් කළා වගේ නෙවෙයි.

    එතැනදී අඩුම තරමේ වෙන හැම ගණුදෙනුවකටම අශෝක් වගකිවයුතුයි.එම නිසා අශෝක්ට ඕනෑ විදියට හොරකම් කරන්නට බැහැ.

    හැබැයි මෙතනදි වෙනස්.

    මෙතනදී සිදුවන්නේ සමාජයට සහ මිනිසුන්ට හොරරහසේ ධම්මික මහජන බදු මුදල් හොරකම් කිරීම.

    මේ මොහොතේ ධම්මිකගේ ටෙන්ඩර් වල ඉදන්, ධම්මිකගේ බිස්නස් වල කාර්ගෝ සප්ලයර් වෙන්නෙත් ශ්‍රී ලංකන්.ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය, CEO සහ පරිපාලනයට ඕනෑ තරම් ගුවන් ප්‍රවේශ පත්‍ර නොමිලයේ ලබා ගත හැකියි.ඒ වරප්‍රසාදය ඔවුන්ට ලබා දෙන්නේ ගුවන් සමාගමේ වැඩ වලට රට යෑමට.

    එමෙන්ම ඔවුන්ගේ පුද්ගලික කටයුතු වලටත් ඒ වරප්‍රසාදය හිමියි.

    වර්තමාන මාලිමා පාලනය යටතේ සරත් ගනේගොඩ සභාපතිධූරයට පත්වුනාට පස්සෙ පනස් වරකට වැඩි ප්‍රමාණයක් නොමිලයේ ගුවන් ටිකට්පත් අරන් රට ගිහින් තියෙනවා.

    විවිධ අවස්ථාවන් වල පවුලේ සාමාජිකයන් එක්ක.තවත් අවස්ථාව වල ව්‍යාපාරික සගයන් එක්ක.

    මේ ඔක්කොම ව්‍යාපාරික පන්තියේ ප්‍රවේශ පත්‍ර.

    බිස්නස් ක්ලාස් ටිකට්ස් කියන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අතිවිශාල වියදමක්.

    මේ අතිබහුතර ගමන් ඔහු ගියේ ධම්මික පෙරේරාගේ ව්‍යාපාරික ජාලයේ වැඩ වලට.

    මේක ධම්මික ශ්‍රී ලංකන් ලබා ගැනීමේ එක් බලාපොරොත්තුවක්.දැන් ධම්මිකගේ බිස්නස් වල විදෙස් සංචාර සියල්ල කරගන්නේ ශ්‍රී ලංකන් හරහා

    To be continued

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: