වෙබ් ලිපිනය:

Friday, January 9, 2026

ශ්‍රමික ප්‍රේෂණ ඩොලර් බිලියන 8 ඉක්මවයි!


ඉතිහාසයේ පළමු වරට, පසු ගිය වසර තුළ ලංකාවට ඇමරිකන් ඩොලර් බිලියන 8 ඉක්මවන ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී තිබෙනවා. දෙසැම්බර් මාසය තුළ පමණක් ඩොලර් මිලියන 879.1ක ශ්‍රමික ප්‍රේෂණ රටට ලැබී ඇති අතර ඒ අනුව වසර තුළ ලැබුණු මුළු ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 8,076.2ක්. මෙය පෙර වසරට සාපේක්ෂව 22.8%ක වර්ධනයක්.

මීට පෙර ලංකාවට වැඩිම ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබුනේ 2016 වසරේදීයි. එම ප්‍රමාණය ඩොලර් මිලියන 7,241.5ක්. 

වසරේ පළමු මාස 11ක කාලය ඇතුළත ශ්‍රමික ප්‍රේෂණ වල 20.7%ක වර්ධනයක් සිදු වී තිබුණා. ඒ ප්‍රවණතාව අනුව වුවද, අනිවාර්යයෙන්ම මෙම වසරේ ඉතිහාසයේ වැඩිම ශ්‍රමික ප්‍රේෂණ වාර්තා වීමට නියමිතව තිබුණත්, ඩොලර් බිලියන 8 සීමාව ඉක්මවීමට හේතු වී තිබෙන්නේ ආපදා තත්ත්වය හේතුවෙන් ලැබුණු අමතර ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයයි. එම ප්‍රමාණය ඩොලර් මිලියන 140ක් පමණ විය හැකි බව ඇස්තමේන්තු කළ හැකියි.

මෙම වසරේ ලැබී ඇති ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 7.8 ලෙස ඇතැම් තැන් වල සඳහන්ව තිබුණද එම ගණන නිවැරදි නැහැ. 

2 comments:

  1. තව තව වැඩි වෙයි
    නම් මේ ලෙසටම
    කොච්චර එකක්ද
    හොඳයිනෙ රටටම!

    ReplyDelete
  2. ඉකොනො ඕක ඉතින් හැම අවුරුද්දෙම එන්න එන්න වැඩිවෙන එකනේ වෙන්නේ කොවිඩ් වසංගතය කාලේ මිනිස්සුන්ට ජොබ් එක ගැන සහ ජීවිතය ගැන ෂුවර් නැති නිසා ලංකාවට සල්ලි එවන්නේ නැතිව සිටියා ඊට පස්සේ ආර්ථික අර්බුදය නිසා වසර කීපයක් සල්ලි ටිකක් විතර එවලා බලාගෙන හීටියා දැන් ඒ මිනිස්සු ඒ රටවල එකතු කරගෙන හිටපු සල්ලි ලංකාවට දාලා ඒවයෙන් ඉඩම් ගන්නවා සමහරු කොටස් වෙළඳපොල ආයෝජන කරනවා ඒකයි ප්‍රධාන හේතුව ලබන අවුරුද්දේ ඩොලර් බිලියන නමයක් හෝ දහයක් විතර ලබාගන්නට ලැබෙයි.

    ඇත්තටම ලංකාවේ වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුව සහ විදුලි බල ඇමතිවරයා කියන විදියට සාමාන්‍ය මනුස්සයෙක්ට සෝල පනල් එකක් ගහගන්න තරම් වත්කමක් නැහැ. මුදල් තියෙන සුළු පිරිසක් පමණක් සොලා ගහගෙන AC එකේ සැපට ජීවත් වෙනවා කියලා වේදිකාවල කිවුව.දුප්පත් මිනිස්සුන්ට කිසිම ප්‍රතිලාභයක් නැහැ.වැඩිපුර උපයන අයගෙන් අය කරගෙන දුප්පත් අයගේ සුබ සාධනය වෙනුවෙන් වැය කළ යුතු බවට ඒ අය දරන මතය නිවැරදි ද?

    ඒ වගේම EPF සහ ETF එකට වර්තමාන ආණ්ඩුව කරන්න උත්සාහ කරන වෙනස්කම් ගැනත් විස්තර සහිතව ලියන්න පුළුවන්ද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: