රටක ආර්ථික වර්ධනය සඳහා ආයෝජන වල වැදගත්කම ගැන කතා කරන ගොඩක් අය ඉන්නවා. ඇත්තටම මේ කතා කරන ආයෝජන කියන්නේ මොනවාද?
ආයෝජන කියන වචනය ඇහෙද්දී මතක් වෙන බොහෝ දේවල් තිබෙනවා. ඒ අතර, භාණ්ඩාගාර බිල්පත්, සමාගම් කොටස්, ඉඩම්, රත්තරන් ආදී දේවල් වල සිට ක්‍රිප්ටෝ මුදල් දක්වා විවිධ දේවල් තිබෙනවා. ආර්ථික වර්ධනය සඳහා මේ ඕනෑම ආයෝජනයක් උදවු වෙනවාද?
සාමාන්‍ය ව්‍යවහාරයේදී ආයෝජන කියා කිවුවත්, අප කතා කරන නිශ්චිත සන්දර්භයේදී, මේ ගොඩක් දේවල් ඇත්තටම ආයෝජන නෙමෙයි. ඒ නිසාම, මේ ගොඩක් දේවල් රටක ආර්ථික වර්ධනය සඳහා සෘජුව උදවු වෙන්නේ නැහැ.
පෙර ලිපියක විස්තර කර ඇති පරිදි, ආර්ථික වර්ධනය යන්නෙන් අදහස් වන්නේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යාම. මූර්ත දළ දේශීය නිෂ්පාදිතය කියන්නේ වසරක් (හෝ වෙනත් කාලයක්) තුළ රටක නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය. ආර්ථිකය වර්ධනය වෙන්නනම් රටක වසරක් තුළ නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඉහළ යා යුතුයි. ඒ නිසා, ආර්ථික වර්ධනය සඳහා සෘජුව උපකාරී වන්නේ නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඉහළ දැමිය හැකි ආකාරයේ ආයෝජන පමණයි.
කෙනෙකුට තමන් සතු ඉතිරි කිරීම් කොටස් වෙළඳපොළේ ආයෝජනය කරන්න පුළුවන්. නමුත් එහිදී එවැන්නෙකු විසින් කරන්නේ වෙනත් අයෙකු විසින් දැනටම මිල දී ගෙන තිබෙන සමාගම් කොටසක් මිල දී ගන්න එකනම්, එයින් රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන හැකියාවේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. එහිදී වෙන්නේ එක් අයෙකු සතු සමාගමේ කොටසක අයිතිය වෙනත් අයෙකු සතු වීම පමණයි. ගනුදෙනුවෙන් ලාබයක් හෝ පාඩුවක් වීම හේතුවෙන් මෙහි කිසිම වෙනසක් වෙන්නේ නැහැ.
සමාගමක් විසින් සමාරම්භක කොටස් නිකුතුවක් (IPO) සිදු කරද්දී වෙන දෙය මීට වඩා තරමක් වෙනස්. එහිදී සමාගමට සෘජුවම යම් මුදලක් ලැබෙනවා. නමුත්, මෙහිදී වුවද, ආර්ථික විද්‍යා අර්ථයෙන් ආයෝජනයක් සිදු වන්නේ නැහැ. කෙසේ වුවත්, අදාළ සමාගම විසින් එසේ ලබා ගන්නා මුදල් වැය කර සමාගමේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන හැකියාව ඉහළ දමන කිසියම් ආයෝජනයක් කිරීම සමාරම්භක කොටස් නිකුතුවකින් පසුව සිදු වන සාමාන්‍ය දෙයයි. එය අලුත් කම්හලක් ඉදි කිරීම, අලුත් යන්ත්‍ර සූත්‍ර මිල දී ගැනීම හෝ අලුත් ශාඛාවක් ආරම්භ කිරීම වැනි දෙයක් වෙන්න පුළුවන්. ආර්ථික විද්‍යා අර්ථයෙන් ආයෝජන සේ සැලකෙන්නේ එවැනි ආයෝජනයයි. ආර්ථික විද්‍යා අර්ථයෙන්, කොටස් මිල දී ගන්නා තැනැත්තා විසින් කරන්නේ ඉතිරි කිරීමක් මිසක් ආයෝජනයක් නෙමෙයි.
සමාගමකට සැබෑ ආයෝජනයක් කිරීම සඳහා අරමුදල් සපයා ගත හැකි එකම ක්‍රමය අලුතෙන් කොටස් නිකුත් කිරීම නෙමෙයි. සමාගම් බැඳුම්කර නිකුත් කිරීම මගින්ද අවශ්‍ය අරමුදල් සපයා ගන්න පුළුවන්. මෙහිදීද, එම බැඳුම්කර මිල දී ගන්නා පුද්ගලයෙකු විසින් කරන්නේ ඉතිරි කිරීමක්. ආයෝජනය සිදු වන්නේ එයින් පසුවයි.
සාමාන්‍යයෙන් පෞද්ගලික සමාගමක් පරිභෝජනය සඳහා අරමුදල් සපයා ගැනීමට කොටස් නිකුත් කරන්නේ හෝ බැඳුම්කර නිකුත් කරන්නේ නැහැ. අරමුදල් යොදවන්නේ කවර කටයුත්තක් සඳහාද යන්න සමාරම්භක කොටස් නිකුතුවේදී පැහැදිලිව සඳහන් කරනවා. ආයෝජනය අවදානම් කටයුත්තක් බැවින් අවසාන වශයෙන් අදාළ සමාගමේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන හැකියාවේ ප්‍රමාණවත් වැඩිවීමක් සිදු නොවෙන්න බැරිකමක් නැහැ. නමුත් එය සාමාන්‍ය තත්ත්වය නෙමෙයි. සාමාන්‍ය තත්ත්වය වන්නේ ආයෝජන හේතුවෙන් අදාළ සමාගමේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන හැකියාව සැලකිය යුතු ලෙස ඉහළ යාමයි. ඒ නිසා, මෙවැනි ආයෝජන වැඩි වැඩියෙන් සිදු වන තරමට රටක ආර්ථිකය වර්ධනය වෙනවා.
රජයක් විසින් ණය ගනිද්දී මෙය මේ විදිහටම සිදු වෙන්නේ නැහැ. රජය විසින් පරිභෝජනය සඳහාද ණය ලබා ගැනීම අසාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. එයින් ආර්ථික වර්ධනයට උදවුවක් සිදු වන්නේ නැහැ. එහෙත්, ලබා ගන්නා ණය මුදල් යොදවා ඵලදායී ආයෝජනයක් කළහොත් එමගින් ආර්ථික වර්ධනයට උත්තේජනයක් ලැබෙන්න පුළුවන්.
භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර, ඒවා මුලින්ම නිකුත් කරන අවස්ථාවේදී වුවද, මිල දී ගන්නා අයගේ ඉතිරි කිරීම් මිසක් ආයෝජන නෙමෙයි. ඒ නිසා, එමගින් රටේ ඉතිරි කිරීම් අනුපාතය ඉහළ යන නමුත්, ආයෝජන අනුපාතය අනිවාර්යයෙන්ම ඉහළ යන්නේ නැහැ. එය තීරණය වෙන්නේ රජය විසින් අදාළ මුදල් යොදවන ආකාරය මතයි.
ඉහත විස්තර කළ කරුණු විදේශ ප්‍රාග්ධනයටද අදාළයි. සාමාන්‍ය ව්‍යවහාරයේදී විදේශ ආයෝජන සේ සලකන හැම දෙයක්ම ආර්ථික විද්‍යා අර්ථයකින් ආයෝජන නෙමෙයි. ඒවා රට තුළ සිදු කරන විදේශිකයින්ගේ ඉතිරි කිරීම් පමණයි.
ශ්‍රී ලංකා රජය විසින් ණය ලෙස විදේශ ප්රාග්ධනය ලබාගත් බොහෝ අවස්ථා වලදී සිදු වී තිබෙන්නේ ආයෝජන සිදු වීමට වඩා පරිභෝජන වියදම් ඉහළ යාමයි. එහෙත්, පෞද්ගලික සමාගමක් විසින් විදේශ ණය ලබා ගන්නේනම්, බොහෝ විට එසේ කරන්නේ කිසියම් සැබෑ ආයෝජනයක් කිරීමේ අභිලාෂයෙනුයි. ඒ නිසා, සාමාන්‍ය කරුණක් ලෙස, එහිදී රටේ ආයෝජන අනුපාතයද ඉහළ යනවා. විශේෂයෙන්ම සෘජු විදේශ ආයෝජන වලදී මේ තත්ත්වය දකින්න පුළුවන්.
ආයෝජන හා පරිභෝජනය වෙන් කිරීම හැම විටම පහසු කරුණක් නෙමෙයි. සාමාන්‍ය පුද්ගලයෙකු විසින් අලුත් වාහනයක් මිල දී ගන්නේ තමන්ගේ පෞද්ගලික පරිභෝජනය සඳහා වෙන්න පුළුවන්. එසේ නැත්නම්, වාහනය කුලියට දීම හෝ ප්‍රවාහන සේවා සැපයීම මගින් අනාගතයේදී ආදායම් උපයන්න වෙන්න පුළුවන්. දෙවන අවස්ථාවේදී, සාමාන්‍යයෙන්, රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන හැකියාවේ ඉහළ යාමක් සිදු වෙනවා. මේ කාර්යයන් දෙක සඳහාම වාහනය යොදා ගන්නේ වුවද එහි වෙනසක් නැහැ. වැදගත් වන්නේ වාහනය මිල දී ගැනීම නිසා ප්‍රවාහන සේවා නිෂ්පාදනය කිරීමේ විභවය වැඩි වන්නේද යන්නයි.
අලුත් නිවසක් හැදීම ආයෝජනයක්ද?
මෙහිදීද, නිවස කුලියට දීමක් සිදු වේනම්, රටේ සේවා නිෂ්පාදිතය ඉහළ යන බව පැහැදිලියි. නිවස කුලියට නොදී තමන්ම එහි වාසය කළේ වුවද, මෙය තමන්ට අයිති නිවස තමන් විසින්ම කුලියට ගැනීමකට සමාන කළ හැකියි. ඒ නිසා, මෙහිදීද සේවා නිෂ්පාදිතයේ ඉහළ යාමක් සිදු වෙනවා.
මැතිවරණ වලට පෙරද අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කළ රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ ප්‍රතිපත්තිය අනුව, රජය සතු හෝටල් සමාගමක් විකිණීම සඳහා මේ වන විට කටයුතු කරමින් ඉන්නවා. හෝටල් කිහිපයක් අයිති මෙම රාජ්‍ය සමාගම විදේශ සමාගමක් විසින් මිල දී ගත්තා කියා අපි හිතමු. මෙහිදී ආයෝජනයක් සිදු වෙනවාද?
මෙවැනි මිල දී ගැනීමකදී රට තුළට විදේශ ප්රාග්ධනය පැමිණීමක් සිදු වෙනවා. රජයට එකවර යම් ආදායමක්ද ලැබෙනවා. නමුත් කිසිදු ආයෝජනයක් සිදු වන්නේ නැහැ. ඒ නිසාම, අදාළ විකිණීම හේතුවෙන්, රටේ ආර්ථික වර්ධන වේගය ඉහළ යන්නේත් නැහැ. අයිතිය වෙනස් වුවද, අදාළ හෝටල් වල සේවා නිෂ්පාදන ධාරිතාවේ වෙනසක් සිදු වන්නේ නැහැ.
කෙසේ වුවද, මෙවැනි මිල දී ගැනීමකින් පසුව, දේශීය හෝ විදේශීය ගැනුම්කරුවෙකු විසින් අමතර ප්රාග්ධනය යොදවමින් අදාළ හෝටල් වල සේවා සැපයුම් ධාරිතාවය වැඩි කරන්න ඉඩ තිබෙනවා. එවැන්නක් සිදු වුවහොත්, එමගින් ආර්ථික වර්ධනයට උත්තේජනයක් ලැබෙනවා.
රටකට ගලා එන විදේශ ප්රාග්ධනය සහ රටේ සිදු වන ආයෝජන අතර වක්‍ර සම්බන්ධයක් තිබුණත් සෘජු සම්බන්ධයක් නැහැ. ඒ නිසාම, රටකට වැඩි වැඩියෙන් විදේශ ප්රාග්ධනය ගලා ආ පමණින් ආයෝජන ඉහළ ගොස් වර්ධන විභවය ඉහළ යන්නේ නැහැ.
ආයෝජන සිදු වුවත්, නොවුනත්, රටට විදේශ ප්රාග්ධනය රැගෙන එන අයෙකු එසේ කරන්නේ එමගින් ලබා ගත හැකි ප්රතිලාභ පසුව රටෙන් එළියට රැගෙන යාමේ අරමුණ ඇතිවයි. විදේශ ප්රාග්ධනය ලෙස රටට ලැබෙන සෑම ඩොලරයක් නිසාම, එම අරමුදල් පැමිණෙන්නේ ණය ලෙස වුවත්, වෙනත් ආයෝජන ලෙස වුවත්, අනාගතයේදී රටෙන් එළියට විදේශ විණිමය ගලා යාමේ යාන්ත්‍රණයක්ද හැදෙනවා. රටට ලැබෙන විදේශ ප්රාග්ධනය හේතුවෙන් ආයෝජන වැඩි වීමක් සිදු වුවහොත් පමණක් එමගින් රටේ ආර්ථික වර්ධනයක් සිදු වෙනවා. එසේ ආර්ථික වර්ධනයක් සිදු වුවද, එහිදී රට තුළ විදේශ විණිමය ජනනය වීමේ ඉහළ යාමක් සිදු නොවුවහොත්, යෙදවූ ප්රාග්ධනය ආපසු යද්දී රටට විදේශ විණිමය අර්බුදයකට මුහුණ දෙන්නට සිදු වෙනවා.
විදේශිකයින් විසින් දැනටම නිකුත් කර තිබෙන සමාගම් කොටස් කොටස් වෙළඳපොළ හරහා මිල දී ගනිද්දී රටට විදේශ ප්රාග්ධනය පැමිණෙන නමුත් ආර්ථිකයේ විභවයේ කිසිදු වෙනසක් සිදු වන්නේ නැහැ. මෙහිදී සිදු වන්නේ තාවකාලිකව රුපියල් ඉල්ලුම ඉහළ යාම පමණයි. අරමුදල් වෙනුවෙන් ප්රතිලාභ රටෙන් එළියට යද්දී එසේ වැඩි වූ රුපියල් ඉල්ලුමද ඉක්මවා රුපියල් සැපයුම ඉහළ යනවා. ඩොලර් ඉල්ලුම වැඩි වෙනවා. ලංකාව වැනි රටකට ඒ තත්ත්වයට මුහුණ දිය හැක්කේ රටට විදේශ ප්රාග්ධනය පැමිණෙන අවස්ථාවේදී මෙන්ම ඉන් පසුවද විදේශ විණිමය එක්රැස් කර ගනිමින් සංචිත වැඩි කරගෙන කලින් සූදානම්ව සිටියහොත් පමණයි. එසේ නැත්නම් සිදු වන්නේ එලෙස පැමිණෙන විදේශ ප්රාග්ධනය ආනයන ලෙස රටෙන් පිටව යාම පමණයි.
විවිධ ක්‍රම වලින් රටට පැමිණෙන විදේශ විණිමය ආනයන ලෙස රටෙන් පිටවීම කාලයක් තිස්සෙම ලංකාවේ සිදු වූ දෙයක්. එහෙත් මෙය ඉතාම බරපතල ආකාරයකින් සිදු වූයේ 2006-2014 අතර වසර අටක කාලය තුළයි. 2006 වන විටද ඩොලර් මිලියන 11,981.4ක් පමණක් වූ ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණය 2014 වන විට ඩොලර් මිලියන 42,914.1 දක්වා ඉහළ ගියා. ඒ කියන්නේ වසර අටක කාලයක් තුළ ඩොලර් මිලියන 30,932.7ක වැඩිවීමක්.
ඉහත කාලය තුළ රටේ විදේශ සංචිත ප්‍රමාණයද ඩොලර් මිලියන 4,005.4 සිට ඩොලර් මිලියන 9,884.4 දක්වා ඉහළ ගියත්, එම වැඩි වීම ඩොලර් මිලියන 5,879.0ක් පමණයි. ණය ලෙස ලබාගත් ඉතිරි ඩොලර් මිලියන 25,053.7 ආනයන වියදම් ලෙස රටින් පිටව ගියා. මෙම ආනයන වලින් යම් කොටසක් සැබෑ ආයෝජන සඳහා සිදු කළ ආනයන විය හැකි නමුත් කිසිසේත්ම මුළු මුදලම ආයෝජන නෙමෙයි. වැඩි කොටසක් පරිභෝජනය වෙනුවෙන් සිදු කළ ආනයනයි.
මෙහිදී අප විසින් විදේශ ණය සේ සලකා තිබෙන්නේ රටේම විදේශ ණයයි. එමෙන්ම විදේශ සංචිත සේ සලකා තිබෙන්නේද රටේම විදේශ සංචිතයි. එම ගණන් වලට රජයේ මෙන්ම, බැංකු අනෙකුත් සමාගම් හා පුද්ගලයින්ගේ විදේශ ණය සහ විදේශ සංචිත ඇතුළත්. 2024 වසර අවසන් වන විට රටේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 57,133.5ක්. රටේ මුළු විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 11,230.0ක්. වෙනස ඩොලර් මිලියන 45,903.5ක්. එම හිඟයෙන් ඩොලර් මිලියන 25,053.7ක්ම එකතු වුනේ 2006-2014 අතර වසර අටක කාලය තුළයි. ඉතිරි කොටසින් සැලකිය යුතු කොටසක්ද එම කාලය තුළ රටට පැමිණි විදේශ ප්රාග්ධනය වෙනුවෙන් ලබාගත් ප්රතිලාභ ලෙස රටෙන් එළියට ගිය විදේශ විණිමයයි.
මෙවැනි තත්ත්වයක් නැවත ඇතිවීම වලක්වා ගන්නනම්, රටට පැමිණෙන විදේශ ප්රාග්ධනය ගැන බොහෝ සැලකිලිමත් වන්නට සිදු වෙනවා. එයින් අදහස් වන්නේ විදේශ ප්රාග්ධනය රටට පැමිණීමට බිය යුතු බව හෝ එය අධෛර්යමත් කළ යුතු බව නෙමෙයි. කිසිසේත්ම එවැන්නක් නොකළ යුතුයි. ඒ වෙනුවට කළ යුත්තේ රටට පැමිණෙන විදේශ ප්රාග්ධනය මෙන්ම ඒ වෙනුවෙන් එම ප්රාග්ධනයේ හිමිකරුවන් විසින් උපයා ගන්නා ප්‍රතිලාභද අනාගතයේදී ආපසු රටින් පිටව යන බව අවබෝධ කරගෙන එයට පෙර සූදානම්ව සිටීමයි. එය කළ හැක්කේ ප්‍රමාණවත් තරමින් විදේශ සංචිත එකතු කර ගැනීම මගිනුයි.
විදේශ සංචිත එකතු කර ගැනීමේ අරමුණ විය යුත්තේ විදේශ ප්රාග්ධනය ආපසු යද්දී නැවත එම සංචිත විකිණීම නෙමෙයි. සුවිශේෂී තත්ත්වයක් යටතේ පමණක් එසේ කරන්නට සිදු වෙනවා. සැබෑ අරමුණ විය යුත්තේ එසේ කිරීම මගින් රුපියල අධිප්‍රමාණය නොවී අවප්‍රමාණය වීමට ඉඩ හැර ස්වභාවික ලෙසම ආනයන පාලනය වීමට ඉඩ හැරීමයි. එවිට රටට පැමිණෙන විදේශ විණිමය රට තුළම ඉතිරි වෙනවා.
අපිට බැරි වෙයිද ඉකොනෝ ජේවීපී නුගත් රැල තාර බරට වත් විකුනලා ඩොලර් ටිකක් ගන්න ඉකොනෝ? පච කොටාට ඩොලරයක් වත් දෙයිද?
ReplyDelete2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු. බිලියන 4853ක් ලෙස දැක්වෙයි.
Deleteඒ අනුව රජයේ ප්‍රධාන ආදායම් රැස්කරන ආයතන වන දේශීය ආදයම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතන වෙත ඉතිහාසයේ වැඩිම රජයේ බදු අදායම් ඉලක්කය ලබා දී ඇත.
එම ඉලක්කය අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2026 වසරේදී රු. බිලියන 2401ක්,රේගු දෙපාර්තමේන්තුව රු. බිලියන 2207ක් සහ සුරා බදු දෙපාර්තමේන්තුව රු. බිලියන 245ක් ඉපයිය යුතු වෙයි.
Bellita hena vadiwa. Mage lagatama enna labewa
ReplyDeleteලිංගික අපයෝජන කරන්න එපා
ReplyDeleteප්‍රස්ථාරයේ තියෙන විදිඅට 2005-2010 මහින්ද ගේ කාලයේ ඊට පෙර පැවති ණය දෙගුණ වුනා බිලියන 11 කින්. ඒ යුද්ධයේ අවසාන කාලය නිසා වෙන්නත් පුළුවන්. ඒත් 2010 සිට 2014 දක්ව මහින්දගේ දෙවන කාලයේදී එය නැවත දෙගුණ වෙලා බිලියන 21 කින්. සාමය හරියට පාවිච්චි කලා නම විදේශ අයෝජන වැඩිවී මෙය අඩුවෙන්න තිබුණත් නාස්තිකාර වියදම් නිසා ඒක වුනේ නැහැ. ඇත්තටම රට නැති කලේ ඒ කාල සීමාව.
ReplyDeleteතීරණාත්මකම අවුරුද්ද 2010. ඩොලරයක මිල රුපියල් 114.38 සිට 110.95 දක්වා 3%කින් අඩු වුනා. රටේ විදේශ ණය එක් වසරක් ඇතුළත 53%කින් වැඩි වුනා. ඒ තමයි ඩොලරයක මිල 3%කින් අඩු කර ගැනීම සඳහා ගෙවූ මිල.
Deleteඉකොනො, ඔයා ඔහොම කිව්වට ශ්‍රී ලංකා ආර්ථික ඉතිහාසය දෙස බලන විට 2010 සහ 2011 වසර යනු දශක තුනක යුද්ධය නිමා වීමෙන් පසු (Post-war era) ශක්තිමත් ආර්ථික පිබිදීමක් පෙන්නුම් කළ වකවානුවක් නේද?
Deleteඔය කාලය තුළ ආර්ථික "වර්ධන වේගය" (Growth Rate) අතින් ඉහළ මට්ටමක පැවති අතර ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ තුළ ලංකාව කෙරෙහි සෑහෙන යහපත් ආකල්පයක් පැවතුණා.
යුද්ධය අවසන් වීමත් සමඟ රට තුළ පැවති සාමකාමී වාතාවරණය සහ යටිතල පහසුකම් සංවර්ධනය හේතුවෙන් 2010 සහ 2011 වසරවලදී ලංකාව ඉහළම ආර්ථික වර්ධන වේගයක් වාර්තා කළා
2010: ආර්ථික වර්ධන වේගය 8.0% කි.
2011: ආර්ථික වර්ධන වේගය 8.4% දක්වා ඉහළ ගියා.
වත්කම් වැඩිවීම සහ ඉදි කිරීම් ක්ෂේත්රය, සේවා අංශය සහ කෘෂිකර්මාන්තයේ ඇති වූ පිබිදීම නිසා ඒක පුද්ගල ආදායම (Per Capita Income) ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර රටේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතය (GDP) පුළුල් විය.
එභෙන්ම අපනයන ආදායම සහ සංචාරක ව්‍යාපාරය
මෙම වසර දෙක තුළ බාහිර අංශය (External Sector) ඉතා යහපත් ප්‍රතිඵල පෙන්නුම් කළා
අපනයන ආදායම: 2011 වසරේදී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ප්‍රථම වතාවට ඇමරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවා ගියා.
සංචාරක ව්‍යාපාරය ද සෑහෙන දියුණු වී සංචාරකයින්ගේ පැමිණීම 2011 දී 73% කින් පමණ ඉහළ ගිය අතර, විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ගයක් ලෙස සංචාරක කර්මාන්තය නැවත ස්ථාපිත වුණා
විදේශ සංචිත සහ විදේශ ණය ගැන බලමු
විදේශ සංචිත: 2010 සහ 2011 කාලය වන විට ශ්‍රී ලංකාව සතුව ඇමරිකානු ඩොලර් බිලියන 6ත් 7ත් අතර ප්‍රමාණයක යහපත් විදේශ සංචිත මට්ටමක් පවත්වා ගැනීමට හැකි විය.
විදේශ ණය: මෙම කාලය තුළ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා (අධිවේගී මාර්ග, වරාය, ගුවන් තොටුපළ) විශාල වශයෙන් වාණිජ ණය (Commercial Loans) ලබා ගැනීම ආරම්භ විය. මෙහිදී සහනදායී ණය වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළෙන් (ISB) වැඩි පොලියට ණය ලබා ගැනීමේ ප්‍රවණතාවක් ද දැකගත හැකි වුණා
ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් (Credit Ratings: 2010 - 2012)
Fitch, Moody's සහ Standard & Poor's (S&P) වැනි ආයතන රටක ණය ගෙවීමේ හැකියාව සහ ආර්ථික ස්ථාවරත්වය මත පදනම්ව මෙම ශ්‍රේණිගත කිරීම් ලබා දෙයි. 2010 - 2012 කාලය තුළ ශ්‍රී ලංකාව පිළිබඳ මෙම ආයතන සතු වූයේ "ධනාත්මක" (Positive) හෝ "ස්ථාවර" (Stable) දැක්මකි.
2010 - 2011 තත්වයට
Fitch Ratings
BB- (Stable)
රටේ ආර්ථික වර්ධනය සහ යුධමය තත්වය නිමවීම නිසා ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවීය (Upgraded).
Standard & Poor's
B+ (Positive)
ආයෝජකයින්ගේ විශ්වාසය ඉහළ මට්ටමක පැවති අතර විදේශ ආයෝජන ගලා ඒමේ හැකියාව පෙන්වා දුන්නේය.
Moody's
B1 (Stable)
2010 දී ප්‍රථම වරට ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළත් කළ අතර ආර්ථිකයේ ශක්තිමත් බව තහවුරු කළා
2012 වසරේ අගභාගය වන විට ආනයන වියදම් ඉහළ යාම සහ වෙළඳ හිඟය (Trade Deficit) පුළුල් වීම නිසා මෙම ශ්‍රේණිගත කිරීම්වල යම් පීඩනයක් ඇති වුවද, 2010-2011 කාලය ලංකා ආර්ථිකයේ "රන්මය යුගයක්" ලෙස ආර්ථික විද්‍යාඥයින් හඳුන්වනවා නේද?
ලංකාව 2010-2012 කාලයේදී උත්සාහ කළේ චීනය අනුගමනය කළ "යටිතල පහසුකම් හරහා සංවර්ධනය කරා යන" ආකෘතිය (China Model) ක්‍රියාත්මක කිරීමටයි. චීනය එය සාර්ථක කරගත්තේ ඔවුන්ගේ අතිවිශාල අපනයන වෙළඳපොළ සහ ඉහළ දේශීය ඉතිරිකිරීම් හේතුවෙනි. ලංකාවේදී එම ආයෝජන ණය මත පදනම් වූ බැවින් පසුව මූල්‍ය පීඩනයක් ඇති වුවද, රටේ භෞතික වත්කම් පද්ධතියේ විශාල වර්ධනයක් එම කාලයේදී සිදුවූවා
Deleteමේ නිසාම ලංකාවේ ආර්ථිකය 2010 - 2012 කාලය තුළ ශ්‍රී ලංකාවේ විදේශ ණය ඉහළ ගියද, එයට සාපේක්ෂව රටේ භෞතික වත්කම්වල සහ ආයෝජනවල සැලකිය යුතු පැහැදිලි වර්ධනයක් දක්නට ලැබුණා නේද?
යටිතල පහසුකම් වත්කම් (Infrastructure Assets):
මත්තල ගුවන් තොටුපළ, හම්බන්තොට වරාය, කොළඹ දකුණු පර්යන්තය සහ දක්ෂිණ අධිවේගී මාර්ගය වැනි මහා පරිමාණ ව්‍යාපෘති හරහා රටේ ස්ථාවර වත්කම් පදනම පුළුල් වුණා
පෞද්ගලික ආයෝජන: යුද්ධයෙන් පසු පැවති ස්ථාවරත්වය නිසා සංචාරක හෝටල් ක්ෂේත්රය සහ දේපළ වෙළඳාම් (Real Estate) ක්ෂේත්රයේ දේශීය හා විදේශීය ආයෝජන විශාල වශයෙන් ඉහළ ගියා
ණය සහ වත්කම් අතර පරස්පරය: මෙම කාලයේ ලබාගත් බොහෝ ණය වාණිජ ණය (Commercial Loans) විය. ආර්ථික විද්‍යාත්මක ගැටලුව වූයේ මෙම ආයෝජනවලින් ලැබෙන ප්රතිලාභ (Return on Investment) ණය වාරික ගෙවීමට ගතවන කාලයට වඩා ප්‍රමාද වීමයි. කෙසේ වෙතත්, රටේ සමස්ත වත්කම්වල වටිනාකම මෙහිදී විශාල ලෙස ඉහළ ගිය බව පිළිගත යුතුයි.
@ ඉකොනොමැට්ටා
ReplyDeleteලංකාවේ 2006-2014 කාලය තුළ සිදු වූ ආර්ථික ක්‍රියාවලිය දෙස වැරදි කෝණයකින් බලා, ණය වැඩිවීම සහ සංචිත අතර වෙනස "පරිභෝජනයට විනාශ කළ මුදලක්" ලෙස හුවා දැක්වීම ආර්ථික විද්‍යාවේ මූලික සිද්ධාන්ත නොදන්නා අයෙකුගේ ප්‍රකාශයක් පමණයි.
1. ණය යනු සැමවිටම "පරිභෝජනය" නොවේ, ප්‍රාග්ධන ගොඩනැගීම (Capital Formation) ගැනත් අවබෝධයක් තිබිය යුතුයි
ඔබ පවසන 2006-2014 කාලසීමාව යනු දශක තුනක යුද්ධයක් නිමා වී රටේ යටිතල පහසුකම් (මහාමාර්ග, වරාය, ගුවන් තොටුපළ, විදුලිය) දැවැන්ත ලෙස සංවර්ධනය වූ කාලයයි. ආර්ථික විද්‍යාවේදී මීට කියන්නේ Fixed Capital Formation කියායි.
උදා, ඔබ රුපියල් ලක්ෂ 100ක් ණය ගෙන නිවසක් හැදුවහොත්, ඔබේ "ණය" ලක්ෂ 100කින් වැඩි වේ. නමුත් ඔබේ "සංචිත" (අතේ ඇති මුදල) ලක්ෂ 100කින් වැඩි නොවේ. ඒ මුදල ගොඩනැගිලි ද්‍රව්‍ය සහ ශ්‍රමය සඳහා වැය වී ඇත. එසේ කියා ඔබ "සල්ලි නාස්ති කළා" යැයි කිව නොහැක. මන්ද ඔබ සතුව ලක්ෂ 100කට වඩා වටිනා "නිවසක්" (Asset) ඇති බැවිනි.
ලංකාව කළේද එයයි. ණය මුදලින් සංචිත පුරවා ගන්නවා වෙනුවට, ඒවා රටේ දේපළ බවට පත් කර තිබුණා
2. ආනයන යනු "සල්ලි එළියට යෑමක්" පමණක් නොවේ
රටකට යන්ත්‍ර සූත්‍ර, සිමෙන්ති, යකඩ සහ ඉන්ධන ගෙන්වීම ආනයනයකි. යම් පුද්ගලයෙක් පවසන්නේ නම් මේවා "පරිභෝජනයට ගියා" කියා, ඔහු දන්නේ නැත එම ආනයන හරහා රටේ නිෂ්පාදන ධාරිතාව (Production Capacity) වැඩි වූ බව. යුද්ධයෙන් පසු උතුර සහ නැගෙනහිර ප්‍රධාන ආර්ථික ප්රවාහයට එකතු වූයේ මෙම ආනයනික වියදම් මගින් ඉදි වූ පාලම් සහ පාරවල් හරහායි.
3. රුපියල අවප්‍රමාණය වීමට ඉඩ හැරීම මෝඩකමක්ද දූරදර්ශී බවක්ද යන්න ගැන හිතලා බලන්න
ආර්ථික විද්‍යාව ගැන මෙලෝ අවබෝධයක් නැතිව ඉකොනොමැට්ටා මෙතන ගහන බයිලා වල හැටියට ඉකොනොමැට්ටා පවසන පරිදි රුපියල ස්වභාවිකව අවප්‍රමාණය වීමට ඉඩ දුන්නේ නම්, එවකට පැවති උද්ධමනය පාලනය කරගත නොහැකි වනු ඇත.
රුපියල එකවර කඩා වැටීමට ඉඩ දීම යනු අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ සහ ඉන්ධන මිල දරාගත නොහැකි ලෙස ඉහළ යාමයි. එමගින් නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් අපනයන පවා අඩාල විය හැක.
සංචිත භාවිතා කර රුපියල ස්ථාවරව තබා ගැනීම "සල්ලි විනාශ කිරීමක්" නොව, ආර්ථිකය ස්ථාවරව තබා ගැනීමට (Stability) කරන ආයෝජනයකි.
4. විදේශ ප්රාග්ධනය සහ බොරුවට "බිය වීම"
විදේශ ප්රාග්ධනය ආපසු යන විට ඇති වන අවදානමට "සංචිත ගොඩගසා ගැනීම" එකම විසඳුම නොවේ. විසඳුම වන්නේ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කර එම ප්රාග්ධනය නැවත නැවතත් රට තුළ ආයෝජනය කිරීමට සැලැස්වීමයි. ප්රාග්ධනය ආපසු යයි කියා බිය වී සිටීම ආර්ථිකය හකුළුවා ගැනීමකි.
ඉකොනොමැට්ටා උත්සාහ කරන්නේ 2006-2014 කාලය තුළ කළ සංවර්ධනය "ණය උගුලක්" ලෙස පෙන්වා වර්තමාන IMF උගුලක වැටී ඇති ආර්ථික අසාර්ථකත්වය වසා ගැනීමටයි.
සංඛ්‍යා ලේඛන විකෘති කිරීමකින් ණය සහ සංචිත අතර වෙනස පමණක් පෙන්වා, රටේ බිහි වූ භෞතික සම්පත් (Assets) වල වටිනාකම සැඟවීම සිතාමතා කරන වංචාවකි.
අපනයන ආදායම නොසලකා හැරීමත් එබඳුයි, එනම් එම කාලය තුළ සංචාරක ව්‍යාපාරය සහ අපනයන ක්ෂේත්රය ලැබූ වර්ධනය ගැන මොවුන් කතා කරන්නේ නැහැ, මෙවැනි තාක්ෂණික පට්ටපල් බොරු මගින් ජනතාව මුලා කරන විට එයට එරෙහි විය යුතුයි
ඕනෑම රටක ණය වැඩි වීම සහ සංචිත ගොඩනැගීම අතර පරතරයක් ඇත. එය "පරිභෝජනයට ගිය මුදල" ලෙස හැඳින්වීම ආර්ථික විද්‍යාත්මකව හාස්‍යජනකය. එය හරියට "කඩයෙන් බඩු ගත්තාම අතේ තියෙන සල්ලි අඩුවෙනවා, ඒ නිසා බඩු ගැනීම පාඩුයි" කියා කීම වැනි බොළඳ කතාවකි.
ලංකාවේ ආර්ථික ඉතිහාසය දෙස බලන විට 2006 සිට 2014 දක්වා වූ වසර අටක කාලසීමාව යනු ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) සහ ජාතික වත්කම් (National Assets) පෙර නොවූ විරූ වේගයකින් වර්ධනය වූ අවධියකි. මෑතකදී ඇතැම් විවේචකයන් විසින් මෙම යුගයේ විදේශ ණය ඉහළ යාම සහ විදේශ සංචිත අතර ඇති පරතරය "පරිභෝජනයට නාස්ති කළ මුදලක්" ලෙස හුවා දැක්වීමට දරන උත්සාහය, ආර්ථික විද්‍යාත්මකව අතිශය හාස්‍යජනක මෙන්ම සත්‍යය විකෘති කිරීමකි. ඔවුන් පවසන පරිදි ණය ප්‍රමාණය ඩොලර් මිලියන 30,000 කින් පමණ වැඩි වූවත්, සංචිත වැඩි වූයේ ඩොලර් මිලියන 5,000 කින් පමණි. එබැවින් ඉතිරි ඩොලර් මිලියන 25,000 "රටින් පිට විය" යන පූහු තර්කය ඉදිරිපත් කරයි. මෙය සත්‍යයක් නම්, එදා ඉදි වූ දැවැන්ත වරායවල්, බලාගාර සහ අධිවේගී මාර්ග අහසින් පාත් වූ ඒවා විය යුතුය.
ReplyDeleteප්‍රථමයෙන්ම තේරුම් ගත යුත්තේ, රජයක් හෝ පුද්ගලික අංශය විදේශ ණය ලබා ගන්නේ එම මුදල් මහ බැංකු සංචිතවල ගොඩගසා තැබීමට නොවන බවයි. 2004 වන විට ඩොලර් බිලියන 20ක්ව පැවති ලංකාවේ සමස්ත ආර්ථිකය (GDP) 2014 වන විට ඩොලර් බිලියන 80ක් දක්වා සිව් ගුණයකින් වර්ධනය විය. මෙම වර්ධනය පිටුපස තිබුණේ ණය ලෙස ලබාගත් ප්රාග්ධනය මගින් ගොඩනැගූ භෞතික වත්කම්ය. නොරොච්චෝලේ බලාගාරය මගින් අදටත් රටේ විදුලි අවශ්‍යතාවයෙන් 40%කට වඩා සපයන අතර, දක්ෂිණ සහ කටුනායක අධිවේගී මාර්ග මගින් ප්‍රවාහන පිරිවැය සහ කාලය දැවැන්ත ලෙස ඉතිරි කර ඇත. මේවා "පරිභෝජනය" නොව, අනාගත පරම්පරා ගණනාවකට ප්රතිලාභ ලබා දෙන "ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය" (Gross Fixed Capital Formation) වේ.
එමෙන්ම, රුපියලේ අගය ස්ථාවරව පවත්වා ගැනීම පිළිබඳව කරන විවේචනය ද පදනම් විරහිතය. 2006-2014 කාලයේ රුපියල ස්ථාවරව තබා ගැනීම නිසා මෙරට උද්ධමනය පාලනය වූ අතර, ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව ඉහළ මට්ටමක පැවතිණි. අද මෙන් රුපියල අවප්‍රමාණය වීමට ඉඩ හැරියේ නම්, එදා හාල්, සීනි සහ ඖෂධ මිල ඉහළ ගොස් ජනතාව අන්ත අසරණ වනු ඇත. දූරදර්ශී පාලනයක් යනු තම රටේ මුදල් ඒකකය රකිමින් ජනතාවගේ ජීවන තත්ත්වය ආරක්ෂා කිරීම මිස, "ස්වභාවික අවප්‍රමාණය" යන ලේබලය යටතේ ජනතාව පීඩාවට පත් කිරීම නොවේ. ලංකාව වැනි ආනයන මත යැපෙන රටක විදේශ විනිමය පාලනයක් සහිතව සංචිත භාවිතා කිරීම ආර්ථික ස්ථාවරත්වයේ උපාය මාර්ගයකි.
මේ කාලය තුල අපනයන සහ සංචාරක ක්ෂේත්රය දෙස බැලීමේදී, 2004 දී ඩොලර් මිලියන 400ක් පමණ වූ සංචාරක ආදායම 2014 වන විට ඩොලර් මිලියන 2,400ක් දක්වා හය ගුණයකින් වැඩි විය. මෙය සිදු වූයේ රට තුළ ඇති වූ සාමය සහ යටිතල පහසුකම් දියුණුව නිසාය. විදේශ ප්රාග්ධනය රටින් පිටතට ගලා යාම ගැන බිය වන්නා, ආයෝජන මගින් රට තුළ බිහි වූ රැකියා දහස් ගණන සහ ව්‍යාපාරික අවස්ථා ගැන කතා කරන්නේ නැත. ඕනෑම රටක ආයෝජකයෙක් ලාභය රැගෙන යාම සාමාන්‍ය දෙයකි; කළ යුත්තේ ඔවුන්ව බිය ගැන්වීම නොව, තවදුරටත් රට තුළ ආයෝජනය කිරීමට අවශ්‍ය "ආයෝජක විශ්වාසය" (Investor Confidence) ගොඩනැගීමයි.
ඉකොනොමැට්ටා වැනි ඇතැමුන් ඉදිරිපත් කරන මෙම "ණය-සංචිත පරතරය" පිළිබඳ බයිලාව, හුදෙක් ගිණුම්කරණ විජ්ජාවකි. ඔවුන් ණය (Liabilities) ගැන පමණක් කතා කරන අතර, එම ණයෙන් බිහි වූ දේපළ (Assets) ගැන මුනිවත රකියි.
ඇත්තටම 2024 වන විට රටේ සමස්ත විදේශ ණය ප්‍රමාණය ඉහළ ගොස් ඇත්තේ 2015-2019 කාලයේ IMF වැඩසටහනක් යටතේ ලබාගත් දැවැන්ත වාණිජ ණය සහ වර්තමාන ආර්ථික කළමනාකරණයේ දුර්වලතා හේතුවෙනි. 2006-2014 යුගය යනු විදේශ ණය ගෙන රටේ වත්කම් ඉතිරි කළ යුගයකි. එම ඇත්ත වසා ගැනීමට කරන ඕනෑම උත්සාහයක්, රටේ සංවර්ධනයට එරෙහිව කරන අසත්‍ය ප්‍රචාරණයක් පමණි.
මෙම ඉහත සඳහන් 2006-2014 කාලය තුළ ලබාගත් විදේශ ණය හුදෙක් සංචිත ලෙස ගොඩගසා නොතබා, අනාගත ආදායම් උපදවන භෞතික වත්කම් (Physical Assets) බවට පත් කරන ලද බව පැහැදිලිවම පෙනෙන්නට ඇත
Deleteබලශක්ති ස්වෛරීභාවය
එකලදී ඩොලර් මිලියන 1,350ක් වැය කර ඉදි කළ නොරොච්චෝලේ බලාගාරය අදටත් රටේ විදුලි අවශ්‍යතාවයෙන් 40%කට වඩා සපයයි. මෙය ඉදි නොකළේ නම් 2019 වන විට ඩීසල් බලාගාර සඳහා මීට වඩා දස ගුණයක විදේශ විනිමය වැය කිරීමට සිදු වනු ඇති බව එවකට සිටි රජයේ විගණකාධිපතිවරයා 2019 දී නිල වශයෙන් සාධක සහිතව පෙන්වා දුන්නේය
ප්‍රවාහන විප්ලවයක් ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගය (ඩොලර් මිලියන 700+), කටුනායක අධිවේගී මාර්ගය (ඩොලර් මිලියන 290+) සහ පිටත වටරවුම් මාර්ගය හරහා ප්‍රවාහන පිරිවැය සහ කාලය දැවැන්ත ලෙස ඉතිරි විය.
නාවික සහ ගුවන් සේවා සංවර්ධනය නිසාම කොළඹ වරායේ දකුණු පර්යන්තය (CICT) සහ හම්බන්තොට වරාය වැනි වත්කම් මගින් ලංකාව නාවික මධ්‍යස්ථානයක් ලෙස ලෝක සිතියමට එක් කළේය.
ග්‍රාමීය ආර්ථික පිබිදීමක් ලෙස 'මඟ නැඟුම' සහ 'ගම නැඟුම' යටතේ රුපියල් බිලියන සිය ගණනක් වැය කරමින් රට පුරා ඉදි වූ පාලම් සහ කිලෝමීටර ලක්ෂයක පමණ කාපට් පාරවල් අදටත් ග්‍රාමීය ආර්ථිකයේ කොඳු නාරටියයි.
2015-2019: කෙටි කාලීන වාණිජ ණය උගුල (ISB) ගැන මේ පොතේගුරු විවේචකයන් සඟවන ලොකුම කරුණ වන්නේ 2015-2019 කාලය තුළ සිදු වූ විනාශයයි. එම පාලන කාලය තුළ රටේ කිසිදු ප්‍රධාන වත්කමක් (Assets) නිර්මාණය නොවූ අතර, ඒ වෙනුවට සිදු වූයේ අධික පොළී සහිත ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) හරහා කෙටි කාලීන ණය ලබා ගැනීමයි.
දත්තමය සත්‍යය: 2015 වන විට ලංකාවේ මුළු විදේශ ණයවලින් ISB ණය ප්‍රමාණය ඩොලර් බිලියන 5ක් පමණ වූ අතර, 2019 වන විට එය ඩොලර් බිලියන 15 දක්වා තුන් ගුණයකින් වැඩි විය.
අධික පොළිය සහීත මෙම ණය සඳහා 6% - 8% වැනි ඉහළ පොළියක් ගෙවීමට සිදු වූ අතර, ඒවා ගෙවීමට සිදු වූයේ වසර 5-10 වැනි කෙටි කාලයකිනි. 2006-2014 කාලයේ ලබාගත් සහනදායී ණය (සීඝ්‍ර සංවර්ධන ණය) මෙන් නොව, මේවා කිසිදු නිෂ්පාදන කාර්යයකට යොදවන්නේ නැතිව එදිනෙදා වියදම් පියවීමට යොදා ගැනිණි.
එකල හිරවූ IMF ණය උගුල: වර්තමාන ආර්ථික අර්බුදයේ මුල පවතින්නේ 2015-2019 කාලයේ ලබාගත් මෙම අධික පොළී කෙටි කාලීන ණය කළමනාකරණය කිරීමට නොහැකි වීම තුළය.
ආර්ථික වර්ධනය සහ රුපියලේ ස්ථාවරත්වය
2004 දී ඩොලර් බිලියන 20ක් වූ ලංකාවේ GDP අගය 2014 වන විට ඩොලර් බිලියන 80ක් දක්වා වර්ධනය වූයේ රුපියල ස්ථාවරව තබා ගැනීම නිසා උද්ධමනය පාලනය වූ අතර, ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව ඉහළ මට්ටමක පැවතිණි. 2015-2019 කාලයේ රුපියල වේගයෙන් අවප්‍රමාණය වීමට ඉඩ හැරීම නිසා ආනයන මිල ඉහළ ගොස් දේශීය කර්මාන්ත කඩා වැටීම ආරම්භ විය.
2006-2014 කාලයේ ණය ගෙන රටේ වත්කම් නිර්මාණය කළ අතර, 2015-2019 කාලයේ ණය ගෙන එම ණයවලින්ම ණය සහ පොළිය ගෙවන විනාශකාරී චක්‍රයකට රට ඇද දැමීය. අද ජාතික ජන බලවේගය වැනි කණ්ඩායම් පෙන්වන ඩොලර් මිලියන 25,000ක පරතරය තුළ ඇත්තේ එදා ඉදි වූ පාරවල්, විදුලි බලාගාර සහ වරායවල්ය. ඒවා "පරිභෝජනය" ලෙස හැඳින්වීම හුදෙක් සිය ආර්ථික මෝඩකම ප්‍රදර්ශනය කිරීමක් හෝ බංකොලොත් දේශපාලන ප්‍රචාරණයක් පමණි.
අනේ මන්දා ඊකොනෝ ලංකාවේ මේ දවස් වල ඉන්න ජනාධිපති වගේම ආණ්ඩුව කිසිම අලුත් ප්‍රතිපත්ති මට්ටමේ හෝ කළමණාකරණ මට්ටමේ හෝ කිසිම දක්ෂකමක් නැති වාචාල දොඩන්නන් පිරිසක් බවයි බොහෝ දෙනාට මේ වෙනකොට වැටහී තිබෙන්නේ, ජනාධිපති තරමක් දුරට කතාවට දක්ශයි. කයිතන් ආණ්ඩුව කියන්නෙ නිකන් නෙමෙයිනෙ. ඒත් ඉතින් ඒකත් දැන් බහුතර ජනතාවට එපා වෙලා තියෙන්නේ.
ReplyDeleteඒත් පොර කන්කසන්තුරේ තිස්ස විහාරෙ ගලවයිද? පිටරටවල ඉන්න ලංකා සම්භවයක් ඇති උතුරේ දමිළ ප්‍රජාව ආණ්ඩුව වෙනුවෙන් විශාල ලෙස මුදල් වියදම් කරපු නිසා ඒ අය සතුටු කරන්න හිතාගෙන බොරුවට උතුරට ගිහින් කයිය ගහනවා.
උතුරේ ජනතාව තව කොච්චර කාලයක් ඔය පයිත්තියන් වලට අත්පුඩි ගහලා සෙල්ෆි ගහයිද?
රටේ කොයි කොනේ ගත්තත් ග්‍රාමීය පාරක් විවුර්ත කරනව ඇරෙන්න වැඩක් තාමත් හරියට කෙරෙන්නෙ නැහැ.
නන්දලාල් වීරසිංහටයි, මුදල් අමාත්‍යාංශයේ එව්වන්ටයි පින්සිද්ද වෙන්න ආර්තික කලමනාකරනය වැඩේ හෙමිහිට යටින් යනවා.
ඇත්තටම ලංකාවේ අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ කරලා වෙනස් කල යුත්තෙ ඇයි කියන එක මේ ඉකොනොමැට්ටාගේ පොස්ට් එකම හොඳම උදාහරණයක්
ReplyDeleteඉකොනොමැට්ටාට කිසිම ආකාරයක ප්‍රායෝගික භාවිතය ගැන අවබෝධයක් නැතිව IMF සහ එවැනි එක්සත් ජනපද හිතවාදී මාධ්‍ය තමන්ගේ භූ දේශපාලන න්‍යාය පත්‍රය නිසා පතුරුවන අසත්‍ය ප්‍රචාර ඒ විදියටම මේකෙත් ලියනවා
උදාහරණ විදිහට ඇක්සිඩන්ට් වෙන වාහනයක ඉන්ශුවරන්ස් ක්ලේම් කරද්දි ඒකට ගන්න වර්තාව පිලිගත් ලියාපදිංචි ගැරේජ් එකකින් ගත්ත එකක් වෙන්න ඕන…ඒහෙම නැතුව වාහන හදන ගැරෙජ් වැඩ කරන ඕනම එකකින් ගත්තා කියලා පිලිගන්නෙ නැ…
මේක අර රටින් හාල් ගෙන්න නම් ජනාධිපතිවරු මොකටද පිටකොටුවේ තොග මුදලාලි කෙනෙක්ට රට බාරදෙන්න කියලා කියපු ගොබ්බ තකතීරු මැටිමෝල් පොරකට චන්දෙ දිලා දැනුත් ඒ කියපු ඒකාම ලැජ්ජා නැතුව රටින් හාල් ගේන වැඩේ කරන දිහා අවුලක් නැතිව බලන් ඉන්න එකනේ වැඩේ..🙏🙏
@ ඉකොනොමැට්ටා
ReplyDeleteලංකාවේ වර්තමාන රජය බලාපොරොත්තු වන පරිදි මේ වසර ඇතුලත රු. බිලියන 4,853ක ආදායමක් ලැබීමට නම්, රටේ ආර්ථික ක්‍රියාකාරකම් (Economic Activities) ඉතා දැඩි වේගයකින් වර්ධනය විය යුතුය. නමුත් දැනට පවතින ආර්ථික පසුබිම තුළ මෙය ප්‍රායෝගික වීමට බාධා ගණනාවක්ම පවතින බවයි මගේ අදහස.
ලාෆර් වක්‍රය (Laffer Curve) පිළිබඳ න්‍යාය අනුව එනම් ආර්ථික විද්‍යාවේ ලාෆර් වක්‍රයට අනුව, බදු අනුපාත (Tax Rates) යම් සීමාවකට වඩා ඉහළ දැමූ විට රජයේ බදු ආදායම වැඩිවීම වෙනුවට අඩු වේ. මක්නිසාද යත්, අධික බදු බර නිසා ජනතාවගේ පරිභෝජනය අඩුවීම සහ ව්‍යාපාරිකයන් සිය නිෂ්පාදන සීමා කිරීමයි. ඒ නිසාම රජයේ 2026 ඉලක්කය සපුරාලීමට නම් බදු පදනම (Tax Base) තවත් සැලකිය යුතු ලෙස පුළුල් කළ යුතුය, නමුත් දැනට සිදු වන්නේ පවතින සුළුතරයක් මත තව තවත් බදු බර පැටවීමයි.
ආනයන සීමා සහ රේගු ආදායම බලද්දී රේගුවට ලබා දී ඇති බිලියන 2207ක ඉලක්කය සපුරා ගැනීමට නම් රටට ගලා එන ආනයන ප්‍රමාණය විශාල ලෙස ඉහළ යා යුතුය. නමුත් සංචිත රැක ගැනීමට අධික බදු පණවා ආනයන සීමා කර ඇති පසුබිමක, රේගු ආදායම ඉහළ යා හැක්කේ රුපියල තවදුරටත් අවප්‍රමාණය වී භාණ්ඩ මිල සැලකිය යුතු ලෙස ඉහළ ගියහොත් පමණි. එය උද්ධමනයට මග පාදන්නකි.
එමෙන්ම 2025 වසරේ බදු ආදායම සහ සැබෑ තත්ත්වය ගැන සලකා බලමු
2025 වසර සඳහා ද මෙවැනිම ෆැන්ටසි ඉහළ ඉලක්ක ලබා දී තිබුණත්, සැබෑ ආදායම සහ ඉලක්ක අතර සැලකිය යුතු පරතරයක් (Substantial Revenue Gap) දැකිය හැකි වුණා
ඉලක්කය සහ සැබෑව බලනකොට 2025 වසරේ මුල් භාගය වන විට රජය අපේක්ෂිත බදු ආදායමෙන් සපුරා ගැනීමට හැකි වූයේ 65% - 70% වැනි ප්‍රමාණයක් පමණි.
හේතු: ජනතාවගේ සැබෑ ආදායම (Real Income) සැලකිය යුතු ලෙස අඩු වීම නිසා එකතු කළ අගය මත බදු (VAT) ආදායම අපේක්ෂිත මට්ටමට නොපැමිණීම. එසේම, වර්තමාන රජයේ ඇති දැවැන්ත වංචා දූෂණය සහ බදු පරිපාලනයේ පවතින අක්‍රමිකතා, වංචා සහ දැඩි අකාර්යක්ෂමතාවය නිසා බදු දැලෙන් රිංගා යන පිරිස සැලකිය යුතු ලෙස ඉහළ වීම.
දෙපාර්තමේන්තු අනුව විශ්ලේෂණය කරමූ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (බිලියන 2401)
මෙය සපුරා ගැනීමට නම් ව්‍යාපාරික ලාභ සහ පුද්ගලික ආදායම් විශාල ලෙස ඉහළ යා යුතුය. නමුත් වර්තමාන ආර්ථික හැකිලීම තුළ ලාභ ලැබීම බරපතල අභියෝගයක් වී ඇත.
රේගු දෙපාර්තමේන්තුව (බිලියන 2207)
රටේ රේගු ආදායම රඳා පවතින්නේ රටේ මිලදී ගැනීමේ ශක්තිය මතය. බදු ඉලක්කය සපුරා ගැනීමට නම් වාහන ආනයනය වැනි ඉහළ බදු සහිත භාණ්ඩ ආනයනය වැඩි කිරීමට රජයට සිදු වනු ඇත.
සුරාබදු දෙපාර්තමේන්තුව (බිලියන 245)
රටේ මත්පැන් මිල විශාල ලෙස ඉහළ යාම නිසා නීත්‍යානුකූල මත්පැන් පරිභෝජනය දැඩිලෙස අඩු වී නීතිවිරෝධී මත්පැන් ප්‍රවණතාව සෑහෙන ඉහළ යාම නිසා මෙම ඉලක්කය ද දැඩිඅවදානමක පවතී.
ආර්ථික විද්‍යාව අනුව ලංකාවේ
2005-2015 යුගයේදී රජයේ ආදායම ඉහළ ගියේ බදු අනුපාත ඉහළ දැමීමෙන් නොව, ආර්ථිකය ප්‍රසාරණය වීම (Economic Expansion) හරහායි. එනම් රටේ නිෂ්පාදනය වැඩි වන විට බදු ආදායම නිරායාසයෙන්ම වැඩි විය. නමුත් වර්තමානයේ ආර්ථිකය හැකිලෙද්දී (Negative or Low Growth) බදු ඉලක්ක ඉහළ දැමීම ආර්ථික විද්‍යාත්මකව "ජලයෙන් තොර ළිඳකින් දිය ඇදීමට" උත්සාහ කිරීම වැනියි නේද? මේ ගැන විස්තර සහිතව පැහැදිලි කරන්න පුළුවන්ද?
+++
ReplyDelete