මූල්‍ය අරමුදලේ තුන්වන විමර්ශනයේ වාර්තාව තවමත් ප්‍රසිද්ධ කර නැහැ. නමුත්, හතරවන වාරිකය අනුමත කරමින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙහි ඔවුන්ගේ යාවත්කාලීන කළ ඇස්තමේන්තු තිබෙනවා.
අපි මුලින්ම ඔවුන්ගේ ආර්ථික වර්ධන ඇස්තමේන්තු වලින් පටන් ගනිමු.
2024 - 4.5%
2025 - 3.0%
2026 - 3.0%
2027 සිට - 3.1%
දැන් අපට මෙම ඇස්තමේන්තු ඔවුන්ගේ 2023 මාර්තු ඇස්තමේන්තු සමඟ සංසන්දනය කළ හැකියි.
2024 - 1.5%
2025 - 2.6%
2026 - 3.0%
2027 සිට - 3.1%
මේ ඇස්තමේන්තු සකස් කරන විට 2024 තුන් වන කාර්තුවේ දදේනිය ගණන් හදා තිබුණේ නැහැ. එම අගය, අනපේක්ෂිත හොඳ මට්ටමක (5.5%) තිබුණා. ඒ අනුව, 2024 ආර්ථික වර්ධන වේගය 4.5% මට්ටමේ තියෙන්නනම් හතරවන කාර්තුවේ වර්ධන වේගය 2.5% පමණ විය යුතුයි. එම අගය බොහෝ විට ඊට වඩා ඉහළ අගයක් වෙන්න ඉඩ තිබෙනවා. ඒ නිසා, පසුගිය 2024 වසරේ ආර්ථික වර්ධන වේගය 4.5% මට්ටම ඉක්මවා ඇතැයි සිතන්න පුළුවන්.
පෙන්විය යුතු වැදගත් කරුණ එය නෙමෙයි. පසුගිය වසරේ ආර්ථික වර්ධන වේගය මුලින් හිතූ මට්ටමට වඩා සැලකිය යුතු ලෙස වැඩි වී තිබුණත්, අරමුදල ඔවුන්ගේ දිගුකාලීන ආර්ථික වර්ධන ඇස්තමේන්තු වෙනස් කරලා නැහැ. 2025 ඇස්තමේන්තුව පොඩ්ඩක් උස්සලා තිබුණත්, එය 2026 මට්ටමට වඩා උඩට උස්සලා නැහැ. ඒ වගේම, 2026 සිට ඉදිරියට ඇස්තමේන්තු වෙනස් කරලා නැහැ.
මේ අනුව පෙනෙන්නේ අරමුදලට අනුව කෙටිකාලීනව ආර්ථික වර්ධන වේගය තරමක් වැඩි වී තිබුණත් රටේ දිගුකාලීන වර්ධන විභවයේ වෙනසක් වී ඇති බවක් ඔවුන් නොදකින බවයි. ඇත්තටම රටකට වැදගත් දිගුකාලීනව සාමාන්‍ය වශයෙන් කොයි තරම් වේගයකින් වර්ධනය විය හැකිද කියන එකයි. අතරින් පතර අවුරුදු කීපයක් ඉහළ වර්ධන වේගයක් තිබු පමණින් රටක මිනිසුන්ගේ ජීවන තත්ත්වයේ දැනෙන වෙනසක් වෙන්නේ නැහැ.
අලුත් ඇස්තමේන්තු අනුව වුවද, 2025-2027 අවුරුදු තුනේ වර්ධන වේග වල එකතුව 9.1%ක් පමණයි. ප්‍රතිව්‍යුහගත කළ ස්වෛරිත්ව බැඳුම්කර සඳහා ලැබුණු හෙයාකට් එක අඩු වෙන්නේ මේ වසර තුනේ වර්ධන වේග වල එකතුව 11.1%ට වඩා වැඩි වුනොත් පමණයි. වර්ධන වේගය ඒ සීමාවෙන් එහාට නොයන්නත් සැලකිය යුතු ඉඩක් තිබෙනවා.
අරමුදලේ ඇස්තමේන්තු වල විදිහට ආර්ථිකය වර්ධන වුනොත්, යාන්තම් 2018 හිටපු තැනට එන්න ලැබෙන්නේ 2028දී. ඒ කියන්නේ අහිමි වූ දශකයකට පසුව. ඊට වඩා වේගයෙන් ආර්ථිකය වර්ධනය වුනොත් 2027දී හෝ ඇතැම් විට 2026දී 2018 හිටපු තැනට එන්න පුළුවන් වෙයි.
දෙවනුව මම අවධානය යොමු කරන්නේ සංචිත ඉලක්ක වලට. පහත තිබෙන්නේ සංශෝධිත සංචිත ඉලක්ක.
2025 - ඩොලර් මිලියන 7,056
2026 - ඩොලර් මිලියන 9,303
2027 - ඩොලර් මිලියන 13,118
මේ අනුව, ඉදිරි (2025) වසරේ ඉලක්කයට යන එක ඒ තරම්ම අමාරු වැඩක් නෙමෙයි. එකතු කරගන්න තියෙන්නේ ඩොලර් බිලියනයක පමණ මුදලක්. අභියෝගය තියෙන්නේ 2026 හා 2027 අවුරුදු දෙකේදී. එම අවුරුදු දෙකේදී පිළිවෙළින් ඩොලර් බිලියන දෙකක් හා ඩොලර් බිලියන හතරක් (ආසන්න වශයෙන්) එකතු කරගන්න වෙනවා. ඊට අමතරව චීනයෙන් ගත් යුවාන් බිලියන දහය ආපසු ගෙවන්න තවත් ඩොලර් බිලියන 1.4ක් අවශ්‍ය වෙනවා.
සංචාරක ආදායම් ඉදිරි වසර වලදී ඉහළ යයි. නමුත් එහි සීමාවක් තිබෙනවා. ඒ නිසා, විදේශ විණිමය ආදායම් වල කිසියම් දැනෙන වැඩිවීමක් සිදු වුනේ නැත්නම්, මේ අවුරුද්දේ කොහොම වෙතත්, 2026දී සහ ඊටත් වඩා වැඩියෙන් 2027දී ඩොලරයක මිල මත සැලකිය යුතු පීඩනයක් එන්න පුළුවන්.
ආර්ථික වර්ධනය වැඩිවීමට සහ විදේශ විණිමය ආදායම් ඉහළ යාමට හේතු වන අමුතු විශේෂ දෙයක් සිදු වන බවක් දැනටනම් පෙනෙන්න නැහැ. ඒ සඳහා කළ යුත්තේ කුමක්ද කියන ප්‍රශ්නය මගෙන් අහන්න එපා. එවැනි නිශ්චිත අත් දුටු ප්‍රතිකාර මා ළඟ නැහැ. හම්බන්තොට පිරිපහදුව වගේ ආයෝජන නිසා කොයි තරම් විදේශ විණිමය රටට ආවත්, ඒ විදේශ විණිමය නැවත ආනයන ලෙස ආපසු යන නිසා සංචිත වලට එයින් වාසියක් ලැබෙන්නේ නැහැ.
Mudal hoyamu. Goda yamu.
ReplyDeleteඉකොනොමැට්ටා
ReplyDeleteමූල්‍ය අරමුදල IMF මෙහෙයවීම කරන අය වගේම බටහිර දේශපාලන නායකත්වයත් මෙහෙයවනුයේ "ගෝලීය මූල්‍ය හා තාක්ෂණික ප්‍රභූන් "(elites) විසින්.
ගෝලීය දේශපාලන නායකත්වය රූකඩ බවට පත්ව ඇත. "
" ගෝලීය ප්‍රභූන්ව" නියෝජනය කරන්නේ කවුද? අත්‍යවශ්‍යයෙන්ම, අතිශයින්ම ධනවත් පුද්ගලයන් ය - විශේෂයෙන් Rothschild සහ Rockefeller පවුල්වල තනි සාමාජිකයන් මෙන්ම අනෙකුත් පැරණි සහ අසාමාන්‍ය ධනවත් පවුල් (රාජකීය පවුල් ඇතුළුව) සහ වරින් වර ප්‍රකාශයට පත් කරන ලද සාමාන්‍ය 'පොහොසත් ලැයිස්තු' වලින් නොවෙනස්ව බැහැර කරන පුද්ගලයින් සහ black rock, vanguard වැනි සමාගම් ද ඇතුළත් තාක්ෂණික යෝධයන් වන Elon Musk, Jeff Bezos සහ Bill වැනි දැනට කැපී පෙනෙන පුද්ගලයන් ය. කෙසේවුවද භූ දේශපාලනය සුසමාදර්ශී පෙරලියක් අද්දර ද...? විකට සංදර්ශණ හා සම්පත් බෙදාගැනීම කෙසේ සිදුවෙයි ද?
ධවල මන්දිරයේ සිදුවූ ට්‍රම්ප් සෙලෙන්ස්කි ගැටුම ගැන කතාකල යුතු දෙයක් තියනවාද.?
ඇත්තටම ඒක උද්දච්ඡ ව්‍යාපාරික නායකයෙකුගේ සහ අත්දැකීම් නැති මමත්වයක් සහිත නායකයෙකු අතර සිදුවූ මාධ්‍ය සංදර්ශණයක් මිස වෙන කිසිවක් නොවෙයි.
ඊලඟට අපිට අහන්න පුළුවන් සෙලෙන්ස්කි ධවල මන්දිරයට ගියේ සාම ගිවිසුමක් අත්සන් කිරීම පිනිසද යනුවෙන්.
නැහැ.
පලමු අරමුණ ඛණිජ සම්පත් සහිත භූමි පාලනය ඇමරිකා එක්සත් ජනපදයට ලබාදීමේ ගිවිසුම අත්සන් කිරීම. මේ ඛනිජ සම්පත් සහිත භූමි ඇමරිකානු රජයට ලබාදිය යුත්තේ ඇමරිකානු රජය විසින් එවකට සැපයූ යුධ ආධාරවලට හිලව්වීම සඳහා බවයි ට්‍රම්ප් පාලනය පවසන්නේ. ( ඩොලර් බිලියන 300 ක පමණ ප්‍රමාණය ණය මිස අධාර නොවන බව ට්‍රම්ප් පාලනය පවසනවා)
මොනවද මේ ඛනිජ සම්පත්.
1. ග්‍රැෆයිට්. - ටොන් මිලියන 19 ක් යුක්‍රේනය සතුයි.
2. ලිතියම්-ලෝක ලිතියම් සංචිතවලින් 7% - 10% පමණ ප්‍රමානයක් යුක්‍රේණය සතුවීම
3 ටයිටේනියම්.-ලෝක ටයිටේනියම් නිෂ්පාදනයෙන් 7% ක ප්‍රමාණයක් යුක්‍රේණය් සතු අතර සමස්තය කොපමණදැයි නිවැරදිව ගණනය කිරීමට නොහැකියි.
මීට අමතරව කෝබාල්ට් වැනි ඉතා විරල ඛණිජ සම්පත් මේ භූමිය සතුයි.
මේ සම්පත් ලබාදීමේ ගිවිසුම අත්සන්කල පසු යුක්‍රේනයේ ආරක්ශාව ( security guarantee of Ukraine) ගැන වගවිය හැකිබවයි ධවල මන්දිරය ප්‍රකාශ කරන්නෙ.
නමුත් සිදුවූයේ උසස් විදේශීය සාකච්ඡා සඳහා සූදානමක් හැකියාවක් නැති මේ දෙපිරිස ලෝක මාධ්‍ය ඉදිරියේ විකටයන් බවට පත්වීම පමණයි.
ඇමරිකානු මාධ්‍ය කරුවෙක්- ඇයි ඔබ ටයිකෝට් නැතුව ආවේ. මේක විශාල අගෞරවයක් .
සෙලෙන්ස්කි - මගේ රට ඉන්නෙ දරුණු යුද්ධයක.
යුද්ධය අවසන් වුනු දවසක මම ටයි කෝට් අඳිනවා.
ඇමරිකානු උප ජනාධිපති ජේ ඩී වෑන්ස් - ඔබේ රටේ මිනිස්සු දුක් විඳිනවා.. ඔබේ රට අසරණයි.
සෙලෙන්ස්කි- ඔබ මගේ රටට එක සැරයක් හෝ ඇවිත් තිබේද ? ඇවිත් බලන්න.
වෑන්ස්- නෑ මම ඇවිත් නෑ. මම ගූගල් මැප් මගින් දැක තිබෙනවා.
ට්‍රම්ප්- ඔබට බෑ තර්ක කරන්න. ඔබට කාඩ් නැහැ සෙල්ලම් කරන්න.
සෙලෙන්ස්කි- මම මෙතනට ආවෙ කාඩ් සෙල්ලම් කරන්න නෙවේ.
ට්‍රම්ප්- ඇමරිකානු ආධාර නැතිනම් යුක්‍රේණය සති තුනක් ඇතුලත රුසියාව විසින් යටත්කර ගන්නවා.
සෙලෙන්ස්කි- සති තුනක්.. ? වෙන්න පුළුවන් .
නමුත් මට ඔය කථාව මීට කලින් අහලා පුරුදුයි.
පූටීන්.. පූටින් කීවෙ දවස් තුනක් ඇතුලත උඹේ රට අල්ලනවා කියලා. දවස් තුනක්.
මේ විහිළුවක් නෙවෙයි. නමුත් මාධ්‍ය ඉදිරියේ රඟන්න සූදානම් වූ සම්භාව්‍ය නාටකයක් විහිළු නාටකයක් වීම පමණයි සිදුවූයේ.
ට්‍රම්ප්ගේ සැලසුම වන්නේ රුසියානු මාධ්‍ය හා ලොක මාධ්‍ය ඉදිරියේ සෙලෙන්ස්කි පහත්කොට සමතලා කිරීම වූවත් පූටින්ගේ නම සඳහන් කිරීමත්.. චෝදනා කිරීමත් සමග කෝප වූ ට්‍රම්ප්ගේ ප්‍රකාශත් ඊට ලැබෙන පිලිතුරුත් සමග නාට්‍ය සංදර්ශණය විහිළුවක් බවට පත්වූණා
මීට පෙර ඇමරිකානු පාලනය විසින් යෙල්ට්සින් පාලනයත් පුටින් සාධකයත් ඉහලට ඔසවා තැබීමට සැලසුම්කල ආකාරය ගැන බලද්දී මේ දෙපිරිස යටින් එකම බලය ක්‍රියාතමකවන අයුරුත් අපිට පේනවා.ට්‍රම්ප් වෙනුවෙන් ප්‍රීති ඝෝශා නගන කිසිවෙක් ප්‍රශ්ණ කරන්නෙ නෑ ඔහු නොගෙවා පැහැර හරිනලද බදු මුදල් ගැන.ස්ත්‍රී දූශණ හා අනෙකුත් දූශණ චෝදනා මවපු කාරණා බව අපි අනුමාන කලත් .. බංකොලොත් තත්වයට පත්වූ ට්‍රම්ප් ව්‍යාපාර අයත් ඩොනල්ඩ් ට්‍රම්ප් බංකොලොත් නොවුනේ කොහොමද කියන කාරණයත් අපිට අමතකයි.
Delete1. ඇට්ලාන්ටා සිටි ටජ් මහල් - 1992 දී බංකොලොත් වූ මෙම ව්‍යාපාරය ඩොලර් මිලියන 55 කට ආසන්න බව වොශින්ග්ටන් පෝස්ට් ෆැක්ට් චෙක් ආයතනය පවසනවා.
2. ට්‍රම්ප් හොටෙල් ඇන්ඩ් කැසිනෝ ව්‍යාපාරය බංකොලොත් වන්නේ 2009 වසරේ.
බංකොලොත් අගය ඩොලර් බිලියන 1.8. ( ට්‍රම්ප් ප්ලාසා හොටෙල් , ට්‍රම්ප් කාස්ට්ල් හොටෙල්, ට්‍රම්ප් එනටර්ටේන්මන්ට් රිසෝර්ට් ආදී වශයෙන්)
3. ට්‍රම්ප් ශට්ල් ( ට්‍රම්ප් එයාලයින්) - ඩොලර් මිලියන 150-200 අතර.
4. ට්‍රම්ප් විශ්ව විද්‍යාල. ඩොලර් මිලියන 25- 40 ( 2004 -2011)
මේ ආදී වශයෙන් ට්‍රම්ප් විසින් ගෙවිය යුතු මුදල ඩොලර් බිලියන ගණනාවක්. නමුත් මේ ණය හෝ ගෙවිය යුතු මුදල් ගෙවීම වෙනුවට දේශපාලනයට පැමිණෙන ට්‍රම්ප් ජනාධිපති වූ සැනින් අළුත් විනිශ්චය මන්ඩලයක් හා නීති සම්පාදනය කොට මුදල් හා දඩ ගෙවීම මගෑරීම පමනයි සිදුකරන්නේ.
අපිට කියන්න පුළුවන් ඔහු අසාර්ථක ව්‍යාපාරිකයෙක් හා සාර්ථක නායකයෙක් බව.
නමුත් මේ මුදලත් ඇමරිකානු වැසියන්ට හිමි බදු මුදල් මිස වෙන කිසිවක් නොවේ.
සාර්ථක නායකයෙකු නම් ඔහු පැවසිය යුතුයි ට්‍රම්ප් ආයතන බංකොලොත්වන හැම විටකම එයින් ගොඩ ඒමට හා නව වත්කම් මිලදී ගැනීමට මුදල් ලබාදෙන්නේ කවුරුන් විසින්ද බව. ඒ බව අද වනතුරුත් ඔප්පු කරන්න ට්‍රම්ප්ට හැකියාවක් නැහැ. මේ ලබාගත් විශාල මුදල වෙනුවෙන් ට්‍රම්ප් කලයුත්තේ කුමක්ද.?
මේ ගැන ප්‍රශ්ණ කරන යමෙකුට සිදුවෙනවා 1977 තරම් ඈත කාලයකට යන්න.
මේ වසරේදී ඩොනල්ඩ් ට්‍රම්ප් විවාහ වන්නේ චෙකොස්ලොවැකියානු ක්‍රීඩිකාවක්.. නිරූපිකාවක් වූ ඉවානා ට්‍රම්ප් සමග. විවාහ දෙකකින් හා ආදර සම්භන්ධතා ගණනාවකින් පසු ඉවානාට ට්‍රම්ප් මුනගැහෙන්නෙ කැනේඩියානු නිරූපිකාවල් ලෙසයි.
අපි මේ කතාකරන කාලයේ චෙකොස්ලොවැකියාව සෝවියට් කඳවුරේත් කේ .ජී.බී ඔත්තු සේවාවලත් ප්‍රධාන ඛේන්ද්‍රස්‍ථානයක්. ගෝස්ට් රයිටර් ( Ghost writer) වැනි චිත්‍රපටියක් අළුතෙන් නිෂ්පාදනය කරන්න තරම් තොරතුරු මේ සම්බන්ධයෙන් සොයාගන්න පුළුවන්.
ඒ කෙසේ වුවත් "මොස්කව් ට්‍රම්ප් ටවර්" තවමත් ට්‍රම්ප්ගේ ඉටුකරගත නොහැකි අරමුණුවලින් හෝ හීනවලින් එකක් පමණයි.
සමහරවෙලාවට ඔබ අතරමංවෙන්න පුළුවන්.
අපි එක්තරා තැනකදි කතාකලා සෝවියට් දේශය බිඳවැටීමෙන් පසු යෙල්ට්සින් පුටින් පාලනය ස්ථාපිතකල අමරිකානුවන් ගැන. දැන් අපි කතාකරනවා ට්‍රම්ප්ව ස්ථානගතකල රුසියානුවන් හා බලවත් සම්භන්ධයන් ගැන.
ඇත්ත වශයෙන්ම සිදුවෙන්නෙ කඳවුරු දෙකක කුමන්ත්‍රණයක් ලෙසින් .. කඳවුරු දෙකක් අතර යුද්ධයක් ලෙසින් පෙනුනත් මේ හැමදෙනාම මෙහෙයවන්නේ එකම බලකඳවුරකින් පමණක් වීමයි. ( මේ දෙපිරිසම එකම කඳවුරක බව අපි සාකච්ඡා කරන්නේ වසර කීපයක සිටයි)
වෝල්ටන්.. කොච්.. රොබර්ට් මර්සෙර්.. රොත්ශීල්ඩ්.. මෝර්ගන් වැනි ඉහලම ධනවත් කන්ඩායමක අවශ්‍යතාවයන් ඉටුකරන්න මේ දෙපිරිසටම සිදුවෙනවා. ඉන්දීය හා චීන සම්භවයන් සතු ව්‍යාපාරත්.. අරාබි තෙල් වෙළඳ කන්ඩායමත් මෙහි ඉතා සුළු භූමිකාවක් නිරූපනය කරනවා. දේශපාලකයා සමාජවාදීද.. ධනවාදීද.. ලිබරල්ද කියන ප්‍රශ්නය මොවුන්ට අදාල නැහැ.
ඇමරිකානු බදු මුදල් රුසියානු යුද්ධයට යෙදවීම අසාධාරණයි. ඒ සමගම මේ රටවල් යුද්ධය නැවැත්වීමට කටයුතුකිරීම සාධාරණයි.
නමුත් මෙහි සිදුවන අශ්ලීල ව්‍යාපාර මාෆියාවත් මාධ්‍ය සංදර්ශණයත් සාධාරණ බව ඔබට කිවහැකිද.?
විශාල රටවල් එකතුව කුඩා රටක සම්පත් බෙදාගැනීම ශිෂ්ඨ සම්පන්න ලෙස දකින්න අපිට පුළුවන්ද.?
යටත් විජිතවාදයට විරුද්ධව කවි ගී ලියන සමාජයට පුළුවන්ද බලවත් රටවල් විසින් දුර්වල රාජ්‍යයක් යටත් කරගැනීම ගැන ප්‍රශ්ස්ථි ලියන්න.?
මේ රටවල් දෙකම හෝ කීපයම අයත් වන්නේ එකම කඳවුරකට නම් මීට කිසිම සම්භන්ධයක් නැති පිරිස් දෙකට බෙදී වාද විවාද කරන්නෙ කුමක් නිසාද?
ඒ පිල් බෙදීමට ඇති ආශාව නිසා. කඳවුරකට ගාල්වීමේ ලාබාල ආශාව නිසා.
ඇයි ඇමරිකාව සතුරෙක් යැයි කියූ මේ පිරිස දැන් සෙලෙන්ස්කි සතුරෙක්.. රූකඩයක් ලෙස දකින්නේ?
ඒ ඔවුන්ට පොදු සතුරෙක් අවශ්‍ය නිසා.
සමහරවිට සෙලෙන්ස්කි නැවත ධවල මන්දිරයට යාවි. එවිට මොවුන්ගේ පොදු සතුරා බවට පත්වන්නේ යුරෝපය.
එහෙමත් නැත්තං කැමරූන්.. මලාවි හෝ කිරිබැටි දූපත් ඔවුන්ගේ පොදු සතුරා බවට පත්කරගෙන ඔවුන් සතුටුවේවි.. වාද විවාද කරාවි.
ඒ ඔවුන්ගේ හීනමානය හැර වෙන කුමක්ද?
පොලව හාරා ගන්නා යකඩ කෑලි..වැලි දූවිලි .. කළු තෙල් සඳහා යුධවදින අති දියුණු මිනිසා ගැන කතාකල යුතු තවත් යමක් තිබේද.?
2030දි ඩොලර් බිලියන් 120කරන්න කරන සැලසුම ගැන මොකද් කියන්නෙ?
ReplyDeleteමොකද හිතෙන්නෙ?
Deleteලංකාව මේවන විට 17 වන වතාවටත් IMF program එකකට ගිහිල්ල තියෙන නිසා එම දැඩි කොන්දේසි වලට දැඩිව යටත්ව ආර්ථිකය IMF මගින් පාලනය වන නිසා එම ඉලක්කය ලබාගැනීම impossible බවයි පැහැදිලිවම පෙනෙන්නට තිබෙන කාරණය. දැනට පවතින ඩොලර් බිලියන 80 ක පමණ nominal GDP එක තව වසර පහකින් ඩොලර් බිලියන 120ක ඉලක්කයට යන්න නම් වසරකට දළ වශයෙන් 10% ඉක්මවූ අතිශය විශාල ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යාමට අනිවාර්යයෙන්ම ලංකාවට සිදුවෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය (GDP) 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 120 දක්වා වර්ධනය විය හැකිද යන්න පිළිබඳව නිශ්චිත අනාවැකියක් ලබා දීමත් අපහසුයි. එය රටේ ආර්ථික ප්‍රතිපත්ති, ගෝලීය ආර්ථික තත්ත්වය, ආයෝජන, අපනයන ආදායම් වර්ධනය සහ තවත් බොහෝ සාධක මත රඳා පවතී.
Deleteනමුත්, රජය 2030 වන විට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 36 දක්වා ඉහළ නැංවීමට අරමුණු තබාගෙන ඇති බව පවසනවා. නමුත් මෙම අරමුණ ඉටුකරන්න රජයට කිසිම ආකාරයක ප්‍රායෝගික සැලැස්මක් හෝ වැඩපිලිවෙලක් නෑ නිකම්ම සිහිනයක් පවතිනවා පමණයි.
කෙසේ හෝ ප්‍රාතිහාර්යකින් මෙම අරමුණ සාර්ථකව ක්‍රියාත්මක වුවහොත්, එය දේශීය නිෂ්පාදනයට සහ ආර්ථික වර්ධනයට දායක විය හැකියි.
ඉතිරියට, රජය ඩිජිටල්කරණය සහ නවෝත්පාදන ක්ෂේත්‍රවලට විශේෂ අවධානයක් යොමු කරමින්, ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ සම තරගකරුවෙකු බවට පත් කිරීමේ අරමුණක් ද ඇත. නමුත් මෙයද යථාර්ථයෙන් බෝහෝ ඈත වන අතර සුළු වශයෙන් රජයේ ආයතන වල සේවය තරමක් දුරට ජාලගත කරනු ඇත. කෙසේ වෙතත් මෙම උත්සාහයන් ද ආර්ථික වර්ධනයට සහ දළ දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමට දායක විය හැකිය.
එහෙත්, මෙම ඉලක්ක සාර්ථකව ප්‍රාප්ත කිරීම සඳහා රටේ ආර්ථික ප්‍රතිපත්ති, ආයෝජන, ආර්ථික ස්ථාවරතාවය සහ ගෝලීය ආර්ථික තත්ත්වය යනාදියත් සලකා බැලිය යුතුයි. එබැවින්, 2030 වන විට ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් බිලියන 120 දක්වා වර්ධනය වීමේ හැකියාව පිළිබඳ නිශ්චිත අනාවැකියක් ලබා දීම අපහසුයි. බොහෝ දුරට එය ඩොලර් බිලියන අනූ ගණන්වල පවතින්නට ඉඩ තියෙන බවයි පේන්නේ.
වඩාත්ම බරපතල කාරණය ලංකාව දැනට දාහත්වන IMF වැඩසටහනකට යටත්ව ඇති අතර, මෙය ආර්ථිකය ස්ථායී කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වෙන බව කීවද, බොහෝ අවාසි සහ දිගුකාලීන හානි ඇතිකරයි.
1. ජනතාවට වැඩි බදු සහ ජීවන වියදම් – බදු ඉහළ දැමීම හා රාජ්‍ය සේවා සීමා කිරීම ජනතාවට ආර්ථික බරක් සහ ආර්ථික වර්ධනයට දැඩි සීමා ඇති කරයි.
2. රාජ්‍ය වියදම් කප්පාදුව සහ රාජ්‍ය සේවක අර්බුදය – රාජ්‍ය අංශයේ වියදම් දැඩිව පාලනය කිරීමෙන් රටේ ආර්ථික සංවර්ධනයට රජයෙන් ලැබෙන තල්ලුව අඩාල වී ඇත.
3. අධ්‍යාපන හා සෞඛ්‍ය අරමුදල් අඩු වීම – රාජ්‍ය වියදම් සීමා කිරීමෙන් ජනතාවගේ මූලික සේවාවන් තවත් අවදානමට ලක් වේ.
4. IMF ණය සහමුලින්ම හුදෙක් ස්ථායීකරණ ණයක් පමණක් නීබා නව ව්‍යාපාර හා ආර්ථික වර්ධනයට කිසිම ආකාරයක සහයෝගයක් නොමැති වීම – ලැබෙන මුදල් වත්මන් ණය ගෙවීමට පමණක් යෙදේ.
5. දිගුකාලීන ආර්ථික ස්වෛරීභාවය අහිමි වී එම IMF සම්පත්දායක රටවල රූකඩයක් බවට පත්වීම – IMF කොන්දේසිවලට යටත්වීම රටේ ස්වාධීනව ගෝලීය ආර්ථික ප්‍රවණතා වලට ප්‍රවේශ වීමට ඉඩ නොදී ඒවා වලක්වයි.
මේ වගේ රටට ඉතාම බරපතල ලෙස හානිකර IMF වැඩසටහනෙන් ඇතිවන ආර්ථික බලපෑම් අවම කරමින්, හැකි ඉක්මනින්ම IMF ණය උගුලෙන් සහ එම හානිකර IMF කොන්දේසිවල බලපෑමෙන් බේරී හැකි ඉක්මනින්ම IMF උගුලෙන් ඉවත් වී ස්වාධීන ස්වදේශීය බුද්ධිමත් සැලසුම් යටතේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සාමූහිකව දිගුකාලීන සැලසුමක් සාදාගෙන ඒ අනුව යෝජිත පියවර ගැනීම අත්‍යාවශ්‍යයි.
//2030දි ඩොලර් බිලියන් 120කරන්න කරන සැලසුම ගැන මොකද් කියන්නෙ?//
Deleteමම ඔය සැලසුම ගැනනම් දන්නේ නැහැ. හැබැයි ඕක කිසිම තේරුමක් නැති ඉලක්කයක්. 2024 GDP එක කොහොමත් ඩොලර් බිලියන 100කට ආසන්න වෙලා ඇති. ඇමරිකාවේ වාර්ෂික උද්ධමනය 3% පමණ. ඇමරිකාවේ උද්ධමනය ඉතිරි අවුරුදු හයේ 3% මට්ටමේම තිබුණොත් ඔය අවුරුදු හයේ ලංකාවේ ආර්ථිකය පොඩ්ඩක්වත් වර්ධනය වුනේ නැතත් දැන් තිබෙන ඩොලර් බිලියන 100 ඩොලර් බිලියන 120ක් වෙනවා.
මමත් හිතුවෙ ඕකම තමයි. මරා 20 80 කල එකේ අනිත් එක.
Deleteහරි දැක්ම තියෙනකොට
ReplyDeleteකැපවීම තියෙනකොට
හොඳ ලොක්කො ඉන්නකොට
යනවනේ රට පෙරට!
අංජනමෙන් බලල මෙව්වා කිව්වාට
Deleteමොනවා වෙයිද නොදැනේ හෙට අනිද්දට
රූකඩ නටන්නේ නූලෙන් අදිනකොට
නටවන; අදින අය ඉන්නේ නොපෙනෙන්ට
කෙබර කොටා වගෙ අමු ගොන් හරකෙකුට
දියවන්නාවේ රිලවුන් රංචුවට
මොළයක් තියේවිද රට මින් ගොඩ ගන්ට
යන බව පේන්නේ රට වල පල්ලකට
බකුසු බැකිසානේ
මුලනේ පල් හොරානේ
රනිල ලොල්ලානේ
රකිව් තඹු'ගම පච කොටානේ