පසුගිය 2024 වර්ෂය තුළ, 2023 වසරට සාපේක්ෂව, ශ්‍රී ලංකාවේ ආර්ථිකය 5.0%කින් වර්ධනය වී තිබෙනවා. මෙය 2017 වර්ෂයෙන් පසුව වාර්තා වන ඉහළම ආර්ථික වර්ධන වේගයයි.
කෘෂිකාර්මික අංශය 1.2%කින් වර්ධනය වී ඇති අතර, කර්මාන්ත අංශය 11.0%කින්ද, සේවා අංශය 2.4%කින්ද වර්ධනය වී තිබෙනවා. මේ අනුව පෙනී යන්නේ 5.0% වර්ධනයට ප්‍රධානම හේතුව කර්මාන්ත අංශය නැවත යථා තත්ත්වයට පැමිණීම බවයි. කර්මාන්ත අංශය තුළ, 19.4%කින් වර්ධනය වී ඇති ඉදි කිරීම් අංශය කැපී පෙනෙනවා.
වසරේ පළමු කාර්තු තුන ඇතුළත පිළිවෙලින් 5.1%, 4.1% හා 5.3% ලෙස වර්ධනය වූ ආර්ථිකය සිවුවන කාර්තුවේදී 5.4%කින් වර්ධනය වී තිබෙනවා. එම වර්ධනයට හේතුවද කර්මාන්ත අංශයේ 13.7%ක වර්ධනයයි. සිවුවන කාර්තුව තුළ සේවා අංශය වර්ධනය වී තිබෙන්නේ 2.5%කින් පමණක් වන අතර කෘෂිකාර්මික අංශය 2.2%කින් හැකිලී තිබෙනවා.
මෙවැනි වර්ධනයක් අත්පත් කර ගැනීමෙන් පසුවද, රටේ ආර්ථිකය තවමත් තිබෙන්නේ 2018දී පැවති මට්ටමට වඩා 5.8%ක් පහළින්. මේ වසරේදී කෙසේ වුවත්, 2026 වසරේදී නැවත 2018 මට්ටමට පැමිණීම පිළිබඳව බලාපොරොත්තු තැබිය හැකියි. 2018 වසරට සාපේක්ෂව කෘෂිකාර්මික අංශය 0.9%ක් පහළින් සහ සේවා අංශය 4.0%ක් පහළින් ඇති අතර, 11.0%ක වර්ධනයකින් පසුවද කර්මාන්ත අංශය තවමත් පවතින්නේ 18.7%ක් පහළින්. වසර තුළ 19.4%කින් වර්ධනය වී තිබෙන ඉදිකිරීම් අංශය තිබෙන්නේ 2018 මට්ටමට වඩා 39.7%ක් පහළින්. එමෙන්ම, 2017 පැවති මට්ටමට වඩා 44.6%ක් පහළින්.
ලංකාවේ ආර්ථිකය කඩා වැටීමේදී බොහෝ දුරට සිදු වුනේ "ඉදිකිරීම් බුබුල" කඩා වැටීමක්. ඉදිකිරීම් අංශය නැවත 2017 මට්ටමට වර්ධනය වීම සඳහා වසර ගණනාවක් යනු ඇතත්, විශාල කඩාවැටීමක තිබෙන එම අංශය වඩා වැඩි වේගයකින් වර්ධනය වීමට සහ එමගින් ඉදිරි වසර වල ආර්ථික වර්ධනයට වැඩි දායකත්වයක් ලබා දීමට නියමිතයි. පුද්ගල ආදායම් බදු අඩු වීම සහ පෞද්ගලික අංශයේ ණය වර්ධනය තුළින් පිළිබිඹු වන්නේ ඉදි කිරීම් අංශය වේගයෙන් යථා තත්ත්වයට පැමිණෙමින් ඇති බවයි.
කෙසේ වුවද, කෘෂිකාර්මික සහ සේවා අංශ වල අඩු වර්ධන වේගයන්ගෙන් පෙන්නුම් කරන්නේ ආර්ථික වර්ධනයට පුළුල් පදනමක් නොමැති බවයි. ඒ නිසා, මෙම 5.0% ආර්ථික වර්ධනය තුළින් රටේ දිගුකාලීන වර්ධන විභවය පිළිබිඹු වන්නේ නැහැ.
පසුගිය වසරේ නාමික දදේනිය රුපියල් බිලියන 29,899ක්. මෙය ඩොලර් බිලියන 99.0කට සමාන වන අතර මෙතෙක් වාර්තා වී ඇති දදේනියේ වැඩිම ඩොලර් අගයයි. 2018දී ඩොලර් බිලිය 92.4ක් වූ ලංකාවේ ආර්ථිකය 2022දී ඩොලර් බිලියන 74.9 දක්වා පහත වැටුණා. මේ අනුව, 2024 වර්ෂයේදී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4,516 පමණ දක්වා ඉහළ ගොස් තිබිය යුතුයි. මෙය මෙතෙක් වාර්තා වී ඇති ඉහළම අගයයි. 2017දී ඩොලර් 4,290ක් වූ ලංකාවේ ඒක පුද්ගල ආදායම 2022දී ඩොලර් 3,378 දක්වා පහත වැටුණා.
ඉකොනොමැට්ටා මේ පෝස්ට් එකේ දාල තියෙන දත්ත වැරදියි නේද? අර ලංකාවේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව රුපියල් 16,000කින් පුද්ගලයෙකුට මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියලා ප්‍රවෘත්ති වලට කියලා රටේම විහිළුවට ලක්වූ ආකාරයට මේකත් විහිළුවට ලක් වේවි.
ReplyDeleteඇත්තටම අපි Nominal GDP එක ගැන කතාකරන්න ඕනේ PPP අගය ගැන නෙවෙයි ඒ අනුව ශ්‍රී ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතය (Nominal GDP) පිළිබඳව විවිධ මූලාශ්‍රවල විවිධ දත්ත දක්නට ලැබෙතත්, වඩාත් නිවැරදිව ගණනය කර තිබෙන පහත තොරතුරු ඔබට ප්‍රයෝජනවත් විය හැකිය:
ලංකාවේ 2023 නාමික GDP අගය:
ශ්‍රී ලංකාවේ 2023 නාමික GDP අගය ඇමෙරිකානු ඩොලර් බිලියන 84.36ක් ලෙස වාර්තා වේ.
2024 GDP වර්ධනය:
2024 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකය 4.5% - 5% අතර වර්ධනයක් පෙන්නුම් කරනු ඇතැයි පුරෝකථනය කර ඇත.
2024 පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.3% ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.
මේ අනුව ආසන්න වශයෙන් ඩොලර් බිලියන 87-88 ක පමණ nominal GDP එකක් ලංකාවට 2024 දී ඇචීව් කිරීමට ඉඩ ඇත.
මීට පෙර 2018 දී නාමික GDP:
මීට පෙර ඉහළම නාමික GDP අගය ලබාගත් 2018 වසරේ ශ්‍රී ලංකාවේ නාමික GDP අගය ඇමෙරිකානු ඩොලර් බිලියන 88.49 ක් ලෙස වාර්තා වේ.
අනාගතය ගැන කියන විට 2030 අපේක්ෂිත GDP අගය:
ඇත්තටම 2030 වන විට නාමික GDP අගය වැඩි කර ගැනීම රජයේ අරමුණයි. නමුත් නිශ්චිත ඉලක්කයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.
වැදගත් කරුණු:
GDP අගය විවිධ මූලාශ්‍රවල විවිධ ලෙස දක්නට ලැබිය හැකිය.
ආර්ථික වර්ධනය විවිධ සාධක මත වෙනස් විය හැකිය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දත්ත වලට අනුව 2024 වසරේ පළමු කාර්තුව තුළ කර්මාන්ත අංශයේ 26.9% ක වර්ධනයකුත්, සේවා අංශයේ 2.6% ක වර්ධනයකුත්, කෘෂිකර්මාන්ත අංශයේ 6.9% ක වර්ධනයකුත් වාර්තා කර ඇත. නමුත් මෙය 2022 අරගලය සමග හැකිළුණු ලංකාවේ ආර්ථිකය නැවත රිකවර් වීමක් පමණි.
මෙම තොරතුරු ඔබට ප්‍රයෝජනවත් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.
කෝප් කමිටුවලදී හෙළි වෙන දේවල්
ReplyDeleteකියයි අපට 'සිදු කෙරෙනා හොඳම අවුල්'
ලිය-කියවිලි දත්ත සිත් ලෙස කරල අවුල්
ඒවා කරපු අය තවමත් නැතිය 'ෆවුල්'
ආර්ථිකේ වර්දනේ උනා කිව්වට
ReplyDelete